මං තීරණය කලා, අද ඉඳන්වත් වැදගත් බස්සෙක් වෙන්න. කතිර යුද්දෙත් ඉවර වෙච්චි, අප්පච්චිත්, සෙත්ත පෝච්චි වෙච්චි, එහෙව් එකේ වැටිච්ච් එකාට උඩ පැන , පැන තලන එක හොඳ නෑ නෙව? එහෙම හිතලා ,
මං අහල පහල හිටිය බටු මී නයිදෙව මුණගැහෙන්න ගියා
" උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"
මකරා ඉස්සෙල්ලම ආවෙ දකුණෙ දෙවන කැරැල්ල කාලෙ. ඌ රතු කමිසයක් ඇඳලා, තරුවක් ගහපු, කජු ලෙල්ල වගේ තැලිච්ච තොප්පියක් දාලා හිටියා.ඉස්සෙල්ලම කෑවෙ. පලාතෙ චංඩි ටික. අපි මකරට රහසින් පෙම් කලා. මකරගෙ ක්‍රමය හරිම සිම්පල්, ආව තිබ්බ ඔලුව කුඩු වෙන්න. නඩු නෑ, සාක්කි ඕනෙ නෑ, උසාවි , අබ්බගාත්ලා , කල්ප ගණන් ඇදෙන නඩු නෑ. අපි හිතුව , කමක් නෑනෙ , උන් අපරාධකාරෙයො නෙව කියලා. පස්සෙ, මකරා කලාකාරයො. ගුරුවරු, ග්‍රාමසේවකලාව කන කොට නං අපිට හිතුනා , එයාලට නං නිදහසට කාරණා කියන්න චෑන්ස් එකක් දුන්න නං හොඳයි කියලා. මකර පාලනය තුල විවෙචන වලට ඉඩක් නෑ. අපිත් කට පියාගෙන හිටියා, නැත්නම් වෙන්නෙ ඔලුව නැති කරගන්න.
නිකං දෙන දෙමල පත්තරේ නෙව? ඕන පාං බාගයක් පනං අටයි කියල , ඔන්න ඔහේ දාගත්තා.
අර ටාස්ක් බාර් එකේ තියන අයිකන් එකට කොටල වද වෙන්න එපා, එතකොට රිසර්ව් කරල පෝලිමේ ඉන්න ඕනෙ.
මේ අසමජ්ජාති මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.
කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.