Apr 8, 2021

ජපන් ලලක්කා සහ කාමරේ ඉන්න අලියා

ලෝඩ් බස්තියං

ලක්කා ගැන ලියල හඳවල් ගාණක් ගෙවිල ගිහින්. ඒත් අලියා තාමත් කාමරේ. අපි නං ඉතිං තාමත් " දැක්කා නොදැක්කා වාගෙයි අලියව අක්කා" ඉස්ටැයිල් එකෙන්ම ඉන්නවා. 




මට ආයෙ ලලක්කව මතක් වුනේ මෙන්න මේ ගීතය අහලා:


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම


සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට


මේකෙ වචන බොහොම තියුණුයි. ඒත්, හහ් අපි නං අහුවෙයි ඔව්වට, නැද්ද මං අහන්නෙ?
සමාජයක ආකල්ප වෙනස් කරන්න කොච්චර අමාරුද කියල මට වෙලාවකට හිතෙනව. අන්න එතකොට තමා මට ජපානෙ මතක් වුනේ. ඔය ජපන් සගිස්කුරුතිය ටිකා..ක් ඉතර වෙනස් එකක්. ජපන් Geisha කියන සංකල්පය, අපේ වීදි සුන්දරී ලලක්කාම නෙමෙයි. ඒත් ජපානෙ වුනත්, නූතන ජපන් ලලක්කල දිහා බලන සමාජ ආකල්පය එච්චරම සුභවාදී නෑ.

මම මේකෙ තියෙන දේවල් එක්ක සියේට, සීයක් එකඟ නූනත්, ඇගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. පෙනෙන විදිහට සෑහෙන උගත් කෙනෙක්, කතාවෙන් එහෙම හැඟෙනවා. කොබ්-ඩග්ලස් ශ්‍රිතයට අනුකූලව, ඉල්ලුමට අනුව සහ සැපයුම සලසනවා, අවුලක් නෑ නේද? ඔව්, ඔව් එයා තමයි කිව්වෙ. අනික, සදාචාරය, සභ්‍යත්වය , හරි, වැරදි ඔව්වා ඔක්කොම සාපේක්ෂ වචන.

ඇත්තටම ලලක්ක තාම සනීපෙන් ඉන්නවද? හරි, හරි මට තේරෙනව, දන්නව වුනත් කියෑවියෑ? ලලක්කා සූට් කේස් එකේ එහෙම ගිය නෑ නේද? ඇයි සීවරං දෙයියනේ, පොලෝසියෙන් අහන්න කියලයෑ? ආං එතකොට තමා, මට මෙන්න මෙහෙම හඩක් ඇහුනෙ " හහ්, තොට දැං ද අපිව මතක් වුනේ, අර අහවල් පෝස්ට් ලියන කොට මතක් වුනේම නැත්ද? ". මාත් ඔලුව අංසක 360 කරකවල බැලුව, කව්රුත්ම හිටියෙ නෑ.


සඤ්ඤක බස්සෙක්



22 comments:

  1. අංසක 360ක්ම කැරකෙවුවා කිවුවා? එහ්හෙනං කවුරුවත්ම හිටියෙ නැති එක පුදුමයක්යැ...

    ReplyDelete
    Replies
    1. එහෙම කරකවන්න බෑ, එතකොට බෙල්ලෙ පොට යනවා. අර පහල ප්‍රාජේ ලියල තියෙන්නෙ විදිහ :)

      Delete
    2. ඒ වුනාට මට නං හිත ගියෙ මේං මේකට.

      අවුල් ආර්ට්

      මේං මේකත් හොඳායි.

      අවුල් ආර්ට් 2

      Delete
    3. ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ, මට අර සායක් අන්දලා නේද හංස විලේ නැටුමට යවන්න තනන්නෙ? හුහ්, අපි අහුවෙයි ඕවට :)

      දෙවනි එක නං හොඳා, මට පොඩි කාලෙ මතක් වුනා. ඒත් ඔය සුකුරුත්තං මොට්ටැක් කිලි අපට තිබ්බෙ නෑ, අපෙ හාංදුරුවනේ. කොච්චෝරවත් ඉනෙන් පහලට රූටන කොට කලිසම විතරමයි ඇඟේ තිබ්බෙ.

      Delete
  2. 360 කියන්නෙ ඔය විඩියෝ එකේ තියන 180ක් දකුණට පස්සට + ආපහු 180ක් ඉස්සරහට එකද?

    වං පැත්තත් බැලුවනං මොකක් හරි ඇණයක්වත් පේයි නෙ ඔබතුමාට

    ReplyDelete
    Replies
    1. //360 කියන්නෙ ඔය විඩියෝ එකේ තියන 180ක් දකුණට පස්සට + ආපහු 180ක් ඉස්සරහට එකද?//

      ආන්න ඔබතුමාට තේරුණා කතන්දරේ. "ගැහුවොත් ගැහුවමයි ජයතුංග ඇණ" ඩ්‍රැකිය තමා කිව්වෙ, බුරා තමා සෝදුපත් බැලුවෙ.

      Delete
  3. ජපන් වීඩියෝව බලල, කමෙන්ට් එහෙමත් කියෙව්වොත්, කෑම කාලා අතුරුපසත් කෑවා වගේ හැඟීමක් එනවා.

    "post-nut clarity", "No nut November" වගේ බරසාර වචන ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙනවා.

    පස්සෙ කාලෙක, ලලක්කා සිංදුව ගැන කරල තිබ්බ බරසාර විශ්ලේෂණයක් දැක්කා, ලලක්කා "ලඳුනේ" ගීතයට වඩා තාත්විකයි කියලා. ඒත් මට නං එන්නෙ "මික්ස් ෆීලිං" එකක්. යම් පණිවිඩයක් දුන්නත්, සිංදුව තුල, ගැලරියට නටන්න හීනියට දෙන "චීප් ආතල්" එකකුත් තියනවා කියල හිතෙන්නෙ, මම සිම්පල් මූකලං බස්සෙක් නිසාමද?

    ReplyDelete
    Replies
    1. කොම්ප්ලෙක්ස් කොස්මොපොලිටන් බස්තුමෙක් නිසා

      Delete
    2. මම අහිංසක සඤ්ඤක බකමූණා, ආයිබෝවන්ඩ

      Delete
    3. https://www.pinterest.com/pin/855261785463631406/

      https://www.britannica.com/list/6-of-the-worlds-most-dangerous-birds

      https://tattooartfromtheheart.com/tattoo-meanings/owl-tattoo-for-wisdom-freedom-intelligence-death-and-mystery/

      Delete
    4. අපෝයි, අර දෙවනි පිංතූරෙ ඉන්නෙ භයානක "ගැන්ස්ටා" කල්ලියක් නෙව?

      මම කැමතිම, පලවෙනි ලින්ක් එකට. ඒකෙන් හොයාගත්තා ෆුලි ආමර්ඩ් බකුසු නයිට් කෙනෙක්.
      Chaaaaa....rge!

      Delete
    5. For metallophobic or amychophobic owls best form of offence is defense , Sir Night-owl.

      Delete
  4. සිල් අරගන්නා - ඒ වගෙ සීලෙත් රකිනා
    අපි නං අහුවෙයි ඔව්වට - ඒවා වානා!

    ReplyDelete
    Replies
    1. ගං පතුලට යන්නා
      ගිහිල්ලා..ආයෙත් එන්නා
      නාග ලොවෙන්, අනේ සාදු ධාතු වඩින්නා
      මුචලින්දගෙ ඇහෙත් නයි කඳුලු නටන්නා

      Delete
  5. ජපන් තරුණියගෙ කතාවෙ මට මානුශික කාරනා දෙකක් පේනවා. එකක් තමයි ළමා කාලයේදී ඇගේ ජීවිතයේ තිබුනු restrictions නිසා පසු කාලයක තරුණියක් විදිහට ඇයට අනිත් අයත් සමඟ වැඩි වැඩියෙන් connect වීමෙ අවශ්‍යයතාවය දැනීම (In her case, she desired the 'sexual' connection). දෙවෙනි කාරනය ඕනෙම තරාතිරමක, ඕනෙම වයසක කෙනෙකුට තමන් විනිශ්චයට ලක් නොවී තවත් කෙනෙක් සමග කතාකිරිමට තියෙන මානුශික අවශ්‍යයතාවය (non-judgmental conversation). අන්තිම හරියෙදි නම් මම ඇගෙන් දැක්කෙ තමන්ගෙ රස්සව ගැන ආත්ම තෘප්තියෙන් කතාකරන දුර්ලභ කෙනෙක්ව (Do what you love, love what you do වගේ). විඩියො එකේ කමෙන්ට්ස් නම් මම බැලුවෙ නැහැ

    ReplyDelete
    Replies
    1. මම මෙතන විනිශ්චයට ලක් නොවී තවත් කෙනෙක් සමග කතාකිරිමට තියෙන මානුශික අවශ්‍යයතාවය කියන එක ගත්තෙ ඇයගෙ clients ගැන ඇය කියන- ඔවුන්ගෙ හැගීම් සහ ආශාවන් ගැන මාත් එක්ක කතා කිරීමෙන් ඔවුන්ට යම් සහනයක් ලැබෙනව ඇති කියන 'Telling me anything, I hope they feel better' කොටසින්.

      Delete
    2. මටත් හිතුනෙ ඔය ටිකම තමා. ඇය ඉහල පැලැන්තියෙ ලලක්කෙක්. උගත්, ඒ වගේම බුද්ධිමත්.
      පැහැදිලිවම, ඇය ඇගේ සේවා දායකයන්ව අධ්‍යනය කරනවා.
      Pardon my French, but not sure who is getting screwed, actually. I must say, I'm really impressed.

      Delete
    3. මේ Nobita- The YouTuberම කරපු වෙනස්ම චරිතයක් ගැන කතාවක්. ඇය, රිම් එකෙන් යන තරමට වැටිල හිටියත්, ඒ රස්සාවට යන්න කැමති නෑ. මම මේ චරිත දෙක විවේචනය කරන්නෙවත්, සංසන්දනය කරන්නවත් කැමති නෑ. දන්නවනෙ, මම Agnostic බස්සා - වහා ලිස්සන සුළුයි. ප්‍රාජේ තමා කිව්වෙ.

      Why This Japanese Girl Became Homeless

      Delete
    4. නිකංම ලිස්සල පැත්තකට වෙලා ඉන්නෙත් නෑනෙ. වෙන මොකෙක් හරි හබකට අහුවෙන විදිහට අටවලනෙ ලිස්සල යන්නෙ

      Delete
    5. ඔය ඉඳලා හිටලා ඇණයක් ඇමට ගහලා පිත්ත දැම්මට. විස්වාස කරාන්ට ආයිබෝං, අපි උණුවතුරත් නිවලයි බොන්නෙ

      Delete
    6. දෙවෙනි වීඩියෝ එකත් බැලුවා. ඒ දෙන්න සංසන්දනය කරන්න බැරි (හෝ අවශ්‍ය නැති වුනත්) දෙන්නගෙ skill set එකේ ලොකු වෙනසක් තියෙනවනෙ.

      'I must say, I'm really impressed'. Me too. Imagine having to 'entertain' strangers on a regular basis.

      Delete
    7. ඇත්ත, දෙන්නගෙ skill set එකේ ලොකු වෙනසක් තියෙනව. පලවෙනි එක්කෙනා, නියමෙට අවස්ථාව කලමනාකරණය කරනව කියල හිතෙනවා. ඒක තමා එයාට Do what you love, love what you do කියන්න හැකිවෙලා තියෙන්නෙ, ඒකට රිමෝට් එක තමන් අතේ තියෙන්න ඕනෙ. දෙවනියට සහ අපේ චුට්ටිලාට, ලලක්කලාට ඒ අවස්ථාවත්, පරිසරයත් හැකියාවත් නෑ කියල තමා මට හිතෙන්නෙ. දෙවනියා හෝම්ලස් තෝරාගන්නව, අපේ ලලක්කලාට තෝරාගන්න විකල්පයක් නැතුව ඇති. මම වැරදි වෙන්නත් පුළුවන්, ඒත් මේ මගේ කියවීම.

      ඔය රැබිට් හෝල් එක තව ගැඹුරට යනවා, මම හාවෙක් නොවන නිසා මෙතනින් නවතිනවා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code