Mar 30, 2019

ඇෆ්ගන් ජෙලබි

මේ දවස්ල රබර් ඇහැ දාන එකා නැති නිසා, දෙයියනේ කියල අතපය දිගෑරලා ගන්න ඕන දෙයක් ගන්නවා. මට වෙලාවකට හිතෙනවා , මේකත් එක්තරා ඇබ්බැහිවීමක්ද කියලත්. හරි, හරි  ඔය ගන්න හැම එකම අත්‍යාවශය භාණ්ඩ ගණයට වැටෙන්නෙ නෑ තමා. එකාක්, දෙකක් "හයියෝ, ෂල්ලි" කෑටගරියටත් වැටෙනවා තමා. ඒත්  බලාන්ට, දැන් බසු කුස්සියෙ පාන් පිච්චෙනවා, කේක් හැදෙනවා. ඒ තියා  කඩලත් තැම්බෙනවා. එහෙම බැලුවාම , සමස්තයක් වශයෙන්  මේ  ව්‍යාපාරයෙන් ලාබයි කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද?
අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?


ගුලාබ් ජමූන් කියන්නෙ ඉංදියන් රස කැවිල්ලක්. පිටි වලින් හදාලා බැදපු බෝල  සීනි පැණියක ගිල්ලලා.  මම අහල තියනවා පැණි කැවුම් කියන්නෙ එහෙම  පැණිවල ගිල්ලපු කැවුම් වලට කියලා - එත් කාලා නෑ.
ගුලාබ් ජමූන් මුලින්ම කෑවෙ කවදද කියල මතක නෑ, ඩුබායි වලදි වෙන්න ඕනෙ. ඒත් "හව්" ගාලා එක කටයි කැවෙ- ලව් ඇට් ෆස්ට් බයිට් තමා. පස්සෙ හොයනකොට, ඔය ඉස්ටැයිල් එකේ කෑම වර්ග කීපයක්ම හම්බ වුනා. ජෙලබි නැත්නම් අපි දන්න බූන්දිත් ටිකාක් ඒ කිට්‍ටුවෙන් යන කෑමක්. අපි වගේ හුදී ජනයාට ඔව්වා හැමදාම කඩෙන් කන්න බෑ නෙව? මම ඔය ගැන කම්පනා කර, කර ඉන්න කොට තමා  බස්බූසාව හම්බ වුනේ. බස්බූසා කියන්නෙ  රුලං කේක් එකක්. හදලා ගිල්ලෝනවා සීනී පැණියක.


හැදුවා බලන්න. සාර්තකයි. දැන් මේකෙ ක්‍රමවේදය මෙහෙමයි. පිටි වලින් හදන කේක් වගේ එව්වා , ගිල්ලනවා පැණියක - බඩුම තමා, 

ඊළඟට අත්හදා බැලීම. කිවි හරි ස්ට්‍රෝබෙරි අරගෙන දානවා සිනි හැඳි තුනක් , ඔබනවා ඒකටම කේක් කෑල්ලක්. ටික වෙලාවක් ගියාම ඒකෙම වතුර උනනවා. කෙලින්ම ගුලාබ් ජමූම්.

තව මේ වගේ අත්හදා බලල සාර්ථක වෙච්ච(හෑ, අසාර්ථක වෙච්ච කෑම?  මොකෑ නැත්තෙ , ලොරියකට සැහෙන්න තියනවා)කෑමක් තමා මේ.

රෝස් පාන් හරහට කපලා  උඩින බටර් තලියක් තියලා තප්පර 20ක් මයික්‍රොවේව් කරනවා බටර් යන්තම් දියවෙගන එනතෙක්. දැන්  එකෙන් පාන් පොඟවලා හකුරු සමඟ වලඳනවා.  කිතුල් හකුරු තමා හොඳම, ඒත් හොඳ කිතුල් හකුරු හොයන එක නිකිණි හොයනවා වගේ නිසා, මං දෙන්නං ඒකට ඔත්තුවක්.

චයිනීස් සුපර් මාකට් වල තියනවා තායි  තල් හකුරු ජාතියක්. පැකට් එකේ තියෙන්නෙ "Palm Sugar" කියලා. ඒක   කිතුල් හකුරු වලට කිට්‍ටුවෙන් යනවා.දැන්  කවුරු හරි, කළු දොදොල්, වටලප්පන් එහෙම හදන්න බලාපොරොත්තුවක් තියනවා නං, බැංකුවක් නොකඩා එව්වා හදන්න මේක හොඳ ආදේශකයක් වේවි.
විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය  
මේ ඇෆ්ගන් ජෙලබි. පැන්ටම් කියන හිංදි පිචෑර් එකේ ජනප්‍රිය වෙච්ච සිංදුවක්. මේක ඔරිජිනල් එක නෙමෙයි , මම හොයා ගත්ත " ජෙලබි" වර්ශන් එක. මම වැඩිය කැමති මේකට. අර " කොඩිය සුද්දගේ , මල්ලි සිංහයා අපේ" වගේ වැඩක්.  නටන  දෙන්නා රුසියන්. මතකනෙ, ජෙලබි ක්‍රමවේදය? කේක් එක අරගෙන පැණිවල ගිල්ලන්න ඕනෙ. පැණි නැත්නම් වොඩ්කා වුනත් කමක් නැ, ගිල්ලන එකයි වැදගත් කොටස. ඔහෙල බලලම තීරණය කරන්නකො.

20 comments:

  1. ඔය සිංදුවෙ ඔරිජිනල් එක මෙතන තියෙනව. අර වෝග් ජුවලර්ස් ඇඩ් එකේ ඔරිජිනල් එකත් එක්කම...

    https://youtu.be/FtVcfuI7CRs

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා මේක නියමයිනෙ :) . පස්සෙ ඒ කස්ටියම කරපි "වාසි ලිඳේ නාන ගෙම්බෝ" එකත් බැලුවා.

      Delete
    2. අඩෝ ඒක මරුනෙ...!

      Delete
  2. ඔය පැණිරස නෙවෙයි. (දියවැඩියාවේ උල්පත) හදමුකො ලසාඤ්ඤා හරි රැට්ටටූයි හරි ඒ වගේ පෙසන්ට් කෑම ජාති... මතක් කරනකොටත් කටට කෙළ උනන විදිහට.

    ReplyDelete
    Replies
    1. ලසාඤ්ඤා හදන්න දන්නෙ නෑ පස්තා නං පටස් ගාලා හදන්න දන්නවා. දැන් මේ බුරියානි එකක් හදන්න ට්‍රයි කරනවා.

      Delete
  3. අඩේ අප්පා, නිදි සෑර් දෙනවා රෙසිපි, අරූ සෑර් දෙනවා කරෝල හොදි රෙසිපි, බස්සාසෑර් දෙනවා රෝස් පාන් රෙසිපි. එල කිරි.
    හැට්ටරුත් දෙන්නං ඔරිජිනල් මැඩ්රාස් ඉට්ටයිල් සමෝසා රෙසිපියක්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  4. දැන් මෙහෙමනෙ හැට්ටර් මලේ, යූටියුබ් එකේ අටෝ රාසියක් වීඩියෝ තිබ්බට, මේ වගේ "ඔරිජිනල්" එකක් දැක්කාම ඒක අනෙක් අයත් එක්ක බෙදා ගන්න එක නොවැ අපේ යුතුකොම? හා නැහ්ද, මං අහන්නෙ?

    සමෝසා යකාට ගියාවෙ, මේකනෙ බොල, වීඩියෝ එක? බොහොම ස්තූතියි.

    -වනක්කම්, මයි සෙල්ෆ් බස්සා-

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව සෑර් . මක්කයි මේ දොඩන්නේ.
      වාටර් ටිකක් හොඳට බොයිල් කොරලා ෆිල්ටර් කාෆි එකක් හදාගෙන බොන්ඩ.
      ඔය ටිම් හෝටන් ඉස්ටාර්බක්ෂ් කැලේ ඈ.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. සමෝසා යකාට ගියාවේ... මේකනෙ වීඩියෝ එක x2

      Delete
    3. සමෝසා යකාට ගියාවේ... මේකනෙ වීඩියෝ එක x3

      ඔක්කොමත් හරි, අර ඩුවල් පර්පස් පෑන් එකත් හරි. :D

      Delete
  5. සල්ලි ටිකක් වැඩිපුර වියදම් කලත් මොකද, කන්න නේ?

    බොහොම ස්තුතියි රෙසිපියට, පැණිරස කන්න අකමැති අපි වගේ හාවොන්ට හදාගෙන කන්න වෙන මොනවා හරි සැර දෙයක් හදන හැටිත් ලියන්ට. :)

    ReplyDelete
  6. හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලිApril 3, 2019 at 9:09 AM
    මිසී,

    අපේ බකුෂ් උන්නැහේ සැර එකක් දෙනකං මේක තියාගන්ඩ. ඉන් පස්සේ මතක ඇතුව මකල දාන්ඩ ඈ .
    මතකද ඉස්සර ලංකාවේ ගෙදරදී මමී කොශ් කියල ජාතියක් තම්බල පොලුයි තව ඩයිනමයිට් එකකුයි එක්ක දෙනව කන්ඩ.
    mortar and pestle එකක් තියේනං දෙන්ඩ ඇහක් ගේම.

    1. උම්බලකඩ කෑලි ග්‍රෑම් 15.0
    2. ළූණු ග්‍රෑම් 60.00
    3. ලුණු කුඩු තේහැඳි 1/2
    4. අවුමිරිස් කරල් 1
    5. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු තේහැඳි 1/2 ගනනේ
    සේරෝම එකට දාල කොටන්ඩ උම්බලකඩ ටික හොඳට කෙටෙන කං
    දාන්ඩ දෙහි ඇඹුල් (ගෙඩියකින් 1/8 විතර)
    Mix well (එංගලන්තේ ඉන්න කෙනාට ඉංගිරිසියෙනුත් මොනවහරි ලියන්ඩ එපෑ, නැද්ද)
    දැන් ඔන්න ඩයිනමයිට් එක හරි
    ජෙලග්නයිට් ඕනෙනං 4, 5 සියයට 25-50 අතර ගානකිං ඉංක්‍රිස් කරන්ඩ
    ආර් ඩි එක්ස් ඕනේ නං 4,5 සියයට 50න් ඉහලට හොඳේ

    එහෙම නැත්තන් ඉතින් මේකත් නැගල යනවා මිසී.


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනේ හැට්ටර් සර්, මේක දැන් නේ දැක්කෙ. මම කට්ට සම්බල් හදනවා හිටපු ගමන්, බොහොම ස්තුතියි :)
      හැබැයි මම අමු මිරිස් ඇන්ඩ් ගම්මිරිස් දාන්නේ නැතුව තමයි හදන්නෙ. මේ තියෙන්නේ එහෙම හදපු එකක්. පේනවද බලන්ට කෝ.
      https://imgur.com/NPmOaA2

      ඔය වංගෙඩියේ සුදු පාටට තියෙන්නේ පුස් නෙවෙයි, ඒක වේලුනාම පාට, හැටි. හොඳේ :)

      මම ඔබ කියපු විදියටත් හදලා බලන්න ඕන වෙලාවක.

      බයි ද වේ, අපේ අත්තම්මයි, අම්මයි හදනවා තව එකක්, ඒකත් රසයි. රතු ළූණු, උම්බලකඩ, ලුණු එකට දාල කොටලා, ඒකට දෙහි ටිකක් මිරිකලා ගන්ට ඕන. වැඩිය සැර නෑ, පොඩි බබාලට එහෙම මරු. ඒ වගේම, බඩේ අමාරු හැදිලා කෑම අප්පිරිය වුණු වෙලාවටත්, දෙහි ඇඹුල් ගතියට ආසාවෙන් කන්න පුළුවන් මේකත්.

      Delete
  7. මං ආසම
    https://en.wikipedia.org/wiki/Jalebi

    ReplyDelete
  8. ගුලාබ් ජාමුන් නම් ඕන වෙලාවක හා ... තව කලු පාට එකක් තියෙනව කාලා ජාමුන් කියල ඒකට පැණි දාන්නෙ නැහැ. ගුලාබ් ජාමුන් සහ ජිලේබි රහ බලාපු එකේ හල්වා, බර්ෆි, ලඩ්ඩු අත ඇරලා දැම්මද ?

    කොමිටලේට ජිලේබි වලට ජිල්බුරි කියා කියා ඉඳල කාලයක් කඩෙන් ඉල්ලනකොටත් ජිලේබි සහ ජිල්බුරි පැටලෙන කාලයක් තිබ්බ :-D

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ඩ, අදයි දැක්කෙ. අනික් ඒවත් කෑව, ඒත් ගුලාබ් ජාමුන් තරම් මතක හිටියෙ නෑ. හෙහ්. හෙහ් ජිල්බුරි, ඒකත් නියම නම🤣

      Delete
  9. බස්පා 'උ' යන්ට දන්නවා කියල දන්නෙ දැන් නෙව.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code