Jan 17, 2020

ජහුටා පොල



දෙසැම්බරෙත් ඉවර වුනා. වෙනද වගෙම මෙදා සැරෙත් බඩු අරගෙනම නැති වුනා. දැන් ඕකට ලෝකයා එක එක කතා කියනවා. හෝතම්බුවා නං කිව්වෙ " හයියෝ ෂල්ලි" කියලයි. එතකොට අර ඉන්දියන් පොලොස් කොට්ටෝරුවා, ඌත් මොනවදෝ කිව්වා. ඔහෙලට කියන්න ඒ තියා අල්ලපු ගෙදර සුදු නෝනගෙ පූසා, ඌත් මොකද්ද කිව්වා කියහංකො. මං හිතන්නෙ ඌ නං කිව්වෙ "ඤාව්" කියලයි. ඔය මොකා මොනවා කිව්වත්, අපි සැලෙයි ඕවට? ඔහෙලට සැක නං ඔය ඕන බස්සෙකුගෙන් අහල බලන්න " සේල් දාලා තියනව මේක , ගන්නද?" කියල. කෙලින්ම කියයි "හූම්" කියල.


අනික , දැන් මම ගත්තෙ අවශය දේවල් නෙව? දැන් බලාන්ට මයෙ මොනිටරේ අවු 10 වඩා වයසයි. දැන් උන්දැ ඉන්නෙ ලෙඩ ගානෙ, කහිනවා හිරවෙනවා. ඉතිං ඇමසෝනා දැම්මා 4K 1ms, 28"මොනිටරයක් සේල

කෙ‍ටුව පටස් ගාලා.ඉතිං අලියා ගත්තා නං හෙණ්ඩුවක් නොගෙන කොහොමද?

ආ එතකොට සෝඩා හදන මැසිම. ඒක සේල් දැම්මෙ Walmart. එතකොට co2 ගෑස් සිලින්ඩර් සේල් දැම්මෙ Staples.

අපි නිෂාචර පක්සියො බව ඇත්ත. ඒත් අපිට කියලා පාන්, කිඹුලා බනිස්, මාළුපාන් අගුණයක් නෑ නෙව?  මට තියෙන එක අඩුපාඩුවක් තමා. පාන් පෝරණුවට දාලා පිච්චෙන තෙක්  එතන බකන්නිලා ගෙන ඉන්න බැරි කම.  පල්ලෙහා ගෙදර ආච්චි කුස්සිය ගිණිතිබ්බට පස්සෙ , මට හිතුනා කුස්සියකට වඩා  counter top oven එකක් හුඟක් ලාබයි කියලා.


කෙ‍ටුවද කියලත් අහනවා? කොටලම දැන් මයෙ හොටත් බාගෙට ගෙවිලා. හැබැයි කොටන්නෙ ඔන්ලයින්, ගෙදරටම ගෙනැල්ල දෙනවා නෙව?


මේ දැන් බෑවා පාන් ගෙඩි දෙකක්. තායි මිරිස් දාල තලාගත්ත පොල් සම්බෝලයි, සැමන් බැදුමයි තියනවා. තව ටිකක් යනව වළඳන්න :)ආ මම සම්බෝල වලට, තක්කාලි , සියඹලා තායි ඉස්සෝ පේස්ට්  ඔක්කොම දානවා.

මම පොඩිකාලෙ මැකරූන් වලට හරිම  කැමතියි.  ඉස්සර දැනගෙන හිටියෙ නෑ මැකරූන්, මැකරෝනි කියන්නෙ ජාති දෙකක් කියලා, ඉතිං දවසක්  තාත්තා ගෙනාව මැකරෝනි.


දැන් පේන විදිහට මැකරූන්ස් අපේ කෑමක් නෙමෙයි. ඔරිජිනල් යුරෝපියන් වර්ෂන් එක හැඩයෙනුත්, රසයෙනුත්, මිලෙනුත් අපේ රටේ සිල්ලර කඩේ වර්ෂන් එකට වඩා වෙනස්. හේතුව Almond flour පවිච්චි කරන නිසා. කෙලගෙන  ආවා Cosco එකෙන් Almond flour කිලෝ එකාමාරක්ම. දැන් දෙන්නම් ජම්බු.


මේ යන්නෙ සීත ඉර්තුවෙ නරකම කාලෙ. ඕං හිම කුණා‍ටුවකුත් එනව කියන්නෙ. මේ කාලෙට බස්සො බෙනෙන් එලියට යන්නෙ නෑ. ඔය සීතල කියන තරම් නරක නෑ. මම කෝපි බොන්නෙ එලියෙ. සට සට ගාලා ගැහි ගැහී උණු කෝපි එකක් බොන එක වෙනමම ආතල් එකක්.

කාලෙකට ඉස්සර කියෙව්ව නම මතක නැති පොතක තිබ්බ කතාවක් මේක. අඳුර වැටිගෙන එන  පරිසරයක්. තද හිමකුණා‍ටුවක ගාට ගාට යන අස්පයෙක් සහ අසරුවෙක්. ඈතින්  කන්දක පේන හොඳින් ආලෝකමත් වුන තානායම් පොලක්. තානායමට යන අසරුවා කියනවා මෙහෙම " මට දැන් අවශ්‍ය උණු කෑම වේලක්  සහ උණුසුම් ඇඳක් පමණයි". කතාවේ හරය: සැප ලැබෙන්නෙ දුකේ අවසානයට.


වැදගත්ම දේ  රිමෝට් එක තමන් ගාව තියෙනෙ එක. ඒ කිව්වෙ කොච්චර වෙලා එලියෙ ඉන්නවද?, ඇටක‍ටු ගල් වේගන එනෙකොට පටස් ගාලා බෙනේට රිංග ගන්න තියෙන හැකියාව.




මට මතක් වෙනවා  කලි සැරේ කාපු පැණි දොඩම්

13 comments:

  1. //ඉස්සර දැනගෙන හිටියෙ නෑ මැකරූන්, මැකරෝනි කියන්නෙ ජාති දෙකක් කියලා//
    මම මේක කියවනකම් මැකරූන් කියලා ජාතියක් තියනවා කියලා වත් දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මැකරුන් , මැකරොන් සහ මැකරෝනි කියන්නෙ ජාති තුනක්. ඔය අතරින් මැකරෝනි රස කැවිල්ලක් නෙමෙයි පස්තා ජාතියක්.මැකරුන්,මැකරූන් සහ මැකරොන් අතර වෙනස ටිකක් අවුල්. ඒ බොහෝ අය ඔය තුනෙන් අතට අහුවෙච්ච මුල් එක ඔබන නිසා.
      මැකරොන් වඩා ප්‍රසිද්ධ ලෙස Coconut Macron,වැඩියෙන් පොල් දාලා, ටිං කිරි දාලා බිත්තර සුදු මද/ සීනි පෙන ටිකක් දාලා හදන එකක්.

      අපේ වර්ශන් එකක් තියනවා තනිකරම බිත්තර පෙන වලින් හදලා උඩින් කජු ඉහලා බේක් කරපු , හැඩය පොල් මැකරොනි වලට සමානයි.
      Coconut Macron
      මැකරුන්, මැද ක්‍රීම් ඇති බිස්කට් පෙනුම ඇති ප්‍රංශ රස කැවිල්ලක්. අපේ ගමේ ඔය නානාප්‍රකාර වර්ග තිබ්බෙ නෑ. දැන් නං ඔක්කොම තියනවා , සල්ලි තමයි ඕනෙ

      Delete
    2. ඇයි මමත් එහෙමයි.මැකරෝනි නම් මමත් කන්න අකැමති මහා ජරාම කෑමක්.ඒ මෙහෙ හදන විදිය නිසා වෙන්න ඇති.

      Delete
    3. හැබෑට? මං හිතුවෙ ඔරිජිනල් ඉතාලි වර්ශන් එක හොඳ ඇති කියලයි:(

      Delete
  2. මොකද්ද අප්පා මං මේ කියෙව්වෙ?

    ReplyDelete
    Replies
    1. සැටි‍ෆිකෙට් ට්රූ. ඉඳිආප්ප වලට සරුවත් දැම්ම වගේ නේද? ඇනුවල් පොස්ට් එක කලින්ම තලා ගන්නයි බැලුවෙ.අම්මපා! මෙහෙම බහුබූත ලියනවට වඩා හොඳයි නොලිය ඉන්න එක.දැන් චුත වෙන්න කාලෙ හරි වගේ

      Delete
    2. නෑ බං. සමහරවිට මං කියෙව්වා වේගෙ වැඩි ඇති. බ්ලොග් ලිවිල්ල නවත්තන්ඩ එපා. මං මේක ආයෙ ගෙදර ගිහිං නිවීහැනේ කියවන්නං...

      Delete
  3. මැකරූන්ස් ජාති ගොඩයි.
    https://en.wikipedia.org/wiki/Macaroon
    https://www.bbc.co.uk/food/recipes/macaroons_04669
    මැකරෝනිත් එහෙමයි (මිනිස්සුයි, කෑමයි).
    https://en.wikipedia.org/wiki/Macaroni_(fashion)
    https://en.wikipedia.org/wiki/Macaroni

    මැක්‍රෝන් නම් එමෑනුවෙල් විතරයි අපි දන්නෙ !!

    ඒක නෙමෙයි මේක අහල තියනවද?
    https://www.atlasobscura.com/articles/the-macaroni-in-yankee-doodle-is-not-what-you-think

    ReplyDelete
    Replies
    1. දැනට අදහස අර බිස්කට් සැන්විච් එක වගේ ජාතිය හදන්නයි, පස්සෙ පොල් වලින් හදන එකත් හදනවා.

      හෙහ්, හෙහ් . යැන්කි ඩූඩ්ල් මැකරෝනි! පිස්සු ඩබල් වෙනවා

      Delete
  4. හතර වටේ හිම වැටෙනකොට අම්මප මිස්ට බස්නායක සෑර්ටත් හිතෙන දේවල්.

    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. සීතල අඩු වුනාම කෑම බීමට බඩු ගෙනත් අඩුක් කරගන්නවා. ඊට පස්සෙ රටේ නැති කෑම ජාති හදල බලනවා, ඇයි අර යූටියුබ් එකේ කස්ටිය උගන්නන්ගෙ එකයිය ගාණට.

      Delete
  5. ජෙන්ටල්මන් මම නම් ඔය ඔක්කොටම පොදුවෙ කියන්නෙ සීනි බට්ටො කියල

    ReplyDelete
    Replies
    1. සීනි බට්ටො.හෙහ්,හෙහ්, ඒක නියම නම

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code