Oct 30, 2021

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්


ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල්  දැම්ම බව. ඒත් බැකප්  SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්‍රියයි. 

රිවීව් එකක දැක්කා, ඉන්"සයිඩර්" බීටා එක දාගන්නවා නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටෙස් කරන්නත් දෙනවා කියලා. ඇප් ඉස්ටෝරුවට ගිහාම කියපි, ඒක දෙන්නෙ, යැංකි දේසෙ ගොබිලින්ට විතරයි කියලා. මෙව්ව කෙත වැඩ අප්පා! කලින් මට වින්ඩෝස් 11 එපා වෙලා හිටියෙ, තිබ්බ ලෙඩ නිසා නෙව? මෙදා සැරේ තේරුනා, දැන් ඒ හැටිම අප්සෙට් එකක් නෑ කියලා. ඒත් තවම, වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට විසඳුමක් නම් නෑ.මගේ ස්ටාර්ට් ඇප් ගෘප්ස් සැට් එක දාලා යන්න වුනාට, හිතට දුකයි තමා. ඒත් අසරණ අපි වෙන මොනවා කරන්නද?  මාත් ගියා, අලුත් මහගෙත් එක්ක දීග කන්න.

වින්ඩෝස් 11 වලින් සැබෑ වෙනසක් වෙන්න නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හරි හැටි වැඩ කරන්න ඕනෙ. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්නෙ, වර්චුවල් ස්පේස් එකක වෙන එක අවුලක් නෑ. ඒ ටැක්නිකල් ඩීටේල්ස්, නෝමල් යූසර්ට ට්‍රාන්ස්පේරන්ට්. එව්වා ඔක්කොම OS එක බලාගන්නවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඒක තාම රිලීස් වෙලා නැති එකයි. ඒ වගේම, තාම වින්ඩෝස් 10 අප්ඩේට්ස් එවනවා. පේන විදිහට, තාමත් වින්ඩෝස් 10 සූදානම් කරන පාටයි. ඉදිරියට, දැනට රෙකමන්ඩ් නොකරන, තරමක් පැරණි සිස්ටම් වලටත්, වින්ඩෝස් 11 දාගන්න ඉඩ දෙනවා කියලත් කතාවක් තියනවා. මේවා ඔක්කොම තාම, ටෙස්ට් කරමින් ඉන්න දේවල් වගෙයි පේන්නෙ. 

වින්ඩෝස් ඉන්ස්ටොලේෂන් එක, දැනට දැකපු, හොඳම එක. 80% ක්ම වෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකක් විදිහට. ඒ කාලය තුල, අපට සාමාන්‍ය විදිහට වින්ඩෝස් 10 භාවිතා කල හැකියි. ඩවුන්ලෝඩ් කරගෙන, ඉන්ස්ටෝල් කරගෙන, අහක් වෙලා රී-ස්ටාර්ට් එකට යනවා. එතන වැඩිම වුනොත් විනාඩි 10( depending on your system) විතර යනවා. කහින්නෙ, කාරන්නෙ නැතුව ඔක්කොම මටසිලිටු ලෙසම වුනා. පේන විදිහට, නං ඔක්කොම වගේ ඇප්ස්  වැඩ.

බ්ලුටූත් කී-බෝඩ් එක ආයෙ කනෙන්ට් කරන්න ගියාම නං, අවුලක් වුනා. එක අතකට ඒක අවුලකට වඩා, අවුල ලිහිල්ලක්. ටිකක් නැටුවත්, දැන් මගේ තුට්ටු දෙකේ CSR බ්ලුටූත් ඩොංගල් එක, නියමාකාරයට "Microsoft" Generic එකක් විදිහට වැඩ. 





ඉන්ටනෙට් එකේ තියනවා, කොහොමද WSA( Windows sub-system for Android) සහ ඕනෙ නං, Google App ඉස්ටෝරුවම දාගන්න විදිහ. ඒත්, ඒවාත් එක්ක, වෙන මොන,මොන ට්‍රෝජන් අස්පයො එනවද කව්දෑ දන්නෙ? දැනට මේ ඇති, ඉවසගෙන ඉඳලා, Microsoft ඔෆීෂියලි දුන්නාම දාගන්න එක තමා නුවනට හුරු දේ. මම ඔන්-ලයින් පේමන්ට් වලට වින්ඩෝස් භාවිතා නොකලත්, මොකටද නිකං ඉල්ලගෙන කන්නෙ?
පැහැදිලිවම, වින්ඩෝස් 11 හොඳට හාඩ්වෙයා පාවිච්චි කරනවා. ප්‍රොසෙසර්, ග්‍රැෆික්-කාඩ් එහෙමත් වෙනදට වඩා සීතලට දුවනවා. ඉතිං, ඉදිරියට එන්න තියෙන දේත් එක්ක, දැනට පෙරමඟ නිමිති සුභදායකයි.

වින්ඩෝස් 10 පනේ, උඹව දාලා යන්න දුකයි බං. අම්මපා, බොරුවක් මුසාවක් කියනව නං, අහල-පහල හෝතම්බුවෙකුට හෙන ගහන්න ඕනෙ. අපි දෙන්නා, යක්කු ගස් යන ජාමෙ, එකට ඉඳන් බලපු, සිත්තර පටි, දෙන්න එක්ක ගිය වල් ටුවර්, අද වගේ මතකයි මචං. සංසාරෙ හැටි ඔහොම තමයි බාං. බස්සගෙ ත්‍රී-වීල් එකට, තව බොහෝ බබලත්තු නැගලා, බැහැල ගිහින් තියනවා. මේක ඉන්න රට්ටු, හිටවන මාටින්ලා, ලෝකයා මං ගැන නොයෙකුත් කයි-කතන්දර කියාවි. උඹ ඒව අහල හිත අමනාප කරගන්න එපා, සුදෝ.






අම්මපා, මං උඹව මගේ ස්පෙයා-වීල් එක විදිහට තියාගන්නවා. මේ අලුත් මහගෙ, මාව එලියට දාලා දොර වහපු දාකට, මං එඤ්‍ඤං උඹව බලන්න. 

පිදුම: පෝස්ට් එකක් ලියන තුරු, පන්න පන්නා පස්ස හැපූ නමියාට.


But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave Windows 10 in back-up drive

63 comments:

  1. අඩ්ඩෙහ්, එහෙනං මාත් දාගන්ඩ ද?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් හිටු. ෆුල් බැකප් එකක් නෑ නේද? මේක තාමත් බීටා එක. කෙලවුනොත්, ආයෙ යන්න බැකප් එකක් නැතුව, එච්චරම හොඳ වැඩක් නෙමෙයි නේද? දවස් 10 දෙන්නෙ, ආපහු වින්ඩෝස් 10 යන්න.

      Delete
    2. ඔවු උඹත් දාගනිං. னයා රෙද්ද අස්සෙ දාගත්ත වගේ තියෙයි එතකොට.

      Delete
    3. ඔව්, ඔව් එතකොට ටෝච් පාර දෙන්නත් ඇහැකි නෙව සෙද්දටම?😂

      Delete
    4. බක,
      ඒ උනාට මං දැනටමත් අර මොකද්දෝ එක දාගෙන නෙ ඉන්නෙ. අර ඉස් ඉස්සෙල්ලාම ආපු ජනෙල් 11 මගුල... ඔන්නොහෙ මේක ත් දාගන්ඩද?

      னයා,
      ටෝ වහා ම බහු මගෙ රෙද්දෙං පහළට...!

      බක,
      ටෝච් එක රෙද්දට ගැහුවම, ගාන්ඨාර වෝට මාක් එක පේනව...

      Delete
    5. //ටෝච් එක රෙද්දට ගැහුවම, ගාන්ඨාර වෝට මාක් එක පේනව...//

      නිදියගෙ පචතන්තරේ බැලුවා වගේ හිනා වුනා බොලං.😂

      මේ වර්ෂන් එක කියන්නෙ බීටා එකක්. කොහොමත් අප්ඩේට් ඉන්ස්ටෝල් කලා නං, ඔය තියෙන එක, දැනටමත් අලුත්ම රිලීස් වර්ශන් එකට හැරිලා ඇති. අලුත් එකකට් යන්න දෙන එකක් නෑ, බාගදා. ඇයි දැන් තියෙන එක ගැන මනාප නැද්ද?🤔

      Delete
    6. දැන්ම යන්නේ නැහැ. බසුට කෙළ වෙනකම්ම ඉන්නවා.

      Delete
    7. හෙහ්, හෙහ් ආං අරහෙ තව හාදයෙකුත් ඔහොම ඉන්නවා, මිටියයි, ඇණයි අතේ තියාන.😂

      Delete
  2. තව ටික කාලයක් 7 එක්කම ඉන්න හිතුව. හැක්..

    අපිට කොයින්ද බූල් බස්සො.

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්. දාගත්තත්, වෙනසක් තේරේවි කියලා හිතෙන්නෙ නෑ, කරදර මිස. වින්ඩෝස් 7 කියන්නෙ, රොක්-සොලිඩ් OS එකක්. ඉන්න හැකි උපරිම කාළයක් ඉන්න එක තමා, හොඳම දේ. පැරණි හාඩ්වෙයා කම්පැටිබිලිටි ගැන, මයික්‍රොසොෆ්ට් මහන්සි වෙයි කියලා හිතෙන්නෙත් නෑ.ඇත්තම කියනවා නං, අපි කම්පූටරෙන් කරන සරල වැඩත් එක්ක බැලුවාම, මෙව්වා ඔක්කොම අනවශ්‍ය මහප්ප්‍රාණ.🤔

      අඟහරුවා නියම නොස්ටැල්ජික් පෝස්ට් එකක් දාලා තිව්නා. අවු. 10 පාවිච්චිකල ලැපක් ගැන. පේන විදිහට ඒකෙ තියෙන්නෙ වින්ඩෝස් 7. ඇත්තටම ඒකත් ලස්සනයි, හැම අතින්ම.

      http://angaharuwa.blogspot.com/2021/10/blog-post.html

      Delete
    2. මමත් අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු ලැපක් තිවුනා, Dell Inspiron එකක්. ඒ දවස්සොල Dell කඩේ විකුනන්නත් නෑ. කෝල් කරලා order කලාම ගෙදෙට්ට එවනවා. ඒක ආවෙ Vista දාලා. මං ඉත්තිං ඒක පාවිච්චි කොලා ඊටපස්සෙ XP දාලා, 7 දාලා, 8 දාලා, 10ත් දැම්මද මන්දා. Linux Lite දාලත් දිවුවා කාලයක්ම. අන්තිමට මම ඒක අක්කයෙ පොඩි එකාට දුන්නා සෙල්ලං කරන්න කියලා. :-D

      Delete
    3. දැන් අලුතින් එන ගැජමැටික් ඔය වගේ නෑ. ඒව හදන්නෙම නියමිත කාලෙට කැඩෙන්න - planned obsolescence.

      SMD සෝල්ඩරින් කරන එකත් පණ යන වැඩක්:
      https://i.ytimg.com/vi/0NrrfotuANY/maxresdefault.jpg

      Delete
  3. මම මේ දවස්වල වින්ඩෝස් 10න් seekers note ගහනවා. වින්ඩෝස් 11ට ඇවිත් ඒක නවත්තපු තැන ඉඳන් පටන්ගන්න පුළුවන් වෙනයිද ?

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් 11 යන්න කලින්, ෆුල් බැකප් එකක් ගන්න එක තමයි, නොවරදින ක්‍රමය. ඒ සඳහා මෙන්න මේ free ඇප් එක තමයි, මම පාවිච්චි කලේ.
      https://www.macrium.com/reflectfree?download=n&email=writee%40civoo%2Ecom&edition=5&type=h
      මට කියන්න පුළුවන්, මගේ අත්දැකීම් විතරයි.වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් කරද්දි මම ඇරලා තිබ්බ ඇප්ස්, රී-ස්ටාට් වුනාට පස්සෙත්, ඒ විදිහටම තිබුණා. දින 10ක කාලයක් දෙනවා, අකමැති නම් වින්ඩෝස් 10ට ආපහු යන්න.

      ඒ අනුව, හිතන්න පුළුවන් සෑහෙන දුරට, ගේම් සෙටිංස් එහෙමම තියෙයි කියලා. ඒත් කලින් කිව්වා වගේ, නොවරදින ක්‍රමය බැකප් එකක් ගන්න එක. තව ඉතිං ගූගල් සර්ච් කරලා. ගේම් එකේ සේව් ඩිරෙක්ටරි එක තියෙන තැන හොයාගෙන, ඒක වෙන ඩ්‍රයිව් එකක , සේව් කරගන්නවා වගේ ක්‍රමත් අනුගමනය කරන්න ඇහැකි.

      මම ඒ ක්‍රමය අත්හදා බලල තියනවා, සමහර සේව් කරන්න නොදෙන ගේම් වලට.

      Delete
  4. මමත් නිදි වගේද මන්ද. කිසිම අප්ඩේට් එකක් නෑ තාම ගත්ත lapට. ඒත් ඉතින් ගිනි ගින්දර වගේ වැඩ කවුළු අංක 7. ඇත්තටම technology දැනුම ගොඩක්ම නෑ කිව්ව්වොත් හරි. එත් ආසාවෙන් පොස්ටුව කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. කවුළු අංක 7, ගිනි ගින්දර වගේ වැඩ නං ආයෙ මොකටෑ මේ අනවශ්‍ය මහප්ප්‍රාණ?👌😊

      Delete
  5. ඈ බැස්සෝ ලියන්න කියපු මන් දැන් නරක මිනිහයි...?

    "පිදුම: පෝස්ට් එකක් ලියන තුරු, පන්න පන්නා පස්ස හැපූ නමියාට" - ස්කූටියි බස්ටො ඉතීම් මතක් කොලාට හා පිදුවට.

    ReplyDelete
  6. වෙන ගොබිලෙක් මට ජනෙල් 11 දාලා දුන්නා බකුසු හාමි කියනා දේවල් නම් මෙලෝ දෙයක් නොතේරේ. හොර කොපියක් නිසාද මන්දා අවුලක් නෑ තාම වැඩ.

    ReplyDelete
    Replies
    1. දන්න විදිහට නං, කොපිය මොකක්ද කියල අවුලක් නෑ, ජනෙල් 11 අලුත් හොඳ කොපියක් විදිහට තමා යන්නෙ. බලන්න ඇක්ටිවේෂන් එක, හරි නේද කියලා? ඒ ඇක්ටිවේෂන් එක, මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකත් එක්ක ලින්ක් කරගන්න එක වටිනවා. ගූගල් කරලා විදිහ හොයාගත්තෑකි.

      Delete
  7. අනේ මගේ මොළේ - දාලා කුණු ඇලේ
    හෝදාගමු බොලේ - හිතුණා මේ වෙලේ

    වැඩ ගන්නේ මොකෙන් - දන්නෙත් නෑ ඉතින්
    මක් වෙනවද එයින් - ඔන්න මගේ තරං

    ලිපිය පිදුරු වගේ - හිත කිව්වට මගේ
    සිංදුව මල් වගේ - කරන්නෝනි අගේ

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඔක්කොම අනවශ්‍ය මහප්ප්‍රාණ, නිදි. දැනට කරගෙන යන විදිහට කැමති නං, ඒක තමයි වැදගත්ම දේ.😊👌

      Delete
  8. Replies
    1. ගිහින් වැටක් ගහලා ආවා. දැන්ම කියවන්න ලෝබයි.😊

      Delete
  9. මං දැකපු හොඳම වින්ඩෝස් ඔ්එස් එක තමා 98 සෙකන්ඩ් එඩිෂන්. ඊට පස්සෙ 2000 ප්‍රොෆෙෂනල්, 7ත් හොඳා. ජනෙල් 10 නං ඇල්ලුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹට XP අමතක වෙලා.

      Delete
    2. ඒක මට ඇල්ලුවෙ ම නෑ.

      Delete
    3. මටත් මතක XP සහ වින්ඩෝස් 7 තමා. වෙලාවකට හිතෙනවා, එදා තිබ්බ පොඩි රැම්, හාඩ්-ඩිස්ක් කැපෑසිටිත් එක්ක කරපු දේම නේද, මේ ඔක්කොමත් තියාගෙන නටන්නෙ කියලත්. ඒ කාලෙ කාට හරි කිව්ව නං, ග්‍රැෆික් කාඩ් එකේ විතරක් 8Gb තියේ කියලා, හාට්-ඇටෑක් එකක් හැදිලා මැරෙනවා.

      මේ විනෝද සමයෙ - රට රස්සාව.

      අමාරිස් අයියගෙ බෑණා: එංගලන්තෙ, හරි වෙනස්. එහෙ බයිසිකල වල හැඩල් එකයි , පැඩල් එකයි දෙකම තියනවා, ඉතිං නැගලා පැද....ගෙන යනවා.

      හාමු මහත්තයා: ඇයි ඕයි, ඉතිං මෙහෙත් එහෙමනෙ?

      අමාරිස් අයියගෙ බෑණා: ඈ, මෙහෙත් එහෙමද, එහෙත් එහෙම තමා. ඒත් වෙනස්

      https://www.youtube.com/watch?v=7LPyv19UtsQ

      Delete
    4. 98 අවුල්. කරන්ටෙක ගියාම ක්‍රෑෂ් වෙන සීන් එකක් තියෙනව. XP වල එහෙම අවුලක් නෑ.

      බොලාට කියන්න පෙන්ටියම් 1 200MHz මැසිමක පොටෝෂොප්, කොරල් අරව මේව ඔක්කොම වැඩ කරගත්ත එකේ i7 ගන්නෙ මොන මගුලකටද?

      Delete
    5. මටත් නොතේරෙන දේ ඕකම තමා. ඇත්තටම, වින්ඩෝස් OS එක සහ ඇප්ස් ඉදිමෙන(bloating) ප්‍රමාණය, ලැබෙන අමතර පහසුකම් එක්ක බැලුවාම සමානුපාතික නෑ. MacOS ඇප්ස් එයිට වඩා පොඩියි, ඒත් ඒක හුදී ජනයාගේ OS එක නෙමෙයි. Linux තියනවා නං තමා, ඒත් ඒක වින්ඩෝස් වගේ නැගලා නොගිය හේතු තියනවා. ඊට වැඩිය කිව්වොත්, පෑන්-බෝයිස්ලා මාව කාවි.😂

      Delete
    6. බස්සා නියමයි විනෝද සමය - උ මට ගහනව. මට උ ගහනව

      Delete
    7. මේ වගේ, පැරණි මිනිකැට තියනවා, ඒත් වැලලිලා. දැකපු කෙනෙක්, අදාල තැන ලින්ක් එකක් නොදැම්මොත්, අපි දන්නෙවත් නෑ.😊👌

      Delete
    8. බර්ටි ගුණතිලකනං තාමත් මේ පැත්තෙ හොඳින් ඉන්නව.

      Delete
    9. අනේ, එහෙනං එයා විතරයි ඒ අයගෙන් තාම ඉන්නෙ.

      Delete
  10. මුදියන්සෙ ගෙ මේකත් මරු. දැන් ම ටිකක් හිනාවෙලා, පස්සෙ මේ පෝස්ට් එක කියෙව්වනං මිසක් එක පාර කියවන්ඩ එපල්ලා. හිනා වෙන එක දරා ගන්ඩ බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්. මගේ රෝලෙ එල්ලගන්න ඕනෙ. මෙන්න ජනුගෙ චීස් මතක:
      https://hansakinkini.wordpress.com/2021/11/01/%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99-%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B7%94-%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A/

      Delete
  11. http://trisinhala.blogspot.com/2021/10/lower-road.html

    ReplyDelete
    Replies
    1. ගිහින් වැටක් ගහල ආවා.😊

      Delete
  12. මටත් XP තමයි හොඳ. එයට කළින් ඒවා අවුලක් නෑ. හැබැයි ටෙක්නිකල් දැනුම නැති කෙනෙකුට අමාරුයි. NT 4.,2000, මතක ඇතිනේ. 8 කාටවත් මතක නෑ නේද. හැබැයි අට කියන්නේ ෆුල්ම අවුල් එකක්.

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් 8 ඇත්තටම, වින්ඩෝස් විස්ටා වලත් වඩා අවුල්. UI එක ෆුල් අන්ජබජල්. තියෙන සරල ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට, යූසර්ස්ලාව බලෙන් ගෙනියන්න හදන එක, අසාර්ථකයි කියලා ඒකෙන්ම පේනවා.

      වින්ඩෝස් 11 දී ඒ වැරැද්ද කරලා නැති වුනත්, සමහර ජනප්‍රිය වින්ඩෝස් 10 පහසුකම් කප්පාදු කල එක ගැන නං, මගේ කැමැත්තක් නෑ.

      Delete
  13. උඹල අපිව සෙල්ලමට ගත්තද? නැත්තං "පුළුවන්නං ලියාපල්ලා!" කියලා ගේමටද එන්නේ!? කෙලින් කියපං අපි මේකට ගොඩ වදිනවට අකමැතිද කියලා! අර නිදි වගේ උඹලට පරම්පරාවක් පිටුපසින් ඉන්න ඩ්‍රයි බැටරිය අමුනලා වැල් රේඩියෝ එකෙන් සිංදු අහපු අපි දන්නේ බුරුත නැදුන් හල්මිල්ල තේක්ක ; ඩෝස් වින්ඩෝස් තමයි!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සෑර්. ජනේල ගෙදරන් පණිවිඩ එවන්න ගත්තා, අලි දෙන්නම්, කොටි දෙන්නම් කියලා. ඒ වංගියෙ, ඕන පුම්කක් ප්‍රීති වෙසක් කියල දාගත්තා. නිකං දුන්න අස්පයා නෙව?😂🙏👌🤣

      Delete
  14. බසු , වින්ඩොව්ස් දහයට වෙන හාඩ් ඩිස්ක් හයි කරන්න බැහැනේ. එක්ස්ටර්නල් ඒවා ඇර. ඒක විසඳෙනවද මේකෙන්

    ReplyDelete
    Replies
    1. වින්ඩොව්ස් දහයෙ එහෙම ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ නෙව? ඔය කියන්නෙ. ලැප්ටොප් එකක් ගැන නම්, ඒක ඒ මදර්-බෝඩ් ලිමිටේෂන් එකක්. ඒත්, CD/DVD ඩ්‍රයිව් එකක් තියේ නං, ඒක ගලවලා හරි, තව SSD එකක් ඔබන්න බැරි කමකුත් නෑ.

      Delete
    2. එහෙම ප්‍රශ්නයක් තිබ්බ නොවැ. ඩෙස්ක්ටොප් එකට වෙන හාර්ඩ් ඩිස්ක් එකක් දාන්න බැහැ. පස්සේ මම පරණ ඩිස්ක් එක අර චිනමන් ගේ එක්ස්ටර්නල් කවර් එකක් අරගෙන ඒ විධිහට් බැලුව. ඒත් හරිගියේ නැහැ.CD/DVD එකනම් හොඳ අදහසක්. ඒත් ඉතින් ඒක ඕනෑවෙයි කියල ගැලෙව්වේ නැත්තේ. කරන්න බැරිකමකුත් නැහැ. මගේ පරන හාඩ් ඩිස්ක් වලින් ක්රිප්ටෝ කරන්සි පාස්වර්ඩ් එකවත් හොයා ගත්ත හැකිනේ.

      Delete
    3. හරියටම මදර්බෝඩ්/ සිස්ටම් එක ගැන නොදැණ මුකුත් කියන්න බෑ. මම දන්න, එහෙම නොදෙන එකම අවස්ථාව legacy IDE/ AHCI විතරයි. ඒත් ඒක කන්වර්ට් කරන එක, හරියට කලාම අමාරුම වැඩක් නෙමෙයි.
      https://www.youtube.com/watch?v=aanPIaY249g
      මගේ මදර්බෝඩ් එකේ තියෙන SATA පෝට් 6 න් 5 ක්ම බූට් ඩ්‍රයිව්ස්.🤔

      //පරන හාඩ් ඩිස්ක් වලින් ක්රිප්ටෝ කරන්සි පාස්වර්ඩ්//
      මේ කොටස තේරුනේ නෑ. අජිත් ක්රිප්ටෝ කරන්සි මයිනින් කරනවද?🤔

      Delete
  15. තාම ඇස් පී යූස් කරන අපි 😏😏😏 හුම්ම්

    ReplyDelete
    Replies
    1. ඔය යස අගේට වැඩ ටික කරගෙන ඉන්නෙ, මොකක් යූස් කලත්.😂

      Delete
    2. ඒකනේ හිටං 😃😃😃

      Delete
  16. ඇත්තටම වින්-ඩිවෝස් වෙන්න තමා උවමනාව තිබ්බෙ. කොහෙද දෙන්න බෑ කිව්වනේ අයපත් ගේට්ටු මහතාගෙ ක්ෂුද්‍රමෘදු අටමඟලෙ. 😂😂
    මට නං ඔය ටෙක් හුටස්පර ගැන ඇති දැනුමක් නෑ. ඒත් කෙලවෙංඥාංංහුටවෙංඥා කියල අලුත්ව පාවිච්චි කරන්නමයි කැමැත්ත.
    පුරුද්ද වෙන්නැති නෙව 😂😃😂😃

    ReplyDelete
    Replies
    1. අර ප්‍රසන්න කිව්ව වගේ, වින්ඩෝස් 7 දාගන්න. ඒත් ෆුල් බැකප් එකක් සහ රෙස්කිව් USB/Disk එකක් හදා ගන්නම වෙනවා.

      මේක දාගත්තා වුනත්, කරදර මිස වෙන සෙතක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. සාපේක්ෂව අලුත් සිස්ටම් එකක් නං, "හයියෝ ෂල්ලි" ටිකේ ප්‍රයෝජනේ ගන්න දාගත්තට කමක් නෑ.

      Delete
    2. සෙවන් වලට නං ආපහු යන්න තාම අදහසක් නෑ.
      11 ගන්න හාඩ්වෙයා compatibility ය මදි වීමේ ගැටලුව විසඳ ගන්න වෙන්නෙත් නෑ කාලයක් යනකං. 10 වලම දුවාවි.

      හයියෝ ෂල්ලි නෑ දැං රෝල අමාරුවෙන් දුවන්නෙ 😂😂
      පුලුවන් මැච්චෙකක් ගහමුකෝ 😃

      Delete
    3. සුදීක කියල තිබ්බා, එයා දැකපු හොඳම එක XP කියලා. IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් එහෙම කියන්නෙ, හේතුවක් ඇතුවයි.🤔

      Delete
    4. XP පට්ට ස්මූත් නේ. මොන හෙණයක් වත් නැති සුපිරිම OS එක හුඟක් කම්පැණීස් කම්තපියුටර්ස් රන් කරන්නෙ XP වල. අනික තමා සෙවන් වේවා විස්ට වේවා 10 වේවා ඔය හැමේකම තියන ලෙඩ එකක් වත් නෑනේ. දැං හුඟක් සොෆ්ට්වෙයා සපොට් කරන්නෑනේ. ඒකයි ලොකුම අවුල මහිතේ. නැත්තං XP කියන්නෙ මටත් සුපිරිම OS එකක් 😃😃😃

      Delete
  17. වින්-ඩිවොස් කියලා දැම්මෙ ඩිවොස් විත් අ වින් කියන්නද.

    'අන්සතු ඔබ' රූපකය legitimate(?) සම්බන්ධතාවයක් ගැන කියන්න යොදා ගත්ත එක හොඳයි. නැත්නම් වචනෙ ඇහුනුගමන් මිනිස්සු ඒක illegitimate සම්බන්ධතාවයක් කියලා හිතලා උඩ පනින්න ගන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමම හිතුවෙ නෑ. වින්ඩෝස් 10 දාලා යන එක ගැන කනගාටුවක් තිබ්බා. වින්ඩෝස් 11 තාමත් ලෙඩා. අප්ඩේට්ස් එවන්නෙ පෝලිමේ. දීපු බෙහෙත් වල සයිඩ්-එෆෙක්ට්ස් හදන්න, ආයෙ වෙන බේත් දෙනවා. AMD ප්‍රොසෙසර් තියනව නං අනාතයි. ඒත් වින්ඩෝස් තමයි හුදී ජනයාගේ OS එක. වින්ඩෝස් 11 තමයි අනාගතය, ඇප්ස් ඩිවලොපර්ලා කැමති පාටයි. ඒ නිසා අපට විකල්පයක් නෑ.

      හ්ම්....රූපකය, අපූරු වචනයක්. සම්බන්ධතාවයන් වල legitimacy ගැන දන්නෙ නෑ. දන්න එකම දේ සම්බන්ධතාවයන් හරිම සංකීර්ණයි කියලයි. කාළයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙන නිසා, බස්සො කියන්නෙ solitary සත්තු ජාතියක්.

      Delete
    2. රූපකය කියන වචනෙ වැරදි ඇති බස්සා. රූපණද දන්නෙ නෑ හරි වචනෙ මම පණ්ඩිතයා වගේ ටයිප් කලාට.

      Delete
    3. රූපකය= Metaphor. පේන විදිහට වචනෙ හරි.

      Delete
  18. බිල් තුමා දැන් කොම්පැණියේ නොමැති වුවත් නව වින්ඩෝසය නම් අගනා අන්දමින් නිමාකර තිබේවි.
    එහෙම නේද Yu (උ)තුමාණනි.

    ReplyDelete
    Replies
    1. අගනා කියන එක සාපේක්ෂයි කියලයි, මට හිතෙන්නෙ. නිකංම දෙන එකේ, දෙන දෙයක් බාරගන්නවා.

      ඒත් දැනට තියෙන, XP, වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 10 වලත් කියන්න තරම් වරදක් නෑ, අදාල පැරණි හාඩ්වෙයා තියෙන අයට.

      Delete
  19. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code