Jan 8, 2014

බුක් මාර්ක්ස්

බුක් මාර්ක්ස් කියන්නෙ හැමෝම පාවිච්චි කරන පහසුකමක්නෙ. වැඩේ තියන්නෙ, තමන්ගෙ බුක් මාර්ක් ලිස්ට් එක දවසින් දවස දික්වෙන කොට , ඒක නඩත්තු කරන්න තියෙන අමාරුවයි.

ඔන්න මම ඉස්සෙල්ලම, අර සාමාන්‍ය බුක්මාර්ක් ටූල් බාර් එකකට
බුක්මාර්ක්  එකතු කරන්න ගත්තා. මේ ලිස්ට් එක කොච්චර දිග වුනාද කියනව නං, ඒකෙ එක කෙරෝලක ඉඳලා අනිත් කොනට යන්න සෑහෙන වෙලාවක් යනවා. මේ වගේ දිග ලිස්ට් එකකින් තමන්ට අවශ්‍ය ලින්ක් එකක් හොයන එක, එච්චර ලේසි නෑ.

මේක හරියන අටමඟුලක් නොවෙන බව බස්සෙකුට උනත් තේරෙන නිසා, මං ඊලඟට ‍තෝර ගත්තෙ, "visual bookmarks". මං හිතන්නෙ මේක ඉස්සෙල්ලම දුන්නෙ Opera . එයාල ඒකට කිව්වෙ speed dial කියලා. දැන් නං, ක්‍රෝම්, ෆයර් ෆොක්ස් වගේ අනිත් එව්ව වලත් තියනවා.

වැඩේ බොහොම නීට්. බුක්මාර්ක් එකතු කරන එකත් ලේසියි. අවශ්‍ය ලින්ක් එක හොයන එක ඊටත් වඩා ලේසියි, ඇයි හැම ලින්ක් එකකටම අදාල සයිට් එකේ පොඩි පිංතූරයක් දාගන්න නිසා.

මට මේ speed dial සෙල්ලම කොච්චර නැගල ගියාද කියනව නං, දැන් ඒකෙ තියනවා ලින්ක් 250 කටත් එහා :) මගේ ඔක්කොම සිංහල බ්ලොග් ලින්ක් තියෙන්නෙ මේකෙ.

ඔහොම ඉතිං බස්සා speed dial එක්ක දැහැමින් සෙමින්, හැලප කමින් කාලෙ ගතකලා කියමුකො. ඔහොම ඉන්න කොට, එක්තරා සුන්දර උදෑසනක, Opera කිව්වා " මේ , බස්සො, අපේ අලුත්ම අප්ඩේට් එකක් තියනවා, මොකද කියන්නෙ ඉන්ස්ටෝල් කරමුද?" කියලා. මාත් ඉතිං බැලුව, නිකං දෙන එක නොවැ, කෙ‍ටුව "යෙස්" කියන එකට. අලුත් වර්ෂන් එක බොහොම හොඳයි, අරවද , මෙව්වද වැඩ කෝටියයි. ඒ තියා speed dial එකත් අලුත් කරලා ඒකටත් කැටයම් දාලා.

දැං ඉතිං මගේ පරණ බූක්මාර්ක් සැට් එක මේකට ගේන්න එපැයි. ඔය කෙලල තියෙනෙ පාත්තරේටම, එහෙම ඉම්පොර්ට් කරන්න පහසුකමක් මේකෙ නෑ.

ඉතිං මොකේදැයි දන් වළඳන්නෙ කිව්වලු. ඔය speed dial entries ඇත්තටම බුක්මාර්ක් විදිහට සලකන්නෙ නෑ.ඒත් ඔහොම උනාම, ඉස්සර ගොඩ යන්න ක්‍රම දෙකක් තිබ්බා. එකක් speeddial.ini කියන ෆයිල් එක එඩිට් කරලා, අනික opera sync හරහා. අලුත් වර්ෂන්  18,19 දෙකටම මේ ක්‍රම එකක්වත් හරියන්නෙ නෑ. අන්තිමට යාන්තං ගුගල් කරලා, opera වර්ෂන් 12 කොපියක් හොයාගෙන බුක්මාර්ක් ටික බේරගත්තා.



https://addons.opera.com/media/image-cache/extensions/45/8045/1.4.4-rev1/
images/62e5cd75-4639-446d-9479-5ec3d18d1646_details_big.jpeg

මට දැන ගන්න ඕනෙ, ඔහෙලා කොහොමද තමන්ගෙ බුක්මාර්ක් මැනේජ් කරන්නෙ? මීට වඩා හොඳ වෙනත් ක්‍රම තියනවා නං ඒ මොනවාද කියන එකයි




17 comments:

  1. මම නං ඉතිං old fashioned Google Chrome නෙවැ.. bookmark bar එකේ කෙලින්ම save කරන්නෙ නැතුව ඒකෙ තියෙනවනෙ අර folder එකක් Other bookmarks කියලා, ආන්න ඒකෙ තමා save කරන්නෙ.. ඒක ඇතුලෙ තව තව sub-folders හදලා, categorized කරලා තියාගන්ට පුළුවන්.. import/ export කරන්ටත් අමාරුවක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ක්‍රමෙත් නරකම නෑ. සබ් ගෝල්ඩර් වල තියෙනවා නං හොයාගන්න එච්චර අමාරු නෑ

      Delete
  2. මට ඉතින් බුක් මාර්ක්ස් නෑලු...:)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. @PK, මටනම් ගොඩක් තියනව හෑබෑයි ඔක්කොම පොත් අස්සෙ දාන එව්වා. හෑමතිස්සෙම නෑතිවෙනව.

      Sorry බස්සා මම old fashioned (in that only) e පොතක් වත් කියවන්නෙ නෑහෑ.
      You know best I guess. The owl is the symbol of wisdom after all. The pet of the Greek goddess of wisdom and learning and all that ! :-))

      Delete
    3. හෑ, බුක් මාර්ක්ස් නෑ කිව්වා :o
      එතකොට අර හතරවටේ හැලප ගිල, ගිල යන්නෙ කොහොමද?

      Delete
    4. \You know best\
      That's a common misconception, mate. Owls are dumb, home bounded and lazy creatures of night who like to sleep like a log, whole day long :)

      Delete
    5. @Pra,

      මටත් තියෙනවා මේව නම්...ලස්සණ, ලස්සණ ඒවා...:)

      Delete
    6. "Owls are dumb, home bounded and lazy"
      But can still be pets of goddesses eh? Or is it the other way? Goddesses as pets?

      Delete
  3. දන්නවද බුක් මාක් කියවන්න පුළුවනි අල්ලේ රේඛා වගේ. ඔය ඉමේජ් එක ඔහේගේමද?

    ReplyDelete
    Replies
    1. අල්ලේ රේඛා වගේ කියවන විදිහ දන්නේ නැත.

      ඉමේජ් එක කාගෙද මන්දා, මගේ නං නෙමෙයි
      ඇයි අවුල්ද? අපි නං ඉතිං උප්පතියෙන්ම, "අවුල් " තමා. :)
      ගත්ත ලින්ක් එක නොදාපු එක ගැන වත්ද ඇහැව්වෙ?

      Delete
  4. මටත් බුක්මාර්ක්ස් නැතෝ! ගූගල් දෙයියගෙන් අහන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා :) හැම ලින්ක් එකම ගුගල් කර, කර බලන්න ගියාම අවුල් නැද්ද? විශේෂයෙන්ම සිංහල වචන

      Delete
  5. book marks නැත්නම් අපි වගේ අහිංසක සත්වයෝ කොහේ ඉඳියිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව මාත් කියන්නෙ. ඒත් මේ සමහරු කියන්නෙ එයාලට book marks නෑ කියල :)

      Delete
  6. ආවු අප්පා... මෙන්න බොලේ තව බස්සෙක්! අහම්බෙන් ගොඩවැදුනෙ. සන්තෝසයි අඳුනාගන්ට ලැබීම ගැන.

    ReplyDelete
  7. නැතුව, නැතුව? නෑයො දැක්කාම සං‍තෝස නැතෑ
    බස්සා කීවාට මං මූකලං බස්සා, වැඩිය එලියට එන්නෙ නෑ :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code