May 6, 2021

දුකට කියන ටෙක්නිකල් විරිදු

පළමු ව මම වැන්ද බුදුන්, සිහි කර ගෙන ඒ ගුණ කඳ
දෙවනුව ව සද්ධර්මේ උතුම්,  මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනු ව මහ සංඝරත්නෙ, වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා අපි බස්සගෙ සූදුව, කවියෙන් කර ප්‍රබන්ධ

මෙකලා ගෝතෙයෙක් උන්න බකමූණා කියල සොඳට
හිතලා වැඩ නොකල උන්දෑ, බකුස් නමින් පුරසිද්දෙට
ලැබිලා මක-බාස් කමක්, චීන පූසො අල්ලන්නට
එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

තුට්ටු දෙකේ ගැජට් ෂොපින්, ඉව වැටුනා චීන්නුන්ට
කෙලින් ඉන්ට නො දී ඌට බලේ ගත්ත ඔවුන් අතට
තැපැල් මගින් ආපු චීන පූසො පිරුණ බකුසු පුරට
ඔවුන් අතර හිටියා MOS- FET කියල කෙනෙක් ජයට

බලන්න පුදුමයි මහතුනි, උන්දෑ හිටිය පීසීබි ය
බෙදන්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින් ගේම් එක එතනයි ඔස්තාර්ල ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට බකමූණොත් බයයි මිතුර

කාගෙන් බේරුණත් බැරිය, උන්දෑගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා බස්සා ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ කකුල් අටේ, චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්න ප්‍රෝබ් එකෙන් එකක්, පස්ස ගාතෙ කැඩිල යන්ට


හිට ගෙනම මලා එෆ්.ඊ.ටී, මැතිඳු ලැබුනු මරු පහරට
ටෙස් කිරිල්ල දැන් ඉවරයි, කෙලියා නේද තාප්පයට
ඉතිං අම්මෙ ඉදල මොටද, කියල බස්සා  පැන විජහට
ෆෝරම් වල කරක් ගැහුවෙ, විකල්පයක් සොයා ගන්ට
තිබුණු එකා බාල නිසයි, වුනෙ අකලට මැරිල යන්ට
දැනගෙන මේ සියළු රහස් බස්සා යයි චීන පොළට
වැලම තුනයි, බඩුත් හොඳයි මුදලාලිල කිව්ව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ, දහයක් අත් අඩංගුවට

බස්සා කළ දස්කං නං, එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට, ජංජාලෙත් තියෙයි සොඳට
හිටියානං අද වෙනතුරු, රජ කරනව බෝඩ් එකට
ෂෝට් වුනේ MOSFET මගෙ , පස්සා පැත්තෙ අමාරුවට

ස්තූතිය: නෙයිනගේ සූදුව,දයානන්ද ගුණවර්ධනයන් ගේ මධුර ජවනිකා ( 1983 )

සංවේගයෙන් දැනුම් දීමයි:

වසර අරික්කාලක් ආයු වලඳා, MOS-FET  තරුණ මහතා, අත්වැරදීමකින් බස්සාගේ ටැස් බෙන්ච් එක මත, සසර ගමන නිමා කල බව, සියලු බ්ලොග් වාසී හිත මිත්‍රාදීන්ට සාතිශය සංවේගයෙන් දැනුම් දෙමි. මල් වඩම් අනවශ්‍යයයි.

Sadistic හෝතම්බුවෙක්: දුක නැතෑ ඉතිං, විහින් නෙව කරගත්තෙ? හයියෝ ෂල්ලි....

රොක්..කි රෝඩ් ටු ඩබලින්

Well... in the merry month of May from me home I started
Left the girls of Tuam nearly broken hearted
Saluted Father dear, kissed mi' darling mother
Drank a pint of beer, me grief and tears to smother
Then off to reap the corn, leave where I was born
Cut a stout blackthorn to banish ghosts and goblins
A brand new pair of brogues, rattlin' o'er the bogs
Frightenin' all the dogs on the rocky road to Dublin

ප.ලි:
ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

28 comments:

  1. දැන් මුලින්ම කියමුකෝ බලන්ඩ ඔහේ මක්කටෙයි ඔය ඉස්ටේසම ගලවන්ඩ ගියේ කියල.
    ඉත්තෑ අමාරුවක් හෙම හැදිලා නෙවෙයි මයේ හිතේ.
    ලොකු සර් ඩබලින් නගරේ ගැන කිව්වම මට Leap Year පිචෑස් එක මතක් උනා

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද හැට්ටර් මලේ, පස්සා පැත්තේ අමාරුව නිසා තමා😂
      switching transients suppression වලට FS ඩයෝඩ් එකක් ඔබන්නයි ගියේ. වැඩි පරිස්සමට, කරන්ට් ලිමිට් කරලයි ටෙස් කරන්න ගියේ. PID loop එක දිගටම FET එක ඔන් කරගෙන දුන්නා නෙව උන්දැට බැස්ටිය.😢

      Leap Year හ්ම්... මම හිතෙන්නෙ බලල තියනවා කියලයි.

      Delete
  2. මල් වඩමකට ඕඩර් එකකුත් දැම්ම.. මොනා කරන්නද එපාලුනේ.. :))

    ReplyDelete
    Replies
    1. අන්තිම කැමති පත්තරේ තිබ්බෙ, අවමගුල චාමෙට කරන්න කියල නෙව?🤔

      Delete
  3. බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ... මම නම් යලට එකයි මහට එකයි වගේ තමා ඕව කරන්නේ..
    සියලු ට්‍රාන්සිස්ටර් ද නැසෙන සුළුයි කියල බණේ තියෙනවා.

    අර උඩම පින්තුරේ තියෙන්නේ බවුත් එකක් ද ?

    ReplyDelete
    Replies
    1. //බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ//

      හෙහ්, හෙහ් අපොයි නෑ, බස්සො හරි කම්මැලියි. මේ ඇරියස් වෙච්ච වැඩ වගයක්��

      මට හිතෙන්නෙ ගජමන් නෝනත් මොනව හරි සෙපයාර් කොරෝගන්න මකබාසෙක් ලඟට ගිහිල්ලා තියෙන පාටයි. අර කියන්නේ " එකක් කරදර වසා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කරදර තනා දුන්නැයි කම්මලේ ආචාරියා කියල"

      ඒ තියෙන්නෙ, දුප්පතාගෙ "හොට් එයා ගන්" එකක්. හැම SMD chip එකම බවුත් වලින් ගලවන්න බෑ.

      Delete
    2. ඔය SMD chip බෝඩ් එක හදනකොටම පාස්සල එනවද නැත්නම් පස්සේ දානවද ? මම කවදාවත් ඒවා එක්ක වැඩ කරලා නැහැ..

      Delete
  4. ඒක සැබැයි සැබැයි සැබැයි
    බකුසු මුත්තෙ හරි නියමයි!
    වැලම තුනයි බඩුත් හොඳයි
    කිව්වම නං හිතට හැකයි!

    ReplyDelete
    Replies
    1. නිදි හරියට ඒක තේරුං අරගෙන තියනවා😊

      බස්සො කියන්නෙ, "creatures of night, who like cliff-hanging while living dangerously " කියල තමා සුද්ද කිව්වෙ. අර, 10 වැලක් ගත්තෙ ඒක නෙව? කොහොමත් ඔය සිලිකන් කෑලි, නිෂ්පාදන මිල බොහොම අඩුයි. චීනා බුදු වේවා!

      Delete
  5. බස්සගෙ ලියමන ඉක්මන් එක හුස්මට බෑ කියන්ඩ
    උගෙ ටෙක් වැඩ කෑලි ගොඩයි අවමගුලත් විරිදුවක්ය

    ReplyDelete
    Replies
    1. සිංදු, විරිදු මගෙ වැරැද්ද නෙමෙයි අනේ
      පංචතන්තරේ නිදි හට බැනපන්නේ 🤣

      Delete
    2. නිදියෝ මේ අහපන්නේ
      බස්සව මින් මුදවන්නේ
      මූ මෙ ලියනා ගැම්මට
      අපිවත් උඩුකුරු වන්නේ

      Delete
    3. මට හිතෙන්නෙ, විභාග අහවර වුනාම, විරිදු ලිපියක් ලියල බලමුද? ඔය ලියන්නෙ යස අගේට?

      Delete
    4. තියෙන වැඩ නෙක විලසේ - මෙ ලියන්නෙත් දුකසේ
      මට මහලු වයසේ - බැරිය විරිදු කියන්ඩ පෙරසේ

      Delete
    5. එහෙම නං, කතා විතරක් ලියහං, ඒත් මැඳෑ. මෙහෙම හරි ඇදන් යන්න, හිතක් එන්නෙ උඹල හින්දා තමා. ආවා-ලිව්වා-බ්ලොගත් වහලා චුත වුනා තියරිය අනුව, මං හිටිය කාලෙ වැඩිද මන්දා?🤔

      Delete
    6. බකුස්, ලියන්ඩ ෙද් ඒමටයි. තවම හිතුන් නෑ ලිව්ව අැති කියල.

      Delete
    7. ඇණ-කොන්ඩා උතුමානන් කියනව නං, ඒක නෑ කියන්න අපි කව්ද?😜 එතකොට ඔය චුත වෙච්ච ඔක්කොම Paranoia ද? if so, that's a whole murder of crows right there🤔

      Delete
    8. @ඩ්‍රැකී
      ඇත්තටම ලියන එකෙන්, ලැබෙන කමෙන්ට් වලින් මගේ දැණුම වැඩිවෙලා, වාසියක් මිස අවාසියක් නෑ. ඒත් සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියන දේ වෙනස් වෙන්නෙ නෑ.

      Delete
    9. හූම්ම්... මම කවදහරි ෙම් බ්ෙලාග පුතාට උරුම කරල දීල මැ ෙරනව කාලානුරූපීව ෙවන ෙවනස්කම්වලට යටත්ව, කියල හිතාෙගන ඉන්නව

      Delete
    10. සියලු සත්වයෝ නෙවෙයි, සමහර සත්වයෝ විතරයි ලියන්න හෙම ඉපදෙන්නේ. සමහරු නං මැල්ලුම් ලියන්නයි ඉපදෙන්නේ. ඒ හින්දා මෙහෙම මොන හරි ලියන්ඩ ඉපදුනු අපි ඒ රාජකාරිය කොරමු, නේද?

      Delete
    11. පොත් හතක්- අටක් දැනටත් "ලියා" දාලා
      තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා

      - මී පුර වැසියෝ -

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code