Jul 13, 2022

පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය

හොම්බ දිග කැමරාවක්
හොඳ ඩිජිටල් කැමරාවක් යනු "හොම්බේ" දිග සහ ඉමේජ් සෙන්සරයේ ධාරිතාව මතම තීරණය කල කාලයක් තිබුනි. ඒත් මොබයිල් කැමරා තාක්ෂණය නිසා, මේ හැම දෙයක්ම වෙනස් විය. 

මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත.  ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.

දිග විශාල ලෙන්ස්, මොබයිල් ෆෝන්වල ස්ථාපිත කල නොහැකි නිසා, මේ මොබයිල් කැමරා තාක්ෂණය දැන් යන්නෙ වෙනම පාරකය. Apple, Samsung, Xiaomi, Huawei වැනි මොබයිල් ෆෝන් දෑවැන්තයොන්ගෙ කැමරා ෆෝන් අංශ වලට  දහස් ගාණක් සේවයට බඳවා ගත්තේ එබැවිනි.

Huawei  දිග ලෙන්ස් එකක් දෙකට තුනට නමලා, ෆෝන් එකකට ඔබන්න උත්සහයක් ගත් නමුදු, අනිත් කොම්පැණි, අනුගමනය කලේ මල්ටි-ලෙන්ස් ක්‍රමවේදයයි. මේ ක්‍රමයට, ෆෝන්වල අඩු නැතිව තියෙන ප්‍රොසෙසින් පවර් එක, ලෙන්ස් පැත්තෙන් එන සීමාවල් නිසා වෙන අඩුව පුරවනු ලැබේ. මෙහිදී භාවිතා වෙන එක ක්‍රමවේදයක්, "ඉමේජ් ස්ටැකින්" ලෙස හැඳින්වේ.මේ ක්‍රමයේදී, පහත ඇති මැස්සාගේ පිංතූර රාමු 1 සහ 2  භාවිතයෙන් මැස්සාගේ කොන් දෙකම ෆෝකස් වී ඇති 3 වැනි රූප රාමුව ගණනය කිරීමක් සිදු වේ.නූතන මොබයිල් ෆෝන් වලින් සුපර් මැක්‍රෝ පිංතූර පහසුවෙන් ගන්න හැකි මේ නිසාය.

ඊට අමතර, කලින් වෙන වෙනම පිංතූර ගෙන, කම්පූටරයේ සාදා ගන්න වුන HDR -high dynamic range පිංතූර, දැන් කැමරා ෆෝන් ඒ වෙලාවෙම දීමත් සිදුවේ. අද මොබයිල් කැමරා තාක්ෂණය සඳහා කෘතීම බුද්ධිය(AI) සහ කලින් මැණ ගත් ඉමේජ් ඩේටා සහ ඇල්ගොරිතම සෑහෙන්න භාවිතාවේ. අද අපට ට්‍රයි-පොඩ් එකක් නැතුව පැහැදිලිව ෆෝකස් වූ පිංතූර ගත හැක්කේත්, වයිට්-බැලන්ස් ගැන අමතක කල හැක්කෙත් මේ ගණනය කිරීම් වලට පිං සිදුවන්නය.

අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණය කිරීමට, කලකට පෙර ඉතා මිළ අධික වෘතීය ඩිජිටල් කැමරාවන්ට පවා සරළව, එක එල්ලේ කල නොහැකි වූ දෙයකි. ඩිජිටල් කැමරා ආ මුල් කාලයේ, හොම්බ දිග කැමරාවක් කරේ තියාගන චාරිකාවක් ගිය මට, පෞරානික දෙව්මැදුරු ඇතුලේ එකදු සාර්ථක, අඩු ආලෝක පිංතූරයක්වත් ගත නොහැකි විය. ඒත් අද, මොබයිල් කැමරා තාක්ෂණය අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණයට සෑහීමකට පත්වියහැකි විසඳුම් සපයා ඇත.

මේ සම්පූර්ණ තාක්ෂණික විස්තර, භාවිතා කරන්නා දැණගන්න අවශ්‍යම නූනත්, පොදු දළ විශ්ලේෂණක් දැණගැනීම ප්‍රයෝජනවත් විය හැක. මේ මොබයිල් කැමරා තාක්ෂණය ගැන ඔබ උනන්දු නම්, වැඩිදුර දැණගන්න පහල වීඩියෝව බලන්න. ( ඔව්,ඔව් යූ-ටියුබ් වීඩීයෝවක් නැත්නම් ඒක බසු පෝස්ටුවක් නොවේ!🤣)




අපිට  ඇස් තුනේ-හතරෙ මිල අධික කැමරා ෆෝන් නෑ , හාංදුරුවනේ. තියෙන්නෙ ඔය පහල තියන චීන ෆෝන් කට්ට.මේ වීඩියෝව බැලුවට පස්සෙ, මෙච්චර කාළයක් තිබ්බා-ගත්තා චායාරූපකරණයේ යෙදුන බසුතොමෝ, කැමරා ඇප් එකේ තිබුණ "more...."  ඇටෑච් බාත් රූම් එකක් සොයා ගත් බව, සියලු බ්ලොග්වාසී හිතමිත්‍රාදීන්ට සන්තෝෂයෙන් දැණුම් දෙමි. ලාංකික දේශපාලනය ඉතිහාස ගතවන මේ තීරණාත්මක යුගයේ, තමන් අත ඇති ෆෝන් කැමරා වලින් ගන්නා චායාරූප, වීඩියෝ වැඩි වැඩියෙන් අපට දැකීමට හැකි වේවා! යන්න මගේ බලාපොරොත්තුවයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

57 comments:

  1. Replies
    1. පැත්ත කාපු ඇපොල්, ඇස් දෙකේ කැමරාවයි, ඇඟිලි සළකුණු කියවනය තියන ෆෝන් එකට මයෙ තට්ටකුයි, කකුලකුයි ඉල්ලුවා. මම චීන ෆෝන් එකට මාරු වුනා.😊

      Delete
  2. ඩිජිටල් කැමරා හැමෝටම ගන්නත් බෑ මේ කාලෙ, ගත්තත් පොටෝ අල්ලන්න විතරයි පුලුහං. ඒ නිසා මොබයිල් පොන් වලින් පොටෝ අල්ලන වැඩේට දෙන සහය වටිනවා... අහිම්සක ජහමනයාට🙏

    ReplyDelete
    Replies
    1. දේසේ හැටියට වාසේ
      කලොත් නේද සන්තෝසේ

      https://www.youtube.com/watch?v=xHvFHRPLvII
      පේන විදිහට ඉන්දියන්. මෙයාගෙ මොබයිල් චායාරූපකරණය ගැන, හොඳ වීඩියෝ කීපයක්ම තියනවා. වැඩිය පාවිච්චි කරන්නෙත් චීන ෆෝන්. අපට හොඳටම ගැලපෙනවා.

      Delete
    2. හුම්... ඒත් හොම්බ දිග කැමරාව අතට ඇන්න පොටෝ අල්ලද්දී දැනෙන ආධ්‍යාත්මික සුවය පොන් කට්ටෙන් එන්නෙ නැති එකනෙ වැඩේ බස්පෝ

      Delete
    3. හොම්බ දිගාට රැවටෙන්න එපා. ෆෝන් කැමරාව තාම අවතක්සේරු වෙලයි ඉන්නෙ. සෑහෙන්න ඉහල තත්ත්වයේ චායාරූප, නූතන චයිනීස් ෆෝන් වලිනුත් ගන්න ඇහැකියි. අවශ්‍ය වන්නේ "තිබ්බා-ගැහැව්වා" චායාරූපකරණයෙන් ටිකාක් ඔබ්බට යෑමට ඉගෙන ගැනීමයි.

      Delete
  3. ගෝඨා යනවායි කියලා තියෙන්නෙ පිටරටකට නෙව😂... අපිට පෝය දවසෙ හිට නුවණ පහල වුනේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඇයි ගුවන් හමුදාවෙ ඇන්ටනෝව් එකකින්, මාලදිවයිනට පැන්නා කියලා දිවයින පත්තරේ තිබ්බා නේද?

      Delete
  4. අපිටත් කමෙන්ට් දාන්න පුලුවන් සබ්ජෙක්ට් එක ගැන ලියන්නකො බසුතුමා. මේ නාකි අපිට දැන් තාක්ෂණය යන වේගෙ වැඩියි

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගැන ඕනවට වඩා හිතන්නෙ නැතුව, තාක්ෂණයෙන් ලැබෙන දේ, අපේ පහසුවට යොදාගන්න එකයි වෙන්න ඕනෙ.

      Delete
    2. ඒ වගේම ඒ තාක්ෂනය පාවිච්චි කරමින් දැන් කොල්ලො-කෙල්ලො කරන අරගලේ රඟ!
      මට හිතෙන්නේ මොබයිල් ෆෝන් (හරියටම ගැලපෙන නම් ඒකද මන්දා- ජංගමක් නැති ඇත්තෙක් මං.) නොවෙන්න, කොහොමද මේ තරමට තොරතුරු නියමාකාරව වාර්තා වෙන්නේ? දැන් පරම්පරාවේ හැමෝම වාර්තාකාරයෝ!

      Delete
    3. හෑ, එතකොට ඔය ගිය ට්‍රිප් වල පිංතූර ගන්න වෙනම කැමරාවක අරගෙන ගියාද?🤔

      Delete
  5. මමත් ඉස්සර කම්පනා කරේ ඇයි ඒ දිග හොම්බක් කියලා.
    ඉස්සර වරායට කැමරාවක් ගෙනියන්න හෙන ප්‍රොටොකෝල් එකක් ෆලෝ කරන්න ඕනා අනුමැතිය ගන්න. මොබයිල් ෆෝන් කැමරා ඒ ප්‍රොටෝකෝල්ස් බල්ලට යැව්වා....

    ReplyDelete
    Replies
    1. මොබයිල් ෆෝන් කැමරා නිසා තමයි, සම්ප්‍රධානුකූල දිග හොම්බ ලෙන්ස් ක්‍රමයෙන් මිදෙන්න විකල්පයක් ආවෙ. ඒත් දිග හොඹු ලෙන්ස්වලින් ලැබෙන විශේෂ වාසි නැත්තෙමත් නෑ. සාක්කුවේ දාගෙන යාහැකි වීම තමයි, මොබයිල් ෆෝන් කැමරාවෙ විශේෂත්වය.

      Delete
  6. https://www.chemistryworld.com/news/thousand-year-old-fox-snout-bag-held-potent-hallucinogens-/3010463.article

    ReplyDelete
    Replies
    1. කුඩ්ඩොගෙන් නරින්ට අපලයිද, එහෙම තමයි තේරුනේ? 🤔😮

      Delete
  7. වෙන හැම දේම හිර කරගෙන තකහනියේ
    ඒවා ලොවට දැක ගන්නට ප්‍රසිද්ධියේ
    දමන නිසයි, මෙහෙ අරගල පෙරට ගියේ
    ඒ පින උඹට, මතු බුදු වෙයි ජංගමයේ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජංගමයා සහ කැමරාවෙන් වුනේ තාක්ෂණික වගේම සමාජ විප්ලවයක්.

      Delete
  8. අපිට කොහෙන්ද ඉතිං දිග හොම්බවල්. මටත් පේන විදියට දැං පෝන් කැමරා මාර ඉස්මාර්ට් වෙලා.

    ලංකාවෙනං දැං කැබරා පෝන් කට්ටක් ගන්නත් සෑහෙන්න වියදං කරන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මට තේරෙනවා. තත්ත්වය ටිකක් හරි හොඳ අතට හැරෙන තෙක්, තියෙන ෆෝන් එක පරිස්සම් කරගන්න වෙයි.

      Delete
  9. තියාගන්නව ඔහෙගෙ AI එක.
    අර එක්කෙනෙක් AI දෙනවා කියල දුන්නේ දිවිල්ලක් ඇඩ්‍රස් නැතිවෙන්ඩම. ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ යන්ඩ එන්ඩ තැනක් නෑ සරණාගතයෙක් වගේ අයියෝ මාව මාලදිවයිනට ගෙනිහුං දාන්ඩ අයියෝ කියා කියා.
    අනේ මේ ලොකු ස' පරණ එක හොඳයි හොම්බ දිගේව නැතුවට කමක් නෑ 35 හරි 50mm ලෙන්ස් එකක් තිබ්බම හොඳටෝම ඇති.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මේක එච්චර අමාරු නෑ, මොලෙන් කල්පනා කරල තමයි කරන්න ඕනෙ. 😉
      මට වෙලාවකට හිතෙනවා, AI උන්නාන්සෙ කාබනික විප්ලවය ප්ලෑන ගැහුවෙ වෙන අවයවයකින් කම්පනා කරල වෙන්ටෑ කියල?🤔

      Delete
  10. ඔබ හරි බස්සා, මොබයිල් කැමරා වලින් ගන්න ෆොටෝ කොලිටිය පුදුම සහගතයි. දැන් නම් කැමරාවක් අතින් අල්ලපු කාලයක් මතක නැහැ. තරමක් හොම්බ දිග කැමරාවක් අපේ ගෙදරත් තියෙනවා. දැන් ඔන්න දූවිලි කමින් ලාච්චුවක. ජංගමයාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය දිග හොම්බලයි, අකුලන හොම්බලයි දුවිලි කන එක සුලභ සංසිද්ධියක් කියල හිත හදාගන්න.😂

      Delete
  11. අයියෝ බකුසු රාළහාමි මේ අප්පුහාමි හොම්බ දිග කැමරාවක් ලොකු සුපියල් ගානක් වියදම් කරලා ගත්තා ඒක දමන්න විදුලියෙන් වැඩකරනා වියලි කැබිනෙට්ටුවකුත් ගත්තා එත් ගහපු කෙහෙල්මලක් නැත. ඒ අටමගලේ උස්සාගෙන ගිහිල්ලා පොටෝ අල්ලනකොට කෙල්ලො කොල්ලෝ කුරුට්ටෝ ලස්සන ජංගමයන් අරන් පොටෝ කෑලී ගහනකොට ලැජ්ජාවේ පන යනවා නොවැ.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඕව්වා ඔහොම තමයි උපාසක. අරින්න එපා, බහින්න ජංගම චායාරූපකරණයට.🤣

      Delete
    2. අසංග භායි, ඕකට කියන්නෙ කම්මැලිකම.
      බැෂ්ටිය චාජ් කොරං ගාන්ඩ ෆුල් ඔටෝමැටික් සොට් දෙක තුනක්.
      ඉං පස්සෙ 'Aperture Priority Mode', A (Nikon) හෝ Av (Cannon). Sony ( ??) එකට සැට් කොරගන්ඩ.
      දැන් භායි සහබ්ට ඕනේ විදියට Aperture එක සැට් කොරගෙන එකසිය ගානට ගාන්ඩ (කැමරාව ISO ද ෂටර් ඉස්පීඩ් ද අරවද මෙව්වද බලාගනිවී)
      Aperture එක සැට් කිරීම මක්කද කියල දැනගන්ඩ ඕනෙමනං මේකේ තියෙන පින්තුරේ බලාගන්ඩ. හරිනේ.
      ලෙන්ස් දෙක තුනකිං අරං බඩ් කරනවා වගේ නෙවේ DSLR එක නියම රාත්තල!

      තව ඕනෙනං මෙන්න මේ උන්නැහේගේ චැනල් එක බලාන්ඩ.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. අර උන්නැහේගෙ ලින්ක් එකට යන්න බෑ.😞

      Delete
  12. ඔය හොම්බ දිග කැමරාවකින් පුළුවන් නේද පොත් පරිලෝකන යන්ත්‍රයක් හදන්න.
    https://qidenus.com/technologies/products/robotic-book-scanner/
    මා බ.අ.ජා.ස ශාලාවේ ප්‍රදර්ශනයකදි මේ යන්ත්‍රය දැක්කා.

    ReplyDelete
    Replies
    1. මොබයිල් කැමරාවකින් පොතේ පිටුවල පිංතූර අරගෙන PDF හදන බව නං දන්නවා. හොම්බ දිග කැමරාවක් යොදාගන්න එකේ විශේෂ වාසියක් මට නං පෙන්නෙ නෑ/දන්නෙ නෑ.🤔

      Delete
  13. දෙයක් ඇත්නම් එය සුදුස්සාටම ලැබිය යුතුයි.
    ගොවි දන මනා වූ. දිනිය යුතු වූ සේම ගම් බිම්.

    විධායක ජනපති විය යුත්තේ රනිල්මයි.

    ReplyDelete
    Replies
    1. හයවෙනි ඕවරයත් දැන් දාපු අගමැතී
      මහ බැංකුව ගැන හොඳට පලපුරුදු ඇතී
      පස්ස-වැගන් පැට්ටේරිය,ආවෙ නං නැතී
      වේල් දෙකක් කමුද පනේ, වැල් පාලමෙන් වැටී

      Delete
    2. බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකක් නං රනිල්ගෙන් වෙන එකක් නෑ. රනිල් හැමදාම පෙනී හිටියෙ ඔහු නියෝජනය කරන රෝයල් කොලීජී පැලැන්තිය වෙනුවෙන්.

      ඒත් ඔහුට රකින්න පරපුරක් හෝ දේශපාලන අනාගතයක් නැති නිසා, ජනප්‍රිය නොවන, ඒත් දැනට අත්‍යාවශ්‍ය දැඩි ආර්ථික තීරණ ගන්න, ඔහු සුදුසුයි කියන මතය තියනවා. කොහොමත් දේශපාලනය ගැන අනාවැකි කියන්න අමාරුයි.

      Delete
  14. රනිල් කියන්නේ මුගලන් හාමුදුරුවෝ වගේ කෙනෙක්.(මුගලන් හාමුදුරුවන්ගේ මරණය ගැන කිව්වේ)
    ඒ වගේ පින් වන්තයෙක් ජනපතිවිම රටටම ආශිර්වාදයක්.

    ReplyDelete
    Replies
    1. පව්-පිං ගැන නං දන්නෙ නෑ. ඇපෙත් නැතුව පැරදිලා, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු රනිල්, එච්චර ජනප්‍රිය චරිතයක් නොවන නිසා, ආශිර්වාදෙට ආවිස කොට වෙන්න නං ඉඩ තියනවා.

      Delete
    2. මහත්මයා ලංකාවේ තියෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයක්. එහිදී පරාජිත මන්ත්‍රීවරු කියලා දෙයක් නෑ. එක්කෙනෙක්ට වඩා වැඩි මනාප ප්‍රමාණයක් තව කෙනෙක්ට ලැබිලා තියෙනවා කියන එක විතරයි කියැවෙන්නේ.

      Delete
    3. රනිල් කියන හොර කොටියා, රට දෙකඩ කරන්න හදපු එකා, නොර්වේ එක්ක එකතු වෙලා , අන්තිමට ජගත් පතිරණගේ ගැලවුම් කාරයා කරපු එකට ගෝඨාභය මහත්තයා මේ ආත්මයේම නිවන් දකිනවා ආයුබෝවන්ඩ

      Delete
  15. අවිරුදු 200න් දෙසීයට අපලයි කියන්නෙ....
    https://kattakaduwa.blogspot.com/2022/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුළුවන්, ඒත් ඒක ඇහුවාම ඥාණා මෑණියො මතක්වෙන නිසා මම වචනෙට කැමති නෑ.
      https://www.youtube.com/watch?v=xY7rnGuuhwU
      මම ඉන්දියන් විශ්ලේෂණ කැමති නැති මුත්, මේක සෑහෙන නිවැරදියි කියල හිතුන.

      Delete
    2. කෝ බොල...... අලුත් පොස්ටුවක් නැත්තෙ ඇයි

      Delete
  16. මං ලඟත් දිග හොම්බක් තියනව නිකොන් එකක්., ඒකට සිග්මා දිග හොම්බකුත් ගත්ත. වැඩක් නැහැ. අයිෆෝන් එකේ පින්තූර නියමයි. මගේ ෆේස්බුක් එකේ හිටියනම් බසුට දැන ගන්න ලැබෙනවා ඒ පින්තුර ගැන.

    ReplyDelete
  17. දැන් මොබයිල් ෆෝන් වල නම් එක කැමරාවක් නෙවෙ තුන හතරක්ම තියෙනවා.

    ReplyDelete
  18. https://nilukakadurugamuwa.blogspot.com/2022/07/blog-post.html

    ReplyDelete
  19. දැන් ආයේ ලියන්න කාලේ හරි

    ReplyDelete
  20. මොකක්ද යස්සයො කරන්නෙ

    ReplyDelete
  21. ටෙස්ට් එක දිනුම්.. හැබැයි අපි බලන්න එද්දි මැච් එක ඉවරයි. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දෑව පරක්කුවට ලිස්සල ගෙහුං

      Delete
  22. ටෙස්ට් කොර කොර ඉන්නෙ? ගහමු වන්ඩේ ඉන්ටනැෂනල් පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. අඩේ මේ කමෙන්ට් එක ස්පෑම් තිබිල අදයි ගොඩ ගත්තෙ. සමාවෙන්න ඈ?

      Delete
  23. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
  24. කො කෘතීම බුද්දිය ගැන දාපු ලිපිය උපාලි

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code