Apr 28, 2021

විකල්ප තාක්ෂණය සහ තැපෑලෙන් ආ පූසා


 Here kitty kitty kitty- nope, not that kind of cat කියලා පෝස්ට් එකක් තිබුනෙ EEVblog Electronics Community Forum  එකේ. මේ කතා කරන්නෙ multimeter වල තියෙන CAT rating ගැන.

ඔය EEVblog  Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය.  කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා. 

 හොඳම දේ, මේ අපි වගේ මඤ්ඤං පිස්සොත් ඉන්නවා.. එහෙම එකෙක්,  electric bug zapper  එකකට multimeter එක අල්ලලා, අහනවා මීටරේ මලාද කියලා? ඒක දැක්කාම මට හිනා ගියත්,  මට තේරුණා මම ආවෙ හරි තැනට කියලා. මම දැක්ක හොඳම දේ තමා, වැඩි දෙනෙක් ඒ ක්ෂේත්‍රයේ විශාරදයො වුනත්, අර නවකයට අපහාස නොකර, කියා දුන්න එක. මෙතන ඉන්නෙ යමක්-කමක් දන්න අය. ඒ නිසා යූ-ටියුබ් එකට වඩා යමක් ඉගෙන ගන්න පුළුවන්.

මගේ ප්‍රියතම යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂකයෙක් තමා මේ ඉන්නෙ. 


අවුල කියන්නෙ ඔය ගැලෙව්වෙ, මගේ ගාවත් තියෙන "තැපෑලෙන් ආ චීන පූසෙක්".  නිගමනය -පූසා ෆේල්. ලාබෙට අස්පයො ගත්තාම ඔහොම වෙනව කියල, කව්දෝ කිව්වා කියලත් ලාවට වගේ මතකයි. ඉතිං, මම කිසිවකට නොසැලෙන "තාදී ගුණය" ප්‍රගුණ කලා. නෑ, නෑ මගේ චාජරෙන් "මැජික් ස්මෝක්" ආවෙ නෑ. ඒත් මම තීරණය කලා උන්දැව විශ්‍රාම යවන්න.

විකල්ප තාක්ෂණය  

චීන පූසො, ඔහෙල හිතන තරම්ම නරක නෑ. 
එකම දේ, මෙන්න මේ golden rules දෙක අනුගමනය කරන්න ඕනෙ.


1. Always go for a over-kill. අවශ්‍ය වොට් 50 නං අඩුම ගානේ වොට් 100 එකක් ගන්න.
2. තම-තමන් ගේ ආරක්ෂාව තමාම සලසා ගන්න. ඒ කියන්නෙ ආපු ගමන් සොකට් එකට ඔබන්නෙ නැතුව, ගලවල බලනව. බලන්න ඕනෙ මොනවද කියල දැන ගන්න තමා EEVblog  Forum එක ඕන වෙන්නෙ.

ඔහෙලට මතකද මන්දා, "කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2" පොස්ට් එකේ ලියපු USB-C  powered Soldering Iron එක ගැන. ඔව්, ඔව් RISC-V ප්‍රොසෙසර් එක තමා. නෑ ඇටැච් බාත්-රූම් එකක් නෑ, ඒත් motion sensor  එකක් නං තියනවා.

මේක පොඩි උනාට 65 වොට්ස් වෙනතෙක් දෙන්න පුළුවන් භාණ්ඩයක්. මුල ඉඳන්ම ඕනෙ වුනේ මේකට USB-C හරහා වැඩ කරවන්නයි. හේතුව සරලයි: USB power delivery protocols.

තේරෙන බාසාවෙන් කිව්වොත් චාජරෙයි,  Soldering Iron එකයි කතා කරගෙන එකඟතාවයකට එනවා, වැඩ කරන්න පුළුවන් උපරිම ධාරිතාව ගැන.

Soldering Iron: මේ හලෝ.ඔයා ගාව PD 3 තියනවද?

චාජරේ: තමුසෙට පිස්සුද ඕයි? මම ලාබ චීන පූසෙක්. QC 3 නං තියනවා. 12V  තමා උපරිම දෙන්න ඇහැකි.

Soldering Iron: හා, එවනවකො. ඒත් මට ඔහේව විස්වාස නෑ. ඉස්සෙල්ලා 5V එවලා ටික, ටික වැඩි කරලා බලමු.



මේ වැඩේට කොහොමත් මගේ ගාව තිබ්බ, ධාරිතාවෙන් අඩු චාජරේ හරි නොයන බව, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? අනික අඩුම ධාරාවකින්, වැඩිම ධාරිතාව ගන්න නං 20V දෙන PD 3 තියන චාජරයක් ඕනෙ වෙනවා.


ඕක ගෙන්න ගන්න කොට ෂිපින් ගෙවන්න වුනා නෙව. මම කලේ ඒකට බැර වෙන්න, ගෙන්න ගත්තා එයාලගෙම PinePower DeskTop ඒ පාර්සලේම . යැංකි සුපියල් 35  කට 120W කියන්නෙ නරක ඩීල් එකක් නෙමෙයි. අනික QC 3 යකාට ගියත් PD 3 - 20V තියෙනවා.

එකම අවුල, මේකෙ සැබෑ කොලිටිය ගැන කරපු රිවීව් හොයා ගන්න නෑ. ඒ නිසා මම ගැලෙව්වා මදේ. මෙන්න තොරණෙ විස්තරේ:






මඟුලක් අහනවා? ජැපනීස් කැපෑසිටර් තිබ්බෙ නෑ. ඇයි සුපියල් 35 ට මිලිටරි ග්‍රේඩ් කම්පෝනන්ට්ද බලාපොරොත්තු වුනේ?

වැදගත්ම එක හොඳට රබර් ඇහැ දාලා බලන එක. ඒකෙන්ම කිව්වෑකි, මේක "එපා වාහෙට හොදි බෙදන්න" වගේ කරපු ජොබ් එකක්ද නැත්ද කියලා. Dry soldering joints, Flux residue traces, ට්‍රිම් නොකර ඉතුරු කරපු නැටි,  heat sink/ bridge rectifier වලට හේත්තුව දාගෙන ඉන්න උස කැපෑසිටර් වලින් telltale කතාන්දරයක් කියවෙනවා. මම එහෙම "අතපසුවීම්" දැක්කෙ නෑ.  මම අපේ චෙකොස්ලෝවැකියානු යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂක මහතා තරම් දස්ස නැති නිසා, එච්චරම ගැඹුරු පරීක්ෂණයක් නොකලත්, දැකපු දේ අනුව සෑහෙන්න පැහැදුනා.  NTC thermistor සහ ඇත්තම safety capacitor පාවිච්චි කිරීම හොඳ ලක්ෂණයක්.

Fuse -OK
Creepage and clearance distance -OK
Common mode noise rejection - OK
Input/output filtering  - Not the best, but adequate
Heat sinks,  isolation and mechanical stress - OK 
Soldering - OK
Dual rail power design - Good

දැන් වැදගත්ම කොටස. මොනවද අවුල් කියන එක? output capacitor ratings එච්චරම හොඳ නෑ,  output එකට වඩා 5V තමා වැඩි. කේස් එක ප්ලාස්ටික් නිසා අදාල නූනත්, PE connection  එකක් තිබ්බ නම් තමා නියම. Dual rail power, විසාල Heat sinks  සහ  high efficiency, buck converter නිසා එච්චරම අවුලක් නැති වුනත්, ventilation ගැන නම් හිතලවත් නෑ. නිකන් දීපු අස්පයා - 10W wireless charging . Display එකෙන් එච්චරම accuracy  එකක් බලාපොරොත්තු නූනත්, වරදක් නෑ. Display එක ඔෆ් කරන්න තියෙන, ටච් සෙන්සර් එකත් හොඳ ඔප්ෂන් එකක්.




38 comments:

  1. අනේ මම නොදරුවා! ඔය වාගේ දේවල් පාවිච්චියක් නෑ.
    මගේ සේරෝම ගැජට්-බැජට්, විදුලි උපකරණ... වැඩ සේරම කරවාගන්නේ ඒ වැඩවලට ඔස්තාද්ලා වෙන තරුණ හාදයන් ලව්වා.
    ලජ්ජා නැතිව වුණත් කීවෑකි බස්සා මහත්තයෝ, මංතුමාට සුවිච් එකක් හයි කරගන්න තරමටවත් තාක්ෂණ ඥානයක් නෑ නොවැ.
    ඉතිං ඔබතුමාගේ post එක කියෙව්වා වුණාට ඉතිං, බූරුවාගේ පිටේ හකුරු පැටෙව්වා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. මේක මහ බෝරිං පෝස්ට් එකක්. නිදි වඩා බර කලාවට නිසා, කමෙන්ට් තියා කියවයි කියලවත් හිතුවෙ නෑ. ස්තූතියි. මේ සාවියේ නීතී හරි තදයි.ඥාණෙ ඇතා-නැතා, ලයිසොම නැතුව වයරි කරල මාට්ටු වුනොත්, බඩුම තමා. ඒකට හේතුවක් නැත්තෙමත් නෑ. ඥාණෙ තියෙනව කියල හිතාගෙන ඉන්න ඈයො, සුවිච් එකෙන් නියුට්‍රල් එක විසන්ධි වෙන්න වයරින් කරලා මාට්ටු වෙලා ඇති.

      USB charger ගෙදරක නැතිවෙන්න විදිහක් නෑ නෙව? එකම ප්‍රශ්ණෙ, වැඩිහරියක් බොහොම කුඩායි- නව තාක්ෂණය. හැබැයි ඒ හැටි ආරක්ෂාකාරියි කියල කියන්න අමාරුයි.
      මට කියන්න ඕනෙ වුනේ, මෙන්න තියනවා බැංකුවක් නොකඩා ගන්න ඇහැකි, පෝට්ස් 5ක චාජර් එකක්. මිලේ හැටියට, කොලිටිය හොඳයි, ගත්තට පාඩුවක් නෑ කියලයි.

      අපි වගේ සිම්පල් බස්සො කියන දේ, විස්වාස කරන්න අමාරුවෙයි කියල හිතුන නිසා පිංතූර ටිකකුත් දැම්මා. චැහ්, දැං මට තේරෙනවා, දන්න කරුමාන්තයක් කොරගෙන, ඔය හිටියා වගේ ඉන්න එක හොඳයි කියලා.

      Delete
    2. නෑ නෑ බස්සා මහත්තයෝ. බූරුවා කරේ තියාගෙන ගිය තාත්තයි-පුතයි වගේ එකෑවර හැමෝම සතුටු කළ හැකිය? ලියන්න හිතෙන දේ ලියමු! එයින් වැඩ ගන්න අය ගනියි නෙව.

      Delete
    3. වෙලාවට මේ කොමෙන්ට් එක තිබ්බේ.. නැත්නම් ඔක්කොම තේරුණා වගේ ඉන්න තමයි වෙන්නේ මොකුත්ම නොකියා.. දැන් ආයෙම පොස්ට් එක කියවල පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් :))

      Delete
    4. බොහොම ස්තූතියි නිදි, නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ හිටි මගේ හිත හැදුවට. තනි ඇහැට ඇඩෙනවා, මට කවුරුත්ම මහත්තයා කියල නෑ. උලමා කියල නං, කියල තියනවා. ඒත් මං වැඩිය කැමති නිකම්ම බස්සා කියනවට.

      Delete
    5. @කල්‍යාණ මිත්‍ර
      මගේ පරණ හිතවතෙක්, කාලෙකට ඉස්සර කෝල් කලා. මම එව්වර කැමති නූනත්, හාර-හාර මගෙන් පෞද්ගලික විස්තර ඇහැව්වා. අහල "අයියෝ, ඔක්කොම අවුල් කරගෙනනේ" කියලත් කිව්වා. ඒ තමා එයගෙයි-මගෙයි අවසාන කෝල් එක.
      හ්ම්....මට දැන් තේරෙනවා, ලෝකයා අපිට "අවුල්" කියන්නෙ ඇයි කියලා.🤔

      සංෂිප්ත සාරාංශය:
      මගේ පඳුරු තැලිල්ල අතෑරලා ගත්තාම, කියල තියෙන්නෙ පොඩි USB වෝල් සොකට් චාජර් වල අවුල ගැන. මෙව්වා කෙලින්ම Main AC එකට ප්ලග් වෙන, ප්‍රශ්ණාත්මක ගැජමැටික්. එක හේතුවක්, ඔක්කොම කොම්පෝනන්ට්ස්, සාඩින් වගේ පැක් කිරීම.

      හොඳ චාජර් තියෙනවා, හැබැයි මිල අධිකයි. මේකෙ තියෙන පෝට්ස් 5 තඩි චාජරේ කොලිටිය හොඳ පාටයි. Fast charging වර්ග බොහොමයක් සපෝට් කරනව. එච්චරයි 😜

      Delete
  2. // මට කියන්න ඕනෙ වුනේ, මෙන්න තියනවා බැංකුවක් නොකඩා ගන්න ඇහැකි, පෝට්ස් 5ක චාජර් එකක්. මිලේ හැටියට, කොලිටිය හොඳයි, ගත්තට පාඩුවක් නෑ කියලයි //

    ඉතිං ඒක සිංහලෙන් කියලා දැම්මානං අහවරනෙ...

    ReplyDelete
    Replies
    1. හුටා! ඔන්න බලාන්ට ඒකෙත් හැටි? එහෙම කිව්වා නං, රට්ටු කයි කතන්දර කියන එකක් නැහ්ද, හැබෑටම? අනික අර "රටේ-ලෝකයා" මහත්තයා මොනව නොකියාවිද? උඹැහෙට කියාන්ට, බුරෝ විචිකිච්චාව තමා හරහට හිටියෙ.

      Dual rail power stage - පීලි දෙකේ බල වේදිකාව.
      නෑ. නැතුවට කමක් නෑ. මගේ ටැක්නිකල් පෝස්ට් ලිවිල්ල, ඈවරයි,දෑවරයි.... හමාරයි!

      Delete
    2. එහෙම පහුබහින්ටෙපා පින්වත. "හුහ්! එවුවා කොහෙද? මගේ බ්ලොග් එකේ මටෝනේවා නෙව ලියන්නෙ" කියලා පොඩි තගක් දාන්ට.

      // Dual rail power stage - පීලි දෙකේ බල වේදිකාව //

      බොට මං කියාපු එක තේරිලා නෑ මහිතෙ. මං විහිළුවට නෙය කිවුවෙ "කියන දෙයක් හිංගලෙන් කියන්ට" කියලා. නැතුව අර අමාරු පාරිබාසික වචන හිංගලෙන් කියන්ට කියලා නෙවි.

      Delete
    3. පුහ්!..... මදෑ ඔයින් ගියා. ඒත් මට නං තාමත් හිතෙන්නෙ, ටැක්නිකල් සහ බස්සා යන වචන පෑහෙන්නේ නැති බවයි.😊👌👍

      Delete
    4. මං ආසාවෙන් කියවපු පොතක් තමයි නෑදෑයෙක්ගෙ ගෙදරදි බලපු විදුලි ඉන්ජිනේරු වචන පාරිබාසිකව දෙන සිංහල ග්ලොසරි එක. සමහර වචන කහිනවා, කිවිසුම් යනවා, බර්ප් කරනවා වගේ ශබ්ද අනුකරණයෙන් හදාගෙන තියෙන්නෙ මගෙ හිතේ. නොට් ටු බී අවුට් ඩන් බයි විදුලි ඉංජිනේරු කියල සරත් කොටගම මහත්තය Velvet fronted Nuthatch කුරුල්ලට සිංහලෙන් නම දැම්මා විල්ලූද අලීක යටිකුරිත්තා කියල එතුමාගෙ පොතේ.

      Delete
    5. හෙහ්..හෙහ්..විල්ලූද අලීක යටිකුරිත්තා🤣🤣🤣

      ඔය ඉඳලා හිටලා වැටක් ගැහැව්වට, ඔබතුමා නැති පෝස්ටුව, පරිප්පු නැති හෝටලයක් මෙනි😜

      Delete
  3. මේවා තමා වැඩි වැඩියෙන් ලියන්න ඕනේ... මටත් ඔය ගැජමැටික් කෑලි තියෙනවනම් කන්න ඕනෙත් නැහැ වගේ... කොච්චර ඉලෙක්ට්‍රොනික් වලට ආස උනත් මම ඔය සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගන්නේ නැහැ කවදාවත්... ඉස්සර සෙනිත් සඟරා බල බල සර්කිට් ඇටෙව්වා ... දැන් ඒවා මතකත් නැහැ .. ඔන්ලයින් ඉගෙන ගන්න හොඳ කෝස් එහෙම නැද්ද බස්සෝ... සර්ච් කලාම කෝස් ලක්සයක් විතර තිබ්බට මුල සිට සරලව තියෙන හොඳ එකක් හොයා ගන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. //..සර්ච් කලාම කෝස් ලක්සයක් විතර තිබ්බට..//

      හෙහ්..හෙහ් ඔන්න ඕක තමා අවුල. electronics 101 කියන එක ටිකක් හොඳ කී-වර්ඩ් එකක්, සර්ච් කරන්න. ඉගෙන ගන්න අවශ්‍ය මූලිකම සුදුසුකම, තමා නොදන්නා බව දැන ගැනීම කියන එක තමා මගේ විස්වාසය. ඒත් උපදෙස් දෙන්න, මම දන්නෙ මොනවද කියන එක මටම ප්‍රශ්ණයක්. සුද්දා නං ඕකට කිව්වෙ "Please take it with a grain of salt" කියලයි මයෙ හිතේ :)

      ඉලෙක්ට්‍රොනික්ස් කියන්නෙ මිය යමින් පවතින කලාවක්. ඒත් ආත්ම තෘප්තියට සහ ලාබෙට "චීන පූසො" අල්ලන්න කැමති නං component basics ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මොකද ඒ ටික නොදැන, සමහර අය කියාගෙන දේ නොතේරී "WTF" කියල හිතෙන්න ඉඩතියෙන නිසා.

      A simple guide to electronic components

      ට්‍රාන්සිස්ටර්(BJT) වැදගත් වෙන්නෙ සිද්ධාන්තය ඉගෙන ගන්න විතරයි. දැන් පාවිච්චි වෙන්නෙ විවිධ FET. පවර් ට්‍රාන්ස්ෆෝමර්, SMPS වලින් රිප්ලේස් වෙලා. උනන්දුවක් තියෙනව නං ඉගෙන ගන්න වටින දෙයක්තමා Buck-Converter එක.

      DIY Buck/Boost Converter (Flyback) || How to step up/down DC voltage efficiently

      Buck-Converter හැම තැනම පාවිච්චි වෙනවා. USB power brick, Laptop charger, computer power supply, motherboard සහ Grapics Card එකේ පවා. ඒකෙ එක කොටසක් තමා FET.ඒ නිසා, failure-mode, breakdown voltage, leakage current වගේ දේවල් ගැනත් ටිකක් විමසිලිමත් වෙන එක හොඳයි.

      Isolation Transfomer - 100W ඇමසෝන් එකේ සුපියල් 20 සහ ඔල්ඩ් ඉස්කූල් Transfomer සහිත bench power supply( with CC, CV) සුපියල් 40 හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්.

      Delete
    2. මේ කමෙන්ට් එක කියෙවුවහම මයෙ ඔළුවෙ කන්ඩෙන්සර් ටික සේරම රත් වෙලා ගියා කියහංකො... :-D

      Delete
    3. ගලවල බලපං. ෂුවර් එකටම කස්ටිය හීට් සින්ක් එකකට හෙත්තුව දාගෙන ඇති🤣

      Delete
    4. මේ කොමෙන්ට් එක කියවල තේරුම් ගන්නත් කෝස් එකක් කරලා එන්ඩ වෙනවනේ .. හෙහ් හෙහ් හෙහ් ..

      [ඉලෙක්ට්‍රොනික්ස් කියන්නෙ මිය යමින් පවතින කලාවක්.]
      මට නම් එහෙම හිතෙන්නේ නැහැනේ ... වෙන කවදාටත් වඩා ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු කාලයක් නෙමේද මේක ?

      හැබැයි ඉලෙක්ට්‍රොනික් වෙනස් වෙලා.. මොඩ් වෙලා... මම ආසා අන්න ඒ මොඩ් වැඩ කරන්න.. කෝඩ් කෑල්ලක් ලියල බල්බ් එකක් පත්තු වෙන එකේ පොඩි මෙව්වා එකක් තියෙනවා මට නම් ..

      හැබැයි අර බේසික් ටික නැතුව ලොකු දෙයක් කරගන්න බැහැ.. IC ඩිසයින් කොහොම වෙතත් අර කිව්වා වගේ හරි විදියට voltage එක current එක කන්ට්‍රෝල් කරගන්න දැන ගන්න ඕනේ..

      Delete
    5. //කෝඩ් කෑල්ලක් ලියල බල්බ් එකක් පත්තු වෙන එකේ පොඩි මෙව්වා එකක්..//

      එහෙම නං, මට හිතෙන්නෙ පැතුම්ට ගැලපෙන්නෙ PINECIL – Smart Mini Portable Soldering Iron එක කියලයි.

      Open Source Soldering Iron firmware for Miniware and Pinecil

      මට නං ESP32 "Blinky" ගෙන් එහාට යන්න බැරි වුනා, මේ චීන්නුත් එක්ක බෑ අප්පා. අපි යමක් කරන්න හිතන කොටම, මෙන්න Aliexpress එකේ ඒක තුට්ටු දෙකට තියනවා.

      Delete
    6. Sort algorithm තේරුම් ගන්න programmer කෙනෙකුට මෙව්වා එච්චර අමාරු වෙන්න විදිහක් නෑ. PID (proportional–integral–derivative) controller නං ඔන්න ටිකක් සංකීර්ණයි කිව්වෑකි. හැම හොඳ Soldering Iron එකකම වගේම මේ PINECIL එකෙත් එයින් එකක් තියනවා. බෝනස් පොයින්ට් එක: එක තියෙන්නෙ firmware code එකේ. ආන්න ඒකෙ නං"එකේ පොඩි මෙව්වා එකක්" තියෙනවා 😂

      විදුලිය විසන්ධි කරලා, primary side තඩි කැප් ඩිස්චාජ් කරගත්තට පස්සෙ සර්කිට් ටෙස්ට් කලෑකි. අවශ්‍ය නම් අර ඔල්ඩ් ඉස්කූල් Transfomer සහිත bench power supply එකකින් current limit කරපු voltage inject කල හැකි. කලාතුරකින්වත් wall plug AC දෙන්න වුනොත්, Isolation Transfomer එකක් හරහා දෙන එක අනිවාර්‍යයි. මෙව්වා හොඳ පුරුදු😜

      Delete
    7. බවුත් එකකට මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් ඕනේ වෙයි කියල මුළු ජීවිතේටම හිතිලා තිබුනේ නැහැනේ... මේක දකිනකම්.. සංසාරේ.. හැබැටම මේ ගැජට් දෙකම සෑහෙන වැදගත් තමා.. මම මේ රටේ සල්ලි කාබාසිනියා කරන වෙබ් සයිට් එක පීරලා හොයල බැලුවත් මිට සමාන ගැජට් දෙකක් හොයා ගන්න බැරි වුනානේ ..

      සල්ලි සල්ලි කියල හිතන්නේ නැතුව ඕඩර් කරන්න ගියාට බවුත් එක ඉවර වෙලාලු...

      බස්සා දිගට මේවා ගැන ලියයි කියල හිතනවා... මේවා දකිනකොට තමා මොන මොනවා හරි කරන්න මෙව්වා එකක් එන්නේ ... හෙහ් හෙහ්

      Delete
    8. මේක community project එකක්. ලාභයක් බලාගෙන කරන එකක් නොවන පාටයි. බවුත් එක ආපු ගමන් ඉවර වෙනවා. ඊලඟ බැච් එක එන්නෙ මැයි 5. මම කලේ කලින්දා රෑ 11.00 විතර ඕඩර් කරපු එකයි.

      බවුත් එකේ data sheet/schematic/document

      ආයෙ මකබාස් ජොබ් එකක් කරගම ලියන්නම්. එකම ජාතියෙ උනන්දුව තියෙන අය මුණ ගැසීම සතුටක්😊

      Delete
    9. //වෙබ් සයිට් එක පීරලා හොයල බැලුවත් මිට සමාන ගැජට් දෙකක් හොයා ගන්න..//

      Aliexpress එකේ පෙනුමෙන් මෙයට සමාන චාජර් තියනවා. හැබැයි මදේ මොන වගේද කියන්න දන්නෙ නෑ. Pine Store වෙබ් සයිට් එකේ කියනවා, එයාල Reference Design (supplied by chip manufacturer - free to use) අරගෙන "වැඩි දියුණු" කල බව. ඔවුන්ට රැකගන්න "නමක්" තියනවා, වෙනස ඒකයි.

      Delete
  4. ආන්න ඒකයි...මට නං මල් පහට තේරුනා...දැං ඔය යූ.එස්.බී චාජර් තියෙනවා නේද...ඇත්තටම ඒ මොනවද? යූ.එස්. කියල නම දීලා තියෙද්දිම චින්නු එව්වා හදන එක කැතයි නේද? හරියට ලංකාවේ හදන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් යූ.එස්.බී! අහල තියෙන විදිහට "ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්" හොයා ගත්තෙ ප්‍රංසෙ නෙමෙයිලු. අපේ ප්‍රාජේ ගෙන් ඇහැව්ව නං ටක්කෙටම කියයි.

      Delete
    2. https://www.howtogeek.com/713525/the-usb-paradox-why-do-usb-connections-need-three-tries/

      Delete
  5. කෝ ඔයචාජරේ ගන්න තැන ලින්කුව ? Soldering Iron එකක් නම් තියනව. ලාභ එකක් ලිඩ්ල් එකෙන් ගත්ත. වීඩියෝ එකට නම් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. Post එකේ අන්තිමට link එක දැම්මා, එච්චර පැහැදිලි නැතුව ඇති. මෙන්න EU plug version එක:

      https://pine64.com/product/pinepower-120w-desktop-power-supply-eu-version/?v=0446c16e2e66

      ස්තූති කරන්න ඕනෙ මට නං නෙමෙයි. අප දැනන් හිටිය සම්ප්‍රදායික දැණුම බෙදා හැරපු ක්‍රමවේද උඩු-යටිකුරු වෙමින් පවතිනව. පොඩි chaotic ගතියක් තිබ්බත්, මේ වෙනසට මම නං කැමතියි.

      Delete
    2. ලින්කුව දැක්කේ නැහැ. වයසට ගිහින් නේ දැන් . ඔෆිස් එකෙන් ලැපට දුන් එක තියනවා. මම බැලුවේ දුවාට එකක් අරන් දෙන්න . ඔය කඩලා බලන් ඒවාට වෙලාවක් නැහැ . ජිවිතේ කෙටියි මල්ලි :)

      Delete
    3. ඔව්, කෙලින්ම AC Mains ප්ලග් කරන ඒවා ඇරෙන්න,මමත් Low Voltage එව්වා කඩලා බලන්නේ අඩුවෙන්. බොහෝ විට කරන්නෙ රිවීව් කියවන එක තමා.

      දැන් සතුටුයිද ජෝනා? මේ මොනව අහනවද වැන්දබෝනා��

      Delete
    4. යකඩෝ වචනත් මතකයි මෙයට.

      Delete
  6. ඔව්. සෑහෙන්න දුරට ඔබ නිවැරදියි. ඒත් ගොරකා කෑල්ල කැබලිවලට කඩා දැමීමට වඩා තලා දැමීම සුදුසුයි කියලා යුලිසිස් එකේ ජේම්ස් ජොයිස් කියල තියන නිසා දුන්හිද ඇල්ලට වඩා ජල ධාරිතාවක් දියලුමෙන් ගලා යාමෙන් ඇතිවූ වලගම්බාහුගෙ ගල්ගුහාවෙන් හොයාගත්ත ජිරාෆ් ඇටසැකිල්ලෙන් ලාවලු ගෙඩි කඩන්න ගැනීමෙන් උරහිස් ඇටය පනින්න පුලුවන් කියලා රිකී මාටින් කියනව.

    ReplyDelete
    Replies
    1. බොරුවක්, මුසාවක් කියනව නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ, මම ගොරක කෑවෙ නෑ. නැත්නම් මේ නිදිගෙ පෝස්ට් එකට දාන්න කුරුමානම් අල්ලපු කෙමෙන්ට් එකක් වත්ද මෙහෙ වැටිලා තියෙන්නෙ?

      Delete
    2. හුහ් වැරදිලා??? පෝස්ටුවෙ හැටියට තමයි කමෙන්ට්. මොකද මට ඕවා නොතේරෙනවයි කියල හිතුවද? ජේම්ස් ජොයිස් ලාවලු කඩන විදිහ ගැනනෙ ලියල තියෙන්නෙ.

      Delete
    3. ඇන්නෑවේ! ඔය තේරිලා තියෙන්නෙ යස අගේට😂
      ඔබතුමාගේ තාක්ෂණික ඥාණය ගැන කුකුසක් ඇතිකර ගැනීම ගැන නොසැලකිලිමත් සඤ්ඤක පක්සියාට සමා වුන මැනව.

      Delete
  7. කියෝගෙන ගියාට පෝස්ට් එකේ වැඩි හරියක් තේරුනේ නෑ. ආයෙ හදිස්සියෙ කියෝල මොකටද මොළේ ෆියුස් පුච්ච ගන්නෙ. ඔන්නොහෙ නිවී හැනහිල්ලෙ කියෝනව පස්සෙ.

    ReplyDelete
    Replies
    1. මගේ පඳුරු තැලිල්ල අතෑරලා ගත්තාම, කියල තියෙන්නෙ පොඩි USB වෝල් සොකට් චාජර් වල අවුල ගැන. මෙව්වා කෙලින්ම Main AC එකට ප්ලග් වෙන, ප්‍රශ්ණාත්මක ගැජමැටික්. එක හේතුවක්, ඔක්කොම කොම්පෝනන්ට්ස්, සාඩින් වගේ පැක් කිරීම.

      හොඳ චාජර් තියෙනවා, හැබැයි මිල අධිකයි. මේකෙ තියෙන පෝට්ස් 5 තඩි චාජරේ කොලිටිය හොඳ පාටයි. Fast charging වර්ග බොහොමයක් සපෝට් කරනව. එච්චරයි 😜

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code