Apr 27, 2021

අනා-ගතේ තොපේ අතේ

 නවසිය බර ගණන් වල, ඒ කාලෙ තාක්ෂණ ලෝකෙ ලොක්කා වෙච්ච ජපානෙ Fifth Generation Computer Systems project (FGCS) කියල ව්‍යාපෘතියක් ආරම්භ කලා. මූලික අදහස වුනේ, අවු 10 ඇතුලත බුද්ධිමත් කම්පුටරයක් නිපදවීම. ලෙසටම, ව්‍යාපෘතිය අසාර්ථක වුනා.ඒ වෙනකොටත්, ලෝකෙට නව තාක්ෂණික නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දුන්න "ජපන් හපනුන්ගෙ " Asimov රොබොට්ටා තමයි මේ: 

"ඇසිමෝ" අපේ ආතා වගේ බොහොම පරිස්සමින් අඩි තියලා, දෙකට නැවිලා ඇවිද්දා, ඉඳලා හිටලා ෆුට් බෝලෙකට පයින් ගැහුවා. ඉතිං, වෙනද වගේම ඉර  පෑව්වා, මල් පිපුනා, කුරුල්ලො සිංදු කිව්වා,  ඔහොම කිසිම අවුලක්, කනස්සලක් නැතුව කාළය ගලාගෙන ගියා.

ඒ කාලෙ කස්ටිය මෙහෙම "රොබෝ නැටුං" කියල නැටුමකුත් නැටුවා.



ඒත් ලඟකදි ඉඳං මේ තත්ත්වය ( කොහොමද මගේ සඤ්ඤක, ඈ?) වෙනස් වෙන්න ගත්තා. මට නිකන් විචිකිච්චාවක් වගේ එකක් පහල වුනා. එතකොට තමා මෙයාලා අපිට නැටුං පෙන්නන්න ගත්තෙ.


ඈ බොල රොබෝ සිංඤෝ, උඹ මොකාටද එන්න හදන්නෙ? දැන් ඔහෙලට හිතෙන්නෙ මෙයාල හරි "කියුට්" කියලද? එයාල නටන්නෙ ඇයි?  මට නං ඒක එච්චර ඇල්ලුවෙ නෑ, මේක අපට ආතල් දීමක් විතරක්ම නෙමෙයි කියල හිතෙන්නෙ මට විතරමද?

ඔහෙලට කියන්න ආයිබෝං, මට නං හොටේ ඉඳන් නැට්ටටම දාඩිය දැම්මා. අර සවුදි අරාබියො බෞතීස්ම කරවපු "සොෆියා" ගැන මට අවුලක් නෑ. ඒත් Boston Dynamics රොබෝල වෙනම ලෙවල් එකක්. දැන් ඔහෙලා කියාවි, මම පිචෑර් බලල , නිකාං බයවෙන බස්සෙක් කියලා. ඇත්ත, මම agnostic බස්සා, හැම එකම ප්‍රශ්ණ කරනවා. ඒත් ඊලොන් මස්ක්ටත් එහෙම හිතෙනව කියන්නෙ?



මම ඊලොන් මස්ක් අනුගාමිකයෙක් නෙමෙයි. Apple, John Deere වගේම Tesla ගෙන යන unethical business practices ගැන මට සෑහෙන අවුලක් තියනවා, ඒත් ඒක එහෙමයි කියලා, ඊලොන් මස්ක්  අලුතෙන් යමක් ලෝකයට දුන්න බව පිලිගන්න මම මැලිවෙන්නෙ නෑ.

මෙහෙම කියන ඊලොන් මස්ක්ම, Neuralink එකත් කරනව කියල ඔබ කියාවි. ඊලොන් මස්ක්ගෙ ගේම් එක මොකක්ද කියලා මම දන්නෙ නෑ. හැමෝගෙම එක, එක ඇජෙන්ඩා ඇති. Agnostic බස්සො ඔය හැමදෙයක්ම, හැමදෙනෙක්ම දිහා බලන්නෙ සැකෙන්. ඔටුවෙක් වගේ , එකම මතයක එල්ලිලා ඉඳගෙන, මම හරි තාර්කිකයි, සුනම්‍යයි කියල හිතාගෙන හිටියට වැඩක් වෙන්නෙ නෑ. වෙනස් වන ලෝකෙත් එක්ක, අපේ විස්වාස, මත වෙනස් කර ගන්න ඕනෙ. Neuralinkවත් AI වත් යන ගමන නවත්වන්න අපට බෑ, එහෙම වෙන්න ඕනෙත් නෑ. ඒත් මේ වීඩියෝවෙ නඟන සාධාරණ තර්ක සුළුවෙන් තකන්න අමාරුයි.

ඩාර්වින්ගෙ පරිනාමවාදෙ Survival of the fittest තියරියෙන්  සතුන්ගෙ පැවැත්ම/වඳවීම පැහැදිලි කරනව. එතකොට AI අපේ පාලනයෙන් ගිලිහුනොත් මොකද වෙන්නෙ? ලෝකෙ ඉරණම තීරණය කරන සුළු පිරිස, හැමදෙයක්ම කරන්නෙ ලෝක සුභසිද්ධිය සඳහාමයි කියල මම නං හිතෙන්නෙ නෑ. මම හිතන්නෙ ඊලොන් මස්ක් මට වඩා හොඳට ඒක පැහැදිලි කරනව " අධි වේග පාරක් හදන කොට හුඹහක් තිබුනොත්,වේයන්  ස්වර්ගස්ත වන්නේ , අපි වේයන්ට වෛර කරන නිසා නොවේ" කියල.

එන්ගලාන්තෙ කුරුල්ලො ගැන පර්‍යේෂණ කරපු හාදයෙක්, සම්පූර්ණ අවුරුද්දක්ම රෑට බස්සෙක් වගේ කෑ ගහලා, ඒ සඳහා ආපු "බකුසු ප්‍රතිචාර" ලේඛනගත කලාලු. පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ " ප්‍රතිචාර බස්සා" අල්ලපු ගෙදර හාදය බව.

-පුවතක්-

පස්සෙ ඒ හාදයා මන්නෙකුත් අරන් අල්ලපු ගෙදරට ගියාද කියල, මේ දවස්වල ඩ්‍රැකියා බිසි නිසා, බුරාගෙන් තමා අහන්න වෙන්නෙ.

25 comments:

  1. ඇසිමොෆ් ගේ කතාවකද රොබෝස්ලා ක්‍රමක්‍රමයෙන් හියුමන් ඕගැනික් කෑලි දාගෙන, හියුමන්ස්ලා රොබෝටික් බයොනික් කෑලි දාගෙන අන්තිමටම දෙගොල්ලොම එකවගේ වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් මතක නෑ. ලෝඩ් බුර්ගෙන් තමා අහන්න වෙන්නෙ

      Delete
    2. https://en.wikipedia.org/wiki/Segregationist_(short_story)

      The story depicts a future where robotic prosthetics for humans and artificially-created organic body-parts for robots (known as Metallos) are commonplace. Metallos have been granted equal status with 'normal' humans.

      A man, who has been granted the right to long life (possibly immortality) by an official Board of Mortality, meets the surgeon who is to assist in the performance of heart replacement surgery on the man. The surgeon offers him a choice between a metallic or fibrous cyber-heart. The man stubbornly refuses the doctor's attempts to persuade him to accept a fibrous heart, saying that it's "weak," as compared to a metal heart.

      Later, the surgeon remarks to a medical engineer that he would rather that humans and robots stick to being what they are instead of becoming similar. The engineer calls such talk "segregationist", to which the surgeon replies that he "doesn't care." At the end of the story, the surgeon is revealed to be a robot himself.

      Delete
    3. ජෝක් එක මතකද නැගෙනහිර ජර්මන් ස්විමර්ස්ලා ගැන. එහෙ උත්තේජක, ඩෝපින් හා එන්හෑන්ස්මන්ට් වලින් ක්‍රීඩකයින් ශූරයන් කිරීම රජයේ ව්‍යාපෘතියක් වගේ තිබුනනෙ. ජෝක් එක තිබුනෙ තව ටිකකාලයක් ඕක කලානම් නැගෙනහිර ජර්මන් ස්විමර්ස්ලාට කරමල් හා වරලුත් එයි කියලා

      Delete
    4. //...කරමල් හා වරලුත් එයි කියලා//

      That's a good one, mate :)

      Delete
  2. //එතකොට AI පාලනයෙන් ගිලිහුනොත් මොකද වෙන්නෙ?//

    එතකොට AIලා නියුක්ලියර් හොලොකොස්ට් එකක් කරලා ලෝකෙ පාලනය ගන්නවා. බැස්ටියන්තුමා හියුමන් ෆ්‍රීඩම් ෆයිටර් ලීඩර්වෙනවා. ආර්නෝල්ඩ් ස්වාර්ට්ස්නෙගර් මුලින් බැස්ටියන්තුමා ඉපදීම වලක්වන්න එනවා. ඒවා හරියන්නෙ නෑ. බැස්ටියන්තුමා කොහොමහරි ඉපදෙනවා. ආඳා මෝඩ් එකෙනුත්, නරි මෝට්ස් එකෙනුත් සියලු රොබෝ ඇණ පරදා ෆ්‍රීඩම් ස්ට්‍රගල් එකේ ලිස්සමින් ඉන්නවා.
    පස්සෙ බැස්ටියන්තුමා අනාගතේ ඉඳලා ආර්නෝල්ඩ්ව එවනවා ෆීමේල් රොබෝ ඇණතුමිය විසින් බැස්ටියන්තුමා ඉපදීම වැලැක්වීම වලක්වන්න.
    (ආර්නෝල්ඩ්ට නම් දැන් බස්සෙක් මීයෙක් අල්ල්ලන එකවත් වලක්වන්න බැරි නිසා ඉන්ගලන්තෙන් හරි රූකඩ රොබෝතුමෙක් එවන්න වෙයි )

    ReplyDelete
  3. දැන් ඕක නතර කරන්ඩ බැහැ... AI නැතුව අපිට දැනටම ජිවත් වෙන්න බැරි වෙන්න පටන් අරං තියෙන්නේ... හෙහ් හෙහ් .. රොබෝලා ගැන බය වෙන්න කලින් ඔන්ලයින් බඩු ගන්න වෙබ් සයිට් එකේ අපිට suggest වෙන බඩු හින්ද අපේ ජිවිත කොච්චර ලේසි වෙලා ද කියල හිතල බැලුවනම් නරකද ..

    මේ දැන් ටිකකට කලින් මම මගේ යාලුවෙක් ගෙන් whatsapp එකේ අහපු ප්‍රශ්නෙකට උත්තරේ මගේ ෆෝන් එකේ google app එකේ ඊට පැය දෙකකට පස්සේ පෙන්නන එකෙන් මගේ වැඩ කොච්චර ලේසි වෙනවද .. හෙහ් හෙහ් ..

    තේ හදල ලඟට ගෙනත් දෙන රොබෝ කෙනෙක් (වයිෆ් ට රොබෝ කියන්න හොඳ නැහැ ලු ) හිටියනම් දැන් මට තේ එකක් බොන්න කුස්සියට යන්නේ නැතුව මේ ඇඳ උඩ ඉදන් බ්ලොග් ටිකක් කියවගෙන ඉන්ඩ තිබ්බ නේද ..

    ReplyDelete
    Replies
    1. බැලුව, බැලුව...අපිට suggest වෙන බඩු හින්ද අපේ ජිවිත කොච්චර ලේසි වීම වගේම, පොකැට් එක සැහැල්ලු විම ගැනත් හිතලා බැලුවා.

      මේ ඔක්කොම කස්ටිය අතරින් දක්සම සහ most elusive animal කවුරු කියලද හිතන්නෙ? නෑ, ආඳා නෙමෙයි, Google.

      Delete
    2. ඔච්චර මහන්සි වෙලා සර්ච් එන්ජින් එකක් හැදුවේ පොල් කඩන්න හිතාගෙන නෙමේනේ... අපි නම් Google ට මොකුත් කියන්නේ නැහැ.. රස්සාව කරන් ඉන්නේ උන්දැට පින් සිද්ද වෙන්න නේ ..

      Delete
    3. //රස්සාව කරන් ඉන්නේ උන්දැට පින් සිද්ද වෙන්න නේ ..//

      හුටා! එහෙම නං මුකුත් කියන්නෙ කොහොමද? හැබැයි ඔහොම යනකොට උන්දෑ පොලුත් කඩයි :)

      මමත් අකමැත්තෙන් වුනත් පිලිගන්නව Google විවේචනය කරන්න අමාරු බව. අද අපි භුක්ති විඳින ඩිජිටල් විප්ලවයේ සෑහෙන කොටසක බර දරන්නෙ Google. එත් Agnostic බස්සෙක් වශයෙන් මට favorite ල නැහැ.

      මම කැමතියි Google ට මදුරුවා කියන්න. එන්නෙ සිංදුවක් දාගෙන. ඇවිත්, අපටත් ඉතුරු කරලා ටිකයි අරන් යන්නෙ. යන්න කලින් විද්දා කියල දන්නෙ, ඇවිත් ගියාට පස්සෙයි :)

      You are on sale

      Delete
  4. //මම මගේ යාලුවෙක් ගෙන් whatsapp එකේ අහපු ප්‍රශ්නෙකට උත්තරේ මගේ ෆෝන් එකේ google app එකේ ඊට පැය දෙකකට පස්සේ පෙන්නන එකෙන් ...//

    අමුත්තෙක් හම්බවුනාම " වයස කීයද? බැඳලද? ලමයි කියද? පඩිය කීයද? කියල අහන අපට, privacy කියන එක ආගන්තුක වචනයක් වුනාට, ලෝකෙ බොහෝ අයට ඒකෙ වටිනාකමක් තියනවා. Privacy සහ Google කියන දෙක එච්චර එකට පෑහෙන වචන දෙකක් නෙමෙයි. අපේ පහසුව සඳහා personalized search ගන්න, ලොකේෂන් එක දෙන්න වෙනවා. නොදුන්නත් IP ඇඩ්‍රස් එකෙන් ගනීවි. මේක catch 22 situation එකක්. අපි හැමදෙයක්ම හොයන්නෙ google හරහා. බලාගෙන ගියාම අපි ගැන අපේ අම්මා-අප්පා නොදන්න දේත් google දන්නවා. ඒත් එහෙමයි කියලා googleට free pass එකක් දෙන්න අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ.

    ඕං ආයෙමත් මට දාඩිය දාන්න ගත්තා.

    ReplyDelete
  5. 'අමුත්තෙක් හම්බවුනාම " වයස කීයද? බැඳලද? ලමයි කියද? පඩිය කීයද? කියල අහන අපට, privacy කියන එක ආගන්තුක වචනයක් වුනාට, ලෝකෙ බොහෝ අයට ඒකෙ වටිනාකමක් තියනවා'.
    The best thing I have heard from someone with a Sri Lankan origin (allegedly) for a while.

    ReplyDelete
    Replies
    1. Yep, been there and done that. I'm a 100% purebred tropical owl. By any chance, are you related to our hammer wielding Norse god gentleman? Allegedly, eh?

      Delete
    2. Legend says, Thor goes by another name, in this mortal world. They say, he may has lost his divine power, but not the hammer. Could be, running a side business, like picket-fencing, I presume. Though he likes nails, owls are his sworn enemies, if my memory serve me correct.

      Hela? Sis? Am I having a gender crisis, here???

      Delete
    3. Err. I wouldn't know.
      Loki, then?

      Delete
  6. උචිතයාට හිමි වෙයි නම් ජයෙන් ජය
    මිනිස් සතාටත් එය පොදු විය යුතුය
    අපත් සතුන් වග අමතක කළාමය;
    ටැපලෙන්නේ අපව ලොකු පඹ ගාලකය!

    ReplyDelete
    Replies
    1. කවියට, කවි පිලිතුරක් දෙන්නට හිතලා
      බැලුවෙමි, අහෝ! කවි ඉස්ටෝරුව හිඳිලා

      Delete
    2. හිඳිලා නෙවේ කවි - ඉස්ටෝරුව බිඳලා
      කවි ටික උස්සලා - බස්සගෙ කට බැඳලා

      Delete
    3. හා ඔය ඉන්නෙ. ආං අරහෙ hammer wielding "nose" god gentleman අහනවා ඇසිමෝව්ගෙ කතාවක් ගැන. මාව crucify කරන්න ඉස්සෙල්ලා උත්තර දුන්න නං, තරහා අවසර ආයිබෝවන්ඩ

      Delete
    4. අර අගේට උන්දෑම උත්තර බැඳලා තියෙන්නෙ ආයිබොවන්ට

      Delete
    5. එහෙනං, අපි හැමෝම පිලිගන්නව නෙව, එයා දක්ස හාදය බව? ප්‍රශ්ණෙ අහල, එයාම උත්තර බැඳලා, තව ඉතිං ඇණේකුත් ගහලම යයි :)

      Delete
  7. // AI අපේ පාලනයෙන් ගිලිහුනොත් මොකද වෙන්නෙ //

    ඒ්ක දැනටමත් වෙලා කියලයි මට හිතෙන්නෙ. අපි නොදැනුවත්වම අපේ ජීවිත ටිකෙන් ටික AI වල පාලනයට බාරදීලයි මේ බලන් ඉන්නෙ. Digital currency, Social credit systems, Green Pass/ Health Passport ඔය ඔක්කෝම අපව AI algorithms ඇතුළට දාන උප්පැරවැට්ටි නෙවෙයි ද? කවදාක හරි අපට උවමනා වෙලා පාලනය ආයෙමත් අපේ අතට ගන්ට ගිය දාට තමා ගේම පට්ටාං ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුටා! අර ගොයියා "It's already too late" කිව්වෙ ඒක නිසා වත්ද? මට හිතගෙන හිටියෙ AI growth එක Logarithmic Curve වගේ වුනත්, තාමත් කල් තියෙනව කියලයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code