Dec 5, 2021

ලොවෙන් අඩකට ඇති ලෙඩක්

ඉස්හොරි කිව්වාම කැතයි වගේ හින්දා, ගූගල්ගෙන් ඇහැව්වාම "හිසේ කැක්කුම" කියල තමයි කිව්වෙ. ලෝකෙන් බාගයකට වඩා දෙනෙකුට මේක තියනවා නං, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. 

මෙන්න TED-Ed වීඩියෝ එක:


මේක තියෙන පලවෙනි කමෙන්ට් එක දැක්කාම, නිදිගෙ හිනා පෝස්ට් එක බැලුව වගේ දැණුනා. " මං මෙතනට ආවේ පිළිතුරක් බලාගෙන නමුත් යන්නේ ආවටත් වඩා අවුල් වෙලාය" කියලයි ඒකෙ තිබුනෙ.

තවත් වටිනා කියමනක්: "“We might consider ourselves individuals, but we’re actually colonies”. මේ කියන්නේ, මම තමයි හොඳටම කලේ කියල හිතාගෙන හිටියට, අපිව ජීවත් කරවන්න, අපේ ඇඟේ බැක්ටීරියා රෑ දවල්, ඕ.ටී නැතුවම වැඩ කියන එකයි. සමහර බැක්ටීරියා ප්‍රයෝජනවත්, අනෙක්වා අවුල්. තවත් අයගෙන් හානියක් නෑ. එහෙම හානියක් නැති එකෙක් තමා, ඉස්හොරි ඇති කරවන්න ප්‍රධාන වෙන Malassezia කියන පුස් ජාතිය. මෙයාගෙන් කරදර වුනාට වෙන හානියක් නැහැලු. ඒ ඇරුනම, වෙන හානිකර බැක්ටීරියා එහෙම ආවොත්, මුන්දෑ උන්ට ගහලා පන්න ගන්නවලු.

අනෙක් වැදගත් කරුණු: Malassezia.ඉස්හොරි ඇතිවීමට එක කරුණක් පමණක් නිසා

1. ජනප්‍රිය Head & Shoulders, හැමෝටම, හැමවිටම සාර්ථක නොවිය හැක.

2. මම Head & Shoulders එදා-වේල ටුවර්ස් දුවන්න බාවිතා කරන නමුත්, හදිසි අවස්ථාවලට Zelsun Blue තිබේ.

Zelsun වල සුවඳට ලංකාවේ කෙල්ලන් කැමතිය. වරක්, Zelsun ගෑ බකුසු ඔලුගෙඩියට, කෙල්ලක් " ඤුහ්,ඤුහ්" ගා ඉව ඇල්ලුවේය. ඔලුව ගලවාගෙන, ගෙදර අරං යයි බියවූ බකුසුතොමෝ, බාගයක් පාවිච්චිකල Zelsun බෝතලය දන් දුන්නේය.

3. Nizoral සහ Neutrogena T/Gel හොඳ යැයි දන්නෝ කියති. ඒත් මේවා තම, තමන්ම අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණාය.
වීඩියෝවේ කමෙන්ටුවක ගූගල් පරිවර්තනය:

"ඔබ මා වැනි නම්, ඔබ ඉස්හොරි සඳහා අලෙවි කරන ෂැම්පූ වර්ග බොහොමයක් උත්සාහ කර ඇත, නමුත් මගේ ජීවිතයේ වැඩි කාලයක් ඒ කිසිවක් සාර්ථක වී නැත.  මෙම වීඩියෝවේ සඳහන් යීස්ට් ඉස්හොරි ඇති විය හැකි විවිධ හේතු වලින් එකක් පමණක් වන අතර, යීස්ට් වලට එරෙහිව ඉලක්ක කරගත් ෂැම්පූ තවමත් ඔබට උදව් නොකරනු ඇත. කෙසේ වෙතත්, අවසානයේ මා සඳහා ඉස්හොරි ඉවත් කරන එක් ෂැම්පු එකක් මම සොයා ගත්තෙමි. නියුට්‍රොජිනා ටී-ජෙල්. එය වචනාර්ථයෙන් මා වෙනුවෙන් ක්‍රියාත්මක වූ එකම නිෂ්පාදනය වන අතර ජාතික Psoriasis පදනම විසින් නිර්දේශ කරනු ලැබේ, සහ Psoriasis ඇති පුද්ගලයින්ට අධික ඉස්හොරි ඇතිවිය හැකි බැවින් මෙම සංවිධානයේ නිර්දේශයකට සවන් දිය යුතුය. 

සති කිහිපයක් සඳහා දිනපතා එය භාවිතා කරන්න. එය ආරම්භ කිරීමට සති කිහිපයක් ගතවනු ඇත, පසුව ඔබට එය නිතිපතා භාවිතා කිරීමට සිදුවනු ඇත, නමුත් ඔබට අවම වශයෙන් සතියකට කිහිප වතාවක් පමණක් එය භාවිතා කිරීම කපා හැරිය හැක, නමුත් ඔබ ඒ සඳහා ස්තුතිවන්ත වනු ඇත. එසේම, ස්නානය ආරම්භයේදී එය ඔබේ හිසකෙස්වල තබා විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න. එය ප්‍රසන්න සුවඳක් නැත, නමුත් ඔබ එය මින්ට් කන්ඩිෂනර් එකක් මෙන් අනුගමනය කරන්නේ නම්, ඔබට හොඳ වනු ඇත. මට මේ දිග කමෙන්ට් එක ලියන්න වද වුනේ මට හොදටම ඉස්හොරි තියෙන නිසා සහ මම වගේ ඉන්න තව කෙනෙකුට උදව් කරන්න ඕන නිසා. එය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී අමුද්‍රව්‍යය ගල් අඟුරු තාර සාරය වන අතර එය Web-MD ට අනුගත වේ, "keratoplastics ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයට අයත් වේ. එය ක්‍රියා කරන්නේ සමේ ඉහළ ස්ථරයෙන් මිය ගිය සෛල වැගිරීමට සහ වර්ධනය මන්දගාමී කිරීමට හේතු වේ. සමේ සෛල, මෙම බලපෑම කොරපොතු සහ වියලි බව අඩු කරයි. ගල් අඟුරු තාර මෙම සමේ තත්ත්වයන් නිසා ඇතිවන කැසීම ද අඩු කළ හැකිය." ඔබට මෙය භාවිතා කරන වෙනත් නිෂ්පාදන සොයා බැලිය හැකි නමුත් Neutrogena T-Gel ප්‍රායෝගිකව ඕනෑම තැනක දක්නට ලැබේ. "

Almost heaven, සපරගමු  pro...vince,
කබරගල  Mountains, කැලනිවැලි Ri...ver.
Life is old there, older than the trees, 
younger than the mountains, blowing like a breeze.
Belt & ro.....ad, take me home to the place I'm not belong.
හුකා බොල සෑනා, අඹතලේ මාමා , take me home, belt & ro....ad.

-ඒවං මේසුතං සමයං-


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

58 comments:

  1. Neutrogena T-Gel මේක හොඳයි. ඔලුව සහ උරහිස දැන් වැඩිය වැඩ කරන්නේ නැහැ. බැක්ටීරියාව ඒකට හුරු වෙලා. jason කියල දුඹුරු පාට එකක් තියෙනවා. ඒකත් මරු. මට නම් දැන් නැහැ. හැබැයි ටිකක් depress, stress වුනහම ඕව එනවා කියල අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් depress, stress වුනහම වැඩිවෙන කතාව, මාත් අහල තියනවා. Malassezia යවන වැරදි සිග්නල් එකකට, ඇඟෙන්ම වෙන ආරක්ෂක ක්‍රියාවලියක් කියනවනෙ? පේන විදිහට, පාලනයක් මිසක්, නිට්ටාවට සුවවීමක් නැති පාටයි. අර සිංහල වෙදකමේ තියෙන්නෙ, මේක හොඳ කලොත් රත්තයා ඔලුවට ගහනවා කියලා. ඒ නිසා, ඔන්න ඔහේ වැඩිය අල නොවෙනව නං, හිටියාවෙ.🤔

      Delete
    2. ඒ කතාව නං දන්නෑ.
      ඒ කියන්නෙ හිස්හොරි නිසා ඇගේ උෂ්ණය පාලනය වෙනව වගේ වැඩක්ද
      ඔය ස්ට්‍රෙස් කතාවට නං එකඟ වෙන්ටත් පුලුවන් 😃😃😃 කූල් එකේ හිටිය කාලෙ හිස්සොරි කියල නාමයක් නෑ. ඒකට දැං 😒😒😒

      Delete
    3. නෑ, නෑ ඒක ඉස්හොරි වලට අදාලව කියපු එකක් නෙමෙයි, නිකං උදාහරණයක් පමණයි. ස්ට්‍රෙස් කතාවට, බොහෝ දෙනෙක් එකඟ වෙනවා.🤔

      Delete
    4. ස්ට්‍රෙස් එකට සාමාන්‍ය කුඩු වගේ ඉස් හොරි වලට වඩා ඉස්සරහ hairline එකේ පතුරුවගේ කෑලි එන්නෙ. මගෙ යාලුවෙක්ගෙ ඒවගේ වෙනකොට හම ගිහිල්ලාවගේ පේනවා

      Delete
    5. මාත් කාලයක් හිතුවෙ ඉස්හොරි කියන්නෙ, මැරිච්ච හම කියලයි. ඒත් ඒක එහෙම නෙමෙයි, immune system එකෙන්, වැරදි සංඥාවක් නිසා එවන දෙයක්. ඒක හිස් කබලට බදලා අල්ලලා හිටිනවා. ඉබේම ගැලවෙන්න නොදී, කැඩුවොත් තුවාල වෙනවා, ඒ තුවාලෙ වැහෙන්න ආයෙත් එන්නෙ, ඒ ජාතියම තමයි.

      හීන් නූලෙන්, හෙමීට නාලා, ගැලපෙන ෂැම්පුව හොයාගෙන, ඒක අවශ්‍ය වෙලාවට විතරක් දාලා, ක්‍රමේට තමයි පාලනය කරගන්න ඕනෙ කියලයි හිතෙන්නෙ. හැකි ක්‍රමයකට, හිස් කබල වේලෙන්නෙ දෙන්නෙ නැතුව ඉන්න පුළුවන් නම්, මට නං ඒකත් උදව් වෙනවා.

      මම කලින් කිව්වා වගේ, මේ බොහෝ දේ අපේ විස්වාස විතරක් වෙන්නත් ඇහැකි.🤔

      Delete
  2. මෙහෙ ඔය පිට රටිං එන එකේක නරිවාදං අඩුයි නෙ.
    ඔය ඩැන්ඩෙස් ටිකක් ක්ලීන් ඇන් ක්ලියර් ටිකක් වගේ මඟුලක් තමා උලන්නෙ තත්වයක් තියේ ඈ.

    අපෙක්කෙනා අයුස් කියල මඟුලක් ගෙනාව ඒක ගගා නාන කං හොඳයි. ගාන්න බැරිවුනොත් ආයෙ කසනව ඉතිං ඒක අතෑරල පුරුදු ඩැන්ඩෙස් වලටම බැස්ස.
    ඕක නිට්ටාවටම සනීප වෙන්නෑ නේහ්.

    ReplyDelete
    Replies
    1. තව ඔහොම වීඩියෝ එකක, ප්‍රසිද්ධ ෂැම්පු කම්පැනියක සුදු කෝට් ඇඳපු උගත් මහත්තුරු දෙකට නැමි. නැමී අලුත්ම තාස්සනික උපකරණ වලින් පෙන්න, පෙන්න ලෙඩේයි, ලෙඩේට බේතුයි කියා දෙනවා.

      පහල කමෙන්ට්වල ඇම්ඩෙක් මෙහෙම අහනවා: "දැන් ඔහෙලා අවුරුදු 15 තිස්සෙ තාම මේකට විසඳුම් හොයනවා නං, ඒ උපදේසෙ නැතුවට කාරි නෑ" කියලා.🤔🤣😂

      Delete
    2. 😂😂😂😂😂😂 ලංකාවෙ පොරක්ද 🤣🤣🤣🤣

      Delete
    3. ලංකාවෙ නෙමෙයි. මේක ඔබේ-බටේ තිබුණ එකක්.😂

      Delete
  3. මෙච්චර කාලෙකට හැදිලා නැති ලෙඩක් වුණත් කියවල බැලුවා. මිතුරන් කිහිප දෙනෙකුටවත් පොරෝජන් වෙන්න හැකි නිසා.

    මං වහන්සේ ෂැම්පු ජෙල් අරවා මේවා පාව්ච්චි නොකරන හද්දා පිටිහරයෙක්. ගෙදරදීම හදාගන්න තෙලක් සතියකට දෙතං-වතාවක් බාගෙට තියෙන තට්ටේට දානවා. තෙල් හදාගන්නේ කීකිරිඳිය, සුදු කටරොලු, සවන්දරා මුල්, සුදු හඳුන්, උලුහාල් එහෙම දාලා. ඔලුවේ කැක්කුමක් ආවොත් දාන පමාවයි, සනීපයි.

    මට නං වඩාත් වැඩ කරන්නේ නොවැරදීම දවසට දෙපාරක් ස්නානය කරන එක වෙන්නොනි. ඇපෙන්ඩඩිසයිටිස් එකට ඔපරේට් කරලා ඉන්දිද්දීත්, සෙංගමාලය- මැලේරියා- මල්ටිපල් මයෙලෝමා හැදිලා තියෙද්දීත්, පරෙයියන් ඇල්ලට වැටිලා අත පැනලා තියෙද්දීත් නොනා නම් හිටියේ නෑ.

    මගේ අවවාදය: හැමදාම නාලා බලන්න!

    ReplyDelete
    Replies
    1. දවසට දෙපාරක් නේද? ඇත්ත තමයි, වෝට බෆ....නෑ, එහෙම වතුරෙම ඉන්න සත්තුන්ට නෑ තමයි.🤔

      නිදි අර වැඩිය බලපාන්නෙ නැති කැටගරියෙ වෙන්ටෑ? හැමෝටම නෑ, සබන් වලට වැඩි වෙනවා. ඇඟෙන්ම එන ආසාත්මිකතාවයක් කියලයි කියන්නෙ.

      Delete
    2. ඒත් ක්ලෝරීන් වතුර දවසට දෙපාරක් නානෙක නං හොඳ නෑ. කොන්ඩෙට සොරිම තමා.

      මමත් උළුහාල් දෙහි මික්ස් එකක් දවස් කීපයක් ගෑව. පට්ට කූල්. හැබැයි ඉතිං පුසුඹේ බැරුවා 😂😂😂

      Delete
    3. මටත් මතකයි ඔය උළුහාල් දෙහි මික්ස් එක. නිකං ලාටු වගේ වෙනවා. ලුණු ටිකකුත් දැම්ම නං, ලුණු-දෙහිම තමා.😂
      හෙහ්, හෙහ් පුසුඹ කියන්නෙ, ඒක වෙනම ලෙවල් එකක්.🤣

      Delete
    4. යාාාහ්... දවස් ගාණක් ඒ පුසුමේ ඉන්න පුළුවන් 😁😁😁😁

      Delete
    5. බොහෝ අය ෂැම්පු විසඳුමක් හොයන්නෙ, ඔය කේස් එක නිසයි.🤔

      Delete
  4. එක කාලයක තිබුනා. දැන් නැහැ. ශැම්පු ජාති හැමදාම දාල කොන්ඩෙ සෑහෙන්න ගියා. ඒ නිසා දැන් සුමාන දෙකකට එක පාරයි.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා/අත්දැකලා තියෙන විදිහට අධික ලෙස සබන්/ෂැම්පු භාවිතයෙන් වැඩි වෙනවා. හිස් කබලෙ වේලෙන එක නවත්වන්න, අර නිදි කිව්වා වගේ තෙලක් පාවිච්චියත් හොඳ ඇති. ඒත් ඒකට හැමෝම කැමති නෑ. කාලෙන්, කාලෙට දොස්තරලත් එක, එක කතන්දර කියනවා. මේක වෙන්නෙ මෙහෙමනෙ, අරහෙමනෙ කියල කියනවා. වැඩිමනක් විස්වාසය මත පදනම් වූ(අත්බේත් ක්‍රම වගේ) එව්වා තමයි තියෙන්නෙ. ඒකත්, එක, එක් කෙනාට වෙනස් විදිහටයි ප්‍රතිඵල දෙන්නෙ. හරියටම හරියන ක්‍රමයක් නෑ කියලයි, මට හිතෙන්නෙ.

      Delete
  5. // "ඔබ මා වැනි නම්, ඔබ ඉස්හොරි සඳහා අලෙවි කරන ෂැම්පූ වර්ග බොහොමයක් උත්සාහ කර ඇත,....."

    මේ කොටස කියවන් පහළට එද්දි මට මතක් වුනේ අර හැට ගනන්වල නවයුගය සඟරාවල ගියපු ලක්ස් ඇඩ් එකක්. ඔය විදියෙම බාසාවක් තමා ඒවායෙ පාවිච්චි කරලා තිබුනෙත්.

    // Almost heaven, සපරගමු pro...vince,
    කබරගල Mountains, කැලනිවැලි Ri...ver //

    බොලා Whisper of the Heart anime එක බලලා ඇති මහිතෙ. ඒ film එකේ තියෙනවා ඔය සිංදුවෙ ජපන් වර්ෂන් එක. මගෙ favම සිංදුවක් තමා ඒක.

    ReplyDelete
    Replies
    1. If you're like me you've tried a lot of shampoos that are marketed towards dandruff, yet for most of my life none of them have worked.

      කියන එක ගූගලයා පරිවර්ථනය කලේ ඔහොමයි. ඇත්තටම ඉස්හොරි වලට කිව්වෙ "හිසේ ඇම්ම" කියලයි. එහෙනං, නවයුගය කාරයට ඇඩ් ලියපු එකාද දන්නෙ නෑ, ගූගල්ට සිංහල කියා දුන්නෙ නේද?

      අහා! Whisper of the Heart මගේ කැමතිම එකක්. අර කෙලී රාත්‍රියෙ කඩේ ගිහින් බඩු අරං එන හැටි. කෝච්චිය, එපාට්මන්ට් එක ඉස්සරහා නවත්තල තියෙන බයිසිමොටෝව. රෑ අහස, රැහැයියො. හප්පා සිත්තර පටියකවත් නොදෙන ආතල් එකක් ඔඅය ඇනිමෙ එක දෙනවා. මම anime ඇබ්බැහි වුනේ, ඔය වගෙ එව්ව නිසයි.😊👌

      Delete
    2. https://www.youtube.com/watch?v=1p0eAYJFZk4

      Delete
    3. ඔව් ඒ ඇනිමෙ එකේ ඔරිජිනල් එකේ තාලයට කියන්නෙ තෝකියෝව ගැන. කන්ට්‍රි රෝඩ්ස් වෙනුවට "කොන්ක්‍රීට් රොඩ්ස්". උසස් කලාත්මක සිනමා පටයක වගේ, කැමරා කෝණ, කොම්පොසිෂන් වගේ දේ ගැන සැලකිලලිමත් වෙලා තියනවා. තෝකියෝවෙ පටු මාවත්, බෑවුම් සහිත පඩිපපෙළවල් සහ ගොඩනැගිලි නිවැරදිව ඇඳලා තියනවා කියල කියනවා.

      ඒකෙ ඉන්නවා, කෝච්චියෙ වල් ටුවර් යන/එන පූසෙක්. නියම බුවා, වටේම ඉන්න බල්ලොන්ට් . ආතල් දීගෙන යන්නෙ. මම කැමතිම කොටසක්.😂🤣

      Delete
  6. /ඔලුව ගලවාගෙන, ගෙදර අරං යයි බියවූ බකුසුතොමෝ, බාගයක් පාවිච්චිකල Zelsun බෝතලය දන් දුන්නේය./

    https://www.macmillandictionary.com/dictionary/british/give-someone-head

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ ඒ ඔලුව නෙමෙයි, අර බෙල්ල උඩ තියෙන ඔලුව නැතිවෙයි කියලයි බය හිතුනෙ.🤣

      ඔන්න, අපේ බොක්සරයා මතක් වෙලා වීඩියෝවක් ඇමිණුවා අගට. පෙන්නන්න, ඈ? දැන් අර බුරා-පොලිස් ඇවිත් බනිවී, ඒත් කාරි නෑ.🤣😂

      Delete
    2. https://en.wikipedia.org/wiki/Australian_Cattle_Dog

      Delete
    3. ඔව්, ඒකා ඔට්ටේලියන් ගොපලු බල්ලෙක් තමා.

      Delete
  7. හැමදාම නාන එක තමයි මම හිතන්නෙ ඕකට පිළියම. හැබැයි නාල ඔළුව පීරනකොට ඊට කලින් පනාව එහෙමත් හොඳට හෝදල ගන්න වෙනව. නැත්තං ඉතිං හෝද හෝද මඩේ දානව වගේ වැඩක් තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට ඔය කොටස පැහැදිලි නෑ. මේ වීඩියෝවෙත් කියනවා, මේක බෝවෙන ලෙඩක් නොවන බව, එතකොට, මේ පුස් වර්ගය වැඩියක් ඉන්නෙ, කෙස් ගහේ මුල ඇතුලෙ. පනාවට කොහොමත් අහුවෙන්නෙ නෑ. කන්නෙ "සංතෘප්ත මේදය". ගැලවෙන පොතු වේලිච්ච "අසංතෘප්ත මේදය". ඒකෙ පුස් නෑ.

      ඔන්න ඔහොම තමා, මම තේරුම් ගත්තෙ.

      Delete
  8. https://www.facebook.com/prabath.wijewardana.311/posts/137727554462985

    ReplyDelete
    Replies
    1. යෙපිලට තමා පුෂ්,පුෂ්! අපිට පෙන්නන්නෙ නෑ.😒

      Delete
    2. https://www.facebook.com/100046772243050/posts/137727554462985/

      Delete
  9. මං කාලෙකට කලිං, සබන් වෙනුවට කෝමාරිකා යුෂ ඔලුවෙ ගෑව. පස්සෙ පීනස හැදුණ.

    ReplyDelete
    Replies
    1. කෝමාරිකා නං ගුණ ඇති. ඒත් සීතල වැඩියි. තනුක කරලා ගෑවා නං, බාගදා...?

      Delete
    2. අමුවෙං ගහන එකා ඕක සැන්ඩි කරයි කියල හිතනවද?

      Delete
    3. අමුවෙන්? එතකොට, කිව්වෙ බැදපු අලපෙති දීසියක් තියාගෙන, කලාවටයි අනුමත වෙන්නෙ කියලා?😮

      Delete
    4. සැන්ඩි අන්..සැන්ඩි...සමහරවිට සැන්ඩි වෙනුවට කලවන් කරන්නෙත් අරක්කුද දන්නේ නෑ

      Delete
    5. උන්දෑ මේ දවස්වල බිසී. ඒනිසා අපට හිතේ හැටියට මඩ ගහතෑකි. ආවත් අවුලක් නෑ, ඉස්සෙල්ලම නයාට "පතෑං" ගාලා ටෝච් පාර වදිනකොටම, සුරුස් ගාලා ලිස්සන එකයි ඇත්තෙ.😂

      Delete
    6. දුන්නා නේද ටෝච්පාර? ආං නයියා බිම.😂🤣

      Delete
  10. එක දිගටම නැතත් සැරෙන් සැරේ එන ලෙඩක් නිස හොද උපදෙස් ටිකක්..

    ReplyDelete
    Replies
    1. මේක ලෙඩක්මද කියන එකත් ප්‍රශ්ණයක්? එක්කෝ, කොම්පැණි වලට ආදායම් මාර්ගයක් නිසා, පාලනය කරනවා මිසක් හොඳ කරන්න ඕනෙ කමක් නැත්ද දන්නත් නෑ.🤔

      Delete
  11. කාර්යබහුල ජීවිතේ නිසා ලැබෙන ආනිසංස. බොහෝ අයට

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකෙන් මේක වැඩි වෙනවා කියනවා.

      Delete
  12. මානසික ආතතියාටත් හැදෙනවා නේ

    ReplyDelete
    Replies
    1. මානසික ආතතිය වැඩි වුනොත්, බලපාන බවයි කියැවෙන්නෙ.

      Delete
  13. "කොන්ඩා සෝදා පිරිසිදු කල යුතුය! හොඳින් පිසදා ගත යුතුය!! ඉන්පසු වේලා ගත යුතුය!!! තෙල් ගැල් විය යුතුය, සුවඳ ගැල්විය යුතුය, පීරා හැර යුතුය, පංති පංති කල යුතුය, පින්ඩ පින්ඩ කල යුතුය!~ නාගසේන වස්තුව
    !!!!!!~!!!!~~!!!!! ඔය ඔක්කොටමත් වඩා ඉස්සොරි සමනය කර ගත යුතුය!~
    මට ඔය මොන මගුලක් වත් නැත!~ ඒ නිසා මට ලියන්නට කොමෙන්ටුවක් නැතිබ ව විළි ලැජ්ජාවෙන් උවද නොකියාම බැරිය!

    ReplyDelete
    Replies
    1. //පංති පංති කල යුතුය, පින්ඩ පින්ඩ කල යුතුය!//

      හ්ම්මේ, නාගසේනත් කාලා තියෙන්නෙ එසේ මෙසේ කට්ටත් නෙමෙයි වගේ?😂🤔
      වෙන මුකුත් නැතුවාට, මේ ලියල තියන එක හොඳටෝම ඇති.😊

      Delete
    2. හත්තික්කේ තට්ටයතුමා ගැන පොඩි ජෙලසියකුත් තියේ ඒ වදේ නැතිකොම ගැන

      Delete
  14. හම්මේ මාත් ආවා මේ පැත්තෙ😁

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, කමෙන්ට් එකට.😊

      Delete
  15. සිංහල text to speech මෘදුකාංගයක් තියෙනවද? අන්තර්ජාල සම්බන්ධයක් නැතිව වැඩ කරන.

    ReplyDelete
    Replies
    1. Microsoft Edge browser එකේ, Immersive Reader(F9) ගිහින්, Read Loud සිලෙක්ට් කරලා, voice options යටතේ ඇති නැචුරල් වොයිස් එකක් සිලෙක්ට් කර ගත්තාම, එන කොලිටි එක දැකලා, මටත් පුදුම හිතුනා. අවාසනාවට, දෙමළ සහ බොහෝ ඉන්දියන් භාෂා තිබ්බට සිංහල නෑ.😒😟

      මාත් හෙව්වා, දන්න තරමින් සිංහල TTS නෑ. අන්තර්ජාල සම්බන්ධයක් ඇතිව හරි කමක් නෑ, දන්නව නං ලින්ක් එකක් දෙන්න.🙏

      Delete
    2. සිංහල වචන වෙන බාශාවකින් ලියලා දැම්මොත් වැඩ කරයිද? තෙලිඟු වගේ එකකින්

      Delete
    3. ඒක හරියන වැඩක් නෙමෙයි. ඔය සමහරු සිංග්ලිෂ් කියන විදිහට සිංහල, ඉංග්‍රීසි අකුරු වලින් ලියනවා නේද? ඒත් එහෙම එකක්, TTS වලින් කියවලා, නිවැරදි උච්චාරණය ගන්න බැරි වෙයි.

      තියෙන එකම බලාපොරොත්තුව, ගූගල් වගේ ලොකු කොම්පැණියක් වැඩේට අත ගහයි කියන එකයි. AI වගේ දෙයක් උපයෝගි කරගත්තොත්, සාර්ථක වෙයි. ගූගල් Translate එහෙමත්, දැන් එන්න එන්නම දියුණු වෙනවා. සිංහල TTS engine එකක් ගැන, දැණට ප්‍රොජෙක්ට් දෙකක් කෙරීගෙන යනවා වුනත්, ඒවා වල ඒ හැටි දියුණුවක් පේන්න නෑ. TTS engine එකක්, සිංග්ලිෂ් ටයිපින් ඇප් එකකට වඩා සංකීර්ණයි.

      https://www.isca-speech.org/archive_v0/SLTU_2018/pdfs/Lakshika.pdf

      Delete
  16. බස්සා Arduino බෝඩ් එකේ රොබොටික් ආර්ම් එක්ක හෙම සෙට් කරලා තියෙනවද - හදිසියකට

    ReplyDelete
    Replies
    1. ගෙනත් තියාගෙන ඉන්නවා, ආසාවට. ඒත් "බ්ලින්කි" ගෙන් එහාට ගියේ නෑ. ඕකට හරියන එක්කෙනා "බිත්තිය" ලියන පැතුම්.

      https://biththiya.blogspot.com/2021/02/blog-post.html

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code