Feb 21, 2021

මතක මංතීරුව දිගේ....පහළට නොහොත් ගෑස්පා හංදියෙන් ඉහලට



මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා

එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස  වහිනවා

දවල් බුදියන බස්සො, රෑට නිදි    මරනවා

එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා


අපේ ගම් අඩවියේ හාදයෙක් හමුවුනා

ගල්කන්දෙ පාන් ගැන කවි රසක් මතුවුනා

වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා

ආඳාගේ ක්‍රමවේදෙ  පිහිට මට තියෙන්නා


මරදානෙ හංදියත් තාම ඔහෙ තියෙනවද

පරණ පොත් කඩ වලට වුන දෙයක් දන්නවද

පෙට්ටිකඩ වල තවත් බුරියානි ඉදෙනවද

චිකන් කරියේ තාම ඉඟුරු පෙති හැපෙනවද


ඔටුව, පිටෝටුව මට හීනෙනුත් පෙනෙනවා

සීනි සම්බල් පාන් රස දිවට දැනෙනවා

දුරින් ඉඳගෙන හිතින් එහි රසය විඳිනවා

හිතේ ඇති පිටෝටුව, නැති බවත් දන්නවා


 

මේ අපි ගැන කියවෙන සිංදුවක්. අර කියන්නෙ "සියොතුන්" කියලා.  හරි, හරි කාක්කො, කොක්කු , පාත්තයො එහෙමත් ඒ කුලේම තමා. ඒත් බස්සත් සියොතෙක් තමා.





60 comments:

  1. ඇවිල්ලම බලන්න
    ඉවරවුනාම කොරන්ටීන
    ඉස්සෙල්ල කියන්න
    ආවම එක්ක යන්න

    ReplyDelete
    Replies
    1. මම මේ Pra Jayගෙ කවියක් දැක්කමයි :)
      Not bad, Mi'Lord, not bad at all.

      Delete
    2. මේවට කියන්නෙ කවිද?
      ඔය ඉන්විටේශන් එකක් !
      Anyway, I thank your Hootness.

      Delete
    3. Pardon my hootness, your lordship. Belated thanks for the invitation

      Delete
    4. ඔය "සිහසුනට තරඟවැද" කාලෙ Pra Jay උන්නාන්සෙ මාව බෞතීස්ම කොලා ලෝඩ් බස්තියං කියල නයිට් පදවියකට. යකඩ සූට් එක ඇන්දුවාට කඩුවක් දුන්නෙ නෑ, ගෙල්මට් එක අස්සෙන් හොට එලියට දාගන්න කිව්වා ආවුදේ විදිහට :)

      Delete
    5. හිතට එන එව්ව මෙතන කියන්ඩ බැරිය. මාත් වොයිවෝඩ් කාලෙ සිහිපත් උනෙමිය. ඒක මතක් වුණු පාර හැටක් විතර උල තියන්ඩ ත් ආසාවක් ඇති උනෙමි ය. වැඩේ තියෙන්නෙ උල තියන උදවියට මාස්ක් එකකුත් දාලම උල තිිිිිියන්ඩ වෙන එකය. නැත්තං අර පහුගිය කාලෙ උනා වගේ මළාට පස්සෙ පොසිටිව් වෙනවාය.

      ලෝඩ් බස්තියං එක්ක උරෙනුර ගැටී අස්ස රයිඩ් එකක් තියන්ඩ ආසාවක් ඇති වුනෙමි ය. පැත්තකිං දිප්පිටි සාමිවරයත් උන්නනං වැඩේ තවත් මාවලස් ය.

      Delete
    6. https://www.pinterest.com/amp/pin/462322717976193578/#aoh=16140584246895&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=From%20%251%24s

      Delete
    7. ඒ තියෙන්නෙ මුකබාණ සාමි රාජකීය විවාහ මඟුලට ඇඳපු සම්මානිත සන්නාහය එක්ක ගත්ත පොටෝ එක නෙව...

      Delete
    8. සිහසුනට තරඟවැද...!? තරඟ වැද නෙවෙයි උළමො.. සොරි සොරි බස්සො, තරග වැද.. තරග තරග..

      තරඟ කියන්නෙ තරංග, ඒ් කියන්නෙ waves නෙව..

      Delete
    9. හුටා! මම ලියන්න ගියේ තරඟවැඳ කියලයි :) ඔය උලමට අපේ ඈත නෑඳෑකමකුත් තියනවා.

      දැන් හැලප කඩෙත් මැස්සො ඇහිරෙනවා, උඹවත් මෙහෙම හරි එන එකෙන් අපේ වැරදිවත් හරි ගැස්සෙනවා.

      Delete
    10. බස්සා පින්නට අහුවෙලාද කොහෙද, "ද" යනු "ග" යනු ඔක්කොම සඤ්ඤක වෙලා ටයිප් වෙන්නෙ.

      Delete
    11. මොන ඇන්නෑවක්ද මන්දා, ලියල බලද්දි ඔක්කොම සඤ්ඤක වෙලා. හරි ලියනව මීට පස්සෙ ඔක්කොම සඤ්ඤක ලොප්[ කරලා

      Delete
    12. මචං සිත්තරපටිය මෙහෙමෙ කියනවා " එංගලන්තෙ හොඳයි, හෑන්ඩ් බෝල් නැත්නම් ඕනෙ මඟුලක්". මටත් දැන් හිතෙන්නෙ "ඉංග්‍රීසි හොඳා, සඤ්ඤක නැත්නම් ඕනෙ මඟුලක්" කියලයි. නැත්නම් අර "අන්සතු දිනපොත" ලියල අමිල වගේ, සිංහල ඝාතනය කරන්න ඕනෙ වගේ වගක් නැතුවම

      Delete
    13. මට සිංහල ටයිපිං බැරුව හිටි කාලේ ඔය ප්‍රභූවරුන්ගෙ වැඩවසම් කතා මතක් වුනා.
      ඒ කාලෙම මං කිව්වනෙ ඉංග්‍රීසි හොඳා ටයිප් කරන්න කියලා

      Delete
    14. // සිංහල ඝාතනය කරන්න ඕනෙ වගේ වගක් නැතුවම //

      සිංහල ඝාතනය කිරීම පිළිබඳ මගේ කිසිදු විරෝධයක් නැත. ප්‍රශ්නය ඇත්තේ ඔය සිංහල ඝාතනය කරන්නට තැත් දරන්නෝ ඉංගිරිසියෙන් ලියන විට අඩුම ගානෙ MS-Word වලට ගිහිල්ලා හරි, නිවැරැදි ව්‍යාකරණෙන් ඉංගිරිසි ලියන්නට වෙර දරන එකය. ඇයි ප්‍රතිපත්ති දෙකක්? සිංහල අපේ මවු බාසාව නිසා ඒ්කට ඕන කෙහෙල්මලක්, තිරික්කමක්, කෙනෙහිලිකමක් කරාට කමක් නැද්ද?

      Delete
    15. කාලෙ වරෙන්කො, දැන් MS එකෙන්හරි , SM එකෙන්හරි , BDSM එකෙන්හරි තිරික්කමක් කියන්නෙ මොකක්ද හොයන්න එපෑ.

      Delete
    16. ඒ කෙසේද යත්

      යටගිය දවස ලංඩන් නුවර ජොන්සන් නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරන සමයෙහි අප මහා බකුසාණන් වහන්සේ වයර්වුඩ් ගසක චෙරි,බෙරි වළඳන පක්ෂියෙකුව උපන්සේක. එසමයෙහි තිරික්කම් නුවර, බුරතීනෝ නමැති කෙළෙඹිපුත්‍රයෙක් වාසය කරන්නේයැ.

      ඒ කෙළෙඹිපුත්‍ර තෙම, තම මවු බාසාව කෙරේ බොහෝ ශ්‍රඬා ඇත්තේය, ඉක්බිති එක් දවසක් සිතන්නේ, මේ සිංහල ඝාතනය කරන්නට තැත් දරන්නෝ ලියන විට නිවැරැදි ව්‍යාකරණෙන් ඉංගිලිසි ලියන්නට වෙර දරන්නෝයැ. දැන්වනාහි, තම මවු බාසාවට කෙනෙහිලිකම් කරන්නෝයැ. එසේ ඕන තිරික්කමක් කිරීමට කාරණා කවරේදැයි විචාළේය.

      එකෙනෙහි, ඒ කොළොම්තොට නියම් ගම් වැසි අසුකෙළත් ධන(++++++) ඇති, ප්‍රාජේ නම් කෙළෙඹ් පුත්‍රයෙක්
      එපවත් අසා මහත් වූ සොම්නසට පැමිණ, එම්බල කෙළෙඹි පුත්‍රය, තිරික්කම යනු කවර ධර්මතාවෙක්දැයි විචාළාහ.

      Delete
    17. //එසමයෙහි තිරික්කම් නුවර, බුරතීනෝ නමැති කෙළෙඹිපුත්‍රයෙක් වාසය කරන්නේයැ.//
      ආ.... කියන්න එපෑය ඕක මුලින්ම. ලෝර්ඩ් බුර් ඉන්නෙ ට්විකනම්වල !!
      ඒත් ඉතින් Twickenhamවල රගර් ගහනව ඇරෙන්න ලොර්ඩ් බුර්ගෙ මවු බාසාවට මොනවකරනව ද කියල මගෙ මන්ද බුද්දික් මොලේට තේරෙන්නෙනෑනෙ, අසූ පාරක් කෙල ගැහැව්වත්.

      Delete
    18. අසූ කෙලක් වෙන්න ඕනෙ. මං මොනවා කරන්නද අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ පන්සිය පනස් ජාතකේ තියෙන්නෙ එහෙම කොට? මං කලේ කොපි, පේස්ට් කටලා නම්,ගම් එඩිට් කරන එක විතරමයි

      Delete
    19. /Anyway, I thank your Hootness.// මුලින් කියවුනේ හොට්නස් වගේ. ප්‍රා ජේ ට මක්ක්ද වුනේ කියලා බලද්දී තමයි අනිත් O එක දැක්කේ

      Delete
    20. හහ්! අපේ ද්වි භාෂා පරමේෂ්වර ප්‍රා ජේට එහෙමත් වරදිනවද?

      Delete
  2. 'එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා' කිව්වම ආශාවෙ බැහැ.
    කවි ටික හරිම රසවත්. S&S (Short & Sweet).

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය හිම වැස්ස සුන්දරයි. එච්චරම සීතලකුත් නෑ. ඒත් හැම තිස්සෙම එහෙමම වෙන්නෙ නෑ. ආං ටෙක්සාස් වලට දීලා ඇදලා "blizzard" කියන දරුණු හිම කුණාටුවක්, ලොවෙත් නැති වෙන්නම.

      Delete
  3. මුකබාණ කයි
    හරි රහයි
    හැබැයි ටිකයි
    ....

    අන්තිම පදේ පුරෝගෙන ඒ පැත්තෙ පියාඹලා එන්ඩ!

    ReplyDelete
    Replies
    1. උන්න හැටිය, ඔය මදැයි

      Delete
    2. මදැයි මදැයි...!!! හැක්

      Delete
    3. අන්තිම ප‌දේ උවමනා නෑ.. හයිකු කයියක් කියලා හිතාගම්මු..

      Delete
    4. "උන්න හැටිය, ඔය මදැයි" කියල ලිව්වෙ අන්තිම පදේ තමා. හරිද මන්දා?

      Delete
    5. බුරස්,

      හයිකුවලට අයිතිකාරයො ඉන්නව කියපු නිසා:

      දැං දැං
      බයෙන්
      ලියමි

      Delete
  4. යටම පිංතූරෙ... අර කෑම ඳුනක් තියෙන්නෙ... දැක්කම මතක් උනේ බොන්සායි පොට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ගැලපෙන එක නෙමෙයි. පහල වීඩියෝවෙ 8:20 ටයිම් ස්ටෑම්ප් එකේ මරදානෙ මුස්ලිම් බජාර් ඔරිජිනල් චිකන් බුරියානිය තියනවා

      Anthony Bourdain: No Reservations Sri Lanka (2009)

      Delete
    2. ආාාන්න හරි... මාත් කාපු හොඳම බුරියානිය කෑවෙ ලිප්ටන් වටරවුම අසළ රහුමානියා වෙතින්

      Delete
  5. අර පහලම "බෙඩ් ෂීට්" එකගැන සිංදුවෙ ඕගන් ගහන ගමන් අත වනන හාදයා, නිකං දැකල පුරුදුයි වගේ කියල හිතෙන්නෙ මට විතරමද? Pra Jay උතුමාණන්ගෙ පාට් ටයිම් ජොබ් එක වත්දෑ?

    ReplyDelete
    Replies
    1. මොන ඕගන් එකක්ද? කොහෙද ගහ ගත්තෙ?

      Delete
    2. ෆී මේල් ඔ්ගන් එකද්ද / බැරල් ඔ්ගන් එකද්ද?

      Delete
    3. ඇන්නෑවේ! මේ අර පිට කොටුවෙ බෝගහ වගේ හිටි ලෝර්ඩ් Pra Jay නේද? ආදිපාදතුමා නං කමක් නෑ කියමුකො, ඒකට විරුද්ධ පක්සෙ බෙල්ලෙවල් පේන්න බැ.

      Delete
  6. Replies
    1. බස්සො සහ නරි නුවණැත්තො. හයිබ්‍රිඩ් වුනාම අල්ට්‍රා නුවණ

      Delete
    2. හා හා ඔය ලපටි මුරුංග ගහ... කැඩෙයි බලාගෙන.

      Delete
    3. වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා

      ආඳාගේ ක්‍රමවේදෙ පිහිට මට තියෙන්නා

      Delete
  7. Replies
    1. හරිම ලස්සනයි. සිංදුවටම ගැලපෙන ගායනය. අදහස සමඟ, අර්ධ වශයෙන් එකඟයි (සඤ්ඤක වරදියි කියල වැඩිය ලියන්න බයයි). සඤ්ඤක වැරදීම, ඉන්තේරුවෙන්ම Googleගෙ වැරැද්ද. ඇයි ඉංගිරිසි වලට විතරක් රතු ඉරක් යටින් ගහලා හරි වචනෙ දෙනවනෙ.

      පිං මදිකම තමා, සල්ලි නැති කම. සල්ලි හොයන්න මැද පෙරදිග රස්සාවට යන කෙනෙක් ගැන හිතන්න. දීර්ඝ කාලයක් ලංකාවෙන් ඈත්වෙලා හිටලා ඇවිත් බැලුවාම තේරෙනව" බෝට්ටුව ගිහිල්ල" කියල. එතකොට ඇවිත්,නැවත ලංකාවෙ ජීවිතේට හැඩ ගැහෙන්න අමාරුයි. මේක , එක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්,තමන්ට ලංකාවෙ තියෙන වත්කම්, පවුල් සබඳකම් අනුව. මට නං බැරිවුනා.

      තව සමාජීය හේතුත් තියනවා:පාඩුවේ ජීවත් වෙන්න නිදහස අඩුකම, අසල්වැසියන් ගේ උකුසු ඇස්, වැඩිහිටි පරම්පරාව පිළිබඳ දක්වන සමාජ ආකල්පය. නිතර දකින ප්‍රවෘත්ති අනුව එක දෙයක් පැහැදිලියි: හුදීජන මනුස්ස ජීවිතයකට තියෙන්නෙ බොහොම අඩු වටිනාකමක් කියන එක. ඒ නිසා,පැහැදිලිවම, ලංකාව ලෝකෙන් උතුම්ම රට කියන එක ජාතිමාමක දේශපාලන න්‍යායක් විතරයි. විවිධ සමාජ සුභසාධන සහ කාර්‍යක්ෂම නිදහස් සෞඛ්‍ය පහසුකම්වල අගය වෙන කාලවලට වඩා, මේ අර්බුද සමයෙ වඩාත් තේරෙනවා. මෙහෙ ප්‍රශ්ණ නැතුවම නෙමෙයි. ඒත් පිංමද අපි මෙහේ දුක් විඳිනවද කියන එක, මං හිතන්නෙ සාපේක්ෂ දෙයක්. කොහේ හිටියත් දුක් විඳිනවා. ඒ අනුව, සල්ලි මිස, වෙනයමක් නැති අරාබියෙ "දුකෙන්" මිදෙන්න මං එහෙන් චුත වුනා.අවුලක් නෑ නේද?

      ඒත් එහෙමයි කියලා, ජීවිත කාලයක් ඇට-මිඳුළු වලට කාවැදිච්ච දේවල් අමතක වෙන්නෙ නෑ. Grass is always green on the other side තමා.

      Delete
  8. කරන විට හක්කලං
    අදයි ගොඩ වැදුණෙ මං
    අනේ වැඩ වැඩිය දැන්
    ආයෙමත් එමි ගිහින්!

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ආවාට. මං දැකල තියනව නිදිගෙ කවි. අපි වගේ නැට්ටොන්ට හැරෙන්නවත් බෑ, එව්වත් එක්ක.

      Delete
  9. අපේ අම්ම වැඩ කලේ කොළඹ කච්චේරියේ... ඔය ගෑස් පහ පැත්තේ ඒ දවස් වල එපා වෙනකම් ඇවිදලා ඇති... වැස්ස දවස් වල කුණු වතුරේ බැහැගෙන අම්මා ඔය පාරවල් වල වැඩට ගියා නේද කියල හිතද්දී හැමදාම දුක හිතෙනවා... හැබැයි ඉතින් ඒ කාලේ ඒවා මහ දේවල් නෙමේ...

    දුක සාපේක්ෂයි තමා...

    ReplyDelete
    Replies
    1. ඔව්, වැස්සට පිටකොටුව බේසමක් වගේ පිරෙනවා. යල් පැනගිය ජලාපවහන පද්ධතිය හරිහැටි නඩත්තු වෙන්නෙ නැතුව ඇති. කෝ, කාල යක්ෂ ලියන්නෙ නැත්ද?

      Delete
  10. කොයි හරියෙය බං මේක තියෙන්නෙ? උඹ අර ජාලෙන් ගන්න ගැජමැටික්ස් එපාවුනහම විකුණන්නෙ මෙතන දාලද?

    Bassa's Hardware, Mayville

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක නං නියමයි බොලේ. හුහ්! Bassa's Hardware?

      උඹැහෙට කියන්න බුරෝ, කොළොම්තොට නියම් ගම් වැසි අසුකෙළක් ධන(++++++) ඇති කිව්වට ඒ කෙළෙඹිපුත්‍රයාණන් එච්චර මනාප නැති පාටයි. ඒ කිව්වට, නිකං හිටලා නෑ, ආං ආයෙ දීලා ඇදලා ++++++ පාරක්.

      Delete
    2. +++++++++++++++++++++++++++++++

      Delete
  11. ලන්ඩන් වල නම්
    හිම වැටෙන්නේ අවුරුද්දට දෙපාරයි
    ඒ වුනාට චුරු චුරු වැස්ස
    හැමදාම නිස්සාරයි
    රෝස් පාන් කෑල්ලක් එක්ක
    සම්බෝල ටිකක් කන්න ආසයි
    කියවගෙන යනකොට
    ඔය කවි පෙළ මාරයි

    ReplyDelete
    Replies
    1. හෑ? දෙපාරක්ම හිම වැටෙනවද? හිම වලට පස්සෙ එන වැස්ස ගැන නම් මගේ අමනාපයක් නෑ, වැටිච්ච හිම දියෙවෙන නිසා. ඒත් එක දිගටම චුරු චුරු වැස්ස වැටෙනවා නම් අවුල් තමා.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code