අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.
එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.
තව ඉතිං ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලාහඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...
හඳ මාමා උඩින් යතේ ඒඒ...... අපෙ මාමා බිමින් යතේ.... ඒඒ.....
අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..
බිමින් කොහොම වෙතත්, සමහරු කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා, ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා
1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන
2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා
3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය
ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා.
නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා. වරක් නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා", චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....
හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව?
සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.
මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා.
චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද?
උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති
ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?
මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා. මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.
දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල් එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.
මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.
ඉන්ගලන්තෙ ප්‍රජාතන්ත්‍රවාදය සැක්සන් witan එකේ ඉදලා magna carta පහුකරලා සර්වජන චන්ද බලය දක්වා අවු 1000ක් විතර කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් තමයි ඔහොම තියෙන්නෙ. ඔහොම වෙන්න ඉස්සර සෑහෙන්න අඩුපාඩු, දූෂණ තිබිලා ඒවා හදාගෙන තමයි ඔය චෙක්ස් බැලන්සස් සහිත සංකීර්ණ ක්‍රමයක් සහිත දේශපාලන සංස්කෘතියක් ආවෙ.
ReplyDeleteFeudal වැඩවසම් ක්‍රමයක් සහ පූර්ණ රාජාණ්ඩුවක් සහිත සංස්කෘතියක් තිබුන ලංකාවට ඉතා කෙටිකාලකදී ඔය සොෆිස්ටිකේටඩ් ප්‍රජාතන්ත්‍රවාදය දීලා නිදහසත් දුන්නාම ඒක හරියට කරන හැටි ගැන දේශපාලකයන්ට ඕනෙකමක් සහ ජනතාව දැනුමක්, හැකියාවක් තිබුනේ නෑනෙ.
හ්ම්....සාධාරණ තර්කයක්. ඒත් ප්‍රස්නෙ, තව කල් ගියාම ඒ ඕනෙකමයි, දැණුමයි එයිද කියන එකයි.
Deleteඔය වගේම තව තර්කයක් තියනවා. රටක් දියුණු කරන්න, සොඳුරු ආඥාදායකයෙක් ඕනෙයි කියන එක. එතනත්, පුරස්නයක් තියනවා, ඔය ආඥාදායකය සොඳුරු වෙයිද, රුදුරු වෙයිද කියන එක.
අපි කකුල් වනනවා, හිටපු ගමන් පොඩ්ඩක් චූන් වෙලා හුරේ දානවා, ඊගාවට අල්ලපියව්, මර්‍රාපියව් ඔය අපේ හතුරා කියලා කෑගහනව, ආයි වනනවා.... මුලු ජීවිත කාලෙම එකම දෙය, එකම විදිහට කරමින්, වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා.... ල..බ..න.. සැරේ අපි දෙමුකො බැටේ.
ReplyDeleteසිරිමාවෝගෙ කුප්‍රකට තුන් හවුල් ආණ්ඩුව, අපේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් කියලයි මට හිතෙන්නෙ.
Deleteමොනව වුනත්, එයාල සම්ප්‍රදායික කෘෂිකාර්මික ආරථිකයෙන් මිදෙන්න හොඳ උත්සාහයක් කලා. සමාජවාදී රටවල ආධාරයෙන් රටපුරා කම්හල් කීපයක්ම ආරම්භ කලා. එව්වා අකාර්‍යක්ශම සහ අසාර්ථක වුනා, ලෙසටම.
වැල යන දිහාට මැස්ස ගහල බලන් ඉන්න, අපේ මේ ක්‍රමය ගැන මට විස්වාසයක් නැත්තෙ ඒකයි
මේ මාතෘකාව ගැන දිගට ලියන්න වෙනව. මගෙ දිග කමෙන්ට් එක අද රෑ බලාපොරොත්තු වන්න...
ReplyDeleteවැරැද්ද අනිත් අය මත පටවන එක ලේසි සහ ආතල් වැඩක්. ඒත් අපි හැමෝම මේ ප්‍රශ්ණයෙ කොටස් කාරයො වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම, බල පිරමීඩයේ පහල ස්ථරවල ඉන්න අපිට, ඕනකම තිබ්බත් දැනෙනෙ තරම් වෙනසක් කරන්න බැරි වෙන්නත් පුළුවන්. මට මේ ප්‍රශ්ණය පෙනෙන කෝණයෙ වැරදි තියෙන්නෙත් පුළුවන්. ඒකයි අනිත් අයගෙ අදහස් වටින්නෙ.
Deleteමට කියන්න ඔ්නෙ වුනේ මේකයි. බොහොම සොරි පරක්කු වුනාට...
Deleteකාටද මේ රට අයිති? මේ රට අයිති මහජනතාවට මිසක් වෙන කාටවත් නෙවෙයි. එතකොට මේ රට පාලනය කළ යුත්තේ මහජනතාව ම යි. ඒක අපි හැමෝටම එක තැනකට රැස්වෙලා සාකච්ඡා කරලා කරන්න බැරි නිසා අපේ නියෝජිතයො 225 ක් මගින් කරවගන්නව. එතකොට උන් ටික අපේ උවමනාවල් නියෝජනය කරන්න එපැයි...
එතකොට අපේ මහජනතාව සතු විධායක බයල අර නියෝජිතයො 225න් පත්කරගන්න ඇමති මණ්ඩලයයි, අපේ සෘපු ඡන්දෙන් පත් වෙන ජනාධිපතියි ඉටු කරනව. එතකොට උන්නැහැලා ට වගකීමක් තියෙනව අපිට ඔ්නෙ දේ හරියටම ඉටු කරන්න.
ඒ උදවිය ඒක හරියටම කිරනවද බලන්න අධිකරණයක් තියෙනව. ඒ වගේම මහජනතාව අතරෙ බිඳවැටීම් වළක්වන්නත් ඉන්නෙ ඒ උදවිය ම තමයි.
ඉතිං ඔය දේ මහජනතාව අවබෝධ කර නොගන්නා තාක්, ඒ වගේ ම අපිට අපිවම හදාගන්න බෑ, ඒකට ඒකාධිපතියෙක්ම ඇවිත් අපිව හදන්ඩ ඔ්නෙ කියලා විශ්වාස කරන හරක් රැළක් ඉන්න තාක්, ඔව්ව හීන ම තමයි.
අපි අපෙන් එකතු කරන සල්ලිවලින් හොර තක්කඩි රැළක් පෝෂණය කරමින්, උන්ට වැඳ නමස්කාර කරමින් ඉන්න එක තමයි යතාර්ථය. ඒත් කූඹි රැළ තේරුම් ගත්ත දාක, තමන්නෙ සාමූහික ශක්තිය ගැන - උන්ව පාලනය කරමින් මර්ධනය කරමින් කූඹි රැස්කරන ධාන්‍ය කකා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු තණකොළ පෙත්තො ටික ඉවරයි.
හොඳ තර්කයක්. ඒත් එක කොස්සක් තියෙනවා. දැන් අපි ලංකාවම ගමුකො. මහජන පරමාධිපත්‍ය, ඔය හොර නඩේ සෙල්ලම හුදී ජනයා තේරුම් ගත්තත්, තියෙන විකල්ප මොනවාද? ඔන්න උන්ට චන්දෙ දෙනවා, අවුල් වුනාම මුංට දෙනවා. දෙපැත්තෙම ඉන්නෙ එකම ජාතියෙ එවුන්. අන්තිමට හුදී ජනයා " ඕන පු**, ප්‍රීති වෙසක්" කියලා මේ දූෂිත සිස්ටම් එකට අනුගත වෙනවා. හුදී ජනයාට තියා, පාලනයේ ඉන්න, පහල පෙලේ අවංක මහජන නියෝජිතයෙකුටවත්, මේ ක්‍රම වෙනස් කරන්න බෑ.
Deleteමිනිස්සු සොඳුරු ආඥාදායකය විකල්පය ගැන හිතන්නෙ ඒකයි, කියලයි මගේ හැඟීම.
ආනයන සීමාකිරීම් ගැන ඒරොප්පෙ උන්දලා දාපු සත්තම දැක්කම මට හිතුනෙ දැන්නම් ඔළුව උස්සන එක ලේසි නෑ කියලා. අපි මේ විශම චක්කරෙන් පිට පනින්න හදන් එකට උන්දලා කැමති නෑ... උන්දැලට ඕනා දිගටම යටත් කොරගෙන ඉන්න..ටිකක් විතර රුදුරු උනත් සොඳුරු මොකෙක්ද එකෙක් ඉන්න ඔනා කියලා හිතෙනවා ඒ වෙලාවට..
ReplyDeleteකොරේ පිට මරේ කිව්වැහෙ, මේ කඩාවැටිච්ච කොරෝනා නිසා වුනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. රැව්ලයි. කැඳයි දෙකම බේරගෙන,ගොඩ එන එක ලේසි වෙන එකක් නෑ.
Deleteඑකම දේ, අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකෙටම මේ අවුල තියෙන එකයි. සමහර වෙලාවට ඔය "අවුල්", අලුත් දොරවල් ඇරලත් දෙනවා. තියෙන සම්පත්, හරිහැටි කළමණාකරනය කරන එක තමා ප්‍රධානම දේ. පටන් ගැනීමක් විදිහට, දශක ගාණක් තමිල්නාඩුව හොරාකාපු අපේ මූදු මාලු ටිකවත් කළමනාකරණය කරගන්න පුළුවන් නම් හොඳයි.
මට මතක විදිහට, රොනල්ඩ් රීගන් වරක් කිව්වා. ලෝකෙට පිටසක්වල ආක්‍රමණයක් වගේ පොදු සතුරෙක් ඕනයි කියලා, බෙදිලා ඉන්න මිනිස්සුන්ට එකට එකතුවෙලා පොදු අරමුණකට වැඩකරන්න. කොරෝනා පොදු සතුරා ආවා, මිනිස්සු එකතු වුනාද, නෑ නෙව?
ReplyDeleteඒත් හැම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් තියනව කිව්වැහෙ, කොරෝනා අපේ ඇස් පාදලා සමහර තිත්ත ඇත්ත කියලා දුන්නා.
ඇමරිකාවේ ඔය කියන තරම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවත්, බොහෝ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා බටහිර රටවල් පාලනය වන්නෙ ඔලිගාකී (oligarchy-කතිපයාධිකාරය) ධනපතියන් අතලොස්සක් විසින් බවත්, හුදී ජනයා උන්නත්-මලත් උනට ගාණක් නැති බවත් වගේ දේවල්. තව ඉතිං චීන්නුන්ගෙ රෙදි ගැලවීම වගේ දේත් කලා. හඳේ පතල් හාරන්න, අඟහරුගෙ ජනාවාස පිහිටවන්න ඉස්සෙල්ලා, තව අපට බොහෝ දේ ඉගෙන ගන්න තියනවා කියන එකත් මතක් කරල දුන්නා.
රටක් දුප්පත් වෙන්නේ සහ අසාර්ථක වෙන්නේ දරා ගත නොහැකි ලෙස වියදම් කිරීමෙන්. උදාහරණයකට එක්තරා ආදායම් මට්ටමකට අඩු අයට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ හැම එකක්ම නිකන් දීම. සමාජ තර වල ඉහල මට්ටමේ ඉන්න අයගේ ළමයින්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දීමට සැලැස්වුවානම් එම මුදලින් මුලු අධ්‍යාපනයම නඩත්තු කරන්න තිබුනා. අනික රජයේ රැකියා පිරවීම. ප්‍රමාණයෙන් සහ සුදුසු නැති අයගෙන්. ආදායම් අඩු අයට පමණක් රජයෙ සේවා නිකන් දීම කලයුතු වුනත් සැමටම නිකන් දීම ඕනම රටක් බංකොලොත් කරනවා.
ReplyDeleteඑකඟයි, එකකට ඇර. නිදහස් සෞඛ්‍ය ක්‍රමය මම අගේ කරනවා.ඒත් අපේ රටේ අකාර්‍යශම ක්‍රමය, සහ දොස්තර මාෆියාවට ගැන ප්‍රශ්ණ තියෙනවා.
Deleteඋසස් අධ්‍යාපනය නිකං දෙන්න අවශ්‍ය නැහැ. කල යුත්තේ, ආණඩුවෙන් ශිෂ්‍ය ණය දීලා, මෙරිට් ක්‍රමය වෙනස් කරලා, කැමති හැමෝටම අවස්ථාවක් සලසා දීමයි.
This comment has been removed by the author.
ReplyDeleteඇයි මැකුවෙ. හිතට එන දේ කියන්න. මම කියනදේ වැරදි වෙන්න පුළුවන්. අවුලක් නෑ, මෙතන යන්නෙ සුහද සාකච්චාවක්. අනිකාගෙ මතයට එකඟ නූනත්, එයට ගරු කිරීමත්, එකිනෙකාට අපහාස කර නොගෙන, තම මතය ඉදිරිපත් කිරීමත් මම අගේ කරන ගුණාන්ගයක්.
Delete