Oct 28, 2020

බස්සා, ටොරන්ට් සහ Seedr

මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම  නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?

හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.මම "එක මකුනයි ලමයෝ...." ආදර්ශ පාඨය අගේ කරන බස්සෙක්. ඒක අනුව මේ කප්පාදුව, මූලික බකුසු අයිතිය උල්ලංගනය කිරීමක්. එහෙමයි කියලා , මං වගේ අසරණ පක්සියෙකුට පුළුවනෑ , ජිනීවා යන්න?

ඒත් එහෙමයි කියල නිකං ඉඳලා බෑ නෙව? මං තීරණය කලා මේ අසාධාරණයට විරුද්ධ  වෙන්න. මෙන්න මෙහෙම Cloud Service එකක් පාවිච්චි කරලා.

ලංකාවෙ ගොබිලොන්ට ටොරන්ට් ගැන කියන්න යෑම, මාළුන්ට පීනන්න උගන්නන්න යනවා වගේ වැඩක් බව දන්නවා. ඒත් ලංකාවෙ  ටොරන්ට් වලට තහනමක් නැතුව ඇතැයි උපකල්පනය කලොත්,  මම පාවිච්චි කරන Cloud Service  ගැනත්, එව්වයෙ ඇති වාසි ගැනත් නොදැන ඉන්න ඉඩ තියනවා.

මෙන්න හොයා ගත්ත කරුණු:

1. මං දන්න හොඳම Free Cloud Service එක තමා Seedr

2. හොඳයි කිව්වෙ මේ නිසා: No nonsense policy, 2GB free space.

3. බොහෝ විට files වරු ගාණක් නැතුව, ඉතාමත් ඉක්මනින් බාගත කරගැනීමට ඇති හැකියාව. 

4.GB  2 ක් මුලදි ඇති කියලා හිතුනත්, මේ ප්‍රමාණය නොමිලේ වැඩි කරගන්න ක්‍රම තියනවා. ඒ එක ක්‍රමයක් තමා Seedr ගැන මේ වගේ Blog Post එකක් ලියන එක. අනිත් ක්‍රම තමා, පහල තියෙන Link එක පාවිච්චි කරලා register වෙන එක. එතකොට register වෙන ඔහෙලට 2.5 GB ත් , මට තව 0.5 GB නොමිලේ ලැබෙනවා.

මෙන්න Link එක:

https://www.seedr.cc/?r=3523406

ඉතිං ඊට පස්සෙ, ඔහෙලත් Seedr ගැන Blog Post එකක් හරි Tweeter Post එකක් හරි ලියනවා. එතකොට " පුතේ, උඹේ කටෙත් පස්. මයේ කටත් පස්"

Seedr බයිට් ගෙවන පොරොන්දුව මත පලකල වෙළඳ දැන්වීමකි -

24 comments:

  1. අම්මෝ ඒක.. බස්සි මොනවද අප්පේ එක පාරකට 2gb වඩා බාන්නෙ?
    මොනව උනත් T2D කරනවට වඩා ලේසි සහ ඉක්මන් VPN එකක් use කරන එක!

    ReplyDelete
    Replies
    1. මම කීප වංගියක් ඔය VPN වැඩේ ට්‍රයි කලා. ම්හු... සාර්ථක වුනේම නෑ,

      Delete
  2. Replies
    1. ඔව්, ඔව් මට තේරෙනවා. ඒත් හත්වලාමේ අපිත් ඉඳලා හිටලා හරි කන්න දෙයක්(බයිට්) හොයා ගන්න එපෑ :)

      Delete
    2. බස්සෙකුට හ්ම්ම්ම් කීම...

      Delete
    3. ඔහෙට කියන්න සෙන්නා, මටත් කීප වංගියක් නෝටිස් වුනා Pra Jay ගෙ හ්ම්ම්ම් ගෑවිල්ල. මට නිකමට හිතුනා Pra Jay කියන්නෙත් බස්සෙක් වෙන්න බැරිද කියලත්, කියන්න බෑ නෙව? පස්සෙ ඔන්න උන්දෑ ඒ වංගියෙ වැටවල් ගහන්න ගත්තාම තමා ඇත්ත තේරුනෙ. ඔය හ්ම්ම්ම් ගෑවිල්ලෙන් "ඕන පු** ප්‍රීති වෙසක්" වගෙ දිග කතන්දරයක් කියනවා. කොටින්ම ඒක බ්ලොග් සුරැකුම් සමාජ සේවයක්

      Delete
    4. බ්ලොග් සුරැකුම් විතරක් නෙමෙයි, මගේ ප්‍රබුද්ධ, ජීනියස් බවත් සුරැකෙනවා. වෙන මොනවත් කිව්වොත් අමු හරකෙක් කියලා තේරෙනවනෙ. හ්ම්ම් ගෑවම කියවපු ඔක්කොම තේරිලා ඊටත් ඔබ්බට විස්ලේසනය කරනවා වගේ පෙනෙයි කියලා තමයි හිතං ඉන්නෙ.

      Delete
    5. කවුරු හරි ඔබතුමාට බස්සෙක්, පිටසක්වල ජීවියෙක් නැහ්නං පිකට් ෆෙන්සින් කොම්පැණියක අයිතිකාරයෙක් කිව්ව නං මං නෑ කියන්නෙ නෑ. ඒත් කිසිම හරකෙක් කැමති වෙන එකක් නෑ ඒ නෑදෑ කමට නං :)

      Delete
    6. මෙන්න මං ගානෙ ඇක්සන්ට් පුරුදු වෙන්න වීඩියෝ දෙකක්. එකක් ඔරිජිනල් දකුනේ කව්බෝයි. අනික රෂියන් ඉංග්‍රීසි- යස්!

      America's Heartland
      Heeeeee..ar
      රුසියන් හාදයා, අපේ යුගයේ දිසාපාමොක් ඇදුරුතුමෙක්. උගන්නනව ඉගැන්නිල්ලක්, තව ටික දවසකින් උන්දැගෙ බලළත් යූ-ටියුබ් චැනල් එකක් පටංගන්නවා.

      Delete
    7. හ්ම්ම්ම්ම්ම්......

      Delete
    8. ටෙක්සන් ඩ්‍රෝව්ල් එකක් හෝ කෙන්ටකි හිලී බිලි නම් කමක් නෑ. ඒත් ඊට වඩා ඉක්මන් ඒවා තියනවනෙ. අනික මූවි එකේ වෙන සද්ද තියනවනෙ. ඉතින් subtle ඒවා මිස් වෙනව

      Delete
    9. මේක ටෙක්සන්ද මන්දා? හොඳම comments තිබුනෙ මේකෙම වෙන වර්ශන් එකක,ඒත් මට වඩා ලස්සන මේක.කතාවට වඩා මට අමාරු වුනේ සිංදු. එක comments එකක " මට නං ඇහුනෙම "කත්මණ්ඩු" කියල" ලියල තිබුනම, මට තේරුනා, මයේ ජාතියෙ බස්සොත් මෙහේ ඉන්නව කියල :)

      Cotton Eyed Joe
      Sold

      Delete
    10. අප් අබව් තියෙන්නෙ ලෝලන්ඩ් ස්කොට් හෝ ලිවර්පඩ්ලියන් හෝ කොක්නි නොවන එකට ලෝඩ් බැස්ටියන් කුරුතග්න වෙන්න ඕනෙ

      Delete
    11. රොමාගෙ වාසනාවෙ කබ්රාල් මාමා කියැන්නැහෙ " කුරුතග්ඤ" වෙන්ටම ඕනෑ. බුදු සන්තෝ කොක්නි නං එපෝ!

      Delete
  3. කාලෙකට කලින්නනං මාත් ඔය ටොරන්ට් වලින් පිලුම් බාන වැඩේ කළා. දැන්නං කාලෙකිං ඕව පාවිච්චි කළේ නෑ.

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් කිව්වාම මං දන්නෙ ෆිල්ම්, සීරීස් ඩවුන්ලෝඩ් විතරයි. ඒක කරන්න කම්මැලි නිසා රු 60 ට ෆිල්ම් DVD එකයි, රු 200ට සීරීස් සීසන් DVDඑකයි දෙන තැනක් තියනවා.
      අනිත් එක මං ඉන්ග්‍රීසි මූවීස් බලන්නෙ ඉන්ග්‍රීසි සබ්ට-ටයිට්ල් එක්කමයි. එතකොට ඇක්සන්ට් නිසාවත්, සද්දෙ අඩු නිසාවත් ඩිස්ටර්බන්ස් නිසාවත් ඩයලොග් වලින් මොනවත්ම මිස් වෙන්නෙ නැති නිසා. ඉතින් එහෙම ඩීවීඩී ගන්න එක ලේසියි

      Delete
    2. @ Praසන්ன

      අර මලියත් උඩින් කියල තියෙන්නෙ ඒ වගේ එකක් තමා. අපිට කොයින්දෑ පූසො මාළු, අපි යනවැයි මූදු.

      @ Pra Jay

      DVD? ම්හු...BR කොලිටි නැතුව නං අමාරුයි දැන්. ඔය ඇක්සන්ට් පුරස්නෙ මුලදි මටත් තිබ්බා. පස්සෙ ඉංග්‍රිසි හීන බලන්න ගත්තාම, ඒක ඉබේම නැති වුනා. සබ්-ටයිටල් වල අවුල තමා ඒක කියවන්න ගියාම, කතාවෙ සියුම් විස්තර මිස්වෙන එක. ජපන් ඇනිමෙ වල ඇර මං සාමාන්‍යයෙන් සබ්-ටයිටල් දාන්නෙ නෑ. ජපන්නුගෙ කලවම් ඉංගිරිසි කියන්නෙ මම කැමතිම, වෙනම ආතල් එකක් :)

      Delete
  4. Replies
    1. තියෙන අවුල්සහගත තත්ත්වය අනුව මෙහෙම හරි දැක්ක එකම මඳෑ?

      Delete
  5. මම මේ ළඟදි පරණ ටොරන්ට් කෙරුවාව මතක් වෙලා ආයෙ උන්දැව install කරගන්න හැදුවා.. මොන.. වටේම යවනවා..
    Jonny English බලන්න ලොකු ආසාවක් තියනවා පුළුවන්නම් සීරිස් එකම බාගන්න තැනක් කියහල්ලකො..

    ReplyDelete
    Replies
    1. දෙහි-ටොරන්ට් සයිට් එකේ නං තියනවා, සීඩ්ස් නං අඩුයි. තව TorHDවල ට්‍රයි කරන්න.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code