Dec 20, 2014

සිංදුවක්, බස්සෙක් හා පාපොච්චාරණයක්



Will you stay with me, will you be my love
Among the fields of barley
We'll forget the sun in his jealous sky
As we lie in fields of gold

මේක කියන්නෙ මං කැමතිම ගායකයෙක් "ඇනපිය" .

ඇනපිය කිව්වට එයාගෙ ඇත්ත නම Gordon Matthew Thomas Sumner, ඒත් එයා වැඩිය ප්‍රසිද්ධ Sting කියලයි.


බස්සා කොහොමත් ඔය බල්ලො, බලල්ලුන්ට කැමති සතා, ඒත්  තුන් අණ්ඩෙන් යන බලු තඩියෙක් හරි කන් කොට බළලෙක් හරි දැක්කොත්, බකුසු හදවත් , නිකං බටර් වගේ උණුවෙලා, දියවෙලා වැක්කෙරෙන්න ගන්නවා.

මේ බකුසු කරුණාව,  බලු, බළල් සත්තුන්ට වඩා එහා ගිය එකක්,  කොටින්ම ඌ බොහොම කැමැත්තෙන් හිටියා හූම් කියන්න බැරි බැස්සියෙක් හොයාගන්න. ඌගෙ අවාසනාවටද, බැස්සිගෙ වාසනාවටද මන්දා ඒ වැඩේ කෙරුනෙ නෑ නෙව. 

ඔතන කරුණාව කියල කිව්වට, යටින්  හීනියට  වෙන කාරණාවකුත් තියනවා. දැං හිතන්නකො, අත්තක් උඩ බකුසු ජෝඩුවක් ඉන්නව කියලා. කොහොමද   බස්සව, බැස්සිගෙන් වෙන් කරලා හඳුන ගන්නෙ?


බස්සා එක පාරක් "හූම්"  කිව්වොත්, බැස්සි දෙපාරක් "හූම්, හූම්" කියනවා. දැං ඔහේලට තේරෙනව නේද? කොයි බස්සද අකමැති, වැඩ  අහවර වෙලා ගෙදර ආවම, දෙයියනේ කියල කණක්   ඇහිලා පාඩුවෙ ඉන්න.

14 comments:

  1. අැනපිය කිව්වා ම මං හිතුවා අැත්තට ම කිව්වා කියලා......................

    ReplyDelete
    Replies
    1. නිකම්ම ස්ටිං කීවාම , ටිකක් ඇඹුල් රහ වගේ නිසයි පරිවර්තන කරලම දැම්මෙ :)

      Delete
  2. මට පේන්නේ බස්සට බැස්සිව මිස්වෙනවා වගේ. :P

    බස්සිව අඳුනගන්න එක මාර ලේසි. අර ලඟට වෙලා උම්මා දෙන්නේ එයා. ඔරවගෙන, ගොරවන්ට ලෑස්තිවෙලා ඉන්නේ බස්සා...:D

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ? ඒ බස්සා , බැස්සිගෙ කොණ්ඩෙ පීරනවා :)

      Delete
  3. මගෙත් ප්‍රියතම සිංදුවක්.. ඇයිද මන්දා මේ පරණ සිංදු අහද්දි මට මාර කික් එකක් එනවා.. මම කොහොමත් 80, 90 දශකවල සිංදුවලට මාර කැමැතියි.. පරණ කාලෙ මිනිස්සු නිසාද මන්දා..

    ReplyDelete
    Replies
    1. මෙව්ව නං ඉතිං timeless classics

      Delete
  4. පොරගේ සිංදු මම ගොඩක් අහලා නෑ.. හැබැයි අර Desert Rose කියන එකට නම් මම පට්ට කැමතියි....

    ReplyDelete
  5. http://animals.pawnation.com/male-female-snowy-owls-different-2081.html

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ, ඒත් ඒකෙ කියන්න හිම බස්සො ගැන විතරනෙ. හූම් මැතඩ් එක යුනිවර්සල් :)

      Delete
  6. දන්නවද කියුරියස් දෙයක්? සාමාන්යයෙන් කුරුල්ලන්ගෙ පිරිමි සතා ගෑණු සතාට වඩා ලස්සනයි (මොණරා, පැණි කුරුල්ලා, කොන්ඩ කුරුල්ලා වගේ ලංකාවෙ කුරුල්ලො වගේම humming birds, finches, birds of paradise , DGM බස්සගෙ රටේ ptarmigan ) ,

    ඒත් දඩයම් කුරුල්ලන් (raptors) හුඟක් වර්ගවල ( Falcons, Kites, Hawks, Kestrels ..... Some Owls !!!!) ලස්සන මෙන්ම වඩා විශාල වෙන්නේ ගෑණු සතා !!

    https://answers.yahoo.com/question/index?qid=20070303113230AAXE7pY

    සින්දු හා ගායකයින් ගැන ඔය මොකක් හරි ඕපදූපයක් ඇරෙන්න foggiest වත් නැති නිසා මාතෘකාවට අදාලද නැද්ද නොදැන මං ඉන්ටරෙස්ටඩ් දෙයක් කීම ගැන සමාවෙන්න.
    (DGMBට නම් අදාල වෙනව මගෙ හිතේ )

    ReplyDelete
    Replies
    1. මාත්තුරුකාවට අදාලද නැහ්ද කියන එක අදාල නෑ. අවුලක් නෑ නෙව, ඔන්න ඔහේ හිතට එන ඕන අටමගුලක් කියලම දාන්න :)

      මුන්දලා අපේ පණං හතරට විදින්න හදනව නෙව සේල් දාලා. සේල් කිව්වොත් , අපේ කස්ටිය යන්නෙ , නැටි කෙලින් කරගෙන :)

      කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලිව්වෙත් නෑ නෙව?

      Delete
    2. //කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලිව්වෙත් නෑ නෙව?//

      මගේ කමෙන්ට් එකේ ගෑණු පිරිමි කුරුල්ලන්ගේ වෙනස ගැනත් DGMB මොනවත් ලියල නෑ නෙව. self-preservation ?

      Delete
    3. //ගෑණු පිරිමි කුරුල්ලන්ගේ වෙනස ගැනත් DGMB මොනවත් ලියල නෑ නෙව//

      ඔය බවලත් උදවිය ගැන වැඩිය විශ්ලේෂණය කරන්න යෑම සරීර සවුක්කියට ගුණ නැත :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code