Jun 16, 2023

රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්

පි නොදන්න Accent 


ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්" එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ. ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect) තිබෙන බවත් අසා තිබෙනවා.


සුද්දන්ටත් උන්ගේම ඉංග්‍රීසි තේරුන්ගන්න ඔච්චර අමාරු නං, අපි ඒ ගැන එච්චර හිතන්නෙ ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අනික සල්ලි දැක්කාම සුද්දගෙ ඉංග්‍රීසි වුනත් නැමෙනවාලු.


ඔය අරාබියො, ඉංග්‍රීසී නම්-ගම් කියවන කොට තමයි ලස්සන.ඔන්න. මම මැද පෙරදිග රස්සාව කරද්දි, දවසක් මොකක්ද ටෙනිස් ගේම් එකක් බලනවා. කමෙන්ට්‍රිය දෙන අරාබියා "බරබරා, බරබරා" කියනවා. බැලින්නං ඒ කියල තියෙන්නෙ "බාබරා" කියන එකයි. ඒත් පිටරටවල ඉගෙන ගත්ත, අරාබියො හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරනවා. 

ජැප්පො ඉංග්‍රීසි නම් කියන කොටත් එහෙම තමයි. ඒත් උන් ඒක කියන විලාසයෙ මාර ගතියක් තියනවා. මම ඒකට කොච්චර කැමතිද කියනවා නම්, ජැපනීස් ෆිල්ම්ස් වල මම කරන්නෙ, ඉංග්‍රීසි සබ් දාගෙන, ජපන් ඕඩියෝ අහන එකයි.

නානාප්‍රකාර ජාතීන් ඉන්න, මේ සාවියෙදි මට නං ඔය ඇක්සන්ට් ප්‍රශ්ණය ඒ හැටි ඇඟට දැනිලා නෑ. ඇක්සන්ට් එකට, නොතේරුම්කමට මෙහෙ කිසිකෙනෙක් හිනාවෙන්නෙ නැති නිසා වෙන්නත් ඇති. නොතේරුනොත්, ආයෙ අහන්නත් කිසි අවුලක් මෙහෙ නෑ. වැඩි හරියක් යැංකි යෙදුම්, ඉඩියම්ස් තමයි මෙහෙ භාවිතා වෙන්නෙ. මෙහෙටම ආවේනික වෙච්ච යෙදුම් තියෙන්නෙ ටිකයි.




පොප් සෝඩා
ගෑස් ස්ටේෂන් පෙට්‍රල් ෂෙඩ්
ලූනි, ටූනිඩොලරය, ඩොලර් දෙක
ඩබල් ඩබල් සීනී 2, කිරි 2 දැමූ කෝපි
බේගල් හයිය බනිස් ජාතියක්
(ටෝස්ට් කර, බටර් උලා ජෑම් ගාගත් විට මසුරංය)

අපේ එපාර්ට්මන්ට් එකෙත් ඉන්නවා රතු ඉන්දියන් සම්භවයක් තියෙන හාදයෙක්. මල් ඔතන්න දෙයියා වුනාට හරිම අහිම්සක පොලිස්, කාටවත් කරදරයක් නෑ. මලක් ඇදලා, ගිටාර් පාරක් ගහලා දැහැනට සමවදිනවා විතරමයි. පෙනුම පිල්ලෙකුට සමානයි. අපේ හෝතම්බුවා, ඌට කියන්නෙ "ආදිවාසියා" කියලයි. ඉතිං මේ ආදිවාසියා තමයි මට "ඉන්ඩියන් සමර්" එක ගැන කිව්වෙ. එහෙන් මෙහෙන්, අකලට වහින සමර් එකට තමා එහෙම කියන්නෙ. 

පිටිසර ගමක හැදුනු බස්සට, ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව ඇති කල හාදයෙක් පන්තියේ හිටියා. ඉංග්‍රීසි ටිකක් ගොඩදාගත්තොත්, වෙනම ලෝකයක් විවර වෙන බවත්, පාසැලේ ඉංග්‍රීසි පාඩමෙන් එය නොකෙරෙන බවත් ඔහු කිව්වා. මලලසේකර ශබ්දකෝෂය ගන්නට වත්කමක් නොතිබුණ නිසා, ඊට වඩා ලාභ ශබ්දකෝෂයක් අරගෙන, ලොකු අකුරු සහ තඩි පින්තූර තිබ්බ, ඉංග්‍රීසි ලමාකතා වලින් පටන් ගත්ත, බකුසු ඉංග්‍රීසි පාඩමට "ටිංටිං" එහෙමත් සෑහෙන සපෝට් එකක් දුන්නා. 

මුලින්ම ප්‍රංශ භාෂාවෙන් ලියවුනු "ටිංටිං" පොත් ඉංග්‍රීසියට පෙරලීම, සෑහෙන අමාරු කටයුත්තක් වුන බව කියැවෙනවා. එහෙම වෙන්නේ, සමහර ප්‍රංස විහිලු ඒ ආකාරයටම ඉංග්‍රීසියට පෙරලුවාම, ඒවා නිකම්ම නිකං හිස් වදන් වෙන නිසාලු. පහල වීඩියෝවෙ 20:17 ටයිම්-කෝඩ් එකේ, ඒ විස්තරය තියනවා. 


මේක මරු ඩොකියුමෙන්ට්‍රි එකක්, ටින්ටින් පිස්සොන්ට  නං ඔක්කොම බැලුවත් වටිනවා. ලොව පුරා "ටිංටිං" සෑහෙන භාෂා ගාණකට ( බෙංගාලි වලට පවා) පරිවර්තනය වුනත්, එය සිංහලට පරිවර්තනය නූන එකම හොඳයි කියල වෙලාවකට හිතෙනවා. හ්ම්....බුබුලු නගින බෙලිකටු

අද ඉංග්‍රීසි ඉගෙන ගන්න, එච්චරම කට්ටක් කන්න ඕනෙ නෑ, ශබ්දකෝෂ ඔන්ලයින් තියනවා, ඇට-හුටාමාරක් වීඩියෝ තියනවා. නැත්තෙ, ඒකාලෙ අපට තිබ්බ උනන්දුවයි, කට්ටකාල ගත්ත ප්‍රතිඵල නිසා අපට ලැබුන ආතල් එකයි වෙන්නත් ඇහැකි. ඉංග්‍රීසි දැණුම නිසා, වෙනම ලෝකයක් විවර වීම කෙසේ වෙතත්, තියෙන ලෝකයේ සීමාවල් පුළුල් වෙන බව නං ඇත්තයි.


ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා - පුවතක්

හා! ( ලංකාවෙ "නිදහස්" අධ්‍යාපනයෙ වගේම සෞඛ්‍ය සේවයෙත් තියෙන්නෙ Two-tier system එකක්)

ආ යූ ඕකේ, අ යු ඕකේ ෆොනී
යූ විල් හිට් බයි ස්මූ...ත් කිරිමිනෙල්



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

62 comments:

  1. මං ළඟ සෙට් එකම තිබ්බ. නැති වුනා . දැන් ආයෙත් පොත් දහයක් එකොළහක් තියනවා. තැන් තැන් වලින් ගත්ත. ඒ කාලේ ඕවයි , ඇස්ටරික්ස් ඔබෙලික්ස් පොත් සෙට් එකයි ඉංග්‍රීසි වලට සෑහෙන පිටු වහලක් වුනා මටත්. ඇස්ටරික්ස් ඔබෙලික්ස් සෙට් එක තියනවා දුව ගාව. සුද්දෝ ඉංග්‍රීසි කතා කරනවා එනස් නිව් කාසල් , කොන්වෝල් පැත්තට ගියහම. මාර ගති. මගේ දුවල දෙන්නට තියෙන්නේ ලන්ඩන් /එන්ෆිල්ඩ් "ඇක්සන්ට්" එක. මට ලංකාවයි රුසියාවයි මික්ස් වෙච්ච එකක. බිරිඳ ජර්මන් ඉංගිරිස්. හැබැයි එයාව හොයා ගන්න මරුයි සුද්දන්ට. හැබැයි කම්පැනි එකේ සුද්දෝ කියන්නේ මම කතා කරන්නේ පොෂ් ඉංගිරිස් කියල. ඒක එහෙම වුනේ කොහොමද කියන්න දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //මං ළඟ සෙට් එකම තිබ්බ. නැති වුනා//
      අහා ඔය සමහරුන්ට ඉල්ලගත්ත පොත්, ආයෙ දෙන්න "අමතක වීමේ" ලෙඩක් තියනවා.🤣
      Overdue album returned to Toronto Public Library after 40 years

      ලංකාවෙ අය පොෂ් ඉංග්ලිෂ් කතාකරන බව, මමත් කලින් අසා තියනවා. විශේෂයෙන්ම, ටින්ටින් කොමික්ස් පොත් නිවැරදි ඉංග්‍රීසී යෙදුම් සඳහා ප්‍රසිද්ධයි කියල මුලදීම දැනගත්ත නිසයි, මුලින්ම වගේ බැරි,බැරි ගාතෙ කියවන්න ගත්තෙ.

      Delete
    2. ඒවා නම් ආයේ හම්බ වෙන්නේ නැහැ. විකුණුවා කියලයි ආරංචිය - ලංකාවේ එකෙක්

      Delete
    3. ඌව දීයාම කාපිය. 😂

      Delete
    4. කවද හරි ලියන්න ඕනේ කතාවක්

      Delete
    5. මොකද මන්දා, මට නං අල්ලලම යන්නෙ, ඒ වගේ පෞද්ගලික අත්දැකීම් සම්බන්ධ කතන්දරම තමයි. ලියමු, ලියමු. 👌🙏

      Delete
  2. අජිත් ධර්මකීර්තිපාල - මුල්ලේරියාවJune 16, 2023 at 4:38 AM

    මට නං සිංහල තමයි එච්චර බැරි. මොකද මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි වලින් සහ රුසියන් වලින්නේ. ජර්මානු භාෂාවත් කජු කනවා වගේ.

    අජිත් පැරකුම් මහත්තයා මට රෙදි ගැලවෙන්න ඉංග්‍රීසි වලින් දුන්නු පාර තමයි මට සිංහල පුළුවන් උනේ. මිනිහා මට කෝචෝක් කරා මගේ ඉංග්‍රීසි ගොඩේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසී, ආභරණයක්/ ආයුධයක් විදිහට පාවිච්චි වෙන්නෙ ලංකාවෙ විතරද? ලංකාවෙන් පිටදී නම්, ඒක තවත් "උපකරණයක්" විතරයි.

      Delete
  3. ඉංග්‍රීසි නෙහ්.. ඔවු ඉතිං ඒකත් ඉගෙනගන්න එකේ ලොකු මෙව්ව එකක් තියෙනව.

    අපෙත් හිටිය ඩබල් ඩබල් කියල තේ වලට සම්බන්ධ බුවෙක්. මිනිහ කලේ එකම කොමෙන්ට් එක දෙපාර දෙපාර දාගෙන යන එක තමයි හිටං. :D

    ReplyDelete
    Replies
    1. එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට වූ කාරියා
      දෙකක් කරදර තනා දුන්නැයි කම්මලේ ආචාරියා

      කියලා කවියකුත් තියනවා නේද?

      Delete
  4. හපොයි ඔය සුද්දන්ටත් ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි කතාව නං ඇත්ත. අපිත් එක්ක වැඩ කලා ඔසියෙක් නම David Harrop. උගේ ඇක්සන්ට් එකේ හැටියට වචන වලින් බාගයක් ඌටම ගිලෙනවා වගේ . දෙපාරක් ඇහුවම මට බාගයක් විතර තේරුම් ගන්න පුළුවන්. මං හිතුවේ ඉතිං මගේ ඉංග්‍රීසි දැනුමත් ඒ තරම් හොඳ නැති නිසා ඇතිවෙන ප්‍රශ්නයක් කියලා ‌ු. ඉතින් ඩේවිඩ් අයියා කාලයක් ඉඳල කන්ට්‍රි සයිඩ් පදිංචිය සඳහා ගියනිසා අයින් වුණා. අවුරුද්දකට විතර පස්සෙ මොකක් හරි හේතුවක් නිසා ආයි මිනිහව මතක් වුනා අපිට දවල්ට කාලා කයියක් ගහන අතරතුර. ඉතින් මම මට තිබුන ප්‍රශ්ණය කිව්වා ඩේවිඩ් කියන ඒවා තේරුම් ගන්න බැරි එක ගැන.අනිත් එවුන් ඔසියො , ඉංග්‍රීසි, ජර්මන් එවුන් මහ හයියෙන් හිනාවෙලා කියනවා උඹට විතරක් නෙවෙයි අපිටත් ඔය ප්‍රශ්නෙම තිබුන කියල.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවෙ කම්පැනියක වැඩ කරන කාලෙ, ඒකෙ ඉහල තනතුරු වල සිංගප්පූරු ජාතිකයො හිටියා. එක සිංගප්පූර් චාලියෙක් හිටියා, අපරාදෙ කියන්න බෑ හොඳ මනුස්පයා. මීටින් වලදී මිනිහා කතා කරලා, හැමදාම කතාව අවසාන කරන්නෙ" ඤැක් ඤුක් ඤැක් හුචැක් $#@&*#$&*" කියලයි. දවසක් මගේ සඟයෙක් ඇහැව්වා "උඹ දන්නවද අරූ අර අන්තිමට කියන්නෙ මොකක්ද කියල? ඒ කියන්නෙ "correct me if I'm wrong" කියලලු". ට්රූ ඉස්ටෝරි.

      Delete
  5. ලංකාවෙ ඉංග්‍රීසි උගන්නන්න දාන්නේ පුහුණු ගුරුවරු. ඒ අයත් අධ්‍යාපන විද්‍යා පීටෙක ඉංග්‍රීසි උගන්නන්න ඉගෙනගත්තට ඉංග්‍රීසි භාවිතා කරපු හෝ කරන අය නෙවෙයි. ඉංග්‍රීසිය විශයයක් වගේ නොව ඉංග්‍රීසියෙන් ගණිතය වගේ විශය වගේ උගන්නන එක වඩා ප්‍රායෝගිකයි. දැන ලංකාවේ සමහර පාසැල් වල මේක කරනවා කියලා ඇහිලා තියෙනවා. ඉන්ටනෙට් සහ ස්මාර්ට් ෆෝන්ස් නිසාත් භාශා ඉගෙන ගන්න අයට වාසියක් වෙයි කියල හිතෙනවා. ටික්ටොක් ඉන්ස්ටග්‍රෑම් විතරක් බලන්නෙ නැතුව මේ වගේ ප්‍රයෝජනයක් වුනොත් හොඳයි. මේ ගැන කලින් ලියපු පෝස්ට් එකක් මෙතන

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි, ඉයන්. මට මතකයි ඔබ ලිව්වා, අපේ මෙරිට් ක්‍රමයේ ,"නිදහස්" විවි අධ්‍යාපනය වෙනුවට, ශිෂ්‍ය ණය යටතේ, A/L පාස් ඕනකෙනෙකුට උපාධියක් කරන්න ඉඩ දෙන යෝජනාවක් ගැනත්. "ලකුණු දෙකක් මදිවුන නිසා මම කොන්දොස්තර , උඹ දොස්තර" වගේ ටුක්-ටුක් මීම් අපට දකින්න ලැබෙන්නෙ ඒකයි. ඉන්ටවීව් එකට ගියාම,පෞද්ගලික අංශයේදී පවා ජනප්‍රිය පාසලක ඉගෙනගෙන ඇත්නම් කාසියේ වාසිය ලැබෙනවා.

      මම දන්න කාර්‍යාල කාර්‍ය සහායක මහත්තයෙක්,වරක් මෙහෙම කිව්වා" අපිට කොයින්ද ඉන්ටනැසනල් කොලීජී මහත්තයෝ. මම කෙලීව පල්ලියෙ ඉස්කෝලෙට යැව්වා". අපේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක්, වගේම two-tier එකක් වගේම ඛේදවාචකයක්.

      Delete
    2. //අපේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක්, වගේම two-tier එකක් වගේම ඛේදවාචකයක්.//

      මේ ප්‍රශ්න 2 ලෝකෙටම පොදු දෙයක් නෙමේද?

      Delete
    3. දන්න තරමින් ලෝකෙටම පොදු නෑ. මෙහෙ ආපු අපේ හාදයෙක්, රැකියා අයදුම්පතේ ස්කූල් ඇටෙන්ඩඩ් කියල, කොළඹ ජනප්‍රිය පාසැලක නම දැම්මා. හැම රටකම වාගේ වි. විද්‍යාල වලට නම් රේටිංස් තියනවා. ඒත් ඒවට තෝරාගන්නෙ සමාජ තත්ත්වය අනුව නං නෙමෙයි.

      මට ඔබේ පොයින්ට් එක පැහැදිලි නෑ. දැනට මේ ඇති.

      Delete
    4. මගේ ලින්ක්ඩ් ඉන් එකේවත් සීවී එකේවත් ඉගෙනගත්ත පාසැල දාල නැහැ. මගේ යාළුවෙක් ඇහුව ඇයි ලැජ්ජාවටද නොදා ඉන්නේ කියල. මං කිව්වා , ඔව් අප්පා අර ගෝඨා කරේ තියන් ගිය ඒ ඉස්කෝලේ උන්ට වෙච්ඡ දේ වනේ වන හතුරෙකුටවත් වෙන්ඩ එපා කියල නොදැම්මේ කියල. කියන්න බෑනේ . අල කොර ගත්තොත් 😃

      Delete
    5. මෙහෙ සීවී ෆෝමැට් එකේ "ඉගෙනගත් පාසැල" කියල තැනක් නෑ. කොලේජ් සහ යුනි වලදී නම්, නම සඳහන් වෙනවා. රේටිංස් වැඩි යුනි වලට ඇතුල්වෙන්න, ඉතා හොඳ මූලික සුදුසුකම් තියෙන්නෙ ඕනෙ.
      මෙහෙ ඩිස්ක්‍රිමිනේෂන් නෑ කියන එක නෙමෙයි කියන්නෙ. "ගමේ සිරිපාලටත්" ඉංග්‍රීසි උගන්නනවා වගේ කටින් බතල හිටවිල්ල අඩුයි. ගමේ එකාල ටික්-ටොක් බලල හරි ඉංග්‍රීසී කටගානවා, ඒත් ඒක තාක්ෂණයෙ දියුණුව නිසා වෙච්ච දෙයක්. උදව්වක් විදිහට කරන්නෙ, "ගොඩේ ඉංග්‍රීසි" කියල, වරද්ද වරද්දා ඉගෙන ගන්න එකාගෙ කකුලෙන් අදින එකයි.

      Delete
  6. https://en.m.wikipedia.org/wiki/Rhyming_slang

    වෙනමම ආර්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඇර මාටින්! ඒක හරියට රහස් බාසාවක් වගේ නෙව?😉

      Delete
    2. https://www.youtube.com/watch?v=RSNAkTk6WQE&pp=ygUhY29ja25leSBhY2NlbnQgbWluZCB5b3VyIGxhbmd1YWdl

      Delete
    3. අහා! කොක්නි/රයිමින් ස්ලෑන්ග් වලට නියම උදාහරණයක්. 🙏👌

      Delete
    4. මේක නිදිට මතකද දන්නේ නැහැ. මුළු ප්‍රෝග්‍රෑම් එකම ටීවී එකේ ගිය 1986 දී. - mind your language .

      Delete
    5. Ranjeet singh and his elephant wife

      රංජිට්ට රඟපාපු ලංකාවෙ මෝසස් දිහා බැලුවාම, සුද්දොන්ට තියා අපිටත් අපිව පේන්නෙ ඉන්දියන් කියලම තමයි

      Delete
    6. Mind Your Language බැලුවා නේන්නං මහත්තුරුනේ හිනා කකා- දැනුවත් වෙවී.

      Delete
  7. ටින් ටින්ගේ වීර ක්‍රියා සිංහලෙන් පළවූ පොතක් මා ළඟ තියෙනවා. 'ගුවන් ගමන 714'

    පොත 1/4 සයිස්, 4 colours, පිටු 64යි. මිල රු 275/- යි. පළ කළේ නුගේගොඩ සරසවි ප්‍රකාශකයන්. 2000දී. මට පෙනෙන විදිහට ඒ වැඩේ මඟ නැවතුණා වගෙයි.

    ReplyDelete
    Replies
    1. හැබෑටම 😮.අර 4 colours වෙච්ච එක අවුල්ද මන්දා?🤔 ගාණ නං සාධාරණයි. ගාණ වැඩි ඒත් කොලිටියෙන් ඉහල හාඩ්-කවර් පොතකුත් එක්ක, ඉංග්‍රීසි පොත් වර්ග දෙකක් තිබ්බා.

      එහෙනං ෆ්ලයිට් 714 වල පලවෙනි කොටස පොතත් සිංහලෙන්ම ඇති. ඉහලම කොමික් පොතක් වීමට අමතරව, ටිංටිං පොත්, ඉංග්‍රීසී ඉගෙන ගන්න ප්‍රයෝජනවත් පොත් ලෙසත් සේවයක් ඉටුකලා.

      Delete
    2. මම ඇහුවා පරිවර්තනය කරන්න අවසර. ලැබුනේ නැහැ

      Delete
    3. එතකොට මේ ලංකාවෙ අය කරන්නෙ, අවසර නොගෙන වෙන්නත් ඉඩ තියනවා. වැඩේ මඟ නැවතීම ඒකෙන් පැහැදිලි වෙනවා.

      අර Frank Gardner ගෙ වීඩීයෝවෙ තියෙන විදිහට, Herge ටිංටිං ව හඳුන්වන්නේ "ඔහුගේ පුතා" කියලයි. He was dead serious about the translation, hence explain the refusal

      Delete
    4. බුකියේ උඩ පල්ලෙහා යනකොට මේ පෝස්ට් එක දැක්කා. ගොඩ දෙනෙක් ටිං ටිං ගැන සදහන් කල නිසා බෙදාගන්න හිතුවා. https://www.facebook.com/photo/?fbid=240369428728904&set=pcb.240370832062097

      Delete
    5. ෂා! පිටු කීපයක් වුනත් නියමයි. හොඳින් පරිවර්තනය කරලා තියනවා. මේකෙන් යම් මෙහෙවරක් වෙනවා කියල, මම විස්වාස කරනවා. අළුත් පරම්පරාවට, ඔරිජිනල් කොමික් එක කියවන්න උනන්දුවක් ඇති කරවන එක. අනුවර්තනයක් කියල තියෙන එකටත්, මම කැමතියි. එහෙම තමයි වෙන්න ඕනෙ, සමහර වෙලාවට වචනයෙන්-වචනෙ පරිවර්තනය කලාම කිසිම තේරුමක් නැති වෙන නිසා. ස්තූතියි.

      Delete
    6. මරු චමින්ද . ස්තූතියි

      Delete
  8. මහාචාර්ය මැණික් ගුණසේකර වරක් සඳහන් කළා ලංකාවේ අය තමන්ගේ ඉංග්‍රීසි උච්චාරණය ගැන වර්ණනා කරගත්තට අමෙරිකාවට හරි එංගලන්තෙට හරි ගියාම වැටෙන්නේ ඉන්දියන්කාරයන්ගේ ගොඩටම තමයි, ඒ අයට අපේ වෙනසක් පේන්නෙ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ඒකත් හරි තමයි. මෙහෙ ඉන්න වියට්නාම් එවුන්ට මල පනිනවා, උන් චයිනීස්ද කියලා ඇහැව්වොත්. උන් " I'm not F*&%$# Chinese, I'm Vietnamese" කියලා කිව්වට, අපට උන් ඔක්කොම එකයි වගේ, සුද්දොන්ටත් අපි ඔක්කොම එක වගේ පේනවා ඇති. මට හිතෙන්නෙ, අර අජිත් කිව්වා වගේ අපි "හයිබ්‍රිඩ්/ කලවං අච්චාරු" වෙන්න බොහෝ විට ඉඩතියනවා. ලංකාවෙදි මට බැනලා තියනවා, ඇයි ඔහොම ඉංග්‍රීසි කතාකරන්න කියලත්.

      Delete
  9. දැන් එතකොට අපේ ඇක්සන්ට් එක මොන විදිය උනත් අවුලක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මට ඇක්සන්ට් එකක් තියනවා කියල දන්නවා. ඒක මට පාලනය කරන්න අමාරුයි. ඇක්සන්ට් එක හදාගන්න අවශ්‍යතාවයක් මට නැත්තෙ, ඒක ගැන මට අවුලක් නැති නිසයි. ඒක ඔබට එහෙම්මම නොවෙන්නත් පුළුවන්.

      සමහර ඇක්සන්ට් සෙක්සි/ලස්සනයි කියල පිලිගැනීමක් තියනවා
      Auctioneer
      DiodeGoneWild

      ඒත් ඉන්දියන්/ ලාන්කීය ඇක්සන්ට් ලස්සනයි කියල කියනවා ඇහිල නං නෑ. ප්‍රැක්ටිස්ට් කලොත්, අපේ ඇක්සන්ට් එක වෙනස් කරගන්න ඇහැකි නමුත්, එහෙම ඒවට "ෆේක්" කියල ලංකාවෙදි අපහාස කරනව නේද? ඒ නිසා මගේ තෝරාගැනීම, තඹේකට මායිම් නොකර සිටීමයි. ඒක මම ඉන්න පරිසරයට ගැලපෙනවා. ඒත් ඒ ක්‍රමය ඔබට ගැලපෙනවද කියල මම දන්නෙ නෑ. තෝරාගැනීම ඔබ සතුයි.

      Delete
    2. ප්‍රංශ ඇක්සෙන්ට් එකට ජොබුත් හම්බ වෙනවා

      Delete
    3. Allo' Allo මුලින්ම බැලුවෙ කොහෙන්ද, කවදද කියල මතක නෑ, ඒත් Mind Your Language නං බැලුවෙ ටීවී එකේ කියල මතකයි.

      Delete
    4. දීපිකා පදුකෝන්ගෙ ඉංගිරිසි ඇක්සන්ට් එක මරු. පොඩි මෙව්ව මෙව්වා තීන Sofía Vergara, keira knightleyලගෙත් accent සෙස්සි කියනවා නෙව. මේක බල්හන්ට
      https://www.youtube.com/shorts/amNh-oseFsg

      Delete
    5. හප්පේ කිරා නයිට්ලි තමා ඉතින් කරස් එක

      Delete
    6. මට නං හිතට ඇල්ලුවෙ Sofía Vergara ගෙ ඇක්සන්ට් එක. ඒක ඉටැලියන් වගේ කියල හිතුනා.

      50 shades of Grey of accents

      Delete
    7. keira. අජී ලොක්ක ඒ ඇක්සන්ට් එක හින්දද. Pride & Prejudice (2005) එකේ හෙම... මටනම් කිරාට වැඩිය Rosamund Pike තමයි. keiraගෙයි Ruth Wilsonගෙයි නිකට හින්ද නේ එහෙම යුනික් එකක් පේන්නෙ.

      Delete
    8. Attonement බැලුවද - https://www.youtube.com/watch?v=3kWaBCs2XWQ

      Delete
    9. https://www.youtube.com/watch?v=xAmPMexdzhg

      Delete
  10. https://www.youtube.com/watch?v=XmJu8hdllNU&t=3s&pp=ygUOc2luaGFsYSBhY2NlbnQ%3D

    ReplyDelete
    Replies
    1. කිරි අප්පට බල්ලො බුරපි! මේක නියමයි නෙව? එතකොට අපේ ඇක්සන්ට් එක එන්නෙ, සිංහල භාෂාවෙ "රිදම්" එක නිසයි. හ්ම්.... make sense, ආරේ ගුණ නෑරේ.

      අහා!... එතකොට මේකයි අපේ ඇක්සන්ට් එක.🤔
      American "R" - The rhotic "R"
      Southern Accent

      Delete
  11. https://www.youtube.com/watch?v=4WDlMN-JdwY&pp=ygUhY29ja25leSBhY2NlbnQgbWluZCB5b3VyIGxhbmd1YWdl

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්........නියමයි ඩ්‍රැකියො. වචනයක් නොකියා ඒත් ගමක් වටින අදහස් ගොඩක් සාකච්චාවට එකතු කලාට.🙏👌😊

      Delete
  12. මම කමෙන්ට් පාටියට පරක්කුයි. :\

    ලංකාවේ අයගේ ඉංග්‍රීසි උච්චාරණය පැහැදිලියි කියලා මට කීප දෙනෙක්ම කියලා තියෙනවා. අපේ ඇක්සන්ට් එක රෙෆයින්ඩ් එකක් කියලත් මට කියලා තියෙනවා. කියන දේ තේරෙනවා නම් එච්චරයි කියලා මම නම් ඒ ගැන වොරී වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ උපන්න අපේ පුත්‍රයා ට නම් ඔසී ඇක්සන්ට් එකක් තියෙනවා. අපේ තාත්තාට එහෙම සමහර වෙලාවට ඒකා කියන ඒවා එකපාරින් අහුවෙන්නේ නැහැ. :) මගේ නම නම් ලංකාවේ මිනිස්සුත් වැරදියට කියන නිසා මම ලෝ සතට ඒ ගැන සමාව දීලා තියෙන්නේ :D

    ටින් ටින් , ඇස්ටෙරික්ස් අපේ ළමා කාලේ වීරයෝ තමයි, මම නම් පොත් සෙට් දෙකම කියෙව්වේ සේෂෙල්ස් වල ජීවත් වෙන කාලේ. දැන් වැඩ කරන පුස්තකාලේ ඔක්කොම පොත් ටික තිබුණත් දැන් ඒ මැජික් එක දැනෙන්නේ නැහැ. ටින් ටින් පොත් වල සියුම් උපහාසය තිබුණු බව තේරෙන්නේ දැන් තමයි. කොහොම උනත් අතීත සවාරියට ස්තූතියි බස්සා!

    ReplyDelete
    Replies
    1. ටිකාක් පරක්කු වුනාට මොකෑ, එක සැරයක් අපේ ගමරාළගෙ බ්ලොගෙදී, රසික කිව්වා වගෙ " ලිපියටත් වඩා වටින්නෙ සාකච්චාවයි." මේ වැදගත් විස්තරයත් එක්ක සාකච්චාවට ආපු එක දාහක් වටිනවා. ස්තූතියි.

      //පුස්තකාලේ ඔක්කොම පොත් ටික තිබුණත් දැන් ඒ මැජික් එක දැනෙන්නේ නැහැ//
      සහතික ඇත්ත. කොමික්ස් පොත්වලින් විතරක් නෙමෙයි, තවත් බොහෝ දේ වල "මැජික්" දැන් වියැකිලා ගිහින්. ( Tinkerbell, some more fairy dust, please) 😉

      Delete
  13. අර යාත්තරාව ගිය ඩිංගට බස්පා මේක සුද්දබුද්ද කරලා නෙව ❤️👌

    ReplyDelete
    Replies
    1. ආන්න බලහං, උඹ විතරමයි ඒක දැක්කෙ. වැඩි දෙයක් නෑ, තීන්ත ටිකක් උලල දැම්මා.😉

      Delete

    2. Army Camp
      Did you come here to die?
      - No Sir, I came here yesterday 😂

      Delete
    3. හෙහ්, හෙහ් මේක අර ඕට්ටේලියාව ඉස්පිරිතාලෙට ගිය අපේ හාදයගෙ කතාවෙ රිවර්ස් එක.👌

      Delete
  14. https://mandarame.blogspot.com/2023/07/blog-post.html

    ReplyDelete
  15. බංගලියන්ගෙ තියෙන්නෙ අමුතුම ඉන්ගිරිසියක්. මම කාලයක් වැඩ කලා බංගලියෙක් එක්ක. මට දවසක් sign off කරන්න අමත උනා. මම මගට ගිහින් මගෙ බංගලි යාලුවාට මගෙ number එක දීල sign off කරන්න කීවා. ඒ අන්කයේ බින්දුවක් තියෙනව. zero කිව්වට ඌට තේරුනෙම නෑ. මම කීවා 10 ලියල 1 කපපන්. ඉතිරි එක තමා zero කියල. ඕ.. ජීරො.. ජීරො.. ඌ මට කියනවා you must speak proper English කියල

    ReplyDelete
    Replies
    1. ඔය වගේම තමයි ඉන්දියන් "එලරාම්"( එලාම්) එකත්. 😂
      මේ කමෙන්ට් එක දැක්කෙ අදයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code