Jun 27, 2015

සහසික සිනමාව, ඌරකඩුව සහ මස් කරල

සතියෙ දවස් පහක් බඩ රස්සාව කරල, මං ඉන්නෙ සති අන්තෙ වෙනකං ඇඟිලි ගැන ගැන. ඒ දවස් දෙකෙන් හෙනහුරාදා බුදියන දවස. ඇයි සිකුරාදා නයිට් එක ඇදලා උදේ නෙව එන්නෙ?  එතකොට  ඉරිදා තමා උයන්න, සොපින් යන්න වගේ සිල්ලර වැඩ කරගන්න තියෙන්නෙ. එතකොට දෙකක් නමා ගන්න, පිලුම් බලන්න , විවේක ගන්න තියෙන්නෙත් ඉරිදට . සඳුදා බෑ, රෑට වැඩට යන්න  දවල්ට බුදියන්න තියන නිසා. 

ගිය සතියෙයි, මේ සතියෙයි දෙකේම , අපේ ලොක්කො මගේ මේ වටිනා සති අන්ත නිවාඩුව කප්පාදු කලා. දැන් ඉරිදත් වැඩ.

දැන් ඉතිං කාලය  තිතට කළමනාකරණය කරන්න වෙනවා. ඒ නිසා මං  ලෑස්ති වුනා හෙනහුරාදා උදේම දෙකක් නමා ගන්න.බයිට් එකට ගත්තෙ දුම් ගැසූ සොසේජස්. සොසේජස් නං එක්කෝ ස්මෝක්ඩ් නැත්නම් පෝලිෂ්. මට චිකන් සොසේජස් නං පෙන්නන්න බෑ. හරියට රබර් කනව වගේ. 

ඔය සොසේජස් හදන එකත් එක්තරා කලාවක්,  හැමෝටම රහට හදන්න බෑ. හොම් මේඩ්, නැත්නම් සමහර මස්කඩ වලත් හදනවා, ඒත් රස නෑ.  අහල තියන විදිහට  බ්‍රිටිෂ් සොසේජස් රසයිලු. මං නං කාලා නෑ. පෝලිෂ් සොසෙජ් නං නියමයි, හැබැයි  ගණන්.  

සොසේජස්  හදන්න ඕනෙ ඌර ගෙන්.  ලංකාවෙ එලිෆ්න්ට් හවුස් එක ඔය කලාව දැනගෙන හිටියා. එයාල හැදුව  සොසේජ් එකක්, ඒකට කිව්වෙ  ලිංගුස් කියල. ගම්මිරිස් යහමින් දාලා හදන ලිංගුස් වල රස, සුද්දගෙ සොසෙජ් එකට දෙවෙනි නෑ.

ලංකාවෙ සොසේජස් සංක්කෘතිය පටන් ගත්ත මුල් දවස් වල වෙච්ච කතාවක් මේක. 

හෝටලේ කෑමට ආ නිත්‍ය ගනුදෙනුකරුවන් දෙදෙනෙක් ලඟට කිට්‍ටු කල වේටර් කොලුවා මෙහෙම කිව්වලු: 
" මහත්තයො, නියම මස් ජාතියක් ඇවිල්ලා තියනවා පොසේජස් කියල. තනිකරම මස් කරල"

අපේ ගම්පලාතෙ තියනව හංදියක් ඌරකඩුව කියල , ඔය කිට්‍ටුව තියන එළුවිල කියන හරියෙ ඉන්නවා   මුස්ලිම් කස්ටිය. මේක වෙලා තියෙන්නෙ බොහෝ කාලෙකට ඉස්සර.  ඌරගෙ නම කියන්නවත් අකමැති ,  දැඩි ඉස්ලාම් භක්තිකයෙක් ඌරකඩුවට යන විදිහ ඇහැව්වෙ මෙහෙමලු: 

" මාත්තියා, අර ඔම්බ නිකං පොල් ලෙල්ල වගේ,  නැට්ට නිකං හනෂ්ෂ වගේ ෂතාගෙ කඩුවට යන්නෙ කොහොමද?"

ට්රූ ඉස්ටෝරි. බොරුවත් නං අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුවට හෙන ගහන්න ඕනෙ:)

සහසික සිනමාව
මේ වචනෙ ඇහැව්වෙ බොහෝ කාලෙකට ඉස්සර. මං මේ කියන්න යන සිත්තර පටිය වැටෙන්නෙත් ඒ කැටගරියට. හොල්මන්, අත්භූත දේවල් නෑ, අමුතුයි, මිනිස්  හිතේ අඳුරු පැත්ත. Oldboy (2003 film) කියන කොරියන්  ‍ෆිල්ම් එක  බලල තියනවා නං, ටිකක් ඒ වගේ, එච්චරම ටැබූ නෑ. වඩා කිට්‍ටු හිච්කොක්ගෙ  ‍ෆිල්ම් වලට. ‍ෆිල්ම් එකේ නම Wild Tales


මේක ආජන්ටිනා හෝ බ්‍රසීල  සිත්තර පටියක්. සබ් ටයිටල් දාගන තමා බලන්න ඕනෙ. හැම අතින්ම සුපිරි නිර්මාණයක්. කෙටි චිත්‍රපට හයක් එකට ඈඳලා. 
1.1 "Pasternak"
1.2 "Las Ratas" ("The Rats")
1.3 "El más fuerte" ("The Strongest")
1.4 "Bombita" ("Little Bomb")
1.5 "La Propuesta" ("The Proposal")
1.6 "Hasta que la muerte nos separe" ("Until Death Do Us Part")

මං කැමතිම එක "Until Death Do Us Part". කාලෙකට ඉස්සර මං දන්න පවුලක මෙහෙම සිදුවීමක් වුනා. 

බොහොම කාලෙකට ඉස්සර බස්සා රට ඉඳි ගහක තිබ්බ බෙනේක වැඩ වාසය කලා. ඔය අහල පහල හිටිය පැණි කුරුලු ජෝඩුවක් , බස්සගෙ මිත්තරයො.

දෙන්න  ජාඩියට මූඩිය වගේ කැපෙන බොහොම විනෝදයෙන් හිටිය අය. හිටපු ගමන් කිරිල්ලි  වෙනස් වෙන්න ගත්තා.  එකට වැඩකරපු පොලොස් කොට්ටොරුවෙක් එක්ක පටලැවිල්ලක් තියෙනව කියල ආරංචි ආව. අපි  යාලුවොත්, ගෙවල් වලිනුත් සාම සාකච්චා, අවවාද වගේ කරන්න පුළුවන් හැම දේම කලා. දවසක් කුරුල්ලා ගෙදර යනකොට, බාගෙට බීපු  බෝතලේකුයි  වයින් වීදුරු දෙකකුයි තිබිලා . එක වීදුරුවක් බිඳිලා. සම්පූර්ණ ක්‍රයිම් සීන් එකේ  ඔක්කොම එවිඩන්ස්  මේසෙ, ඇඳ, පු‍ටු හැමතැනම තිබිල තියනවා. ජෝඩුව කෙටි සාකච්චාවක් තිබ්බා. කිරිල්ලි   චෝදනාව පිළිගත්තා. කුරුල්ලා දිහා ටික වෙලාවක් දුකසේ බලා හිටිය කිරිල්ලි, ටිකක් අඬලා වෙන් වෙලා ගියා. හැමෝගෙම අනුකම්පාව අසරණ වෙච්ච කුරුල්ලට හිමි වෙනකොට , කිරිල්ලි වැරදිකාරි වුනා.

ඇත්තම කතාව ආරංචි වුනේ පස්සෙ. කුරුල්ලා වෙනුවෙන් සෑහෙන පරිත්‍යාග  තොගයක් කරල තියෙන්නෙ කිරිල්ලියි. මුලදි කිරිල්ලි, බොහොම  සිම්පල් ජේන් කෙනෙක් ලෙස ඉඳලා තියනවා. පරම්පරාගත ප්ලේ බෝයි  කෙනෙක් වෙච්ච කුරුලු හපුව තමා කලින්ම කො‍ටු පැනල මාට්‍ටු වෙලා තියෙන්නෙ. අන්තිමට කිරිල්ලි කරල තියෙන්නෙ, එයාගෙ බේතම ආපහු දෙන එක විතරයි.ඒත් ඒක කෙලවර වුනේ නං සුඛාන්තයකින් නෙමෙයි.

revenge is sweet when served cold

සිත්තර පටිය ගැන කියනවා නම්,අනිත් කොටස් පහ නරකයි කියනවා නෙමෙයි, මං මේ කොටසට වැඩිය කැමතියි. 

කොහොම වුනත්මේ නිර්මාණයට සම්මාන නොලැබුනොත් , ඔව්වා විනිශ්චය කරන එවුන්ට සීනි දාලා වෙඩි තියන්න ඕනෙ, කූඹි කාලා මැරෙන්න :)



14 comments:

  1. ඩිජිටල් වෙන්න වෙන්න සිනමාවේ සාහසිකබව අඩු වෙයි

    ReplyDelete
  2. /* කුරුලු හපුව තමා කලින්ම කො‍ටු පැනල මාට්‍ටු වෙලා තියෙන්නෙ. අන්තිමට කිරිල්ලි කරල තියෙන්නෙ, එයාගෙ බේතම ආපහු දෙන එක විතරයි.*/

    මට දුක අර පොලොස් කොට්ටෝරුවා ගැනයි!

    ReplyDelete
    Replies
    1. කොට්ටෝරුවයි කිව්වෙ , අපේ අල්ලපුගහේ ඉන්න එකාද, නැත්නම් අර රට ඉඳි දේසෙ වල හිටිය එකාද? :)

      Delete
  3. සොසේජස් කකා බලන්න ආසා පරණ සිත්තර පටි තමයි බස්ශෝ මම නම්.

    මේ ඊයේ ප්‍රේරෙයිද බැලුවා "day of the jackal" මුලින්ම පොත කියෙව්වා.පොත ගැන කිව්වේ අපේ හැලපයියා.

    "operation thunderbolt" තමයි ඊගාවට බලන්න ඉන්නේ.
    අන්න ඒ වගේ ෆිල්ම් ගැන පොඩ්ඩක් කියහන්කෝ බස්ශෝ.ඔය දුක හිතෙන සිත්තර පටි වලට අමතරව.

    ReplyDelete
    Replies
    1. ලියල තියන විදිහට නං , මේ කියන්නෙ දෙවනි ලෝක යුද්ධෙ ගැන කතා වගෙයි පේන්නෙ.

      1. Eagle has landed

      2. Enemy at the Gate

      Delete
    2. බලහං mystic river ත් පුළුවන්නං හොයාගෙන...

      Delete
    3. ආ ඔය දීලා තියෙන්නෙ තව එකක්. යුද්ධ කතාවක් නූනන් සම්මාණ ලැබිච්ච එකක්

      Delete
  4. මම මේ කල්පනා කලේ අර බෙහෙත ඔය විදිහට හැමෝම පාවිච්චි කරන්න් ගත්තොත් මොකක්ද වෙන්නේ කියලා . එහෙම වුනානම් අහිංසක බස්සෙකුට නිදහසේ බෙනෙකට වෙලා ඉන්න බැරි වෙනවා අම්මපා :p

    ReplyDelete
    Replies
    1. මම අහිංසක පක්සියා ආයිබෝං. උණුවතුරත් නිවලයි බොන්නෙ :)

      Delete
  5. සමාවෙන්ට ඕනෙ, PJ. මම කමෙන්ට් සුද්ද කර කර හිටියා. විස්වාස කොරන්ට ආයිබෝං, මම අයින් කලේ අර මකපු කමෙන්ට් එක විතර මයි.හරි. delete forever කියල කිව්වම ඒකට කොටාපු බව ඇත්ත. ඒත් මං අහන්නෙ මේ බ්ලොගර්ට වටිනවද කිසිම දැණුම් දීමකින් තොරව, අර යස අගේට තිබ්බ nested කමෙන්ට් දෙකම වාෂ්ප කරන්න? දැං ඉතිං ලෝකයා දොස් කියන්නෙ කාටද? මේ අහිංසක මට.

    ReplyDelete
    Replies
    1. කොත්තු සින්ඩි එකේ ඉංග්‍රිසි බ්ලොග් එකක් ලියපු, ලන්ඩන් වල ඉන්න හාදයෙක් තමා ඔය ඉංග්ලිෂ් සොසේජස් ගැන ලියල තිබ්බෙ. හාමිනේ ගෙදර නැත්නම්, එයැයිට පාන්, බටර් , ට්ම්බපු එලවලු සහ ඔය කියන සොසේජස් දුන්න නං , කිසිම අවුලක් නැතුව මාසයක් දෙකක් ඉන්නවා කියල තිබ්බා.

      පෙනෙන විදිහට යුරෝපීය රටවල, දුම් ගැසූ සොසේජස් ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයක්. ඔය පරණ ෆාම් හවුස් කුස්සි වල ලිප ලඟ සොසේජස් වැල් දෙක තුනක් තියනවා, පරණ ඔයිල් පේන්ටිං වල දැකලා තියනවා.

      පරම්පරා ගාණක් තිස්සෙ, කල වැඩිදියුණු කිරීම් වලින්, එව්වා වල රසය වැඩිකර ගන්න ඇති

      Delete
  6. අපරාදෙ මට නිකම්ම කිව්වනම් කමෙන්ට්කරන්න එපයි කියල මං කරන්නෙ නැතුව ඉන්නව.
    එහෙමනම් මං රෙෆරන්ස් හොයන්නවත් ඔබතුමා මකන්නවත් වෙහෙසවෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය මං කිව්වෙ නැහ්ද, මට තමයි ලෝකයාගෙන් නරක නාමෙ අහන්න වෙන්නෙ කියලා ? කව්දෑ දන්නෙ මුල් කෙමෙන්ට් එක මැකුවාම, හත් මුතු පරම්පරාවම අතු ගෑවෙනව කියලා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code