Apr 11, 2021

තහවුරු කිරීමේ නැඹුරුව -Confirmation Bias

මටම මා ගැන, බය හිතෙන ජාතියෙ "TED Talks" එකක් බැලුව. මාතෘකාව "Why you think you're right -- even if you're wrong"


මාතෘකාව පොඩ්ඩක් අවුල් වගේ නේද? එහෙම කොහොමද අපි වැරදි වෙන්නෙ, නේද? අම්මපා, මට හිතුනෙත් ඔහොම්මමයි නෙව? වැඩේ කියන්නෙ ආයිබෝං,   අපි එහෙම හිතන එකටත් නමක් තියනව නෙව? ඒකට කියන්නෙ "Cognitive Bias - The self-serving bias" කියලලු.


අර පලවෙනි වීඩියෝවෙ කියවෙන්නෙ "confirmation bias" ගැනලු. ඒ කියන්නෙ ඉස්සෙල්ලා තීරණයට එළඹෙනවා"Self-regulating free market theory" වගේ එකකට. ඊට පස්සෙ පරිස්සමින් සියලු විරුද්ධ මත බැහැර කරමින්, තර්කය ගොඩ නඟනවා. මේකට දේශීය උදාහරණයක් ගමුකො " ලෝකයේ ඉන්න බුද්ධිමත්ම රාජ්‍ය සේවකයො ඉන්නෙ ලංකාවෙයි" කියල. දැන් ඕක ඔප්පු කරන්නෙ මෙහෙමයි. ගහක් දෙකක් කැපුවාට, ඔක්සිජන් හිඟවෙන්නේ නැත. ඇත්ත නෙව?  ගස් නැති කාන්තාර වලත්, ඔක්සිජන් හිඟයක් නැත. අමූලික ඇත්ත. දැන් කවුරුහරි අපතයෙක් " එතකොට මුදලාලි, කපන්නෙ ගහක් දෙකක් විතරමද?, එව්වට වැසි වනාන්තර කියන්නෙ ඇයි අපෙ හාංදුරුවනේ" වගෙ කඩාකප්පල්කාරී ප්‍රශ්ණ ඇහැව්වොත්, ටක් ගාලා කපලා දාන්න ඕනෙ, නෑ, නෑ ගහ නෙමෙයි, කඩාකප්පල්කාරී ප්‍රශ්ණ අහපු එකාව. 

ඔහෙල දන්නව නෙව, පූරුවෙ කල පව් පල දීලා, මෙහෙ හිටියට, මාත් ඝර්ම කලාපීය බස්සා වග. ඒ නිසා. මට නිකමට හිතුනා, යකඩෝ, අනුන්ට කිව්වට මාත් වැඩකරන්නෙ එහෙම වත්දෑ කියලා?  තමන් හැම විටම නිවැරදියි කියා සිතීම confirmation bias රෝග ලක්ෂණයක් කියන්නෙ. හහ්, එයාල නං කියයි, අපිනෙ දන්නෙ, තමන් වැරදියි කියල පිලිගන්න තියෙන අමාරුව.

ටිකක් කියවල බැලුවාම තිබුනා නිර්දේශ දෙකක්:

1. Reject the first impression.   ඒ කියන්නෙ, If it looks like a duck, walk like a duck, and talk like a duck, then it probably is NOT a duck.  මට තේරෙනවා, විස්වාස කරන්න අමාරු බව. හරි, අපි මෙහෙම අහමුකො? ඔහෙල ඇත්තටම හිතාගන ඉන්නෙ මම අහිංසක බකමූණෙක් කියලද?

2. තමන් නොදන්න බව දැණගැනීම සහ තම වැරදි පිලිගැනීමට තරම් නිහතමානී වීම. ඒ ගුණාංගෙ නං ඉගෙන ගත්තෙ මෙන්න මේ හාදයගෙන්:



"You could never convince a monkey to give you a banana by promising him limitless bananas after death in monkey heaven"

“Ever since the Cognitive Revolution, Sapiens have thus been living in a dual reality. On the one hand, the objective reality of rivers, trees and lions; and on the other hand, the imagined reality of gods, nations and corporations. As time went by, the imagined reality became ever more powerful, so that today the very survival of rivers, trees and lions depends on the grace of imagined entities such as the United States and Google.”

― Yuval Noah Harari, קיצור תולדות האנושות



28 comments :

  1. DGM බැස්ටියන්තුමා නොඇණ අහිංසක සත්වයෙකි

    ReplyDelete
    Replies
    1. සත්ත්වයෙකි කියලා නිවැරදි වෙන්නෙ ඕනා නේද?

      - අහිංසක සඤ්ඤක බකමූණා -

      Delete
    2. ඔව්. චරිත හතක්වත් ඇතිනෙ. සත්සත්වයෙක්

      Delete
    3. ආඳාගෙයි, උලමගෙයි ප්‍රොෆයිල් නැති නිසා හතක්ම නෑ 😂

      Delete
    4. මොකාගෙවත් ඊමේල් ඔබතුමා බලන්නෙ නෑ වගේ දැන්

      Delete
    5. හුටා! ලිස්සල බිමට වැටිලා නෙව? ඕං රිප්ලයි කලා 😊

      Delete
  2. Cognitive bias නරකයි කියලම කියන්න බැහැනෙ. ඒවගෙ අරමුණ අපිට යම් තීරණයක් ගන්න තොරතුරු ගොඩාක් process කරන්න වෙන වෙලාවක අපේ කාලය හා ශ්‍රමය ඉතුරු කරල දීම. ඒවා හොඳම නැහැ, නමුත් නරකමත් නැහැ (heuristics ගැන අහලා තියෙනවද).

    Confirmation bias ගැන හිතුවත් දැන් අපි යමක් තහවුරු කරන්න කාරණා හොයන අතරෙ, අපි හිතන දෙය වැරදියි කියලා පෙන්වන කාරණා තිබුනොත් ඒවා ගැනත් ටිකක් හිතනවනෙ. සමහරවිට අපි මුලින් හිතුව විදිහ වෙනස් කරගන්න වුනත් පුලුවන් ඒ අනුව. දැන් මේ TED Talk එකේ ජූලියා කියන්නෙත් අපි soldier mindset එකෙන් හිටියොත් අපිට ඕනෙ වෙන්නෙ තව කෙනෙක් පරාජය කරන්න විතරයි, නමුත් අපි scout mindset එකෙන් හිටියොත් අපි කරන්නෙ පාර හරිද, බාධක තියෙනවද කියල අවබෝධ කරගැනීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දකින එක. ඒ දෙකම ජීවිතයට අවශ්‍යයයි (complementary). මම තේරුම් ගත්තෙ එහෙම.

    ReplyDelete
    Replies
    1. heuristics? ගුගල් සර්ච් කරලා බැලුවා. තේරුනයි කියල හිතනවා.

      හ්ම්... මම හිතපු විදිහට ටිකක් වෙනස් දෙයක්. අනිවාර්‍යයෙන්ම මට ඒ ගැන හිතන්න වෙනවා. සමස්ථයක් ලෙස ගත්තාම, scout mindset එකේ ඉන්න උත්සහා කරනවා, ඒත් වැඩේ හිතන තරම් ලේසි නෑ.

      මිනිස්සු ගස්, ගල් වලට වැන්ද යුගය පහුවෙලා කියලනෙ හැමෝම කියන්නෙ. මම වරක් දැක්කා ඊ.ඩබ්. අදිකාරම් මහත්තයා මෙහෙම කියල තියනවා " අපි විසාල ගල් තලාවක් පාග ගෙන ගිහින් ඒ ගලින්ම නෙලපු පිළිමෙකට වඳිනවා, එතකොට අපි වඳින්නෙ...". දැන් මේ තර්කය එක්ක එකඟ වෙනවද, නැත්නම් අදිකාරම් මහත්තට නෙලන්න එයාගෙ පැටිකිරිය හොයනවද, නැත්නම් හිමීට ලුහුටලා යනවද කියල හිතාගන්න බෑ. ගස් ගැන නම් කතාකරන්න කොහොමවත් අදහසක් නෑ.

      එක්කො ඔන්න ඔහේ ලිස්සලම යනවා,

      Delete
    2. බස්තියන්තුමා ගැන කොහොමත් ඕපන් මන්ඩ් එකක් තියා ගැනීම ගුණයි.
      If it wriggles like an eel, and slip away like an eel, still, it probably is an owl.

      Delete
    3. අදිකාරම් මහත්මයාගෙ කතාව මම අහලා/කියවලා නැහැ. context එක හරියට දන්නෙ නැතුව ඒ ගැන කතා කරන එක හොඳ නැහැ.(ඒකත් cognitive bias වෙනවනෙ). නමුත් Ajahn Brahm, Thich Nhat Hanh එහෙම කියනවානම් මම අහලා/කියවලා තියෙන්නෙ බුදු පිළිමයකට වඳින කොට අපි තුලම තියෙන හොඳ ගුනාන්ග, e.g. කරුනාව, මෛයිත්‍රීය, virtue (සීල) වගේ දේවල් acknowledge කරගෙන වඳින්න කියලා. The statue reflects those qualities වගේ දෙයක්. එතකොට ඒ පිළිමය හදලා තියෙන්නෙ මොනවයින්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. සමහරවිට අදිකාරම් මහත්මයා කියන්න ඇත්තෙ ඒ වගේ අවබෝධයෙන් තොරව ඔහේ වඳින එක ගැන වෙන්න ඇති.

      Delete
    4. හ්ම්.. බාගදා එහෙම වෙන්නත් පුළුවනි. අරහෙන් කස්ටිය ඇණ, මිටි තියාගෙන බලාගෙන ඉන්නවා. මෙහෙන් scout mindset එක විරිත්තනවා, මෙව්වට හා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. අසරණ පක්සියා ලිස්සලා යන එක අසාධාරණද, අපෙ හාංදුරුනෙ?

      මට නං සංසාරෙ බොහොම දුරයි, උපාසක.

      සමානවී ඉපදී දිවි තලාවේ
      "බයස්" නිසා බකමූණෝ මුලාවේ
      බ්ලොග් ලියලා මොනවද අපි ගෙනාවේ
      ලියන එකත් දැන් දැන් මට එපාවේ

      Delete
    5. //If it wriggles like an eel, and slip away like an eel, still, it probably is an owl//

      Probably a fox, I reckon😊

      Delete
    6. // මිනිස්සු ගස්, ගල් වලට වැන්ද යුගය පහුවෙලා කියලනෙ හැමෝම කියන්නෙ //

      යුවාල් හරාරි මහත්තයානං කියන්නෙ animism වලින් polytheism වලට මාරු වුනා කියලාවත්, polytheism වලින් monotheism වලට මාරු වුනා කියලාවත් අපි ඒ් මූලික සංකල්පෙන් සහමුලින්ම මිදිලා නෑ කියලයි. animism වල හිටපු රුක් දෙවිවරු, ගල් දෙවිවරු polytheism වල ප්‍රධාන දේව සංකල්පත් එක්ක merge වුන අතර, polytheism වල හිටපු බහුතර දෙවිවරු පස්සෙ කාලෙක හීන් සීරුවෙ පස්ස දොරින් monotheism වල දේව සභාවට රිංගුවය කියලයි එතුමා කියන්නෙ. හොඳම උදාහරණෙ ක්‍රිස්තියානි ආගමේ ඉන්න සාන්තුවර සැට් එක. මොන දෙයියා මොන වෙසින් ආවත් මිනිස්සු යන්නෙ තමන්ට උවමනා තමන්ට යමක් කමක් කරලා දෙන දෙයියා පස්සෙ නෙව.

      Delete
    7. බොහොම අපූරු පැහැදිලි කිරීමක්. agnostic බකුසු ප්‍රශ්ණය : කොහොමද ටක්කෙටම කියන්නෙ මොන දෙයියද තමන්ට උවමනා දේ කරලා දෙන්නෙ කියලා?

      Fermi paradox, Rare Earth hypothesis සහ The dark forest theory කියවන්න ගිහිල්ලා පොඩ්ඩක් මොලේ කොලොප්පං වෙලා තියෙන්නෙ. ප්‍රශ්ණ අහනවට ගැත්තාට සමාවෙන සේක්වා

      Delete
    8. ලංකාවට monotheism තියා දෙය්යො ගණන්ගන්න එපා කිව්ව බෞද්ධ දර්ශනයවත් ගැලපෙන්නේනෑ. ඉස්සර හිටපු දෙය්යන් වගේම බුද්දාගම ආවට පස්සෙ හදාගත්ත දෙය්යොත් පන්සලට පූජාවලට රිංගගත්තනෙ. ලංකාවෙ ක්‍රිස්තියානි අයගෙන් අති බහුතරයත් කතෝලික. පෘතුගීසි ගිහින් අවු 400ක් වෙලා පස්සෙ ආපු රෙපරමාදු, ඇන්ග්ලිකන්, බැප්ටිස්ට්, මෙතඩිස්ට්
      වගේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල බලපෑම බොහොම අඩුයි. ලන්දේසි කතෝලික ආගමට ඔයතරම් කරදර කරලත් , ඉන්ග්‍රීසි ඇන්ග්ලිකන් අයට වාසි දීලත් අපේ ක්‍රිස්තියානි අය වැඩිදෙනා පෘතුගීසින්ගෙ කතෝලික ආගම අතඇරියෙ නෑ.
      කතෝලික සාන්තුවරයින්, පූජාවිධි, පූජකයින් අතරමැදියන් ලෙස අනිවාර්‍යවීම වගේ දේවල් අපේ polytheistic සංස්කෘතික ඇදහීම්වලට වඩා ලග නිසා

      Delete
    9. Not only in SL Pra Jay, look how many Buddhas & Bodhisattvas being worshiped throughout the SE-Asia. Doesn't matter whether it's Buddhism or Christianity or any other, what general public expects from religion is solutions for their mundane problems, not Nirvana or Moksha or Heavenly pleasures. That's why they go after 'Gods of small things' leaving aside the core basics of their particular religions.

      Delete
    10. Yes, you are right. But, i was trying to say that the Catholic church has been very adept and successful at making Catholic rituals, saints and the more hierarchical priesthood attractive to formerly polytheistic societies. They modified and absorbed some of the local rituals too into Catholic rites especially in Asia and South America. Protestant faith with its highly monotheistic outlook and direct access to God has not been embraced by the colonies to the same extent as the Catholicism.

      Delete
    11. I think Buddhism too has been somewhat like Catholicism in SL.

      It too absorbed rituals and beliefs from previous faiths and catered to the people's natural superstitions, fears and general human mindset and converted itself to a cultural religion quite unrecognizable from the original in some respects.

      Delete

  3. කැළේ කොළේ සංචාරෙට කැප වීලා
    දවස් හයක් හිටියේ පිටමං වීලා
    කොහොමද ලියන්නේ වීඩියො ටික නොබලා
    මේ ටික ලිව්වෙ ආ බැව් පෙන්වමි කියලා!

    ReplyDelete
    Replies
    1. ඇල්ලෙ පරෙයියන් ඇල්ලුව කියලා
      දුටුවා ඒ විස්තර බ්ලොග් එකේ ලියලා
      ඒක දේවා/බහූ දේවා මට හිරවීලා
      ඒක නිසයි යන්නේ මම ලුහුටාලා

      Delete
  4. සමහර වචන තියනවා කියවීම එපා කරවන. සිංහලෙන්නම් "වියුක්ත". ඔය මගුලෙ තේරුම මට කවදාවත් තේරෙන්නෑ.(දැන් තෝරලා දෙන්න එන්න එප හරිය මොකද මම ඒක කවදාවත් ආයෙ තේරුම් ගන්නෑ කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්නෙ :D) ඉංග්‍රීසියෙන්නම් "cognitive" ඒකත් එහෙම තමා..

    ReplyDelete
    Replies
    1. බරපතල වචනවල සිංහල වචනෙ හොයා ගත්තට එච්චර ප්‍රයෝජනයක් නෑ කියන එකයි මගේ අත්දැකීම. මොකද බොහෝවිට ඒක තවත් දිව උලුක්වෙන වචනයක් මිසක්, self explanatory නොවන නිසා.

      Google search algorithm දැන් ඉස්සරට වඩා සෑහෙන දියුණුයි. වචනයක තේරුම ඇහුවාම, සෑහීමකට පත්වෙන්නෙ පුළුවන් පිලිතුරක් ලැබෙනවා.

      How Google Search Works (in 5 minutes)
      වෙලාවක බයත් හිතෙනවා, අපි කොච්චර තාක්ෂණය මත යැපෙනෙවද කියලත්.

      අතකින් කරවැලකි, අතකින් දඩු බෑය
      මරණ තුනක් ඇති බස්සෙක් පැණි කෑය

      Delete
    2. Cognition කියන්නෙ සංජානනය නෙ සෙන්නො. ඒ් කියන්නෙ ඇසීම, දැකීම, ගඳ-සුවඳ දැනීම වගේ දේ හරහා බාහිර ලෝකයේ ඇති දේ සංවේදනය කරගැනීම.

      Delete
  5. බස්සො මේං මේකත් බලාන්ට හොඳයි. අපි අර කලින් පෝස්ටුවක කතා කරපු දේ සම්බන්ධවයි.

    The EU is considering a ban on AI for mass surveillance and social credit scores

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්. මට හිතෙන්නෙ, AI අපේ පාලනයෙන් ගිලිහෙමින් පවතිනව කියලයි, යම් ආකාරයක පාලනයක් අවශ්‍යයි. AI ගින්දර වගේ- ප්‍රයෝජනවත් පාලනය අප අත තියෙනතුරු විතරයි.

      AI ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න තමා හිතෙන්නෙ.

      Delete
  6. මම බ්ලොග් නොබලන දවස් වලට සිරා ටොපික් ගැන ලිවිම ගැන මගේ බලවත් මෙව්වා එක !.. පරක්කු වෙලා කොමෙන්ට් දැම්මම ගතියක් නැහැ... ඒ වුනාට නොදත් බැහැනේ...

    මට නම් හිතෙන්නේ අපි කොච්චරක් දුරට conditioning වෙලා තියෙනවද කියන එක මත ඕක තීරණේ වෙනවා. තමන්ට තියෙන දැනුම අනුව ගන්න තීරණ වල දැඩි බව එහෙම highly conditioned වෙච්ච අයගේ වැඩියි කියල හිතෙන්නේ නැද්ද ? ඒ condition නිසා ඇතිවෙන ego එක නේද මම හරි කියන තැනට අපිව ගේන්නේ ?

    scout mindset තියෙන අයගේ විදිය කොහොමත් නිදහස් සහ විවෘත වගේම soilder mindset එකක් හැදෙන්න අනිවාර්යයෙන් conditioning තියෙන්නම ඕනේ ..

    අපිට scout mindset එකක් හදා ගන්න නම් we should learn to unlearn.

    ReplyDelete
    Replies
    1. මම හරි !!!! හෙහ් හෙහ් හෙහ්....

      Delete
    2. සමාවෙන්න. මේ කමෙන්ට් එක දැක්කෙ පහුවෙලා.conditioning සහ ego එක ගැන කියපු දේ සමඟ එකඟ වෙනවා. බරපතලම ප්‍රශ්ණය මේකයි: අපි හැමෝම "මම නං එහෙම නෑ. මම මෙහෙමයි" වගේ self-proclaimed පට්ටම අපට දාගෙන ඉන්නව. ඒත් මම බොහෝ විට දැකපු දෙයක් තමා, කවුරු හරි තමන්ව විවේචනය(constructive වුනත්) කලොත්, අර කියපුව ඔක්කොම පැත්තක තියලා වාදෙට යනවා. මාත් එහෙමයි, අපට අපේ ego එකෙන් බේරෙන්න හරිම අමාරුයි. මිනිස්සු rational නෑ කියන්නෙ, ඒ නිසා වෙන්න ඇති.

      මම ඔබේ දැකල තියෙන හොඳ ගුණාංඅයක් තමා" මට නං හිතෙන්නෙ මෙහෙමයි, මම වැරදි වෙන්නත් පුළුවන්" කියලම, තම මතය ඉදිරිපත් කරන එක. තමන්ගෙ මත/විස්වාස මත තදින් එල්ලිලා ඉන්න මිනිස්සු අතරෙ , ඒක දුර්ලභ ගුණාංගයක්.

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code