Mar 24, 2021

දෙවියන් සොයා යෑම සහ The Circle of Life

 මෝගන් ෆ්‍රීමන් තමා ගියේ, මම කලේ බලාගෙන ඉන්න එක.



ඕං ෆුල් එපිසෝඩ් එකම යූ-ටියුබ් එකේ නොමිලේ දාලා තියනවා. කතාවෙ හරය පැත්තක තිබ්බත්, මෝගන් ෆ්‍රීමන්ගේ  බටර් වගේ සුමුදු සිත නිවන කටහඩත්, ඊජිප්තුවේ පිරමීඩ, යෙරුසලමේ ශුද්ධ වූ පල්ලිය, ඉංදියාවේ වාරාණාසී නුවර වගේ තැන්වල දර්ශණ ටිකම වටිනවා.

යෙරුසලමට ක්‍රිස්තියානි, ජුදා සහ මුසල්මානු තුංගොල්ලම අයිතිවාසිකම් කීමත්, වාරාණාසිය බෞද්ධ වගේම හින්දු ශුද්ධ නගරයක් වීමත්, හින්දූන් මෝක්ෂය ගැන කතා කිරීමත් උනන්දුව ඇති කරන කාරනා කියලයි මට හිතුනෙ.

හරි ඉතිං ඕක බලල මොනවද ඉගෙන ගත්තෙ? හ්ම්......ඒක නං ටිකක් අමාරු ප්‍රශ්ණයක්. මම හිතාගෙන හිටියෙ මම අදේවවාදී කියලනෙ? දැන් බලාගෙන ගියාම මම අදේවවාදී agnostic බස්සෙක්. දැන් ඔහෙල දන්නව නෙව යේසුස් වහන්සේව කුරුසියට තියල ඇණ ගැහුවෙ අපේ පව් ගෙවෙන්න කියල? කවුරු හරි දන්නවද බස්සෙක්ව වැටට තියල ඇණගහන්න හදන්නෙ මොන පාපයක් ගෙවෙන්නද කියල?

27 comments:

  1. මං නම් ඉතිං කැනෝඩිපාලී අග්ගනෝස්තික නිකායේ අණු නායක අතින් පණ්ඩිත පයින් පූජ්‍ය දොරකඩගොරකාවේ බස්සාලෝකභිධාන නයිහිමි වහන්සේ වගේ ස්පිරිචුවල් දේවල් ගැන දන්නෙ නෑ. ඒත් මට මිනිස්සු කිව්වා මං atheistic, නැත්නම් නිරාගමික කියලා. මං හිතන් හිටියෙ මං apathetic කියලා. මොකද මම ආගම් විරෝධියෙක් නෙමෙයි (විරෝධී වෙන්නෙ උං ලවුඩ්ස්පීකර් දැම්මාම විතරයි ) අවිස්වාසිකයෙක්, නොදන්නාගමිකයෙක් පමණක් නිසා. ඒත් මං හිතන දේවල් විස්තර කලාම දැනුං තේරුං ඇති අය මං agnostic වගේනෙ කිව්වා. ඒක වෙරිෆයි කොරගෙන බස්සාලෝක හාංදුරුවංගෙන් උපසම්පදාව ගන්න ඉන්නෙ. උන්නාංසෙ ඉතිං ඇණ කිලෝගණං ගලවාගෙන ෆුල් ෆ්‍රී එකෙන් සෝවාන්, සකුංතලාගාමී ස්ටේජ් පහුකරලා ඉන්න උත්තමයෙක්නෙ.

    ෆ්‍රීමන් මහත්තය දෙය්යන්ට ඇඳපු එක නං බලල තියනව.
    https://en.wikipedia.org/wiki/Bruce_Almighty
    https://en.wikipedia.org/wiki/Evan_Almighty
    ඒකාලෙ එයා හැම මූවි එකේම වගේ හිටියනෙ.
    සැමුවෙල් එල් ජැක්සනුත් එක කාලෙක හැම මගුලෙම හිටියානෙ? ටැරන්ටීනෝ එයාගෙ හැම එකකටම වගේ ගත්ත

    http://decoy.tvpassport.com/q_a/q-there-popular-joke-samuel-l-jackson-everything-how-many-movies-has-he-been

    ReplyDelete
    Replies
    1. හා. හා ඕවට කලබොල වෙලා බෑ උපාසක. හා දැන් ඔය ආවුද පැත්ත තියලා වැඳගත්තා නං. උපසම්පදාව නං තැපැල් මාර්ගයෙනුත් ගෙන්න ගන්න ඇහැකි, ඒත් වෙරිෆයි කරන්න වෙනම ගෙවන්න වෙනවා. උපසම්පදාවෙන් ඉහලට නං අපේ අරහත් උන්නාන්සෙ තමා. වැඩි දුරක් නෑ නේද?

      ෆ්‍රීමන් මහත්තයි, ජැක්සන් මහත්තයයි දෙන්නම හොඳ නලුවො. ඒ නිසා ටැරන්ටීනෝගෙ තේරීම ගැන මට නං අවුලක් නෑ.

      Delete
    2. එහෙයි. ඇණ තියාගෙන වැඳගන්න නේ?

      අවුලක්නම් නෑ. (ජැක්සන්ට නම් අප්සෙට් මූවිත් ලැබුනා - ටැරන්ටීනෝගෙ නෙමෙයි ) ඒත් ඉතින් බලන හැම මූවි එකේම වගේ නලුවා ඉන්නකොට කතාව රස විඳින එක පොඩ්ඩකට අමතකකරලා casting ගැන හිතෙනවා. කොහොමත් ඉතින් මූවි බැලුවට පස්සෙනම් කතාව ගූග්ල් කරන එක සාමාන්‍යයෙන් කෙරෙනවා.



      Delete
    3. //ඇණ තියාගෙන වැඳගන්න නේ?//
      සම්මා දිට්ඨි, උපාසක, සම්මා දිට්ඨි. බිසිනස් එන්ඩ් එකට ඇණ අගුණයි උපාසක.

      //බලන හැම මූවි එකේම වගේ නලුවා ඉන්නකොට කතාව රස විඳින එක පොඩ්ඩකට අමතකකරලා casting ගැන හිතෙනවා// එකඟයි. ඒත් අර ගූගල් කරන එක තේරුනේ නෑ

      Delete
    4. ඔබ වහන්සේ ඇණ ගලවන ගැලවිල්ලට දැන් පසේ බුදු නෙමෙයි හතේ බුදු වෙලා ඇතිනෙ.

      මෙහෙමයි, මට ඉස්සර ඉඳන් පුරුද්දක් තිබුනා විශේෂයින් හිස්ටොරිකල් නවල් /මූවි එකක් කියෙව්වාට/බැලුවට පස්සෙ ඒ කාලය/ සිද්ධිය ගැන ඉතිහාස පොතක කියවන්න. දැන් ගූග්ල් තියනවනෙ. ඉතින් ඕනෑම ජාතියක මූවි එකක් ආසාවෙන් බැලුවාම ඒ කතාව ගැන ගූග්ල් කරනවා, ඒකෙන් කාස්ට් එකට යැවෙනවා, අන්තිමටම ඇක්ටර් කෙනෙක්ගෙ මීමුත්තා ඇමරිකාවට එන්න ඉස්සර ට්‍රාන්සිල්වේනියාවෙ මොකද කලේ කියන එකෙන් ගූග්ල් කිරීම නවතින වෙලාවලුත් තියනවා

      Delete
    5. shawshank redemption

      මේකටත් ඒ වගේ ගූගල් ඉතිහාසයක් තිබේවා යයි පතමි.

      Delete
    6. Darabont was born in a refugee camp in 1959 in Montbéliard, Doubs, France.[2][3] His parents fled Hungary after the 1956 Hungarian Revolution with his 5 brothers, 4 sisters, and 3 cousins. When he was still an infant, his family moved to the United States, settling in Chicago. When Darabont was five the family moved to Los Angeles.[1]

      Delete
  2. මේ ලෝකෙ ඉන්න ඔක්කොම, මේ බස්සො වගේ අදේවවාදී වෙන්න ගියොත් ලෝක ආර්තිකේට වෙන බලපෑම ගැන නිකන්වත් ඔය බකුසු මොළේට හිතිලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං කොහොමත් ගස්වලට මනාප නිසා, මටත් හිතිල තියනවා රුක් දෙයියෙකුට වන්දනාමාන කරන්න. කොහෙද, මුං දෙනව නෙව ගස් වලට බැස්ටි එකසිය ගාණට. දෙයියත් සුං, දේව විමානෙත් සුං. සිංහරාජෙ ඉන්න හෝම්ලස් වෘක්ෂ දේවතාවො නිසා දේව සභාවෙත් අර්බුදයක් කියන්නෙ.

      Delete
  3. මං ඇවිත් කියවලා හූම්ම් කියල ගියා. ආපහු එන්නං, "ගාමිණී ඇණ" කතාව අහල නැත්තං කියන්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. "ගාමිණී ඇණ" කතාව අසා නැත. කිව්වා නං තමා වටින්නෙ.

      මෙව්වට පෝස්ට් කියල කියන්න නං බෑ. ඔහෙට ඇත්තම කියන්න, බකුසු විමානෙ "Gone Fishing" කියල බෝඩ් එකක් එල්ලලා, මං ආවෙ මාලු බාන්නයි. ඇමට "ඇණයක්: එල්ලල පිත්ත දැම්මා විතරයි. කෙටුවා, ස්වාමීනි, කෙටුවා :)

      Delete
    2. ගාමිණි ඇණ කිවුවෙ අර යේසුස් වහන්සෙට නොගහපුවා වෙන්ටෑ..

      Delete
    3. බුරතීනෝ දන්නව...

      ඕං කතෝලික සුළු ව්‍යාපාරිකයෙක් උන්නා, ඇණ හදන. පොර කොයිතරං මහන්සි උනත්, එක මට්ටමකට එහා දියුණු වෙන්න බැරි උනා. දවසක්දා එයා මීසමේ සුවාමි එක්ක ඔය ගැන කතා කළා. ඒ ගමන සුවාමි එයාට සෙට් කරල දුන්නා, පත්තර කන්තෝරුවක වැඩ කරන ඇඩ්වටයිසර් කෙනෙක්ව. එයා ලව්වා, නිර්මාණශීලී ඇඩ් එකක් දම්මන්න කිව්වා, ඇණ ව්‍යාපාරය ගැන.

      ඉතිං සුවාමි ඊළඟ සෙනසුරාදා, උදෙම්ම ඉරිදා පත්තරේ බලද්දි, පළවෙනි පිටුවෙම තියෙනවලු "ගාමිණී ඇණ" ඇඩ් එක.

      ඒකෙ තියෙනවලු, ජේසුතුමා කුරුසෙ ඇණ ගහපු පිංතූරයක්. යටිං ගහල තියෙනවලු කම්පැනි ස්ලෝගන් එක - "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

      ඒ ගමන සුවාමි වහාම ගෙන්නුවලු ගාමිණියව. ගෙන්නල හොඳටම දොස් කිව්වලු මේ ඇඩ් එක ගැන. ඒ ගමන ගාමිණී ඒ ඇඩ් එක වෙනස් කරන්නං කියල පොරොන්දු වෙලා සමාවත් ඉල්ලලා ගියාලු.

      ඊළග සතියෙ තියෙනවලු වෙනස් ඇඩ් එකක්...

      ඕං ඒකෙ කුරුසෙ තියෙනවලු, බිම දාලා. ජේසු ඉන්නවලු අත පය ගැට ගහල. රෝම ලීජනරි දෙන්නෙක් පෙට්ටියක් පරෙලගෙන ඇණ තෝරනවලු. එකෙක් කියනවලු, "කෝ මෙතන එකක්වත් නෑනෙ ගාමිණී ඇණ..." යටිං තියෙනවලු ස්ලෝගන් එක - "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

      ඒ ගමනත් සුවාමි ගාමිණියට අඩ ගහල අවවාද කළාලු, මේ වගේ ඇඩ් දාන්ඩ එපා කියල...

      ඕං ඊළඟ සතියෙ තියෙනවලු වෙනස් ම ඇඩ් එකක්.

      ඒකෙ ලීජනරිලා කුරුසෙයක් හදනවලු. එයිට එපිටිං ජේසු තුමා ඇවිත් කියනවලු, "අනේ හොඳ මල්ලිලා... ඕකට ගාමිණි ඇණ එහෙම ගහන්ඩ එපා ඈ..."

      යටිං තියෙනවලු ස්ලෝගන් එක... "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!"

      සුවාමි ට මළ ම පැන්නලු. ගාමිණියට වහාම එන්ඩ කියලා බැණගෙන බැණගෙන ගියාලු මේ කරන මරි මොට්ටල වැඩේ ට.

      ඊළඟ පත්තරේ කුරුසෙ පේන්න තිබුණෙ බොහොම ඈත, ගොල්ගොතා කන්ද මුදුනෙ... ජේසු බැහැලා ලේ පෙරාගෙන දුවනවලු. රෝම ලීජනරිලා දෙන්නා හතිදාගෙන පස්සෙං පන්නනවලු. ඒ එකෙක් කියනවලු අනිකට, "මං තොට කිව්ව ගාමිණී ඇණ ගහමු කියල. කොහෙද, තොගෙ පණ්ඩිත කමට ගෙනාවෙ වෙන මගුලක් නෙ..."

      යටිම්ම තියෙනවලු ස්ලෝගන් එක...

      සුවාමි මන්නෙකුත් ඇරං ගියාලු ගාමිණියගෙ ගෙදර...

      Delete
    4. //බුරතීනෝ දන්නව//

      නොදන්නව නං තමා පුදුමෙ :)

      @ ඩ්‍රැකී

      කාලෙකින් අහපු නියම කතාවක්😂😂😂 ස්තූතියි👍

      Delete
    5. මං අහලා තිබුනෙ ටිකාක් වෙනස් විදියට. අන්තිම ඇඩ් එකේ යේසුස් වහන්සෙ නැතුව හිස් කුරුසියක් විතරක් තියෙනවා. යටින් දාලා තියෙනවා "ගාමිණී ඇණ ගැහැවුවා නං ඔහොම වෙන්නෙ නෑ" කියලා.

      Delete
    6. බුරා, බකුස්... දාන්න පහක්! මේ කතාවෙ එක එක වර්ෂන්, එකතු කිරීම් තියෙනව. මාත් අහපු අහපු දේවල් එකතු කරල ලිව්වෙ...

      Delete
  4. බැලුවෙමි වීඩියෝවේ ඇති මහරු දසුන්
    ඇසුවෙමි රුචිය දනවන තතු තිබුණු ලෙසින්
    නැත හදිසියක්, නිගමන වෙත එන්න කලින්
    යළි යළි බලමි නව විමසුම් කෝණයකින්

    ReplyDelete
    Replies
    1. මයි වේ ඕ හයි-වේ කියනා ගතිය
      පංච තන්තරේ නිදි ලඟ නම් නැතිය
      ඔබගෙන් උගත් පාඩම් නම් බෝ ඇතිය
      ඒ ගැන ඔබට පුදනෙමි මගෙ හද බැතිය

      Delete
    2. මතුවී මගේ ඇති පුහුදුන් කැත ගතිය
      ආඩම්බරත් හිතුණා යැයි කිව යුතුය!

      Delete
  5. Agnostic කියන වචනය ඉගෙනගත්තෙ මේ පෝස්ට් එකෙන්, thanks බස්සා. මට හිතුනු දේ තමයි එතකොට බුද්ධ ධර්මය (ආගම නෙවෙයි) පිලිපදින අය agnostic කියන්න පුලුවන් නේද. මොකද බුද්ධ ධර්මයෙ, by definition, no intervention of god නිසා.

    වීඩියෝ එක නම් බලන්න ලැබුනෙ පලවෙනි විනාඩි දහය විතරයි. ඉතුරු ටික වෙන වෙලාවක බලන්න ඕනෙ, ඊජිප්තුවෙ කොටසවත්. ඔය ඉන්දියාවෙ ඉන්න විවිධාකාර ගුරුවරුනම් අහිංසක මිනිසුන් රවටන එකයි වැඩිය කරන්නෙ කියලා හිතෙනවා. 'ශ්‍රී ශාන්ත්' කියලා පොතක් තියෙනවා සුනේත්‍රා රාජකරුනාගෙ. ඒකෙත් ඔය විවිධ gurus ගැන ව්‍යාංගයෙන් වගේ තියෙනවා. බස්සා සද්ගුරුගෙ (Sadhguru) කතා එහෙම අහලා තියෙනවද.

    ReplyDelete
    Replies
    1. සද්ගුරු ගැන අසා ඇත. කතා අහලා නැත.

      agnostic කියන වචනෙ පස්සෙ ගියොත්, බොහොම දුර ගමනක් යන්න වෙනවා. මට නං හිතෙන්නෙ තේරුම සරලව ගන්න එක හොඳයි කියලයි. මෙන්න මෙහෙම:

      දෙයියො ඉන්නවද?
      බස්සා : දන්නෙ නෑ
      බූතයො ඉන්නවද?
      බස්සා : දන්නෙ නෑ
      parallel universe තියනවද?
      බස්සා : දන්නෙ නෑ
      පිටසක්වල බුද්ධිමත් ජීවින් ඉන්නවද?
      බස්සා : දන්නෙ නෑ
      බුද්ධිමත් පිටසක්වලයො ඉන්නව නං උන් මෙහෙ එන්නැත්තෙ මොකද?
      බස්සා :අපි වගේ විනාසකාරී ජීවින් මුණගැහෙන්න එනවා නං උන් බුද්ධිමත් කියල මං හිතන්නෙ නෑ
      එතකොට උඹ දන්නෙ මොනවද?
      බස්සා : ඒකත් ටක්කෙටම කියන්න දන්නෙ නෑ

      Delete
    2. Typical බකුසු උත්තරයක් දීලනෙ. ඔව් සරලව හිතන එක හොඳයි ඕනවට වඩා හිතල owl වෙනවට වඩා.

      Delete
    3. Non-Typical බකුසු උත්තරේ. ගුගල් තමා කිව්වෙ:

      Secular Buddhism—sometimes also referred to as agnostic Buddhism, Buddhist agnosticism, ignostic Buddhism, atheistic Buddhism, pragmatic Buddhism, Buddhist atheism, or Buddhist secularism—is a broad term for a form of Buddhism based on humanist, skeptical, and agnostic values, valuing pragmatism and (often) naturalism, eschewing beliefs in the supernatural or paranormal. It can be described as the embrace of Buddhist rituals and philosophy for their secular benefits by people who are atheist or agnostic.

      හුටා! ලෞකික ප්‍රතිලාභ? හ්ම්ම්.. බලමු, ඉස්සර දේවාලෙට යනවා "මුරුතැන් බත්" ගිලින්න. බලාගෙන ගියාම ඒකත් ප්‍රතිලාභයන් නෙව? මං කිව්වෙ, ඕං ආයෙත් "අවුල්" වේගන එනවා. අදේවවාදීන් existence of god ප්‍රතික්ෂේප කරනවා by definition. ඒ වගේම දැඩි භක්තිමත් දේවවදීන් එක්ක පැටලෙන්න අකමැති අදේවවාදීන් තමන්ව agnostic කියල හඳුන්වගන්නවා තර්කය තනුක කරගන්න.

      At the end of the day, they are just words, so take with a pinch of salt :)

      Delete
    4. ඔය තියෙන්නෙ උත්තර. හැබැයි මම කලින් හිතුවෙ agnostic මනුස්සයා උපේක්ෂාසහතයි කියලා. මේකෙ විදිහට මෑන්ස් කපටියි, හැබැයි flexible and adaptable.

      හොඳ රහට ලන්කාවෙ කෑම කන්න ලැබෙන නිසා දාන ගෙවල්වලට යන එකත් secular benefits තමයි.

      Delete
    5. \\මම කලින් හිතුවෙ agnostic මනුස්සයා උපේක්ෂාසහතයි කියලා. මේකෙ විදිහට මෑන්ස් කපටියි, හැබැයි flexible and adaptable\\

      සහ ලිස්සන සුලුයි. ප්‍රාජේ තමා කිව්වෙ :)

      Delete
  6. ඔය මොකක් උනත් වැඩි පුර ඔළුවට ගන්නේ නැතුව සැපේ ඉන්න එක තමා කරන්න ඕනේ... එතකොට වාසි වැඩියි... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      "ගැහුවොත් ගැහුවා - ගාමිණී ඇණ!":)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code