May 29, 2015

Roses from Ireland @)>--}--

https://s-media-cache-ak0.pinimg.com/736x/d9/3c/52/d93c52d78b27c52c10d69b0a18a3d6be.jpg
අහල තියෙන විදිහට අයර්ලන්තය බොහොම ලස්සන රටක්ලු.  අයිරිෂ් කෙල්ලො දැක්කාම , ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා, එයාලට තියෙන්නෙ නිල්පාට ඇස්.


අයර්ලන්තයත් සමහර දේ වලින් අපේ රටට සමානයි.අපේ සාවියෙත් ඉන්නවා සෑහෙන අයිරිෂ් කස්ටියක්. අයිරිෂ් පබ් කිව්වාම මෙහේ හරි ප්‍රසිද්ධයි. උන්දලා බියර් බොනවා , කණ සාක්කුවෙ හිටින්න. තව එයාලගෙ සාන්තුවරයෙක් ඉන්නවා "සාන්ත පැට්‍රික්" කියලා . එයා වෙනුවෙන් සමරණ දවසට,  කොලපාට ඇඳගෙන පෙරහැරක් එහෙමත් යනවා.මෙයාල වැඩියෙන් ඉන්න සමහර ප්‍රාන්ත වල ඒක නිවාඩු දිනයක්.  අර අපි නිත්තෑවො කියලා ජාතියක් හිටියයි කියනව වගේ, මෙයාලත් එහෙම කොල ඇඳගත්ත, අඟු‍ටුමිට්ටො (Leprechaun) ගැන විස්වාසයක් තියනවා. සමහර විට , මේ කියන්නෙ මිල්ල සොයා රට පැනපු , නිත්තෑවො වර්ගයක් ගැනද මන්දා?මං නං ඔය දෙතුන්, දෙනෙක්වම දැකලත් තියනවා. නෑ, නෑ නිත්තෑවො නෙමෙයි , අර Leprechaunල - ඔහෙලටත් බලාගන්න පුළුවනි, අර පෙරහැර දාක ආවොත්. 

 පරම්පරා ගාණක සිවිල් යුද්ධයක් තිබ්බ රටක්. අහල තියනව නේද,  IRA එක ගැන. සමහරුන්ට එයාලා freedom fighters, අනික් අයට ත්‍රස්තවාදියො. අපි පොදුවෙ සුද්දො කිව්වට , සුද්දොන්ගෙත් වර්ග තියනවා. එංගලන්තෙ සුද්දො, අයර්ලන්තයත්, ස්කොට්ලන්තයත් බලෙන් තමා අල්ලගෙන හිටියෙ. ස්කොට්ලන්තෙ හිටියා මේරි කියල ‍රැජිනක්. කැපුව නෙව, එංගලාන්තෙ සුද්දො එයාගෙ බෙල්ල. ටක්කෙටම උන්දලා අයර්ලන්තේ කාගෙ හරි බෙල්ලකුත් කපන්න ඇති.


https://s-media-cache-ak0.pinimg.com/736x/28/9a/ff/289affe3b018cbc3e4154894d753c282.jpg
කමාන්ඩෝ ඉට්ටැයිල් එකට , ගෑණුන්ගෙ සායවල් ඇඳලා ගියාට, ඒක හුලඟට උඩයයි කියලා බයට තඩි පැඩ්ලොක් එකකුත් එල්ලගෙන ඉන්න, ස්කොටිෂ් කාරයො සද්දෙ වහල හිටියට, අයිරිෂ් කස්ටිය නං නිකං හිටියෙ නෑ.අහුවෙච්චි තැන ඉංග්ලිෂ් සුද්දොන්ට දුන්නා බැස්ටිය. 

ඉංග්ලිෂ් සුද්දොත් පොතේ විදිහටම යුද්ධ කලෙත් නෑ. Kneecapping කියන්නෙ එහෙම  ක්‍රමයක්. මේකෙදි විරුද්ධවාදියව මරන්නෙ නෑ. එත් ආයෙ සටන් කරන්න බැරි වෙන්න දණිස් පොල්කට්ට කුඩුවෙන්නම වෙඩි තියනවා.

ගරිල්ලා යුද්ධයක් , පොතේ විදිහට කරන්න බැරි බව අපට වඩා හොඳින් උන් දැණගෙන හිටියා.  මේ වගේ සංකීර්ණ ප්‍රශ්ණයකදි කව්ද හරි, වැරදි කියන්න මං දන්නෙ නෑ කොහොම වෙතත්, ඔය ඉතිහාසෙ කටපාඩමෙන් කියන්න දන්න හාදයෙක් නං ඉස්සර මෙහෙ හිටියා, දැන් උන්දෑ පැන්සොන් ගිහිල්ලා. කෝකටත් වැඩිය ඔය ගැන  කියන්න ගිහිලා සායම ඇරගන්නෙ නැතිව ඉන්න එක, සරීර සවුක්කියට හොඳයි.

මෙහෙම දුකසේ හිටපු අයිරිෂ්කාරයොන්ට , අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නැහෙ එකදාස් අටසිය බර ගණන්වල දුර්භික්ෂයකිනුත් බෑටකන්න සිද්ද වෙලා තියනවා. බොහෝ දෙනෙක් රට පැනලා. ඔය කියන කාලේ. ඇමෙරිකාවට ආ අයගෙන්  වැඩිම ප්‍රතිශතය වෙලා තියෙන්නෙ අයිරිෂ්කාරයො. අයිරිෂ් මැරවරයො ගැනත් සඳහන් වුනාට, වැඩිහරියක් අය මේ අපි ඔහෙලා වගෙ පනං හතරක් හොයාගන්න එදාවේල ‍ටුවර් දුවපු අහිංසකයො. එහෙම ආපු කස්ටිය තමා රේල් පාරවල්, දැං ඔය ගාම්භීරෙට තියෙන පෞරාණික තට්‍ටු බිල්ඩින් එහෙම හදන්න දුක් විඳලා තියෙන්නෙ.
https://upload.wikimedia.org/wikipedia/en/1/13/Lunch-atop-a-skyscraper-c1932.jpg

සත්‍ය සිද්ධියක් පදනම් වුනු මේ සිංදුවෙන් කියවෙන්නෙ එහෙම කතාවක්. මං හිතන්නෙ මේ තාලය(celtic) එයාලගෙ ජනකවි වගේ එකක් වෙන්න ඇති.

ආපහු නො එන්නම රට ඇරල ගිය පුතෙකුට තාත්තා ලියන  ලියුම් පෙලක්. දුප්පත් අල ගොවියෙක් වෙච්ච තාත්තා, වෙනුවෙන් ලියුම් ලියන්නෙ , ගමේ ඉස්කෝල මහත්තයා . අර " පොප්ඤැක් මාරෝ" වගේ ඇහෙන්නෙ එයැයිගෙ නම -Pat McNamara

ජෝන්ට කවදාවත් ආපහු එන්න බැරි වෙනවා. අම්මා, තාත්තා දෙන්නම සාමදානයේ සැතපෙනවා.එක තැනක සිංදුවෙ කියවෙනවා, අම්මා කිව්වා කියලා, රේල් රෝඩ් වල වැඩ කරන්න එපැයි කියලා. සිංදුවෙ "You say you found work, but  won't say what kind" කියන කොටසෙ ,sacrifice generation ලෙස හැඳින්වෙන, ඇමෙරිකාවට සංක්‍රමණය වුනු, මේ පලමු පරම්පරාවෙ දෙමව්පියන්ගෙ මුළු ජීවිත කතාවම ලියැවිලා තියෙනවා. ජෝන්ගෙ සහෝදරයා මයිකල්ගෙ "wee bit of trouble" කියන්නෙ, මයෙ හිතේ එයා IRA එකට බැ‍ඳෙන්න ඇති.Kilkelly, Ireland, 18 and 60,.කියන එක කියවන්න ඕනෙ වර්ෂ 1860 කියලයි. Kilkelly කියන්නෙ අයර්ලන්තෙ තියන කුඩා ගම්මානයක්.

 මං මේ සිංදුවට කැමති, ඒකෙ තියන දුක්මුසු ගතිය නිසාද, නැත්නම් මේ කියන ජෝනාත් , බස්සෙක් වෙන්ට ඕනෙයි කියල මට හිතෙන නිසාද මන්දා?



28 comments:

  1. මගේ Prof හිටියා අයිරීෂ් කෙනෙක් හරිම නිහතමානී හොඳ පුද්ගලයෙක්

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වාම , මටත් මතක් වුනා කැමතිම ගුරු මහත්තයෙක්ව, එයැයිටත් ඔය අයිරිෂ් සම්භවයක් තිබුනා. අමතක නොවෙන දේශපාලන පාඩ්ම් ටිකක් කියාදුන්නා. මෙන්න එකක්:

      " කොච්චර හොඳ වගේ පෙනුනත්, කිසිම දේශපාලකයෙක්ව, ඕනවට වැඩිය බලය දීලා, ඕනැවට වැඩිය කල් තියන්න එපා. නරක් වෙනවා "

      Delete
  2. // අයිරිෂ් කෙල්ලො දැක්කාම , ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා, එයාලට තියෙන්නෙ නිල්පාට ඇස්.//

    අමූලික සහතික ඇත්ත බස්සෝ...

    ReplyDelete
  3. හ්ම්...ඒ ගෑනු ලමයි ලස්සණයි තමා. කලු කොන්ඩේ...නිල් ඇස්...එකම දේ බස්සෝ රෝස් මල්වල නටුවේ කටු තියෙන එකනේ...:P

    ReplyDelete
    Replies
    1. ක‍ටු තිබුනට , ඔය විකිනෙන්නෙ රෝසමල් හොණ්ඩර ගාණට :)

      Delete
    2. හපොයි මම හිතුවේ බස්සා වෙන උත්තරයක් දෙයි කියලා...:P

      නටුවට නෙමේ ලමයෝ උම්මා දෙන්නේ වගේ එකක්...:D

      Delete
    3. රෝස මලේ න‍ටුවෙ කටූ
      බකමූණෝ ඔහොම හි‍ටු

      රෝස නොමැත ක‍ටු අහිමි
      මම ලමයෝ හැලප කමී

      Delete
  4. අයිරිෂ් කෙල්ලන්ට අපිත් කැමතියි බෂ්ෂෝ.බලන් ගියාම සුද්දොත් මේ අපි බස්සලා වගේ තමයිනේ.

    ReplyDelete
    Replies
    1. අපි බොහෝවිට හැම සුද්දම මණින්නෙ එකම මිම්මෙන්, ඒත් හැමෝම එක වගේ නෑ.

      Delete
  5. කෙටි නමුත් රසවත් සටහන්..
    අයිරිෂ් අයගේ භාෂා උච්චාරානයත් පැහැදිලියි නේද..?
    අනේ අම්මේ ඒකට ස්කොට් කස්ටියගෙ... මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
    එතකොට ඔය හයිලෑන්ඩර්ලා පොරවල් වෙන්නේ චිත්‍රපට වල විතරද? ගේම නං ගේම නැද්ද එයාලා?

    ReplyDelete
    Replies
    1. හයිලෑන්ඩර්ලා එහෙන් මෙහෙන් පොඩි ගේම් දෙක තුනක් ඇද්දට, IRA වගේ දිගටම සටන් කල බවක් දන්නෙ නෑ

      Delete
    2. ස්කොටිශ් අය අයිරිශ් තරම්ම නිදහස සඳහා සටන් නොකලට ( රජපවුල්වල සම්බන්ද නිසා ඉන්ග්‍රීසි- අයිරිශ් වලට වඩා ඉන්ග්‍රීසි - ස්කොටිශ් සංකීර්ණයිනෙ. බෙල්ල ගහල ගිය මේරිගෙ පුතා වන ස්කොට්ලන්තෙ රජු ජේම්ස් ඉන්ගලන්තෙ රජුවුනානෙ. ඊටපස්සෙ පාර්ලිමේන්තු දෙක එක්වෙලා ලඟදිනෙ ආයිත් වෙන් වුනේ ) ඉන්ග්‍රීසි කාරයො ස්කොට්ලන්තෙ අල්ලගන්න උත්සාහකලාවගේම ස්කොටිශ් හමුදා ඉන්ගලන්තෙ ආක්‍රමණය කලා. විශාල යුද්ධමෙන්ම දේශසීමා රේඩ්ස්.

      @ T & DGMB, මං ආසම HF කතෘ කෙනෙක් Nigel Tranter .
      කියවල බලන්න

      Delete
    3. ප්‍රාජේ සිංහලෙන් ලියන්නේ නෑ නේද බ්ලොග් එකක්...?
      අපට තව "බෙල්ල ගහල ගිය මේරිගෙ පුතා.." වගේ කථා අහගන්න තිබ්බ ගොඩක්... :-)
      මේ හා සමාන යෙදුම් සිංහලෙත් තියන නිසා ["....ගෙ පුතා"] මෙව්වා පට ගාලා ඔලුවට යනවා... වෙන රටවල කථා අපට කියාදෙන්න මේ වාගේ භාෂා දෙකේම 'කියුම්-කෙරුම්' ගැන දැනගන්නම වෙනව...
      ප්‍රාජේට කියන්න අද වෙනතුරු ඉංග්‍රීසි නවකථාවක්වත් කෙටි කථාවක්වත් කියවල නෑ!!

      Delete
    4. වගේ යෙදුම් කිව්වෙ " හොර පූසිගෙ පුතා" වගේ එව්වා වෙන්ටෑ? :)

      ඔය කියාපු ඉතිහාස කතා කියන්න සුදුසුකං තියෙන්නෙ තුන් දෙනා:

      1. බුරානිස් - පැංසොන් ගියා

      2. සුජීව කොකාවල - බුකිය ගිල්ලා

      3. PJ - ගල් ආඳාට දුරින් නෑ කමක් ඇත. ලිස්සන සුළුයි

      Delete
    5. ඔව් ඔව්... ටිකක් ඒවාගේ එව්වා තමා... :-)
      සහතික ඇත්ත... බුරානම් ගෝලියක් හදාන යනවළු ;-)
      තව ඉන්නව දෙන්නෙක්...
      සපතේරු උන්නැහේ සහ මකරා
      උන් දෙන්නත් මෙව්වා වෙලාද කොහෙද.. ලොකුවට යමක් ලියන්නේ නෑ!

      Delete
    6. only time stone eel wouldn't get the urge to slip away is when it comes to history and historical fiction. especially Greek, Roman and British (with emphasis on Scottish and Viking invaders) ). You write a post on the history of my fav eras and see if you could stop me from commenting my ass off DGMB.

      Delete
    7. Hmm....let's see. Not a bad idea, apparently.

      Delete
  6. @Ignorant Sassenach Owl,

    The sporran .. a padlock ? :-D

    ReplyDelete
    Replies
    1. හරි එහෙම නෙමෙයි කියමුකො. පොකට් එකක් උනත්, ඕක ඔතනම එල්ල ගත්තෙ මොකද? :)

      Delete
  7. Lower Elements Police (L.P.E.) Recon = Leprechaun

    Artemis Fowl.

    ReplyDelete
  8. Replies
    1. Yep.

      " Are you going to Scarborough fair?" is my favorite. love the girl too :)

      I'm from Scarborough, not the European one, though.

      Delete
    2. Heyley Westenra
      latest addition to the band
      my favorite is https://youtu.be/pH7sg3UjVIQ sung by Méav Ní Mhaolchatha.
      :D
      is there a Scarborough anywhere else?

      Delete
    3. //Is there a Scarborough anywhere else? //

      Plenty

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code