Apr 28, 2015

කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා

මේ වසන්තයක් හින්දා , මටත් වෙච්ච දෙයක්? හරි, ඔහෙල සමහර විට මේ කතාව අහලත් ඇති, ඒත් මට බුදු සුවර් කියුරියස් බස්සගෙ කතාව නං අහල නැතිබව, මොකද ඒක දන්නෙ ටික දෙනයි නිසා.

ඕන්න එකෝමත් එක ගමක හිටියලු කොල්ලෙක්. දැං ඉතිං අහන්න එපා කොයි ගමේද, ලංකාවෙද, නම මොකද්ද වගේ පුරස්න? මේකාත් අර එළදෙන විකුණන්න ගිය ජැක් වගේ එකෙක්. කොහෙද ගෙදරක වැඩ කර කර ඉඳලා කිව්වලු ගමේ ගිහින් එන්න ඕනෙ කියලා. කොලුවගෙ වැඩ හොඳ හින්දා, හාම්පුතා පඩියත් දීලා, බෝනස් විදිහට කුකුළෙකුත් තෑගි දුන්නලු.

දැං අපේ කොලුවා කුකුළත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවලු. දැං මේකා කල්පනා කරනවලු, කුකුල්ලු බිත්තර දාන්නේත් නෑ, ඒ හින්දා කුකුළව විකුණන්න. එහෙම හිතලා පටන් ගත්තලු " කුකුළෙක් එකසිය පනහයි,කුකුළෙක් එකසිය පනහයි" කියන්න. දැං ගෙදරටත් වැඩි දුරක් නෑලු. අහල පහල තිබ්බ ගම ගෙදරකට ගිහිල්ලා දොරට තඩි බෑවම, ගම මහගෙ දොර ඇරියලු.. කොලුවත් ජම්බෝලෙ වගේ, ගමරාළත් ගෙදර නැති නිසා කිව්වලු " ලමයා , ගේන්න බලන්න කුකුළ කියලා"

"ගන්න හාමිනේ, ලාබයි, කුකුළ එකසිය පනහයි" කිව්වම, ගම මහගෙ කිව්වලු " හා, හා වරෙන්කො මෙහෙ කාමරේටම" කියලා. කොලුව කෝකටත් කුකුළව අත්හැරියෙ නෑලු, ගියේ ඌවත් කිහිල්ලෙ ගහගෙනමලු. ගම මහගෙ ගෙදර දොරත් වහල දැම්මලු. කොළුව කාමරේට ගිය ගමන්, කව්ද ඉසරහ දොරට තඩි බාන්න ගත්තලු. ගමරාළ ඇවිත් කියල බයවෙච්ච ගම මහගෙ කොල්ලව විගහට අල්මාරියට දාලා දොර වැහුවලු. දැං කොලුව කරුවලේ, අල්මාරිය අස්සෙ, හැබැයි තාම කුකුළ කිහිල්ලෙ. කරුවලට ඇස් හුරු වුනාම , කොලුවට තේරුනලු, තව කවුරු හරි අල්මාරිය ඇතුලෙ ඉන්නවා, දැං කොලුව කල්පනා කරනවලු, තව කොච්චර වෙලා මේකෙ ඉන්න වෙයිද දන්නෙත් නෑ, කස්ටමර් කෙනෙකුත් ඉන්න එකේ බිසිනොස් එක කරගන්න ඕනෙයි කියලා. " හා,කුකුළෙක් එකසිය පනහයි,ගන්නවද"

අනිත් එකා කිව්වලු, " එකසිය පනහට ,ඉඳා තුන් සීයක්, කුකුළත් උඹම තියාගෙන , වහගනින් තොගේ කට" කියලා.
පස්සෙ ගම මහගෙ , කරුවල වැ‍ටුනට පස්සෙ එකා, එකා අල්මාරියෙන් එලියට ගත්තලු. දැං අපේ කොලුව ගෙදරට සැපත් වුනාම දැක්කලු, උගෙ බාප්පා පිල් කණ්ඩිය උඩ ඇණ තියාගෙන ඉන්නවා. කොලුව කිව්වලු " බාප්පෙ, මේ කුකුළ හරිම වාසනාවන්ත එකා බං, ගනින් එකසිය පණහයි" කියලා.

බාප්ප කිව්වලු " ‍තෝ මේ මඟුලක් කියනවා, මට කුකුළෙක් හින්දා , තුන්සීයකටම කෙල වෙලා ඉන්නෙ " කියල.

********************************
ඔය අහුමුළුවලට කො‍ටුවෙලා , කරන්න දෙයක් නැතුව ඉන්නව නේද, අම්මපා එතකොට එනව නෙව ඔය වගේ මරු අයිඩියාස්, බස්සා ඕක අද්දැකීමෙන්ම දන්නවා.

බස්සා ඇඹිටිල්ලං ඇටයා කාලෙ, කරපු සෙල්ලමක් තමා හැංගි මුත්තං. ඔන්න මේ කියන දෛවෝපගත දවසෙත්, බසු පැටියා අහල පහල කෙලි , කොලු කුරුට්ටොත් එක්ක පටන් ගත්තා හැංගි මුත්තං සෙල්ලම. කාවද හොයන එකාට තියලා, අනික් කට්ටිය හැංගුනා. බස්සා කෙලින්ම ගියේ උගේ ෆේවරිට් හයිඩින් ස්පොට් එක - ඉස්සරහ කාමරේ අල්මාරිය පිටි පස්සට. නැන්දලගෙ, අල්ලපු ගෙදරට නෑ ගම් ඇවිල්ල හිටිය, සුදු මාමගෙ කෙලි පොඩ්ඩි ආවෙ නැතෑ එතනටම ,මයෙ නැට්ට වගේ?

දැං ඔන්න පොඩි එව්වො දෙන්නා මූණට මූණ බලාගෙන සෑහෙන වෙලාවක් ඔහොම හිටියා. හොයන එකා ආවෙත් නෑ, දැං බස්සට කම්මැලියි. ඌටත් අර කුකුළ කිහිල්ලෙ ගහගත්ත කොල්ලට හිතුන දේම හිතුනා. කස්ටමර් කෙනකුත් ඉන්නවා, කරන්න වැඩකුත් නෑ....බස්සා දැම්මා බිසිනොස් ප්‍රපෝසල් එක" " ඔයා ඔයාගෙ එක පෙන්නන්න, මං මගෙ එක පෙන්නන්නං".කොහොමත් බස්සා ඉස්සර ඉඳලම ඔය නොදන්න එව්වා ගැන බොහොම කියුරියස්. විස්වාස කරන්න, මේ මෝඩ කෙල්ල "හා" කිව්ව නෙව? බස්සාගෙ විද්දියාත්මක ගවේෂණය ඉවර වුනාම, මේකි කිව්වෙ නැතෑ" හා, දැං ඔයාගෙ එක පෙන්නන්න" කියලා. ඇයි සීවරං දෙයියනේ, එහෙමත් ඇහැක? අනික මං ලජ්ජා බයට හැදිච්ච බකුසු පැටියා වෙච්චි. කලසං කොටේ දැතින්ම අල්ලා ගත්ත බස්සා " මට බෑ" කියලා පැනලා දී....ව්වා.
කෙල්ල අඬාගෙන ගිහින් අපේ සීයට පැමිණිලි කලා. සීයා නඩු විභාගෙට මාව කැ‍ඳෙව්වා. අපේ සීයා බොහොම දැණුම් තේරුම් තිබිච්ච මනුස්සයා. උන්දැ කොලේ මගෙ කණෙන් ඇදන් ගිහින් පස්සා පැත්තට, වේවැල් කසාය වඩියක් දීපු එකයි.

කොහොමින් හරි , පස්සෙ කාලෙක නැන්දලා අපි එක්ක අමනාප වුනා. කෝකටත් සූජානං සරීරෙ කියලා ,මම නෙමෙයි සුදු මාමලෑ ගෙවල් ලඟින්වත් ගියේ. ඇයි කියන්න බෑ නොවැ, ඇරියස් එකකුත් තියෙන එකේ, මොනවා කරයිද කියලා.

ලමයින්ට දඬුවම් කිරීම ගැන මට නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. මම නං ඉසේ කෙස් ගාණට ගුටි කාලා තියනවා. ඒ ගැන මගේ වැඩිහිටියොන්ට, මං නං අදටත් පිං දෙනවා, මොකද මං වහේ ඇට්ටර බස්සෙක් හැදුනෙ ඒ නිසා. මම මොකද්ද විභාගයක් පාස් වෙච්චි වෙලාවෙ අපේ අම්මා බොහොම ආඩම්බරෙන් කාතෙක්කද මෙහෙම කිව්වා " ඔය මගේ අතේ වැරෙනුයි, කටේ බලේටයි තමා ". මං හිනාවෙලා නිස්සද්දව හිටියා.

මට සමහර වෙලාවට, මේ ටිකකට ඉස්සෙල්ලා කරපු දේ අමතක වෙනවා. ඒත් වැදිච්ච පාරෙ සැරටද මන්දා, මේ වගේ කල්පාන්තෙකට ඉස්සෙල්ල වෙච්ච දේවල් තාමත් මතකයි:) 

Karma is a bitch....

ඊට ටික කාලෙකට පස්සෙ අපේ ගමේ වෙදාගෙ කෙල්ලො සැට් එක ඉස්සරහ, බස්සගෙ කලිසම ගැලවුනා.ඔය හිටියෙ , හිකි, හිකි ගගා, නැට්ටිච්චියො ටික.මං අහන්නෙ උන් මොකටද එතන කැරකුනේ? තාත්ත නෙව වෙදා? ඒ මේ අසමහ්ජාති කූඩැල්ලෙක් නිසා. ඒ අවලමාට කන්න වෙන තැනක් තිබුනෙම නැත්ද මන්දා?

14 comments:

  1. අද නම් බස්සා මොනවදෝ සැර ජාතියක් බීලද කොහෙද? :P

    අනේ පව් අර මාමගේ පොඩි කෙල්ල...:D

    ReplyDelete
    Replies
    1. පව් නං තමා. ඒත් ඒ නොදන්න වයසෙ එව්වා තේරුනේ නෑ. ඇයි එතකොට පස්ස රත් වෙන්න ගුටිකාපු එකා පව් නැද්ද?

      Delete
    2. තේරෙන කාලෙවත් හැදුනෙ නැතිවීමට හේතුවත් කූඩැල්ලෙක්ද?

      Delete
    3. මොකැ හැදුනෙ නැත්තෙ? දැං උණු වතුරත් නිවලයි බොන්නෙ :)

      Delete
  2. ඔය කූඩැල්ලා තාම ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මේ අහන්නෙ මාව කාපු එකා ගැන නේද? :)

      උන්නද , මලාද මන්දා? ලඟකදි වෙල පැත්තෙ ගියෙ නෑ.නෙව?

      Delete
  3. මාමණ්ඩි ගේ කෙල්ලගේ කතාවේ අනික් පැත්ත නේද බං වුනේ, හෙක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හා, හා කෑ ගහන්න එපා බොල, උඹ හදන්නෙ මෙතනම මගෙ කලිසොම ගලවන්නද? :)

      Delete
  4. අපෙත් මාමලාගේ දුවරු ඉන්නවා.කෝ එකෙක් ඔහොම සෙල්ලමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. එව්වා window in time කොලුවො.ජනේලෙ වැහෙන්න ඉස්සෙල්ලා කරගන්න තිබ්බ එව්වා, දැන් බෑ

      දැං කරන්න ගියොත් උඹ හිරේ. හැබැයි හිරේ යන්න උනොත්, අර අනිත් හිරේ පලයං, එතකොට බැරියෑ ඕය හොස්පිටිතාලෙකටවත් ඇඩ්මිට් වෙන්න :)

      Delete
  5. යකෝ මේවනෙ කතා.බේත් තිබ්බට කූඩැල්ලා ගැලවුනේ නෑලු නේද?

    ReplyDelete
    Replies
    1. ඔහෙට කියන්න හැලපෙ, වෙද මහත්තයගෙ මාර දූවරු සැට් එක, දොර රෙදි අස්සෙන් බල, බල , හිකි, හිකි ගගා කෙකර ගෑවෙ මයෙ සායම අරින්න වග, පොඩි උනත් මට තේරුනා. මම දෑතින්ම කලසං කොටේ බදා ගෙන , අඩන්න වගෙ මූණත් බෙරි කරගෙන හිටියා. කොහෙද මේ යස්ස වෙදා , හුටස් ගාලා ඇද්ද නෙව ? කලිසම බිම

      ඔව්වට කියන්න දිට්ථ දම්ම වේදනීය කර්ම කියල නේද?

      Delete
  6. ය‍කෝ නෑනන්ඩිය වෙච්ච එකේ පෙන්නන්න නෙව තිබ්බෙ. ඉදිරි කටයුතු සඳහා...

    ReplyDelete
    Replies
    1. එව්ව තේරෙන වයසක් නෙමෙයි, ඉදිරිය තකා වැඩස්කටයුතු කරන්නෙ කොහෙද, මාමණ්ඩියා හපුය්යියා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code