Aug 2, 2015

අලි බබා, ගිරව කරේ සහ හොරා

මේ අසමජ්ජාති  මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.

කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.

කිතුල් ගස් මණ්ඩිය පහුකරන කොටම ඇහෙනවා , කව්දෝ මහ හයියෙන් කෑ ගහනවා

" කපනව ඩෝ පෙති පෙති. හුරිජ්කරිජ්ජ පාගපු මං  හුරුල්ලත් දන්නවා, කුරුල්ලත් දන්නවා"

අම්මට හුඩු, මේ අපේ මැදමූකලානෙ සිංහයා නෙව, දොල ලඟ ගල්තලාවෙ , රා කළයකුත් තියාගෙන ඉන්නෙ? රජගෙදර රිළවත්  ඒ ලඟ ම ඉන්නවා.

" ආ, බෂ්ෂො, වරෙන් , වරෙන්. දෙන්නද  පොල් කට්ටෙන් දෙකක්. මේ දැං බාපු ගහේ බඩු"

" බොහොම ස්තූතියි , ආයිබෝං. මයෙ පාවිචියක් නෑ. ඒක නෙමෙයි රජෝ, මොකද මේ කස්ටිය ඔබතුමාට හොරා කියල කියන්නෙ?"

" කව්ද ඩෝ එහෙම කියන්නෙ?   කපනව ඩෝ පෙති පෙති "

" නෑ , මේ  රට්‍ටු තමා එහෙම කියන්නෙ. හරි හොරාමයි කියමුකො. ඒත් ඔබතුමා  එසේ මෙසේ හොරෙක් වන්න බෑ නෙව? "

" ආන්න උඹට තේරුනා. හොරා නෙමෙයි, මංකොල්ලකාරයා, හිංගලෙන් කියන්නෙ පයිරේට් කියලා" එතුමා මාව නිවැරදි කලා.

" දැං එතකොට මංකොල්ලකාරයා කියන්නෙ හොරෙක් නෙමෙයිද?"

" තොට පයිත්තියන්ද බොල?" එතුමා සිංහ ගර්ජනා කලා. " මංකොල්ලකාරයා කියන්නෙ ඔය තුට්‍ටු දෙකේ  හොරෙක් නෙමෙයි, වැදගත්, හොඳ සමාජ තත්ත්වයක් තියෙන ප්‍රභූවරයෙක්"

" දැං බලාපං බෂ්ෂෝ, හොරා කියන්නෙ. ඔය ගමේ  පොල් ගෙඩියක් කඩාගන්න, කුකුලෙක් පන්නගෙන යන සාමාන්‍ය එකාලට නෙව? ආන්න උන්ව තමා ගස් බඳින්න ඕනෙ, පොලෝසියට ගෙනිහිල්ලා අඬු කඩලා උසාවි දාලා  නඩු දාන්න ඕනෙ"

" අම්මපා , මං දැනගෙන හිටියෙ නෑනෙ , ඒ වග" මං හූමිටි තිබ්බා.

" ඒක නෙව කියන්නෙ? දැං බලාපං, මංකොල්ලකාරයො ගැන සිත්තරපටි පවා හදලා තියනවා. එතකොට  ජනකතා ලියැවිලා තියනවා, අහල නැහ්ද, රොබින්හුඩ්, අලිබබා ගැන එහෙම?"

" ඒත් රජෝ, අලිබබා කියන්නෙ මංකොල්ල කාරයෙක් නෙමෙයි නෙව?"

" ඔන්න, ඔන්න ඉතිං උඹත් මට උගන්නන්න එනවා. හරි, එයා  ඇරියෙ නැහ්ද  ලස්ස ගාණක වස්තු සම්භාරයකට? එතකොට හොරු හතලිහක්ම  අතුරුදහන් කලේ නැහ්ද?"

" ඒක නං එහෙම තමයි, ඒත් එයා හොරුන්ගෙන් හොරා කෑව මිසක්, මංකොල්ල කෑවෙ නෑ නෙව?" මං  ඔලුව කස, කස කිව්වා.

"මේ අහපං බෂ්ෂෝ. හොරා කියන්නෙ ඔය පොඩි , පොඩි හොරකං කරන එකාට. ඌ ඒක කරන්නෙ හොරෙන්. අපි, මංකොල්ල කාරයො එහෙම නෑ. අපි හොරකං කරන්නෙ මහ දවල්. ගියා භාණ්ඩාගාරෙට " ඕපන් සෙසමේ" කිව්වා, ගත්තා, වටේ ඉන්න ගෝලයොන්ටත් කට්ටක්, දෙකක් විසිකලා එච්චරයි. කවුරු හරි , අසමජ්ජාති පත්තරකාරයෙක් කට ඇරියොත්' ඇයි, අවුල්ද?' කියල ඇහැව්වා. එව්වා සුදු වෑන් එකක්. උන්දැ චකබ්ලාස්, ගේම ක්ලෝස්. තේරුණාද?"

තේරුණා කියල කියන්න, මං ඔලුව වනාගෙන, වනාගෙන ගිහින් හතර සැරයක් "හූම්, හූම්" කිව්වා. " ඒත් රජෝ , අලිබබාගෙයි, ඔහේගෙයි තියන සමාන කම මොකක්ද?"

" ඇයි බං, අලි බබාට හිටියෙ හොරු හතලිහයි, මං ගාව හිටියා නෙව එකසිය හතලිහකටත් වඩා?" කියලා රජා කිව්වා.

" ඒත් මං දැකලා තියනවා නෙව ඔය මංකොල්ලකාරයොන්ගෙ කරේ ගිරවෙක් ඉන්නවා. දැං ඔබතුමාටත් ඉන්නවද එහෙම එකෙක්?"

" ආ , ඒකට මං අපේ රිළවව පුරුදු කරලයි තියෙන්නෙ. බලන්න එපෑයෑ මූ ගිරව වගේ " විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ" කියන අපූරුව. මං දැං ඔය උගෙ කටට ප්ලාස්ටර් දාලයි තියෙන්නෙ. ඇයි බං, මටත් දැං ඕකම අහල එපාවෙලා ඉන්නෙ"

ඔන්න එතකොටම කැලේ පොඩි වෙන සද්දෙකුයි, මහා කාලගෝට්ටියකුයි ඇහෙන්න ගත්තා.

 රා පොල්කට්ටෙන් දෙකක් නමා ගත්ත සිංහයා , සාටකෙන් කට පිහදා ගෙන " ආ , ඔය එන්නෙ අපේ කස්ටිය" කියල කිව්වා.

එතකොටම කැලේ පොඩිකරගෙන ආවෙ අම්බරුවො රෑනක්. උන් පෙලපාලියක් යනවා :

" අපේ හොරා , අපට හොඳා"
"යන්න ගියත් යන්න දෙන්න බෑ. හැට පැන්නත්, හොරා, හොරාමයි"
" වී වන්,වන්,වන්,වන්,වන් නෝනා. හොරාවමයි ඕනා "

" පේනව නේද? ජනතාව තමයි මාව ඉල්ලන්නෙ " ආඩම්බරයෙන්  කොන්ද කෙලින් කරගත්ත සිංහයා කිව්වා.

" මුංට සුමාන දෙකක් ගියාම මුකුත් මතක නෑ. ඒක නෙව මුංට අම්බරුවොයි කියන්නෙ" මං ඇඟට , පතට නොදැනෙන්න කියල දැම්මා.

ඔය අතරෙ  හිටිය එක මඤ්ඤං අම්බරුවෙක් රජතුමාගෙ කිරිපල්ල අස්සට අතදාලා , වසී බෝලෙ මිරිකුවා.ඊට පස්සෙ, එතුමාම , එතුමාගෙ ආරක්සාව සලස ගත්තා. එනපොට හොඳ නැති නිසා,කෝකටත් සූජනං සරීරෙ කියලා, මම එතනින් ලිස්සලා ගියා.




--------------------------------------------------------------------------------

මෙන්න පිංවතුනි , වැනිල්ල අංක දෙක. මං වැනිලිත් දැක්කා මේ වගෙ වැනිලි නොදැක්කා......

24 comments:

  1. මැටි බශ්ශෝ .... හොරා කියන්නේ "හොඳම රාජ්‍ය නායකයා " කියන එකලුනේ , අම්මප ඕයි ,එතුමමයි කිව්වේ . අනික බලපන් අපිට ඉස්කෝලේ වචන ලියන්න උගන්නලා තියෙන්නේ වරදියටනේ . රාජ්‍ය නායකයා කිව්වම මං මෙච්චර කල් හිටං හිටියේ වචන දෙකක් කියලා , බලද්දී ඒක එක වචනයක්නේ .
    මොකද බොල නැත්තේ . එතුමා කියනවනම් බොරු වෙන්න පුලුවන්ද ? එතුමා කියන සියල්ල සහසුද්දෙන් ඇත්තේ , නැද්ද අපේ හාන්දුරුවනේ


    රහසින් සහ හොරෙන් ...(නැත්තම් කාටවත් ඇහෙන්ට පුළුවන්) .. අර හුකරිජ්ජ කියන වචනේ මොකක්ද බං

    ReplyDelete
    Replies
    1. ඒකෙ හු යන්න කපල, නෙව ක යන්න දැම්මෙ? එතුමාගෙ පැටිකිරිය දන්න නිසා මට හිතුනෙම , මොනව හරි ජරාවක් පාගගෙන කියලා? බැලින්නං පාගල තියෙන්නෙ කරිජ්ජ :)

      Delete
    2. අපේ පංතියේ හිටියා ඔය රජතුමාලයි පැත්තේ කොල්ලෙක්,
      අපේ උන් ඔහොම පිස්සු කෙලිනකොට ඌ අපෙන් අහන්නේ .."මොකෝ බොල උඹට පිස්සු ගූ පෑගුනෙයි ? " කියලා

      Delete
  2. ඇර බෂ්ෂා ඇර... මෙදාපාර අප්පුච්චයි රජගෙදර රිලවයි දෙන්නගෙම ඇප නැත් වෙනවනං තමා අපි මනාප...

    ReplyDelete
    Replies
    1. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නෙත් නෑ :) ඒත් ඒකාධිපති පාලනයක් යටතේ ලබන නාමික දියුණුවට ගෙවන්න වෙන මිලට වඩා ඒක නරක් වෙන්න බෑ කියල හිතනවා. අවංක, රටට සේවයක් කරන්න කියල එන දේශපාලකයො කියල ජාතියක් ඉන්නවද කියලත් සැක හිතෙනවා

      Delete
    2. රිලාතුමා ඇතුලු අම්බරු බලකාය සිංහයාත් එක්ක නැගිටල, තේ බීලා, ටොයිලට් ගිහිල්ල,
      පස්සෙ කන්න ඉන්නෙ. ( දින්නොත් සුපුරුදු ලෙස කාගෙන කාගෙන යනව , පැරදුනොත් 8 වෙනිද වගේ ඉල්ලං කනව )

      Delete
    3. හරි හමන් විපක්ෂයක් හිටිය නං එහෙම නොවෙන්න ඉඩ තිබුණ. එතනත් ඉන්නෙ අප්සෙට් ජොකියො නෙව.

      Delete
    4. /පැරදුනොත් 8 වෙනිද වගේ ඉල්ලං කනව/
      පට්ට..!

      බස්ස‍ා,
      ප්‍රශ්නෙ, ගම්බද චණ්ඩි හොරුද / මහත්මා ධනපති හොරුද හොඳ?

      Delete
  3. “බොහොම ස්තූතියි , ආයිබෝං. මයෙ පාවිචියක් නෑ.”

    මේ බ්ලොග් එක මොන බස්සගෙද? :O

    ReplyDelete
    Replies
    1. පරණ මූකලං බස්සම තමා . අර ඉස්සර පෝට් වයින් බිව්ව ෂතා :)

      Delete
  4. ටේලර් සුවිප්ට් කෙල්ල නෙවද?

    බශ්ෂ එයයිට කැමතිය?

    ReplyDelete
    Replies
    1. කැමතිද කියලත් අහනවා?

      හැබෑටම අපේ වානර උන්නාස්සෙට මොකෑ වුනේ, කාලෙකින් දැක්කෙත් නෑ :)

      Delete
    2. කැමති වුනාට කමක් නෑ. වැඩිය ඇස් ගහන්ට යන්ට එපා. කෙල්ලන්ට ඇස් ගැහැව්වාම ඇස් ලෙඩ හැදෙනවලු...:P :D

      Delete
    3. අයියෝ ටේලර් සුවිප්ට්? හරි හමන් ගෑණියෙක් හොයා ගනින්කෝ කිම් කාඩසියං වගේ...

      Delete
    4. @පොඩ්ඩි
      ඒ වැඩිපුර ඇහිපිල්ලන් ගැහෙන්නෙ, ඇහැ කැවෙනවා වගේ දැනෙන නිසා :)

      @තිසර
      ඔය කඩදාසියන්ට ඉස්සර කැමැත්තෙන් හිටියා. ඒත් උන්දැට කලාව පිහිටලා නෑ නොවැ? :)

      Delete
    5. http://www.gettyimages.com/photos/black-eye

      Delete
    6. හා, මේ ඇවිත් ඉන්නෙ. හප්පේ, බාප්ප දැක්ක වගේ සං‍තෝසයි :)

      අර මොකෑ ගුටි කාපු ලින්ක් එකක් දුන්නෙ? ටේලර් කෙලී නං ටිකක් වස පාටයි තමා :)

      Delete
    7. බාප්පා ඉහලින්ම කමෙන්ට් කර ඇති නිසාත්, වස යන විරුධාවලිය ඇත්තේ ඇයට පමණක් නොවන බව මට වඩා හොඳට බසුන්නාන්සේ දන්නේ යයි සිතාත් මේ වචන ස්වල්පයෙන් නිහඬ වෙමි

      Delete
  5. උඹ අර පාවිච්චියක් නෑ කිව්වට අර නිදහස් සිතිවිලි ලියන රවියා එක්ක නිතර සැට් වෙනවා නේද? උඹේ ලියමනෙන් කියන්න පුළුවන් ඒ බව...

    ReplyDelete
    Replies
    1. එව්වා කියවලා ආදුරුසෙට අරං, ණයට ගත්ත අදහස් තමයි මෙව්වා .
      එයැයි එහෙන් දේයි, දේයි කියලා තඩි බාන කොට, අපටත් නිකම්ම මෙව්ව ලියවෙනවා :)

      Delete
  6. ඔය මහාමුකාලන පැත්තේ බශ්ශෝ කරක් ගහන්නේ පරිස්සමින්. ඔය සිංහයා දාහත්වෙනිදායින් පස්සේ අම්බරුවො ගොඩටම සෙට්‌ වෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ ආකල්ප. මැති/ ඇමතිකම් කියන්නෙ මැතිවරණයට ගිය වියදම පොලියත් එක්ක හම්බ කරගන්න , කොමිස් ගහන්න, නෑයොන්ට / ගෝලයොන්ට සංස්ථා සභාපතිකම්/ තානාපතිකම් දෙන්න , ලැබෙන වරප්‍රසාදයක් කියලා හිතලා, හිතේ හැටියට එලිපිටම මහජන මුදල් කොල්ල කන එක. ඒක සාමාන්‍යකරණය/ සමාජ සම්මතයක් කියල හිතන පොදුජන චින්තනය.මේකට බයියද, ටොයියද කියල අදාල නෑ, දෙන්නම එතෙන්ට යන්නෙ රට කන්න.

      මං කියන්නෙ මේ හොර හැතිකරේට , අපරාධකාරයොන්ට වගේ සලකන්න ඕනෙ. නඩු අහල , හිරේ දාලා, ප්‍රජා අයිතියත් අහිමි කරන්න ඕනෙ. දැන් වගේ සුමාන දෙකකට අත් අඩංගුවට ගන්න එකෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ, ඇයි උන් එලියට එන්නෙ, හරියට ජනතා වෙනුවෙන් හිරේ ගිය ජාතික වීරයො වගේ නෙව?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code