May 3, 2015

අමතක වීම, බස්සා සහ Selective Memory Loss

ඔය වචනෙ මං මුලින්ම ඇහැව්වෙ, සැහෙන කාලෙකට ඉස්සෙල්ලා මං  වැඩ කරපු තැනකදි. දෙන්නෙක් වාද කරනවා , වෘතීය කාරණයක් ගැන.  එකෙක් අනිකාට කිව්වා "my friend, you have a selective memory loss" කියලා. මේක කිව්ව ගමන් අනිකාගෙ කට වැහුනා. බස්සා ටක් ගාලා ඒකට බුක් මාර්ක් එකක් දාගත්තා  selective memory loss - හරි ලස්සන වචනෙ. selective memory loss සහ short term memory loss අතර වෙනසක් තියනවා උනත්,  පොදු ව්‍යවහාරය සඳහා අපි මේ දෙකම  එක කැටගරියකට දාලා "අමතක වීම" කියල කියමුකො.

බස්සටත් තියනවා නෙව ඔහොම ලෙඩක්. ඒත් ඌට තියෙන්නෙ selective memory loss තමා.මං දහ අතේ දිවුරලා කිව්වත් අනිත් එවුන් කියන්නෙ, මං  මට ඕන දේ විතරක් මතක තියාගෙන අනිත් එව්වා අමතක කරනවා කියලයි. හරි, ඒක එහෙමයිම කියමුකො, ඒත් කාටද ඇහැකි ඔය හැමෝගෙම උපන් දින වගේ එව්වා මතක තියාගෙන ඉන්න 
http://www.brainbehavioroptimization.com/Images/Anatom
yOfShortTermMemory.jpg

පසුබිම

බැරිම තැන මං මේකෙ විද්‍යාත්මක පසුබිම හෙව්වා. ආ, ඔය තියෙන්නෙ  තොරණෙ විස්තරේ. 

ඒකට අනුව , අපේ මොලේ ඔය එදිනෙදාට අවශ්‍යය සිල්ලර මතක විතරක්, අධිවේගී -ඒත් සීමිත කෙටි මතකයෙ තියාගෙන, අනිත්  කුණුකන්දල් මතක ඔක්කෝම, දීර්ඝ මතකයට ගිහින් දානවා. මේක  මේ හාඩ් ඩිස්ක් එකක ඩේටා රෙකෝඩ් කරනවා වගේ නෙමෙයි, ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. 

මතකය හැමවිටම සම්පූර්ණයෙන් ගෙඩි පිටින්ම ගිහින් දාන්නෙ නෑ. එහෙන් මෙහෙන් හිඩස් ඉන්න තමා ගිහින් දාන්නෙ. ඒ ඉඩ ඉතුරු කරගන්න වෙන්ටෑ? ඒත්  මොලේට ඇහැකිලු ඒ එවුවයෙ "හිස් තැන් පිරවීම " කරලා සම්පූර්ණ මතකයම නැවැත ප්‍රති-නිශ්පාදනය කරන්න. සමහර විට අපි " මේ දිව අග තිබ්බා, ෂහ්, මොකක්ද, මේ මතක නෑනෙ?" කියල ඔලුව කසන්නෙ ඒක වෙන්න ඇති. ආ. ඔලුව කැසිල්ල සහ මතකය අතර සම්බන්ධයක් නම් ඒකෙ කියල තිබ්බෙ නෑ.


http://www.extremetech.com/wp
-content/uploads/2013/09/340-640x426.jpg
මේ තියන්නෙ neural network  එකක පිංතූරයක් .එව්වයෙ තමා මේ මතක කොටස් ගබඩා කරන්නෙ. වෙසක් එකට බලුප් දැම්මා වගෙ ලස්සනට තියෙන්නෙ සම්පූර්ණ මතක රාමුවක්, නැත්නම් සිද්ධියක්  නැවත මතක් කරගන්න කොට , එව්වා අතර ඇතිවෙන සම්බන්ධ.

මං පොඩි අවවාදයක් දෙන්නම්.  ආකාසෙ තියෙන තරු ග්‍රහලෝක එව්වා ඇති වෙච්ච හැටි වගේම, මිනිස් මොලේ වැඩ කරන හැටි ,මතක තියාගන්න හැටි ගැන ඕනවට වැඩිය හොයන්න යන්න එපා. මොකද එව්වා මොලේ මඤ්ඤං වෙන්න මුල. කොටින්ම මේ හුදී ජන අපි ඔහෙල තියා වෛද්‍ය විශේෂඥයො උනත් එව්වා ඔක්කෝම දන්නෙ නෑ. එව්වා එච්චරම ලේසි නැති නිසා නෙව, කණට එකයි , ඇහැට එකයි කිය, කිය වෙන වෙනම විශේෂඥයො ඉන්නෙ? ඈ, එහෙම වෙන්නෙ නෑ කිව්වා ,? හහ්, සාධක ඕනා ?

ඇයි මනුස්සයො, මීට කලින් මොලේ කචල් වෙච්ච බස්සෙක් දැකලම නැහ්ද?

හරි මෙන්න දවසේ වැදගත්ම සොයා ගැනීම.  මතක තියා ගන්න එක වගේම, අමතක  කරවන එකත් , එක වගේම වැදගත් මොලයේ ක්‍රියාවලියක්. ඇයි නේද?   නිකමට හිතන්නකෝ, අපේ  ජීවිතේ දුක්මුසුම අවස්ථාවක( මගේ නං, අම්මා නැතිවෙච්ච දවස) තිබ්බ දුක ඒ විදිහටම සදහටම තිබ්බ නං මොකද වෙන්නෙ කියලා?

දැං තේරෙනව නේද, අමතක වෙන එක මගේ නෙමෙයි, මොලේ වැරද්ද කියලා ?

You are Not Alone 

ඔය අමතකවීම ගැන සිංදු එහෙමත් ලියවිලා තියනවා . මෙන්න එකක්:
" ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා ". එහෙම කිව්වෙ මිල්ටන් පෙරේරා ගායකයා. ඊට පස්සෙ එයා මනෝ විද්‍යාව පැත්තට බර වෙන්න මෙහෙම කියනවා.

" උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි"

මතකය ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් කිව්ව එව්වා :

ගරු සිල්වා මැටිතුමා : කොලොන්නාවෙ සිද්දිය ගැන මට මුකුත්ම මතක නෑ( සභාවේ කසු කුසු " වෙඩි වැදුනෙ ඔලුවට නේද, එහෙම නං මොලේට හානියක් නැතුව ඇති?")

හිටපු කොටි නායකයෙක්: සිංහයොන්ට යමක් මතක තියෙන්නෙ සති දෙකයි

ටෙලි නාට්‍ය නිලියක් :හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ.
 (අවුලක් නෑ,මොනව වුනත් ඇත්තම කිව්වා)

http://atomictoasters.com/wp-content/
uploads/2011/01/post-it1-e1294897015964.jpg

මෙන්න කණ සාක්කුවෙ හිටින්න බීපු වෙලාවක ,  ඔය නං-ගම් එහෙම උදේට අමතක වෙලා වෙන හදිසි අනතුරු වලට කදිම විසඳුමක්:

simply "post-it"




ඔය අමතක වීම ගැන බොහොම අපූරු සිත්තරපටි හදලා තියනවා.
http://images2.fanpop.com/image/photos/14400000/
City-Lights-charlie-chaplin-14440733-1600-1258.jpg

City Lights එහෙම අපූරු චාලි චැප්ලින් සිත්තරපටියක්, අර ලඟ නමා ගත්තාම විතරක් මතක්වෙන සල්ලිකාර මිත්තරයගෙ කතාව. 


http://www.savingcase.com/
wp-content/uploads/2011/10/Dori.jpg

තව මතකයි නේද  Finding Nemo එකේ හිටිය ඩෝරිව






මෙන්න අමතක වීම ගැන මම බලපු පට්ටම සිත්තර පටියක්. 

මේක ඇත්තම කතාවක්. කිරියි, පැණියි වගේ ඉන්න තරුණ ජෝඩුවක්. හදිසි අනතුරක්. කෝමා එකකට පස්සෙ බිරිඳට සිහිය එනවා. ඒත්  මතකයෙ පහුගිය අවුරුදු පහ අමතක වෙලා. සැමියාව මතක නෑ. මතක පරණ පෙම්වතාට  , විවහා ගිවිසගෙන හිටිය එක. කෙල්ල පෝසත්, හිතූමතේට කෙරිච්ච විවාහයක්. බොරදියේ මාලු බාන්න ලෑස්ති වෙන කෙල්ලගෙ පෝසත් දෙමව්පියෝ සහ පරණ පෙම්වතා මැද අසරණ වෙන සැමියා.

මේ කතාවට  මං කැමතියි. ජීවිතයේ  දවසක , තමන්ට  හුඟක්ම ලඟින් හිටපු, තමන් හොඳටම දන්නවායැයි හිතපු කෙනෙක්, හිටපු ගමන් අමුත්තෙක් වගේ හැසිරෙන්න ගත්ත වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා නම්, ඔහෙලත් මේකට කැමති වෙයි.

අනිත් කාරණේ තමා, රේෂල් අපේ සාවියෙ. ඔය කියන්නෙ ඩවුන් ටවුන්වල බයිසිකල් පදිනවා කියල





people will forget what you said, people will forget what you did, but people will never forget how you made them feel.
- Maya Angelou -

Huh,forgive and forget?
I'm not God and I don't have Alzheimer's.
- D.G.M බස්සා -

21 comments:

  1. ඔන්න බස්සෙකුට උණත් පිස්සු හැදෙන මූවි එකක් තියනවා අමතක වීම ගැන... "මෙමෙන්ටෝ". ඒකෙ පොරගෙ මතකය තියෙන්නේ විනාඩි ගණනක් යනකං විතරයි... ඒක වෙලා තියෙන්නේ අනතුරකින් පස්සෙ. අර විනාඩි ගණනට පස්සෙ පොරගෙ මතකය ආපහු අනතුර වෙච්ච තැනට වෙනකං යනවා... එහෙම තියෙද්දි පොර තමන්ගෙ බිරිඳ මරපු මිනීමරුවා හොයනවා.... මේ ලඟදි බීට්ල් මූවි එකක් දීලා තියනවා දැක්ක.. "ස්ටිල් ඇලිස්" ඒකත් මෙමරි ලොස් තමයි.... "The Vow" එකත් මෙමරි ලොස්... බස්සා ටිකක් හින්දි පිස්සා වගේ පේන නිසා... "සද්මා" කියලා හින්දි පිචෑර් එකක් තිබ්බා.. (80s) කමල් හසන්, ශ්‍රී දේවි ඉන්න... අන්න අඬන්න ඔන්නම් පිචෑර්... ඒකත් මෙමරි ලොස්...

    ඒක නෙමේ බස්සො... උඹහැට කලින් ලියපු පෝස්ට් එක ගැන හාංකවිසියක්වත් මතක නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පිං සිද්ද වෙච්චාවෙ, අර දුන්න සිත්තරපටි ලිස්ට් එකට.

      කලින් ලිව්ව පෝස්ට් එක කිව්වෙ? හැබැට , මං මීට කලින් පෝස්ට් ලියලත් තියනවද?

      Delete
    2. මෙමෙන්ටෝ එකෙන් කොපි කරල තමා ගජිනි හදල තියෙන්නෙ

      Delete
  2. ඔන්න උඹ කියපු කිසි දෙයක් මටත් මතක නැහැ..... කෙටි කාලීන මතක අවුලක් වගේ... හවස් වෙද්දි මතක් වෙයි... ඒතකොට දිගු කාලීන වෙලානේ

    ReplyDelete
    Replies
    1. ගොයියෝ ඕක නං බලා ඉන්න හොඳ ලෙඩක් නෙමෙයි. බේත් ටිකක් ගන්න වෙයි. කලින් මේ පැත්තෙ ආව ගිය රටේ වෙදෙක් හිටියා, උන්දැ අරිස්ට වඩි දෙකයි දෙන්නෙ, ලෙඩේ නිට්ටාවටම සනීපයි.හිටිංකො අපේ නැටිලස් එනකං, එයත් ඔය ගොඩ වෙදකමට දස්.......සායි

      Delete
  3. Is that Rachel McAdams? :-o

    There is a theory about elephants and whales that is used to explain the huge and apparently unused brain space. Apparently they CAN feel the actual feelings from the past.
    I wouldn't ever wish that on anyone.

    ReplyDelete
    Replies
    1. හප්පේ . මේ මතක් කලා විතරයි. ඉහේ පණ තියෙන කං මැරෙන්නෙ නෑ :)

      ඔව්, ඔව් එයා තමයි.

      අර කියපු , අලි , තල්මස් කෙලිය සිලෙක්ටිව් නං එච්චරම අවුලක් නෑ නේද? එක්කො ඕනෙ නෑ , අර ඇම්ඩා කියපු , මඩුව පැතැලි වෙච්ච කතාව මතක් වුනා

      Delete
  4. Replies
    1. ඔව් ඒක තමා ටෙක්නිකල් ටර්ම් එක, ඒත් වඩා පැහැදිලියි මෙහෙම කිව්වම, අනික මෙව්වා මේ පොඩි සිල්ලර අමතක වීම් නෙව?

      Delete
  5. Huh,forgive and forget?
    I'm not God and I don't have Alzheimer's.
    - D.G.M බස්සා -

    Well, well, as bitter as you may sound, still you can take high ground, isn't it?
    Imagine how much worse it would be while being out on a date .....
    " Yikes, there she is ! I hope to God she has got STML ! Or, at least please God don't let her see me ! "
    D G M Bassa (averting his face)

    P.S. මගේ ප්‍රියතම ටාගට් එකේ ආගමනය පිලිබඳ මගේ සතුට. පසුගිය පෝස්ට් එකේ සමුගැනීම නිසා දානෙකුත් දීල ඇඬූ කඳුලින් හිටියෙ

    ReplyDelete
    Replies
    1. "ආගමනය" !!

      කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. PJ ගේ සිංහල ලිවීමේ දියුණුව ගැන
      බොහොම සන්තෝසයි, ඔහොම යං :)

      Delete
  6. මේකට මොනවා කියන්නද කියලා මට මතක නැහැ බස්සෝ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ, මටත් හිටපු ගමන් ඔහොම අමතක වෙනවා :)

      Delete
  7. මටත් හිටපු ගමන් එක් උදෑසනක, නැගිට්ටාම 'බ්ලොග්' කියලා දෙයක් තිබුණු බවක්, බ්ලොග් ලීව බවක් එහෙම අමතක වෙනවා නම් කොච්චර එකක්ද? :P

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමිව සාදරයෙන් පිළිගන්නවා. මං හිතන්නෙ මේ ආපු පලවෙනි වතාව වෙන්ටෑ ?

      Delete
  8. මට මේක ඊයේ බලන්න අමතක උනා.. අද බැළුවා.. දාන්න කමෙන්ට් එකක් හිතන් හිටියා ඒකත් අමතක උනා..

    ReplyDelete
    Replies
    1. අප්පේ! ඇති යන්තං ඔයින් ගියා :)

      Delete
  9. අඩේ අප්පා මගේ මතකෙටත් නිකං විදුලියක් කෙටුවා බං

    ReplyDelete
    Replies
    1. වැල් කම් ‍ටු ද ක්ලබ් :)

      Delete
  10. ඇයි බස්සට මතක් උනේ නැද්ද. අපි නොදන්න ලයිව් එකේ පෙන්නපු මෙගා නාට්ට්‍යයෙ සෙව්වන්දි ටත් ඔහෙම අමතක වුනා එක පාරක්...

    ReplyDelete
    Replies
    1. බලල නෑ නෙව? යූ ටියබ් එකේවත් තියනවද බලන්න ඕනෙ

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code