May 9, 2021

මංමුලාවූ කූඹියා සහ වෙල් ෆැන්ටා තාක්ෂණය

ලැබෙන පාඨක ප්‍රතිචාර කියෙව්වාම , මට හිතෙනවා ඔහෙල මාව, අතට අහුවෙන හැම දෙයක්ම ගලවන "ඉත්තෑ අමාරුවක්"  තියන බස්සෙක් කියල හිතාගෙන ඉන්නව කියල. පැටියා කාලෙ අපේ ගෙදර ඈයොත් හිතාගෙන උන්නෙ ඔහොම්මමයි කියහංකො.

"මූට දෙයක් අහුවුනොත් ඉවරයි, ගලවල කාබාසීනියා කරන තුරු නින්ද යන්නෙ නෑ" කියලයි එයාල කිව්වෙ. ඉතිං මං කල්පනා කලා, නිදහසට  කාරනා කියන්න.

දැන් ඔය කූඹි ඉන්නව නේද? ඒ එක කූඹියෙක් ගත්තාම, ඌ දන්නෙ නැහැල්ලු, එයා කරන්නෙ "serving a higher purpose" බව. කූඹි සැට් එකම එකතු වුනාම, එතන කූඹි රාජධානියක්. ඕකෙ ඉන්නවා ගොවියො, සොල්දාදුවො, නැනීලා, ගබඩා සේවකයො සහ තවත් අය. ඒවගේම පාරවල්/උමන් තනන ඉඳිකිරීම් කස්ටියත් ඉන්නවා. සුපවයිසර්ල නෑ, මයෙ හිතේ, කවුරු, කවුරුත් තමන් ගෙ වැඩකොටස කරනවා. නෑ, නෑ  වැසි-වනාන්තර කපන අය නෑ, මාටියා ගහන අයත් නෑ. ආ, තව scoutලත් ඉන්නව.

ඉතිං ඔන්න ඔහොම scouting  ආපු කූඹියෙක්  මයෙ මොනිටරේට රිංගල නන්නත්තාර වුනා කියහංකො. පොරට ආපු පාර(scent trail) අමතක වෙලා. මොනිටරේ ඔන් කරපු ගමන්, කෙල ගෙන එනවා ස්ක්‍රීන් එකට, එලියට රැවටිලා. ඔහොම, හිටපු ගමන් උතුර -දකුණ මාරුවෙන එක අපිටත් වෙන නිසා, මම කලේ කූඹියව "හරි මාර්ගෙට" ගන්න, හිමින් ස්ක්‍රීන් එකට තට්ටුව දාපු එකයි. පස්සෙ, මොනිටරේ පිටිපස්සෙ සිදුරු ලඟ හකුරු කෑල්ලක් තැබීම, මොනිටරේ ඕෆ් කලාට පස්සෙ පිටිපස්සෙන් ලයිට් එලිය සැපයීම වගේ අත්හදා බැලීම් එහෙමත් කලා. ටික දවසකට පස්සෙ කූඹියා අතුරුදහන් වුනා. හරි මාර්ගෙ ගියාද, නිවන් මාර්ගෙ ගියාද කියල නං දන්නෙ නෑ, ඒත් මගේ චේතනාව පිරිසිදුයි. දැන් ඔහෙලට තේරෙනව නේද, මට ඉත්තෑ අමාරුවක් නෑ කියල? ඇයි, මම මොනිටරේ ගැලෙව්වෙ නෑනෙ? එ වෙනුවට පාවිච්චි කලේ විකල්ප ක්‍රමවේද.

මං මුලාවී පාර සොයාගෙන - හසරක් අසමින් යන....ගමනේ
මං මුලාවූ බකමූණෙකු ගෙනි - පාර අසා තිබුනේ

ඌත් නොදන්නිය ඌ යන මානය
උන්හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ-කෙලෙසද තවෙකුට
ඌටද පාරක්-ඇති නැති ගානය


ඉතිං ඔය "ඔපරේෂන් රතු කූඹියා" මෙහෙයුමෙන් පස්සෙ, මොනිටරේ ස්ක්‍රීන් එක "වැස්සදාට පිටකොටුව" වගේ ලස්සන වුනා, ඇඟිලි පාරවල් වැදිලා. මම තීරණය කලා මොනිටරේ පිරිසිදු කරන්න. මොනිටර් ස්ක්‍රීන් එක බොහොම සියුම්. කෙමිකල් තියා ටැප් වතුරත් අගුණයි කියලයි, ගූගල්  නං කිව්වෙ.

අවශ්‍ය කරන දේ: මයික්‍රො-ෆයිබර් රෙද්ද සහ ආසුත ජලය( distilled water)


ගේ හරියෙ, ආසුත ජලය කඳුලක් නෑ.  කඩේ එව්වා ලාබ වුනාට, දැන් යන්නත් බෑ. ඉතිං මම තීරණය කලා ආසුත ජලය ගෙදරදීම "පෙරන්න ", වෙල් ෆැන්ටා පෙරන, දේශීය ක්‍රමවේදෙ භාවිතා කරල. 

ඉස්සෙල්ලම,ටැප් වතුර එකක් නටවල, රෙද්ද ඇල්ලුව හුමාලයට. ම්හු.... ඒක පටස් ගාලා වාෂ්ප  වෙලා, මයික්‍රො-ෆයිබර් රෙද්ද වේලෙනව. පස්සෙ, කල්පනා කලා දේශීය ක්‍රමවේදෙ ගැන ගැඹුරට. හුමාලය දඟරයක් හරහා යවා, සීතල පෘස්ථයක ගැටෙන්න....ආන්න ජංසන්. දැම්මා මහත පිඟානක් ෆ්‍රීසර් එකට -සීතල පෘස්ථය. පස්සෙ, ඒක ඇල්ලුව හුමාලට. ඔය තියෙන්නෙ,  ආසුත ජලය😂

ඊට පස්සෙ කලේ, තෙත මයික්‍රො-ෆයිබර් රෙද්ද, රවුමට(circular motion),රවුමට ස්ක්‍රීන් එකේ උලන එකයි. ඔය ඉන්නෙ කිරි-ටොයියා වගේ, දැන්.


සිංහල බ්ලොග් ලෝකෙ, ස්වර්ණමය යුගයෙ හිටියා, බොහොම සක්‍රීය අපේ හිතවතෙක් PoM (Prince of Moonshine) කියල. ඔය බුරා, ප්‍රාජේ එහෙම එයාව දන්නව. "සියලු බ්ලොග් සංස්කාරකයෝ වාෂ්පවෙන සුළුය" යන සනාතන ධර්මය අනුව එයත්,  හිටපු ගමන් වාෂ්ප වුනා. එහෙම වාෂ්ප වෙච්ච සමහර ජනප්‍රිය බ්ලොග් දැන් පෙන්නන්නෙ " ආරාධනාලත් අයට පමණයි" කියල, ඩ්‍රැකියා තමා කිව්වෙ. අපිට කොයින්දෑ පූසො මාලු, අපි යනවැයි මූදු?






28 comments:

  1. කම්පියුටරේ මුහුණත ඇත මගෙ ඇඟිලිත්
    හිතුණා අත්හදා බැලුමට බකුසු කෙමත්
    තිබ්බට වැඩිය කෙළවෙයිදෝ කියල බයත්
    ඇතිවයි හිතන්නේ කෙරුමට ඒ 'විකුමත්'

    ReplyDelete
    Replies
    1. ආසුත ජලයෙ, වෙන-වෙන දේවල් නැහැනේ
      හොඳටම සිනිඳු, මයික්‍රො-ෆයිබර් ගන්නේ
      අත බුරුලටයි, රවුමට-රවුමට යන්නේ
      වතුර වැඩිය දැම්මොත් නං කෙල වෙන්නේ

      නිදි ඔව්වා ගැන මොකටද වද වෙන්නේ
      ඔය වැඩ වලට ඔස්තාද්ලා ගෙන්වන්නේ
      කම්පියුටර්, ලැප්ටොප් සහ ටැබ් ඉන්නේ
      වෙන කාටද, ඔය වගෙ අරගෙන දෙන්නේ

      Delete
    2. ආශ්‍රුත ජලය හදාගත්තත් ඇතැයි මයික්‍රෝ ෆයිබර් රෙදිත් ඕනිනේ. වැඩේ ගැන දන්නා උදව්කාරයෙක් ගෙන්නා ගන්නත් හිටින්න වෙනවා තව දවස් නවයක්. ඒකත් අපේ lockdown එක දික් නොකළොත්....

      හැබැයි රජෝ, අතාරින්නෙ නැ වැඩේ! ප්රතිපලේ කියන්නංකො, ඉවර වුණාම.

      Delete
    3. ආන්න එහෙම තමා ඉන්න ඕනෙ. ඔය වලිග පිටින් අලිත් මැරෙන්නෙ, අපි සැලුනද, නෑනෙ?😂

      Delete
  2. මම නම් කඩේ තියෙන ස්ප්‍රේ එකක් ගෙනල්ල ඔන්න ඔහේ පිහදාල දානවා. ඔය ආසුත ජලයට තෙල් ගතිය නැතිවෙනවද? මම නිකන් ටැප් වතුරෙන් පිහදාල බැලුවා හරි යන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ආසුත ජලයට තෙල් ගතිය නැතිවෙන්නෙ නෑ. එච්චර සැර නැති සබන් යාන්තමට දාපු ආසුත ජලයෙන් තෙමාපු රෙද්දෙන් පිහදාන්න වෙයි තෙල් අරින්න.

      හ්ම්.. ලැප්ටොප් එකක් නේද? මගේ මොනිටරේ නං බැදුම් කන්න කැමතිම නෑ.

      Delete
    2. අලුතින්ම ගත්තු ස්ප්‍රේ එක විසි කරන්නද වෙන්නේ එතකොට ?

      Delete
    3. මට දෙන්න පුළුවන් මගේ ඔපීනියන් එක විතරයි.ස්ප්‍රේ එක කී බෝඩ්, මවුස්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් සහිත මොබයිල් ෆෝන් වලට පාවිච්ච් කරන්න පුළුවන්.

      ස්ප්‍රේ එක ගණන් එකක් නං, රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් නං සහ ඒක ස්ක්‍රීන් වලට සේෆ් කියල තියන නං විතරක් මම ලේබල් එක කියවල බලල තීරණය කරනවා මොනිටර් එකට පාවිච්චි කරනවද නැත්ද කියලා. තව, කලින් පාවිච්චි කරල හොඳයි කියල දන්න එකක් නං ඒත් අවුලක් නෑ. නොදන්න ඒත් බ්‍රෑන්ඩඩ් එකක් නං, නම Amazon.com එකේ ගහල යූසර්-රිවීව් කියවල අදහසක් ගන්නත් ඇහැකි.ඔය කිව්වෙ මම කරන විදිහ, වැරදි වෙන්නත් ඇහැකි.

      මගේ පොයින්ට් එක, ස්ක්‍රීන් එකක් ස්ප්‍රේ එකකට වඩා හුඟක් ගණන් කියන එකයි. පැහැදිලිද මන්දා?

      Delete
    4. මම නං කරන්නෙ මාසෙකට සැරයක් විතර ලැප්ටොප් එක පිටින් සබන් වතුර බේසමක පැයක් දෙකක් ඔබලා තියලා, පොල් මුඩ්ඩකින් අතුල්ලලා, කුණු යවලා, අරන් වේලන එක. ඒක අවුල් ද?

      Delete
    5. තැන්කියු මී'ලෝඩ්. Mindhunter බලල අඥ්ඥකොරොස් වෙලා තිබ්බ මගේ මූඩ් එක, මේ කමෙන්ට් එකෙන් හරි ගියා. ඔබතුමාගෙ උත්ප්‍රහාසය, බය හිතෙන ගාණට දියුණු වෙමින් පවතිනවා🤣

      අපේ හෝතම්බුවාත් ඔහොම තමා. ලංකාවෙදි මේකා, පොල් මුඩ්ඩකින් වට්ටක්කා ගෙඩියක් පැය 1/2 ඇතිල්ලුවාලු කුණු යන්න කියලා.

      Delete
  3. ඇයි අර මොනිටරේ උඩ දකුණු පැත්ත කූඹි කාලා තියෙන්නෙ?

    මුගෙ wallpaper එක දැක්කහම මූ pedophile බස්සෙක් ද මන්දා කියලා හිතෙන්නෙ මට විතර ද?

    ReplyDelete
    Replies
    1. ඒ කූඹි කාලා නෙමෙයි, රිෆ්ලෙක්ෂන් එකක්. බනිනව නං, බැනපන් ජැප්පොන්ට මේ ඇනිමේ ජනප්‍රිය කරවනවට.

      සීල, සමාධී පිහිටුවා ගෙන සම්මා සිද්ධි ගුණයෙන් wallpaper එක දිහා බලන්න උපාසක. එතකොට පෙනෙයි. කන්දක් උඩ නිවාස පෙලක්. එහි සිට පල්ලමට බැස යන පටු පඩි පෙලක්. සැදෑ අහස, සියොතුන් රැලක් සහ සිත නිවන දර්ශණයක්😊

      Delete
    2. මං ආපහු උඩට ගිහිං බලල ආව. සැක් විතරක්, බුරා දෙන ලණු.!!

      Delete
    3. ඒ ඉස්සර, දැන් දෙන්නෙ නැව් කඹ. හයියයි වගේ තමා පේන්නෙ, ඒත් පස්ස බිම ඇනුනාමයි රඟේ දැනෙන්නෙ😂

      Delete
    4. මක්කය බොලං මම දුන්නු ලන්න?

      Delete
    5. සොරි ලන්න නෙමෙයි පොල් මුඩ්ඩ🤣

      Delete
  4. https://lk.linkedin.com/in/kasun-godakumara-7a18bb120?trk=pub-pbmap

    ReplyDelete
  5. අපි වගේ පිහදාන්නෙම නැතුව හිටියහමත් ලෙඩ අඩුයි.. :))

    හ්ම්ම්.. ctkumara නෙහ්. හ්ම්ම්.. හ්ම්ම්... 40.. නෑ එක්කෝ ඕනි නෑ. :))))

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පිහදාන්නෙම නැති එකත්, එක විසඳුමක් තමා��

      හෙහ්,හෙහ් මට හිතාගත්තෑකි, වයසෙ වැරැද්ද වෙන්ටෑ? එයැයිට අසාධාරණයක් නොවෙන්න කියනව නං, තව බොහෝ දෙනෙක් ඉන්නව. මට මතකය නිවැරදි නං, කලින්ම වාෂ්ප වුනේ "ටැබූ". ටැබූගෙ පාඨකයො එකතුවෙලා "විකල්ප" සයිට් එකක් කලා, පස්සෙ ඒකත් වැහැව්වා.

      මම පුද්ගලික නිදහස, පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ අනුව කෙනෙක්ට, තමංගෙ බ්ලොග් එක වහල දාන්න අයිතියක් තියනවා. ඉතිහාසය පුරා මිනිස්සු පොත් ලියල තියනවා, සමහරු අන්වර්ථ නාම වලිනුත්. ඒත් කිසිම කෙනෙක්, තමන් ලියපු පොත් "රී-කෝල්" කරල නෑ.

      මට දුක වාෂ්ප වෙච්ච ලියන මහත්තුරු ගැන නෙමෙයි, අලුතෙන් කියවන්න එන අය ගැනයි, ඒ නැති වෙච්ච "දැණුම" ගැනයි. අන්වර්ථ බවෙන් "කලඑලි බැසීමත්" , මේ බ්ලොග් වාෂ්ප වීමක් අතර සම්බන්ධයක් තියෙන්න ඉඩ තියෙනව කියල හිතෙන්නේ මම "අවුල්" බස්සෙක් නිසාද? ඔව්, වොව් තවත් බකුස් කොන්ස්පිරසි තියරියක් තමා😊

      Delete
    2. // අන්වර්ථ බවෙන් "කලඑලි බැසීමත්" , මේ බ්ලොග් වාෂ්ප වීමක් අතර සම්බන්ධයක් තියෙන්න ඉඩ තියෙනව කියල හිතෙන්නේ //

      ඔය දේ මට හිතුනෙ බොහෝ කලකට පෙරාතුවයි. ඒකමයි මම ඔය බ්ලොග්කරුවන්ගේ උත්සව, අවුරුදු සැනකෙළි, තෑගිදීම්වලට වැඩි මනාපයක් නැත්තෙ. මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගන්න පුළුවන් තාක් කල් ඔවුන්ට නිදහසේ දෙයක් කියන්ට/ ලියන්ට තියෙන අවස්ථාවන් වැඩි වෙනවා (විසේසෙන්ම සසිරිබර සිරිලංකා දීපෙ). :-D

      Delete
    3. //මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලිකත්වය රැකගන්න පුළුවන් තාක් කල්...//

      ආන්න..ජංසන්. උඹැහෙට කියන්න බුරෝ, රට්ටු මට "පැරනොයිඩ්" කියල කිව්වා,🤔ඒත් මම ගැදරින් වලට කෙලින්ම දොස් කියන්න කැමති නෑ, හැමෝම ආවෙ කැමැත්තෙන් නෙව? කාලයක් යනකොට " කල-එලි බහින්න" ආසාව තදේට එන එක මනුස්ස ස්වභාවය කියලයි, මට හිතෙන්නෙ. හැබැයි, බැස්සොත් බඩුම තමා. එහෙම නොවෙන්න නං ඉතිං ආඳා ටයිප් බස්සෙක් වෙන්නම වෙනවා. මේ තියරියත් වැටෙන්නෙ කොන්ස්පිරසි කැටගරියටම තමා.

      අර කූඹියාවගේ අපි නොදන්නවට, මේ ලියන කමෙන්ට් වුනත්, එක්තරා ආකාරක "නිදහස් දැණුම බෙදාගැනීමක්" කියලයි මට නං හිතෙන්නෙ. සමහරවිට ඒකෙන් "ඉහල පරමාර්ථයකට" කුඩා නමුත්, යම් දායකත්වයක් වෙනවා වෙන්නත් ඇහැකි.

      Delete
  6. හ්ම්, ඉත්තෑ අමාරුව.
    ඔහෙලට මොකවත් කියන්ඩත් බෑ. අර යස අගේට වැඩකරමින් තිබුන ගැජට් එක ගලවල අහක්කවෙලා මැදට පයනු කෑලි එකතු කරලා.අනේ අම්මප අහවල් අමාරුව නැතුව වෙන මක්ක කියන්ඩද ලොකු සර්. මේ ඒක නෙවේ, සිතට අමාරුවක් උනානං මෙන්න බාජනේ, දාන්ඩ බස්නායක සර් සමාව ඒකට.

    "ආරාධනාලත් අයට පණමයි" කිව්වම මතක් උනේ. කාලෙකට ඉස්සර මගේ මිත්‍රයෙක් ලෙඩෙක් බලන්ඩ ඉස්පිරිතාලෙකට ගියවෙලේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රටවල් තුනක ඉගෙනගත්තා කියල කයි දෙන චන්ඩියෙක්ගෙ බ්ලොගකට කොමෙන්ට් එකක් ලියල. හැරෙන තැපෑලෙන් ඒ චන්ඩි මාත්තය ලියල මම මේ බ්ලොග් ලියන්නේ ඔය වගේ අයට නෙවේය අහවලා, අහවලා හා අහවලා වැනි අයටය, අරකය, මේකය, අහවල් එකය කියල. අම්මට සිරි වෙනවනේ. මගේ මිත්‍රයත් ඒකට එල්ලිලා ගොහිං ලියල තත්වෙ එහෙමනං මේ ලෝකෙටම පේන්ඩ බ්ලොග් වල දමන්නේ අහවල් එකටය ඕක ඊ මේල් වැනි දෙයකින් කොරගන්ඩය කියල. විස්වාස කරන්ඩ බස්නායක සර් අර මාත්තයා චන්ඩිය වෙලා මගේ මිත්‍රය ලොග් උන අයි පී එකයි ස්ථානීය විස්තරෙයි ඔක්කොම දාල.

    අවසානේ මේ දේ blogspot කණ්ඩායමට දැන්වූ විට, ඔවුන් පවුද්ගලිකත්වය, ස්වයිරිභාවය නැතිවීමට කණගාටුව ප්‍රකාශ කළ අතර චණ්ඩියාට warn කරන බවත් ඒ වන විටත් ඔවුන් අයි පී විස්තර මැකූ බවත් දැනුම්දුන්නා. ඊට අමතරව මිත්‍රයාට අවශ්‍ය නම් ඇමරිකාවේ (blogspot රට), කැනඩාවේ (සිදුවූ ස්ථානය), ඕස්ට්‍රේලියාවේ (චන්ඩියාගේ ගම) හෝ ලංකාවේ (මිත්‍රයාගේ ගම) නඩු කටයුත්තකට යන්නේනම් ඔවුන්ගේ සහයෝගයත් ලබාදෙනබවත් දැන්වූවා.

    ප. ලි. මේ ඒක නෙවේ බස්නායක සර්, වෑල් රේඩියෝඑකක FM එලයින් කර ගන්නා අන්දම ගැන විස්තරයක් තිබේනම් එවන්ඩ. තැන්කිව් වේවා!

    ReplyDelete
    Replies
    1. කිසිම හිතේ අමාරුවක් නෑ මලේ, ඔය ගෙඩි පිටින් පෝස්ට් එකකුත් ලියන්ට චෑන්ස් එක ලැබුනෙ?😂

      වෑල් ඈම්ප්ස් කොලිටිය ඉහලයි කියල අහල තිබුණට, එව්වා ගැන දන්නෙ නෑ.
      frequency tuning කියන්නෙ ටිකාක් විතර "රැබිට් හෝල්" එකක්. ඒත් ඕනම නං මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි, මයෙ හිතේ

      මෙන්න මෙතන සාකච්චාවක් යනවා. ඔය ෆෝරම් එක දැණුම් ආකරයක්.
      https://www.eevblog.com/forum/repair/unsure-about-two-valves-in-a-1950s-astor-mickey-radio/msg1632665/#msg1632665

      මෙන්න තව ලින්ක් දෙකක්:
      https://www.youtube.com/watch?v=OLcj1_aDAag
      https://www.youtube.com/watch?v=mpLgEX7oaHI

      Delete
  7. මගේ ලැප් එක අස්සේ රතු කූඹි හිටියෙ උන් මදර් බෝඩ් එක බදු අරන් වගේ. උන්ගේ කොලනිය හරි මාර්ගෙට ගන්නකොට කිහිප දෙනෙක්ට අපාගත වෙන්නත් උනා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඔය රතු කූඹින්ට "ඉත්තෑ අමාරුව" තියනවා කියලයි. ඇන්ටෙනා උස්සගෙන, කෙලගෙන එනවා, බෝඩ් වල සුවඳට🤔

      Delete
  8. මාත් ඇවිත් කියවල ගියා. හදිසියෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. වැඩ තියාගෙනත් ආ එකට, මගේ ආචාරය.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code