Apr 27, 2022

කපුටු සැමරුම් දිනය

කොමිස්, කොමිස්
අන්තර්ජාතික කපුටන් සැමරීමේ දිනය අදයි.  පොඩි කාලෙ රචනාව ලියන්න " කපුටා ගොවියාගේ මිතුරෙකි" කියල තමයි ඉගැන්නුවෙ.  ඊට පස්සෙ කපුටො ඔහේ හිටියා, අපිත් මෙහේ හිටියා. ඊළඟට කපුටො වෙනුවෙන් යමක් කලේ අපේ අපේ නන්දිවිසාල මැතිතුමා තමයි. ඔය ජාතියේ පංචායුදේ, අප්පුච්චගෙ දෑත් සක්තිමත් කරපු කාලෙ,  නන්දිවිසාල මැතිතුමා, හැටනම දහසක ගැල් හමුදාවකට නායක වෙලා හිටියා, ආන්න ඒ කාලෙ හැටේ වත්ත, අටේ වත්ත වගේ   කොළඹ වටිනා ඉඩම්, කොළඹ පේමන්ට් කාක්කො අයිති කරගෙන හිටියා.

අපේ මැතිතුමා, කොළඹ  කාක්කොන්ට ආප්ප තට්ටු නිවාස හදලා දුන්නා. ඔය එකෙක්, දෙන්නෙක් තප්පුලෑවා තමයි, රම්නවිරුවොන්ට කියලා දැන් කානු කප්පෝනවා කියලා. සමහරු නං කියන්නෙ, කෝටි ගාණක් වටින ඉඩං ටිකට බැස්ටිය දුන්නා කියලයි. අමූලික බොරු නෙව? ඔය වගේම බොරුවක් නෙව, දැන් ලොවෙත් නැති වියත්මගේ කස්ටිය අපේ මැතිඳාව කාබනික පෝර උගුලට රවට්ටන් ගියයි කියන කතාව? අමූලික බොරු, අරන් ගියේ නෑ, දක්කගෙන ගියේ. අනික,  එතුමා ඒක කලේ, කෘෂි-රසායන කාක්කොන්ට අගුණ නිසයි.

ඊලඟට කපුටොන්ට නිසිතැන ලබා දෙන්නෙ අපේ මොළ-හතානෝ. එතුමා කපුටො යොදාගෙන , කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩ සටහනක් ඉදිරිපත් කරනවා. කබරා නං කිව්වෙ, එතුමා කපුටොන්ගෙනුත් 10% ඉල්ලුව කියලයි. 

ඇමරිකන් කපුටා







නිකං කපුටා

 පුතාණෝගෙ සාටක කපුටා

යන්නෑ, පුළුවන් නං යවපං යකෝ



මේ හැබෑටම, මයිනා කියන්නෙත් පොඩි කපුටො ජාතියක්ද?

අද්භූත යැයි බොහෝවිට  වරදවා තේරුම්ගත් , Corvus පවුලට අයත්, මේ අපූරු, බුද්ධිමත් පක්ෂීන්, පඩි නොලබන(ගරු සේවය) පරිසරයේ කසල ශෝධකයන්‍ වේ. වනාන්තර ප්‍රතිවර්ධනය සඳහා අවශ්‍ය ඇට(seeds) ප්‍රවාහනය සහ ගබඩාකිරීමට සහය වෙන මේ සතුන්, අපේ පරිසර පද්ධතියේ වැදගත් සාමාජිකයින් වෙයි. කපුටන් සැමරීමට, ජාත්‍යන්තර දිනයක් වෙන් වන්නේ එබැවිනි.  

එබැවින් රටේ ඉහලම තනතුරට කපුටෙක් යෝජනා කරමි. එවිට අතිගරු  කපුටා, නෑඳෑ සංග්‍රහවලට ලැදි නිසා, නොබෝ දිනකින් තනතුරු 225ටම කපුටන් පත්වනු ඇත. උත්තරීතර ගවගාලේ, කපුටන් සඳහා වෙනම භෝජනාගාරයක් පවත්වා ගැනීමට එතරම් මුදලක් වැය නොවන්නේ, ඉතුරුවන මාලු ඔලු සහ කසල ඒ සඳහා යොදා ගත හැකි බැවිනි. කපුටන්ට පියාපත් ඇති නිසා, වාහන සඳහාද මුදලක් වැය නොවේ. දැනට ගවගාලේ ඉන්නා 225 තප්පුලනවාට වඩා සද්දෙට කපුටන්ට කරව් කල හැක.  කමිටු පත් කිරීම, කාඩ් කුට්ටම ඇනීම සහ ජරාව කෑම කපුටන්ට කල නොහැකි දේවල් නොවේ.



මේව්වා ලියන්න ගිහින් මාව පයින් ගහලා ගෙදරින් එලියට දැම්මා. 
වියත්මග ඔයත් මග, මාත් මග.

කපුටන්, මයිනන් එලවීම ආරම්භයක් මිස, අර්බුදයට විසඳුමක් නොවන්නේ කපුටන් වැඩියෙන් කෑ නමුත්, සැවොම මේ අර්බුදයේ කොටස් කරුවන් වන බැවිනි. අවුරුදු 75 ක් තිස්සේ කවදා හෝ කෙලවෙන බව දැන, දැනම ණයට අරං කෑ බැවිනි. වතු කම්කරුවන් නෙලන තේ ටික, "ගාමන්ට් කෑලි" රෑ නිදි මරාගෙන මසා රටයවන ඇඳුම් ටික, ගෑණු අරාබියේ ගෘහසේවයට ගොස් එවන මුදලින් පාටි දැමූ හෙයිනි. සියලුම දෙමව්පියන්ට, තම දරුවන් "ඉන්ජෙක් හෝ ඩොකෙක්" කිරීමට අවශ්‍ය වූ බැවිනි. රටේ ආර්ථිකය බංකොලෙත් කලත්, තාමත් කපුටන් රට ගොඩ දාවි යැයි සිතන්නන් සිටින හෙයිනි. කපුටන් එලවන තෙක් කුරුමානන් අල්ලන "ගිජු ලිහිනියන්" සිටින බැවිනි.

වෙනස් විය යුත්තේ සමාජගතවී ඇති මේ "පරපුටු" කපුටු සංස්කෘතියයි.  

ඩාම් වෙනව ඩූම් වෙනව:


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

46 comments:

  1. //මේ හැබෑටම, මයිනා කියන්නෙත් පොඩි කපුටො ජාතියක්ද?//

    ඉංගිරිසියෙන් මයිනා Myna/Mynah කියලා හඳුන්වන්නේ ගොංකවඩියානේ.

    ඊයේ පෙරේදා දවසකත් මම මේ ගැන කොහේ හරි ලිව්වා.

    පර බසින් මයිනා කියනවා වෙනුවට, හුදු හෙලුවෙන්, ගොංකවඩියා කියලා කියන එක අපිට කොච්චර ආඩම්බරයක්ද?.

    ReplyDelete
    Replies
    1. ගොං-කවඩියා? නන්දිගෙ රෙදි අපුල්ලන වැඩෙත් කරන එකේ, ඒක නං අපූරුවට ගැලපෙන නම.

      Delete
    2. කවඩියට ඒව මේව කියල සරාට අහුවෙන්න එපා විස්තරේ.

      Delete
    3. අනේ අපි එහෙමත් කරනවද? ගොං-කවඩි කුළුණ, කවඩි-ලංකා ගුවන් සේවය, කවඩි චින්තනය, ගොං-කවඩි වරාය කියල විතරමයි කිව්වෙ.

      ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි

      Delete
  2. කපුටා කෑමට ලොල් හොරකමට ලේසියෙන්ම පෙලබෙන නෑ සනුහරේට සලකාගෙන ඉන්න සතෙක්..බැලින්නම් ඌ අර හත්මොළ කම්බහොරාට සමානයි නෙව... කාකයා සෙනසුරාගේ වෙහිකල් එක නිසාද කොහෙද චී ලංකාවාසී අපිටත් හෙනහුරා ලබලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආසියාවෙ සවු-බාගෙ කරවනවා කියල තමයි ගොං-කවඩියා කිව්වෙ. කොහෙද, මේ වාහෙලා කරන්න දුන්නෙ නෑනෙ? නන්දිවිසාල කිව්වලු, රට ගොඩ දාලා මිසක් යන්නෙ නෑ කියලා.

      Delete
  3. අතිගරු බස්සා තුමාගෙ කපුටාස් හිට් ද බ්ලොග් පෝස්ට් එක අගෙයි නෙ.

    ReplyDelete
    Replies
    1. නාග අනුමැතිය ලැබෙනවා කියන්න, ඔස්කාර් සම්මානයක් ලැබුනා හා සමානයි.

      Delete
  4. https://mothership.sg/2021/02/woodpeckers-mynas-hampstead-fight/

    ReplyDelete
    Replies
    1. මූව දීයා කන්න එපෑ? අපේ මයිනා වගේම තමයි.

      Delete
    2. නෑහ්! මෛනෙක්නං කොයි සාටකේ?

      Delete
    3. https://www.jamaalcashmere.com/product-page/mynah-jaldaar-pashmina-shawl

      Delete
  5. කපුටන්ට උපහාර පිණිස අද ගායනා කරමු.

    කොහෙ බැලුවත් වටේ ඉන්න, පනං අටට නිතර විදින
    මිනිස් වෙසින් අපට කොටන, කපුටු යාළුවෝ

    හිතවත්කම ඇඳුනුම්කම පෙන්න පෙන්න කිට්ටු වෙනව
    ඤාති කමට යාලු කමට විශ්වාසෙට තැන ලැබෙනව
    හෙමින් හෙමින් කුරුමානම තමන් මල්ල පුරවගන්න
    හිටපු ගමන් පැදුරටවත් නොකිය පනින,
    කට්ට කපටි කයිරාටික කපුටු යාළුවෝ

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා නියම කවිය.👌 මට නිදිට වගේ හිටිවන කවි කියන්න දැණුමක් නෑ. හෙමීට හිතලා ලියන්නම්.🤔

      Delete
    2. නෑ නෑ අප්පේ.. මේක මේ කාලතරණය කරපු කෙනෙක් ලියපු හද්ද පරණ (ඒත් පරණ වෙන්නේ නැති) සින්දුවක්

      බසුහාමි යූ බටේ භාවිතා කරන නිසා මම හිතුවේ මේක දැකලා ඇති කියල.

      මේ ඔරිජිනල් එක:
      https://www.youtube.com/watch?v=ZfPLDh2xA1o
      සිරස ලක්ෂපති එකේ මේ ගැන වෙච්ච කතාබහ:
      https://www.youtube.com/watch?v=ajplPEwb9Dc

      Delete
    3. යූ බටේ අපිට ඔව්වා දුන්නෙ නෑ, අපෙ හාමදුරුවනේ. යූ බටේ රෙකමන්ඩේෂන් ලිස්ට් එකේ එන්නෙ චිකන් ගැන විස්තර
      https://www.youtube.com/watch?v=_waRQYbtO3g

      Delete
  6. නිගා දෙන්න එපා අපට
    අපෙන් වැඩක් වෙනව රටට
    මිනිස් කපුටො වැඩි වුණාට
    මක් කරමුද අපි හැබෑට?

    10 පර්සන්ට් නොම ඉල්ලා
    කසල අයින් කරවාලා
    පරිසරයත් රැක දීලා
    වෙහෙසෙන්නෙමු පඩි නොබලා

    එවතැකි නම් ඔය කපුටා
    කොහොමෙන් හරි අප ළඟටා
    රෑනම එකතුව එකටා
    කොටා මරන්නෙමු පුකටා!

    හත්තිකේ, තුන්වෙනි කවියේ අන්තිම වචනේ කොටද්දී පු ඉස්සර වෙලා! සොරි මෙයාලා!!

    ReplyDelete
    Replies
    1. හා, හා උපාසක, අන්තිම වචනෙ තමයි හොඳම එක. අනික, ඕක කුණුහරපයක් නෙමෙයි කියලා රසිකලොජිස්ට්(හිටපු කකා) කියල තියනවා. පට්ට කවිය, හිනා වෙලා පණ ගියා.

      Delete
  7. බෂ්ෂෙක් විසින් කපුටු ජීවිතය විස්තර කළ වගයි....

    ReplyDelete
    Replies
    1. කපුටු සාත්තරේ හරි.....

      Delete
    2. කපුටු සාත්තරෙත් හරි, කපුටු සූත්තරෙත් හරි 😂

      Delete
  8. https://www.youtube.com/watch?v=_ih1fGbQvmw
    මේ වීඩියෝවෙන් කිංස්ලි නබි තුමා මේ කාලයේ කිතුනුවෙක් හැසිරිය යුතු අන්දම ඉතා හොඳින් පැහැදිලි කරදෙනවා.
    එහිදී එතුමා උදාහරණය හැටියට ගන්නේ මිත්‍යාදෘෂ්ඨික රජවරු කිප දෙනෙක් සමගම නපුංසකයෙක් විදියට සේවය කල දානියෙල් නබිතුමාවයි.

    ReplyDelete
  9. හැමෝම අර්බුධයේ කොටස්කරුවෝ නම් අපිටත් කාක් ජාන තියෙනවා ne

    ReplyDelete
    Replies
    1. කොටස්කරුවෝ කිව්වෙ මාත් ඇතුලුව. මගෙ කාක් ජාන තියෙනව කියල මට හිතිල තියනවා. වැරදි වෙන්නත් ඇහැකි, මේක මගේ මතය නිසා. මිනිස්සු කියන්නෙ කලු-සුදු චරිත කියලයි මට හිතෙන්නෙ. අපේ කැලෑ ගති ඉස්මතු නොවී තියෙන්නෙ, සමාජ ආචාරධර්ම සහ විනය සහ හොඳ පුරුදු නිසා කියලයි මට හිතෙන්නෙ.

      වටේම කාක්කො ඉන්න පාර්ලිමේන්තුවට ගියොත්, මටත් නිකම්ම "කාක්" කියවෙන්නත් ඉඩ තියනවා. පාර්ලිමේන්තුව කපුටන්ගෙ, හැන්ද අතේ නිසා, ඇති තරම් බෙදා ගන්න එක පුදුමයකුත් නෙමෙයි. වරප්‍රසද කප්පදු කල, දැඩි විනයක් ඇති, කරන දේවල් වලට වගකියන දේශපාලනයක් අවශ්‍යයි කියලයි හිතෙන්නෙ.

      Delete
  10. බස්සෝ කපුටෝ එක්ක තරහද? මේ සයිබීරියාවේ කපුටෝ https://sibirds.ru/v2taxon.php?s=734&l=en

    ReplyDelete
    Replies
    1. මට ඉස්සර ලොකු ප්‍රශ්ණයක් තිබුනා, කූඩුත් නැති කපුටො වින්ටර් එකට ඉන්නෙ කොහොමද කියලා. හිම උඩ පිනුම් ගහන කපුටො , සීතලට හුරු වෙච්ච වර්ගයක් වගෙයි පේන්නෙ. ඒත් අපේ පලාතෙ ඉන්න කපුටො, එන්නෙ වින්ටර් ඉවර වේගන යන කොටයි.

      Delete
    2. වින්ටර් එකේ උන් කන්නේ කොහොමද?

      Delete
    3. බාගදා මෙහෙම වෙන්ටෑ?
      https://www.audubon.org/news/some-birds-enter-hibernation-state-called-torpor-survive-winters-chill

      Delete
  11. ඊයේ පෙරේද ඇවිදින්න ගිහින් ගත්ත බස්සන්ගේ පින්තුර ටිකක්. බ්ලොග් ලිපියක් තමා දාන්න වෙන්නේ බලන්න.

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් බස්සොද? හොඳ අදහසක්. මේකත් හොඳ ලිපියක්:
      https://chandimagomes.blogspot.com

      Delete
  12. බෂ්.. අහස් යාත්‍රික බ්ලොග් එකේ උන්දට post දාන්න බෑ... බ්ලෝග තියෙන්නෙ draft විදිහට කියල පෙන්න්නනවා නෙව.

    ReplyDelete
    Replies
    1. "post දාන්න බෑ" කියන එක පැහැදිලි නෑ. මම දන්න, එහෙම වෙන එකම අවස්ථාව පෝස්ට් එක ලියපු එකවුන්ට් එකෙන් නැතුව, වෙන එකවුන්ට් එකකින් ලොග් වුනාම විතරයි.

      Delete
    2. අනේ මන්ද. අන්න දැන් යන්නත් බෑ....

      Delete
  13. හුටා! මං මේක කියවල නෑනෙ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඇවිත් ගියාම මඳෑ, ආවයි කියල මුකුත් කියන්න නිදහසකුත් නෑ නෙව?

      Delete
  14. https://sandinisp11.wordpress.com/2022/05/03/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0-%e0%b6%b7%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b7%93%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1/

    ReplyDelete
    Replies
    1. හුටා!. අමතක වෙලා තිබ්බ, දරුණු කල්ට් කතාවක්. බැලුවා.

      Delete
  15. මට windows 10 x64 pro 21H2 අළුත්ම පිටපතක් ගන්න පුළුවන් ලිංකුවක් හොයලා දෙනවද? DVD එකකට කොපි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. OEM කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ පේජ් එකේ "Download Tool Now" වලින් DVD එකක් හදා ගත්තෑකි. ඇයි USB stick එකකට දාගන්නෙ නැත්තෙ?

      https://www.microsoft.com/en-ca/software-download/windows10

      OEM - Original Equipment Manufacturer. Microsoft, Dell, Acer වගේ ලොකු කම්පැනිවලට, තොග වශයෙන්, අඩුවට ඉෂූ කරන ලයිෂන් එකක්. එච්චරම නම්‍යශීලී නෑ, වෙන කම්පුටර් ඇක්ටිවේට් කරන්න අමාරුයි.

      Delete
    2. මේකයි වුනේ,
      දැන් පරිගනකයේ windows update සහ microsoft store update කියා කරන්නේ නෑ.
      මුලින් windows diffender මෘදුකාංගයට පිවිසෙන්නත් බැරුව තිබිලා දැන් හරිගියා.
      මට හිතෙන්නේ advanced windows care ක්‍රැක් අනුවාදයක් ස්ථාපනයට ගිහින් වුන දෙයක්.
      පුළුවන් නම් විසඳුමක් දෙන්න.

      windows 11හේ තාම තියෙන්නේ පරන කාර්ය තීරයමද? මම ඒකට අකමැති වෙන්න ප්‍රධාන හේතුවත් ඒකයි

      Delete
    3. හ්ම්....අර්බුදකාරී තත්ත්වයක්. ක්‍රැක් අනුවාදය සෑහෙන හානියක් කරලා වගෙයි පේන්නෙ.
      ඔබට "රෝල් බැක්" වියහැකි රෙස්ටෝර් පොයින්ට් එකක් හෝ බැකප් කොපියක් නැහැයි හිතුවොත් ඊළඟ විසඳුම System File Checker.
      Type sfc /scannow at the Administrative command prompt.

      https://support.microsoft.com/en-us/windows/using-system-file-checker-in-windows-365e0031-36b1-6031-f804-8fd86e0ef4ca

      මේකෙන් windows update සහ windows defender අප්ඩේට් කරගත හැකි තත්ත්වයක් ආවොත්, සම්පූර්ණ- දීර්ඝ windows defender scan එකක් කරන්න ඇහැකියි. මේ එකක්වත් කරන්න බැරි නං, Windows recovery උත්සාහ කර බැලිය හැකියි.

      Delete
    4. Windows 11 ගැන දැන් මට නං කියන්න තරම්, චෝදනාවක් නෑ. කාර්ය තීරය, Windows 10 වගේම සකසා ගන්න පහසුකම් දීලා තියනවා. Start Menu වලත්, Windows 10 වගේම ඇප් ගෲප් පවා තියනවා.

      පැහැදිලිවම පේන දෙයක් තමයි, අඩුම ගණනේ දින දෙකට වතාවක්වත් windows defender updates එන එකත්, එහෙම ආ විගසම, side-bar message එකකි දැණුම් දෙන එකත්. ඒ අතින් බැලුවාම, Windows 10ට කුඩම්මගෙ සැලකිලි වගෙයි පේන්නෙ. Windows 11 අළුත් Windows file manager, Task Manager වුනත්, වැඩි දියුණු කරලයි තියෙන්නෙ. ඔබට Windows 11 යා හැකි නං, ඔය ප්‍රශ්ණ ලේසියෙන්ම විසඳේවි. අකමැති නං, දින දහයක් ඇතුලත් නැවත පැරණි Windows 10ට යා හැකි නිසා, රිස්ක් එකක් නෑ. මම මේ "රෝල්බැක්" එක අත්හදා බලල තියනවා. වේගවත් සහකාර්‍යක්ෂමයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code