Jan 2, 2014

Take the Bull by the Horns

http://i.imgur.com/qCQYZhg.jpg



 http://stupid-ideas.blogspot.ca
ඉන්ටනෙට් කියන්නෙ හරකා වගේ සතා. යාප්පුවෙන් තියාගත්තොත් බොහොම ප්‍රයෝජනයි. හැබැයි අනවශ්‍ය වැඩ කරන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්නත් බැරි නෑ


ඇත්තටම අනවශ්‍යයිම කියල කියන්නත් බෑ. දැන් බලමු අපි සිත්තර පටි බාන්නෙ නැත්ද? අර "free software" - නිකං දෙන දෙමල පත්තෙරේ, ගන්නෙ නැත්ද? මොකද නැත්තෙ :)

දැං ඔව්වත් එක්ක, ඇට හුටාමාරක්, වයිරස්, ස්පයි වෙයා එනබව දන්නෙ නැත්ද? මොකද නොදන්නෙ?
එහෙමයි කියල අපි නිකං ඉන්නවද? නෑ, පිංවතුනි, අපි උට්ටාන වීරිය වඩෝගෙන, ඉන්ස්ටෝල් කරගෙන, කරගෙන යනවා


එහෙනං ඉතිං මට දොස් කියන්න එපා, මාත් කොලේ ඕකමයි. ඉන්ස්ටෝල් කලේ වින්ඩෝස් මීඩියා සෙන්ටර් එකට codec pack එකකුයි, තව මොකක්ද නිකං දෙන සැකුරිටි සොෆ්ට්වෙයා කෑල්ලකුයි විතරමයි. සෙල්ලම පටන් ගත්තෙ ඊට පස්සෙ තමා :)

ඉස්සෙල්ලම ඔක්කොම බ්‍රවුසර් වල හෝම් පේජ් රී-ඩිරෙක්ට් කලා. හරි , අවුලක් නෑ කියමුකො. මැනුවලි එක අයින් කලා. එච්චරද? මොන, හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු:). මෙන්න එනවා, පොප්-අප් පෙරහැරේ. කොටින්ම, අපේ ISP provider එවපු විදිහට on-line survey එකකුත් ආවා. එතකොට නං මට තේරුනා, මේකා දරුණු සතෙක් බව. ඉස්සෙල්ලම මට හිතුනෙ, ටිකක් පරණ දවසකට restore කරන්න. ලේසිම වැඩේ ඒක නෙව?


බස්සො කියන්නෙ ටිකක් නාහෙට නාහන සත්තු ජාතියක්. ඉස්සෙල්ලාම බ්‍රවුසර්වලට දාලා තිබ්බ, plug-in, extension ටික අයින් කලා. ම්හු, සමහර ඒව අයින්කරන්න දෙන්නෙ නෑ. අයින් කලත්, ආයිත් දාගන්නවා :( දැන් තමයි tools ඕන කරන්නෙ.

MS security essentials -
සත පහක උදව්වක් කලේ නෑ. වරුවක් scan කරල ඔක්කොම හොඳයි කිව්වා :)

CCleaner -  සෑහෙන හොඳයි. Uninstaller, start-up cleaner, registry run/run once cleaner වගේ පහසුකම් ගොඩක් තියනවා. ඒත් එකම් අවුල, අයින් කරන්න ඕනෙ මොනවද කියල අපි කියන්න ඕනෙ

Comodo Firewall ver 6.3.3 - ලොකුම උදව්ව කලේ මෙයා. නෙට්වර්ක් ටැ‍ෆික් මොනිටර් කරන්න පුළුවන්.
මේකෙ ඇතුලෙ තව, තව tools තියනවා. KillSwitch, AutoRun Analyzer, Quick Repair වගේ. DNS address වෙනස් කරලා, Host ෆයිල් එකට entries දාල බව හොයාගත්තෙක් මේකෙන්. ඇත්තටම මේක ඇතුලෙම Comodo Cleaning Essentials කියලා හොඳ ස්කෑනර් එකකුත් තියනවා, මෙනු අස්සෙ වැලලිලා. රී-බූට් කරලා, අනික් වයිරස්-ගාඩ් බ්ලොක් කරලා MBR, memory, registry, files නියමෙට ස්කෑන් කරනවා. වැඩිය කියන්න ගියොත් මේක ඇඩ් එකක් වගේ වෙන හින්දා දැනට ඔය ඇති :). ආ, තව එකක් මේ ඔක්කොම "Free software tools" :)

තාම ස්කෑන් කරනවා, 57% , දැනටම MS පොලිස්ට අල්ලන්න බැරිවුනු හොරු හත් දෙනෙක්ම අල්ලලා :)

මේ කතාව ලිව්වෙ, පරාර්ථකාමය උදෙසාම නෙවෙයි. මෙහෙම දෙයක් උනොත්, ඔහෙලා මොකද කරන්නෙ, පාවිච්චි කරන්නෙ මොන tools ද කියලා දැන ගැනීමේ සත්ගුණවත් චේතනාවෙනුයි :)

ප;ලි:
මෙන්න හොයාගත්ත ස්පයිවෙයා ටික. 25 යි, නරක නෑ

ප.ප.ලි : කියපු දේ නොතේරුන අයට

ඔබ ඉන්ටනෙට් එකට ස්ම්බන්ධ වූ විට, නිතරම පොප්-අප් එනවාද? online survey, ෆෝම් පුරවන්න, ඔබ තෑගි දිනූ බව, meet the singles in -----(your) area වගේ එව්වා. ඔබ යම් භාණ්ඩයක් සර්ච් කලවිට, බ්‍රවුසරය ඔබට එය ලාබෙට විකුණන්න හදනවාද? එසේ නම් , මෙන්න මගෙන් සුභ පැතුම්. ඔබගේ කොම්පුටරය, වයිරස් ගොවිපලක් බවට පත්වී ඇත : ලඟදීම ඔබගේ ඉන්ටනෙට් සම්බන්ධය විසන්ධි වියහැකි අතර, ඔබගේ ISP, ඔබට වසරේ හොඳම ගොවියා/ගෙවිලිය  සම්මානය පිරිනමනවා ඇත :)

විසඳුම: වහාම ඔබගේ කම්පුටරය දන්නා අයෙකුට කියා සුද්ද කරවා ගන්න


හුඟ දෙනෙක් කිව්වා, මේ පොස්ට් එක තේරුනේ නෑ කියලා. ඒ අතරේ හිරු ඇහැව්වා හොඳ ප්‍රශ්න දෙකක්. ඇත්තටම, මේ ඒකට උත්තර , නමුත් දිග වැඩිකම නිසාත්, අනික් අයටත් දැන ගන්ට මෙතන දානව

හිරු -දැං ඔය නිකං දෙනවයි කියන හැම නැට්ටම ගන්න ඕනෙද...???? නෑ නේ.... හි හි..

කතාව ඇත්ත. ඒත් මෙන්න මෙහෙම එකකුත් තියනවා.

වයිරස්/ස්පයිවෙයා වලින් ආරක්ශා වෙන හොඳම ක්‍රමය නොදන්න ඇප්ස් ඉන්ස්ටොල් නොකරන ඉන්න එක තමා. එත් අද තියෙන සමාජ රටාවත් එක්ක ඕක කරන්න අමාරුයි. අපි අපේ බිල්ස් ගෙවන්නෙ ඔන්ලයින්. බොහෝවිට සෙල්ස් වලින් බඩු ගන්නෙ , රිසව් කරන්නෙ ඔන්ලයින්. මෙහෙම ඔන්ලයින් ගණුදෙනු කරනවා නං, අනිවාර්යයෙන්ම , කොම්පියුටර් සැකුරිටි ගැන හිතන්න වෙනවා.

එහෙම ඔන්ලයින් ගණුදෙනු නොකරන කෙනෙකුට නං මේක ප්‍රශ්ණයක් නෙමෙයි. මේක පහසුව සහ අවදානම අතර ප්‍රශ්ණයක්.

මම හැමදාම යන සයිට් එකක් තියනවා, http://www.giveawayoftheday.com  කියලා. මේකෙ හැමදාම එක මුදල් ගෙවා ගතයුතු ඇප් එකක් නිකං දෙනවා, මේක එක්තරා ප්‍රමෝෂන් එකක්. ඒත් මෙතනින් මට සැහෙන හොඳ ඇප්ස් ලැබිලා තියනවා.. හොඳද, නරකද කියල බලන්න ඉන්ස්ටොල් කරලම බලන්න එපැයි.

ඒවගේම Cnet කියන්නෙ ඉස්සර විස්වාසවත් සයිට් එකක් .ඔනම් දෙයක් ගැන රිවිව් කියවන්න හොඳම තැනක්. ඒත් එකෙන් දැන් මොනව හරි ඇප්ස් ඩවුන්ලෝඩ් කලොත් අනාතයි :). අවශ්‍ය ඇප් එකත් එක්කම nagware/annoyware කියන අනවශ්‍ය ඇප්ස් තොගයක් ඉන්ස්ටොල් කරනවා.

හාඩ් ඩිස්ක් පුරෝන, ෆයිල් ඉරේස් කරන වයිරස් අද අඩුයි. තිබුනක් අයින් කරන්න ලේසියි.අද ලොකුම තර්ජ්නය තියෙන්නෙ ස්පයිවෙයා වලින්. මේවා වැඩ කරන්නෙ පාවිච්චිකරන්නාට නොදැනෙන්න. වෙන හානිය වැඩියි. මගේ කොම්පුටරේ නං කිසි ප්‍රශ්නයක් නෑ , කිව්වට ඒකෙ මොන මොන ස්පයිවෙයා තියනවද කියල ස්කෑන් කරන තුරු දැණගන්න විදිහක් නෑ. ඒත්, මං කිව්වාවගේ ඔබේ කොම්පුටරෙයෙ කාටවත් හොරකම් කරන්න තරම් වටිනා දත්ත නැත්නම් ප්‍රශ්ණයක් නෑ.

දැන් අපි හිතමු, අපි ෆෝන් එකෙන් ගෙදරදි පිංතූරයක් ගත්තා කියලා. දැන් ඕක, ඕන කෙනකුට දෙන්න ඇහැකි, බ්ලොග් එකේ දාන්න ඇහැකි, කිසිම හානියක් නෑ කියල නේද හිතන්නෙ? ෆොන් එකේ ලොකේෂන් සර්විසස් ඔන් කරල තිබ්බොත්, ඔය පිංතූරය ඇතුලෙ, ඔබේ ගෙදර GPS ලොකේෂන් එකත් තියනවා. ඒ කියන්නෙ, ඔබ නොදැනම, ඔබේ ගෙදර ඇඩ්‍රස් එක, හැමෝටම දීලා.

කොම්පුටර් ඇක්ස්පර්ට්ලට වගේ නෙමෙයි, අපි වගේ හුදී ජනයාටත් අද කොම්පියුටර් සැකුරිටි ගැන හිතන්න වෙන්නෙ ඔන්න ඔය කාරණාව නිසයි.


19 comments:

  1. Replies
    1. BS නං දැනටම ලැබිලනෙ තියෙන්නෙ, නරකද පොඩි උපදෙසක් දුන්නොත් :)))

      Delete
    2. මං හිතුවෙ bull කියලා නෙව. අම්මපා, මූව දීයා කන්ට එපැයි :)

      Delete
  2. අනේ මටත් නම් තේරුනේ නෑ.

    මේ බස්සෝ??? කමෙන්ට් එකට උත්තර දෙනකොට අර reply එකට කොටන්ටකෝ...නිකං තව කමෙන්ට් එකක් වගේ උත්තර නොදා...:)

    ReplyDelete
    Replies
    1. හා මචං :)))

      හා, දැන් මොකක්ද ප්‍රශ්ණෙ? මේ අවාරෙට කජු වැටෙන්නැහෙ කමෙන්ට් දෙක තුනක් තියන මේ බ්ලොග් කට්ටෙ, ඕක හොයන්න ඔච්චරම අමාරුද? :)

      Delete
  3. ආ ... මට අහන්ට බැරි උණා. අර උඩ පින්තූරේ ඉන්න එක්කෙනා Take the Bull by the Horns වලටද අර ලැස්තිවෙලා ඉන්නේ? :D

    ReplyDelete
    Replies
    1. එයාව දැක්කම හරකෙක් නූනත් අනින්න හිතෙනවානෙ :)))

      ප;ලි - කිසිම යටි අදහසක් නැත.කියවන්නා එක එක එව්වා හිතාගත්තාට , ලියන්නා පලි නැත :)

      ප.ප.ලි:
      හරාකිරි කරගත්තද මන්ද කියලත් දැන් නං හිතෙනවා :)))

      Delete
    2. ඒ ඉන්නේ බුල් සහ බුලී...

      Delete
  4. Comodo is the best! I also use it as my frontline defence mechanism...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න, මං මේකට උත්තරයක් බලාපොරොත්තු වුනේ උඹෙන් තමා. තෑන්ක්ස් :)

      1. අර sandbox එකේ appsරන් කරවන්නෙ කොහොමද?
      2. එහෙම කලොත් විස්වාස නැති apps වලට ඒක විසඳුමක් වේවිද?
      3. sandbox රන් කරවලා, අවුලක් නැහැ කියලා බලාගන්නෙ කොහොමද - මං කියන්නෙ app එක isolated නිසා?

      Delete
    2. මගෙ තියෙන්නෙ ver 5.12 තාම.. මේක දැක්කමයි කල්පනා වුනේ upgrade කරන්ට කාලෙ හරි බව... :)

      sandbox එකේ apps run කරවන විදිය මෙතන කියලා තියෙනවා..

      sandbox එකට දානවා කියන්නෙ app එක අපේ computer එකේ කෙලින්ම run කරවන්නෙ නැතුව ඒ හා සමාන virtual environment එකක දුවවලා බලනවා මෙයා මොනවා හරි hazardous වැඩ කරනවද කියලා.. මේක virtual environment එකක් නිසා app එක කරන වෙනස්කම් (registry editing, changes to other programmes වගේ ඒවා) permanent නැහැ..

      sandbox - an overview

      Delete
    3. ස්තූතියි, නැවත වතාවක්. සෑන්ඩ් බොක්ස් විස්තරේට

      අලුත් වර්ෂන් එකට අනිවා අප්ඩේට් කරන්න. පහසුකම් ගොඩක් දීල තියනවා

      Delete
  5. තේරුණේ නම් නෑ වැඩිය!

    ReplyDelete
    Replies
    1. හ්ම්... හැමෝම කියන්නෙ තේරුනේ නෑ කියලනෙ :)

      මේක නිකං දෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බයක්. ඇත්තටම මං මේකෙන් බලාපොරොත්තු වුනේ අනිත් අයගෙ උපදෙස්. සහ දැණුමක්. ඒ ටික බුරාගෙන් ලැබුනා. හිරුට දුන්න උත්තරේත් බලන්න

      Delete
  6. දැං ඔය නිකං දෙනවයි කියන හැම නැට්ටම ගන්න ඕනෙද...???? නෑ නේ.... හි හි...

    සිරාවට මගෙ කමිපියුටරේ තාමත් වෛරස් ගාඩ් එකක් නෑ... හැබැයි ඔය කිව්ව වගේ ලෙඩත් නෑ... හාඩ් එක නිකම්ම භුතයෝ පුරවන කේසුත් නෑ... මං ඔය නිකම්ම දෙනවයි කියන දෙමල පත්තරත් බාන්නෙ හැතැප්ම බාගයක් විතර දිගට කමෙන්ට් කියෝල... හි හි

    ReplyDelete
    Replies
    1. මම පොඩි උදාහරණයක් දෙන්නම්.

      ඉස්සර බ්ලොගර්ගෙ නෙස්ටඩ් කොමෙන්ට් - අර උත්තරේ කොමෙන්ට් එකට යටින් දාන එක තිබ්බෙ නෑ, රිප්ලයි කලත්, අලුත් කොමෙන්ට් එකක් වගේ තමා වැ‍ටුනෙ. අපි ඉතිං චිරාත් කාලයක් ඔහොම කොමෙන්ට් කලා, කිසි අවුලක් නෑ..

      දැන් බලන්නකො, මේ අවාරෙට කජු වැටෙන්නැහෙ, කොමෙන්ට් දෙක තුනක් තියන මගේ දුප්පත් බ්ලොග් ක‍ටුවෙත්, මං උත්තරෙ එහෙම යටින් දැම්මෙ නෑ කියල, කස්ටිය බනින හැටි :)

      පහසුකම් තියෙන්නෙ පාවිච්චි කරන්න. ෆී සොෆ්ට්වෙයා තියෙන්නෙ ඉන්ස්ටොල් කරන්න. බස්සො හිතන්නෙ අන්න එහෙමයි :)

      ඒත් නිකං දෙන දෙමල පත්තරේ ගන්න ගිහිල්ලා, මේ වගේ දෙකොන මූට්‍ටු වෙච්චි වෙලාවට, " හැලුප්, හැලුප්" කීවාම, එන මිත්‍රයො තාමත් අපි අතර ඉන්නවා :)

      ඔයාගෙ ප්‍රශ්නෙ වැදගත්. උත්තරේ දිග වැඩි වුන නිසාත්, ඒක අනිත් අයටත් ප්‍රයොජන වෙයි කියල හිතුනු නිසාත් , පෝස්ට් එකේ අගට එකතු කලා.

      මේ මට හිතෙන හැටි. සමහර විට වැරදිත් ඇති :). දන්න කෙනෙක් වැරදි නිවැරදි කලාට අවුලක් න

      Delete
    2. // පහසුකම් තියෙන්නෙ පාවිච්චි කරන්න. ෆී සොෆ්ට්වෙයා තියෙන්නෙ ඉන්ස්ටොල් කරන්න. //

      කතාව ඇත්ත.. කස්ටිය මහන්සිවෙලා software ලියලා අපට නිකං දෙන්නෙ පාවිච්චි කරන්ට තමා.. ඔතන වැරැද්ද තියෙන්නෙ software install කරද්දී ඇස් දෙක පියාගෙන ඔහේ next-> next-> next click කරන් යන එකයි.. ඇස් දෙක ඇරලා මොකක්ද මේ yes/no කරන්නෙ කියලා බලලා අවබෝධයෙන් install කරනවානම් ඔය අනවශ්‍ය කෑලි බෑලි install වෙන එක නවතියි..

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code