Oct 11, 2020

පඹගාලේ නරියා, Chaos theory සහ "අවුල්" සහගත ඇනිමේ

පඹගාලේ නරියා

 ඔහෙලට මතකද මන්දා අර රජවෙච්ච නරියා? ඔව්,ඔව් සැටලයිට් නෝන  නිල් බාල්දියට තල්ලු කරලා රජ කෙරෙව්වෙ, ආ හරි ආන්න එයා තමා. ඕං විස්වාස කොරාන්.....ට, මට එයාව මේ ලඟකදි  හම්බවුනා නෙව?

ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට. 

මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.

බස්සා: පැටලිලා වගෙයි නේද? 

නරියා: හුහ්?  අපි එහෙමත් පැටලෙනවද? මං මේ  ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?

බස්සා: හුටා! යකඩෝ,  මේ අපේ හිටපු  කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?

නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ  පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි. 

බස්සා: අපි නං ඉතින් උපතින්ම " අවුල්" නිසාද කොහෙද, ඒක ගැන මට  තේරුමක් නෑ. හා, මොනවද ඔය කියන අවුල්?

නරියා: ඇයි වාහෙ, දැන් බලපං ඇමරිකාව - අවුල්. ආං අරහෙ ට්‍රම්පුච්චා මුකවාඩමකුත් දාගෙන කොරෝනා උල-උල යනවා. එතකොට ඉන්දියාව, ඒකත් ෆුල් අවුල්. උඹ මට කියපං එක රටක් අවුල් නැති?

බස්සා: ලංකාව

නරියා: මඟුලක් කියනවා? ඉංතේරුවෙන්ම අවුල්. කොරෝනා නිසා ටිකා..ක් අවුල්. දැන් බලාපං, මේ අලුත් රජා, තැන් තැන් වලට පැනලා කරන අවුල?

බස්සා: ඔය කියන්නෙ අර RMV එකටයි, සතොසටයි, තව මේ බැංකුවටයි පැන්න කතාවනෙ? හා, දැන් කව්ද අවුල්?

නරියා: හහ්  කව්ද අවුල් කියල ඇහැව්වා? ඇයි මමද අවුල්? උඹනෙ අවුල්.

බස්සා: හරි. හරි මම අවුල් තමා. එහෙම නෙමෙයි, කව්ද ඔය කියන කඩාපැනිල්ල නිසා අවුල් ගියේ?

 නරියා: හහ්, ඇයි දැක්කෙ නැහ්ද RMV එක ලඟ කොළඹ කාක්කො සැට් එක? එතකොට මයෙ "ජහ-පාලන" සමයෙ, දෙයියනේ කියල සම්තිං එකක් හොයාගෙන හිටපු නිලදාරි සැට් එක. සේරම අවුල් 

බස්සා:  එතකොට බැංකු හොරු නෑල්ලුවෙ හොරු ටික අවුල් වෙන නිසාද?

නරියා: ආන්න උඹට තේරුනා. ඒ විතරක් නෙමෙයි, අර "පස්ස-වැගන්" පැට්ටරිය. අලියා ඕක ඇඹිලිපිටියෙ අටවන්න හදන කොට, මං තේරුං කරල දුන්නා වෙන අවුල. අපරාදෙ කියන්න බෑ අලියටත් තේරුණා කතාව. ජර්මනිය  වැන්දෙ නැති එක විතරයි. අපි බෑම කිව්වා. හප්පේ එහෙමත් සාමකාමී කාලයක්? කෙහෙල් කොලේ ඔතාගෙන ගෙදරින් ගෙනාපු බත් එක කාලා, පත්තරයක් බලාගෙන හිටං.... අම්මපා මතක් වෙනකොට ඇඩෙනවා.

බස්සා:  ඒ වුනාට ජහ-මනයා නං කියන්නෙ ඔහේ ගොං අලියට ඇරියයි කියලයි. ආං දැන් ඇපෙත් නැතුව ගෙදර. දැන් ඔහෙට උනත් ජහ-මනයාගෙ වැඩි කැමැත්ත නොලැබුන නිසා නේද රජකම ගහල ගියේ?

නරියා:  හෑ කොයි වාහෙද එහෙම කියන්නෙ? මං  අපේ ගමේ " වරිගයාට යුතුකං ඉටුකල නරියා" කියල පෝස්ටර් එකයි ගැහැව්වෙ, එහෙ ඔක්කොම හරක් ටික මට මනාපෙ දුන්නා.

බස්සා: එහෙනං ඔබතුමා තව ටිකක් ව්‍යායාම කරන්න. මං ගිහින් එන්නං

අවුල් සහගත න්‍යාය

මම දොරකොඩ ගහේ මූකලං බස්සා- DGMබස්සා, උප්පැන්නෙ තියෙන්නෙ එහෙමයි. සුද්දො නං කියන්නෙ "අවුල්" කියල. තව සමහරු "බස්තියං" කියලත් කිව්වා. එහෙම කියපු අය දැන් නෑ. හෑ මොකද වුනේ ඇහැව්වා? වාෂ්ප වුනා, චුත වුනා. ඔව්වා ඔහොම තමා. Chaos theory ගූගල් ට්‍රාන්ස්ලේට් කලාම එන්නෙ " අවුල් සහගත න්‍යාය" කියලයි. දැක්කද? එතනත් බස්සෙක්.  අපේ ජීවිතේ, අපේ  සම්බන්ධතා විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අවුල් සහගත න්‍යායට අනුකූලයි.

සංසාරෙ හැටි එහෙම තමයි, ලමයෝ.....

මොන එකක්ද මන්දා, ජපානෙට මගේ අමුතු ලැදියාවක් තියනවා. අර කිමෝනාව ඇඳලා, ලී සෙරෙප්පු දෙක ටොක්,ටොක් ගගා යන අපූරුව බලන්න ආස හිතෙනවා. මට හිතෙන්නෙ ඒකෙත් පොඩි අවුල් ගතියක් තියෙනවා කියලයි. ඒ අවුලෙ පොඩි ගතියකුත් තියනවා. නෑ, මම කවදාවත් ජපන් ගිහිල්ලා නෑ. යන්න කිසිම බාදාවක් නැති වුනත්, යන්න අදහසකුත් නෑ. ගියොත් මගේ හිතේ තියෙන ප්‍රතිරූපය බිඳෙයිදෝ  කියලත් හිතෙනවා. ඒත්,  මේ දුරින් ඉඳලා දකින ජපානයට මම පට්ට ආසයි.

ජපන් ඇනිමෙ වල මං කැමතිම කැටගරියක්( genre)  තමා "slice of life". මතුපිටින් ලස්සනට ගලාගෙන යන  කතාව පතුලෙ, මේ කියන ජීවිතයේ "අවුල"ගැන විශ්ලේෂණයකුත් තියනවා.

"My Youth Romantic Comedy Is Wrong, As I Expected"  මගේ ලැයිස්තුවෙ, මේ අතරින් ඉහලින්ම ඉන්න කතාවක්. වෙන RomCom ඇනිමේ වල වගේ නෙමෙයි, මේකෙ ඉන්න හාදයා "ඇවරේජ්-ජෝ" ජාතිය. අර කළුකුමාගෙ වගේ කොච්චරවත් එලියට පනින කොන්ඩ කෑල්ල, ඒකත් මරු. මේක බලල හොඳ නං කියන්න ඈ?  තව තියෙනවා.

මෙහෙමනෙ වැඩේ. දැං බලා..න්ට කරවිල. රසද? මං අහන්නෙ පොඩිකාලෙදි, වාහෙ? නෑනෙ, ඉස්සර කරවිල කිව්වොත් අපි දුවනවා. පස්සෙ දිව පුරුදු කර ගත්තාම, නියමයිනෙ?   හොඳින් නිරීක්ෂණය කලොත් රසවිඳින්න බොහෝ දේ මෙහි ඇත.(If fail to enjoy- it's your loss.)


පසු සටහන: " තොගෙ හරිම කැත පුරුද්දක් තමා, පබිලිස් කරපු පෝස්ට් එක ආයෙ එඩිට් කරන එක. එතකොට වෙන්නෙ කලින් කියෝපු පාඨකයො අනාත වෙන එක" . මේ මට ලැබුණු උපදෙසක්. සමාවෙන්න සෑර්, ආරේ බසු ගුණ නෑරේ...

මට තේරෙන විදිහට "කියෝතෝවෙ රාත්‍රී දසුනක්" වීඩියෝවෙ එක කොටසක පෙන්නන්නෙ සුප්‍රසිද්ධ " රෙඩ් ලයිට්" වීදියක්. දැන් එතකොට, එහේ කුප්‍රකට " ලෝකයේ පැරණිම වෲතිය" කරන අයටත් මනා සංයමයකින් සලකන ජපන් සමාජ සම්මතය , මෙහේ කොරෝනා හැදිච්ච රෝගීන්ට අපරාධකාරයන්ට මෙන් සලකන අපේ සමාජ සම්මතය. 

"ඕනර් ව අල්ලා අතහැරියා, STF එක මගේ පස්සෙන් පන්නවා". මේ කතාව 100% ඇත්ත නොවෙන්න පුළුවන්, ඒත් අපි  කෙලින්ම පේන්න තියෙන සාධක ටික ගමුකො. 41 හැවිරිදි, සිව් දරු මවක්, මිණිපිරිය අවු: 14 යි, ඉන්නෙ මෝදර, වත්තේ.  කුඩු ජාවාරම මැඩලීමේදී අනුගමනය කරන,  ප්‍රශ්ණාත්මක ක්‍රමවේදය( could be effective, but still questionable). 

මෙතන කොතනක හරි අවුලක් තියෙනවා කියල හිතෙන්නෙ නැහ්ද?

 

22 comments:

  1. Watch whatever you want, but don't ever watch Japanese horror movies. I kid you not. Seriously, that shit is no fun. If you do, they will haunt you, forever.

    ReplyDelete
  2. මම ජපනිස් හොරර් වලට කැමතියි අර දුපතක ළමයි මරා ගන්න එක . දුවල දෙන්නයි මමයි ඇනිමේ වලට ගොඩක් කැමැතියි , නපුටෝ , කිකිගේ ඩිලිවරි සර්විස් ඔයවගේ චිතපටි 20 විතර තියනවා . උඩ දේශපලන කතාව නම් ඉතින් අවුල් තමයි

    ReplyDelete
    Replies
    1. ජැපනීස් හොරර් වල තියෙන අවුල හොඳ වැඩි කමයි. පාළු,මූසප්පේන්තු පරිසරය, ඒකටම හරියන ඇඟ කිලිපොලන සංගීතය, දුර්වල බකුසු හිත්වලට ඔරොත්තු දෙන්නෙ නෑ. අනික රෑ ජාමෙ ඇඳෙන් බිමට වැටෙන්න මම කොහොමත් කැමති නෑ.

      අජිත් කැමති ඇනිමේ ජාති අනුව I want to eat your pancreas වලට කැමති වේවි. බලල නැත්නම් බලන්න. ලස්සන කතාව.

      උඩ දේශපලන කතාව නම් ඉතින් අවුල් කිව්වෙ, මම ලියල තියෙන විදිහ හරි නෑ කියන එකද? :(

      Delete
    2. ඒක බැලුවා මම හිතන්නේ. ඔය වගේ කතා දෙක තුනක්ම බැලුව. ඔයා ලියල් තියෙන විධිහ නෙමේ. ඒක හරියට කියවුනේ නැහැ. "දේශපාලන කතාව " අවුල් තමයි කියන එකයි කිව්වේ.

      Delete
  3. Replies
    1. හිතවත් බුරම්පි වෙත ලියමි

      මට නං හිටපු ගමන් ටිකා..ක් අවුල්ය. නුඹටත් එසේම වේව!. ඉඳලා හිටලා හරි ඇවිත් කොමෙන්ටුවක් කොටලා ගියාම, බාප්පා දැක්කා වගේ සංතෝසයිය. එහෙම කීවාට බාප්පා දැක්කාම සංතෝස වුනාද, ඇඩුනාද කියා මතක නැත. මේ සාවිය නං ආයෙත්, කොරෝනා දෙවන රැල්ලට අවුල් වේගන එනවාය. දැන් සිංහල බ්ලොග් ලෝකයත් අවුල්ය. දැන් පරණ ලියන අප්පුලා වැඩි හරියක් බුකියට රිංගුවාය. මම ගියොත් උන් මගේ පිහාටු ගලවා, රෝස් කිරීමට ඉඩ ඇත. මේ ලඟකදී උඹට කිඹුහුං යන්න ඇතැයි සිතමි. ඒ අර බෙල්ල හපන ආදිපාද, ඩ්‍රැකියා උඹව කෑදරයෙන් මතක් කල නිසාය.මේ ලඟකදී හැලප කඩෙත් මකුලුදැල් කැඩුවාය. උඹ ඔහේ හොඳින් ඇති යැයි සිතමි.
      සැපවේවා!

      Delete
    2. පරණ කාලෙ ගැන නොස්ටැල්ජියා තියන ඒත් ඒක අතීතයේම තියාගෙන මට බෑ, මං එන්නෙ නෑ කියල වදාරන උත්තමයන් දෙපලක්

      Delete
    3. මේකට කල්පනා කරල හෙට උදේ උත්තර දෙඤ්ඤං. මම ජර්මනිය එක්ක යුද්ධ කරමින් හිටියෙ. මං හිටියෙ ඉංගිරිසි රහස් පුරුෂ සේවයේ.ආයෙ යනවා ඉතුරු කොටස බලන්න පුළුවනිද බලන්න

      Delete
    4. "I never saw a wild thing sorry for itself. A small bird will drop frozen dead from a bough without ever having felt sorry for itself."

      -D.H.Lawrence-

      Delete
  4. For us, you will always be His excellent highness Lord Bastian the Intangible- Master of the incomprehensible technicalities.
    Never forgotten, hardly ever understood but always fondly regarded.
    - A humble creature from GoTland

    ReplyDelete
    Replies
    1. I laugh my ass-off. I must say, one of your finest, Your Lordship. Hardly ever understood, eh? Don't you dare try:). I'm a sucker for satire and creative writing. However, I find it is increasingly difficult to do so in my old ways. Quite the contrary to my own advice in the past, I don't care anymore, as long as the message get across.

      Delete
    2. “Insanity is doing the same thing, over and over again, but expecting different results.”
      ― Narcotics Anonymous

      Delete
    3. "Insane is such a mean word. I prefer 'Mentally Creative'"

      -Kermit the frog-

      Delete
    4. Noone is preventing u from creative writing, other than urself.

      I suffer free the same ailment myself.

      Delete
  5. මේ මම අහපු දෙයක්. - ඔය පොත් වලින්, එහෙන් මෙහෙං උදෘත පාඨ අරන් දාන එව්‍ය්න් සත පහකට විශ්වාස කරන්න එපා කියල. ඒ කියන්නේ ප්රෝවර්බ් වලින් කතා කරන එවුන්. - මොකද්ඩ් හේතුව එහම් අදහසක් හැදෙන්න - හේ

    ReplyDelete
    Replies
    1. “[A] quotation is a handy thing to have about, saving one the trouble of thinking for oneself, always a laborious business."

      ― A.A. Milne

      “Be careful--with quotations, you can damn anything.”
      ― Andre Malraux

      Delete
    2. If you can't convince them, confuse them. -Harry S Truman

      Delete
    3. In case I don't see ya, good afternoon, good evening and goodnight - Truman Burbank

      By the way, Welcome to the party, mate :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code