Sep 29, 2021

මැකී ගිය බකුසු දඩමං 1 - පැරීසිය

එක්තරා යුගයක  අරාබිකරයේ රටඉඳි ගහක හිටපු බස්සෙකුට, මරු කතරින් චුත වෙන්න අවස්ථාව ලැබුනා. ඌට හිතුනා ලෝකෙ අනිත් පැත්තටම යන එකේ, යුරෝපයෙත් බස්සො ඉන්නවද බලන්න. අහවල් රටේ අරාධනාව තිබ්බ නිසා, ඉල්ලන පරක්කුවෙන් "ෂෙන්ගන්" ද මොකක්ද වීසා එක ලැබුනා, ඇයි ඉතිං බුදු ෂුවර් නෙව, යුරෝපයේ ගල් වෙන්නෙ නෑ කියලා?

අරාබිකරයේ හිටිය මිත්‍රයෙක් මෙහෙම කිව්වා. " බස්සො, ඔය යන ගමන් ඇම්ස්ටඩෑම් පලයන්කො. අපේ අයියා එහෙ. එයා ආස මේ පෝට් වයින් බෝතලෙත් දීහං. මම එහෙ නවතින්න සෙට් කරන්නම්" කියලා. එයා අයියත් එක්ක සෑහෙන කාලෙකින් කතා කරල නෑ. පොර කප්පාදු කරලා කතාව කෙටියෙන් කිව්වා.

මිත්‍රයගෙ අයියා පෙනුම තියෙන හාදයා. ප්‍රසිද්ධ හෝටලේක බේවරේජ් මැනේජර් කෙනෙක් විදිහට ඉඳලා තියෙන්නෙ. කිට්ටුම නෑඳෑ නංගියෙක් එක්ක, දෙමාපිය ආශිර්වාදය ඇතුව අවුරුදු ගාණක හාද කමක් තිබිල තියනවා. හෝටලේට ආව ලන්දේසි තරුණියක්, තනි අලිය. මේකා පැන්නා කොටුව, කෙල්ලට හිතට අල්ලලා ගියා. බඳිමුද ඇහැව්වා, හා කිව්වා. නංගිට බූට් එක තියලා උන්දෑ පැන්නා නෙදර්ලන්තෙට. මුලු ගෙදරම විරුද්ධ වුනා. මලයා කතා කරන එකත් නැවැත්තුවා, ඇයි, කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නෙ?

ර කියාපු බස්සා( මම නෙමෙයි ඈ? ඒ වෙන බෂ්ෂෙක්) , ගමනට ලෑස්ති වුනා. ශොපින් ගිහින් සීත ඇඳුම් ගත්තා. ඇස්කිමෝ වගේ සැරසිලා ගුවංගත වුනා. ගිහින් බෑව ප්‍රංසෙට. ඔව්, ඔව් අර " යුරෝපයේ අති සුන්දර ප්‍රංස රටේ පැරිස් නුවර" ට තමා. එකම අවුල, "එදා හරිම මල කෙලියකි, ප්‍රංස රටේ පැරිස් නුවර" වෙච්ච එක විතරමයි. ප්‍රංස රටේ  Charles de Gaulle එයාපෝට් එකේම තියනවා උමන් දුම්‍-රිය. එතනින් ගියා Gare du Nord ඉස්ටේසමට.

ගිහින් බැස්සා බැහිල්ලක්, ලොවෙත් නෑ, ඒක තමා ඉස්ටේසම. ඒ ඉස්ටේසමේ තට්ටුම බර ගාණක් තිබ්බා. අවශ්‍ය කොච්චිය ගන්න, හරි තට්ටුවට යන්න ඕනෙ. කෝච්චි උඩින් යනවා, යටින් යනවා, ඒ මදිවට උන් "හූ" කියලත් කියනවා.

දැන් ඝර්මකලාපීය බස්සා සට,සට ගාලා වෙව්ලනවා. ඇයි, බස්සො කවද කාපු ටකරන්ද? අරාබියෙන් ගත්ත සීත ඇඳුම් මෙලෝ වැඩක් නෑ. ඉන්න බැරිම තැන ගියා පැත්තක තිබ්බ දුවන ගිරියකට. ඉල්ලුවා කෝපි එකක්. යුරෝ බර ගාණක් ගත්තා, ඒත් කාරි නෑ, දුන්නෙ පොඩි දිදාලයක් වගේ කෝප්පෙකට කියහංකො. කටේ තියන්න බෑ, සීනි පොදක් නෑ, ඊට හපන් කෝපි එක ටිං කිරි වගේ උකුයි. අමාරුවෙන් බිව්වා, ඇයි අහක දාන්න කියලය? 

අම්මද බොල, ප්‍රංසෙ නෙව බස්සො ඉන්නෙ? එකෙක් කතා කරන්නෙ නෑ, කසාය බීපු ගොලුවො වගේ. එහෙ මොකක්ද ඉංග්‍රීසි වර්ජනයක් තිබ්බා, ප්‍රංස විතරයි. දැන් නං බාගදා වෙනස් වෙලාත් ඇති. පස්සෙ යාංතන් විදේශිකයෙක් ගෙන් අහගෙන නිවැරදි තට්ටුවෙ ටිකට් කවුන්ටරේට සැපත් වුනා. දුන්නා ටිකට් එක. කවුන්ටරේ එකා බැලුව බැලිල්ලක්, කවදාවත් නොදැකපු සතෙක් දිහා බලන්නැහෙ. ඔලුව වනලා කිව්වා, ඔයාගෙ කෝච්චිය ඊයෙ ගියා කියල. මං කිව්වා මම හොඳට බලලයි බුක් කලේ කියලා. එතකොට එයා කිව්වා " ඒක හරි වෙන්න ඇති , ඒත් අපි ඉන්නෙ වෙන ටයිම් සෝන් එකක" කියලා.

අන්තිම කොටස........


පලවෙනි පොටෝව, ඩ්‍රැකියාගේ අනුග්‍රහයෙන් ලැබුනු මෙන්න මේ නිර්මාණය ගුරුකොට ගෙන සාදන ලදී. 

ඔන්න මට කතාවක් මතක් වුනා. එක ගම ගෙදරක ගම හාමිනේ කනෙක් කොටු පනිනවලු. එක හොර මිනිහෙක් සිංහල, අනිකා මුස්ලිම්. එක දවසක් සිංහල හොර මිනිහාත් එක්ක ඉන්නකොට, ස්වාමි පුරුෂයා ආවලු. හොර මිනිහා ඇඳ යටට රිංගල ඉඳලා "ඤාව්" කිව්වලු. ගමමහගෙ "හා අන්න අර හොර පූසා කුස්සියට ඇවිත්" කිව්වාම, ස්වාමි පුරුෂයා බලන්න ගිය අල්ලපනල්ලෙ, හොරවාහෙ පැනල ගියාලු. ඊළඟ දවසෙ මුස්ලිම් හොරවාහෙ ආවම  ගමමහගෙ කතාව කියලා, කිව්වලු  කරන්න ඕනෙ දේ. එදත් කරුමෙට ස්වාමි පුරුෂයා ආවලු ගෙදර. මුස්ලිම් හොරවාහෙ ඇඳ යටට රිංගලා "ඤාව්" කිව්වලු. ස්වාමි පුරුෂයා කිව්වලු " අදත් ආව නේද මේ හොර බළල් තඩිය, අද නං මං ඕකව බාවනවාමයි" කියලා. එතකොට මුස්ලිම් හොරවාහෙ ඇඳ යට ඉඳන් කිව්වලු " අනේ නෑ අප්පුහාමි. ඊයෙ එකා නෙමෙයි, මේ වෙන පූෂෙක්" කියලා.

60 comments:

  1. උඩම foto එක නං මල් මසුරන්ය
    ඔහොමට වැඩ දානකොට නං ඊරිසියාය
    ඒකෙන් මටත් වැඩ ගන්නට හිතුණාය
    බා ගත්තාට කොලිටිය මදි වාගේය

    එවනවද එයින් කොපියක් අකුරු හොඳ
    එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු සඳ
    තව තව විකුම් දක්වන්නට ලෙසින් අද
    බස්සට ලැබේවා විස්කම් දෙවිඳු තෙද!

    ReplyDelete
    Replies
    1. නිදි පිත්තූරෙ උඩ ක්ලික් කලාම ලොකුවට එනවා, ඒක රයිට් කලික් කරලා ඩවුන්ලෝඩ් කරන්න බැලුවද? ඔරිජිනල් කෑරලාගෙ ඔයිට ලොකු පිංතූරයක් ලැබුනෙ නෑ.ඒකයි අකුරු ලොකු කරන එක ටිකක් අමාරු.

      අකුරු තියෙන්නේ පින්තූරයක් විදිහට, ඒකයි අකුරු බොඳ. වැඩකට ගන්න අවශ්‍යම නං, ටික කාලයක් දෙන්න, මම කොලිටි හොඳ එකක් එවන්නම්. අර කෑරලාගෙ දෙබස් වැඩි වගේද? එහෙම නං දාන්න ඕනෙ එකත් සජෙස්ට් කලොත්, මට වෙනස් කරලම එවන්න ඇහැකි.

      Delete
  2. දැන් ඔය ගෙදර කොයි මහලෙය හෝතඹුවා ඉන්නෙ?

    ---

    ඔන්න අවුරුදු ගානකට කලින් ලී බෝනික්කෙක් යනවලු ජරමනියට නිවාඩුවකට. ඔන්න ඉතින් යුර‌ෝස්ටාර් එකේ ගොහිල්ලා බැස්සා බ්‍රසල්ස්වල උදේ 10ට. හරියට 10:10ට තියෙනවා තව කෝච්චියක් බ්‍රසල්ස්වල ඉඳන් ඩස්ල්ඩෝෆ්වලට. බෝනික්කාට ඔය කෝච්චිය මිස් වුනා කියහංකො. බෝනික්කා ගොහිං ඇහුවම ටිකට් කවුන්ටරෙන් මක්කය කරන්ටෝන කියලා, කවුන්ටරේ හිටපු ඉටිකිරිස් නංගි ඔප්සන් දෙකක් දුන්නාලු. තව ඇස්ප්‍රස් කෝච්චියක් තියේ දවල් 2ට. ඒකෙ යන්ට පුළුවනිය. නැත්තං තව ටිකකින් ස්ලෝ කෝච්චියක් යන‌ෝ ලියේෂ්වලට, එතනින් බැහැලා කෝච්චියක් ගන්ටය ආකන්වලට. ආකන්වලින් කෝච්චියක් තියේ ඩසල්ඩෝෆ්වලට කියලා.

    ලී බෝනික්කත් කල්පනා කලාලු, "යකෝ දවල් 2 වෙනකං මෙතන ටැග්ගැහිලා ආයෙ ටිංටිං එක්ක කෝපි බොන්ට ය?" කියලා හිතලා, නැග්ගලු ලියේෂ් කෝච්චියට. ගොහින් බැස්සා බැස්සාලු, අම්මට උඩු ප්ලැට්ෆෝම්ස් තියෙනෝලු 10ක් විතර. එක ප්ලැට්ෆෝම් එකක් දිගයිලු කිලෝමීටර් 2-3ක් විතර. කොච්චර දිගද කියනවනං ප්ලැට්ෆෝම් එක ආයෙම A,B,C,D කියලා කඩලා කෝච්චි දෙක තුන නවත්තලා තියෙනෝලු. ෆුල් අන්දොස් වුන බෝනික්කා කොහොමහරි කරලා යාන්තං හරි ප්ලැට්ෆෝම් එක හොයාගෙන, ඔන්න දැන් බලන් ඉන්නවලු කෝච්චිය එනකං.

    ටිකකිං ආව කියහංකෝ කෝච්චියක් අර Cassandra Crossing එකේ තියෙන කෝච්චිය වගේ. එහෙම කෝච්චි බෝනික්කා ඊට කලින් දැකලා තිවුනෙ 60 ගනන්වල ජරමන් මැගසින්වල විකරලු. කෝකටත් කියලා බෝනික්කා කිට්ටු කලාලු කෝච්චියෙ කන්ඩක්ටර්+ඩ්‍රයිවර් තුමා ගාවට, කරලා ඇහුවලු මේක හරි කෝච්චිය ද කියලා. අනේ බොලං අර කන්ඩක්ටරයාට ඉංගිරිසි බැහැ කියහංකො. බුවා බෝනික්කාට මොකක්දෝ කියනවා, බෝනික්කා බුවාට මොකක්දෝ කියනවා. (බෝනික්කට ප්‍රංශ බැරුව නෙවී. ඒ වුනාට ඒ ප්‍රංහ අරූට තේරෙන්නෑ). ළඟපාතක වෙන කවුරුත් හිටියෙත් නෑ උදවුවක් ගන්ට.

    ඔන්න බෝනික්කට පහළවුනා දිවියඥානය. බුවා ගත්තා ටිකට් එක අතට. ඇඟිල්ල තියලා පෙන්නුවා ගමනාන්තය කන්ඩක්ටරයට. ඇඟිල්ල දික්කරා එතන තිබ්බ ටයිම්ටේබල් බෝඩ් එකට. ඇඟිල්ලා දික්කරා කෝච්චියට. කන්ඩක්ටරයා බස්සෙක් වගේ ඔලුව වනලා 'හූම්' කිවුවා. ආන්න එතකොට තමා බෝනික්කගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තව පොඩ්ඩෙන් ඌ තාම ලියේෂ්වල.

    ---

    පලි: අර බොලා දාලා තිවුන එක්සෙල් ෂීට් එකෙන් ඊයෙ රෑ පොත් ටිකක් බාගත්තා. පිං ඈ.

    පපලි: බොට කියාන්ට බස්සො, ඒ පොත් සෙට් එකේ මයෙ අර 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' පොතත් තිවුනා නෙවැ.

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු! නියමයි බුරෝ තව දාහක් වටිනවා. අර කෝච්චියෙ ඩැයිවරයා නං ඉන්තේරුවෙක්ම බස්සෙක්.😊

      මට වැඩියෙම හිනා ගියේ අර 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' පොතත් එතන තිබ්බ එකට. අපි මොන හොරුද, මුං තමා කම්බා හොරු.🤣

      Delete
    2. Did it already. And bookmarked too. Cheers m'lord!

      Delete
    3. Get an account opened. Can download 5-10 a day, free. All new books are there. e.g. Last Kingdom nos 1 to 13 !
      Lovely new non-fiction too.

      Delete
    4. Z library හ්ම්... මේක හොඳ ඔත්තුවක්. ස්තූතියි.

      Delete
    5. බුරෝ අර (බ්‍රසල්ස්) "ටිං ටිං එක්ක කෝපි බොන්නයෑ?" කෑල්ල පට්ට. ඔය වගේ සියුම් උත්ප්‍රහාස දෙන්න
      පුළුවන් බොටයි හිටවන මාටින්ටයි තමයි🤣

      Delete
    6. මේකෙ ඉන්නෙ පට්ට හොරු කියල කියල දෙන්ට ඕනයැ බුරා තුමෝ.. ඒක නෙවී. කෝ අර ආර්යාව. දැක්කෙම නෑ. අයිස් ගිණි ගත්තට පස්සෙ

      Delete
    7. ප්‍රාජේ මාස්ක් එක දාගත්තද?😷👿😡

      Delete
    8. මොකද්ද මෙතන වෙන්නෙ හැබෑටම ඈ..
      කුමන්තන කාරයො 🙈🙈🙈

      Delete
    9. අනේ නෑ අප්පුහාමි. මේ වෙන පූෂෙක්, ඈ?😊

      Delete
  3. Most non-French speaking travelers who have visited France might have experienced that some French do not answer in English when tourists ask them for directions. Since the overall attitude in France towards English is that it is “the most desirable language to possess in one’s linguistic repertoire” (Costa and Lambert 2009, 19), one can assume that these French might not have sufficient knowledge of English, and that it is not part of the French curriculum. However, this is not the case. In the French education system, English is the dominant foreign language (21) and in 2008, the former Minister of Education declared that he wanted every student to become bilingual in English (19). Furthermore, English is studied by the majority of students, and their number is increasing (20). So at least the younger generation should have sufficient knowledge of English to be able to give directions to an American tourist. Hence, there must be another reason for the French attitude towards English, and this might be the pride of their own language. Could it be an exaggerated pride? French used to be a “prestige lingua franca for centuries” (Wright 2006, 35) which is why one might think it is legitimate for the French to be so proud of their language. Even though French is said to be an easy language to learn for English speakers (Knowlton 2014), it has its difficulties, and particularities even in the graphic level, like accents, ligatures and special characters.

    http://eucenterillinois-language.blogspot.com/2017/01/understanding-french-who-refuse-to.html

    වෙලාවක් තියනව නම් ඕකෙ ඉතුරු ටිකත් කියවන්න. ඉන්ටරෙස්ටින්.

    දැන් ඉතින් බස්තුමාට ෆ්‍රෙන්ච් පුලුවන් ඇතිනෙ හොඳට. කෑල්ලක්ම ෆ්‍රෙන්ච්නෙ රටේ

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ, ඉටැලියන්, ජර්මන් හැමෝම වගේ ඔය වැඩේ අඩු වැඩි වශයෙන් කරනවා. ඉංගිරිසි බැරි කමකට නෙවී. "ඇයි බොට බැරි මට මගේ බාසාවෙන් කතා කරන්න?" කියන මෙන්ටලිටි එක නිසා. හොඳම දේ 'එහෙම කතා කරන්න ඒ බාසාව දන්නෙ නෑ ය, ඒකට සමාවෙන්ටය' කියලා ඇපොල‌ොජයිස් කරලා කතාව පටන්ගන්න එකයි.

      Delete
    2. Why we French love to hate the English
      It is truly unthinkable that les Anglais will win the war of the vaccine

      https://unherd.com/2021/03/why-we-love-to-hate-the-english/

      මගෙ ඉංග්රීසි යාලුවෙක් ඉන්නවා එයත් ජෝක් එකට හරිම ඇන්ටි ෆ්රෙන්ච්. ලෝක යුද්ධ දෙකක්ම ජර්මන්ස්ලට විරුද්ධව කරලත් උන් එක්ක එහෙම නෑ. ඒක මං හිතන්නෙ සෑහෙන්න රිසර්ච් කරල තියන සබ්ජෙක්ට් එකක්. මට හොයන්න නම් ලැබුනෙ නෑ.
      ඒත් මට හිතෙන්නෙ 20 වන සියවසේ ජර්මනියට විරුද්ධ යුද්ධ කලාට ඊට ඉස්සර අවු සිය ගාණක් සතුරා විදිහට හිටියෙ ප්රංශෙනෙ. (නෝර්මන්ඩි ඇන්ජු හා ඉන්ගලන්තෙ රජවරුන්ට අයිතිව තිබුන අනිත් ප්රංශ ප්රදේශවල යුද්ධ ඉඳන් අවු 100 යුද්ධෙ හරහා නැපෝලියන් දක්වා ) ඊට අමතරව ඉන්ග්රීසි බහුතරය පැවතෙන්නෙත් ඇන්ග්ලෝ සැක්සන් ජර්මන් ගෝත්රවලින්නෙ. බ්රිටනි ප්රදේශයෙන් ආපු සංස්කෘතිය යටපත් වුනානෙ, වේල්ස් පොඩ්ඩක් හැර.

      අනිත් අතට ස්කොට්ලන්තෙ ස්වාධීන කාලෙ ලඟම මිතුරා විදිහට හිටියෙ ප්රංශෙ. ඒකත් ඉන්ගලන්තෙට විරුද්ධව.
      "Auld Alliance"

      Delete
    3. // ඊට අමතරව ඉන්ග්රීසි බහුතරය පැවතෙන්නෙත් ඇන්ග්ලෝ සැක්සන් ජර්මන් ගෝත්රවලින්නෙ //

      ඇයි ප්‍රා, රජපවුල වුනත් ඔරිජිනලි ජර්මන්නෙ. එයැයිලා පළමුවෙනි ලෝක යුද්ධ කාලෙ වගේ නෙව Saxe-Coburg-Gotha පෙළපත් නම අතෑරලා Windsor නම දාගත්තෙ. වික්ටෝරියා රැජින වුනත් House of Hanover නෙ.

      Delete
    4. අපේ බස්තුමා නං House of Hangover ලු.

      Delete
    5. හොතඹු දෙයියෝ සාක්කි

      Delete
    6. @ ප්‍රාජේ

      තාම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ ෆ්‍රෙන්ච් කිස් විතරයි දන්නෙ. ආ දවසක් කාටද මම "pardon my french" කියල කිව්වට , කියවුනේ වෙන බාසාවක්.

      @ බුරා

      ඕකව දීයාම කාපිය. දෙයියට පාන තියල, මට හරකා/ඌරා කන්න නොදුන්නට වොඩ්කා ගහල ඔය ඉන්නෙ බඹරා වගේ. එකම දේ හරිම පිරිසිදුවට් ඉන්න කැමතියි. සමහර හොඳ ගතිගුණ නැත්තෙමත් නෑ. කොහොමත් මේ මිත්‍රත්වයට කියන්නෙ "පාස්පෝට් මිතුරො" කියල නේද?

      Delete
    7. මං අහල තියෙන්නෙ " ජේලර්" කියල

      Delete
    8. ඔව් ඒකත් නරකම අර්ථකතනයක් නෙමෙයි. බලන්න එපෑ මුගෙ ගෙම්බර්? මම ඉතිං අහිංසක පක්සියා නෙව ආයිබෝංඩ.😂

      Delete
    9. අහිංසකබව වගේ මිතිකල් දේවල් අමතක කරමු. සීරියස්ලි බස්තුමාගෙ ටොලරන්ස් ලෙවල් එක අති විසිස්ටයි. මං වගේ කෙනෙකුට හිතා ගන්නවත් බෑ ඔය ඉවසීම. දැන් ඉතිං ඇණයකට වුනත් ........

      Delete
    10. හිටවන මාටින් තුමාගෙ යෝජනාවට ස්තූතියි. Thanks , but NO. ගැහැව්වොත් ගැහැව්වාමයි ඇණ, ගැලවීම ඉතා වියදම් සහිතයි.

      තාම කතාවෙ ඉතුරු ටික ලිව්වෙ නෑනෙ? බලන්නකො. මේවා ලියන එක හිතට හරි බරයි අප්පා. සමහර අමතක කලයුතු දේවලුත් ඇවිත් ඔච්චං කරනවා. ඒ අස්සෙ අඩිපාර වල් මකන්න ඕනෙ, අපි හැමෝම තාම ඉන්න නිසා.

      Delete
  4. අර උඩ පින්තූරෙ දැක්කහම මට පොඩි ප්‍රශ්නයක් මතක්වුනා. මේක මයෙ හිතේ සෑහෙන කාලෙක ඉඳන් තියෙන පැනයක්. ගහෙන් ගහට කොට කොටා යන්නෙ කෑරළා නං, ඌට ඉංගිරිසියෙන් කියන්නෙ Woodpecker නං, කොට්ට‌ෝරුවට ඉංගිරිසියෙන් කියන්නෙ Barbet නං, ඇයි අපි "කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා" කියලා කියන්නෙ? අපට කොතැන හරි වැරැදිලා ද? මං හිතන්නෙ ප්‍රා‌ේජට පුළුහං වෙයි මේකට උත්තරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. Sorry! ප්‍රෝජට නෙවෙයි අනේ, ප්‍රාජේට.

      Delete
    2. ඔව් කොට්ටෝරුව කියන එක වැරදියි. ලංකාවෙ කෑරල්ලු ජාති 4-5 හා කොට්ටෝරු වර්ග 3-4 ක් ඉන්නව. කොටන්නෙ කෑරල්ලු. හැබැයි කොට්ටෝරුවො කූඩු හදන්නෙත් ගස් බෙනවල. ඒනිසා උන් ඒ බෙන කොටල හාරනවයි කියල හිතලද දන්නෙනෑ එහෙම කිව්වෙ. කොපර්ස්මිත් වගේ කොට්ටෝරුවො කෘමීන්වත් කනව එනිසා ගස්වලට කොටනව ඇති. බ්‍රවුන් හෙඩෙඩ් බාර්බට් ( පොලොස් කොට්ටෝරුව )නම් වැඩියෙන් පලතුරු කන්නෙ.
      බාර්බට් හා වුඩ්පෙකර් දෙන්නම Piciformes order එකේ කුරුල්ලො

      Delete
    3. සොරි ලෝර්ඩ් බුර්. ඉස්සෙල්ලා මතකෙන් කිව්වෙ. මං චෙක් කලා. කෑරල්ලු ස්පීසීස් 9 එයින් 3ක් සබ් ස්පීසීස්. මං දැකල තියෙන්නෙ 5 ක් විතරයි. ඔක්කොම ලස්සනයි. වැඩියෙන්ම යෙලෝ නේප්ඩ් හා ගෝල්ඩන් බැක්ඩ් හරි ලස්සනයි. කොහොමත් බර්ඩ් වොචින්වලදි මගෙ ප්රියතම කුරුල්ලො ජාතියක් කෑරල්ලු

      කොට්ටෝරුවො 4යි

      Delete
    4. අඩේ එහෙමත් එකක්ද? උඹටත් එන්නෙ හොඳ කල්පනා නෙව බුරෝ. ඔය කියනකං බෙන හදන්නෙ කොට්ටෝරුව කියල මතක් වුනේම නෑ.

      කෙහෙල් ගහට කෙටුවොත් හොට පැටලෙන විතරයිනෙ. මෙහෙම කෙටුවොත් හොටත් නෑ

      Delete
    5. හුටා! ආයෙත් වයර් මාරු වුනා. බෙන හදන්නෙ කෑරලා, මාලු බාන්නෙ කොට්ටෝරුවා.

      ඔය කොට්ටෝරුව මහ අංගපුලාවකට නැති එකා.
      http://www.storytrender.com/wp-content/uploads/2017/11/17_MPM-KINGFISHER_NO_FISHING-2-1024x683.jpg

      Delete
    6. //මාලු බාන්නෙ කොට්ටෝරුවා.// //KINGFISHER_NO_FISHING-2-1024x683.jpg//

      අතිගරු මහාමාන්‍ය ශ්‍රීමත් බස්තුමනි, මට සමාවෙන්න වෙනස් මතයක් ඉදිරිපත් කිරීම ගැන:
      කොට්ටෝරුවා - Barbet
      කෑරලා - Woodpecker
      පිලිහුඩුවා - Kingfisher

      (මාලු බාන කොට්ටෝරුවෙක් දැක්කොත් කියන්න හොඳේ. ලොරියෙන් වුනත් කමක්නෑ )

      Delete
    7. හතිලව්වට ගහපු කලාබරේ! අනේ සමාවෙයං කොට්ටෝරුවෝ, නොදැන උඹව මාලු කාරයෙක් කලාට. මම මේ වයර් මාරු වෙච්ච මූකලං බස්සෙක්.😂

      Delete
    8. ඒකට හිනා ගියේ කොටස් දෙකකට. "ලොරියෙන් " කෑල්ල ක්ලික් වුනේ පස්සෙ.🤣

      Delete
  5. ඔන්න දවසක් බීල වැනි වැනි ඉන්න පොලික් කාරයෙක් සැකකටයුතු වාහනයක් නවත්තුවලු. පොලිස්කාරය වාහනේට ලං වෙලා ඇහුව මොනාද පිටිපස්සෙ කියල. ඩ්‍රයිවර්ට හිටපු මුස්ලිම් එකා කිව්වලු. අරක් ගූ කියල. පොලිසියේ එකා හිනවක් එක්ක ඌට ලංවෙලා කිව්ව දන්නවනෙ ගෙනියන්න තහනං. යන්න ඕනෙ නම් පොලිස් ජීප් එකට කෙස් දෙකක් දාල යනවා කියල. මුස්ලිම් එකා එතකොට කියපි කේස්.. කේස් නෑ මාතිය සවල් තමා දාන්න වෙනවා කියල. පොලිස් එකත් වෙරි මරගාතේ ඉද්දි අරූ සවල අරං බයෙන් බයෙන් දානකොට සැකේට ඇවිත් බැලින්නම් අරූ පොලිස් ජීප් එකට හරක් බෙටි සවලෙන් අදිනවලු. යකා නගපු පොලිස් කාරය ඇහුවලු මොනවද යකෝ මේ කියල. ඇයි මහත්තය මන් කිව්වෙ.. හරක් ගූ..

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. ඇත්තටම අපි අනුන්ට කරදරයක් නොවී ඉන්න පිස්සො සෙට් එකක්. මෙතන
      ඇස් රතු වෙන ඒවා හැර, වෙන ඕනෙ විහිලුවක් කලෑකි. අපි බ්ලොග් ලියන්නෙ විනෝදෙට, කියවන්නෙත් විනෝදෙට. තව ඉතිං තියෙන දෙයක් බෙදා-හදා ගන්නව.

      ඒත් හැමෝම එහෙම නෑ. සමහර සීරියස් බ්ලොගර්ලා ඉන්නවා. එහෙම බ්ලොග්වල කෙටීමේදී ටිකක් මුට්ටිය දාලා බලන්න ඕනෙ, නැත්නම් අර උඩින් වීඩියෝවෙ කෑරලාට වෙච්ච දේ වෙන්නත් බැරි නෑ.

      ඔබගෙ ක්‍රමය ගැන මගේ ෆස්ට් ඉන්ප්‍රෙෂන් එක හොඳ නිසා දීපු පොඩි උපදෙස් ටිකක් විතරයි.

      Delete
    2. බොහොම ස්තූතියි. උපදෙසටත් එක්ක. මගෙ අදහස සතුට හා හරවත් කියන දෙකම ලබා දීම. දෙයක් ජීවිතේට එකතුකර ගන්නත් පුළුවන්නෙ එතකොට.

      Delete
    3. සොරි ප්‍රාජේ, මේ අලුතින් බ්ලොග් ලියන්න ආපු කෙනෙක්. ගිහින් බලන්න. පට්ට හිනා කතාවක්.

      https://namiyageweediya.blogspot.com/2021/09/blog-post_29.html

      මම හඳුන්වා දෙන්න පරක්කු කලේ අනිත් අය එනතුරු ඉන්න ඕනෙ කියල හිතලා

      @නමියගේ වීදිය

      හරියට හරි. ජීවිතේ වගේම මේකත් බිස්නස් එකක්. මිලක් තියනවා - ගනු සහ දෙනු.

      Delete
  6. ගෙදරින් කිලෝ මීටර් කීපයකට වඩා යන්න බැරි නීති තියෙන කාලෙක ප්‍රංශයට ගිය බස්සො ගැන, ජරමනියට ගිය බෝනික්කො ගැන කියවන්න වුනානෙ.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ ඒ වෙන බෂ්ෂෙක්. අර බෝනික්කත් වෙන එකෙක්.😂

      Delete
  7. සංසාරේ.. අර වයින් බෝතලේට මක්ක වුණැයි ඉතිං. 😃 ඒක නෙවී මොකද්ද අර සෙස්සි පස්සට කියල තියෙන්නෙ 🙄🙄🙄 මොනා හරි කරන්ට වත් ගියැයි කාට හරි 😃😃

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකකුත් කරන්න කුරුමානං ඇල්ලුව නං තමා ඇම්ස්ටඩෑම් වල " ජනේල කාන්තාව" වීදියෙ.

      Delete
    2. සෑහෙන්න වෙලා ගියා තේරෙන්න. 😂😂😂

      Delete
    3. මෙතන වැඩියම යන්නෙ තුන් තේරවිලි. ඒකට ටිකක් හුරු වුනාම, ඒක වෙනමම ආතල් එකක්.😂

      තාම ඩ්‍රැකියා ආවෙත් නෑ, දෙවනි කොටස ලියාගෙන යනවා. අද සෑට දානවද නැද්ද කියලයි කල්පනා කලේ.🤔

      Delete
  8. https://kalulellaa.blogspot.com/2021/09/blog-post.html

    ReplyDelete
  9. "සමහර සීරියස් බ්ලොගර්ලා ඉන්නවා."
    මේ අපි වගේ!. තැන්කිව්. තැන්කිව් අපිවත් මතක් උනාට.

    මේ ඒක නෙවේ ලොකු සර්, මොකක්ද අර 'ඤාව්' කතාව. ඉරිද පත්තරේ තිබ්බ විදියට අඹතලේ පැත්තේ නං කියන්නේ සතා ඇඳ යට ඉඳල 'හ්ම්ම්' කිව්වා කියලලු. අනේ අපි දන්නෑ. පත්තරේ තිබ්බේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එහෙම කවුරුත් විශේෂයෙන් මතක් වෙලා ලිව්වා නෙමෙයි, නොදරුවාට බිම දාගෙන කෙටුවොත් කියලයි ලිව්වෙ.😂

      දැන් බලාන්ට මේකෙ බස්සො ඉන්නවා, නරිත් ඉන්නවා, ඒ තියා බලු නකුටෙකුත් ඉන්නවා. ඉතිං ඔය වලිකුකුළෙක් දෙන්නෙක් හිටයම වැඩි වෙන්නෙ නෑනෙ?.

      ආං දෙවන කොටසත් පෝස්ට් කලා. තාම ගියේ නෑ ඇම්ස්ටඩෑම්, තාම මඟ.

      Delete
    2. හෑ එහෙම හිතෙනවද? සමාන්‍යයෙන් මම "සෙස්ස පස්සට..." සීරීස් කරන්නෙ නෑ. ඒත් මේක දිග වැඩි වුනා. ස්තූතියි පෙන්නා දුන්නට. පොඩ්ඩක් පල්ලං පොල්ල දාගන්නම්.😊

      Delete
    3. බසෝ මං කිව්වේ සීරියස්, අර තාරකාව වගේ එක. සීරීස් නෙවේ ලොකු සර්.

      Delete
    4. ඒත් අනික් එකෙන් මේක ඉවර නොකොලොත් අර බුරා-පොලිස් මාව කාවි. ඕකා දවසක් කිව්වා, මාව තනිතට්ටෙන් බාල්කෙක එල්ලලා බොක්සිං ගහනව කියලත්.🤔

      Delete
    5. //You are serious now. Calm down buddy//
      මෙතනයි මට පැටලුනෙ. මේකෙන් රෙෆර් වෙන්නෙ. මම එක ලඟ පෝස්ට් දෙකක් දාපු එක කියල හිතලයි එහෙම කිව්වෙ.

      ඒත් මේ කිව්වෙ හැට්ටර්ගෙ පලවෙනි කමෙන්ට් එකේ මුල් කොටස ගැන මම සීරීයස් ගත්තා කියන එක කියල දැන් හිතෙනවා.😂

      අඹතලේ ඇඳන් යට ඉඳන් හුම් කියපු හාදයො නං ලෙසටම හිටියා. 🤣🤣

      Delete
  10. මොන බකුසු ආච්චියෙක් වැහිලද යකෝ, එකක් දාල තීන්ත වේලෙන්ඩත් කලිං තව පෝස්ට් එකක් දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. ආං මට පස් පඩංගුවෙ බයිනවා, මම කකා වගේ කතන්දර කොටස් වලට ඉරනවා කියලා. ඉතිං හරියට නිදාගන්නෙවත් නැතුව, අනිත් ටික ලිව්වා. හුටා! ඒකත් දිග වැඩි වුනා, තාම ඇම්ස්ටඩෑම් ගියෙත් නෑ, තාම මග.🤣

      කොහොමද ගමේ නිවාඩුව? සැප කනේ ඇති නේද?😊

      Delete
    2. ගමේ උන්නෙ දවස් තුනයිද කොහෙද. පහුගිය අඟහරුවාද උදේ රැයිම්ම ආපිට ආව.

      සැප කියන්නෙ, ගල් වැලි ඇදල කොන්ක්‍රීට් එකකුත් දැම්ම.

      Delete
    3. එහෙනං සැපට තියෙන්නම ඇති.😂

      කාරි නෑ නෙව? මිනිස්සු නිවාඩු ගන්න එන්නෙ, බොට රාජකාරි කරන්න ලැබුනු දිහාට නෙව? ඉතිං දැන් පොඩි රෙස්ට් එකක් ගත්තාම අහවරයි නෙව?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code