Jun 8, 2023

ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා

වර්ෂ 1985  දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා,  ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.

අපේ කතා නායකයා, ජෝර්ජ් ගාට්නර්(Georg Gärtner) ඇමරිකාවේ සිටි නාසි යුධ සිරකරුවෙක්.  ජෝර්ජ් පැනලා ගියේ යුද්දෙ ඉවර වුනාම නිසා ඒකත් වරදක් නෙමෙයි. හොරෙන් ඇමරිකාවෙ හිටියයි කියන්නත් බෑ, ජෝර්ජ් ඇමරිකාවට ගෙනාවෙ, එයාගෙ කැමැත්තෙන් නොවන නිසා. ජෝර්ජ් යුධ අපරාදකාරයෙකුත් නෙමෙයි. තමන්ගෙ රට වෙනුවෙන් යුද්ද කල තවත් සොල්දාදුවෙක් විතරයි. හැංගිලා හිටිය අවු 40 කිසිම වරදකට අහුවෙලත් නෑ. ගොනු කරන්න චෝදනාවක් නැති නිසා FBI එක ජෝර්ජ්ව නිදහස් කරනවා.

සිර කඳවුරෙන් පනින්නෙ හොඳට ප්ලෑන් කරලා. පැනලා කඳවුර ලඟින් ඉබ්බ වේගෙන් යන බඩු කෝච්චියක එල්ලෙනවා. 


අවු 40ක් බලධාරීන්ට අසුනොවී ඉන්න, ජෝර්ජ් පාවිච්චි කරල තියෙන්නෙ සරල උපක්‍රමයක් - ඇනෝනිමස් භාවය. මෙලෝ යකෙකුට, තමන් කව්ද, තමන් ගෙ අතීතය කිව්වෙ නැති එක. කසාදයක් එහෙම බැඳගෙන, දන්න කරුමාන්තයක් කොරගෙන හිටිය අහිම්සක ජෝර්ජ්ට කෙලෙව්ව කවුරු කියලද හිතෙන්නෙ? අවු 40 ක් හැංගිලා හිටිය ජෝර්ජ් බලධාරීන්ට භාර වුනේ ඇයි කියන එක අනුවේදනීය කතාවක්. ඔව්, ඔව් ගෑනියෙක් තමයි. ඔය ඇමරිකන් ඩොටේ ගෑනු ඉන්නව නේද? හරියටම මේ අපේ ඇනෝල වගේමයි. ඕන්නැති මල හත්තිලව්වක් නෑ, මුළු පැටිකිරියම දැණගන්න කං නින්ද යන්නෙ නෑ.


ජෝර්ජ් කොච්චර හොඳ සැමියෙක් වුනත්, උන්දැගෙ මායියට ඉවසිල්ලක් නැති වෙනවා, ඇයි මූ මට පැරණි රසාංග නොකියන්නෙ කියන එක. ගෑණි තර්ජනය කරනවා. අපේ ජාතියෙ පොරක් වෙච්ච ජෝර්ජියා නෙමෙයි සැලෙන්නෙ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම ඉන්නවා, කට නොඇරම. ඒ වංගියෙ ගෑණිට මල පැනලා, ඇඳුම් පැක් කරගෙන ගෙදරින් යනවා. ජෝර්ජ්ට සංසාරෙම එපා වෙලා පොලෝසියට බාර වෙනවා. නෑ, එහෙම්ම නෙමෙයි වුනේ, කතාව හරියටම දැන ගන්න, වීඩියෝ එක බලපල්ලා. මට බෑ ඔක්කොම පරිවර්තනය කරන්න. 

    

අවුරුදු ගාණක් අනුන් ගෙ රටක හිටියාම, ඒකට ඇබ්බැහි වෙන ගතියක් තියනවා . පස්සෙ, උපන් ගම-රට වන, සමාජවාදී නැගෙනහිර ජර්මනියට ගිය ජෝර්ජ්ට තේරෙනවා, තමන්ට එහි ජීවිතයක් නැති බව.  දික්කසාද වුනු බිරිඳගේ,  කලින් කසාදෙ දරුවන් ගෙ දරුවොත්( ඔව්, එහෙ ඒම තමයි) ඔහුව සලකන්නෙ තමන්ගෙම සීයා ලෙස. ඒ කිසිම දේකින් ඔහු වැටුන බවක් පේන්නෙ නෑ. පලාතේ ජර්මන් කතාකරන මිතුරන් සමඟ සමාජගත වෙමින්, ඔහුගේ විනෝදාංශය වන චිත්‍ර අඳිමින් ජීවිතය ගතකරනවා.  බොහොම පරක්කු වෙලා, අවසානෙදි ඇමරිකාව ඔහුට පුරවැසිකම පිරිනමනවා 2009 දී. ඒත් 2013 දී වයස අවු 92 ආයු වළඳලා ඔහු මියයනවා. RIP Georg.

 උපත - 1920, විපත - 2013
ඔන්න ඔහොමයි පිංවතුනි, ගෑණියෙක් අහිම්සකයෙක්ව නැති කලේ. දැන් තේරෙනවා නේද අපි හැංගිලා ඉන්නෙ, ලිස්සලා යන්නෙ ඇයි කියලා?


Disclaimer: I may have butchered his German name. Apologies Mi'Lords. On the hindsight, if Americans can do that......    

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)          

55 comments:

  1. මම මේ දවස්වල alternative history පොත් කියවනවා. හිට්ලර් දිනුවනම් වගේ කල්පිත ඔය genre එකේ ෆේවරිට්.

    Why is your lordship worried .. disclaiming and apologizing ?
    https://www.howtopronounce.com/georg-gartner

    ඒක නෙමෙයි. කවුද පස්සියෙක් වාස්ප වෙනවයි කියල ආරංචියක් තිබුන. අපිත් බොයිලේරුවක් දානෙට දෙන්න හිටියෙ

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ජර්මන් සම්බන්ධය සෑහෙන ප්‍රබලයි. රට වටේම විසිරුනු "Pennsylvania Dutch" නමින් හැඳින්වෙන 17-18 සියවසේ සංක්‍රමණය වුන ජර්මන් මයිනෝරිටි එක ඉන්නවා. ට්‍රම්පුච්චගෙ දෙමව්පියෝ නං කෙලින්ම ජර්මන් සංක්‍රමණිකයො. ඒ තියා සුප්‍රකට ජනාධිපති අයිසන්හවර්ගෙත් ජර්මන් සම්භවයක් තියනවා. ඇමරිකන් යුදෙව්වන්ගෙ ආර්ථික/දේශපාලන බලය නිසා, ඒක ඉස්මතු වෙන්නෙ නෑ, එච්චරයි. හිට්ලර් පැරදුන හින්දා ජර්මානුවන්ගෙ සායම ගියාට, යුදෙව්වන්ගෙ ඉතිහාසගත පැටිකිරිය, අද දක්වාම එච්චරම හොඳ එකක් නං නෙමෙයි.

      හෑ, බොයිලේරුවක්? එතකොට අර රටක් වටින මැලියංතුමාගෙ වාෂ්පවීමට මොනවද දෙන්නෙ? උච්චාරණය පෙන්නුවාට ස්තූතියි, ඒත් මට බෑ නහය වහගෙන "හ්රොග්, හ්රොග්" ගාන්න. අවුල තියෙන්නෙ ලඟම ජර්මන් ඥාති සම්බන්ධයක් තියෙන මැලියංතුමාගෙන් බේරෙන එකයි.😉

      Delete
    2. ආජන්ටිනාවේ ජර්මන් සම්බන්ධයත් ප්‍රබලයි. ඔක්කොම පැනල ගිය නාසි ටික එහෙ ඉන්නේ 😀

      Delete
    3. මම හිතාන හිටියෙ ඔක්කොම නාසි මොල ටික ඇමරිකාවයි, රුසියාවයි ඩැහැගත්ත කියලයි.🤔

      Delete
    4. ඒ මොළ නේ. සල්ලි ටික ගත්තේ ආර්ජන්ටිනාව

      Delete
    5. කාලෙකට උඩදි මොකක් හරි සඟරාවක් තිබුන ලිපියක් එය ආර්ජන්ටිනාවේ ඉන්න නාසි ගැන. ඒ අයගෙ වාර්ෂික හමුවකට ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් එක්ක කෙනෙක් ආවට පස්සේ එතන ලොකු කලබලයක් වුන කතාවක්. ඒ ආවේ හිට්ලර් කියන සැකයක් තමයි එතන පෙන්නුවෙ.

      Delete
    6. නාසීන්, යුද්ධයේදී පැත්තක් නොගෙන හිටි ස්විට්සර්ලන්තයට පැන්නයි කියලයි හිතුවෙ. රහසිගත් ස්විස් බැංකු හිතුවාම, එතන ආර්ථික වාසියකුත් තියන නිසා. ආජන්ටිනා කතාව ගැන දැනගෙන හිටියෙ නෑ.

      Angel of Death (German: Todesengel) නමින් කුප්‍රකට Josef Mengele දොස්තර මියයන තෙක්ම ඉඳලා තියෙන්නෙ බ්‍රසීලයේ. ඊස්රායල් මොසාඩ් රහස් සේවය, නාසි යුධ අපරාදකරුවන් කීපදෙනෙක්ව හොයා ගත්තත්, සමහරු ලිස්සුවා.

      https://en.wikipedia.org/wiki/Josef_Mengele

      Delete
    7. කොලොනියා ඩිග්නිඩඩ් එක ගැන හොයල බලන්න. ෆිල්ම් එක බලන්න. https://en.wikipedia.org/wiki/Colonia_Dignidad

      Delete
    8. ඕකේ. ස්තූතියි.

      Delete
  2. //ඔන්න ඔහොමයි පිංවතුනි, ගෑණියෙක් අහිම්සකයෙක්ව නැති කලේ. දැන් තේරෙනවා නේද අපි හැංගිලා ඉන්නෙ, ලිස්සලා යන්නෙ ඇයි කියලා?//

    https://paslode.ca/product/new-cordless-impulse-framing-nailer/?gclid=CjwKCAjw-IWkBhBTEiwA2exyO4hkz-cxg8_eVWib64Z62xhnheogJzyqn_NK8pGatFWIF9Mm7nR2eRoCX3sQAvD_BwE

    ReplyDelete
    Replies
    1. බුදාම්මෝ! දැන් එව්වා කෝඩ්ලස්. මාට්ටු වුනොත්, තටුලස්.😢😮

      Delete
    2. මටත් අතුරුදහන් වෙන්නමයි හිත . ක්‍රම ක්‍රමයෙන් තමයි කරන්න ඕනේ

      Delete
    3. ඔය කොටස් වශයෙන් අතුරුදහන්වීම හරියාවිද ? විස්මලන්තෙ ඇලිස්ගෙ පූෂා විතරමයි එහෙම සාර්ථකව අතුරුදහන් වුනේ. අනික් ගොබිලො නං වාෂ්ප වුනේ සිං,සිං ගාලා තමයි. මේ හිටිය, මේ නෑ.

      Delete
    4. ඇත්තම කියනවා නං, ටික කාලයකට පෙර මම ඔය කොටස් වශයෙන් ලිස්සිම අත්හදා බැලුවා. ඒත් අපේ සත්ගුණවත් "පිරිත්පැන්" බොක්සරයා, මට තැපෑලෙන් බුරලා පණිවිඩයක් එව්වා. වැඩේ කියන්නෙ බ්ලොග් කියන්නෙ ඇබ්බැහි වෙන දෙයක්. කාලෙකට කලින් අපට චෝදනාවක් තිබ්බා, අපි මේකෙ කල්ලි ගැහෙනවාය කියලා. ඇත්ත, ඒ කල්ලිය නිසාම තමයි, අපේ පැවැත්ම තියෙන්නෙ. යන්න හිත හදාගන්න බැරිත්, ඒ නිසාම තමයි.

      Delete
    5. මගේ පුද්ගලික මතය බ්ලොග් කියන්නෙ හොබී එකක්. ඒක සීරියස්ලි බදාගෙන ඉන්නවත් , අතහරින්නවත් තරම් වැදගත් නෑනෙ. වෙලාවක් තියනකොට, මූඩ් එකේ ඉන්නකොට, ලියන්න දෙයක් තියනකොට, කියවන්න හිතෙනකොට කරන දෙයක් විතරනේ.
      ලොකු වාසියක්වත්, ලොකු පාඩුවක්වත් වෙන්නෙ නෑනෙ.
      හොඳට ඉන්නකොට පාර්ක්කරලා වටපිට බලනවා (ලිං විශේෂයි )
      ප්‍රශ්න එනකොට ලිස්සනවා (වලි විශේෂයි )

      Delete
    6. කැමති අය එක්ක යාලුකම් පවත්වනවා කල්ලි ගැහෙනවා. කැමති විදිහකට - කමෙන්ට්, ෆෝන්, එෆ්බී, ඊමේල්, හමුවීම් etc.

      මොකක්ද ප්‍රස්නෙ?

      Delete
    7. ප්‍රාජේගෙ අදහස් දෙකම සමඟ එකඟයි. එහෙම තමයි කරන්න ඕනෙ. අපි බ්ලොග් එක උස්සන් ඉන්නෙ නෑනෙ? බ්ලොග්/කල්ලි දෙකම ඔන්න ඔහේ තිබුනාවෙ. පුලුවන් වෙලාවක, ලියන්න වටින යමක් ලැබුනාම ඇවිත් කොටලා යන එකයි තියෙන්නෙ. හ්ම්.... ඇත්තටම දැන් කෙරෙන්නෙත් එහෙම තමයි.🤔

      Delete
    8. මේ ඇනෝ
      Pra JayJune 9, 2023 at 4:50 AM කොමෙන්ට් එකක් කරගෙන පාඩුවේ ඉන්න. අපිනේ දන්නේ බ්ලොග් ලියන එකේ අමාරුවයි බැනුම් අහන එකේ ෆන් එකයි 😀

      Delete
    9. හහ්, අපි නොදන්න මොණරතැන්න. ඔහොම තමයි කියන්නෙ, ඒත් ඇනෝල එක්ක රණ්ඩු වෙන්නෙ ගෑණියි-මිනිහයි ඉස්ටැයිල් එකට. 😉

      Delete
  3. කියන කතාවල හැංගීලා ඇත නොකියන දේවල කොටස් හෙම
    කිව්වොත් අහගෙන ඉන්නං නොසැලී අහන්නෙ නං නැත බස්සො මම
    ගෑනු පිරිමි කියලා නැත වෙනසක්, උරුම වුණෝතින් කරුමකම
    උරච්චි කරලා ගෙවන්න බෑ බෑ - විඳින්න වෙනවා හැමෝටම!

    ReplyDelete
    Replies
    1. කියන කතාවල නොකියන වහෙන්-ඔරෝ කතා නැත
      බස්සගෙ චරිතේ වාගෙයි දිගෑරිච්ච හෝඩි පොත
      සැකයක්, කුකුසක් ඇත්නම්, පුරාවටම ඔබේ හිත
      සාක්ෂිකරුවෝ එමට, අඹතලේ ගම වටේ ඇත

      Delete
    2. නිති කියවෙනවා අඹතලයක් ගැන හිටිය ගමන් blog අඩවිවල
      දැන් නං කුයි කුයි ගානව හිත මගෙ - හොයන්න එව්වයෙ මුදුන් මුල
      යාන්තමට පුප්පලා පෙණ ගොබේ හකුලනවනෙ Pra වගේ කැල
      යං යං ඔහොමම යංකෝ - හෙළි වෙයි 'ළිඳක්' ගැන කියන කතාවල

      Delete
    3. ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
      අඹතලෙ ගම්මානෙ තරමක් පිටිසරය
      ගම්මැදි වෙල් යාය නම් අති මනහරය
      බස්සා ලිස්සුවේ එහි ඇති ලිඳ ලඟය

      Delete
    4. අඹතලේ ගමට මා ගිය කලක ඒ දවස
      දැක්ක ළඳක නානා හැටි ළිඳ ළඟක
      ජොකා නැතිව හින්ද හැන්දෑ වෙලාවක
      විසිරී වැටුණි ඇගෙ පාමුල මගේ සිත

      Delete
    5. බැකිසි බකුසානේ
      කරවැල් මහ කොකානේ
      දිය ගැරඩියානේ
      රකිව් ලන්ඩන් මහ විදානේ

      Delete
    6. ආං බලං සකි මේං බලං සකි පොඩ්ඩ පොඩ්ඩ එළියට එනවා
      තව පොඩ්ඩක් හෙළි වෙනවාමයි සකි, ඒ ටික වෙනකල් ඉවසනවා
      හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියල කතාවට කියවෙනවා
      එය හරි නැත අඹතලේ ළිඳ ළඟට - ගොම්මන් සමයං පෙන්වනවා

      Delete
    7. පුන් සඳ හොඳින් පායා ඇති මහ රෑක
      ඩ්‍රැකියන් පවා දන්නා රහසකි මේක
      නාගයා තාම පුෂ් කිව්වෙ නැති දාක
      රට ගමරාළ මගෙ සායම ඇරි සේක

      Delete
    8. සායම ගියාට මක්කද වෙන්නේ අලුතින් සායම් කළ හැකිය
      ලෝකෙ අයට නෑ ඒකෙ වගක් නං පෙනුම තියේ නං ඒ ඇතිය
      වනන්තරේ අලි ඇත්තු මැරෙන්නේ, හිටි ගමන්ම -දළ තියෙද්දිය
      ඉවසං හිටියම බස්සො, ටක්කෙටම සැනසිල්ලක් ලැබෙනව ඇතිය

      Delete
    9. වනේ ඩ්‍රැකියාය දුටුවොත් වනසාය
      ලිඳේ Praසන්னය, වැටුනොත් ඌ කාය
      ඉස්සර ලැබුන ෆුල් ආතල් දැන් නෑය
      මරණ තුනක් ඇති බස්සෙක් පැණි කෑය

      Delete
    10. බස්සා වැටුන හඬ මහ සද්දෙන් ඇසුනාය
      රුවැති ලඳ ද කලබල වී දිව්වාය
      නාන රෙදි කඩය පැටලී වැටුනාය
      ඒ සුදු පස්ස දැක බසු ආයෙත් ලිස්සාය

      Delete
    11. සෙල්-මුවා වුනා දුටු දසුනින් ගියා ඇහේ පොට
      චොකලට් පාටක් මිස සුදු මතකයක් නෑනෙ මට
      ටොප් ගියර් එකට දාලයි මම ලිස්සුවෙ හනිකට
      නමි සහ නිදි කවි මඩුවේ එනවද තරගෙට

      Delete
  4. අජිත් ඩී කීර්ති-ලන්ඩනයJune 8, 2023 at 10:48 AM

    මල්ලිට නෝනා ගහන බනිනවද? පොලිසියට පැමිණිලි කරන්න ඩීජේ බකමුනු මල්ලියා.

    ReplyDelete
    Replies
    1. බුදු ඇනෝ. උඹ නං මයෙ සහෝදරයෙක් ගානයි.

      Delete
  5. බෂ්පා ලිශ්ශලා යන්ටෙ කාන්තාරත්නයක් හන්ද, හැංගිලා ඉන්නෙ කිරිමනේල්කාරයෙක් හන්ද... කියල තමයි මට තේරුණේ හිටං 😄

    ReplyDelete
    Replies
    1. හපෝයි, බොගෙ මොලේ! ඈ බොල එතකොට මේකෙ හිටපු අනිත් එකාලා වාෂ්ප වුනෙත් කාන්තාරත්න හින්දද? හිටින් බලන්න බුරා, බීටලේ, චාමී ....ආ එතකොට ලව්පූෂ් සහ මාරයා. හුටා!.... හරි , ඒක ඇරිච්චාවෙකෝ උන් ඔක්කොම හිරෙන් පැන්න එවුන් වෙන්න බැහැනෙ, අඩුම ගාණෙ ඔතන ..... 🤔😮😞

      මේව්වා හොඳ පාඩං මටත්. ආයෙ නං ඔලුවෙ පණ තියෙනතාක් කල් මෙහෙම කතා ලියන්නෙ නෑ.

      Delete
    2. ලවපුෂ් ලිස්සලා ගියේ කාන්තා රත්නයක් කියල මටනම් හොඳටම ෂුවර්. ඒ අහිංසකයා කාන්තා රත්නේ වෙනුවෙන් විඳින දුක දැක්කම මටත් ඇඬේන සයිස්

      Delete
    3. ඔව් බුකියෙ විලාප තියනවා කියල රට්ටු කියනවා මටත් ඇහිලා තියනවා. 😉

      Delete
    4. දැන්ඉතින් මට ස්කොට්ලන්තේ යන්න පුලුවන්ද ආයේ 😀 මම මේ උන්දැගේ පිය බිරිඳ වෙනුවෙන් කන කට්ට ගැන කීවේ

      Delete
    5. ස්කොට්ලන්තේ ගිය කස්ටිය, හොඳින් ඉන්නවා කියලයි මම හිතන් හිටියෙ.🤔

      Delete
    6. එයාලා හොඳින් ඉන්නව. මම උඩ විහිළුවක් කෙරුවේ. හයියෝ මාව එමර්ජන්සි ගෙනියන්න අයියෝ

      Delete
  6. //හරියටම මේ අපේ ඇනෝල වගේමයි. ඕන්නැති මල හත්තිලව්වක් නෑ, මුළු පැටිකිරියම දැණගන්න කං නින්ද යන්නෙ නෑ.// කිරි ගහට ඇන්න වගේ හරි . ජියොග් ගේට්නර් කියලා නේද ජර්මන් වලින් කියවෙන්නේ. පොර හොඳට ජීවත් වුනානේ. ඒ ඇති

    ReplyDelete
    Replies
    1. ආන්න ඒ විදිහට කියනවා තමයි ඇහුනෙ. ඔව් ඔහු ඇමරිකාවෙ හිටියෙ කැමැත්තෙන්මයි. ඇත්තටම මට හිතුනෙ වුනේ ඇමරිකන් ජස්ටිස් සිස්ටම් එකේ ෆේලියර් එකක් කියලයි. නඩු දාන්න හේතුවක් හොයාගන්නත් නැත්නම් " ලිස්ට්" එකෙන් අයින් නොකලෙ ඇයි කියන එකයි ප්‍රශ්ණෙ. ඒත් හැංගිලා ජීවත් වෙන එක ලේසි වුනයි කියල හිතන්න බෑ. සම්බන්ධකම් නොනැසී තිබ්බත්, අවසානෙ ඔහුගේ පවුල් ජීවිතය කඩාගෙන වැටුනා.

      Delete
  7. සති අන්තේ කියවන්න හොඳ මාතෘකාවක්. බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් යනවට ඔබටත් ස්තූතියි.

      Delete
  8. පුටුව කඩා අටුව හදන වෑල්ඩින් බාස් වන මා, බ්ලොග් ලෝකවාසී අටවන-මාටින්ලා වෙත කරුණාවෙන් ලියා දන්වන වග නම්:

    1."If it ain't broke don't fix it" කිව් එකාගේ කටේ මසුරං දාන්න ඕනා බවය.
    2. බ්ලොග් එකේ බැකප් එකට, කමෙන්ට්වත්, බ්ලොග් ටෙම්ප්ලේට් එකවත් අඩංගු නොවන බවය.
    3. බ්ලොග් ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් ගැනීමට වෙනම තැනක් ඇති බවත්, එතැන සොයා ගැනීම කළුනික සොයනවාට වඩා සේසයක් පහසු බවත්ය.
    4. බ්ලොග් ටෙම්ප්ලේට් එක මාරු කලවිට, එල්ලා ඇති සියලුම විජට් හතර අතේ කොටු-පැන, ඔබගේ
    බ්ලොගයට, නවතම "ඔලුව ජපන්, කඳ ජර්මන්" පෙනුමක් ලබා දෙන බවය.
    5. දැන් තියෙන බ්ලොගයට, බැකප් එක "ඉම්පෝට්" කලවිට, එකම පෝස්ටු දෙක බැගින් වන "උඩරට
    මැණිකෙට පටකුඩ දෙක-දෙක" විශේෂ පහසුකම ලබාගත හැක.
    6. කමෙන්ට් එකකට අනෙක් ඔබේ පාඨකයින් පිලිතුරු සපයා ඇති අවස්ථාවක, ඔබ "මව්" කමෙන්ටුව
    මැකුවොත්, පැටවුනුත් සමඟම කමෙන්ට් "ගස"ම වාෂ්ප වනු ඇත.
    7. බ්ලොග් අනතුරු වේදනා සහගතයි. වගකීමෙන් බ්ලොග් පදවන්න( ෆො-වීල් නැත්නම් වාහනයක්
    නොවේ)

    ස්වස්ථි සිද්ධම්!

    ReplyDelete
  9. කියෙවුව, මාත් මේ ඇනෝ ඉන්න කියල හිතුවෙ.

    ඇනෝ னයෙක්

    ReplyDelete
    Replies
    1. එච්චරම අමාරුවක් වෙන එකක් නෑ. ඔහේ කොහොමත් ලිස්සල යන සතා නෙව?🤣

      Delete
  10. කාණ්ඩයක් එකතු වෙලා රවුමට වාඩි වෙලා බෝතල් හිස් කරලා මොනාද ලබා ගන්නේ පක්සියා?

    පක්සියා බේබදු කමට ඉන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බේබදු කමක් නං නෑ ඇනෝ, ඉඳලා හිටලා වයින් ටිකක් බොනවා. ඩේලි ගහන්නෙ කෝපි.

      Delete
  11. For worse or better he was very lucky to have that wife. I think most of the time for better.

    ReplyDelete
    Replies
    1. ඔව්, මටත් එහෙම හිතෙනවා. දික්කසාද වුනත්, දිගටම ඔවුන් අතර පවුලේ සබඳකම් තිබ්බා කියල තමයි තියෙන්නෙ.

      Delete
    2. ඇයි අනිත් එක, ඒ ගෑනි නොහිටින්න මෙහෙම ඩයල් එකක් හිටියා කියල ලෝකෙ කිසිදාක දැන ගන්නෙ නැති වෙන්නත් පුලුවන්....

      Delete
    3. හරියට හරි. රහසිගත අතීතයත් එක්ක අවු 40ක්ම පවුල් කෑව. පස්සෙ එයාගෙ නංගිව හොයාගෙන ජර්මනියට ගිහින් අවු 2ක්ම වැඩි ලිපි ගණුදෙනුවක් නැතුව හිටි එකෙන් තමා, වැඩේ පත්තු වුනේ. රහස කිව්වට පස්සෙ, බලධාරීන්ට බාර වෙන්න උදව් කලෙත් ගෑනි. ඒ ඔක්කොම බැලුවාම, ගෑනි නොහිටියා නං උන්දෑ එයාගෙ රහසත් එක්ක වැලලෙන, තවත් එක් නන්නාඳුනන්නෙක් විතරයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code