Nov 19, 2021

අපි නොදන්න රාග තාල


බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්‍-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක්‍ යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.

කොහොමත් මේක  පට්ට සිංදුව -Dreams ,කියන්නෙ The Cranberries. චෙරි, බෙරි කන පක්සියෙකුට, මේ අයිරීෂ් බෑන්ඩ් එකේ සිංදුව අල්ලලා ගිය එක ආයෙ අහන්නත් දෙයක්ද? එකම අවුල, ඕක ඇහිච්ච ගමන් බකුසු ඔලුව, තාලෙට වැනෙන්න ගන්න එක, ඔලුවට මෝල් ගහකින් පතබෑවත්, නවත්තන්න බැරි එකයි.


ආයෙත් පාරක් අද මේ සිංදුව, මට අහන්න ලැබුනෙ 1994 Chungking Express සිත්තර පටිය බලන කොටයි. බලල නැත්නම් බලන්න වටින පිචෑර් එක, බලන්න.

මේ සින්දුවත් අයත් වෙන්නෙ "One-hit wonder" කියන කැටගරියට වෙන්ට ඕනෙ. ඒකෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. බොහොම අපූරු ගීත බොහොමයක්, ඒ කැටගරියෙ තියනවා. අපට සංගීතෙ විශ්ලේෂ්ණය, විච්චේදනය කරන්න තරම් දැණුමක් නං නෑ. ඒත් දැක්කා, ඇහැව්වා නිසා, ඔන්න ඔහේ ලියලම දැම්මා.

අනූව දශකයෙදි ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ දශකයෙ, මේ සිංදුව නැති සිත්තර පටියක් හොයාගන්න අමාරුයි කියලයි කියවෙන්නෙ. මෙන්න ඒ චිත්‍රපටි වලින් කොටසක්:

Chungking Express (1994), which prominently featured Faye Wong's Cantonese version
Safe Passage (1994)
Milk Money (1994)
The Next Karate Kid (1994)
Boys on the Side (1995)
The Baby-Sitters Club (Trailer only) (1995)
Mission: Impossible (1996)
You've Got Mail (1998)
Shot Through the Heart (1998)
Mona Lisa Smile (Trailer only) (2003)
Sound of My Voice (2011)
Prom (2011)
The To Do List (2013)
Second Act (2018)
Thunder Force (2021)

ප්‍රධාන ගායිකාව වන Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".

විවාහයෙන් පස්සෙ, කන් පාත් වෙන්නම , බොන්න පටන් ගත් ඇගේ ජීවිතේ රෝස මල යහනාවක් වුනේ නැති බවයි පේන්නෙ. ඔය බොලත් ටිකිලා ගහන කොට, ගාණක් මිම්මක් ඇතුව ගහපල්ලා, ඈ? ටොමියගෙ  මිත්‍ර බොක්සරයටයි මේ කියන්නෙ.😉

R.I.P Dolores O'Riordan (1971-2018)

බෝනස්:


🎪🎪🎪🎪🎪🐶🐶🐶🐶🍞🍞🍞🍞🐶🐺🐺🐺🐺🐺

ඇත්තටම, Wong Kar-wai කියන්නෙ, පට්ට සිනමා අධ්‍යක්ෂක වරයෙක්. මෙන්න ලිස්ට් එක:
1988As Tears Go By旺角卡門 Wong gok ka moon
1990Days of Being Wild阿飛正傳 Ah fei zing zyun
1994Chungking Express重慶森林 Chung Hing sam lam
Ashes of Time東邪西毒 Dung che sai duk
1995Fallen Angels墮落天使 Do lok tin si
1997Happy Together春光乍洩 Chun gwong cha sit
2000In the Mood for Love花樣年華 Fa yeung nin wa
20042046
2007My Blueberry Nights
2013The Grandmaster一代宗師 Yi dai zong shi
ඔය අතරින්, My Blueberry Nights2046In the Mood for Love දැනටමත් බෑව. Fallen Angels තමයි Chungking Express දෙවන කොටස. ඒත් එකම ස්ටැයිල් එක මිසක්, විශේෂ සම්බන්ධයක් නෑ,

ස්තූතිය: The Traveler's Blog

(වීඩියෝ අන්තර්ජාලයෙනි)

56 comments:

  1. Wild Woman ~ Fox and the Owl
    https://www.youtube.com/watch?v=eKSlp4AAWuI

    https://ps-af.facebook.com/highshelfremedy/videos/original-song-from-fox-and-the-owl-played-by-lu-and-lauren-as-a-duo-this-is-an-a/2489297604654550/

    https://www.pagalworld.us/24759/tommy-raj-ranjodh-mp3-songs-pagalworld.html

    https://en.wikipedia.org/wiki/Tommy_(The_Who_album)

    https://genius.com/The-who-tommy-can-you-hear-me-lyrics

    ReplyDelete
    Replies
    1. මම මේ දවස්වල, මූණුපොතේ රිටිගල ජයසේන ප්‍රධාන කපු මහත්තයගෙ, නිරාගමික දේව වාක්කිය කියෝනවා. නියමෙට නැගලා යනවා, ඒ තියා වෙලේ-කොකා මහත්තයත් එහේ ඉන්නවා. දේවාලෙ නම බ.කු.ස, අසල්වාසියෙක්, එච්චරයි.

      මම මුලින් හිතුවෙ, ඉන්නෙ දුර කියලායි. අඳුරගන්න නං කිසිම අදහසක් නෑ, උන්දෑ යකෙක් නෙව? කපු මහත්තයා කියනවා, සමහරු අහනවලු එයා බ්ලොග් ලියනවද කියලා? අනිත් අය කියනවලු, අහවල් බ්ලොග් එක ලියන්නෙ ඔහේ නේද කියලාත්? මම් දැක්කා අපේ වවුල් ආදිපාදගෙ නමත් එතන යෝජජනා වෙලා තියනවා.😂😉

      දාලා තියෙන ලින්ක් ටික නියමයි. පලවෙනි එකේ යුරෝපෙ "පබ් කල්චර්" එකේ ගතියක් පේනවා.😊

      Delete
    2. ඒ කපුමහත්තය බ්ලොග් ලියන්නෙනෑ.
      එයා cycling සහ audio book ෆෑන් කෙනෙක්. දෙකම එකටත් කරනවා

      Delete
    3. වවුල් ආදිපාද? හෑ...?

      මට ඒකෙ ලිංක් එක දෙන්ඩකො. ගිහිං ආතල් එකක් ගන්ඩ

      Delete
    4. https://www.facebook.com/ritigala.f.jayasena.

      ආතල් ගන්නව නං මෙතනම ගත්තෑකි. අපේ මහසෝනා තමා බොගේ නම යෝජනා කලේ. එහෙම කරල මේකා, මගෙන් අහනවා ඒ මහසෝනා මමද කියලත්. කිට්ටුවම තමයි ඉන්නෙ. ඒත් මම බස්සා, අර පිහාටු තියන පක්සියා, හූම් කියන එකා. ඒත් ඒකා යකෙක් නෙව? මම නං, දැක්කත් නොදැක්කා වගේ ලිස්සල යන්නයි, අදහස.

      බලන්න වටින තැනක්. බරසාර සාකච්චා යනවා. අනුගාමිකයො 5000ක් පැනලා නිසා, අලුත් අයව ගන්න, පරණ සක්‍රීය නැති එවුන්ට පයින් ගහනවා, දේවාලෙන් එලියට විසික්කා වෙන්ට. මම දැක්කා, හිටපු මැකෝ අහල තිබ්බා, එයාවත් අයින් කරනවද කියලත්.😂

      Delete
  2. හින්දි සින්දු වලින් ඉන්ග්ර්සි වලට බැහැල වගේ, wijebahu

    ReplyDelete
    Replies
    1. හෑ, එහෙම පේනවද? අනේ එහෙම නගින්න, බහින්න කියල එහෙමට දෙයක් තිබ්බෙ නෑ. මේ පිචෑර් එකක් බැලුව, ඒකෙ ප්‍රසිද්ධ ඉන්ග්ර්සි ටියුන් එකක, චීන කොපියක් තිබ්බා, එච්චරයි. කොටින්ම චීනට බැන්නෙවත් නෑ.

      Delete
  3. https://sithsatahan.blogspot.com/2021/11/blog-post_18.html?m=1

    ReplyDelete
    Replies
    1. මාත් ගියා, නියමයි.

      Delete
    2. මාත් ගිහින් කොටලා ආවා.😊

      Delete
  4. සෑහෙන දිග පෝස්ට් එකක්. ඔබට ස්තුතියි මෙවන් වියුණුවක් සිංහල බ්ලොග් ලෝකය වෙත එකතු කිරීම සම්බන්ධව.

    ReplyDelete
    Replies
    1. ඕං බලාපල්ලා ඉතිං? 😂🤣
      අමාරුවෙන්, මෙහෙම කෙටුවෙ ඔය වාද වලට කැමති නැති නිසයි.🤔

      Delete
    2. ඕං ඔහේ හින්දම, ආයෙ වලිගයක් අමුනලා පෝස්ට් එක දික් කලා, ඈ?😊

      Delete
    3. බලපෑම් වලට අහු වෙන් එපා. ප්‍//රධාන ගායක Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".// ප්‍රථම ප්‍රේමය - ඔය කෙල්ල Dolores O'Riordan මම කැමතිම එකක්. ඒ ගැන කතාවක් තියනවා ලියනවද නැත්ද ලියනවද නැත්ද ඒකි මැරුණා ගිය අවුරුද්දේ. මේ මම දාපු පොස්ට් එක බුකියේ. Ajith Dharmakeerthi
      m1S5 Jfanauo7atryn8 42102i185 ·
      Shared with Your friends
      Her best song. Dolores O'Riordan - Go your own way

      Delete
    4. සොරි 2018 මැරුණේ .මේ එයාගේ මම කැමතිම සින්දුව. https://www.youtube.com/watch?v=Qlw4NohB678&list=RDQlw4NohB678&t=62s

      Delete
    5. අජිත්, බුකියෙ ලින්ක් එක වැඩ කරන්නෙ නෑ.

      කතාවක් තියනව නං, ඔන්නොහෙ ලියලම දාන්න අප්පා. අජිත්ගෙ ලිපිවල අපහාසයක් නැති නිසා, ඕපයක් වුනත් අවුලක් වෙන එකක් නෑ, මහිතේ.

      Delete
    6. ඕකේ ප්‍රශ්නේ මේකයි බසු. තමන්ගේ අත්දැකීමක් නොවන විධිහට තුන්වෙනි පුරුෂයෙන් ලීවම කොපි වදිනවා . ඊට පස්සේ සමහරු තමන්ගේ කතාව වගේ ලියනවා. එතකොට කොපියක් කියලවත් කියන්න බැහැනේ. තමන්ගේ එක විධිහට ලීවම කාඩ් වැදීමට අමතරව දවසක බිරින්දෑ ටත් දැන ගන්න ලැබෙනවා. එදාට හබක්. ශේප් කර ගන්න වෙන ප්‍රොජෙක්ට් කරන්න වෙනවා හොලිඩේ යනවා වගේ . මග හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹු නසී කතාව මතකනේ

      Delete
    7. හුටා! 😂🤣
      තමංගෙ වගේ ලියන්න, කුරුමිනි අකුරෙන් ඩිස්ක්ලේමර් එකක් දාලා. එතකොට, බිරින්දෑට ඒක පෙන්නතෑකි නෙව? ඔය රට්ටුන්ගෙ කතා අහන්න ගියොත්, මුකුත්ම ලියන්න බෑ, අර යූ-ටියුබ් පෝස්ට් එකටත් කෙලගෙන ඇවිත් ඇනෝ කමෙන්ට් කරලා තියෙන්නෙ.😂🤣

      Delete
  5. මම කැමතිම චිත්තරපටියක් තමයි බසු. තවමත් පපුව කුං ගානවා බලනකොට

    ReplyDelete
    Replies
    1. මම මේක ගැන දැණගෙන හිටියෙ නෑ. විචාරක් මෙතන තියනවා දැකලයි, බලන්න සෙට්වුනේ.
      https://hashanrandika.blogspot.com/2021/11/chungking-express-1994.html

      Delete
    2. //ඔබේ විචාරය ඒ කතාවට සාධාරණයක් ඉස්ෂ්ට කරලා තියෙන්නේ. මම කියවල ඉවර වෙලා හිත හදා ගන්න පැයක් දෙකක් විතර ඇවිද්දා //මේක දැම්ම එතන

      Delete
    3. බොහොම හොඳයි. අපි නොදන්න, ඒත් ලස්සනට ලියන හාදයෙක්. මෙහෙම කමෙන්ට් ටිකක් කොටලා, උනන්දු කරල ගමු.🙏👌😊

      Delete
    4. D.G.M බස්සා - බොහොම ස්තූතියි මේ අගය කිරීමට :)

      Delete
    5. මේ වගේ චිත්‍රපට විචාර හරි වටිනවා. ස්තූතියි.🙏👌😊

      Delete
  6. තිර අදිටන් කරං ඉන්නේ ලියන නිදි
    ඔය වරුණාවෙ පැටලුනොතින් සුදිය හැදී
    ලියන එකට කාලය වෙනවමයි මදී
    කොකා මමයි පිඟානෙකින් බිව්ව හොදී

    ReplyDelete
    Replies
    1. අපි මේ අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් කෙටුවට, නිදි ලියන ලිවිල්ල නං, මේ කපේදි කරන්න බෑ. ආං ඒකටත් බයිනවා, කොටයි කියලා.😂🤣

      Delete
    2. ගෙදරටම වෙලා ඉන්න මටත් වෙලාව මදි නං තමුන්නාන්සෙල අවාරෙට හරි මෙහෙම ලියනවට තෑගී දෙන්න ඕනි. බාන්නට නං මොකෝ, ගහන්නේ නැතිව! අපි එහෙමයි ආනන්දය!!

      Delete
    3. විශ්ලේෂණ ලිපි ලිව්වේ වෙලේ-කොකා
      වටිනාකම වැඩි එකාලු පරණ කොකා
      පිඟානකින් හොඳි බීවේ කුමන කොකා
      ඉලක්කයට කොටපු එකා මාන කොකා

      Delete
  7. ගාණක් මිම්මක් ඇතුව හෝ නැතුව ලංකාවෙදි බොන්න බිලියනර් කෙනෙක් වෙන්න ඕනෙ දැන්

    ReplyDelete
    Replies
    1. එක වංගියක්, අපේ ඤාතියෙක් මෙහෙම ඇහැව්වා" ඈ බං, නැහ්ද අපිටත් ඔය පැත්තෙ රවුමක් ගහන්න විදිහක්?" කියලා.

      මම කිව්වා" තොට පිස්සුද? එක්කෝ මම වැඩ, නැත්නම් බුදි. බොට තනියෙන් තමා ඉන්න වෙන්නෙ?" කියලා. මූ කියපි "අවුලක් නෑ නෙව? සුපියල් දහයට, පාලොහට විස්කි තියනව නේද?" කියලා.🤣😂

      මම කිව්වා" ඈ බොල ඌරො, ලස්ස ගාණක් ටිකට් එකට වියදං කරලා එන්න හදන එක ඉතුරු කරගෙන, ගනින්කො විස්කි කරත්තයක්"කියලා.

      Delete
  8. Yu තුමාගේ රාග තාලෙ නම් අනර්ඝයි.
    Me තුමානම් මෙන්න මේ අගේඇති එකටත් බෝම මනාපයි. ඕනෙමනම් Playback Speed එක 1.25 පමණට ඇජස් කළත් වැරැද්දක් නොමැත.
    නියුයෝක් හොංකොං වගේ නෙවෙයි Yu තුමාම කියන්න බලන්න අපි නේද හොඳටම කරලා තියෙන්නේ.
    ඔව් නේද.

    ReplyDelete
    Replies
    1. පට්ට සිංදුවක් නෙව? ස්තූතියි ඔත්තුවට.🙏👌😊

      Delete
    2. මට නං ඇල්ලුවෙ නෑ, රොක් සිංදුව පැල්කවියක් වාගේ ඇදල පැදල කියන එකට... තනිකර සංගීත් ගෙ ගායනා ශෛලිය.

      Delete
    3. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා.🤔

      Me තුමා අවුල් වෙන්ට එපා. මම ලිස්සන බස්සා, සමහරු පියාඹන ආඳා කියලත් කියනවා.😂

      Delete
    4. අපි කවුරුද වගේම සේනක බටගොඩ ගේ Href හොඳම සින්දුව මේක

      Delete
    5. ඒ සින්දුවෙ තාලය හොඳයි.මම සිංදු අහන කොට, වැඩිය හිතන්න, විශ්ලේෂණය කරන්න යන්නෙ නෑ. තාලෙ හොඳ නං ඇහැව්වා, අදහස හිතට වදිනවා නං ඇහැව්වා, එච්චරයි. 😊

      Delete
  9. Replies
    1. මේවා එලොවටත් නැති, මෙලොවටත් නැති පෝස්ට් නෙව? හූම්... කිව්වාම හොඳටම ඇති.🙏👌

      Delete
  10. මම කැමතිම සිංදුවක් Dreams. 'Cause you're a dream to me-dream to me' කොටස ලස්සනට දැනෙනවා. සිංදුවල 'රාග' කියන එකයි, ජීවිතයේ 'රාගය' කියන එකයි දෙකම එකම වචනය වුනේ කොහොමද දන්නෙ නෑ.

    ඇයි glorified western life style කියලා ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වචන ගැන, මට එච්චර දැණුමක් නෑ. බාගදා ඩ්‍රැකී නං දන්නව ඇති.🤔

      මගේ අත්දැකීම් අනුව, glorified western life style කියල හිතුන හින්දා ලිව්වා. බොහෝවිට ඔය ෆිල්ම්ස් වල, පෙන්නන දේත්, සැබෑ ජීවිතෙත් හරියටම සමපාත වෙන්නෙ නෑ කියන එකයි, මගේ අදහස. ඒත්, හැමෝටම එහෙම හිතෙන්නෙ නැතුවත් ඇති.

      Delete
  11. Replies
    1. ෆේස්බුක් යනවා, හොරෙන් ගිහින් කියවලා ලිස්සලා එනවා. ඒත් කවුරු හරි ලින්ක් එකක් දුන්නොත් විතරයි.🤣

      Delete
  12. Are you a Meg Ryan fan? Nothing to beat her 'When Harry met Sally'

    ReplyDelete
    Replies
    1. ආයි අහල? Meg Ryan/ Tom Hank දෙන්නගෙම. Sleepless in Seattle, Cast Away, Big, Splash එහෙම මගේ කැමතිම එව්වා.

      https://www.youtube.com/watch?v=PdJm3DVg3EM

      පට්ටම කෑල්ල, අර ඔල්ඩ් ලේඩි" I'll have, what she is having" කියන කෑල්ලයි. 🤣😂

      Delete
    2. ඉයන්, ලියකෝ ආයෙත්!

      Delete
    3. ලියන එක නැවැත්තුවාම, ආයෙ පටන් ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඉස්සෙල්ලා මෙහෙම කෙමෙන්ට් වලින්ම පටන් ගමුකො, නේද?🙏👌😊

      ආන්න කකා නං හොඳ ලිපියක් ලියලා.

      Delete
  13. ඔව් ඔව්. අව්රුද්දට එක ට්කක් වෙනස් කරමු ඉයන් මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. http://hashanrandika.blogspot.com/2021/11/the-little-boy-and-old-man.html

      Delete
  14. හ්ම්.. සින්දු වැඩේ නැගල යන හැඩයි
    ++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මම නං එහෙම හිතාගෙන ලියපු එකක් නෙමෙයි.

      Delete
  15. මේකත් බැලුවනම්

    https://ahasyaathrikaya.blogspot.com/2021/11/blog-post.html?showComment=1637895779233#c1414299759169409536

    ReplyDelete
    Replies
    1. ගියා. එයැයිගෙ විචාර කොහොමත් හොඳයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code