May 1, 2021

බස්සා දුටු හීනයක්


මම කැමතියි දවල්ට බුදියන්න. හරි, හරි නිසාචර කතාව හින්දම නෙමෙයි, වෙන හේතුවක් නිසා. දවල් එක්තරා වෙලාවක බුදිය ගත්තාම, අමුතුම හීන බලන්න පුළුවන් නිසා. මේ එහෙම දැක්ක හීනයක්,

මම හිටියෙ තට්ටු දෙකේ පරණ තාලෙ ගෙදරක, උඩ තට්ටුවෙ කාමරයක. ඒ කාමරේ බැල්කනියකුත් තිබුනා. කාමරේ හිටියෙ මමයි, තව මිත්‍රයො දෙන්නෙකුයි. ඔහොම ඉන්න කොට පිටසක්වල ජීවින් තුන් දෙනෙක් ආව. උන් ආවෙ පියාඹලා. ඇවිත් මගෙ ඔලුවට ගාබේජ් බෑග් එකක් දාලා, මාව බැල්කනියට ඇදගෙන ගියා. ඒ අරං ගියේ බිමට අතෑරලා මාව මරන්න. මම බෑග් එකේ එල්ලිලා, මාව ඇදගෙන ගිය එකාව ආපහු කාමරේට ඇදගෙන ආවා, අපි දෙන්නෙක් , දෙපැත්තෙන් අල්ලලා, ඇන්නා පිටසක්වලයගෙ ඔලුව බිම. තුන්වෙනි යාළුව, අතේ තිබුණ කෝප්පෙන් පිටසක්වලයගෙ ඔලුවට එකක් පතබෑව. ඒ ජවනිකාවෙ එච්චරයි මතක.

පිටසක්වලයො රොබොල සැට් එකක් එව්වා. උනුත් ආවෙ පාවෙලා. එකෙක් ෆුට් බෝලයක් විතර ඇති. ටිකක් R2-D2 වගේ, වටේටම ලයිට් පත්තු වෙනවා. උන් කෙලින්ම ගියේ පහත මාලයේ තිබ්බ ඩිෂ්-වොෂර් එක ගාවට. ගිහින් කොටස් දෙකට බෙදිලා දෙපැත්තෙ හිට ගත්තා. ඊට පස්සෙ ඩිෂ්-වොෂර් එක ඇරලා, එක එක අරගෙන පාස් කරන්න ගත්තා. උන් හෙව්වෙ, අරූට තඩි බාපු කෝප්පෙ.

හීනෙ තව දිගයි, ඒත් අසම්පූර්ණයි, කඩින්, කඩ තමා පෙන්නුවෙ. දැන් මට තියෙන ප්‍රශ්ණෙ ඇයි අර කෝප්පෙ හෙව්වෙ කියලයි? නඩු භාණ්ඩයක් විදිහට ගන්න ද?  

Imagination - that's your creation


ඒ Netflix කස්ටියගෙ imagination එකක් -  Future of mankind in 4 minutes. හැබෑටම එහෙම වෙයිද, ඈ? ජෝ ස්කොට් නං කියන්නෙ, අපේ හිත අපට බොරු කරනව කියලයි, අනේ මන්දා!


28 comments:

  1. https://earthobservatory.nasa.gov/features/SpottedOwls/spotted_owls_5.php

    https://www.amazon.com/Girlfriend-Came-Outer-Space-Explicit/dp/B084G888WX

    ඇණ ඇණමයි

    ReplyDelete
    Replies
    1. ගැහුවොත් ගැහුවමයි "රිටිගල" ඇණ 🤣😂😊

      Delete
  2. Love, Death and Robots සීසන් 2 එනවලු මේ අවුරුද්දේ. මම කට ඇරන් බලං ඉන්නේ .. හෙහ් හෙහ්..
    මම ජීවිතේටම කරපු එකම පරිවර්තනේ කලේ ඕක බලල... හෙහ් හෙහ් ..

    https://biththiya.blogspot.com/2019/06/zima-blue-1.html

    ReplyDelete
    Replies
    1. සෑහෙන දිගයි, හෙමීට කියවනවා😊

      Love, Death and Robots සීසන් 1 බලන්න ගත්තා. ඒත් මගේ ෆේවරිට් "බ්ලැක් මිරර්"😂

      Delete
    2. ඔච්චර හොඳයි කියල මේ දෙන්නම කියනවා නම් බලමු නේ.

      Delete
    3. සීසන් 1 එකේ එපිසෝඩ් 18 ක් තියනවා.සමහර එව්වා "සහාසික" පැත්තට බරයි. ඔක්කොම අමුතු කතා, එ අතර හොඳ එව්වා තියෙනවා.

      Delete
  3. R2D2 කොම්පියුටර් ස්පීකින්.. ඔව් මට පෙන්නුම් කරනවා.. අදත් නෑමක් වගේ තමයි..

    මීට- චව් චව්.

    ReplyDelete
    Replies
    1. මගේ මතකය නිවැරදි නං, ඕක R2D2 ගොම්පීටර් වෙන්න ඕනෑ. අහා! මගේ ප්‍රියතම චරිතය - චව් චව්. "ඕක නං කවදාවත් හරියන්නෙ නෑ" කොච්චරවත් කිව්වෙ " නෑ, බෑ" කියලම තමයි.

      එක්තරා සංස්ථාවක, මැද සාලෙ ඉඳලා කැන්ටිම දක්වා දිවෙන පටු කොරිඩෝවක් තිබුණා. ඒ කොරිඩෝවෙ කෙලවර වම්පැත්තෙ තමයි "හඞ කැවීමේ මැදිරිය" තිබුනෙ. "කට ඇරියොත් වචන ඔබනවා" කියල උඩින් ගහල තිබ්බ නිසා, කස්ටිය ඔතනින් ගියේ කසාය බීපු ගොලුවො වගේ.

      ඒ අංසෙ ප්‍රධානියා වැඩට ආවෙ "බඹර" වගේ, ඒත් කවදාවත් ඒක රාජකාරියට බාදාවක් වුනේ නෑ. ඇරත් "නැවකට එකක්" විතරක් එන ඒ අසාමාන්‍ය මිනිසාට චැලෙන්ජ් කරන්න පුළුවන් ජගතෙක් එහෙ හිටියෙ නෑ. වෙලාවට වැඩකරපු එයා, තවත් ඒ වගේම අසාමාන්‍ය, ඒත් වැඩිය උස නැති අයෙකුට " බැරි නං බෑ කියල කිව්ව නං ඉවරයිනෙ" කියා. කැන්ටිමේදී හොඳටම දෙහි කැපූ බවත්. එසැනින්, එතැනදීම එලියට ආ පෑනක් "බැහැයි කියල, බැහැයි කියල බෑ" ගීතය ලියූ බවත් ජන ප්‍රවාද වල කියවෙනවා.

      RIP - මගේ ලෝකය එලිය කල, අසාමාන්‍ය මහත්වරුනි.

      Delete
    2. මං හිතෙන්නෙ මට උතුර-දකුණ මාරු වුනා, ඕක මට නිතරම වෙනවා. ඒත් confirmation bias පොඩ්ඩක් මුහු කරලා මෙහෙම කැව්වෑකි නෙව? කැන්ටිම පැත්තෙ ඉඳන් එනකොට වම් පැත්ත🤔

      Delete
    3. https://lk.linkedin.com/in/athula-ransirilal-413550117
      විතරයිද බැස්ටියන්තුමාගෙ කලීග්ස්ලගෙන් තාම එතන ඉන්නෙ?

      Delete
    4. කොටයි කියල හිතලද "ඇම" දැම්මෙ?🤣😜
      අපි නං අහුවෙයි ඔව්වට හෙහ්. හෙහ්

      Delete
    5. ඕකට හඬ දෙකැවි මැදිරිය කියල නම දැම්මේ ඇයිද දන්නේ නෑ.. මොනා උනත් මම නම් ආස අර අන්තිමට රොබින්හුඩ් ගේ ඊතලේ වැදිලා බිත්තරේ කුඩුවෙන සීන් එකට. :)))

      Delete
    6. හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එකේ? හිතන්හිටිය තරම් මතකයක් මට නෑ නෙව, බලන් හියාම?

      ටයි මහත්තයගෙ අයියා(ඊලියන්) ගබ්දකෝෂෙ හෛ හෙළ හවුලෙ හරි හිටියා, එහෙන් ආපු වචනයක් වෙන්ටෑ?

      Delete
    7. //හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එකේ? හිතන්හිටිය තරම් මතකයක් මට නෑ නෙව, බලන් හියාම// ඔහේත් ෆිල්ම් එකේ නං ලිස්ට් එක දාන්න පටංගන්නකොට නැගිටල එන ජාතියෙ පොරක් වෙන්ටැ.

      Delete
    8. හරියටම හරි, කවදාවත් "ටයිටල්ස්" නොබලනව විතරක් නෙමෙයි, මුලින්ම දාන නම් කොටසත් ස්කිප් කරලයි බලන්නෙ😂

      Delete
  4. 'ප්‍රිස්න් බ්‍රේක්'එකට ඇබ්බැහි වෙච්චි තරම නිසා බයටම tv සීරීස් බැලීම නැවැත්තුවා.... blog එක ලියන්න ගත්තාම ඒකටත් වෙලාව යන්න ගත්තනේ.. ඉඩ ලැබෙන විදිහට films විතරක් බලනවා!

    ReplyDelete
    Replies
    1. හැමෝම 'ප්‍රිස්න් බ්‍රේක්' ගැන කියනවා. ඉස්සෙල්ලා ට්‍රේලර් එක බලන්න ඕනෙ. හොඳ film බැලුවොත්, ඒ ගැනත් ලියන්න. ජාලෙන් ලැබුන හොඳම වාසිය, නිදහස් දැණුම බෙදා ගැනීමේ පහසුකම කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. ප්‍රිස්න් බ්‍රේක්, Breaking Bad කියන්නේ බලන්නම ඕනේ කතා නේ.

      Delete
    3. ඔච්චරම කියන එකේ, බලන්න උත්සාහ කරන්න ඕනෙ. අවුල, දැන් මගේ රසවින්ඳනය වෙනස් වෙලා තියෙන එකයි🤔🤔

      Delete
  5. දවල්ටවත් රොමෑන්ටික් හීනයක් පේන්නෙ නැද්ද. පවු ආ බස්සො. Aliens .. yuck.
    අර දෙවෙනි විඩියෝ එකට මන් කැමතියි හිමින් බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. Joe Scott ගෙ වීඩියෝ ව්ලට ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. බලන්න

      Delete
  6. මළ්ම නම් කන්න හිතුන දේ ඔහේ කනවා. සීනි පප්‍රශ්න එන්නේ ඒ නිසා වෙන්න ඇති හේ හේ

    ReplyDelete
    Replies
    1. සීනි ප්‍රශ්නෙ විතරක් නෙමෙයි අජිත් අයියගේ කීබෝඩ් ප්‍රශ්නෙකුත් තියෙනව වගේ. :D

      Delete
    2. ඔය කීබෝඩ් ප්‍රශ්නෙ නං මටත් තියනවා සිංහල වලට. ටච් ටයිපින් ඉගෙන ගන්නකම්. අජිතුත් ලොකු වුනාම, ටච් ටයිපින් ඉගෙන ගනීවි. එතකොට හරි යන්නෙ නැතෑ?😜

      Delete
    3. ඔව් ඔව් අන්න තේරුනා , කී බෝඩ් ප්‍රශ්නේ නම් ලෙසටම තියනවා , කොහෙද අපට ඕව හරියට ඉගැන්නුවේ නැහැනේ (සීනි පප්‍රශ්න- කියවන විධිහට ලිවිම )

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code