"උඹහෙට කියන්න බස්සෝ, මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."
"ඉතින්, ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?"
"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "
" නියමයි නෙව සීයෙ"
" උඹ ඔය මට ඔච්චම් කරනව නේද, බොල?"
"පිස්සුද සීයෙ? මං එහෙමත් කරනවද? ගෙදර එන්නෙ නැතුව, කන්තෝරුවෙ නවතින්නයැ? දැං බලාපං අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් තුමා . මං හිතන්නෙ උන්දැ ජීවත් වුනේ වැඩපොලේ. ඔය ඉඳලා හිටලා ගෙදරත් ගියා. ආං, දැන් අස් වෙන්න යනවැයි කියන්නෙ? මං හිතන්නෙ, ආතතිය වෙන්ටෑ?
" අම්මපා බස්සෝ, උඹ විතරමයි මගේ පැත්ත ගත්තෙ. අනිත් උන් ඔක්කෝම මට හිනා වුනා" සීයා අඬන්න ගත්තා.
මම ජීවත් වෙන්නෙ ලොකු නගරයක. හරි, හරි මිලියන දහතුනක් නෑ තමා, මිලියන හයයි කියමුකො. රෑ දෙගොඩහරි ජාමෙ උනත් අපේ 401 හයිවේ එක දිහා බැලුවොත් පේන්නෙ මෙන්න මේ වගේ දර්ශණයක්:
ලවක් දෙවක් නැතුව දුවන මිනිස්සු. රැ ජාමෙ මේ යක්කු කොහේ යනවද මන්දා? ඔහොම කිව්වට, හෙට රෑට බස්සත් ඔය මිනිස් ගංගාවට එකතු වෙනවා. කිලෝ මිටර් 33.33 , එකසිය විස්සට ඇරියාම විනාඩි විස්සයි. වැඩට යන මිනිස්සු, ගෙදර යන මිනිස්සු, බඩු ප්‍රවාහණය කරන ට්‍රක් .මේ ප්‍රවාහන පද්ධතිය, තමා කවදාවත් නොනිදන අපේ නගරයේ රුධිර නාල. නැවතුනොත් මලා තමයි.
සමහර වෙලාවට බස්සාටත් ඔය රැට් රේස් එකට ජොයින්ට් වෙන්න උපදෙස් නොලැබෙනවත් නෙමෙයි. මේ ලඟදි අපේ පිල්ලා -අර සෙල් ෆෝන් එක පොලේ ගහපු එකා, මට කියනවා:
" බස්සො, මෙහම ඉඳලා හරියන්නෙ නෑ, අපි බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕනෙ"
" හා, මචං"
" ඔව්, ඉතිං බොට නං මොකද? මේ හම්බවෙන එක හොඳටම ඇති නෙව? ඒ වගේද මං? කලින් කසාදෙ නඩත්තු ගෙවන්න ඕනෙ, වාහනේ පිනෑන්ස්, ගෙදර මෝගේජ්, තව කොච්චර නං බිල් ගෙවනවද? "
ජීවිතේ රිස්ක් එකක් ගන්නෙ නැති අය දියුණු වෙන්නෙ නෑ කියලා ඔබ කියාවි. ඕනෙ නං , මූ නං මහ කම්මැලි මූකලං බකමූණෙක් කියලා කිව්වත් කාරි නෑ. ඇත්ත, මං කම්මැලි බකමූණෙක් තමා, ඒත් රිස්ක් ගන්නෙ නෑ කියල කියන්න බෑ නෙව? වාහනයක් එලෝන කොට, රස්සාව කරන කොට ගන්න රිස්ක් මට හොඳටෝම ඇති. ආයෙ බිසිනොස් කොරල අමතර රිස්ක් ගන්න ගියොත් වෙන්නෙ මටත් අරුන්දැට වෙච්ච එක , ආතතිය වැඩිවෙන එක.
ඔය ආතතිය තියනවා නෙවද? ඕක හරියට බ්ලඩ් ෂුගර් වගේ, වැඩි උනත් මැරෙනවා, අඩු උනත් මැරෙනවා.
මට මතක් වෙන්නෙ ජෙරෝම්ව. ඒ අපිත් එක්ක හිටපු තව පිල්ලෙක්. කොයි වෙලාවෙ බැලුවත් , හිනා වෙවී, සිංදුවක් මුමුන, මුමුන බොහොම ජොලියෙන් තමා හිටියෙ. මං ඇහුවාම ජෙරෝම් කිව්වෙ සතුට යනු තෝරාගැනීමක් බවයි.
So many choices
Something raining down
A river of what-to-dos, who-to-bes
Stand out? Blend in?
Help 'em? Go to war and win?
ඔබ කුමක් කල යුතුද කියා මට කියන්න බෑ. මගේ ක්‍රමය , ඔබට ගැලපෙනවා කියල කියන්නත් බෑ. සමාජ ආරක්ෂණ ක්‍රම, විශ්‍රාම වැටුප්, විශ්‍රාම ඉතිරි කිරීම්(retirement saving plan) සහ සමස්ථයක් වශයෙන් වැඩිහිටියන්ට ඇති සමාජ සැලකිල්ල/ ආකල්ප මත ,මේක රටෙන් , රටට, සමාජයෙන් , සමාජයට වෙනස් වෙනවා.
The Kiss or Promontory
From the film The Last Of The Mohicans -1992
මට ආයෙත් මතක් වුනේ ජෙරෝම්ගෙ වචන:
A Happy Owl |
Happiness is a choice
නියමයි බස්සා ඔහොම යන් ඔහොම යන්.
ReplyDeleteඅර ඉයන් කියල තියෙන වැවිල්ල, සුළු ගොවි ව්‍යාපාර ගැන ලිපියක් ලියන්න ඈ?
Deleteබස්සා , නියමයි. සතුට කියන එක තමයි පලමුවෙනි දේ.
ReplyDeleteඉයන්ගෙ පලවෙනි ලිපියට වඩා මම දෙවන ලිපියට කැමතියි.චෙෆාකි ලියපු අර සිරිසේනගෙ කතාව බැලුවාම පේනවා ස්වායත්ත නොවුනොත් , වැඩිහිටියන් ලෙස අසරණ වෙන බව.දෙවනි ලිපියෙ calculated risk, ඒක වඩා හොඳයි
Deleteසුළු ව්‍යාපාර, සඳහා හොඳ උපදෙස් ටිකක්. මටත් අලුත් අදහස් පහල වුනා, හිටං
ඔබට පෙන්ශන් ගොස් අනාගතේ ඉඩම් වගා කිරීමේ අදහසක් තියෙනවානම් ණයක් හරහා හරි ඉඩම මිලදී ගැණීම දැන්ම කරන්න. සල්ලි වලට ලැබෙන පොලී වලට වඩා ඉඩම් මිල ඉහල යනවා. එම නිසා අත තිබෙන මුදල් සහ බැන්කු ණයක් හරහා හෝ ඉඩම ඉක්මනින්ම මිලදී ගන්න. ඔබ එන තෙක් වගාවට බද්දට දෙන්න.
Deleteබස්සා මම නම් හිතන්නේ Happiness is a result of a choice කියලා... එකමයි වගේ, ඒත් පොඩ්ඩක් වෙනස්...
ReplyDeleteඔව් පොඩ්ඩක් ඉතර වෙනස්. මට තේරිච්ච විදිහට ජෙරොම් කිව්වෙ, ඔබ සතුටෙන් ඉන්නවද , නැත්ද කියන එක ඔබේ තීරණයක් බවයි.
Deleteතිසර කියන එකට සමාන එකක් තමා දාර්ශණිකයො කියන්නෙ. සතුට යනු බලාපොරොත්තුවක් ඇති වීමත්, එය ඉෂ්ඨ වීමත් අතර සිතේ ඇතිවන මෙව්වා එකක් බවයි
හුඟක් කලින් බලපු ෆිල්ම් එකක තිබුණා ජීවිතේ සතුට කියන්නේ Good Food. Good Drugs and Good Sex කියලා. මමත් කාලයක් මේ දර්ශනය ගුරු කරගෙන ජීවත් උනා.
ReplyDeletefood, wine and women මට මතක විදිහට ඕමාර් කයියාම් , පර්සියන් කවියෙක්ගෙ දර්ශනය.
Delete“Be happy for this moment. This moment is your life.”
Delete― Omar Khayyám, The Rubáiyát of Omar Khayyám
///////මං කියන්නෙ, අපි කරන්න ඕනෙ අපිට ඕනෙ දේ, නැතුව අරය, මෙයා කරපු දේ නෙමෙයි. මොනව කලත් කරන දේ අපිව සතුටෙන් තියනව නං එච්චරයි./////////////////
ReplyDeleteමම හිතන්නෙත් මෙහෙමයි. සන්තුෂ්ඨි පරමං ධනංද මොකක්ද කියලා කියනවනේ. ඒත් ඉතින් එක එක්කෙනාට විවිධ රසයන්නේ. ශේප් එකේ යාගන්න තියෙනවා නම් ඇති. වැඩි කරදර ඔලුවට දාගන්න බැහැ.
ඕනවට වඩා සල්ලි හොයන්න ගිහිල්ලා stress වැඩිවෙලා ලෙඩ උනොත්, අර හොයපුවා වලින් වැඩක් නෑ.
Deleteඒත් විශේෂයෙන්ම ලංකාවෙ, වැඩිහිටියන්ගෙ අනාගතය ගැන බැලුවාම, ඒ අය ස්වාධීන නොවුනොත්, ඒකත් ප්‍රශ්ණයක්. ඒ නිසා විශ්‍රාමික වයස සඳහා යම් වැඩ පිළිවෙලක් සූදානම් කරගැනීම නම් ඇඟට ගුණයි
අනිවා, තමන්ගේ සතුට නැති කරන් අනුන් කරන දේ අහනවට කරනවට වඩා තමන්ට ඕන දේ කරන එක හිතට නිදහසක් සතුටක්.
ReplyDeleteමගේ යාළුවෙක් හිටියා ඔහෙම එකෙක්. ප්‍රශ්ණයක් ආවොත් , ඌ හැමෝගෙන්ම අහනවා. හ්ම්..හ්ම්.. කිය,කිය එව්වා ඔක්කොම අහගෙන ඉඳලා ඌ ඌට ඕනා එක කරනවා :)
Deleteසල්ලි පස්සේ විවේකයක් නැතුව දුවනවා.සල්ලි හොයන් විවේකයක් ගන්න බලන කොට කාලය ගිහිල්ලා.
ReplyDeleteඇත්ත
Delete