Jul 5, 2021

මැකෑනිකල් කී-බෝඩ්

දැන් කම්පියුටර් කස්ටියගේ අළුත්ම විනෝදාංශය කී බෝඩ්ය. කී බෝඩ් කීවාට මෙව්වා නේක වර්ග සුවිච් තියෙන මැකෑනිකල් කී බෝඩ්ය. බොහොම වියදම් සහිත විනෝදාංශයක් නිසා, බස්සා කාලෙක සිටම කුරුමාණන් අල්ලමින් සිටියා පමණය.

ඒත් මෙන්න මේ උලව්ව, ගෙඩි සුපියල් හතලිහට, ටැක්ස් නැතුව, ගෙදරටම ගෙනත් දෙනවා කීවාම නං උන්දෑ නන්නත්තාර වුනේය. අවසානයේදී බකමූණාත් පතුරම හැපුවේය( bit the bullet).

නම: Royal Kludge RK71

මොඩලය: 71 key 70% LED Wireless Mechanical Gaming Keyboard

පහසුකම්: Wireless(Bluetooth) + Wired (detachable USB C), single colour, but individual LED illuminated keys, side RGB LED strips, double shot key caps.

තනි අඟිල්ලෙන් කොටනා අපිට එතරම්ම ප්‍රයොජනයක් නැතත්, සීරියස් ගේම් ගහනා අයට සහ කම්පුටර් වෘතීයකයන්ට නං නරකම නැත. මේකේම RGB වර්ශන් එකකුත් වැඩි ගාණට ඇත. 

ගේම් මෝඩ් එකේදී මැක්‍රෝ 4 ක් දාගත හැකි වුනත්, අත්හදා බැලුවේ නැත. මදය ගලවා, ටිකක් වැඩි ධාරිතාවක බැස්ටියකට මාරු කිරීමත්, සද්දය අඩුකිරීමට ඇතුලට ෆෝම් එබීමත් සිදු කරන ලදී. චීනෙන් කලින් ගෙන්වා ගත් USB කේබලයක් මගින්, USB C පෝට්එක මැග්නටික් කිරීමත් පමණක් සිදු කරන ලදී. Windows සහ MacOS දෙකටම භාවිතා කල හැක. මේ සඳහා යම් ආකාරයක Keyboard layout re-mapping ක්‍රමයකට පහසුකමක් ඇත. custom  key  re-mapping කරන විදිහක් ( QMK configurator) තිබුනත්, ඒ "හරාකිරි" ක්‍රමවේදයේ අවශ්‍යතාවයක් දැනට නැත.

මේ කී-බෝඩ් විනෝදාංශය කරන අය, පාට-පාට කී කැප් දමනවාය. ඒත් ඒ කී කැප් සෙට් එකක්, කී-බෝඩ් එක මෙන් තුන් ගුණයක් පමණ වෙන නිසා, ඒ අදහස සරල බස්සොන්ට අදාල නොවේ. 

නිගමනය: වියදම් කල මුදලට, සරිලන වටිනාකමක් ඇති මුත්, අත්‍යාවශ්යම දෙයක් නොවේ. ඒත් දවස පුරාම කී-බෝඩ් කොටන හාදයෙකුට නං පාඩුවක් නැත.

වීඩියෝවේ ඇති කී-බෝඩ් එකට වඩා අළුත් වර්ශන් එකක් මට ලැබී ඇති බව පෙනේ. මගේ කී කැප්ස් ඩබල් ශොට් බව පින්තූරයෙන් පැහැදිලි වේ. ගලවා ඇති කී කැප් එකේ, කලු සහ සුදු, ප්ලාස්ටික් තට්ටු දෙකක් ඇත. සුදු ප්ලාස්ටික් කී කැප් එකේ කලු පින්තාරු කර ඇති එකට වඩා ඩබල් ශොට් කී කැප්ස් මිළ වැඩි නමුත්, හොඳ වන්නේ, කී කැප් ගෙවෙන විට හම යන්නේ නැති නිසාය.

"මැෂින් ගන්" ඩ්‍රැකීට උපහාරයක්:😊


වීඩියෝ අනුග්‍රහය: යූ-ටියුබ්

28 comments:

  1. මේ කඩේ ගෝවා විකුණන්ට තියේය කියලා ආරංචියක් ආවා. ඒකයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. http://thattayagekolama.blogspot.com/2021/07/203-11.html

      Delete
    2. ගෝවා ඉවරයි, දැන් විකුණන්නේ කී-බෝඩ්😂.

      තට්ටයා මහත්තයාට මල පැන්නද මන්දා, අපි පිස්සු කෙලලා,කමෙන්ට් අල කරනවා කියලා.

      Delete
    3. කාන්ට් හෙල්ප්නේ. අපි නොවෙනස්වෙනසූලුයිනෙ.

      Delete
  2. මේක අපේ කොල්ලටනං හරියයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්, කොල්ලො කොහොමත් ගේමර්ස්ලා නෙව. මේ මැකෑනිකල් කී-බෝඩ් වලට, හිටගෙන කෙටුවත් අවුලක් නෑ. තව keyboard input lag\ latency අඩුයි. මැක්රෝ, N key rollover වගේ ගේම්ස් වලට අවශ්‍ය පහසුකම් එහෙමත් තියනවා.

      Delete
  3. https://www.youtube.com/watch?v=XCxwdf9nZ4E
    Cute Baby Little Owl walks on the keyboard


    ReplyDelete
    Replies
    1. මට පේන විදිහට එයා, කාටද ඊ-මේල් එකක් කොටන පාටයි.😂

      Delete
  4. //තනි අඟිල්ලෙන් කොටනා අපිට එතරම්ම ප්‍රයොජනයක් නැතත්//

    තනි හොටට කීබෝර්ඩ් එහෙමවුනාට උපාසක බස්සො සහ මවුස් ගැන නම් පුරාවෘත්ත තියනවයි කියලා පුත්තලමෙන් ආපු ගෝවා රූකඩතුමෙක් කිව්ව

    ReplyDelete
    Replies
    1. බස්සො කොහොමත් මවුස්ලට මනාපයි. මේ ලඟදි ඉඳන් ආයෙත්, නැට්ට ඇති ගේමින් මීයෙකුට මාරු වුනා.

      Delete
  5. මටනම් ටිකක් අන්ඩර දෙමල උනාට පොඩි මෙන්ඩට වැදගත් වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව්, මේවා වැදගත් අලුත් පරම්පරාවට තමා. අපිට නං ඔය කොයිවත් එකයි, අකුරු වදිනව නං.

      මේ අලුත් පරම්පරාවෙ මැකෑනිකල් කී-බෝඩ් සංකීර්ණයි. කී-බෝඩ් එකේම, වෙනම ප්‍රොසෙසර් එකක්, firmware සහ non-volatile memory තියනවා. මේක, මේ සීරීස් එකේ ලාබම එක නිසා, programable features කප්පාදු කරලයි තියෙන්නෙ. ඒත් "ඉත්තෑ අමාරුව" තියේ නං හැක් කරන හැටි ඉන්ටනෙට් එකේ තියනවා.

      Delete
  6. https://www.youtube.com/watch?v=X5ZtwbzUFZE

    ReplyDelete
    Replies
    1. අඩේ මේක හොඳ සිත්තර පටියක් වගේ නෙව? ස්තූතියි

      Delete
  7. මං හිතාගෙන උන්නෙ මල්ටිමීඩියා කිබෝඩ් ඒකක් කියන්නෙත් හෙණ ගැම්මක් කියල...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මල්ටිමීඩියා කී බෝඩ් කියන්නෙ, මීඩියා කන්ට්‍රෝල් තියෙන ඕනෙම කී-බෝඩ් එකක්. පරණ ලාබ මැම්බ්‍රේන් කී-බෝඩ් වලත් එව්වා තිබ්බා. මට නං, එච්චර ප්‍රයෝජනවත් නෑ. වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාවල වුනත් පාවිච්චි වෙන්නෙ අනිකුත් කී.

      මැකෑනිකල් කී-බෝඩ් වෙනමම ගේම් එකක්. ප්‍රධානම දේ කස්ටමයිස් කිරීමේ හැකියාව. ඉත්තෑ උණ තියේ නං, ඊළඟ ලෙවල් එකට උනත් ගියෑකි. ඔය රට්ටු මොනවා කීවත්, මට ඒක නෑ.

      Delete
  8. https://www.youtube.com/watch?v=kd5lMDkvzvI

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියෙ නෑ නෙව, ඩ්‍රැකීගෙ මපට් ෂෝ මෙච්චර ජනප්‍රියයි කියලා. නියමයි

      Delete
    2. උඩින් දාන්න ඔ්නෙ කමෙන්ට් එක මෙතන දාලා ඇති බව කරුණාවෙන් අල කන්ඩ

      Delete
    3. ස්තූතියි රෙකමදාරුවට. මම වැරදි තැන කමෙන්ට් කරල තිබුනෙ.😂

      Delete
  9. https://www.youtube.com/watch?v=k3SsYyTUu50

    ReplyDelete
    Replies
    1. මේත් ඒ සිංදුවම නේද? ඒකෙ මපට් වර්ශන් එක, සිංදුව නං හරි අගෙයි, ඒත් මේකෙ යටි කතාව තමයි දන්නෙ නැත්තෙ. ඩ්‍රැකියුලාගෙ අතීතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලයි හිතෙන්නෙ.

      Delete
    2. මාත් ඒහෙම හිතලා හෙව්වා. ඒ් උනාට මට පේන්නෙ, අර ෆිල්ම් ඒකට කවුරු හරි ඔබපු පොඩි කන්සෙප්ට් එකක්. පස්සෙ දියුණු කරල අරගෙන වගේ. ඔ්කෙ කාටුන් වර්ෂන් එකකුත් තියෙනව.

      Delete
    3. බ්‍රෑම් ස්ටෝකර්ගෙ ඩ්‍රැකියුලා පොත ඉස්සෙල්ලම කියවන්න ලැබුනෙ පරිවර්තනය. කව්ද මන්දා ඒක ලෙසටම පරිවර්තනය කරලා තිබුනා. කියවන්න ලැබුනෙ කීවාට, ඒ කාලේ දැනගෙන හිටියෙ හිංගල විතරයි. ඒත් ඒකෙ ඒ පරිසරය ලෙසටම මවලා තිබ්බා. අර කවර් කරපු ලන්තෑරුම් අරගෙන ප්‍රොපෙසරයා මිනී කනත්තට යන එක. පෙට්ටියෙ තරුණිය පණ පිටින් වගේ හිටපු හැටි, කටේ පැත්තකින් බේරුන ලේ පාර. මතක් වෙන කොට දැනුත් ඇඟේ හී ගඩු පිපෙනවා. නිකම්ම බය කරනවට වඩා දෙයක්, ඒපොත ලියපු රටාවෙ තිබුනා. අර රිටිගල මැතිතුමා කිව්ව ක්‍රමේට, ඇස් පියාගත්තාම පාඨකයාත් එතන.😊

      Delete
  10. බ්‍රෑම් ස්ටෝකර්ගෙ ඩ්‍රැකියුලා පොත දැන් කියෙව්වත් රෑට තනියම චූ කරන්න යන්න බය හිතෙනවා මට නම් ... හෙහ් හෙහ් ... සිංහල එක කියවල මාස ගානක් බයේ නැටුවා .... දැන් ටික කාලෙකට කලින් හෙන ගති පෙනුමක් තියෙන ඉංග්‍රීසි කොපිය අරන් කියවන්න යද්දිත් අර බය තාම එනවා වගේ ...

    මැකනිකල් කී බෝඩ් කියන්නේ වෙනම ආතල් එකක් ... මම එකක් අරගෙන ඔපිස් අරන් ගියා (කොරෝනාවට පෙර යටගිය දවසක ) ටොක ටොක ගගා මම කොටනකොට වටේම උන්ගේ මුණ හොඳ නැහැ .. ආයේ අකුලගෙන ගෙදර ගෙනාව

    මම නම් දේදුනු පාට ලයිට් දාගෙන කොටන්න ආසයි ... දැන් ගෙදර සෙටප්පෙක හදාගෙන ඉන්නේ මැකනිකල් දාගෙන සද්දෙට කොටන්න ...

    ReplyDelete
    Replies
    1. බ්‍රෑම් ස්ටෝකර්ගෙ ඩ්‍රැකියුලා පොත ලියල තියෙන, දිනපොත වගේ රටාවට මම හරිම කැමතියි. එක එක්කෙනාගෙ දෘෂ්ඨි කෝණයෙන් ලියල තියෙන විදිහත් අපූරුයි. ඒ කාලෙ පරිසරය, ජීවන රටාව ගැන අපූරු චිත්‍රයක් හිතේ මැවෙනවා.

      ඔව් මැකනිකල් කී බෝඩ් සද්දෙ ආතල් එක කොටන ගොබිලට විතරයි. සද්දෙ අඩු බ්‍රවුන් ස්විච් තියන එව්වා තියනවා කිව්වට, ඒත් වටේ ඉන්න උන් කැමති වෙන එකක් නෑ. ඔව්, හොඳටම ගැලෙපෙන්නෙ ගෙදරට තමා, හිතේ හැටියට කොටන්න.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code