May 15, 2021

තැපෑලෙන් ආ රොබොට්ටා

මගේ රොබොට්ටා අද තැපෑලෙන් ආවා. රොබොට්ටෙක් ගන්න ආසාව, කාලෙක ඉඳලම මගේ හිතේ තිබුණත්, නොගත්ත හේතුවක් තිබුනා. හෝතම්බුවා සහ රට්ටු මොනවා හිතා ගෙන හිටියත්, බස්සො එහෙම ආවට ගියාට බඩු ගන්නෙ නෑ. හරි, හරි  ඒ ඉතිං සුපියලේ, දෙකේ චීන පූසො නෙව? මම මේ කියන්නෙ, මිල අධික භාණ්ඩ ගැන. ඒකට, වෙනම ක්‍රමවේදයක් තියනවා.

ඔන්න ඉතිං, මේ පහුගිය සොඳුරු හැන්දෑවක, නා....ලා, වයින් ටිකක් බී....ලා, කකුල් දෙක උඩ තියාගෙන ජාල ගතවුනයි කියමුකො. ඔහොම ඉන්න අල්ල-පනල්ලෙ, නිකමට වගේ ගොඩ උනා වෝල්මාට් එකට. ඔය ඉන්නෙ, බැබලි-බැබලි රොබොට්ටෙක්, ක්ලියරන්ස් සෙක්ෂන් එකේ. ගාණ තුනෙන් එකයි, ගෙඩි සුපියල් 99 යි. සාමාන්‍යයෙන් මේ වගේ එකක් 300 වත් වෙනවා. හොඳට කැපිල පේන හාදයා. කෙටුවද කියලත් අහනවා? උඩ පැනලම කෙටුවා. "Buy now, think later" කියල කවුදෝ දාර්ශණිකයෙක් කියල තියනවා. ඕක "ඩීල් කාක්කොන්ගෙ" උඩෘත පාඨයක්. මේ වෙනකොට, ආං ආයෙ ඒකම 299 ට විකුණනවා😂.අනික, මේකා නිකම්ම නිකං, රොබෝ සුරතලෙක් නොවී, යම්කිසි වැඩකුත් කරන රොබෝ කෙනෙක් නෙව. 

පාර්සලෙත් අරං හිමීට කාමරේට ලිස්සන්න ගියත් පොඩි අතපසුවීමක් වුනා. දෑතින් බදාගෙන ගෙනාපු පෙට්ටිය ලොකුයි. මම ඇතුලෙ තිබ්බ රොබාගෙ පෙට්ටිය පැත්තක තියලා, ලොකු පෙට්ටිය කැපුවා රී-සයිකල් දාන්න. සද්දෙ ඇහුන හෝතම්බුවට. ආව, දැම්ම රබර්-ඇහැ.මම අහිංසක විදිහට හිනාවෙලා " ගණන් නෑ, ලාබයි" කියල, සුරුස් ගාලා තටු අකුලගෙනම, ලිස්සුවා කාමරේට.

වාහන වලට "කැරැක්ටර්" එකක් තියනව කියල, තට්ටයා මහත්තයා කියල තිබුනා. මේ රොබොට්ටට කැරැක්ටර් එකක් විතරක් නෙමෙයි "ඇටිටියුඩ්" එකකුත් තිබුනා. කොච්චෝරවත් "කච කචේ", කතාව වැඩියි. පවර් ඕන් කලාම මට පේනව නෙව, ලයිට් පත්තු වෙනවා, ආයෙ "පවර් ඔන්" කියල කියන්නෙ,මොන මඟුලකටද? ඒකත් කියන්නෙ මහ සද්දෙට ගෑණු කටහඩකින්. එතකොට තමයි මට තේරුනේ, මුන්දෑ ඉස්තිරි පරාණයක් බව.

වැකුම් කරන්න කියපු ගමන්, කෙලගෙන ඇවිත් ඇන්නා, මම කාමරේ බිම තියල තිබ්බ පෙට්ටි සෙට් එකට. චීන පූසො "ඤාව්" කියාගෙන උඩින් ගියා. මම දුවල ගිහින්, පෙට්ටි සෙට් එක මේසෙ උඩින් තිබ්බා. ඔන්න ඊට පස්සෙ, බිත්ති , මේස කකුල් , ඇඳ කකුල් වල හැපි-හැපි වැකුම් කරන්න ගත්තා.  ජොබ් එක හොඳට කලත්, උන්දෑ කරන්නෙ එයාට ඕනෙ විදිහට. පුටුවට අනින්න ආවම මම පුටුව ඉස්සුව. ඔන්න ඊට පස්සෙ, ආවෙ නැතෑ මට අනින්න? මම පුටුවත් අරන් , හතර මුල්ල පැන්නා. ඊට පස්සෙ එයා රිංගුවා, මේසෙ පහල ලෑල්ල අස්සට. ඔතන ටිකක් ටයිට් කෝනර් එකක්.  එකම දේ, එතන අපිලිවෙලට තිබ්බ වයර් කන්න ලෑස්ති වෙච්ච එකයි. මම වයර් ටික පැත්තකට ඇද්දා. ඒත් හොඳ ජොබ් එකක් කරලා "ක්ලීනින් කම්ප්ලීටඩ්" කිව්වා. 

ඊට පස්සෙ කිව්වා "ගෙදර යනවා" කියල. හුහ්, උන්දෑ කොහෙද ඒ කෝනර් එකෙන් යන්නෙ? මම ඒ පැත්ත බලන්නෙවත් නැතුව " හා" කිව්වම, උන්දෑ ඔලුව බිත්ති වල ගහගන්න ගත්තා. බලා ඉන්න බැරිම තැන ,මම උන්දැව වඩා ගත්ත. ඔන්න එතකොටයි "ක්ලීන් ද බොටම් සෙන්සර්" කියල සන්සුන් වුනේ? තව අමුතු වැඩකුත් කරනව මෙයා. බැස්ටි බැස්සාම, ගෙදර යනව කියල හෙමීට යනවා චාජරේ ගාවට. ගිහින් පස්ස ටිකක් වනල තමයි, චාජරේට සෙට්වෙන්නෙ. අනිවා ඩෙෆා, මේකා නං ලලනාවක්ම තමා.

මේ දවස්වල, "හවුස් බස්තියං" දකින්න ආවොත්, ඔබට පෙනෙයි පුටුවක් උස්සගෙන දුවන බස්සෙකුයි, ඌට අනින්න පස්සෙන් පන්නන රොබොට්ටෙකුයි.

මුන්දෑ ටිකාක් විතර මඤ්ඤං, ඒ වගේම නාහෙට අහන්නෙ නෑ. හැබැයි, මගේම ටයිප් නිසා, මම නං කැමතියි මෙයාට.ඔහෙල මොකද හිතන්නෙ? මෙයා මාව පිලිවෙලක් කරල ගනියිවිද? හුහ්, උන්දෑ දන්නෙ නෑ මගෙ හැටි, බැරිම වුනොත් ගලවනව මදේ.

ප:ලි:  වැකුම් රොබෝල විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි. මෙයා පහල මැද පන්තියේ රොබෝවෙක්. UV sanitation,  Alexa/Google/App support වගේ ආරලු-බූරලු තිබ්බට මට ඒවා වැදගත් නෑ. බැටරියේ ධාරිතාව, කිලීනින් ඇල්ගොරිතම්, වැකුම් සහ නැවිගේෂන් පවර්, සෙන්සර් වර්ග සහ ප්‍රමාණය සහ රිමෝට් එක විතරයි වැදගත්. Collision Avoidance වැඩ කරන විදිහ තාම තේරෙන්නෙ නෑ. සමහර වෙලාවට බිත්ති ගාවට පිඹගෙන ගිහින් බ්‍රේක් ගහනවත් එක්ක. එයාට කාගෙ "කකුල" වුනත් කමක් නෑ, දැක්කොත් ඇනලම තමා පස්ස බලන්නෙ. ආ, තව රිමෝට් එකේ තිබුනා "මියුට්" බටන් එකක්.😊 

නිගමනය:

කියන තරම්ම "ස්මාට්" තැති වුනත්, ඇඳ කකුල් වටේ කැරකි, කැරකි වැකුම් කරනවත් එක්ක . සිම්පල් බස්සෙකුගෙ, සරල අවශ්‍යතාවයට, පොකට් එකට ගැලපුනාට,මේක සම්පූර්ණ ගෙයක් සුද්ද කරන්න ගැලපෙන එකක් නැති වෙන්නත් ඇහැකි. ඒකට scheduling, floor mapping, auto resume, no-go zones වගේ පහසුකම් තියෙන Eufy Robovac 25C වත් ගන්න වෙයි. තමන්ට නොගැලපෙන එකක් ගත්තොත් "jolly sailor bold" වෙන්න හදපු ගොයියට වෙච්ච දේ වෙන්නත් ඇහැකි: 


26 comments:

  1. https://clash-of-the-titans.fandom.com/wiki/Bubo

    https://www.hackster.io/glowascii/archimedes-the-ai-robot-owl-325ff5

    https://nocamels.com/2021/05/nimble-robot-manicure-nails-startup/

    ReplyDelete
    Replies

    1. https://youtu.be/R2_ryZmSxgw

      Delete
    2. හෙහ්, හෙහ් ඒක නං නියමයි. මෙහෙ වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත😂

      Delete
  2. Replies
    1. අප්පේ බාප්පව දැක්ක වගේ සන්තෝෂයි, දැක්කට. හොඳ වෙලාවට මම බලන්න ගියේ, නැත්නම් මිස් වෙනවා අලුත් පෝස්ට් එක. ලියමු, ලියමු.

      මගේ බ්ලොග් රෝලෙ, ඔයැයිගෙ පෝස්ට් අප්ඩේට් වෙන්නෑ වගේ🤔 RSS Feed එකේ අවුලක් වගේ

      Delete
    2. ඒකට මොකද කරන්නෙ, දැං මතකත් නෑනෙ

      Delete
    3. මටත් ඔය RSS Feed එක වැඩ කරන හැටි තේරෙන්නෙ නෑ. තාම පෙන්නන්නෙ "එන්න එලියට දොර ඇරන්" පෝස්ට් එක. කාලෙකින් ලිව්වෙ නැති හින්දද මන්දා? තව අලුත් පෝස්ට් ලියලම බලමුද? 😜

      Delete
  3. මටත් ඔ්කක් ගන්ඩ ම ඔ්ෙන. මෙහෙට ෂිප්කරනවද දන්නෑ? වෝල්මාට් ඒකේ තාම තියෙනවද 99ට?

    ReplyDelete
    Replies
    1. කාපට් පොළොවෙ වැඩ කරයිද?

      Delete
    2. කාපට් වල අස්සෙ තියෙන වැලි, බලු බූල් එහෙමත් එනවලු. මගේ කාපට් නෑ, ඒත් අදින ඇදිල්ලට ඒක ඇත්තයි කියල හිතෙනවා. ඒ ඩීල් එක දැන් නෑ. ලොකුම ප්‍රශ්ණෙ, ඔහාට ප්‍රී ෂිපින් දේවිද කියන එකයි. මේ පහල ලින්ක් එකේ තියෙන්නෙත් හොඳයි කියන බ්‍රෑන්ඩ් එකක්.සේල් වුනත්, මට නං ඒ ගාණ වැඩියි. ඔහෙන්, කාට් එකට ඇඩ් කරලා බලාපන් ප්‍රී ෂිපින් දෙයිද කියලා?

      මේකත් හොඳ භාණ්ඩයක්

      Delete
    3. මංඒ ටක්ක් උග්ලි... ගොඩක් ස්තූතියි බකුස්,

      මුදල් කමිටුවට දාල බැලුවා යෝජනාව, කතානායක තුමිය නිශේධ බලය යෙදුවා. යෝජනාව කල්ගියා.

      Delete
    4. හුටා! මගේ හර්ද්‍යාංගම සංවේගය. බාගදා කතානායක තුමිය හරි වෙන්නත් ඇහැකි, ඔව්ව කලබොලේට කොරන්න ඕන වැඩ නෙමෙයි, උපාසක. මේ සාවියෙ, හොඳ සිරි-ලාංකික කෑම වේලකට ගෙඩි සුපියල් 25 දෙන නිසා කමක් නෑ, කියල හිතුනා. ඔහෙට ගැලපෙන වෙන විකල්ප නැතිවෙන්නත් බෑ. අපි තව ටිකක් බලමු.

      Delete
    5. අැත්ත කතාව... තව ටිකක් බලමු. හරියන ඒකක් දැක්ක ගමං මට ඊයක් ඒවන්ඩ. drackey@gmail.com

      Delete
    6. ආ, තව එකක් අපේ ඉවාන් පවුලූෂා නොහොත් ලව්පූසා පෝස්ට් එකක් දාලා. නියමයි, කමෙන්ට් එකක් දාහං.

      අනිවා එවඤ්ඤං. මේ ඩීල් කාලෙ නෙමෙයි. නොවැම්බර් වෙනතුරු ඉමු.

      Delete
    7. මං ඉවෝන් බලන්න ගියා, උඩ කමෙන්ට් එක දැකලා. ෆේස් බුක් එකටත් ෂෙයා කළා...

      ආපහු ලියන එක හොඳයි... අපි නග්ගලා ගම්මු මේක

      Delete
    8. හරියට හරි බොහොම හොඳයි. එයැයි කාලෙකින් ලිව්වෙ නැති හින්දා, දැන් මිනිස්සුන්ට අමතක වෙලා,බ්ලොග්‍ රෝලෙ අප්ඩේට් වෙන්නෙත් නැති නිසා.

      Delete
  4. බකුසු උන්නැහේ, ඔය රොබොට්ටාට වැඩක් නැති වෙලාවක වෙනවදකුත් දීලා බලන්නකො මොනවා වෙයිද කියලා... මං කිව්වේ අර යකා බැඳගත්තු ගමරාල කෙනෙක් කරපු වැඩේ...
    බොකුටු මයිල් ගහක් දිගාරින්න.

    ReplyDelete
    Replies
    1. මේකා එව්වා දිග අරින්නෙ නෑ, කෙලින්ම හූස් ගාලා ගිලිනවා😂

      Delete
  5. //බැරිම වුනොත් ගලවනවා මදේ//

    මම රොබොට්ටෙක්ව මස් කරන්න ගිහින් උන්දැගේ බඩවැල් බොකු ආයෙ සෙට් කරගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. හපෝයි! මාගේ බලවත් සංවේගය. ඔය වගේ අවස්ථාවල පිහිටට එන්නෙ මොබයිල් ෆෝන් එක. හැම අදියරේම පිංතූර ගන්න ඕනෙ, ගලවන්න පෙර. ගලවපු ඇණ පවා පිලිවෙලට තියාගන්න එක වැදගත්, ඔක්කොම ඇණ එකම දිග නැති වෙන්න ඇහැකි නිසා.

      Delete
  6. ඔය රොබට්ල හොඳයි ද ? මට හිතෙනවා අපි අතුගාන තරමට පිරිසිදු වෙන එකක් නැහැ කියල. හැබැයි ඉතින් ඌ වටේ කැරකෙන එක බලන් ඉන්න ආතල් එක ගත්තත් මදැයි නේද .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. මෙහෙ සියුම් පිටි වගේ දූවිල්ලක් තියනවා. අතුගානව නං, මොප් කරන්නම වෙනවා ඒක අයින් කරන්න. . ඩස්ට් වැඩිය තියෙන තැනක් අහුවුනාම, සක්ෂන් වැඩි කරලා, වැඩිය වැකුම් කරනවා, එච්චරම "මෝඩ" පාටකුත් නෑ, බලාගෙන ගියාම.

      මේ වර්ගයම නූනත්, මෙතන තියනවා ගලවපු එකෙක්. හිතුවට වඩා සංකීර්ණයි. මේකගෙත් තියෙන්නෙ STM32 controller එකක් නං හොඳයි. STL link එකකින් firmware ඇක්සෙස් කරන්න ඇහැකි. මම මේ කඩෙන තුරු බලාගෙන ඉන්නෙ, මදේ ගලවන්න, ඒ කියන්නෙ ඉස්සරහට මට වැඩ තියෙයි. අපේ සුපියල් 99 බැලුවාම, කොහොමවත් නරක ඩීල් එකක් නෙමෙයි ,ආතල් දෙන එකත් එක්ක බැලුවාම.

      Delete
  7. ගන්නත් පොඩි ආසාවක් ආව . මෙහෙ ලභාම වර්ෂන් එක පවුම් 119 වගේ. හැබැයි අපේ නෝනා ජර්මන් ඒවම හොයන එකේ ඒකෙත් ජර්මන් වර්ෂන් එකම හොයයි. එතකොට අනිවාර්යයෙන් ම ගණන් වැඩි වෙනවා. එක්කෝ ඕනේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. ගන්නව නං තව ටිකක් ඉඳලා, ඩීල් එකක් ආපු වෙලාවට ගන්න. සමහර මිඩ්-රේන්ජ් එව්වා ජර්මන් භාෂාව කතා කරනවා. ගෙවන ගාණ අනුව, LIDAR floor mapping, water tank/mopping වගේ අමතර පහසුකම් තියනවා. මට නං වැඩිය ගෙවල ගන්න,අමතර පහසුකම් අවශ්‍ය වුනේ නෑ, කිව්ව ගමන් අහු-මුළුවල රිංගලා වැකුම් කරන එක විතරයි වැදගත් වුනේ, සමහර වෙලාවට UV light එකත් පාවිච්චි කරනවා.

      ෆෝරම් කියවල බැලුවාම පේනවා, මිල අධික වැකුම් වල පවා බේස්-ස්ටේෂන්/ පවර් මැනේජ්මන්ට් සර්කිට් වල ලෙඩ එන බව. මම කලේ, ලාබ ස්මාර්ට් ප්ලග් එකක් හරහා කනෙක්ට් කරලා, උදේට විතරක් පැය බාගයක් ඔන් වෙන විදිහට හදපු එකයි. ගානෙ හැටියට, මෙන්න මේක නරක නෑ.

      LIECTROUX C30B Robot Vacuum Cleaner Smart Mapping,App & Voice Control,4000Pa Suction,Wet Mopping,Floor Carpet Cleaning,Disinfect

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code