May 27, 2021

අපරාධ, නීතිය සහ දඞුවම්

 2015 දෙසැම්බර් 11 වෙනිදා අපේ සාවියේ නත්තල් සාප්පු සවාරියක් ගිය තරුණියකට, අමුත්තෙක් මැරෙන්නම ඇන්නා. මිනීමරුවා, දැක්කොත් දෙවරක් බලන්න හිතෙන, සුරූපී උපාධිධාරිනියක්. කලින් කිසිම අපරාධ ඉතිහාසයක් නැති ඇය, මානසික ආබාධයක් යටතේ නිවැරදිකරු වුනා. තවම එලියට දැම්මෙ නෑ, ඒත් ලඟදිම එහෙම වෙයි. ඩවුන්-ටවුන් ප්‍රසිද්ධ බැංකුවක සේවය කල, මේ හිටපු ගමන්  පිහියෙන් අනින සුරූපී ආර්ථික උපදේශිකාවගේ සේවය ලබාගන්න, කිසිම බස්සෙක් කැමති නොවෙන එක වෙනම කතාවක්.

අපරාධකාරයො හැදෙන්නෙ උපතින්ද නැත්නම් සමාජයෙන්ද කියන එක, මට කාලෙක ඉඳන් තිබ්බ ප්‍රහේලිකාවක්. කැමති නං කියවන්න, අපේ මිනීමරු, සුරූපී ආර්ථික උපදේශිකාවගේ ජීවිත කතාව මෙතන තියනවා.

https://torontolife.com/city/rohinie-bisesar-path-stabbing/

මරුසිරා නං කිව්වෙ" මාව මිනීමරුවෙක් කලේ සමාජය" කියලයි, අපේ කතානායිකාව- රෝහිනීගේ ලමාකාලය සාමාන්‍ය නෑ . ශාන්ති කර්මයකට වුනත්, බාලවයස් දැරියක් පිටස්තර පිරිමියෙක් ඉදිරියේ නිරුවත් කරන එක, මීහරක් කූඩැල්ලෙක්, බකුසු පැටියෙක්ගෙ කලසං කොටේ ගලෝපු එකට කොහොමත් සමාන කරන්න බෑ.

 තමන්ට නුහුරු-නුපුරුදු දේශ-දේශාන්තරවල පැල-පදියන් වෙන එක ලේසි-පාසු කාරියක් නොවන බව, මම අත්දැකීමෙන්ම දන්නවා. ආඳෙකුටත් වඩා හොඳට ලිස්සීමේ හැකියාව ප්‍රගුණ කරපු නිසා මම "ෆුල් මොන්ටි"  නොගිහින් බේරුනාට, රෝහිනීට තමන්ගෙ මානසික-ආතතිය පාලනය කරගන්න බැරිවෙන්න ඇති.

Sociopath සහ psychopath කියන්නෙ, සමහර පොදු "ගුණාංග" තියෙන මිනිස්සු වර්ග දෙකක්. දෙගොල්ලන්ටම ඒ හැටි "හර්ද සාක්ෂියක්" නෑ, ඒවගේම ව්‍යාධිජනක(pathological) බොරුකාරයො. දාම මිනීමරුවො එන්නෙ psychopathල ගෙන්. වැඩි දෙනෙක්, බුද්ධිමත්, තිතට ප්ලෑන් කරලා තමයි වැඩ කරන්නෙ. එතකොට, sociopathල? ආ, එයාලත් තිතට ප්ලෑන් කරලා තමයි බැස්ටිය දෙන්නෙ, හැබැයි වැඩි දෙනෙක් අද ලෝකෙ ඉන්න සාර්ථකම කෝටිපති ව්‍යාපාරිකයො. එතකොට, ඔය ලොකු කෝපරේෂන් ඔක්කොමත් වැටෙන්නෙ sociopath කැටගරියට. ලෝකයේ බොහෝ රටවල් කෝපරේෂන් වලට, පුද්ගලයෙකුට තියනවටත් වඩා නීතිමය අයිතිවාසිකම් දීලා තියනවා. පහල විස්තරය බැලුවාම,  ලොකු කෝපරේෂන් වැටෙන්නෙ psychopath කැටගරියට කියල හිතෙන්නෙ, මට විතරමද?

Sociopath

Make it clear they do not care how others feels
Behave in hot-headed and impulsive ways
Prone to fits of anger and rage
Recognize what they are doing but rationalize their behavior
Cannot maintain a regular work and family life
Can form emotional attachments, but it is difficult

Psychopath 

Pretend to care
Display cold-hearted behavior
Fail to recognize other people's distress
Have relationships that are shallow and fake
Maintain a normal life as a cover for criminal activity
Fail to form genuine emotional attachments
May love people in their own way

ලෝක ඉතිහාසයට sociopath සහ psychopathල සෑහෙන බලපෑමක් කරල තියනවා. එදා විතරක් නෙමෙයි, අදටත් ලෝකයෙ ඉහල තනතුරුවල ඔය දෙගොල්ලොම ඉන්නවා. මතක නෙව, මේ ලඟදි මැද-පෙරදිග තිබ්බ මල් වෙඩි සංදර්ශණේ? වඳුරොන්ට අහස් ගුණ්ඩු දුන්නෙ, කවුරුයි කියලද හිතෙන්නෙ? තව ඉතිං ඕනෙම නං, කෝවිඩ් පටන් ගත්ත තැනයි, ලෝක ව්‍යාප්ත වෙච්ච හැටියි, පඳුරට පයින් ගැහැව්වොත්, sociopathල දුසිමක් විතර බිමට වැටේවි.

හිරේදි, ආචාර්‍ය උපාධි ගත්ත අය යැංකි රටේ ඉන්නවා. පස්සෙ මේ බොහෝ අය, සමාජයට බරක් නොවෙන පුරවැසියො වෙනවා. ලංකාවෙ සමහර දේශපාලන හිරකාරයො ඇරුනාම, අනෙක් අය හිරෙන් නිදහස් වුනාම, සමාජයට බරක් නොවෙන පුරවැසියො වෙනවා කියල හිතෙන්නෙ නෑ. සිස්ටම් එක හැදිල තියෙන්නෙ ඒ විදිහටයි. ඉතිං, අපේ හිරකාරයො හංගපු ආයුධ පෙන්නන්න යනවා. ඊට පස්සෙ හුදී-ජනයා රතිඤ්ඤා පත්තු කරලා, කිරිබත් කනවා. පස්සෙ, සෙකන්ඩ්-ඉන්-කමාන්ඩ් පාතාලෙ "ගෝඩ් ෆාදර්" වෙනවා. ඊට පස්සෙ, මේ විශම චක්‍රය ආයෙත් වටේ යනවා. ඒ  අතරෙ "අන්නාසි මොරිල්" ඩුබායි වල නොම්මර එකේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා.

psychopathල හැදෙන්නෙ උපතින්. කටුක, අපයෝජක ලමාකාලයක් මේ ව්‍යාසනය තවත් තීව්‍රර කරනවා. තමන්ට පාලනය කල නොහැකි තත්ත්වයක් නම්,මොන තරම් මිලේඦච වුනත් මේ psychopathල අපේ ටැක්ස් මුදලින් හිරගෙවල් වල නඩත්තු කරන එක මානුෂිකයි කියලයි මට නං හිතෙන්නෙ.

කොඩියෙන් බැස්සා සෑර්,
දැන් හාමිනේ තමයි කන්න ගෙනත් දෙන්නෙ


21 comments:

  1. Arkham Asylum මතක් වුනා. මං ලයිෆ් ලෝන්ග් මාර්වල් ෆෑන් කෙනෙක් වුනාට ඩීසී වලින් බැට්මෑන් කියවන්නත් කැමතියි.

    සීරියස් මනෝඅපරාධවිද්‍යාත්මක ලිපියට ඉතින් මට මතක්වුනේ කොමික් එකක් වීම ගැන මගේ මානසික මට්ටම කාලෙ ඉඳං දන්න බැස්ටියන්තුමා සමාව දෙයිනෙ.
    (සමහරු ජෝකර් මූවි එකනම් සම්භාව්‍ය කැටගරි එකට දානව හැබැයි.
    https://www.psychiatrypodcast.com/psychiatry-psychotherapy-podcast/2019/11/23/joker-the-movie-a-character-analysis මට නම් එහෙමටම විශේෂයක් පෙනුනෙනෑ )

    ReplyDelete
    Replies
    1. GOT කාලෙ ඉඳං

      Delete
    2. කිසිම ප්‍රශ්ණයක් නෑ. සීරියස් කිව්වෙ? එව්ව ඇරිච්චාවෙකො, නියම ඇඩ් එකක් දැක්කා අප්පා:

      වාහනයක් තියෙනවා , ගන්නවැයි ? ��

      අයිතිය: අපෝයි, මගේ නං නෙමෙයි

      Delete
  2. https://www.ndcn.ox.ac.uk/publications/958246

    ReplyDelete
    Replies
    1. හරි, එහෙම එකක් තමා. සමහරු කියන්නෙ"සාතන් තමා මට කියල ඇන්නෙව්වෙ" කියලයි, බාහිර කටහඞක් ඇහෙනවලු. ඇයි සීවරං දෙයියනේ, අපිත් ඉඳලා හිටල හරි ලිස්සල යන වෙලාවක ඔහොම සාතන් ගොයියට මාට්ටු වුනා, මලා නේද?

      Delete
    2. එතකොට උලමා මෝඩ් එකේනෙ
      https://en.wikipedia.org/wiki/Devil_Bird

      //the Owl is a bird of ill omen,// many Native American Tribes considered owls to be a symbol of death//From ancient times on, owls have been linked with death, evil, and superstitions. Many cultures saw owls as a sign of impending death//
      https://www.beyourownbirder.com/2018/10/30/owl-superstitions
      https://www.internationalowlcenter.org/mythsandfaq.html
      https://www.amazon.com/Hail-Satan-Satanic-Pentagram-Satanist/dp/B07DNSD349

      anDDDDDD.........
      https://blogs.getty.edu/iris/the-foxy-devil-of-the-medieval-bestiary/

      //The fox has long been known as a wily creature. Its mischievous nature was noted in the Physiologus, a compendium of creatures from the second century AD that laid the foundation for a later type of manuscript known as the medieval bestiary. The fox is described as an animal that never runs in a straight line and remains always elusive. It plays dead until its victims approach, at which time it ferociously strikes.//

      Delete
  3. සාතන් ගැන කියවපල්ලකෝ මේ වෙසක් සතියෙ.... බුදාම්මෝ!

    ReplyDelete
    Replies
    1. ඕන පු** ප්‍රීති වෙසක්
      දාගත්තම මැනල දෙකක්
      මතු වෙනවා මටත් හැකක්
      පෝයට කවි හිඟද ටිකක්

      Delete
    2. නෑ නෑ නෑ කවි හිඟ නෑ
      වෙසක් කියල වෙනසක් නෑ
      පළමුවෙන්ම හිතට ආව දේ ලිව්වා
      එහෙමනෙ වෙන්නට ඕනෑ

      Delete
    3. පලවෙනි මහලෙන් පෙනෙන්නෙ, කෑම මල්ල බෙදල දෙනවා
      ගිරාම සේවක නෝනට පමුණුවෙ අය දෙහි කපනවා
      ලාවතී අක්කගෙ සේසත, මෙන්න බොලේ ගිණි ගන්නවා
      ඊලඟ කොටසක් එනතුරු, සමහරු ඇඟිලිත් ගණිනවා😊

      Delete
  4. සංකීර්ණ ප්‍රස්න !

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම. ඕන්නං, කොහොමත් මං "ලිස්සන්න ද..ස්සායි" නිසා, "කාමරේ ඉන්න අලියව" නොදැක්කා වගේ ඉන්නත් ඇහැකි.😊

      Delete
  5. මිනී මරුවෙක් දොස්තරයෙක් වීම හා දොස්තරයෙක් මිනීමරුවෙක් වීම එකිනෙක වෙනස් කාරණා දෙකකි.
    ඉංතීරුවෙන්ම දොස්තරයෙකු මිනී මරුවෙකු වීම අම්බානක කේස් එකකි.
    බොහෝ දොස්තරලා ලෙඩ්ඩුන්ව මරති.
    ඒවා බැර වන්නේ "විෂ බීජ" ගිණුමටය!
    ඒවාට හොට දැමීමට පත්තර කාරයන්, පොලිස් කාරයන් මෙන්ම අනිකුත් දොස්තරලා පමනක් නොව ලෙඩ්ඩුද බය පක්ෂ පාතය.
    එසේම ආර්ථික විද්‍යාව දන්නා එවුං හොරකම් කිරීමට පටන් ගැනීමම කේස් එකකි.
    උංට අපි වාගේ රුලියල් දාහ පන්දාහ පනස් දාහ හොරකං කරදැනෙන්නේ නැත.
    ඒවා ආර්ථික විද්‍යා පාඩමට මෙන්ම න්‍යායන්හටද පට හැනි වේ.
    ඒ නිසාම උංට හොර කං කිරීමට පොඩි පොඩි ලාච්චු කැට හැඹිළි වලින් වැඩක් නැත.
    අඩු ගානේ බැංකුවක් වත් උවමනාය.
    බැං කුවක් කීවාට හිඟන බැංකු වලින්ද වැඩක් නැත.
    ජාතික මට්ටමේ එකක් සොයා ගත යුතුය.
    එහෙව් එකකට ලංකාවේ ඇත්තේ මහ බැංකුව පමණි.
    මාරුවෙන් මාරුවට එය කොල්ල කෑවේ එහෙයිනි.
    එහි වරදක් උන්ට කිව නොහැක.
    මේ රටේ උප දින්නට පෙරුම් පිරූ අපේ වරදක් මිස වෙන කුමක්ද?

    මේ මං ඔබේ ලිපියට ලියන්න ගිය කමෙන්ටුවමද මංදා!

    ReplyDelete
    Replies
    1. //මේ මං ඔබේ ලිපියට ලියන්න ගිය කමෙන්ටුවමද මංදා!//

      මට තේරෙනවා. අද වෙනදට වැඩිය, FB එකේ හරි මිනිස්සු මේවා ගැන කතා වෙනවා. ජනතා පරමාධිපත්‍ය කියන්නෙ, නිකම්ම වචනයක් විතරක් වුනත්, මේ මාෆියාවල් බිඳින්න, යම් පමණක මෙහෙවරක් එයින් වෙයි කියල මට හිතෙනවා. වැරැද්දක් දැක්කාම, නොදැක්කා වගේ ඉන්න එක ගැන කතා කරන්නෙ රටට අපහාස කරන්න නෙමෙයි. බොහෝ වෛද්‍යවරු දේවත්වයක් අපේක්ෂා කලාට, වෘතීය සදාචාරය අගේකරන රටවල මෙහෙමත් වෙනවා:

      doctor loses licence

      Delete
  6. Rohinieගෙ කතාව කියවන් යද්දි නම් දුක හිතුනා. ඔය වගේ අය බෙහෙත් බීලා ලෙඩේ යම් දුරකට සනීප වෙනකම් ආන්ඩුවෙන් දීමනාවක් ලැබෙනවා නේද. බෙහෙත් හරියට නොබී, නැවත රස්සාවක් හොයාගැනීමෙ පීඩනය ඔලුවට ගත්ත එක අපරාදෙ.

    ඔය වගේ සම්භවය/පසුබිම ඇති අයත් එක්ක මගේ අත්දැකීම තමයි ඒගොල්ල ලොකු වචන, ලොකු ඉලක්කම් එක්ක හැම වෙලේම කතා කරනව. නමුත් කතාවෙ කිසිම substance එකක් නැහැ. ඒගොල්ලන්ම මෝහනය වෙලා ඒගොල්ලන්ගෙ කතාවට අපිත් එහෙම වෙයි කියලා හිතනවා. දෙවෙනි කාරණය තමන් 'qualified' නිසා ලොකුම ජොබ් එකක් ලැබෙයි කියලා හිතීම, හෝ බොස්ට ඉහලින් තමන් ඉන්න ඕනෙ කියලා හිතීම. හුඟක් ජොබ්ස් වලට qualification වගේම යම්කිසි emotional intelligence එකක් අවශ්‍යයි කියලා තේරුම් ගන්නෙ නැහැ. අවාසනාවට අපේ අයත් සමහරු ඔහොම හිතාගෙන ඉඳලා, රස්සාවක් හරි උසස්වීමක් හරි නොලැබුනාම 'අපේ හම කලු නිසා ලැබුනෙ නැහැ, සුද්දො racist' කියලා බැන බැන යනවා තමන්ට එය නොලැබුනේ ඇයි කියලා තේරුම් නොගෙන.

    ReplyDelete
    Replies
    1. දිග පිලිතුරු කමෙන්ට් එකක් ලිව්වා. ඉවර කරන්න ඉස්සෙල්ලා, එබුවා මොකක්ද වැරදි කී එකක්, කෙමෙන්ට් එක ලොවෙත් නැතුව වාෂ්ප වුනා. දැන් හති, පස්සෙ ආයෙ ලියඤ්ඤං😒

      Delete
    2. මේක සංකීර්ණ සහ අවසනාවන්ත සිදුවීමක්. Conservative yet strict parents, culture shock, peer presure එහෙමත් ඔය සමීකරණයට එන්න ඕනෙයි කියලයි මට නං හිතෙන්නෙ. Racism ද මන්දා, තමන් ගෙ ජාතියට අදින ගතිය කොහෙත් තියනවා, හැබැයි මේසෙ යට.
      මේව කියන්නෙ කාවවත් බයකරන්න නෙමෙයි, මෙහෙම දේත් තියනවා කියල දැණුම් දෙන්න විතරයි. අද, ඉස්සරට වඩා තරුණ පරම්පරාව විදේශ ගතවන නැඹුරුවක් තියෙන නිසා, කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දැණගෙන ගියොත් කතරගම...

      Delete
    3. ඔව්, කමෙන්ට් එක දිග වැඩියි කියලා මමත් ලියන්නෙ නැතුව හිටියා සංක්‍රමණික පවුල් වල ලමයි අවුරුදු 18-19 වෙද්දි පවුලෙන් අයින්වෙලා (හෝ පවුල තුලම වුනත්) තමන් independent වීමට දක්වන උනන්දුව අඩු වීම.

      Conservative, yet strict කියන එක හොඳ වැඩියි. මට නම් හිතෙන්නෙ මේ වගේ දෙමව්පියන් narcissistic and abusive කියල.

      Delete
    4. //සංක්‍රමණික පවුල් වල ලමයි අවුරුදු 18-19 වෙද්දි පවුලෙන් අයින්වෙලා (හෝ පවුල තුලම වුනත්) තමන් independent වීමට දක්වන උනන්දුව අඩු වීම//

      කාලෙකට ඉස්සර කෑම කඩයකදී කතාවට වැටිච්ච පිලිපීන ගැටවරයෙක් කියපු කතාවක් මේක. ඔහු ජීවත්වන්නේ සුද්දෝ අසල්වාසීන් ඉන්න ප්‍රදේශයක. වයස 18 වෙනකොටත් දෙමව්පියො එක්ක හිටපු නිසා, අහල-පහල අය අහන්න ගත්තලු" ඇයි, පුතාට මොකක් හරි ආබාධයක් තියෙනවද?" කියල.
      //narcissistic and abusive//
      ඔබේ වචන තෝරා ගැනීම, වඩා සුදුසුයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code