Jan 29, 2015

කටකහනවට කියවෙන කවි

http://www.jonkleinphoto.com/_Media/213_sleeping_barred_owl.jpg
මිදුලේ බසු මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
අත්තක් උඩ වාඩිවෙලා , ත‍ටු පොරවන් නිදාගන්න
නයිට් ඩියුටි අහවරවී හණික එමී
උදේ හීල ගිල්ලට පසු හැලප කමී


සීය ලිමිට් අධිවේගෙට
එන්නේ එකසිය විස්සට
බාප්පලා ඉන්නවාද බලනු මැනේ
අහුවුනොතින් අබ සරණයි පියානනේ

බකමූණෝ ඔයා නිදිද?
නැහ්නං, හැලප ගිලිනවාද?
කියා තවත් SMS එවනු මැනේ
ඇතුවත් බැරි, නැතුවත් බැරි අපේ ඇණේ

13 comments:

  1. බස්තුමා හොට කහනවට කිව්වට අපිට කවි කියවන්න විතරයිනෙ පුලුවන්, කියන්න බෑ.
    BTW ඔය කවියක්ද සින්දුවක්ද?

    ReplyDelete
    Replies
    1. P.S. My respectful regards to ඇණේ too !

      Delete
    2. ඕකෙ ඔරිමජිනල් එක සිංදුවක්

      මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
      ගල් වැට උඩ වාඩිවෙලා, ගල් බාගෙට වග කියන්න

      කියලා තියෙන්නෙ, ආන්න ඒක

      Delete
  2. හැලප කන්න හැලපයියාවත් දැක්කේ නැහැ ටික දොහකින්.

    ReplyDelete
    Replies
    1. මං මේ හොඳ පොල් පැණි ටිකක් හොයන් යන ගමන්.ඇයි අප්පේ අබුද්දස්ස කාලෙට බකමූනන්ටත් හැලප කන්න දොළදුක් ගාය හැදෙනවා කියල අදනෙ යකෝ දන්නෙ.

      Delete
    2. @ මනෝජ්

      ආ ඔය පහල ඇවිත් ඉන්නෙ.

      @ හැලපෙ

      ඔහේට කියන්න, අවුරුදු ගාණකින් හරි හමන් හැලපයක් කෑවෙ නෑ ආයිබෝං. අන්තිමට කෑවෙ දකුණෙ අපේ නැන්ද කෙනෙක් හදලා දීපු පැණි හැලප ටිකක්. හප්පේ එව්වයෙ රහ.

      Delete
  3. මූ නං දැන් මහාම මහා කම්මැලි බස්සෙක් වෙලා.. තටු ගලෝලා බාබකිවු කරන්ට කා‍ලෙ හරි වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ කාලේ වනේ වාසේ :)

      Delete
    2. බුරෝ මෙන්න සැලඩ් එකට බඩු නම් ගෙනාවා...:D

      Delete
  4. 'අපේ ඇණේ' අපිට නම් ඇණ නෑ. 'මගේ ඇණේ' කියන්ට. :P

    ReplyDelete
    Replies
    1. ඊයෙ වැඩට ගියෙත් නෑ . බර කරත්තෙ හුලං බැස්සා. තඩි ඇණයක්. දැන් කොහොමද ඕකට මගේ ඇණේ කියන්නෙ. ඔය ඇණ තියනවා නේද? ඔව්ව බොහොම සාධාරණ ඇණ, අහුවෙන ඕන ටයර් එකකට අනිනවා .

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code