Aug 8, 2015

බස්සා සහ මකරාක්ෂයා

http://wm.schoolofdragons.com/SoD/Joomla/templates/schoolofdragons/images/HTTYD_BarfAndBelch.png
මකරා ඉස්සෙල්ලම ආවෙ දකුණෙ දෙවන කැ‍රැල්ල කාලෙ. ඌ රතු කමිසයක් ඇඳලා,  තරුවක් ගහපු, කජු ලෙල්ල වගේ තැලිච්ච තොප්පියක් දාලා හිටියා.ඉස්සෙල්ලම කෑවෙ. පලාතෙ චංඩි ටික. අපි මකරට රහසින් පෙම් කලා.  මකරගෙ ක්‍රමය හරිම සිම්පල්, ආව තිබ්බ ඔලුව කුඩු වෙන්න. නඩු නෑ, සාක්කි ඕනෙ නෑ, උසාවි , අබ්බගාත්ලා , කල්ප ගණන් ඇදෙන නඩු නෑ. අපි හිතුව , කමක් නෑනෙ , උන් අපරාධකාරෙයො නෙව කියලා. පස්සෙ, මකරා කලාකාරයො. ගුරුවරු, ග්‍රාමසේවකලාව කන කොට නං අපිට හිතුනා , එයාලට නං නිදහසට කාරණා කියන්න චෑන්ස් එකක් දුන්න නං හොඳයි කියලා. මකර පාලනය තුල විවෙචන වලට ඉඩක් නෑ. අපිත් කට පියාගෙන හිටියා, නැත්නම් වෙන්නෙ ඔලුව නැති කරගන්න.

රතු මකරව කන්න ආවෙ කොල පාට මකරෙක්. අලුත් මකර ආවෙ කැලෑ කොල ඇඳුම ඇඳලා බූට්ස් දාලා , දොරවල් ගලවපු පැජරෝ එකේ.අරූ මොන මකරද, මූ නෙව මකරා ? 

 අපි රතු  මකරා ගැන දුක් වුනා. ඌ අපේ පන්තියෙ මකරා. " මොනව වුනත් දුප්පත් සතා, පං මල්ලෙ ගල්කටස් එක දාගෙන ඇවිල්ල , බඩට බත් නැතුව සටන් කලේ " අපි කිව්වා , 

දකුණෙ හිටිය බුරුසුවක් වගෙ උඩු ‍රැව්ල තිබ්බ හාදයෙකුත් අපිත් එක්කම රතු මකරාට වෙච්ච සැන්තෑසිය ගැන දුක් වුනා. එයා දකුණෙ ඉඳන් කොලොම්පුරේට පා ගමනකුත් ගියා.

මකරාධිපතිය හිටියෙ කොලොම්පුරේ. කොණ්ඩෙ සුදු වෙච්ච  උස පොරක්. ඒත්  මකරාධිපතියගෙ රිමෝට් එක තිබ්බෙ, සතපහ වගෙ හත‍රැස් මූණක් තිබ්බ උපාසක මහත්තයෙක්ගෙ සාක්කුවෙ. මකර යුද්ධෙ නැගලම ගියා. රතු මකරා නැති භංගස්ථාන වෙලා ගියා.

කාලය  ගලාගෙන ගියා. රතු මකරා ගැන අපිට අමතක වෙලා ගියා. ඔය අතරෙ උතුර පැත්තෙන් කලු මකරෙක් මතු වුනා. අපි ඌත් එක්ක යුද්ධෙට කොල මකරව ඇරියා.



මකර යුද්ධෙ දකුණින් , උතුරට මාරු වුනා. කලු මකරා කොලොම්පුරේට බයිසිකල් කාරයෙක් එව්වා. දවසක් හදිසියෙම මකරාධිපතියගෙ  වාහනේ පිපිරුවා. මකරාධිපතිය , කුකුලෙක් වගේ රෝස් වෙලා මලා. මූණ හත‍රැස් උපාසක මහත්තයා ගාවිනුත් , බයිසිකල් කාරයෙක් මාරුවුනා. එයත් නිවන් ගියා."දිඨට ධම්ම වේදනීය කර්ම" මිනිස්සු කිව්වා.

උතුරෙ මකර යුද්ධෙ අවසාන වුනා. ජයග්‍රාහී කොල මකරා  නොන්ඩි ගගහා ,  අත්වාරුවකින් ආවා. අපි නොන්ඩි කොල මකරව , මල් මාලා දාල පිලිගත්තා.ඒත්, ඒ වෙනකොට කොලොම්පුරේ අලුත් මකරෙක් බිහිවෙලා හිටියා. ඒ තමයි, අර පාගමන ගිය බුරුසු ‍රැව්ලා. 

බුරුසු ‍රැව්ල් මකරා කෑවෙ අමුතු විදිහකට. ඌ වැඩියම කෑවෙ රට.
අපිට පටි තදකරගන්න කියලා , ඌ කන්න පටන් ගත්තා. උන්දැ  චයිනීස් කන්න දෙයියා, ඉඳලා හිටලා ආප්පත් කෑව . ඔය අතුරුපසට  , පත්තර කාරයෙක්,රගර්  කාරයෙක්  එහෙමත්  කෑව වුනාට , කවදාවත් එව්වා කෑව කියලා පිලිගත්තෙ නෑ.


අපි බුරුසු ‍රැවුල් මකරා එක්ක සටනට , සෑර් ලාන්ස්ලොට්ව යැව්වා.    එයා අලිය පිටේ නැගලා යුද්ධෙට ගියා. රැවුල් මකරා පැරදිලා හෙලි -කොට්ටඋරේක නැගලා පැනලා ගියා. 


පස්සෙ ‍රැව්ලා නන්නත්තාර වෙලා හිටියෙ . ඔය අතරෙ, අලිමොටා ගම කෑව. මේකෙන් වුනේ සෑර් ලාන්ස්ලොට්ගෙත් සායම ගිය එක.

දැං බුරුසු ‍රැව්ලා ආයෙ යුද්ධෙට එන්න හදනවා. "මාස්ටර් සර්, මගෙ හිමි තැන දෙන්න " කියලත් කියනවා. 

සෑර් ලාන්ස්ලොට් නං කියනවා, එයා කවදාවත් මකරට අඳින්නෙ නෑ කියලා, ඒත් අපට  අර අලිමොටාව නං විස්වාස නෑ. ඒත් ඉතිං වෙන කරන්න දේකුත් නෑ, මොනව වුනත් අලි බෙටිත් ඕන වෙන වෙලාවලුත් තියනවා. අලියා  ඒ වැඩේට නං දස්සයා

<උපුටා ගැනීම>මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී........
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන්‍ වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන්  බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.......</උපුටා ගැනීම>
 - ධර්මසිරි බණ්ඩාරණායකගේ මකරාක්ෂයා -


https://s-media-cache-ak0.pinimg.com/736x/bc/0c/c2/bc0cc23ecc60c40478a4e1f77a1347f9.jpg

22 comments:

  1. මේ මූකලං බස්ස,වල් බස්සා , නැහැදිච්ච බස්ස , උලමා, ඉබ්බා, නරි මොටා, වස්සා ,තඩි හරක අපහාස කරන හැටි අපේ ආපහු නැගිටින්න හදන අප්පචිට ...

    ReplyDelete
    Replies
    1. හපෝයි, නැගිටින්න හදන්නෙ, අපේ අප්පුච්චා වැ‍ටුනද? බයවෙන්න කාරි නෑ, නැහිට්ටවන්න , කස්ටිය ඇති :)

      Delete
  2. මචං................... අැරපං කට........... දාන්න තියෙනවා මසුරං.... ඒ කාලේ උඩහින් උස්සපු රත්තරං ටිකක් හරි දාන්නං.... අැරපං මගේ බස්සෝ කට.................... අම්මපා සුපර්...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරු‍ටු ලමයි.
      උඹට උරුම රටක් ඇතේ
      රට බාරයි නුඹට පුතේ

      Delete
  3. ඔන්න මම මේක කියෙව්වේ නෑ .පිහියෙන් අනිනවා වගේ ඇත්ත කියනවට මම බයයි

    ReplyDelete
    Replies
    1. හෑ, මම නෙමෙයි මේක ලිව්වෙ. මට මතක නෑ :)

      Delete
  4. අම්මප බස්සෝ....උඔ තමයි පොර....මොන පාට උනත් මකර මකරමයි පුතෝ ..පරිස්සං වෙයං..බොටත් ගිණි බිඳියි ඔය කොයි මකරෙක් හරි

    ReplyDelete
    Replies
    1. මකරා කියන්නෙ "අපි ආයෙත් අලුතින් පට්ටාං ගමු" කියලා. හොර කුරුම්බා කඩන්ට වෙන්ටෑ? එයැයි කැමතියි කුරුම්බා බොන්න

      Delete
  5. //අපි මකරට රහසින් පෙම් කලා. // ඩැනී???

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්,ඒ මකරා , මකරාක්ෂයා වෙන්න කලින්. ඒ සංදියෙ ඌ සුරංගනා කතාමයි කිව්වෙ. අනික, කොයි බස්සද අකමැති " බොටත් චෙරි පහයි, මටත් පහයි" කියන සධාරණ මකරෙකුට?

      Delete
    2. රතු මකරාගේ අවුල නම් උගේ ඇඟේ දිව්වේ රුසියන් මකර ලේ වීමය. (හන්ගේරියන් හොර්න්ටේල් එකෙක් වත් ද?).

      Delete
    3. හෝර්න්ටේල්? හරි, හරි උන්දැට අං වගේම වලිගෙකුත් තියනවා :)

      Delete
  6. ආයෙ ඇවිත් අලිමොටාගෙ චාන්ස් එක දෙකට කඩන, වක්‍රව බුරුසු මකරට සපෝට් කරන රතු මකර ගැනත් ලිව්වනං සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණෙ මට නං ටිකක් සංකීර්ණයි.එකඟ වෙන්නෙ පුළුවන් පොදු සාධකය තමා බුරුසුවාට නැවත බලය නොදියු යුතුයි කියන එක. මේකට තියන එකම ප්‍රායෝගික විසඳුම අලියට බලය දෙන එක බව පිලිගන්න වෙනවා.

      නමුත් ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඔය කියන යහපාලනයක්, රටේ දියුණුවට ස්ථර සැලැස්මක්, සහ දූෂණ චෝදනා වලට අපක්ෂපාතී පරීක්ෂණ, දේශපාලන ඩීල් වලින් තොරව, පැවැත්වෙයිද කියන එකයි.

      දින සීයෙදි වෙච්ච දේවල් අනුව, අලි නඩේ ඒ බව ඔප්පු වෙන විදිහට වැඩ කරලා නෑ. එතකොට පාවෙන චන්දදායකයා ඉ‍ටු කරන්න ඕනෙ:

      1. රතු මකරගෙ පොයින්ට් එක වෙන, ප්‍රබල විපක්ෂයක් ඇති කිරීමද?

      2. රතු මකර නිසා, අලි චන්ද දෙකට කැඩෙන බැවින්, ඒ චන්දත් අලිමොටාටම දෙන එකද?

      ප්‍රබල වුනත්, නැති වුනත් නිල්/කොල කස්ටියගෙ විපක්ශයකින් , විපක්ශයකින් වියයුතු කාර්‍යාභාරය වෙනව කියල හිතන්න අමාරුයි. ඒ වගේම දුර්වල රජයකින්, හැමදේටම විරුද්ධ වෙන ප්‍රභල විපක්ෂයකින් වෙන්නෙ , රටේ දියුණුවට වෙන්නෙ බාධාවක්.

      දැං අහන්න එපා, එහෙනං මැටි බස්සෝ, ‍තෝ මොකක්ද මේ කියන්නෙ කියලා. මෙව්වා ඔක්කොම හිතුවාම, මටත් ටිකක් මඤ්ඤං වගේ. උඹල හිතල බලල, හිතට හරියි කියල හිතෙන එක කරපල්ලා :)

      Delete
    2. //මේ ප්‍රශ්ණෙ මට නං ටිකක් සංකීර්ණයි.එකඟ වෙන්නෙ පුළුවන් පොදු සාධකය තමා බුරුසුවාට නැවත බලය නොදියු යුතුයි කියන එක. මේකට තියන එකම ප්‍රායෝගික විසඳුම අලියට බලය දෙන එක බව පිලිගන්න වෙනවා.//

      මමත් පහු ගිය කාලේ මේක ගැන කල්පනා කලා... අපි වැඩි හරියක් වැඩ කරන්නේ ප්‍රතික්‍රියා දැක්වීම.... මහින්ද යුද්දේ ඉවර කලාට, මහින්ද ආවේ යුද්දේ ඉවර කරනවා කියන ටැග් ලයින් එක එක්ක නෙමෙයි. මහින්දත් ආවේ සාකච්ඡා කරන්න. ඒ නිසා මහින්ද ගෙනාවේ යුද්දේ ඉවර කරන්න නෙමෙයි, චන්ද්‍රිකා 'කාපු' ක්‍රමයේ වෙනසක් කරන්න. චන්ද්‍රිකා උඩින් පාත් වෙලා ඡන්දේ දිනුවේ දාහත් වසරක සාපය ඉවර කරන්න. අදත් යූ.එන්.පී. එකට ඡන්දේ දෙන්නේ මහින්ද එලවන්න... අපි නිතරම දිනවන්නේ අපිට 'අවශ්‍ය' කෙනා නෙමෙයි, අපි කරන්නේ 'අකමැති' කෙනා පැරදවීමයි. මේක අනුව බලං ගියාම අතීතයේදි කෙනෙක් මොන පක්ෂයක් එක්ක හිටියත්, මොන මතවාද දැරුවත් ඒක සධාරණීකරණය කරන්න පුළුවන්. මොකද ඔවුන් කරන්නේ ඔවුන් පැරදවිය යුතු යැයි විස්වාස කරන කණ්ඩායමට විරුද්ධ වීම මිස දිනවිය යුතු යැයි සිතන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම නෙමෙයි.

      Delete
    3. නිකං ඔළුව කැරකෙනව වගේ නේ...? හෆොයි.

      මේ වාතාවරණය මයෙ හිතේ ධනවාදයෙ හතර වෙනි කාර්තුව වෙන්නැති. අපිට මතුපිටින් පේන දේ නෙවෙයි රනිල් කරන්නෙ. උන්දැගෙ අවුරුදු ගානක ගැටයක් තාමත් ක්‍රියාත්මක වෙනවය කියලා වගේ පේනවා.

      Delete
    4. @ තිසර
      //අපි නිතරම දිනවන්නේ අපිට 'අවශ්‍ය' කෙනා නෙමෙයි, අපි කරන්නේ 'අකමැති' කෙනා පැරදවීමයි....//

      එකඟයි. "නරක අඩුම කස්ටියට චන්දෙ දෙන්න" කියන මතය මේකක් එක්ක සමපාත වෙනවා

      @ ඩ්‍රැකී
      ගැට ගහන්න දෙයියා, රනිල් නෙමෙයි එයැයිගෙ බාප්ප .පේනවනෙ, අපි තාම "විධායක ජනාධිපති" ගැටේ ලිහාගන්න දඟලන හැටි?

      Delete
  7. අප්පච්චි,අප්පච්චි නුඹයි අපිට අප්පච්චි කියලා අර "බුරුසු ‍රැවුල් මකරා" ගැන කියන උන් ඇත්තටම උන්ගේ දෙමවුපියන්ට කරන්නේ කොයි තරම් අපහාසයක්ද?

    අනික අර "බුරුසු ‍රැවුල් මකරා" හිතන් ඉන්නේ එකා ෆීනිකස් කුරුල්ලාය කියලා වුනත් එකා නිකම් නිකම් පාලම් කොකෙක් විතරයි බශ්ෂෝ.

    ReplyDelete
    Replies
    1. ඕක හරි තේරුම මේකයි:

      අප්පච්චි = ගෝඩ් ෆාදර්

      ගෝඩ් ෆාදර් තමා මා‍ෆියාවෙ/ පාතාලයෙ නියම නායකයා. එයා ගේම් වලට යන්නෙ නෑ. හොඳ සමාජ තත්ත්වයක් තියාගෙනn, ප්‍රභූවරයෙක් විදිහට සමාජයේ වැජඹෙනවා. ගේම ගෙනියන්නෙ හොර නඩේ/ ගෝලයෝ, හැබැයි " අප්පච්චි" උන්ව දරුවො වගේ බලාගන්නවා.

      Delete
  8. බස්සෙක් ගිය උඩ :P

    මගෙත් ආසම සත්වයා මකරා ලු. පාට පාට උන් නෙවේ චයිනීස් උන්.

    ලෝකල් මකරුන් ගෙන් නම් වැඩක් නැත. උන්ගේ පාට පවතින්නේ සර්ප හැව බඳු බාහිර ස්තරයක පමණි. අවශ්‍ය වූ විට වර්ණ මාරු කිරීම ඉතා පහසුය. මුන් මකරුන් නොව මකරුන් මෙන් පෙනෙන කටුස්සන් රැලකි.

    ReplyDelete
    Replies
    1. //බස්සෙක් ගිය උඩ //

      හහ්, බස්සො උඩින් යන්නැතුව බස්-තියං පයින් යන්නැයෑ :)

      Delete
  9. මම ආස වෙලා හිටියේ ඩනේරිස් ද ටගේරියන් ගේ මකරුන්ට විතරයි. මේ මකරු එකිනෙකා මරා ගන්න උපන්න එවුන්නේ. කතාව ඔයගේද? ධර්මසිරි ගේද

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code