" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"
" නෑ බං , බලාපං අනිත් එවුන් අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා, මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"
ඔය මී කස්ටිය හොඳ ලේඛකයො. පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං මැල්ලුම් ගාණට.
" එක නෙමෙයි, මී මචෝ, බැයිද මට පොඩි තල්ලුවක් දෙන්න? නිකං පොඩි ආදර්ශයක් වගේ එකක්, හොඳ කතාවක් ලියන්න මාත්තුරුකාවක් වගේ එකක්?"
" බස්සෝ, හොඳ කතා කාරයෙකුට තමන් දකින ඕනම දෙයක් කතාවකට පෙරලන්න ඇහැකි.මතක නෙව අපිත් එක්ක ගහයි, පොත්තයි වගේ හිටිය හාදයා. එයා බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්න ගියත් , ආපහු එන්නෙ මාත්තුරුකා දෙක තුනක් හොයාගෙන.උන්නැහෙව ආදුරුසෙට ගනින්. හා,දැං බලාපං මෙන්න මේක. බලල කියාපං උඹට හිතෙන දේ"
" අම්මට හුඩු, කව්ද බං ඒ ගිණි කිකිලි? ඇඟේ බූල් තියෙන කස්ටිය කියල නේද කිව්වෙ? අපේ නැටිලස්.... එක්කො ඕනෙ නෑ, අයෙ මොකටෑ මං ඔව්වා කියන්න ගිහිල්ලා ඉල්ල ගෙන කන්නෙ?
" බොලං, මැටි බස්සෝ තොට නං ලේඛන කලාව කියන එක ගෑවිලාවත් නෑ, අර අසරණ නැට්ට නැති සතාව මේකටත් පටලන්න නේද හැදුවෙ?. හරි , එහෙනං මෙන්න මේක බලල කියාපං හිතෙන දේ?"
" බුදු අම්මෝ"
" හෑ, එච්ච්රමද හිතෙන්නෙ?"
" නැතුව? අර වගේ තඩි යකඩ බෝලෙකින් පහරදීලා, බවුමික මොකද්ද එක උල්ලංගනය කරලා, කලිසම ඔලුවෙන් ගැලෙව්වාම , වෙන මොනවද කියවෙන්නෙ?"
" තෝ බස්සෙක් නෙමෙයි, පොලොස් කොට්ටෝරුවෙක්. මේ වගේ එකක් දිහා ප්‍රවීණ ලේඛකයො වගෙ බලන්න ඕනෙ අමුතු කෝණෙකින්"
"හරි, ඉතිං උඹම ඔය අමුතු කෝණෙන් බලල කියපංකො එහෙනං?"
" කතාව පටන් ගන්න ඕනෙ ප්‍රධාන නලුවගෙන්"
" හරි, ඒ කිව්වෙ අර කලිසම නැති වෙච්ච කොලුවගෙන් නෙව?"
" නෑ, එයා නෙමෙයි ප්‍රධාන නලුව"
" හෑ, එතකොට " දැක්කද ජම්ප් එක" නෝන ද?"
ප්‍රධාන නලුව |
" ඔය මං කිව්වෙ, මෙව්ව පේන්න කලා ඇසක් ඕනෙ කියලා? බොහොම බැරෑරුම් විදිහට මං දිහා බලපු බටු මීයා කිව්වා. "ප්‍රධාන නලුව ඉන්නෙ බොහොම පොඩි වෙලාවයි. බෝලෙ ජනේලෙ වදින්න ටිකකට කලින්, එයා බලල, පැනල යනවා"
"අම්මපා , බලාපංකො මට එහෙම එකෙක් හිටියද කියලවත් මතක නැති හැටි?"
" මෙන්න මෙහෙමයි කතාව" උගුර පාදපු මීයා කිව්වා. "ඔය කෙල්ලගෙ බළලා , කොලුව හොරෙන් අරන් යනවා. ඒක තමයි අර බෝලෙන් ගහන්නෙ ජනේලෙ කැඩෙන්න. ඊට පස්සෙ ජම්ප් එක දාලා කාමරේට පනිනවා , කාමරේ දොර ලොක් කරල නිසා, බළලව අල්ල ගන්න"
" එතකොට අර කලිසම?"
" ඇයි, බොල, ඒ වගේ නසරානි වැඩක් කරපු එකෙකුට කලිසමක් ඇඳගෙන හිටියෑකියෑ. එක්කො උන්දැම ඒක ගලව ගන්නවා, ඇත්නං කෙල්ල ඒක ගලවනවා ඔලුවෙන්"
යකඩෝ මේක නොවැ වසන්තේ.
ReplyDeleteඅර බෝට්‍ටු පාටිය නේද? හැලපෙටත් ගියෑකි, සරුවාගෙම බුල් තියේ නං :)
Deleteහෙහ්, සෑහෙන්න දරුණුවට ඔළුව වැදිලා වැටුන පාර..
ReplyDeleteආයෙ අමුතුවෙන් අවුලක් වුනේ නෑ. ඉස්සර ඉඳලම අවුල් නෙව:)
Deleteකිසිම දෙයක් තේරුනේ නෑ... :O
ReplyDeleteහප්පේ ඇති යංතං. මං ඒත් මේ බයෙන් හිටියෙ:)
Deleteවේජිටේරියන් බස්සො මීයො දෙක දෙක අල්ලනව කියල පූසො කියනව
Deleteඔව්ව පූසොන්ගෙ බේගල් :)
Delete@ PJ, a hot girl with the most unconvincing indian accent ever wants you in her boat :P
ReplyDeletedamn if this was true, all the gyms in all the countries of the world would not have any windows left :P :P
Nope, you forgot Garfield the principle actor. That's why most of the gyms don't allow pets
DeleteLike Garfield would ever go to a gym :P
DeleteApparently, he does
Deleteඇඟේ බූල් තියන කට්ටිය
ReplyDeletehttps://www.rhbabyandchild.com/catalog/product/product.jsp?productId=rhbc_prod405411
මෙන්න ඔරිජිනල් කස්ටිය
Deletehttp://www.urbandictionary.com/define.php?term=Hairy-owl
Deletelet's go party
Deletehttp://www.imagekind.com/Hairy-Owl-Southern-Whitefaced-Owl-Ptilopsis-gra_art?IMID=4e9c2e6e-5b90-4c28-b3a7-e70b9718f0aa
Deleteනිකං කරකවලා අතඅැරියා වගේ දැනෙන්නේ අැයි බං?????
ReplyDeleteටක්කෙටම ඔලුව පහලට ඉන්න අත්තක් උඩ ඉඳ්න් බිමට වැටෙන්න ඇති :)
Deleteදෙය්යෝ සාක්කි
ReplyDeleteඔය ගස් වල වාසය ඔහොම තමා. හදිස්සියෙ කලන්තයක් ඇල්ලුවොත් , කෙලින්ම බිම
Deleteකවුරු ඇල්ලුවහමද කලන්තෙ?
Deleteඅයෙමත් වැටුනොත් නම් මොනවා වෙයිද දන්නේ නෑ .. හිහී ... :D next tym u can use a helmet :P :P
ReplyDeleteඊලඟ සැරේ අත්තෙන් බිමට බැහලම කතා කරනවා :)
Deleteමොකක් ගැනද අනේ මේ.....මගෙත් ඔළුව කොහේ හරි වැදුනා වගේ
ReplyDelete//ඔළුව කොහේ හරි වැදුනා වගේ//
Deleteඑහෙම වැදිච්ච එකක් ගැන තමා :)