ටැක්නිකල් පෝස්ට් වලට අර නැට්ට නැති කස්ටිය කැමති නැති නිසා, හිතුන හයිබ්‍රිඩ් පෝස්ට් එකක් ලියන්න.එහෙමයි කියලා කතාවට හේතු වෙච්ච කාරණාව අමතක කරන එක හොඳ නෑ නෙව.
මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්‍රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.
මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
මේ කියන දෛවෝපගත දවසෙ, බසු මොටා, GPS පිහිටෙන් අර කියපු තැන හොයාගෙන හැටට හැටේ යනවා කියමුකො. දාගත්තා සිංදුවකුත්, ඒක අවුලක් නෑ, එක්සිට් එක ගන්න කිට්‍ටු වෙනකොට සිංදුවෙ සද්දෙ අඩුවෙලා GPS කියනවා ලේන් මාරු කරන්න, ඉස්සරහා හරවන්න වම, දකුණ කියලා.
ඔන්න එක්සිට් එකට කිට්‍ටු වුනා. GPS විස්තරේ කියන්න කට ඇරියා විතරයි, අර ගැජමැටික් එකේ ගෑණු පරාණෙ කියන්න ගත්තෙ නැතෑ " ෆෝන් වන් කනෙක්ටඩ්, ඉන් කමින් කෝල් ෆෝන් වන්" වගේ මොකක්ද හෑල්ලක්. මට එක්සිට් එක මිස් වුනා. ඊළඟ එක්සිට් එක තියෙන්නෙ තව කිලෝමීටර් හතර, පහකට එහා. ඉඩ ලැබිච්ච ගමන් හැරෙව්වා අතුරු පාරකට. ගැලෙව්වා ගැජමැටික් එක. දැන් නිකං ෆෝන් එකෙන් අහගෙන ගියා යන්න ඕනෙ ගමන.
එහෙමයි කියලා අපි සැලෙනවද? නෑනෙ, හොයලා, හොයලා ebay එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේක.
වැඩි ගාණක් නෑ. කියල තියන විදිහටම වැඩ. හයි කරන්නෙ මෙහෙමයි:
ඔය වීඩියෝ එකේ ඉන්න හාදයා, රේඩියෝ වල පස්සා පැත්තේ , වයර් ගහලා හොඳට පුරුදු හාදයක්, ඒ නිසා එයා එකපාරින් එහෙම කලාට , වැඩේ එච්චරම ලේසි නෑ. හැබැයි, බැරිත් නෑ. කනෙක්ටර් එක ඇඟිලි දෙකක් අතර රඳවාගෙන, ඉවසිල්ලෙන් උත්සහා කලාම, ගොඩ දාගන්න පුළුවනි.
අමාරුවෙන් හරි කනෙක්ට් කලාම , ලැබෙන වාසි:
1. FM මැතඩ් එක වගේ නෙමෙයි, සිංදු වල හොඳ කොලිටි
2. රේඩියෝ කන්ට්‍රෝල් බටන් වලින්, සිංදු මාරු කරන්න, සද්දෙ අඩු, වැඩි කරන්න ඇහැකි. ෆෝන් එකෙන් සිංදු පටන් ගන්න අවශය නෑ, රේඩියෝ පවර් ඕෆ්, ඔන් කරපු ගමන්, කලින් නවත්තපු තැන ඉඳලා සිංදුව පටන් ගන්නවා
3. ෆෝන් එකත් චාර්ජ් වෙනවා. මේක හරි වැදගත්. දුර ගමනක් GPS පිහිටෙන් යනවා නං, ෆෝන් බැස්ටිය බහිනවා බලා ඉන්දැද්දි.
4.අර ගෑණු පරාණ වල කං කරච්චලේ නෑ :)
කලින් කොළඹ යුගයේ කවි ගැන කියන්න ගිහිල්ලා, මයෙ තටු සැට් එක ගලවගන්නෙ නැතිව යාංතං බේරුනා. මේ සැරේ කියන්නෙ සිංදුවක් ගැන.
මේ සිංදුව මං මුලින්ම ඇහැව්වෙ, බොහොම කාලෙකට ඉස්සර, දවසක අයියගෙ යාළුවෙක්ගෙ ගෙදරදි. ඒක පරණ ගෙදරක්. මැද සාලෙ ලෑලි සිවිලිමක් තිබුණා. යාළුවගෙ කාමරේ තිබුණෙ, ඒ සිවිලිම උඩ, වහලත් , සිවිලිමත් අතර පොඩි කාමරයක්, මෙන්න මේ වගේ:
රවුම් ජනේලෙකුත් තිබුණා. දැක්ක ගමන් මයෙ හිතට අල්ලලා ගියා. බස්සෙකුට කියාපු තැන. එයා ඔය සිංදුව දාලා, ඒ ගැන මොකක්ද විචාරයකුත් කලා. ඒ වෙලාවෙ ගොම්මං අඳුර වැටෙන වෙලාව. තැනයි, පරිසරයයි, සිංදුවේ හිත නිවන ගතියයි නිසා, ඒක අදටත් නොමැකෙන ලෙස බකුසු මතකයේ රැඳුනා.
මෙහෙ වුනත්, සමහර ගෙවල් වල, ඔහොම ඇටික් කාමර තියනවා. සමහරු එව්වා ලස්සනට හදලත් තියනවා. ඒත් මයෙ හිතේ, සීත කාලෙට නං, අමාරු ඇති. බොහෝවිට, එව්වා ගබඩා කාමර විදිහට පාවිච්චි කරන්නෙ , එක නිසා වෙන්න ඇති. ඒ මොන ප්‍රශ්ණ තිව්වත්, අදටත් බස්සො, එව්වයෙ කූඩු හදනවා
මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්‍රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.
මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
මේ කියන දෛවෝපගත දවසෙ, බසු මොටා, GPS පිහිටෙන් අර කියපු තැන හොයාගෙන හැටට හැටේ යනවා කියමුකො. දාගත්තා සිංදුවකුත්, ඒක අවුලක් නෑ, එක්සිට් එක ගන්න කිට්‍ටු වෙනකොට සිංදුවෙ සද්දෙ අඩුවෙලා GPS කියනවා ලේන් මාරු කරන්න, ඉස්සරහා හරවන්න වම, දකුණ කියලා.
ඔන්න එක්සිට් එකට කිට්‍ටු වුනා. GPS විස්තරේ කියන්න කට ඇරියා විතරයි, අර ගැජමැටික් එකේ ගෑණු පරාණෙ කියන්න ගත්තෙ නැතෑ " ෆෝන් වන් කනෙක්ටඩ්, ඉන් කමින් කෝල් ෆෝන් වන්" වගේ මොකක්ද හෑල්ලක්. මට එක්සිට් එක මිස් වුනා. ඊළඟ එක්සිට් එක තියෙන්නෙ තව කිලෝමීටර් හතර, පහකට එහා. ඉඩ ලැබිච්ච ගමන් හැරෙව්වා අතුරු පාරකට. ගැලෙව්වා ගැජමැටික් එක. දැන් නිකං ෆෝන් එකෙන් අහගෙන ගියා යන්න ඕනෙ ගමන.
එහෙමයි කියලා අපි සැලෙනවද? නෑනෙ, හොයලා, හොයලා ebay එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේක.
වැඩි ගාණක් නෑ. කියල තියන විදිහටම වැඩ. හයි කරන්නෙ මෙහෙමයි:
ඔය වීඩියෝ එකේ ඉන්න හාදයා, රේඩියෝ වල පස්සා පැත්තේ , වයර් ගහලා හොඳට පුරුදු හාදයක්, ඒ නිසා එයා එකපාරින් එහෙම කලාට , වැඩේ එච්චරම ලේසි නෑ. හැබැයි, බැරිත් නෑ. කනෙක්ටර් එක ඇඟිලි දෙකක් අතර රඳවාගෙන, ඉවසිල්ලෙන් උත්සහා කලාම, ගොඩ දාගන්න පුළුවනි.
අමාරුවෙන් හරි කනෙක්ට් කලාම , ලැබෙන වාසි:
1. FM මැතඩ් එක වගේ නෙමෙයි, සිංදු වල හොඳ කොලිටි
2. රේඩියෝ කන්ට්‍රෝල් බටන් වලින්, සිංදු මාරු කරන්න, සද්දෙ අඩු, වැඩි කරන්න ඇහැකි. ෆෝන් එකෙන් සිංදු පටන් ගන්න අවශය නෑ, රේඩියෝ පවර් ඕෆ්, ඔන් කරපු ගමන්, කලින් නවත්තපු තැන ඉඳලා සිංදුව පටන් ගන්නවා
3. ෆෝන් එකත් චාර්ජ් වෙනවා. මේක හරි වැදගත්. දුර ගමනක් GPS පිහිටෙන් යනවා නං, ෆෝන් බැස්ටිය බහිනවා බලා ඉන්දැද්දි.
4.අර ගෑණු පරාණ වල කං කරච්චලේ නෑ :)
කලින් කොළඹ යුගයේ කවි ගැන කියන්න ගිහිල්ලා, මයෙ තටු සැට් එක ගලවගන්නෙ නැතිව යාංතං බේරුනා. මේ සැරේ කියන්නෙ සිංදුවක් ගැන.
http://www.goodhousekeeping.com/cm/ goodhousekeeping/images/0C/attic-storage-de.jpg |
රවුම් ජනේලෙකුත් තිබුණා. දැක්ක ගමන් මයෙ හිතට අල්ලලා ගියා. බස්සෙකුට කියාපු තැන. එයා ඔය සිංදුව දාලා, ඒ ගැන මොකක්ද විචාරයකුත් කලා. ඒ වෙලාවෙ ගොම්මං අඳුර වැටෙන වෙලාව. තැනයි, පරිසරයයි, සිංදුවේ හිත නිවන ගතියයි නිසා, ඒක අදටත් නොමැකෙන ලෙස බකුසු මතකයේ රැඳුනා.
ලෑලි සිවිලිමක් නෙවෙයි බොලං, ඒවට කියන්නෙ සොල්දරේ කියලා.. ඉස්සර කාලෙ ගෙවල්වල සොල්දරයක් නැතිවෙන්නෙ නෑ ලේසියෙන්.. අර කිවුවත් වගේ පරණ පොත්පත්, බඩු මුට්ටු අඩුක් කරන්ට තමා පාවිච්චි කලේ.. අර වගේ කෙනෙක් පදිංචි වෙලා හිටියෙ නම් නෑ එහෙමට.. මමනම් ගෙදරක ආසම කාමරේ තමා loft එක..
ReplyDeleteආන්න හරි, සොල්දරේ තමා. හප්පේ සොල්දරේ උඩ කාමරේ, බස්සොන්ට කියාපු තැන
Deleteහැබෑට ඇයි දන්නේ නෑ GPS වලට ගෑනු voice දාලා තියෙන්නේ.
ReplyDeleteබස්සාගේ වැඩේම ඕනි නැති දේවල් කරන්ට ගිහින් එක, එක දේවල් කඩා ගන්න ඒක. ඔයින් ගියා මදැයි. තව පොඩ්ඩෙන් ඕනි නැති ගමනකුත් යැවෙනවා සිංදු අහන්ට ගිහින්. :P
හොල්මන් ගොඩක් තියෙන්නෙත් ඔය ' attic ' වල තමාලු. :O
අහලා තියනවද කතාවක් පවුලක "head" පිරිමියා වුනාට, පවුලේ "බෙල්ල" වෙන්නේ ගැහැණිය කියලා. "හා දැන් ට්‍රැක් එක මාරු කරන්න, වමට, වමට හරෝපියෝ, දකුණට නොමෙයි වාහෙ වමට" කිය කියා ඔලු ගෙඩිය හරවන්නෙ බෙල්ල නෙව.
Deleteඔන්න ඔය හේතුව නිසා තමයි GPS වලට ගෑනු voice දාලා තියෙන්නේ.ට්රූ ඉස්ටෝරි. GPS එකක්ම තමා මට කිව්වෙ
A quick reflex like action might be needed to navigate an unknown terrain. A women's voice would trigger some already laid neural reflex pathways in male human brains. Pathways that allow us to answer questions like "is she prettier than me?" Or "do I look fat?" In a matter of milliseconds. This is a survival techniques men have developed since the time of Lucy the ape asked her husband weather she looked fatter among the high grasses of Africa just after they climbed down from the trees. GPS ppl are just capitalizing on this evolutionary advantage. :P
DeleteThanks PoM. Never knew this before, but seems logical enough for me
Deleteඔය GPS අක්කව වැඩිය විස්වාස කරන්න හොඳ නෑ.. අත්දැකීමෙන් කියන්නෙ..ඔව් :3
ReplyDeleteඉන්න පලාත අනුව වෙනස් වෙනව මයෙ හිතේ. අපි ඉන්න සාවියෙ නං තිතට වැඩ
Delete//4.අර ගෑණු පරාණ වල කං කරච්චලේ නෑ :)//
ReplyDeleteඒකෙන් එහෙම ලේසියෙන් බේරෙන්න පුලුවන් නම් හැමෝම රේඩියෝවල පස්සට වයර් ගහන්න ගනීනෙ.
දැන් එතකොට ඇණ නැද්ද?
ඔහේට කියන්න ආයිබෝං. කතා කරන්න බැරි බාරියාවක් ලැබුණ ස්වාමියා තමාලු මේ ලෝකෙ වාසනාවන්තම පිරිමියා.
Deleteඉඳල ඉඳල මදැයි බකුසු බෙනේට ආව හොඳ කතාවක් බලන්න කියල. GPS එකක් ගැන කියල හිටපු ගමන් (ඒක සිවිලිම් කාමරයක් නෙවෙයි ) සොල්දරේක තියෙන කාමරයක සිංදුවක් ඇහැව්ව කියනව. සිංදුව නම් ලස්සනයි ඒ උනාට ඒක කාමරයක් අස්සෙ ඉඳන් අහනවට වඩා පරණ තාලෙ ඉස්තෝප්පුවක පරණ හාන්සිසි පුටුවකට වෙලා ඇහැව්ව නම් තවත් මිහිරට දැනෙයි .
ReplyDeleteහයියෝ හයිබ්‍රිඩ් කතා එහෙම තමා. ඔලුව ජපන් , කඳ ජ්ර්මන් :)
Deleteමට නම් ඔය GPS හරි යන්නේ නැතුවා.ඔය සොල්දර අස්සවල් බස්සන්ට හොඳ වුනත් බිම ඉන්න මනාප මම වගේ උන්ට හරි යන්නේ නැහැ බොලව්.
ReplyDeleteතව ඉස්සරහට ඔය සිතියම් හරියට අප්ඩේට් වෙනකොට, අපේ සාවිය වගේ ඔහෙත් හරියාවි.
Deleteචෑ, චෑ ඒම කියාන්ට එපා අප්පා. හරියට හදලා ගත්තාම මේ බලාන්ටකෝ අපූරුව ?
බකමූණෝ බජව් දාන කාමරේ
අම්මට හුඩු නරි,අපිත් ආසයි අප්පා ඔහොම ඒවයේ බජව් වලට යන්ට උඩින් බිමට වැටුනත් මොකෑ.:D
Deleteඅනී මගේ පරාන සම මිත්‍ර "පුශ්" ගෙ ගෙදරත් ඔහොව් එකක් තියනව නෙව. එකෙත් එක එක පරන ලට්ට ලොට්ට තමා තියෙන්නෙ. බස්සො නම් නැල්ලු.
ReplyDeleteබස්සො හැම තිස්සෙම නෑ. කොහොමත් පේන්න ඉන්නෙ නෑ :)
Deleteක්‍රයිම් කතා බලනවා වැඩි හින්දාද මන්දා... ඔය සොල්දරෙත්, බේස්මන්ට් එකත් කියන තැන් දෙක ගැනම මටනම් ඔලුවට එන්නේ කූල් එකේ සෝමතිලක ජයමහගේ සිංදුවක් අහන්න පුළුවන් තැන් විදියට නෙමේ... බස්සෙකුටත් වැඩිය ඇස් ලොකුකරගෙන අවධානයෙන් ඇතුල්වෙන්න ඕනේ තැන් විදියට... :D
ReplyDeleteහරි, ඒක තමයි එහෙම හිතෙන්නෙ. අපිත් එහෙම තමා, සොල්දරේට ඇතුල් වෙන්නෙ. ඉස්සෙල්ලාම හොට දාලා බලනවා. ඊට පස්සෙ, තට්ටක් දානවා. ඊලඟට එක කකුලක්. අවුලක් නැත්තම් තමා මුළු සරීර කූඩුවම රිංගවන්නෙ
Delete