බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක් යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.
කොහොමත් මේක පට්ට සිංදුව -Dreams ,කියන්නෙ The Cranberries. චෙරි, බෙරි කන පක්සියෙකුට, මේ අයිරීෂ් බෑන්ඩ් එකේ සිංදුව අල්ලලා ගිය එක ආයෙ අහන්නත් දෙයක්ද? එකම අවුල, ඕක ඇහිච්ච ගමන් බකුසු ඔලුව, තාලෙට වැනෙන්න ගන්න එක, ඔලුවට මෝල් ගහකින් පතබෑවත්, නවත්තන්න බැරි එකයි.
ආයෙත් පාරක් අද මේ සිංදුව, මට අහන්න ලැබුනෙ 1994 Chungking Express සිත්තර පටිය බලන කොටයි. බලල නැත්නම් බලන්න වටින පිචෑර් එක, බලන්න.
මේ සින්දුවත් අයත් වෙන්නෙ "One-hit wonder" කියන කැටගරියට වෙන්ට ඕනෙ. ඒකෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. බොහොම අපූරු ගීත බොහොමයක්, ඒ කැටගරියෙ තියනවා. අපට සංගීතෙ විශ්ලේෂ්ණය, විච්චේදනය කරන්න තරම් දැණුමක් නං නෑ. ඒත් දැක්කා, ඇහැව්වා නිසා, ඔන්න ඔහේ ලියලම දැම්මා.
අනූව දශකයෙදි ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ දශකයෙ, මේ සිංදුව නැති සිත්තර පටියක් හොයාගන්න අමාරුයි කියලයි කියවෙන්නෙ. මෙන්න ඒ චිත්‍රපටි වලින් කොටසක්:
Chungking Express (1994), which prominently featured Faye Wong's Cantonese version
Safe Passage (1994)
Milk Money (1994)
The Next Karate Kid (1994)
Boys on the Side (1995)
The Baby-Sitters Club (Trailer only) (1995)
Mission: Impossible (1996)
You've Got Mail (1998)
Shot Through the Heart (1998)
Mona Lisa Smile (Trailer only) (2003)
Sound of My Voice (2011)
Prom (2011)
The To Do List (2013)
Second Act (2018)
Thunder Force (2021)
ප්‍රධාන ගායිකාව වන Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".
විවාහයෙන් පස්සෙ, කන් පාත් වෙන්නම , බොන්න පටන් ගත් ඇගේ ජීවිතේ රෝස මල යහනාවක් වුනේ නැති බවයි පේන්නෙ. ඔය බොලත් ටිකිලා ගහන කොට, ගාණක් මිම්මක් ඇතුව ගහපල්ලා, ඈ? ටොමියගෙ මිත්‍ර බොක්සරයටයි මේ කියන්නෙ.😉
R.I.P Dolores O'Riordan (1971-2018)
🎪🎪🎪🎪🎪🐶🐶🐶🐶🍞🍞🍞🍞🐶🐺🐺🐺🐺🐺
ඇත්තටම, Wong Kar-wai කියන්නෙ, පට්ට සිනමා අධ්‍යක්ෂක වරයෙක්. මෙන්න ලිස්ට් එක:
1988 | As Tears Go By | 旺角卡門 Wong gok ka moon |
---|---|---|
1990 | Days of Being Wild | 阿飛正傳 Ah fei zing zyun |
1994 | Chungking Express | 重慶森林 Chung Hing sam lam |
Ashes of Time | 東邪西毒 Dung che sai duk | |
1995 | Fallen Angels | 墮落天使 Do lok tin si |
1997 | Happy Together | 春光乍洩 Chun gwong cha sit |
2000 | In the Mood for Love | 花樣年華 Fa yeung nin wa |
2004 | 2046 | — |
2007 | My Blueberry Nights | — |
2013 | The Grandmaster | 一代宗師 Yi dai zong shi |
ඔය අතරින්, My Blueberry Nights, 2046, In the Mood for Love දැනටමත් බෑව. Fallen Angels තමයි Chungking Express දෙවන කොටස. ඒත් එකම ස්ටැයිල් එක මිසක්, විශේෂ සම්බන්ධයක් නෑ,
ස්තූතිය: The Traveler's Blog
(වීඩියෝ අන්තර්ජාලයෙනි)
Wild Woman ~ Fox and the Owl
ReplyDeletehttps://www.youtube.com/watch?v=eKSlp4AAWuI
https://ps-af.facebook.com/highshelfremedy/videos/original-song-from-fox-and-the-owl-played-by-lu-and-lauren-as-a-duo-this-is-an-a/2489297604654550/
https://www.pagalworld.us/24759/tommy-raj-ranjodh-mp3-songs-pagalworld.html
https://en.wikipedia.org/wiki/Tommy_(The_Who_album)
https://genius.com/The-who-tommy-can-you-hear-me-lyrics
මම මේ දවස්වල, මූණුපොතේ රිටිගල ජයසේන ප්‍රධාන කපු මහත්තයගෙ, නිරාගමික දේව වාක්කිය කියෝනවා. නියමෙට නැගලා යනවා, ඒ තියා වෙලේ-කොකා මහත්තයත් එහේ ඉන්නවා. දේවාලෙ නම බ.කු.ස, අසල්වාසියෙක්, එච්චරයි.
Deleteමම මුලින් හිතුවෙ, ඉන්නෙ දුර කියලායි. අඳුරගන්න නං කිසිම අදහසක් නෑ, උන්දෑ යකෙක් නෙව? කපු මහත්තයා කියනවා, සමහරු අහනවලු එයා බ්ලොග් ලියනවද කියලා? අනිත් අය කියනවලු, අහවල් බ්ලොග් එක ලියන්නෙ ඔහේ නේද කියලාත්? මම් දැක්කා අපේ වවුල් ආදිපාදගෙ නමත් එතන යෝජජනා වෙලා තියනවා.😂😉
දාලා තියෙන ලින්ක් ටික නියමයි. පලවෙනි එකේ යුරෝපෙ "පබ් කල්චර්" එකේ ගතියක් පේනවා.😊
ඒ කපුමහත්තය බ්ලොග් ලියන්නෙනෑ.
Deleteඑයා cycling සහ audio book ෆෑන් කෙනෙක්. දෙකම එකටත් කරනවා
වවුල් ආදිපාද? හෑ...?
Deleteමට ඒකෙ ලිංක් එක දෙන්ඩකො. ගිහිං ආතල් එකක් ගන්ඩ
https://www.facebook.com/ritigala.f.jayasena.
Deleteආතල් ගන්නව නං මෙතනම ගත්තෑකි. අපේ මහසෝනා තමා බොගේ නම යෝජනා කලේ. එහෙම කරල මේකා, මගෙන් අහනවා ඒ මහසෝනා මමද කියලත්. කිට්ටුවම තමයි ඉන්නෙ. ඒත් මම බස්සා, අර පිහාටු තියන පක්සියා, හූම් කියන එකා. ඒත් ඒකා යකෙක් නෙව? මම නං, දැක්කත් නොදැක්කා වගේ ලිස්සල යන්නයි, අදහස.
බලන්න වටින තැනක්. බරසාර සාකච්චා යනවා. අනුගාමිකයො 5000ක් පැනලා නිසා, අලුත් අයව ගන්න, පරණ සක්‍රීය නැති එවුන්ට පයින් ගහනවා, දේවාලෙන් එලියට විසික්කා වෙන්ට. මම දැක්කා, හිටපු මැකෝ අහල තිබ්බා, එයාවත් අයින් කරනවද කියලත්.😂
හින්දි සින්දු වලින් ඉන්ග්ර්සි වලට බැහැල වගේ, wijebahu
ReplyDeleteහෑ, එහෙම පේනවද? අනේ එහෙම නගින්න, බහින්න කියල එහෙමට දෙයක් තිබ්බෙ නෑ. මේ පිචෑර් එකක් බැලුව, ඒකෙ ප්‍රසිද්ධ ඉන්ග්ර්සි ටියුන් එකක, චීන කොපියක් තිබ්බා, එච්චරයි. කොටින්ම චීනට බැන්නෙවත් නෑ.
Deletehttps://sithsatahan.blogspot.com/2021/11/blog-post_18.html?m=1
ReplyDeleteමාත් ගියා, නියමයි.
Deleteමාත් ගිහින් කොටලා ආවා.😊
Deleteසෑහෙන දිග පෝස්ට් එකක්. ඔබට ස්තුතියි මෙවන් වියුණුවක් සිංහල බ්ලොග් ලෝකය වෙත එකතු කිරීම සම්බන්ධව.
ReplyDeleteඕං බලාපල්ලා ඉතිං? 😂🤣
Deleteඅමාරුවෙන්, මෙහෙම කෙටුවෙ ඔය වාද වලට කැමති නැති නිසයි.🤔
ඕං ඔහේ හින්දම, ආයෙ වලිගයක් අමුනලා පෝස්ට් එක දික් කලා, ඈ?😊
Deleteබලපෑම් වලට අහු වෙන් එපා. ප්//රධාන ගායක Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".// ප්‍රථම ප්‍රේමය - ඔය කෙල්ල Dolores O'Riordan මම කැමතිම එකක්. ඒ ගැන කතාවක් තියනවා ලියනවද නැත්ද ලියනවද නැත්ද ඒකි මැරුණා ගිය අවුරුද්දේ. මේ මම දාපු පොස්ට් එක බුකියේ. Ajith Dharmakeerthi
Deletem1S5 Jfanauo7atryn8 42102i185 ·
Shared with Your friends
Her best song. Dolores O'Riordan - Go your own way
සොරි 2018 මැරුණේ .මේ එයාගේ මම කැමතිම සින්දුව. https://www.youtube.com/watch?v=Qlw4NohB678&list=RDQlw4NohB678&t=62s
Deleteඅජිත්, බුකියෙ ලින්ක් එක වැඩ කරන්නෙ නෑ.
Deleteකතාවක් තියනව නං, ඔන්නොහෙ ලියලම දාන්න අප්පා. අජිත්ගෙ ලිපිවල අපහාසයක් නැති නිසා, ඕපයක් වුනත් අවුලක් වෙන එකක් නෑ, මහිතේ.
ඕකේ ප්‍රශ්නේ මේකයි බසු. තමන්ගේ අත්දැකීමක් නොවන විධිහට තුන්වෙනි පුරුෂයෙන් ලීවම කොපි වදිනවා . ඊට පස්සේ සමහරු තමන්ගේ කතාව වගේ ලියනවා. එතකොට කොපියක් කියලවත් කියන්න බැහැනේ. තමන්ගේ එක විධිහට ලීවම කාඩ් වැදීමට අමතරව දවසක බිරින්දෑ ටත් දැන ගන්න ලැබෙනවා. එදාට හබක්. ශේප් කර ගන්න වෙන ප්‍රොජෙක්ට් කරන්න වෙනවා හොලිඩේ යනවා වගේ . මග හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹු නසී කතාව මතකනේ
Deleteහුටා! 😂🤣
Deleteතමංගෙ වගේ ලියන්න, කුරුමිනි අකුරෙන් ඩිස්ක්ලේමර් එකක් දාලා. එතකොට, බිරින්දෑට ඒක පෙන්නතෑකි නෙව? ඔය රට්ටුන්ගෙ කතා අහන්න ගියොත්, මුකුත්ම ලියන්න බෑ, අර යූ-ටියුබ් පෝස්ට් එකටත් කෙලගෙන ඇවිත් ඇනෝ කමෙන්ට් කරලා තියෙන්නෙ.😂🤣
මම කැමතිම චිත්තරපටියක් තමයි බසු. තවමත් පපුව කුං ගානවා බලනකොට
ReplyDeleteමම මේක ගැන දැණගෙන හිටියෙ නෑ. විචාරක් මෙතන තියනවා දැකලයි, බලන්න සෙට්වුනේ.
Deletehttps://hashanrandika.blogspot.com/2021/11/chungking-express-1994.html
//ඔබේ විචාරය ඒ කතාවට සාධාරණයක් ඉස්ෂ්ට කරලා තියෙන්නේ. මම කියවල ඉවර වෙලා හිත හදා ගන්න පැයක් දෙකක් විතර ඇවිද්දා //මේක දැම්ම එතන
Deleteබොහොම හොඳයි. අපි නොදන්න, ඒත් ලස්සනට ලියන හාදයෙක්. මෙහෙම කමෙන්ට් ටිකක් කොටලා, උනන්දු කරල ගමු.🙏👌😊
DeleteD.G.M බස්සා - බොහොම ස්තූතියි මේ අගය කිරීමට :)
Deleteමේ වගේ චිත්‍රපට විචාර හරි වටිනවා. ස්තූතියි.🙏👌😊
Deleteතිර අදිටන් කරං ඉන්නේ ලියන නිදි
ReplyDeleteඔය වරුණාවෙ පැටලුනොතින් සුදිය හැදී
ලියන එකට කාලය වෙනවමයි මදී
කොකා මමයි පිඟානෙකින් බිව්ව හොදී
අපි මේ අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් කෙටුවට, නිදි ලියන ලිවිල්ල නං, මේ කපේදි කරන්න බෑ. ආං ඒකටත් බයිනවා, කොටයි කියලා.😂🤣
Deleteගෙදරටම වෙලා ඉන්න මටත් වෙලාව මදි නං තමුන්නාන්සෙල අවාරෙට හරි මෙහෙම ලියනවට තෑගී දෙන්න ඕනි. බාන්නට නං මොකෝ, ගහන්නේ නැතිව! අපි එහෙමයි ආනන්දය!!
Deleteවිශ්ලේෂණ ලිපි ලිව්වේ වෙලේ-කොකා
Deleteවටිනාකම වැඩි එකාලු පරණ කොකා
පිඟානකින් හොඳි බීවේ කුමන කොකා
ඉලක්කයට කොටපු එකා මාන කොකා
ගාණක් මිම්මක් ඇතුව හෝ නැතුව ලංකාවෙදි බොන්න බිලියනර් කෙනෙක් වෙන්න ඕනෙ දැන්
ReplyDeleteඑක වංගියක්, අපේ ඤාතියෙක් මෙහෙම ඇහැව්වා" ඈ බං, නැහ්ද අපිටත් ඔය පැත්තෙ රවුමක් ගහන්න විදිහක්?" කියලා.
Deleteමම කිව්වා" තොට පිස්සුද? එක්කෝ මම වැඩ, නැත්නම් බුදි. බොට තනියෙන් තමා ඉන්න වෙන්නෙ?" කියලා. මූ කියපි "අවුලක් නෑ නෙව? සුපියල් දහයට, පාලොහට විස්කි තියනව නේද?" කියලා.🤣😂
මම කිව්වා" ඈ බොල ඌරො, ලස්ස ගාණක් ටිකට් එකට වියදං කරලා එන්න හදන එක ඉතුරු කරගෙන, ගනින්කො විස්කි කරත්තයක්"කියලා.
Yu තුමාගේ රාග තාලෙ නම් අනර්ඝයි.
ReplyDeleteMe තුමානම් මෙන්න මේ අගේඇති එකටත් බෝම මනාපයි. ඕනෙමනම් Playback Speed එක 1.25 පමණට ඇජස් කළත් වැරැද්දක් නොමැත.
නියුයෝක් හොංකොං වගේ නෙවෙයි Yu තුමාම කියන්න බලන්න අපි නේද හොඳටම කරලා තියෙන්නේ.
ඔව් නේද.
පට්ට සිංදුවක් නෙව? ස්තූතියි ඔත්තුවට.🙏👌😊
Deleteමට නං ඇල්ලුවෙ නෑ, රොක් සිංදුව පැල්කවියක් වාගේ ඇදල පැදල කියන එකට... තනිකර සංගීත් ගෙ ගායනා ශෛලිය.
Deleteබලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා.🤔
DeleteMe තුමා අවුල් වෙන්ට එපා. මම ලිස්සන බස්සා, සමහරු පියාඹන ආඳා කියලත් කියනවා.😂
අපි කවුරුද වගේම සේනක බටගොඩ ගේ Href හොඳම සින්දුව මේක
Deleteඒ සින්දුවෙ තාලය හොඳයි.මම සිංදු අහන කොට, වැඩිය හිතන්න, විශ්ලේෂණය කරන්න යන්නෙ නෑ. තාලෙ හොඳ නං ඇහැව්වා, අදහස හිතට වදිනවා නං ඇහැව්වා, එච්චරයි. 😊
Deleteහූම්ම්...
ReplyDeleteමේවා එලොවටත් නැති, මෙලොවටත් නැති පෝස්ට් නෙව? හූම්... කිව්වාම හොඳටම ඇති.🙏👌
Deleteනෝ ටෙක්ස්ට්, ජසට් ලිංක් විතරයි
ReplyDeleteමේක නියමයි.🤣
Deleteමම කැමතිම සිංදුවක් Dreams. 'Cause you're a dream to me-dream to me' කොටස ලස්සනට දැනෙනවා. සිංදුවල 'රාග' කියන එකයි, ජීවිතයේ 'රාගය' කියන එකයි දෙකම එකම වචනය වුනේ කොහොමද දන්නෙ නෑ.
ReplyDeleteඇයි glorified western life style කියලා ලිව්වෙ.
ඔය වචන ගැන, මට එච්චර දැණුමක් නෑ. බාගදා ඩ්‍රැකී නං දන්නව ඇති.🤔
Deleteමගේ අත්දැකීම් අනුව, glorified western life style කියල හිතුන හින්දා ලිව්වා. බොහෝවිට ඔය ෆිල්ම්ස් වල, පෙන්නන දේත්, සැබෑ ජීවිතෙත් හරියටම සමපාත වෙන්නෙ නෑ කියන එකයි, මගේ අදහස. ඒත්, හැමෝටම එහෙම හිතෙන්නෙ නැතුවත් ඇති.
ඇවිත් ගියා
ReplyDeleteදැකීමත් සතුටක්.👌😊
Deleteබෝ ෆේස්බුක් නැතිකම අපරාදෙ
ReplyDeleteෆේස්බුක් යනවා, හොරෙන් ගිහින් කියවලා ලිස්සලා එනවා. ඒත් කවුරු හරි ලින්ක් එකක් දුන්නොත් විතරයි.🤣
DeleteAre you a Meg Ryan fan? Nothing to beat her 'When Harry met Sally'
ReplyDeleteආයි අහල? Meg Ryan/ Tom Hank දෙන්නගෙම. Sleepless in Seattle, Cast Away, Big, Splash එහෙම මගේ කැමතිම එව්වා.
Deletehttps://www.youtube.com/watch?v=PdJm3DVg3EM
පට්ටම කෑල්ල, අර ඔල්ඩ් ලේඩි" I'll have, what she is having" කියන කෑල්ලයි. 🤣😂
ඉයන්, ලියකෝ ආයෙත්!
Deleteලියන එක නැවැත්තුවාම, ආයෙ පටන් ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඉස්සෙල්ලා මෙහෙම කෙමෙන්ට් වලින්ම පටන් ගමුකො, නේද?🙏👌😊
Deleteආන්න කකා නං හොඳ ලිපියක් ලියලා.
ඔව් ඔව්. අව්රුද්දට එක ට්කක් වෙනස් කරමු ඉයන් මහත්තයෝ...
ReplyDeletehttp://hashanrandika.blogspot.com/2021/11/the-little-boy-and-old-man.html
Deleteහ්ම්.. සින්දු වැඩේ නැගල යන හැඩයි
ReplyDelete++++++++++++++++++++++++++
මම නං එහෙම හිතාගෙන ලියපු එකක් නෙමෙයි.
Deleteමේකත් බැලුවනම්
ReplyDeletehttps://ahasyaathrikaya.blogspot.com/2021/11/blog-post.html?showComment=1637895779233#c1414299759169409536
ගියා. එයැයිගෙ විචාර කොහොමත් හොඳයි.
Delete