Dec 16, 2021

නත්තල් තෑග්ගක්

හැමදාම ලියන, ගත්ත අලුත්ම නරිවාදං ගැන නොලියා, මට හිතුනා ඇත්තටම ඔහෙල වැඩිදෙනෙක් කැමති වෙයි කියල හිතෙන දෙයක් ගැන ලියන්න. ඒ තමයි "ඕප-දූප". හෑ, කැමති නෑ කිව්වා? මේ බොරු නං කියන්න එපා! සඟිස්කුරුතියෙන් අපේ ඇටමිදුලු වලටම කව්වලා තියෙනෙ දේට, කොහොමද අකමැති වෙන්නෙ? රාළේ මෙව්වා, ජාතියන්තර ඕපදූප. 

ඔරුමත්තුනාඩුවෙ, මෙන්න මේ හාදයගෙ සාවියෙ ඉන්න පිංවතුන්ට පුළුවනි, තම තමන්ගෙ පරණ කම්පූටර් මේ ග්‍රෙග්ට දෙන්න, එයා ඒවා සුද්දකරලා විතරක් නෙමෙයි, අලුත්ම කෑලි-බෑලි ටිකකුත් දාලම දෙනවා. සත පහක් ගන්නෙ නෑ. විස්වාස කරන්න අමාරුයි  වගේ නේද? බලන්නකො වීඩියෝව, දැන් එහෙම තමයි අලුත් විවුර්ත ආර්ථිකේ වැඩකරන්නෙ.


ග්‍රෙග්ගෙ අසල්වාසියෙක් නොවීම නිසා, අපි ඔහෙලට මේ චෑන්ස් එක ලැබෙන්නෙ නෑ. මේක දැම්මෙ, සමාජ සේවයක් නූනත්, මෙහෙම එව්වත් තියනවා කියල කියන්නයි. උන්දැට වෑර් කෑලි දෙකක් පාස්ස ගන්නවත් බෑ. ඔහුගේ විශේෂඥභාවය තියෙන්නෙ, කම්පූටර එකලස් කිරීම ගැන. තමන් දන්න දේ හරියට කිරීමත්, නොදන්න හත්ඉලව් වලට කෙලින්ම "බෑ" කීමත්, අවංක භාවයත් හරහා, ඔහු අද සාර්ථක ආදායම්ලාභියෙක් වෙලා ඉන්නවා. ඔහු නම්බුකාර, සාඩම්බර "ක්ලීනර්" කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.

                                                 (〃 ̄︶ ̄)人( ̄︶ ̄〃)

මෙයා ගැන සමහරු දන්නවා. මේ ඉන්නෙ "ස්නෝ වයිට්" ගෙ චීන වර්ශන් එක. කෙලින්ම නොකිව්වත්, ඇඟෙව්වෙ , නගරයේ කෘතීම යාන්ත්‍රික "මී තරඟය" එපා වී, ආත්තම්මාගේ ගොවිගෙදරට ගිය ගැමි කෙල්ලෙක් බවටයි. චීනෙ හරිම ජනප්‍රිය චරිතයක්. ලෝකෙ අනිත් පැතිවලත් එහෙම තමා. අපේ අය කීපදෙනෙකුත්, ඒ බිසිනොස් මොඩල් එක "ණයට" ගත්තත් එක්ක.

මේකෙන් දෙන අදහස, කෙලින්ම වදින්නෙ මොලේට,දෙවර පෙරනලද පරණ අරක්කු වගේ. ඇයි හතිලව්වේ, කොන්ක්‍රීට් වනාන්තරවල ඉන්න, යාන්ත්‍රීක සත්තු වන අපේ හීනෙ ඕක නෙව? පැවැත්මක් නැති, සැබෑ නොවන, යථාර්ථවාදී නොවන සිහිනයක්. ඔව්, මාත් ගිල්ලා ගුලිය, ඇයි අවුල්ද?


ඒත් යථාර්ථය හීන වලට බොහොම දුරයි. පිංවතුනි. 




ඔබේ-බටේ හීන විකුණන්න තහනමක් නෑ. ඒත් ඒක කොච්චර සදාචාරාත්මකද කියන එක ප්‍රශ්ණයක්. විශේෂයෙන්ම, ඔබ ඔබේ පාට-යක්කුන්ව "රයිඩ්" එකකට ගෙනියනවා නම්, මම ඒකට කැමති නෑ. ග්‍රෙග්, චීන "ෆෙයරි ප්‍රින්සස්" දෙන්නම " content creators වුනාට, වෙනස ඒකයි. අවසානයට, මේ  ඔක්කොගෙම තෝන් ලණුව තියෙන්නෙ, ගූගලයා අතේ.

කුක්කුර වුනාට ඉහත සංදියේ, මම ගූගලයට බයයි නංගියේ!



77 comments:

  1. //ඔරුමත්තුනාඩුවෙ //
    USA ද ? කොහෙද මංද ඕක දැක්ක. ඇයි ඒ නම කියල (දැනගෙන හිටියනම් ) දැන් මතක නෑ.

    ඊට උඩින් රට බස්කොත්තුනාඩුවද?

    ReplyDelete
    Replies
    1. බස්කොත්තුනාඩු /// 😂😂😂

      Delete
    2. අර ජගත් පතිරණ තමයි එහෙම කියන්නෙ. මේ ටිකිලාධිපතිතුමා, කොළඹ පුඩින්නුත් එයිද මේ පැත්තෙ? අර සින්දුවෙ අදහස අහ ගන්ට?

      බස්කොත්තුනාඩු? 😂🤣

      Delete
    3. මැලියම් අන්තරාදායි ද්‍රව්‍යයකි කියල නිදිතුමාගෙ පරණ පොතකුත් තිබුනලු

      Delete
    4. ඒ ඔය නිදිමතේ ගිහින් , හැම ඉලව්වටම කොටන්න ගියාම. මාත් එක්ක අවුලක් නෑ, අපි සහජීවනයෙන් ඉන්නවා.🤔😊

      Delete
    5. නලීන් ද සිල්වා තමයි ඔය වචනේ ඉදිරිපත්කලේ.
      එයට හේතුව යහපාලන කලේ හදන්න යෝජනා කල අනාගත ආන්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ දෙමලෙන් ඔරුමත්තුනාඩු කියලා තියෙන නිසා එහි තේරුම සමාජගත කරන්න.
      ඇමරිකා එක්සත් ජනපදය එක්ක ප්‍රශ්නයක් නිසා නෙමෙයි.

      Delete
    6. වචනය 'ඔරුමිත්තනාඩු' නෙව ද?

      සුමන්දිරන්ට අනුව නම් ඒකෙ තේරුම එක්සත් ජනපදය (united state) කියන එකයි.

      Delete
    7. @jagath

      ස්තූතියි. එච්චර විස්තරයක් දැණගෙන හිටියෙ නෑ.

      @ බුරා

      ඔව්, මට හිතෙන්නෙ හරි වචනෙ ඒකයි කියලයි.

      Delete
  2. https://www.news24.com/news24/snow-white-slept-with-dwarves-20020812-2#:~:text=In%20the%20Shocking%20Story%2C%20the,the%20seven%20dwarfs%20in%20turn.

    ReplyDelete
    Replies
    1. හුටා!

      හප්පෝයි මේ කෙලී ඒකෙ තේරුම දන්නෙ නෑ.🤣

      https://www.youtube.com/watch?v=N5tVdm_2kqc

      Delete
  3. https://www.literacyworldwide.org/blog/literacy-now/2013/10/24/the-twisted-history-of-snow-white

    ReplyDelete
    Replies
    1. ඔය සුරංගනා කතාවල, ආරම්භය ගැන තියෙන විස්තරවල එච්චරම "සුරංගනා" ගතියක් නෑ තමා.🤔

      Delete
  4. ඔය චීන්නුයි පිල්ලොයි නං යූ ටියුබ් වල මළ විකාරමයි කරන්නෙ. අර එකියක් ඉන්නව කුකුල්ලු අඬු පිටිං ගිලින්නෙ. අපි හිතුවට උං කන කෑමට බැරල් සයිස් වෙයි කියල ම්හූ. ඔය ඉන්නෙ හිටිය වගේ කෙට්ටුවට.
    බිත්තර ඒම ගිලින ගිලිල්ලට හිතෙන්නෙම වෙන මගුල් 😒😒😒😂😂😂

    ReplyDelete
    Replies
    1. හෑ, මට ඒව එන්නෙ නෑ නෙව? ලින්ක් එකක් දුන්නා නං පිංවත.🙏

      Delete
    2. https://fb.watch/9WRAebsLdN/

      https://fb.watch/9WROAunKG7/


      https://fb.watch/9WRNs0vL1n/

      යූ බටේව හොයන්ඩ බෑ

      Delete
    3. ස්තූතියි. උන්දෑ කවදාහරි, මිනිහව කාලාම නැති කරනවා. කෑම හිඟ වුනොත් ඌවත් කන්න බැරි කමක් නෑ.🤔

      Delete
  5. කියෝපු දේවල් තේරුනා වගේ ඉන්නෝන.

    ReplyDelete
    Replies
    1. ආන්න ඔහෙට තේරුනා. ඇයි අලකොමා අලුත් බැස්ටි දුන්නෙ නැහ්ද?😂

      Delete
    2. පැවැත්මක් නැති, සැබෑ නොවන, යථාර්ථවාදී නොවන සිහිනයක ෆෑන් එක වැඩිකරල අපභව්‍ය ඇලුමිනියම් බානුක්ෂන්
      රීස්ටාර්ට්කලාම සාර්ථක ආදායම්ලාභියෙක් වෙන්න පුලුවන් කියල තමයි තේරුම් යන්නෙ

      Delete
    3. හපෝයි, ඔය කිව්වෙ? ග්‍රෙග් කරන ක්ලීනින් වැඩේ කිසිම බොරුවක්, මවාපෑමක් නෑ. තුන්වෙනි වීඩියෝවෙ ඉන්න වින්සන්ට් පෙන්නනවා, චීනෙ ගම්මානවල් ඔහොම සුරන්ඟනාවො නෑ කියලා. ඒත් ඕට්ටේලියාවෙ, යම් පමණකට එහෙම "හරිත පාරාදීස" තියෙන බවයි පේන්නෙ.

      https://www.youtube.com/watch?v=kgblFkqzx_c

      මේ වීඩියෝවෙ, තැනකදි කියනවා "It's impossible to be perfect" කියලා. ආන්න ජංසන්!

      Delete
    4. අපේ යාලුවෙක් හිටිය නුවන් කියල. එක ගෑණු ලමයක් එයාගෙ නම ප්‍රොනවුන්ස් කලේ "නෝවන්" කියල. ඉතිං එයා පර්ෆෙක්ට් වුනා

      Delete
    5. මගේ යාලුවෙක්ගෙ නම මිනිහගේ ගෑනු ළමය වැරදියට උච්ඡාරනේ කළා කියල ගෑණු ළමය මැරුව.

      Delete
    6. ගෑණු ලමයාගෙ "සිත්ති උම්මා" වගේ එකක් වෙන්ටෑ?🤔

      ඈ බං නයෝ, බොගෙ යාලුවා දැරුණු මිනිහෙක් නෙව?

      Delete
    7. // මගේ යාලුවෙක්ගෙ නම මිනිහගේ ගෑනු ළමය වැරදියට උච්ඡාරනේ කළා කියල ගෑණු ළමය මැරුව //

      මට තාම හිතාගන්න බෑ, නම විසින් ගෑල්ලමයව වැරැදියට උච්චාරන‌ේ කොලා ද, නැහ්නං ගෑල්ලමයා විසින් නම වැරැදියට උච්චාරනේ කොලා ද කියල.

      Delete
    8. හ්ම්....සංයුක්ත වාක්‍යයක, ව්‍යාකරණ වැරැද්ද්දුවොත්, හරිම අවුලක් නෙව වෙන්නෙ? මට හිතෙනවා, ලේසිම දේ වාක්‍යය කොටස් දෙකකට කඩන එක කියලා.🤔

      Delete
  6. නත්තල් තෑග්ගක් කියල 'යථාර්ථවාදී නොවන සිහිනයක්' ඇද බෑවද බස්පෝ

    ReplyDelete
    Replies
    1. හුහ්, ඇද බෑවද? ඇයි බං නමියෝ, මෙතනම හිතන්න කොච්චරදේ ලියල තියනවද?

      1. සාර්ථක ආදායම්ලාභියෙක් වීමට, පුම්ක ඉරාගෙන රොකට් සයන්ටිස්ට් කෙනෙක් වීමට අවශ්‍යම නැත.

      2. ක්ලීනර්ලාද මනුස්සයෝය.

      3. නුවනැති බකමූණෝ යනු මුලාවකි. උන්ටත්, ගාණය ඇඹරූ ගුලි ගිලවිය හැක.

      4. ගාණට මිමිමට ඇඳුම කපා දුන්විට, හුදී ජනයා ඒවා මසාගෙනම ඇඳගනිති

      5, ගූගලයා දේවත්වයට පතවන දවස වැඩි ඈතක නොවේ.

      Delete
  7. ඔමික්‍රොන් ප්‍රබේධය නිසා මෙවර නත්තල සති 4කින් කල්දමා ඇතිබවට යන ප්‍රචාරය ඇත්තද?

    ReplyDelete
    Replies
    1. සති හතරකින් නෙවෙයි, සමහරවිට ඊස්ටර් වෙනකම්ම කල්දාන්න ඉඩ තියෙනවා.

      Delete
    2. 😮 අවුලක් නෑ, හේතුවක් ඇතුව කරන දෙයක් නෙව? ඒත් මේ වසංගතය දේශපාලන කරණය කල, උගුඩුවොන්ව හොයා ගන්න හැකි නං? දැනට නං ඒකත් තවත් "යථාර්ථවාදී නොවන සිහිනයක්" විතරයි.😟

      Delete
  8. කියෙව්වට බලන්නට වීඩියෝ ටික
    මේ වෙලාව අන්තිම එකකිය නරක
    රටේ ජාලෙ හැටි එහෙමය විකාරෙක
    පස්සේ ඇවිත් බලනව, නොසිතන්න සැක

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ නිදි. පහසු වෙලාවක එන්න.

      Delete
  9. Replies
    1. ඔබතුමාගෙන් නියත විවරණ ලැබීම කියන්නෙ, ඈවරයි ,දෑවරයි තීන්දුයි කියන එකයි. අලුත් අවුරුද්දෙ ඉඳං මම "ඉස්සර බ්ලොග් ලියපු බස්සෙක්".🙏👌

      වැටාධිපති,බුරා ගැන්සියට කස්ටිය අලුතෙන් ගනීවි නේද?

      Delete
    2. මැරුං නොකා බ්ලොග් එක ලියහං!

      Delete
    3. කස්ටිය නැති කාලෙ, ඇදගෙන ගියා නෙව? දැන් ආයෙ, වැඩි දෙනෙක් ලියන නිසා, සාඩම්බර "උනන්දුවෙක්" වෙන්න අවසර.🤔

      Delete
    4. බස්පො අහල තියේද බැඳගත්ත බෙරේ ගහගන්න ඕන පැලෙනකං කියල උපහරණයක්..

      Delete
    5. ඒක තමයි මාත් කියන්නෙ. අනික් අතට, අපි හැමෝම ඔය විදිහට හිතුවොත් මේ ආයාසයෙන් ගොඩ දාගන්ඩ හදන කටයුත්ත ආඬි කැඳ හැලිය වගේ වෙයි.

      Delete
    6. හ්ම්...ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. බලමු.🤔

      Delete
  10. ව‘චුවල් බොක්ස් වල මැක් ඕඑස් එක්ස් ටයිගර් ස්ථාපනය කරන්න හදනකොට ස්ටක් භාවයට පත්වෙනවා.
    මොකක්ද කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මැක් ඕඑස් එක්ස් ටයිගර්, 32bit OS එකක්. සෙටිං වල අවුලක් ඇති. bios වල සෙටිංස් වෙනස් කරන්නත් වෙනවා ඇති.

      කාලෙකට ඉස්සර, ව‘චුවල් බොක්ස්, VMware දෙකම ට්‍රයි කලා. එකක සවුන්ඩ් ආවෙ නෑ, අනිකෙත් ඔක්කොම හාඩ්වෙයා වැඩකලේ නෑ.

      යූ-ටියුබ් ගයිඩ් එකක් පාවිච්චි කරන එක තමයි, හොඳම ක්‍රමය. ඒත් ඩුවල්-බූට් හරහා Opencore තමයි, මම දන්න එකම සාර්ථක ක්‍රමය.

      https://www.youtube.com/c/TechNolli/videos

      Delete
    2. ප්‍රශ්නේ අහුවුනා මැක්ඕඑස්එක්ස් ටයිගර් අථත්‍ය පරිගනකයේ SATA සම්බන්ථා හඳුනන්නේ නෑ.

      මට තියෙන්නේ i5 තුන්වන පරම්පරාවේ පරිගනකයක්
      සසම්භාවී ප්‍රවේශ මතකය ගිගා බයිට 8යි. මේකට හරියන මැක් මෙහෙයුම් පද්ධතිය මොකක්ද? ගන්නේ කොහොමද?

      Delete
    3. i5 3rd Gen නිකුත්කරලා තියෙන්නෙ 2012. මේ කාළසීමාවෙ MacOS බැලුවාම Lion සහ Mojave අතර ඕනම එකක්, සෛධාන්තිකව හරියන්න ඕනෙ. ඒත් ප්‍රායෝගිකව කොහොම වෙයිද මන්දා, තමන් කරල බලලම තමයි හොයාගන්න ඕනෙ.
      https://en.wikipedia.org/wiki/List_of_Intel_Core_i5_processors
      https://en.wikipedia.org/wiki/MacOS_version_history

      මමත් ඉස්සෙල්ලම පටන් ගත්තෙ virtulization වලින් තමයි. ඊටපස්සෙ Clover --> OpenCore. ඒත් ඒ හුඟකාළෙකට ඉස්සර නිසා, දැන් අවුට් ඔෆ් ටච්.🤔

      Delete
    4. //මේකට හරියන මැක් මෙහෙයුම් පද්ධතිය මොකක්ද? ගන්නේ කොහොමද?//

      https://www.howtogeek.com/737510/how-to-download-and-install-older-versions-of-macos/

      මේවා .dmg file. මතක විදිහට, මැක් බූටබල් USB එකක් හදාගන්න, MacOS එකක් ඕනෙ වෙනවා. වින්ඩෝස් වලින්ම කලෑකි, ඒත් සංකීර්ණයි. කොහොම හරි, තියෙන ටයිගර් එක අටවගත්තොත් වැඩේ ලේසියි.

      මේ ක්‍රම ඔක්කොම කරන විදිහ, යූ-ටියුබ් සහ මේ වගේ ෆෝරම් වල තියෙනවා.
      https://www.insanelymac.com/forum

      අවශ්‍ය වෙන්නෙ, උනන්දුව සහ කියවන්න කැපවීම විතරයි.

      Delete
    5. //ප්‍රශ්නේ අහුවුනා මැක්ඕඑස්එක්ස් ටයිගර් අථත්‍ය පරිගනකයේ SATA සම්බන්ථා හඳුනන්නේ නෑ//

      මගේ මතකය නිවැරදි නං ඒක නෙමෙයි හේතුව. ව‘චුවල් බොක්ස්, හාඩ්ඩිස්ක් එක දෙන්නේ IDE ඩ්‍රයිව් එකක් හැටියට නේද?. ව‘චුවල් බොක්ස් සෙටිං වලට ගිහාම ඒක බලාගත්තෑකි, අවුල ඇත්තෙ සෙටිං වල. ඒකයි මං කිව්වෙ, යූ-ටියුබ් ටියුටෝරියල් එකක් බලන්න කියලා. ටයිගර් අථත්‍ය පරිගනකයේ SATA සම්බන්ථා හඳුනන්නේ නැති කතාව අදාල වෙන්නෙ,Clover/ OpenCore වගේ bear-metal ක්‍රම වලට යනව නං විතරයි. ව‘චුවල් බොක්ස්, වින්ඩෝස් උඩ දුවන abstract layer එකක් විතරයි, ඇත්තම SATA hardware මැනේජ් කරන්නෙ වින්ඩෝස් වලින්.

      ඒත් දැන්, අලුත් ට්‍රෙන්ඩ් එකක් ආරම්භ වෙලා තියනවා OSX virtulization ගැන. ව‘චුවල් බොක්ස්, VMWare නෙමෙයි, Windows Sub-system for Linux වලින්. තාම මුල් අදියරේ ඉන්නෙ.
      GPU- passthrough කලෑකි නම්, සලකා බැලුවෑකි. එක්කො...ඕනෙත් නෑ. දන්න OpenCore යකා මට හොඳා.🤔

      Delete
  11. දංට කෙනෙක් උත්තර දෙන්ට.. block වෙන්ටේ ඇයි
    https://sithuviliralabinduma.blogspot.com/2021/12/blog-post.html?showComment=1639836968715#c4749481135991294060

    ReplyDelete
    Replies
    1. දන්න විදිහට නං, කවුරුහරි අපතයෙක් කම්ප්ලේන් කරන්න ඇති. මූණුපොතේ ඔහොම කල්ලි තියනවාලු, ඉකනොමැට්ටාවත් බ්ලොක් කලා. පස්සෙ ඇනෝවක් ඇවිත් කිව්වා, අපි තමයි කලේ කියලා. තමන් අදහන දේශපාලන බවුන්ඩේසමට පහර වදිනකොට, සමහරු ඔහොම තුට්ටු දෙකේ ක්‍රම අනුගමනය කරනවාලු.

      Delete
  12. ඔය ක්ලීන් කරන වැඩෙන සමහර වෙලාවට පුටර් වැඩ කරන්න ගන්නවා. හැබැයි මගේ හාඩ් ඩිස්ක් එක ඊයේ පෙරේද සෙත්ත පොච්ච්චි වුනා . මොනවා කරලත් හරි ගියේ නැහැ. කොළඹ පුඩින් කීවේ මටද විදග්ධ බකුසු පඬි තුමනි? Поёт моё сердце:My Heart
    Versions: #1#2#3#4
    We've never met before that summer
    Across the world we've traveled by ground and sea
    And by pure luck we once got tickets
    Side by side seats, high in the air

    And my heart has stoppped then
    My heart simply froze
    My heart has stoppped
    My heart simply froze

    For a thousand years now, we're waking up together
    Even if we've fallen asleep apart
    We're making our coffe to Elvis Presley's tunes
    Spilling coffee to Propellerheads, ah...

    And my heart has stoppped then
    My heart simply froze
    My heart has stoppped
    My heart simply froze

    And maybe you arent a Hollywood star
    You don't show up on stage in your underwear
    People don't beg for your authographs
    And your singing's a bit lower the Montserrat Caballe's

    But then thank God that I'm no Ricky Martin
    Never won an Oscar
    Never made a goal against France
    My name does not correspond to a city on maps
    But to the closing of curtains and opening sofa

    And my heart has stoppped then
    My heart simply froze
    My heart has stoppped
    My heart simply froze

    Awake, I see what most people can't dream of
    Can't see under drugs
    Or through their windows
    My heart has stopped then
    Catching its breath
    And it went on...

    And my heart has stoppped then
    My heart simply froze
    My heart has stoppped
    My heart simply froze

    And my heart hasta la vista
    My heart simply froze
    My heart has stoppped
    My heart simply froze

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ඔබතුමා තමයි නෙව අපට ඉන්න එකම රුසියන් පරිවර්ථකයා. ස්තූතියි.🙏👌😊 කලින් සිටම ඔබතුමාගෙ හාඩ් ඩිස්ක් එක අසනීපයෙන් පෙලුන නිසා, දත්ත නැති නෙවෙන්න ඇතැයි සිතමි.

      ලඟකදී නං, මගේ එව්වා මලේ නෑ, දැන් අවුරුදු 3ක් වගේ තමා සක්‍රීය සේවයෙ තියන්නෙ.මැරිච්ච ඔක්කොම සී-ගේට් නිසා, දැන් ගන්නෙ WD තමයි. තියෙන සී-ගේට් SMR හාඩ් ඩිස්ක් එක, බැකප් එකක් විදිහට විතරයි භාවිතා වෙන්නෙ.

      Delete
    2. දත්ත කොටසක් නැති වුනා. ලොකු හානියක් වුනේ නැහැ.

      Delete
    3. https://www.youtube.com/watch?v=qdXW-DUSsh8&t=4s

      Delete
  13. බසු මේ මගේ සත දෙක. චීන ගෑනු ළමයාගේ වගේ වීඩියෝ වලට මම කැමතියි. මටත් එහෙම හීන තිබෙනවා. ඒවා චීන සොෆ්ට් පවර් කියල කියන අර විවේචකයා අමතක කරනවා බටහිර ලෝකයේ ඕවගේ දේ ඕනෑතරම් වෙනවා කියල. සමහට ඉන්ස්ටා තාරකා , යුටියුබ් තාරකා ඇත්තම නෙමේ දාන්නේ . ගොඩක් ඒව සෙට් අප. ඇයි චිනේ කලහම තියෙන වැරැද්ද. මට මතකයි අපි කට්ටියක් එක පාරක් සෝවියට් දේශය සඟරාවට ගත්ත. එවෙලේ සීනියර් එකෙක් ගේ ලැබ් එකකට අරන් ගිහින් අපිවත් එතන තියල ෆොටෝ ගත්ත. ඒක සෙට් අප් එකක් තමයි. අපි කට්ටිය වෙන වෙනම අවුරුදු වල නිසා එහෙම කලේ . නැත්නම් ඊට වැඩිය හොඳ ලැබ් වල අපි වැඩ කළා. උන් දාපු ෆොටෝ අරව මේවා හදපුව නෙමේ ඇත්තට තිබබ් ඒවා. ඒවා විවේචනය කරන බටහිර සෙට් එක තමන්ගේ බොරු කාරයෝ ගැනත් විවේචනය කරනවා නම් මම වඩාත් කැමතියි. එහෙම අය නැතුවා නෙමෙයි.
    තව කතාවක් කියන්නම් (මම පුටියා ගේ පැත්තේ නෙමේ නමුත් තාර්කිකව යමක් දිහා බලන්න කැමතියි). දැන් මෙහෙ හෙන හාහූවක් ය්නව් පුටීන් නමැති ආක්‍රමණිකයා උක්රයින් එක ගාව හමුදා රැස් කරනවා. පුටින් නවත්වන්න ඕනේ කියල. යුරෝපයට සහ බ්‍රිතාන්‍යය ට තර්ජනයක් වගේ කතා. කතාව ඇත්ත. පුටින් ගේ හමුදා යුක්රේන් දේශ සීමාව අසල ඉන්නව තමයි. නමුත් උන් ඉන්නේ උන්ගේ රටේ. තමන්ගේ තෙල් සහ දියමන්ති වලින් පොහොසත් ලෝකයේ විශාලම රට ආක්‍රමණය කරයි රි කියල උන් බයයි. එතකොට ඇමෙරිකන් හමුදා, බ්‍රිතාන්‍ය හමුදා , ප්‍රංශ හමුදා ඉන්නේ කොහෙද/ ලිතුවේනියාවේ, තුර්කියේ, ලැට්වියා වේ, පෝලන්තයේ. කවුරු කාගේ දේශ සීමාවේද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්...හොඳ තර්කයක්. සෑහෙන දුරකට එකඟයි. අරාබි ලෝකෙට ගිහින් කලෙත්, ඔක්කොම අවුල් කරල, අරාජික කිරීම විතරයිනෙ? අවුල් විතරයි, විසඳුම් නෑ.🤔

      Delete
    2. නමියගෙ "හ්ම්....." එකට උත්තර දෙන්නත් එපෑ?🤔😂

      මම දකින්නෙ පුටින්/ෂී ජිංපිං දෙන්නම ඒකාධිපතින් ලෙසයි. දෙන්නම උග්‍ර ජාතිවාදීන්. රුසියාවටත් වඩා චීනෙ හුදී ජනතාව හූරා කෑම සිදු වෙනවා, ඒත් රටවල් දෙකේම සමාජවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් දෙකම නැති නිසා, විරුද්ධවාදීන් මර්දනය වෙනවා. මෙහෙම නායකයන්ගෙන්, ලෝකෙට සෙතක් වෙයි කියල, මට හිතෙන්නෙ නෑ.බටහිර බලවතුන්ගෙ "කිල්ලෝටවල හුණු" තිබ්බට, ඔවුන් පුටින්/ෂී ජිංපිං දෙන්නා ගැන සැකයෙන් ඉන්නෙ ඇයි කියල මට තේරුම්ගත හැකියි.

      දැන් මේ ලෝක දේශපාලනයෙන් අපට වැඩක් තියනවද? නැත්තෙමත් නෑ. දේශපාලනික/ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා ඉන්න අපේ, තුන්වැනි බලවේගෙ නායකයා, මෙහෙම කිව්වලු:

      "මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නෑ ලෝකේ, හදන්න පුළුවන් අපිට විතරයි. අපි ශක්තිමත් සමාජවාදී චීනෙන්, රුසියාවෙන් ආධාර අරගෙන රට දියුණු කරනවා"

      අපි කොහොමත් සුරංගනා කතා විස්වාස කරන ජාතියක්. ආ, අනිත් එක "චීනා අපිට ඇරියා" කියන කතාව අමූලික බොරු නෙව?

      Delete
    3. චීනා ලංකාවට ඇරියට වඩා ලංකාවේ ඉන්න තුට්ටු දෙකේ නායකයෝ නිසා ඉල්ලන් කෑව කියල මම හිතන්නේ. නැත්නම් ඉතින් එංගලන්තෙත් චීන ආයෝජන , ආධාර ඕන තරම් ගන්නේ. ඔය ඇර ගන්නේ නැතිව ඉන්නේ. ඒකට මොලේ තියෙන්න ඕනේ. ඒ මොලේ තිබ්බ එක නායකයෙක් තමා රනිල්. 89(අනිත් දෙන්න සිරිමා සහ ජේ ආර්) හැබැයි රනිල් ලංකාව වගේ රටක් පාලනය කරන්න පුළුවන් එකෙක් නෙමෙයි. මුදල් ඇමති කමට හරි විදේශ ඇමති කමට හරි හොඳයි. මහින්දට එක්තරා දුරකට පුළුවන් කම තිබ්බ. බැසිල් ඉන්දියාව පැත්තේ තියාගෙන. හැබැයි ඉතින් වැඩේ ටිකක් අවුල් වගේ. චීනා හා ඉන්දියාව දෙකම් දැන් මස් රාත්තල ඉල්ලන් ෂයිලොක් වගේ වෙලා.

      Delete
    4. //මම දකින්නෙ පුටින්/ෂී ජිංපිං දෙන්නම ඒකාධිපතින් ලෙසයි. දෙන්නම උග්‍ර ජාතිවාදීන්. රුසියාවටත් වඩා චීනෙ හුදී ජනතාව හූරා කෑම සිදු වෙනවා, ඒත් රටවල් දෙකේම සමාජවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් දෙකම නැති නිසා, විරුද්ධවාදීන් මර්දනය වෙනවා. මෙහෙම නායකයන්ගෙන්, ලෝකෙට සෙතක් වෙයි කියල, මට හිතෙන්නෙ නෑ.බටහිර බලවතුන්ගෙ "කිල්ලෝටවල හුණු" තිබ්බට, ඔවුන් පුටින්/ෂී ජිංපිං දෙන්නා ගැන සැකයෙන් ඉන්නෙ ඇයි කියල මට තේරුම්ගත හැකියි// මම හිතන්නේ බස්සා වයර් මාරු කරගෙන කියල මෙතන. සෝවියට් දේශය ට වුනේ අපේ වගේ ගොබ්බ රටවලට වානේ කම්හල්. ටයර් කම්හල් වගේ දේවල් නොමිලේ දීල තමන්ගේ මිනිසුන්ට නොසලකපු එක. අපට විතරක් නෙමේ උන් නිකන් දුන්නේ. තුන්වන ලෝකේ රටවල් සීයකට වැඩිය. යෙල්ට්සින් ව බටහිර රැවැට්ටුව . සෝවියට් දේශය වැටුනම උන් ඇවිත් ගත්තේ තෙල්, ගෑස් ටික විතරයි. මිනිස්සු මාර දුකක් වින්ද. විශ්‍රාමිකයන්ට ගෙවන්න සල්ලි නැහැ.ටීචර් ලට පඩි නැහැ. පූටින් ඇවිත් ඒ ඔක්කොම නැවැත්තුව. රට ගොඩ ගත්තේ පූටියා. අපි 2016 ගිය වෙලේ දැක්ක මොස්කව් වල සල්ලි තියෙන උන්ගේ සයිස් එක. ඒක ට්‍රිකල් ඩවුන් වෙන්නේ හෙමිහිට තමා. එංගලන්තේ හෝ ස්වීඩන් වගේ පොඩි රටවලට වඩා හෙමින්. නමුත් වෙන්ව. එංගලන්තේ විශ්ව විද්‍යාල වල වැඩිපුරම ගෙවල ඉගෙන ගන්නේ රුස්සෝ සහ චීන්නු. ඒකයි ඇත්ත තත්වේ මල්ලි. උන් එකධ්පොඅථි සහ මාෆියා ස්ටයිල් එකෙන් රට පාලනය කරන එක ඇත්ත. දේශපාලන නිදහස් අඩුයි, හැබැයි රට ඔයා කියන සයිස් එකට දුප්පත් නැහැ.
      චීනේ - මාඕ කාපු රට හැදුවේ ඩෙන් ෂියා ඕ පින්. ආයෝජන ගෙනල්ල. ඉස්සර හාමතේ කැරපොත්තෝ පුච්ඡ ගෙන කාපු චීන්නු න ගේ ඇදයක් තත්වය ඉහළය. උන්ගේ මධ්‍යම පන්තිය ලංකාවේ මධ්‍යම පන්තියට වඩා තුන් ගුණයකින් රිච්. උන්ගේ රටේ බිලිං දෙකක් මිනිස්සු ඉන්නව. සාපේක්ෂව උන්ගේ දියුණුව හොඳයි. සුරකෑම වෙන්ව තමයි. අපි අයිෆෝන් හෙම ගන්න බටහිර කොම්පැනි වලින්. ඒක නැති කරනන් එක පාර බැහැ . මේ වගේ රටවල මට්ටමට වැටුප අරන් එන්න සෑහෙන කාලයක් යනවා. ඒ රටවල් දෙකෙම් රන් සංචිතය වැඩියි. බටහිර බය ඒකයි. මම බටහිරට කැමැති ඒ රටවල් දෙකටම වඩා හොඳට ප්‍රජතන්ත්‍ර වාදය සහ මානුෂික නිදහස ස අයිතිවාසිකම් තියෙන නිසා. නමුත්වැටුප් වැඩි වෙන කොට සශ්‍රික භාවය වැඩිවෙනකොට ඒවා ඒ රටවලට් ඉබේම එයි.

      Delete
    5. සිරිමාවෝගෙ කාලෙ රට පාලනය කලේ ෆීලික්ස් කියලයි කියවෙන්නෙ. ජේ,ආර් දක්ෂයි, කපටියි ඒත් කරපු දෙයක් නෑ නේද, ප්‍රේමදාසත් එක්ක බලනකොට?

      //.. හැබැයි රට ඔයා කියන සයිස් එකට දුප්පත් නැහැ.//
      හෑ, මම එහෙම එකක් කිව්වද හැබෑටම? දැනට රුසියාවට පුටින් හැර වෙන විකල්පයක් නෑ තමයි. ඒත් විකල්ප වලට පුටින් ඉඩ දෙන්නෙත් නෑ නේද?

      //...අපි 2016 ගිය වෙලේ දැක්ක මොස්කව් වල සල්ලි තියෙන උන්ගේ සයිස් එක//

      හ්ම්... සම්පත් බෙදීයාමේ/ආදායම් විශමතා, සමාජවාදී පන්නරයක් තිබ්බ රටක් නැවතිච්ච තැන. ඉස්සර ඉකනොත් කිව්වා, රජය මැදහත් නොවුනොත් සිස්ටම් එක සෙල්ෆ් රෙගියුලේට් වෙනව කියලා. ඒත් දැන් ඉකනොගෙ මතය, ධනවාදය මඟින් ආර්ථික දියුණුවත්, සුබසාධන/ලිබරල් මඟින්(රාජය මැදිහත් වීමෙන්) ආදායම් විශමතා අඩුකරන මැදමාවතේ දේශපාලනක් වඩා(බටහිර තියෙන්නෙ මෙහෙම එකක්) හොඳ බවයි.චීනෙ/රුසියාවෙ ක්‍රියාත්මක වෙන්නෙ, බටහිරවත් නැති අන්ත ධනවාදයක් බවයි හැඟෙන්නෙ. ට්‍රිකල් ඩවුන් ඉකනොමි ගැන මගේ පැහැදීමක් නෑ. චීනෙ 996 වර්ක් කල්චර් වගේ ඒව ආවෙ, හුදී ජනයාව හූරා කන්න නේද?

      /මම බටහිරට කැමැති ඒ රටවල් දෙකටම වඩා හොඳට ප්‍රජතන්ත්‍ර වාදය සහ මානුෂික නිදහස ස අයිතිවාසිකම් තියෙන නිසා//

      හ්ම්...

      Delete
    6. //චීනෙ/රුසියාවෙ ක්‍රියාත්මක වෙන්නෙ, බටහිරවත් නැති අන්ත ධනවාදයක් බවයි හැඟෙන්නෙ.// මේකට මම එකඟ නැහැ. බටහිර විශ්සේශයෙන් ඇමරිකාව සහ එංගලන්තය නැග්ගේ කොහොමද? එංගලනත්යේ වික්ටෝරිය රැජින මුහුදු කොල්ලකරුවෝ නඩත්තු කළා. රටවල් කොල්ල කෑව. අනිකුත් රටවල ජනතාවගේ සහ තමන්ගේ රටේ ජනතාවගේ ශ්‍රමය දරුණු විධිහට සූරා කෑව. මෙහෙ පතල් ගැන හල ටියෙනේවද? අම්මල ළමයින්ගෙන් වෙන් කල වර්ක් හවුස් ගැන අහල තියෙනවද? එතකොට ආදී වාසීන්ට සහ කළු මිනිසුන්ට අමෙරිකාව සලකපු සහ සලකන හැටි. අදත් කළු මිනිස්සු තමයි වදිපුඅරම හිර ගෙවල් වල ඉන්නේ. එක්තරා අන්දමක ආදායම් ඉපැයීමක් .https://www.npr.org/sections/codeswitch/2014/03/13/289000532/why-for-profit-prisons-house-more-inmates-of-color?t=1640522189918
      එකොන් මේවා ලියනවා මම දැකල නැහැ. ලියන්න ඇති සමහරවිට.
      //The concept of racial disparities behind bars is not exactly a new one. Study after report after working group has found a version of the same conclusion. The Sentencing Project estimates 1 in 3 black men will spend time behind bars during their lifetime, compared with 1 in 6 Latino men and 1 in 17 white men. Arrest rates for marijuana possession are four times as high for black Americans as for white. Black men spend an average of 20 percent longer behind bars in federal prisons than their white peers for the same crimes.//
      ඉතින් මම කියන්න හදන්නේ ඇමෙරිකාවේ මුල් කාලේ ධනවාදය එතරම් හොඳ නැහැ. අද තියෙනේ තත්වෙට එන්න සෑහෙන කාලයක් ගියා. පුටින් හා ෂින් ගේ ඒකාධිපතිවාදය ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ තිබුනා. වෙනත් විධිහකට. ඒකයි මම කියන්නේ මුදල් එනකොට , තමන්ගේ ආර්ථිකය වෙනස් වෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. වඩා නිදහස ඕන වෙනවා. ඒක චීනා ටත් රුස්සටත් වෙනවා. දැනටමත් වෙමින් පවතිනවා. පිටරට ඉගෙන ගන්න එන චීනෙක් ගෙන් අහල බලන්න. රුස්සෙක් ගෙන් අහල බලන්න.

      Delete
    7. හ්ම් මට මේ දවස් වල තවත් දෙයක් තමයි යුරෝපයට සහ ඇමෙරිකාවට මේ තත්වෙට දියුණු වෙන්න අවුරුදු 300 පමණ ගියා. බටහිර ජර්මනිය, ජපානය සම්පුර්ණයෙන්ම වගේ විනාශ වෙලා ඇමෙරිකන් මාර්ෂල් ක්‍රම යටතේ ඉතා ඉක්මනින් දියුණු වුනා. සෝවියට් දේශය ඇමෙරිකාවට ෆයිට් එකක් දෙන තරමට (ඇමෙරිකන් නයත් අරගෙන ) දියුණු වුනා, 1945 පස්සේ සම්පුරණයෙන් ෆ්ලැට් වෙලා තිබිල. එහම් වුනේ කොහොමද?

      Delete
    8. රුසියාවෙ මස්කටු හිඟද?

      Delete
    9. අපොටි නෑ පූටියා සහ එයාගේ බිලියනර් යාළුවන් විසි කරන ඒවා ඕන තරම්

      Delete
    10. මෙන්න මෙතන තියනවා විස්තර ටිකක්.
      https://www.youtube.com/watch?v=rLj89v2dV_Q

      පහල කමෙන්ට් මොස්කව් වල ජීවත්වෙන ඇවරේජ් රුසියානුවන් කතා කරනවා. ඔවුන්ගෙ විශ්ලේෂණය, පිටින් ඉඳන් රුසියාව කියවන අපට වඩා නිවැරදියි කියලයි, ම්ට හිතෙන්නෙ.

      Delete
    11. ඕක හැම තැනම තියෙන දෙයක්. එංගලන්තේ ගැන බලන්නකෝ. මෙහෙ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වුනත් ලංකාවේ ඒක ලොකුවට දානවා . මෙන් සුද්දට කෙල වෙලා කියල. මොකද අපේ මිනිස්සු "අවිඥානිකව " කැමතියි එහෙම වෙනවට. කොලනියක් වෙච්ච නිසා. සුද්දෝ හා ඇමෙරිකානුවෝ කැමතියි රුස්සට කෙල වෙනවට. එනිසා නිව්ස් යන්නේ රුසියාව අපායක් වගේ. චීන්නු නිව්ස් දෙන්නේ යුරෝපය හොඳ රවට්ටලා වැඩක් ගන්න කියල. ඔන්න ඔය වගේ. හැම රටේම හොඳ නරක දෙකම තියෙනවා.

      Delete
    12. ඔව්, ඒ "අවිඥානිකව" එන පක්ශග්‍රාහීබව මටත් දැණිල තියනවා.වීඩියෝවෙ රුස්සො අවංකව ඇත්ත කියනවා කියල හිතෙනවා. මතුපිටින් පේන පැරණි සෝවියට් විහිළු කතාව" මම අහවල් රටට අකමැති, මම එහේ ගිහිල්ලා නැති නිසා" යටින් තියෙන කතාව, සමහර කමෙන්ට්වලදී, සාධාරණ පැහැදිලි කිරීමක් කරනවා.අර එකෙක් කිව්වා , අකමැතිම රට කැනඩාව, හේතුව ඉංරිසි/ප්‍රංශ කළවම් අවුල කියලත්. 🤔😂🤣

      Delete
  14. ලබන ඖරුධ්ඩ නයිරෝගීමත්, සැපවුත් සෞබ උපන් අවුරුද්දැහැක් වේවා බස්පා!!

    ReplyDelete
    Replies
    1. නමියාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  15. ඔයා කොම්පියුටර් ජිල්මාට් ගැන දන්න බව පේන නිසයි අහන්නේ.
    මට මුර්දුකාංගයක් හදන්න අවශ්‍ය වෙලා තියෙනවා.
    ඒකෙන් තායි බාශාවෙන් ලියලා තියෙන ඡේදයක වචන සහ වාක්‍ය වෙන්කල හැකිවිය යුතුයි.
    තායි බාසාවෙන් ලියද්දි වචන වෙන්කරන්නේ නෑ.
    මේ සඳහා තායි වාග් කෝශයක් අවශ්‍යයි.
    ඒකක් බාගත කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔහොම ඕපන් සෝස් ඇප් එකක් තිබ්බා වගේ මතකයි, කැමති භාෂාවක ඩික්ෂනරි ෆයිල් එක බාගත කරන්න ඇහැකි. මතක විදිහට ෆයිල් එක්ටෙන්ෂන් එක .dict

      ගූගල් වලින් තමයි හොයන්න ඕනෙ, GitHub පැත්තෙ ගියොත්. බාගදා ඇති. මතක ඔය ටික විතරයි.

      Delete
  16. බස්පගෙන් නේ ඇහුවෙ. මං ඔය මක්කාවත් දන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. මාත් ඔය මක්කාවත් දන්නෙ නෑ😂

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code