Oct 3, 2021

අටවන මාටිංගේ බ්ලොග් එක

රට්ටු හිතාගෙන ඉන්නෙ, මට ඉත්තෑ අමාරුවක් තියෙනවා කියල නෙව? ඇත්ත, කාලෙකට ඉස්සර තිබ්බා, දැන් නෑ . අපි නං ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තා. මම දැන් සිම්පල් බකමූණා. ඒත් මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ, ඔය උණ තදේටම තිබ්බා. මාසෙකට සැරයක්වත් බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දවනවා. Image credit  , අටවන මාටින් - අනුග්‍රහය නිදි 


අටවන මාටිං ක්‍රමවේදය


රටේම තියන ගැජට්, බැජට් ගෙනත් එල්ලනවා. ආයිස් අප්පා, බලන්න එපෑ එතකොට බ්ලොගේ තිබ්බ කලඑලිය? තොටලඟ තොරණ වගේ. ඒ තියා මවුසා යන්නෙත් දුං දාගෙන. තව නත්තල් කාලෙට බ්ලොග් එකේ හිම වැටෙනවා. ඇයි, ඉතිං පාඨකයොන්ට, දෙන්න එපෑ ෆීලින් එක, ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න?හා, නැහ්ද මං අහන්නෙ? 

අපිව වළඳන විජට්

අවුලක් නෑ නේද? මොකෑ නැත්තෙ තියනවා. ඔය අටමඟුල් දාගත්තාම, බොලෑ  කම්පූටර විතරක් නෙමෙයි, අපේ එව්ව වලත් ෆෑන් හූ තියන්න ගන්නවා, ජෙට් ඇන්ජිං වගේ. වෙලාවක, කාගෙහරි ලැපක් ගුවංගත වෙන්න වුනත් බැරි කමක් නෑ.  අනික, යකුනේ, මේකට බලන්න එන එකා  එන්නෙ කියවන්න මිසක්කා, තොරණ් බලන්න නෙමෙයි නෙව? ඒව උන් වෙසක් කාලෙ තොටලඟට ගිහින් බලා ගනීවි. බොලාට තියෙන්නෙ ලියන්න මිසක්කා, බ්ලොග් වල ෆ්ලෑෂර් කොට ගෙනත් හයි කරන්න නෙමෙයි. 

මේවා ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්, මැගිලින් අක්කගෙ බුරානිස් ගොයියගෙ කටේ වැරෙන්, කුණු බැනුම් අහල. බයින එක සාධාරණයි නෙව, ඒ කාලෙ බ්ලොග් එක මොබයිල් වලට ලෝඩ් වෙන්නෙ, ඔලුව ජපන් කඳ ජර්මන් ඉට්ටැයිල් එකටලු. 

මේ, කියන පුම්කකට වඳිඤ්ඤා, අර බ්ලොගර් දෙන ඔරිජිනල් තීම් එකක් දාගනිල්ලා. ඒව හොඳට චෙක් කරලයි තියෙන්නෙ. ලැප්ටොප්, මොබයිල්, ටැබ් ඔය ඕන එකකට ඔට්ටුයි. අනික, තර්ඩ්පාටි ජාවා ස්ක්‍රිප්ට් විජට් නං නැති තරමට හොඳයි. වංගියක් ගූගල් මගේ බ්ලොග් එක බ්ලොක් කලා,  ඔහොම ජාවා ස්ක්‍රිප්ට් විජට් එකක් නිසා.

ටිං-ටිං, පෝස්ට් එඩිටින්


අනිත් එක අකුරුවල ප්‍රමාණය. අවාසනාවට අපි හැමෝටම 20-20 විෂන් නෑ, ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. පොඩි කාලෙ රචනා ලියන්න කොට ඉගෙන ගත්ත චේද කැඩිල්ලට මොකද වුනේ? පොඩී අකුරින්, චේද නොකඩා පැදුරු, මාගල් වගේ ලිව්වාම, මගක් කියවන කොට හති. අනිකුත් අවයව වලට වගේම ඇහැටත් වෙහෙස දැනෙනවා. ෆ්‍රී ස්පේස් වලට බයවෙන්න ඕනෙ නෑ. බය වෙන්න ඕනෙ පෝස්ට් එක, සාඩින් වගේ පැක් කරන එකට.

මේ හැම දෙයක්ම කරන්න ඕනෙ කියවන්නාට සොඳුරු අත්දැකීමක් ඇති කරන්නයි. දැන් මේ නීති ඔක්කොම, මම අනුගමනය කරනවයි කියලද හිතන්නෙ? මොන පික්සුද? නීති තියෙන්නෙ අවශ්‍ය වෙලාවට නමන්න. ඒත් සංකල්පය ඔලුවෙ තිබ්බාම ඇති. ක්‍රියේටිව් වෙන්න ඕනෙ නම්, බ්ලොගර් එඩිටර් එකේ , අකුරුවල පාට, හැඩය, මයිනර් හෙඩින් වගේ ටොන් ගාණක් පහසුකම් තියනවා. තව Microsoft Live Writer වගෙ ඔෆ්-ලයින් එඩිටර් එකකින් ලියන්නත් ඇහැකි. හැබැයි, මගේ ප්‍රියතම, මිනිමලිස්ටික් සංකල්පයයි.

ඇහැට අමාරුවක් නැති පෝස්ට් එකකට උදාහරණයක්: මෙතන

අනිච්චාවත සංඛාරා - ප්‍රොෆයිලය


ඔහෙලට කියන්නත් ලැජ්ජයි , එහෙව් සිම්පල් බකමූණෙක්ගෙ ලොගින් එකවුන්ට් එකට නොවැ ගූගලයා කෙලියෙ? ඕං නමෝ විත්තියෙන්ම, අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන කොට කහින්න ගත්තා.හැබැයි මගේම එකේදි කිසිම ලෙඩක් නෑ, පිට තැනකට ගියාම තමා ලෙඩේ එන්නෙ. පස්සෙන් පහු ලෙඩේ උත්සන්න වෙලා කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,.................................................................................ඊයෙ මලා.

බ්ලොග් එක හැදුවෙ ඒ ඊමෙල් එකෙන් නිසා, එයා තමා ඇඩ්ඩිං. මකන්න, වෙනස් කරන්න අමාරුයි. මම කලේ තව ඊමේල් එකක් හදලා, එයාවත් බ්ලොගෙ "ආතර්" කෙනෙක් කරවපු එකයි. ඒ කල්ල, පරණ නම, පරණ ඇවටාර්(පැවිකොන්) එකම දුන්නා. ආතර්ගෙත් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් ඕන් කරලා නිසා, නම්/මුරපද නොකොටා මොබයිල් එකෙන් තමා ගේම ගෙනියන්නෙ. දැන්  මයෙ බ්ලොග් රෝලට යටින් බැලුවොත් බස්සො දෙන්නෙක් ඉන්නවා පෙනෙයි,  

මඟුලක් කියනවා? ලියන්නෙ කොහොමද, වාෂ්ප වෙනකොට?

හොඳම ක්‍රමය නොවෙනවා ඇති, ඒත් මම දන්නෙ ඔච්චරයි. මේ ඔහෙලා මෙයිට වඩා හොඳ, ලේසි ක්‍රමයක් තියේ නං දාන්ට, ඈ?  ඒක නෙමෙයි, අර සිරාගෙ කාමරේ හිටපු "නැට්ට කොටා" වාෂ්ප වුනා නෙව? දැකපු කෙනෙක් ඉන්නවද? Image credit

 ආ බයවෙන්ට කාරි නෑ, තව ටික කාලයයි, මේ ගැම්ම දිය වෙච්ච ගමන් මාත් යනවා හයිබනේට් කොරාන්ට. වින්ටර් එකත් ඕං හන්දියෙ වංගුව ගාවයි කියන්නෙ. සංසාර චක්කරේ හැටි ඔහොම තමයි කියල කිව්වෙ, අවන්හල ලියන මහේෂ්. දෙකක් නමාගෙනද හිටියෙ ඇහැව්වා? වෙන්ටෑ,  හැබැයි හරි හිතහොඳ ගොබිලා - බල්ලොන්ට ගුලි කව්වවන්ට දෙයියා. 

ඊයෙ අපේ නිදිගෙ උපන්දිනේ. එහෙමයි කියලා ඇරියෙ නෑ, ආං පෝස්ට් එක දාලා. මේ වගේ අඳුරුම අවදියක, එයා කරන්නෙ සමාජ සත්කාරයක්. මෙන්න හිනා කතා දෙකක්, සොසේජස් කතාව ඇත්ත එකක්.

හිනා කතා - ටැක්නිකල් අජීර්ණ වාහෙලාට

නවසිය බර ගණන්වල, කටුබැද්දෙ පොඩි හෝටලේක වෙච්චි කතාවක් :

වේටර් කොලූ: මහත්තයො, පොසේජස් කියලා නියම මස් ජාතියක් ඇවිත් තියනවා, ගේන්නද? තනි කරම මස් කරල!

ඔන්න ගමේ පෝසත්, ඒත් සිදාදිය නුපුරුදු මුදලාලි කෙනෙක්, එයාගෙ ගෝලයෙක් එක්ක කොළඹ හෝටලේකට ගොඩ වැදුනලු තේකක් බොන්න. දැක්කලු ටී-මේකර්, ඒ ජොග්ගුවෙන් මේකට, කිරි තේ දාන විදිහ. හොඳට බලාගෙන හිටිය මුදලාලි, වේටර්ට මෙහෙම කිව්වලු. " ලමයො, අපිටත් කිරි යාරෙ ගානෙ, වෙන වෙනම මැනලා ගේන්න" කියලා.

අන්තිමට කියන්න තියෙන්නෙ, මම බ්ලොග් ලියන්නෙ මගේ ආතල් එකට කියලයි. හරි, වින්දනය බෙදා ගැනීම, පිස්සු කෙලීම, දැණුම බෙදා ගැනීම, හොරා කාපුව ෂෙයාර් කර ගැනීම , ඒව ඔක්කොම අතුරු  ආබාධ.
වැඩේ කැතයි කියලද හිතෙන්නෙ ? 
මන්දා, ඉතිං මට පාංද? 
එතකොට, සමාජ පෙරලියක් ඇති කරන්න, 
සමාජයේ චින්තනය වෙනස් කරන්න? 
තමුසෙට පිස්සුද ඕයි!
(ඡායාරූප අන්තර්ජාලයෙනි)

අනේ පනේ,  ඔය ආයෙ ආව වගේම, මෙතනත් එල්ලිලා හිටපල්ලා!

89 comments:

  1. මේකට කියන්නෙ තැන වෙන්කරවා ගැනීම කියල 😏😏😏😏
    පස්සෙ එඥ්ඥාං ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් මටත් ඔය ප්‍රශ්නෙන් භාගයක් විතර මට තියේ. තාම ගූගලය එකවුන්ට් එකට කෙලෙව්වෙ නැති එක විතරයි. කමෙන්ට් කරන ප්‍රශ්න පෝස්ට් ප්‍රශ්න ලෙසටම එන්න ඇරං තියෙන්නෙ.
      කමෙන්ට් දාන එක නං වාතයක්. මුලින්ම අන්ක් අයගෙ බ්ලොග් වල කමෙන්ට් කරන්න දුන්නෑ. දැංංමගේකෙම රිප්ලයි කමෙන්ට් දාන්න දෙන්නෑ. බැරිම තැන කමෙන්ට් වලට රිප්ලයි කරන්නැතිව අතෑරිය.

      මං මේ කල්පනා කරන්නෙ බසූ ගූගලයව කවුද සෙවණගල යැව්වෙ කියල 😏😏😏

      Delete
    2. අඩේ සෙවනගල කතාව තේරුනේ නෑනෙ?🤔🤔🤔

      මේ මහේෂ් මම දැක්කා, ඔයාගෙ බ්ලොග් එකෙත් "ආතර්ල" දෙන්නෙක් ඉන්නවා. අනිත් එකෙන් ලොග් වෙලා අත්හදා බලන්නකො ලෙඩේ තියනවද කියලා.🤔

      Delete
    3. මේ මහේෂ් සෑර් ගුලි නැහ්ද ගුලි? මෙහෙම හිටියට අපිත් කන බොන බල්ලො තමයි, දොරේ? හෑ , මාව මතක නෑ කිව්වා? ඇයි ලොක්කො, එදා කන සාක්කුවෙ දාගෙන හිටිය වෙලාවෙ "මචං" කිව්වෙ?

      Delete
    4. @ බසූ අනික් ආතර් ට මේ දවස් වල බරට වැඩ මහිතේ. ඉස්සර බරසාරෙට බ්ලොග් ලිව්ව ඇත්තියක්. පස්සෙ අතෑරල දැම්ම. ඔක්කටම ආව ලෙඩේමයි ඒ ඇත්තිටත් ආවෙ. එපා වෙලා අතෑරල දැම්ම. මූණු පොතෙන් පයින්ඩයක් යවල බලන්නම්කො 🙂

      සෙවණගල තමා ගුලි හදන්නෙ. ෆේමස්ම බ්‍රෑන්ඩ් එක සෙවණගල 😃😃😃

      @ටොමී තියේ නං මටත් එවාන්. දැක්ක කාලයක් මතක නෑ. 😃😃😃

      Delete
    5. ඕකේ, දැන්නෙ තේරුනෙ? වටේ ගිහින්, ආයෙ එන්නම් අවන්හලට, දෙකක් නමා ගන්න.😊

      Delete
  2. Replies
    1. හුම්.. හූම්ම්ම්ම්..

      Delete
    2. ටැක්නිකල් නෙමෙයි මැතිතුමෝ මික්ස්-සැලඩ්. හුදීජන පහන් සංවේගය උදෙසා, ආං අගට හිනා කතා දෙකකුත් ඇමුණුවා.😊

      Delete
    3. එයැයිට ටැක්නිකල් පත්තියම් නෑ.

      Delete
    4. ටැක්නිකල් ගණන් ගන්නෙ නැතුව ඉන්න, එතකොට ප්‍රස්න් නෑ

      Delete
  3. https://www.cda.eu/blog/meat-content-of-sausages/

    ReplyDelete
    Replies
    1. අරූගෙ දෙයියා, බීෆ්/පෝක් ගේ හරියට ගේන්න දෙන්නෙ නෑ. "මාව බලා ගනීවි" කියල කිව්වෙ. තාම මාට්ටු උනේ නෑ, මම ගෙනත් හංගනෙ දුං ගහපු පෝක් සොසේජස් කියලා.😂 ඔය වචනෙ ඇමරිකන් ඉටැලියන් මාෆියාවෙ වචනයක්ලු.

      Delete
  4. // ලොගින් එකවුන්ට් එකට නොවැ ගූගලයා කෙලෙව්වෙ //

    මෙහෙම දෙයක් practically වෙන්න පුළුවන් ද? හරියට නිකං ගූගල් කාරයට බස්සත් එක්ක පෞද්ගලික තරහක් තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න තරම් දැණුමක් නෑ. මෙන්න කරපු දේවල්:

      වින්ඩෝස් සම්පූර්ණයෙන්ම බැකප් එකෙන් දැම්මා. වින්ඩෝස් 11 , MacOS වලින් ලොග් වෙලා බැලුව. වයිරස් ස්කෑන් කලා. බ්‍රව්සර් කුකීස්, කේෂ් කිලියර් කලා. හරි ගියේ නෑ. මගේ බ්ලොග් එකට කිසි අවුලක් නෑ.

      අනුන්ගෙ බ්ලොග්: ඉස්සෙල්ලාම. ඉමෝජි නැති වුනා. ඊට පස්සෙ කමෙන්ට් කරන හැමවිටකම ඩයලොග් බොක්ස් එකක් ආවා"රොබොට්" නෙමෙයි කියන්න කියලා. ඊයෙ, මුකුත්ම නෑ, කමෙන්ට් වැටෙන්නෙම නෑ.

      දැන් අනිත් ලොගින් එකවුන්ට් එකට කිසි අවුලක් නෑ. ලොගින් එකවුන්ට් එකේ අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නෑ, නේද? මං කියන්නේ ටිලීට් කරන්න දෙනවා මිස, රීසෙට් කරන්න වගෙ?
      මට ඔයිට වැඩිය දෙයක් නම් ඔලුවට එන්නෙ නෑ. Any suggestions?

      Delete
    2. ඉමෝජි දාන ad-on එක disable කරලා බැලුව ද?

      Delete
    3. කොහෙද ඒක තියෙන්නෙ? 😮😮😮😮😮. හ්ම් සිස්ටම් වයිඩ්. රෙජිස්ට්‍රි වලින් ඔෆ් කලෑකි. ඒත් වැඩක් වෙයිද? MacOS වලත් එහෙමම කොට, ඇයි, එක ප්‍රොෆයිල් එකකට විතරක් වලි?

      Delete
    4. // කොහෙද ඒක තියෙන්නෙ? //

      මයෙන් අහන්නෙ, මමද බොල ඒක ඇඩ් කලේ?

      දැන් බොලා කියන්නෙ ඔය ඉමොජීස් දාන්නෙ මොකුත් විජට් එකක පිහිටෙන් නෙවී කියලය?

      1. ඔය කියන ප්‍රශ්න එන්නෙ Chrome එකේ විතර ද? නැත්තං Firefox, Edge, Opera, Safari එවුවයෙත් එනව ද?
      2. Incognito mode ගියාමත් ප්‍රශ්න එනව ද?
      3. ඔක්කොම විජට්ස්/ ඇඩොන්ස් අයින් කරලා Clean mode එකේ ගියාමත් ප්‍රශ්න එනව ද?
      4. Profile එකකින් කමෙන්ට්ස් දාද්දි විතර ද ප්‍රශ්න එන්නෙ? නැත්තං anonymous ගියාමත් එනව ද?
      5. Laptop එකේදි විතර ද ප්‍රශ්න එන්නෙ? නැත්තං phone එකේදිත් එනව ද?

      Delete
    5. ඔය කියන ප්‍රශ්න මට නෑවිත් බොලාට විතරක් එන්න මොකුත් හේතුවක් එහෙම තියෙනව ද?

      Delete
    6. ආන්න ජංසන්. නව් යූ ආ ටෝකින්.😊 මේ ටික බලල කියන්නම්.

      //ඔය කියන ප්‍රශ්න .... මොකුත් හේතුවක් එහෙම තියෙනව ද?//

      මට, මහේෂ්ට, තට්ටයා මහත්තයාට තව ඇති ලැජ්ජාවට කියන්නෙ නෑ. ගිය සුමානෙ වෙනකම් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.🤔

      Delete
    7. 1. Chrome, firefox, Edge, Vivaldi ඔක්කොගෙම එනවා
      2. ඉන්කොග්නිටෝ ගියත් එනවා
      3. Windows 11 ක්ලීන් ඉන්ස්ටොලේෂන් එකක්. ඒකෙ ක්‍රෝම් එකත් ක්ලීන්. ඒත් එනවා
      4. ඇනෝ ගියත් එනවා ( ඒත් දෙවනි ප්‍රොෆයිල් එකට හෙන වත් නෑ, එලට වැඩ)
      5. දන්නෙ නෑ. කවදාවත් කමෙන්ට් කරල නෑ.

      Delete
    8. ඉන්ටවිව් වලත් මෙඡාර ප්‍රශං අහන්නේ නෑ යකුනේ

      Delete
    9. සමාවෙන්න ප්‍රංශ නෙමෙයි ප්‍රශ්න , ප්‍රශ්න , ස්ට්‍රෙස් වැඩි කමට වැරදිත් වෙනවා

      Delete
    10. බුරා-පොලිස් කියන්න කට කහනවටයෑ?🤡🤣😂😁

      Delete
    11. @බුරා

      හරි, සෆාරි-iOS වල ලොග් වෙලා බැලුව. ඉමෝජි එක්කම යස අගේට වැඩ කරනවා. කිසිම අවුලක් ආවෙ නෑ. හැබැයි එක පාරයි බැලුවෙ.

      Delete
  5. // මම කලේ තව ඊමේල් එකක් හදලා, එයාවත් බ්ලොගෙ "ආතර්" කෙනෙක් කරවපු එකයි. ඒ කල්ල, පරණ නම, පරණ ඇවටාර්(පැවිකොන්) එකම දුන්නා //

    බොහොම වැරැදි පූර්වාදර්ශයක්. දැන් ඉතින් මටත් පුළුවන් තව බස්සෙක් ක්ලෝන් කරලා හදන්න වෙන ඊමේල් එකකට ලින්ක් කරලා. ඒ කරලා ගොහින් අනුන්ගෙ බ්ලොග්වල ඕන කමෙන්ට් එකක් දානවා. මට මොකෑ, බස්සා නෙව බැනුං අහන්නෙ. :-)

    ReplyDelete
    Replies
    1. හෑ, ඇයි ඒක ප්‍රසිද්ධ රහසක් නෙමෙයිද?🤔😯😮

      ඒක උඩ ක්ලික් කරලා, ප්‍රොෆයිල් එක බැලුවාම මාට්ටු වෙනවනෙ?

      Delete
    2. ගොඩ දෙනෙක් දන්නෙ නෑ නම උඩ ක්ලික් කරලා ප්‍රොෆයිල් එක බලන්න පුළුවන් කියන එක.

      Delete
    3. අහෝ චේදයකි, ඉරකි , තිතකි.😒

      Delete
    4. ඒක නං චේදයක්ම තමා 😂😂😂

      Delete
    5. 😁😁😁 මහේශ්ට මතකද? බ්ලොග්වල ස්වර්ණමය යුගයෙ ඇනෝල ඔය ඔක්කොම කලා, ගහන්න මඩ ගෙනාවෙ බැරල් වලින්."අඳුරේ තැබීම" විසඳුමක් කියල මට නං හිතෙන්නෙ නෑ.

      Delete
    6. ඇත්තටම බැලුවොත් ඒ ඇනෝල ඇනෝලම නෙවී මට නං තේරුණ විදිහට. බ්ලොගර්ස්ලමයි. 😂😂😂 අඥාත ආතල් වලට කැමති අය ඒ ආතල් එක සැරටම ගත්ත

      Delete
    7. ඔව්. මටත් එහෙමම හිතෙනවා. මොකද, කොහෙවත් ඉන්න ඇනෝ කෙනෙකුට මොකද්ද
      බ්ලොගර් කෙනෙක් එක්ක තියෙන ඇරියස් එක? මම හිතන්නෙ, කකා තමා කිව්වෙ බ්ලොග් කියන්නෙ අපේ සමාජයේම හරස් පැතිකඩක් කියල.

      බ්ලොග් වල ජනප්‍රියත්වය ගිලිහෙන කොට, ඇනෝලත් හුටස් ගාලා වාෂ්ප වුනා. බුකිගත් වෙන්ටෑ, මයෙ හිතේ?

      Delete
  6. මම උඹ එනකං හිටියෙ, බ්ලොගර්වල RSS Feed එක සෙට් කරන්නෙ කොතනද කියල අහගන්න?🤔🙏🦉

    අලුතින් ලස්සනට බ්ලොග් ලියන කීපදෙනෙක් ඉන්නවා. බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ. ඇඩ් කරන්න ගියාම. Feed හොයා ගත්තා කියන ඩයලොග් එක එන්නෙත් නෑ. ඇඩ්රස් එක එඩිට් කරලා, මැනුවලි දැම්මාම හරියනවා. ඒත් එයාලට සින්ඩි වලට යන්න බැරිවෙයි නේද?

    https://icemola.blogspot.com
    https://ahasyaathrikaya.blogspot.com
    https://namiyageweediya.blogspot.com

    පුළුවන් නම් පොඩි සපෝට් එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. සමහරවිට මෙයාලා feeds ඇක්ටිවේට් කරලා නැතුව ඇති.

      how do I get RSS feed url

      Delete
    2. හ්ම්.. මේක මට නං හරියයි. Feed redirection සහ external feeder එකක් burn කරන නිසා.🤔 ඒත් මගේ එක වැඩ කරනවා නෙව? ඒ වගේම, ටැක්නිකල් වැඩියි කියලා, මේ හාදයො කැමති වෙයිද කියන එකයි ඊළඟ ප්‍රශ්ණෙ? මට මෙහෙ ඉඳන් ගැරන්ටියක් දෙන්න බෑනෙ?

      JR කියපු එක නං කිව්වෑකි? " තමුන්ගෙ බ්ලොගාරක්ෂාව තමන් විසින්ම සලසා ගන්න" කියලා.

      Delete
    3. පරණ ප්‍රොෆයිල් එක තාම මැරිලම නෑ, ඒත් සදාසොත්තිම තමා.

      Delete
    4. බ්ලොග් තුන කියවලම එල්ල ගන්නම්

      Delete
    5. ස්තූතියි. එහෙම තමා වෙන්න ඕනෙ. බ්ලොග් සදාකාලික නැති වුනත්. නැව ගිලුනෙත් අපිත් ඒ එක්කම යනවා. එකට සහජීවනයෙන් ඉන්න එක තමා, අපේ පැවැත්ම කියලයි මට හිතෙන්නෙ.😊

      Delete
  7. ආවා කියෙව්වා ගියා , නිදි ගේ එකට යන්නත් එපාය

    ReplyDelete
    Replies
    1. එහෙනං? එව්වා යුතුකං. 😊

      Delete
  8. අර "ඌරු තදස්‍ය යද් වෛශ්‍යාම්" කිව්ව වගේ, බස්සට තද උනහම දවල් රෑ නැතුව පෝස්ට් කොටනව.

    ReplyDelete
    Replies
    1. මේ මොන පෝස්ට්ද ලොක්කා? අර වැඩේ නියමයි, ඩ්‍රැකියො? අර සෙටිංස් පිටුවත් දාන්න, ඈ?

      Delete
    2. බස්තුමා ඌරෙක් විදිහට තාම ආවෙ නෑ මගෙ හිතේ

      Delete
    3. ඌරා? කෝ,කෝ? පෝක් නේද? ඉස්ටුවක් වත්ද?

      Delete
    4. හෝතඹුව කාල

      Delete
    5. ම්හූ වෙන්න බෑ. දේව පූජාවට තිබ්බා වත්දෑ?
      බහු..ඌඌඌඌ.....

      Delete
  9. අර හිම වැටෙන එක දාන්නකො අප්පා මේ සැරේ නත්තල් කාලෙට. මාර රොමෑන්ටික්නෙ.

    'තව ටික කාලයයි, මේ ගැම්ම දිය වෙච්ච ගමන් මාත් යනවා හයිබනේට් කොරාන්ට'. ඒකනෙ කියන්නෙ අපේ අයට පුලුවන් ඕනෙ දෙයක් පටන් ගන්න, පවත්වාගෙන යන්න අමාරුයි. perseverance, persistence මදි.

    ReplyDelete
    Replies
    1. ආයෙ ආවට සතුටුයි.😊

      බයින්න එපා බුදු නෝනෙ, මාත් ඉපදුනෙ ලංකාවෙ නෙ? උපන් ගෙයි දෝසෙ.🤔🤣😂

      හහ්, හිම වැටෙන එක රොමෑන්ටික්? blizzard එකකට පස්සෙ වාහනේක අයිස් කඩන එකෙකුට කිව්වා නං, කනවා සවල් පාරක්.🤣

      Delete
    2. ලෝටස් කියන්නේ බ්ලොග් නෝනා කෙනෙක්ද අප්පා. මම කොක්කකුත් දාගත්තනේ පුරුෂාධිපත්‍යයට පක්ෂයි කියල හිතල. හප්පේ සමාවෙන්ට ඕනේ.

      Delete
    3. බොන්න ගත්ත කෝපි ඉස්පොල්ල යවන්න එපා සෑර්.🙏😮😂🤣
      අවුලක් නෑ, ඔබ තනිකලේ නැත, ප්‍රාජේ මැතිඳුත් ඔබ සමඟයි.😊

      මේ මස්කටු නැත්ද මස්කටු?

      Delete
    4. අපරාදෙ මට 'මහත්තයෙක්' වගේ රඟපාගෙන ඉන්න තිබුනෙ දිගටම. මේ බස්සෙක් නිසා ඔක්කොම වුනේ. 'කොකු' දාගන්න එක හොඳයිනෙ, අජිත්. මමනම් කැමතියි අනිත් අය කියන දෙයට චැලෙන්ජ් කරන අයට. අනිත් එක 'ආර්ගියුමන්ට්' එකකට පස්සෙ යමක් වැඩියෙන් අවබෝද කරගන්නත් පුලුවන්.

      පෞද්ගලිකව මගේ අදහස නම් පුරුෂ හෝ ස්ත්‍රී අධිපත්‍යය නෙවෙයි, දෙගොල්ලම තමන්ගෙ complimentary skills ගැන අවබෝද කරගැනීමයි ඕනෙ කියලා. Ying and Yang වගේ.

      (හිම ගැන කතා කරන්න ගිහිල්ල වෙච්ච දේ).

      Delete
    5. ඔයා නං කොහොමවත් බැස්සියෙක් වෙන්න බෑ. උණු වතුරත් නිවල බොන, සෙමි වැජිටේරියන් සමකාමී සතෙක් වෙච්ච මම වාද වලට කොහොමවත් කැමති නෑ. ඒත් සාකච්චාවට කැමතියි. තමන්ගෙ මතේ එල්ලිලා, ඒක අනුන්මත පටවන්න හදන වාදයකින් දැණුමක් ඒවිද? පරම සත්‍යය කියල දෙයක් තියනවද? හැමදෙයක්ම සාපේක්ෂයි.

      වාදය/සාකච්චාව කියන්නෙ හරි මායිමක් ගහන්න බැරි ග්‍රේ ඒරියා එකක්. ඒකත් සාපේක්ෂයි. මගේ ස'වයිවල් ස්කිල් එක ලුහුටා යාමයි.😂

      පාර්ෂික වශයෙන් කියල තියෙන දේ සමඟ එකඟයි, දැනට. ඒකත් අදට සාපේක්ෂව😊

      Delete
    6. Rev. Lotus කියලයි මං හිතන් ඉන්නෙ. සමහරවෙලාවට miss/mrs වෙන්නත් පුලුවන්

      Delete
    7. ලෝ ටස් බ්ලොග් ලියන්නෑ වගේ

      Delete
    8. ලියන්න හදන කතාවක් තට්ට සර් කියල තිබ්බෙ.🤔

      Delete
    9. බ්ලොග් එකක් නැහැ. ඒවා හොයල බැලුව ඉතින්. මම නම් ලෝටස් ගේ අදහසට එකඟයි බසු. මම එකොන් එක්කත් වාද ගිහින් තියෙනවා. හැබැයි ඇත්ත දැන ගන්න. මම ඔය ගැහැණු , පිරිමි කතාවලට වැඩිය ඇදෙන්නේ මම හිතන්නේ මට දුවරුම දෙන්නෙක් ඉන්න නිසා වෙන්න ඇති. අර පුර්නිමා හේරත් කියල කිවිඳික් බුකියේ කවියක ලියල තිබුන , පුතෙක් ඉන්න ගෙදරට තමයි ඉර පායන්නේ කියල. එතකොට යකුනේ අපේ ගෙවල් වලට පායන්නේ අහවල් ලබ්බද කියල අහන්න අත වෙව්ලනවා. බොහොම අමාරුවෙන් බුකිය නිසා අත හපාගෙන හිටිය. හේ හේ

      Delete
    10. එකෝන්ගෙ සබ්ජෙක්ට් දැණුම ගැන නම් විවාදයක් නෑ. ඒත්, කන්සවේටිව් ඇමරිකාවෙ තියෙන "කොමී"ෆෝබියාව වගේ එකක් මුල් දවස්වල එකෝන් ගාවත් තිබ්බා, දැන් නං ඊට වඩා සෑහෙන නම්‍යශීලීයි. කාල් මාක්ස්ට වගේම ඇඩම් ස්මිත්ටත් වැරදිව්ව තැන් ඇති.

      දේශපාලන, මගේ කප් ඔෆ් ටී නොවන නිසා ඒක ඇරිච්චාවෙකො.

      //පුතෙක් ඉන්න ගෙදරට තමයි ඉර පායන්නේ//
      මෙහෙ ඉන්න චීන හාදයෙක් අපූරු වාර්තා චිත්‍රපටයක් කලා"වෝටර් හෝස්" කියලා. ඒකෙ කියවෙන්නෙ, චීන "එක දරු" නීතිය කාලෙ, වතුරෙ ඔබල මරපු වැඩිමහල් ගෑණු දරුවොන්ගෙ දුක්මුසු කතාවයි. ඒ බමුණු මත දුරලන්න උන්දලගෙ සගිස්කුරුත විප්ලවයටවවත් බැරි වුනා.

      ගහෙන් බැස්සට අපේ කැලෑගති තාම තියෙනවා.😒

      Delete
    11. සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

      Delete
    12. ඕක ලිව්වේ මොකද කියල රත්න ශ්‍රී විජේසිංහ කීව මෙහෙ ඇවිත් අඩියක් ගහපු වෙලවක. දැන් මතක නැහැ.

      Delete
    13. බසු ඒකනේ චීන්නු පහුගිය කාලේ නේපාලේ ගෑනු ළමයි උස්සන්න ගත්තේ. (සල්ලි වලට) ගැහැණු නැතිව. දැන් හැබැයි අනුපාතය හරිලු. මම ඒ වගේම දුක්බර කතාවක් ඇහුවා දකුණු ඉන්දියාවේ තමිල්නාඩු වල .ඉපදුනු දුව වළලලා ඇවිත් අම්ම අඬනවා . මරලා වැලලුවේ නැත්නම් සැමියයි, නැන්දම්මයි පෙට්රෝල් දාල පුච්හල මරනවා කියල තර්ජනය කරලා දෙන්නව ම. ඔතන නැන්දම්මා ගේ භූමිකාව - තවත් ගැහැණියෙක් නේද?

      Delete
    14. මේකත් ලෝකයක්ද මරතේලිස්? කියල ලොකු හාංදුරුවොන් කිව්වෙ ඇයි කියලා මට දැන් තේරෙනවා.😢😢

      Delete
  10. රස වෑහෙන කළු දොදොල් වැනි කියවිල්ලක්! අනේ ඒත් ඊට යටින් කියැවෙන දුක් සාගරේ! කියන්න ලැජ්ජයි මල්ලී මගෙ බ්ලොගයටත් කොමෙන්ටු දාන්න බැරිතැනකට සෙට් වෙලා! සමහර කමෙන්ට් පෙනෙන්නයි තවත් සමහර ඒවා නොපෙනෙන්නයි දාන එවුං කල කරුමය කිම!? බුරතීනෝ උන්නැහේවත් උප කාරයක් කලා නම්!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බුරා උදව් නොකර ඉන්න එකක් නෑ, මේ කර ගහන බරට.😊
      ආපු එක්කට පට්ට හැපී.

      Delete
    2. තට්ස්ගෙ බ්ලොග් එකේ නං මම හිතන්නෙ ප්‍රශ්නෙ එන්න ඇත්තෙ කමෙන්ට්ස් වැඩිවෙලා. කමෙන්ට්ස් 200 පැන්නහම අලුතෙන් දාන කමෙන්ට්ස් පෙන්නන්නෙ නෑ. යටින්ම තියෙනවා බට්න් එකක් Read More කියලා. ඒක ක්ලික් කලාම ඔක්කොම පෙන්නනවා.

      Delete
    3. තට්ට මහත්තයා කවදා මේක දකීද මන්දා? මම මෙතනට ලින්ක් කරලා, කමෙන්ට් එකක් එහෙ දාන්නම්.

      Delete
    4. මම එහෙත් දැම්මා...

      Delete
    5. ස්තුතියි බුරටිනෝ මහත්තයෝ. ගොඩක් ස්තුතියි.

      මේ දැන් ඔයාගේ උපදෙස් පිළිපැදලා බැලුවා තට්ටයාගේ කොලමට ගහින්. හතර විලි ලැජ්ජාවයි. මම යවාපු එකම වගේ කමෙන්ට්ස් බර ගාණක් අප්ලෝඩ් වෙලානේ.. කවදා කාපු ටකරංද... දෙසීය පැනපු ගමන් ඔහොම වෙයි කියලා කවුද දන්නෙ...
      මං විතරය, තට්ටයා මහතාත් නොදැන හිටියා වගෙයිනෙ.

      Delete
  11. නියමයි පෝස්ට් එක බස්සා, තේරෙන සිංහලෙන්ම ලියලා තියෙනවා. :D
    followers විජට් එකත් එකතුකරනවා නම් හොඳයි, සමහර බ්ලොග් වල ඒක නැහැ. එතකොට follow කරන්න කරදරයි නෙව.
    මෙහෙම නිතර නිතර ලියන්නකෝ. නැත්නම් බ්ලොග් ලෝකයම පාලුවට යනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් බයත් හිතෙනවා. කියවන්න පෝස්ට් නැතුව හිටි අපට අජීර්ණයක් හැදේදෝ කියලත්.😂 ඔබගේ දිරි ගැන්වීම සතුටක්. ස්තූතියි. මගේ කටුක භාෂාව ගැන සමාව ඉල්ලනව.ඒ හැටි😂

      මේව මොන පෝස්ට්ද, මේකත් එක්ක බලන කොට? ඇත්තටම කියනව නං , මට දැන් හීනමානෙ.🤔
      https://awanhala.blogspot.com/2021/10/blog-post.html

      අදහසට ස්තූතියි. followers විජට් එක වැදගත්, ඒක ගැන ඩ්‍රැකී ලියල තියනවා, මෙතන:
      https://drackey.blogspot.com/2021/10/blog-post.html

      Delete
    2. අඩේ අවන්හල එකක් දාලද යන්න ඕන ඒ පැත්තේ, බායි

      Delete
    3. අජිතයියලට අපි වගේ හිච්චි ඈයො පේන්නෑනෙ.. 😏😏😏 හුම්ම් 😃😃
      (Just kidding )

      මේ පැත්තෙත් යවන්න කට්ටියව

      https://maanawa.blogspot.com

      Delete
    4. මොනා කියනවද හෙන උස වුනහම පේන්නේ නැහැනේ. මම ඕකට දැන් කී පාරක් ඇවිත් ගියාද .ඔයානේ ලිව්වේ නැත්තේ

      Delete
    5. අමතක කරලමු පැරණි කතා
      දීලා බලමුද හොඳට ගොතා

      ඒ හැමදේටම අවශ්‍ය සාධක සෙට් වෙන්න ඕනෙ.දැන් ඒකට සුදුසු කාළයයි, පිංවතුනි.😊

      Delete
  12. නියමයි.

    බකුසු මහත්තයෝ, දශක ගණනාවක් තිස්සේ නිකං හම්බ වෙච්චි වෙලාවකවත් මම පෙරලලා නොබලන සිංහල පත්තරයක් තියෙනවා. ඒ පත්තරේ තනිකර මස් කඩයක් වගේ කියලයි මට හිතෙන්නේ. ඇහැට අමාරුයි- කියවද්දී; මට නං.
    අවුරුදු ගණනාවක්ම 'රාවය' පත්තරේ පිටු සැලසුම් ගැන සම්මාන ගත්තා 'කළු-සුදු' පත්තරයක් වෙලාත්.

    රජයෙ මුද්‍රණාලයේ සේවය කොට විශ්‍රාම ගත්තු (ඇතුල් කෝට්ටෙ මහින්දාරාම පාරේ හිටි- කලකට ඉහත වියෝවූ) ජයකොඩි නම් මහත්මයෙක් 1987 විතර- ඔට්ටේ ශ්‍රී නාග විහාරයේ press එකට දවස් කිහිපයක් ඇවිත් අපට ඉගැන්නුවා මුද්‍රණ පිටුවක් සකස් කිරීම ගැන. කළු- සුදු බැලන්ස් කිරීම ගැන. (ජයකොඩි මහත්තය නිවන් දකින්නෝනි!)

    ඔය කාරණා තුන විතරයි මගේ බ්ලොග් පිටුව සැක කිරීම තෝරාගනිද්දී මගේ ඔලුවේ තිබුණේ. ඒවාට අනුවයි, අකලංක පුත්තරය වැඩේ කරලා දුන්නේ... අනෙක මගේ තියෙන ඉතාම අල්ප දැනීම. තවමත් ඒ තාක්ෂණික ඥානය නම් බින්දුවයි දශම ගානේ තමා.

    ඔය කාරණා කිව්වේ තමුන්නාන්සේ කියපු කාරණා සැටිපිකෙට් ඇත්ත බවට සාක්කි විදිහටයි. අර font size එකත් හරිම වැදගත්. කන්නාඩි දැම්මත් කියවන්න බැරි තරම් සයිස් අකුරුවලිනුත්, මං වගේ නාකි පඩංගු රීඩර්ස්ලා කියවිල්ල අත හැරලා දමයි නේද?

    අම්මෝ! උදේ දහයට දහයයි. මේ මදැයි දැනට.
    තව අඩවි දෙකක් හනිකට කියවලා, නාගන්න ඕනි. පස්සේ තව ලියන්න හිතුණොත්......

    ReplyDelete
  13. වැරැද්දක්... 'පිටුව සකස් කරද්දී' වෙන්නොනි හොඳේ. comment කොටනකොට පෙන්වන්නේ පුංචි අකුරුනේ.

    ReplyDelete
    Replies
    1. හා නාගෙන එන්න, අපි කතා කරමු. දැන් මෙහෙ රෑ දොලහයි. දන්නවනෙ මම බස්සනෙ? බුදියන්නෙ දවල්ට.😊

      මේ කොටස වැදගත්. පිටුව ෆෝමැට් කරන එක බ්ලොග/පත්තරේ දෙකම එකම ක්‍රමේ. වඩා පැරණි මුද්‍රණ කලාවෙන් අපිට ඉගෙන ගන්න දේ බොහොමයක් ඇති. කරුණාකර ඒ ටික කියා දෙන්න කියල මම් ඉල්ලා සිටිනව.මට මේ ගැන වෘතීය දැණුමක් නෑ.

      ඊළඟට වැදගත්, ඒත් නොසලකන දේ තමා ලිපියෙ මුල් පරිචේදය. ප්‍රවිශ්ඨය කියල කිව්වත් ඕකෙ හරි නම "The Hook". ඒකෙන් තමා පාඨකයට "කොක්ක" ගහන්නෙ.( සහෝදරවරු ඕක ලෙසටම දන්නව🤣)

      ඔය " කොක්ක" කොටස තමා සින්ඩියට යන්නෙත්. පාඨකයො ඕක දිහා බලන්නෙ තප්පර ගාණයි කියල තමයි කියන්නෙ. ඒක වරද්දා ගත්තොත් අබ සරණයි. කිසිම කෙනෙක් සම්පූර්ණ තියරිය එලෙසම පාවිච්චි නොකලත්, දැණගෙන සිටීම වැදගත්. ඔය මම දන්න ඩිංග. අපි කතා කරමු, ඒක කාටහරිවත් ප්‍රයෝජනවත් වේවි.

      Delete
    2. මගේ ඊළඟ post එක ලියන්න පරක්කු වුණත් වෙද්දාවේ කියලයි මේ ආයෙම ආවේ.
      බස්සා මහත්තයෝ,
      මගේ ක්‍රමවේදය හා මා වඩාත්ම කැමති ක්‍රමවේදය තමා කරුණු මතුකොට දීම. ඉතිරි හරිය බාර වෙන්නේ එයින් වැඩ ගන්න කැමති අයට.

      තජකයෙදී අපට කතාවක් පවත්වන්න කියලා දෙද්දී කියැවුණු දෙයක් තමයි මුල හා අග දෙකම ඉතා රසවත්, මතක හිටින, වෙනස් විදිහක් විය යුතු බව. ඒ විත්ති මං ලිව්වේ 2018.
      https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_1.html
      ඒ දැනීමත් ලිපි ලියන එකට උදව් කර ගත්තා.

      බ්ලොග් එක ලියන්න ඇවිත්, මගේ බ්ලොගයත් සින්ඩිවල එල්ලලා තියෙද්දී මට ක්ලික් වුණා ඔය hook වැඩේ.
      එතකොටම මතක් වුණා 'කටෙන් කන්න ඉස්සෙල්ලා ඇහෙන් කනවා' කියන එකත්. ඒ කරුණු දෙකෙන්ම පොරෝජන් ගන්න පුරුදු වුණා! එව්වා ප්‍රසිද්ධ රහස්.

      [ඒ අතරේ අසංග, ඩ්රැකී දෙන්නාම කිව්වා පහුගිය කොටසට ලේසියෙන් යන්න ලිපියේ මුලින් link එකත් දාන්න කියලා. කලින් ලියැවුණු අදාළ දේවල්වලටත්, උපුටා ගැනිම්වලටත් අදාළ links දාන හැටිත් අසංග කියලා දුන්නා, අතින්ම ටෙලිෆෝන් බිල ගෙවාගෙන (ස්තුතියි අසංග).
      මෙතැනදී කියන්නම ඕනි අටමා- ලක්මාල් කන්දෙවිදාන සහෘදයා ගැනත්. ලක්මාලුත් ගොඩක් දේවල්වලට උපදෙස් දුන්නා විතරක් නෙවෙයි, තේරුම් යන්නේ නැති දෙයක් වෙතොත් ඇවිදින් වුණත් කියා දෙන්නම් කිව්වා, ස්ක්‍රීන් ෂොට්ස් ගහලා එවලාත් උපදෙස් දුන්නා. නිතර නොකිව්වාට ඔහොමයි මමත් ටික-ටික හරි ඉගෙන ගත්තේ.]
      ඒ ගමන මං දැක්කා සින්ඩියක වැටෙන්නේ ඒ ටීකය කියලා. එදා සැරේ නයාවත් නොමරා- පොල්ලත් කඩා ගන්නේ නැතිව ඒකත් දැන් කෙරෙන කෙරේමෙට හරි ගස්සා ගත්තා.

      එතකොට තමයි සීරීස් එකක post එකක් අවසන් කරන වෙලාවට විශේෂයෙන් පරෙස්සම් වෙන්න ගත්තේ. ඇයි, ඒ වැකි දෙක තුනනේ, ඊළඟ කොටසේ මුල වෙන්නේ.

      Delete
    3. ඔව් නිදිගෙ ක්‍රමය අනුව, මුල වගේම අගත් වැදගත්. කතා මාලාවක් නොලියන නිසා, අපට අගට වඩා ගැලපෙන්නෙ සමරියක් හෝ ස්ටේට්මන්ට් එකක් කියල තමා මට තේරෙන්නෙ.

      Delete
  14. හ්ම් එන්න බැරි වුන ටිකට මෙහෙ කතාව. ලිපිය කියෙව්වා බස්ස මහත්තයා

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ, පරක්කු වෙලා හරි ආපු එකට සතුටුයි.😊

      Delete
    2. වැඩ බස්සා ආයේ කවද post දාන්න වෙයිද දන්නෙ නෑ. ඔයාලගේ post කියවල comment වලින් එකතුවෙන්න්ම්...

      Delete
    3. කිසිම අවුලක් නෑ. දෙකම ගාණට බැලන්ස් කර ගෙන ඔහොම යං.😊

      Delete
  15. ඔය ඕනතරං කොමෙන්ට් තියෙන්නෙ. අපි ආයෙ අමුතුවෙන් මොකවත් දාන්නෙ මොකටෑ.

    ReplyDelete
    Replies
    1. මුකුත් නොදැම්මට මොකෑ? ඇවිත් ගියාම හොඳටම ඇති.😊

      Delete
  16. බකුස් දැන්ද අටෝගත්තේ.. ඔන්න මාත් ඔහේව fallow කොරා.

    ReplyDelete
    Replies
    1. මට නං ඔය fallow කරන සෙල්ලම තේරෙන්නෙම නෑ?😒 බ්ලොග් රෝලෙ අලුත් පෝස්ට් වැටෙනවා. සින්ඩිවලට ගිහින් බලනවා, මගෑරිච්ච, ඒත් හොඳ පෝස්ට් තියනවද කියල. අනිත් අයගෙ පෝස්ට් කියවන්න ගියාමත්, ලින්ක් ලැබෙනවා.ඔච්චරයි. මට මෙතන, මොකවත් මිස් වෙලා වත්ද?🤔

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code