Aug 6, 2015

වින්ඩෝස් 10

නිකං දෙන දෙමල පත්තරේ නෙව?  ඕන  පාං බාගයක් පනං අටයි  කියල , ඔන්න ඔහේ දාගත්තා.

අර ටාස්ක් බාර් එකේ තියන අයිකන් එකට කොටල  වද වෙන්න එපා, එතකොට රිසර්ව් කරල පෝලිමේ ඉන්න ඕනෙ.


1. මේ ලින්ක එකට යන්න
     https://www.microsoft.com/en-us/software-download/windows10

2. 32 bit / 64 bit ද කියල සිලෙක්ට් කරගන්න.

3.  අදාල  media creation tool එක බාගෙන රන් කරන්න.

මේ tool එකෙන්, තියන පරණ වින්ඩෝස් එක, අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ටිකක් වෙලා යනව නං තමයි, ඒත් කිසි අවුලක් නැතුව , තිබ්බ ඔක්කොම ප්‍රෝගැම්ස්  ටික අලුත් එකට ආව. 

මතකයිනෙ , නෝවගෙ නැව පෝස්ට් එකේ  macrium reflect. එයා  මේ වගෙ රිස්කි වැඩ වලට දෙයියා. ඇයි  කියන්න බෑ නෙව? අප්ග්‍රේඩ් කරන්න ගිහිල්ලා , කෙලල ඇරියා පාත්තරේටම, මලා නේද? 

මම ඉස්සෙල්ලම කලේ , කලින් වින්ඩෝස් එකේ පාටිෂන් බැකප් එකක් වෙන ඩ්‍රයිව් එකකට ගත්ත එක. දැං , බය නෑ  නෙව?, වැරදුනොත්  ආපහු කලින් තැනට ගියෑකි.  ඊට පස්සෙ, අර tool එක පාවිච්චි කරලා අප්ග්‍රේඩ් කලා. කිසිම ප්‍රොඩක්ට් කී එකක් අහන්නෙ නෑ.

 ඊට පස්සෙ tool එක ආයෙත් රන් කරලා, මේ සැරේ iso ෆයිල් එක බා ගත්තා, වැඩි පරිස්සමට. මං හිතන්නෙ එක රන් කරලා ක්ලීන් ඉන්ස්ටෝල් එකක්  කරන්න නං ප්‍රොඩක්ට් කී එකක් අහවි. 

ඔක්කොම ටෙස්ට් කරල බලල, ආයෙම අලුත් වින්ඩෝස් වල බැකප් එකකුත් ගත්තා.

වින්ඩෝස් 10 - මට හිතෙන හැටි:

වාසි:

මේක මේ මහා ලොකු ටෙක්නිකල් රිවීව් එකක් නෙමෙයි, බස්තියංගේ  සිම්පල් වර්ශන් එක:

1. හොඳයි, වින්ඩෝස් 8.1 වගේමයි. වින්ඩෝස් 8 පාවිච්චි කරල තියනව නං ගේමක් නෑ.

2. ස්ටාර්ට් මෙනු එක ආය දාලා. වින්ඩෝස් මොඩර්න් ඇප්ස්,  සහ පරණ ඇප්ස් දෙකම මෙනු  එකේ තියනවා. මෙනු එක කස්ටමයිස් කරගන්න පුළුවන්.

3. මොඩර්න් ඇප්ස්  , දැං ඇත්තටම ඇයක් වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න ඇහැකි. කලින් වගේ ෆුල් ස්ක්‍රීන්වත්, වෙනම  GUI එකකට ස්විච් නොකර. 

4. වින්ඩෝස් ෆයිල් සයිස් එක පොඩියි.

5. ඇපල් වලින් ණයට ගත්ත දේවල් වගේ පෙනුනත්, සමහර වැඩිදියුණු  පහසුකම් හොඳයි. වින්ඩෝස් චාම්ස් වෙනුවට ඇක්ෂන් සෙන්ටර් එක වගේ එව්වා. දැන්  ඔක්කොම සෙටින්ග්ස් එක තැනක, හොයන්න ලේසියි.

6. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා . ඩිෆොල්ට් ඇප්ස් වගේ එව්වා , අලුතින් ඉන්ස්ටෝල් කරගන්න ඇප්ස් වලට ඕන, ඕන විදිහට වෙනස් කරගන්න බැරි පාටයි.   

අවාසි:


1. මට නං "කෝටානා" ඇණයකි. පුදුම වෙන්න දේකුත් නෑ, උන්දැත් ගෑණු සතෙක් නෙව?

2. සිංහල ෆොන්ට් එකපාරටම වැඩ කලේ නෑ. " ඉස්කෝල පොත" ttf ෆයිල් එක හොයලා  ඉන්ස්ටෝල් කලා, දැන් වැඩ.

3. ඉඳලා, හිටලා පරණ ප්‍රෝගෑම් එක දෙකක් වැඩ කරන්න බෑ කියාවි. කම්පැටිබිලිටි මෝඩ් ගිහින්, වින්ඩෝස් 8 වලට සෙට් කලාම ඒක හරියනවා.

4. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා උනත්, වින්ඩෝස් ඩිෆෙන්ඩර් ඩි-ඇක්ටිවේට් කරලා. ඒ වෙනුවට වෙන එකක් දීලත් නෑ. වින්ඩෝස් firewall නම් වැඩ.

5. පරණ වින්ඩෝස් , වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරලා , ඇක්ටිවේට් කලාට, අලුත් එකේ ප්‍රොඩක්ට් කී එක වෙනස් කරනවා. කෝකටත් හොඳයි ඒක  හොයාගෙන ලියල තියාගන්න එක . හොයන්නෙ මෙන්න මෙහෙමයි:

https://gist.github.com/eyecatchup/d577a2628666a0ad1375

ඒකෙ තියන කෝඩ් එක නෝට් පෑඩ් එකේ අලෝලා, all files විදිහට සිලෙක්ට් කරලා, .vbs එක්ස්ටෙන්ෂන් එක දාලා ඩෙස්ක් ටොප් එකක සෙව් කර් ගන්න. ඊට පස්සෙ ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා රන් කලාම, පොප් අප් බොක්ස් එකක, ප්‍රොඩක්ට් කී එක පෙන්නනවා

සමස්තයක් වශයෙන් , පාඩු නෑ - කොහොමත් ගෙව්වෙත් නෑ නෙව? :) . නෑ , ඒකම නෙමෙයි. පසුතැවෙන්න දෙයක් තියනවා කියල හිතෙන්නෙ නෑ. මහා ලොකු දේකුත් නෑ, අර යස අගේට තිබ්බ, වින්ඩෝස් 7 , 8  කරන්න ගිහිල්ලා ඇණ ගත්ත ටික , ආපහු හදලා තියනවා.


8 comments:

  1. http://www.dailymail.co.uk/news/article-2232790/Not-wise-old-owl-Incredible-picture-showing-near-perfect-imprint-bird-window.html

    ReplyDelete
  2. http://www.dailymail.co.uk/news/article-2573334/Meet-Bertie-owl-afraid-going-outside-loves-helping-owner-make-cup-tea.html

    https://slaymyboredom.wordpress.com/tag/dear-owls-mating-having-sex-outside-my-window-if-you-dont-dont-have-a-letter-from-hogwarts-please-leave/

    ReplyDelete
    Replies
    1. :හප්පේ අපේ නැට්ට නැති උන්නැහේට කොහොම සතූති කරන්නද මන්දා, මහන්සිවෙලා මේ ලින්ක් හොයා දෙනවට :p

      Delete
  3. ස්ටාර්ට් මෙනු එක තියේ නම් හොඳයි. ස්ටාර්ට් එක නැතුව මොන වින්ඩෝස් ආවත් වැඩක් නැහැ බශ්ෂෝ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ස්ටාර්ට් මෙනු එක තියනවා වගේම ඒක වැඩි දියුණු කරලා


      Delete
  4. මටනම් ජනෙල් 7න් එහාට යන්න හිතෙන්නේ නෑ. එක සැරයක් අර විස්ටා මගුලක් දාගෙන, හපොයි මතක් කරන්න එපා .. චක්

    ReplyDelete
    Replies
    1. සැටිපිකේට් ට්රූ. මෙච්චර කාලෙකට ආපු හොඳම එක වින්ඩෝස් 7 තමා. විස්ටා ව්ගේම වින්ඩෝස් 8 කියන්නෙත් එයාලගෙ අසාර්ථක වෙච්ච වර්ශන් දෙකක්.

      අපිටත් අර නිකං ඉන්න බැරි කමට දාගන්නවා මිසක්කා....... ඒත් මේක නරකම නෑ

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code