Aug 22, 2023

සොහොන්පල්ලාගේ මතක වස්තුව

එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.

මම ඇහැරෙන්නෙ නුපුරුදු පරිසරයක. මායාකාරියො කතා කරන මිනී ඔලු, ඇල්කෙමි, මන්තර සහ සොම්බි ඉන්න, මේක වැඩවසම් යුගයේ අමුතු නගරයක්.මම දැන් ඒකෙ සොහොන්පල්ලා. ටවුන් බාර් කීපර් තමයි මේයර්. බාර් එකේ නම "ඩෙඩ් හෝර්ස්". එහෙ කස්ටිය කරන්නෙත් බෝතලයක් ගහලා හාන්සි වෙන එකම තමයි.  කතා කරන බූරුවෙක් මට මිනී ගෙනත් දෙනවා. බූරුවා මට "කොමරේඩ්" කියා අමතනවා. මං හිතෙන්නෙ ඌ සමාජවාදියෙක්. මිනී වැලලුවාම මට සල්ලි ලැබෙනවා. මෙතන මගෙ රස්සාව මිනී විකුණගෙන කන එක. මිනී වලින් සොම්බි හදලා, උන් ගෙන් පඩි, කෑම නැතුව  වැඩ ගත්තෑකි ( කම්කරු පන්තිය සූරාකෑම). පස්සෙ මමත් බාර් එකක් අරිනවා. එක දවසක් බූරුවා ස්ට්‍රයික් කරනවා. ඌ මට "ධනවාදියා" කියල බනිනවා. ගේන එක මිනියකට, කැරට් පහක් ඕනෙ කියලා ඌ හතර ගාතෙ දාලා බිම වැටිලා උපවාසයක් කරනවා. ඉල්ලීම් නොදුන්නොත්, යූනියන් එක දාලා ගෙට ගිනි තියනවා කියල තර්ජනය කරනවා. මම  සොහොන්පල්ලෙක් වුනේ "Graveyard Keeper" කියන ගේම් එකේදී. මට මේ ගේම් එක අල්ලලා ගියේ, සැබෑ ලෝකයෙත් අපි කවුරුත් මිනී විකුණගෙන කන චරිත හින්දද මන්දා?


ප්‍රේමකීර්ති ඔහුට කිව්වෙ "පනාපුත්‍ර කුහුඹු පැණියා" (ජැක්+සන්+ඈන්ට්+හනි)කියලයි. කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි නම් වූ ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්.

ඒ දැණුම අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර රචක,  නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කලා. තමන්ගෙ වටිනාකම දැණගෙන  හොඳට මාකට් කරගත්තා. ඒත් ඒ එක්කම අපට දැණෙන යමක් ඉදිරිපත් කලා. 

 "ජැකා" කඩුල්ලේ "කුරුස මුදලාලි", ඇල්ල ලඟ වලව්වේ "හාමු මහත්තයා". මේ ඒ අප ආදරය කල ජැකා:



උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූන් අද කරති නිගා

-(මෙතින්න මාරු වෙනු)-

ඔහු ඉතා දක්ෂ කතාන්දර කාරයෙක්. ඉරිදා ලක්බිම පුවත්පතේ තීරු ලිපි ලෙස පලවූ "පනාපුත්‍ර මතක" එක හුස්මට කියවිය හැකි ලිපි පෙලක්. ඒකෙ තියෙන්නෙ ගමේ විස්තර. හුදී ජන කතන්දර. පොඩි කාලෙ කෙල්ලො එක්ක සෙල්ලං කරපු හැටි, ගොක්කොල කලාව කතෝලික උත්සව වලට ගෙනිච්ච හැටි. තාත්තගෙ, සීයගෙ විස්තර. "කළු ගඟ දිගේ" වගේ ගවේශනාත්මක සංචාර වැඩසටහන් වලට ඔහු ආඩින්ගෙ පැටිකිරිය වගේ ඉතිහාසය, දක්ෂ ලෙස මුසු කලා. 

සමහරු ඔහුට නිවන් සුව පැතුව. ජැකාම කියපු විදිහට ඔහු "උපතින් කතෝලික, සගිස්කුරුතිය බෞද්ධ" නිසා සමහරු පටලෝ ගන්න ඇති. තවත් අය අලියට නිවන් සුව පැතුව පැතුව. අලිය බෞද්ධද මන්දා? වාහනයක් කුඩු වෙන්න හැපිච්ච අලියා නැගිටලා ගියාලු. ගිය පාර දිගේ වනජීවී එක ගියත් හොයා ගන්න බැරි වුනාලු. සමහරු කියනවා, ඒක අලි පිල්ලියක් ලු. ජැකාගෙ එක මතක වස්තු කතාවක, කනප්පුවක් ඇවිද්ද්දෝල කම්බි වැටක් පන්නෝපු කතාවක් තියනවා. මේව අදටත් ගැමි ජනයගෙ විස්වාස. ඔහු හුදී ජන හදවතට කතා කලේ එහෙමයි.

ජැකා දේශපාලනය කලා, කඩේ ගියා.ඒක ඔහුගෙ තෝරාගැනීමේ නිදහස. ඒකෙ සදාචාරාත්මක භාවය ගැන නං අනේ මන්දා?මතක විදිහට දේශපාලනයට කඩේ ගිය එකම කලාකාරයා ජැක්සන් විතරක් නම් නෙමෙයි. ඒත් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා මම ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකිනවා.  ඒත් ජැකා වටිනා කලාකාරයෙක්. ඔහු අපට යමක් දුන්නා. ඒ ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ බව කියන්න, මිනිහෙක් මැරෙනතෙක් ඉන්න ඕනෙ නෑ නෙව? 




කාෂ්ඨෙට මැලවෙච්ච හැඩක් නොපෙනෙනෙ ලයක
සොච්චමට විකිණිච්ච නමක් නැති චිත්‍රයක
සනුහරෙන් දැලි අඟුරු ගානකොට පෙනි පෙනිම
වචන ගල් මුල් වැදුණ අලිය ගිය කූටරෙම....


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

68 comments:

  1. ඩිජි බකමුණු
    බීලා බොකඋණු
    කටේ ගඳඑනු
    නාලා නිදියනු

    ReplyDelete
    Replies
    1. ඉන්නේ හිමවතේ මහ තඩි වැවක් යට
      කන්නෙත් චිකන්මයි රට හාලේ බතට
      බොන්නේ වැව් දියයි පූරුවෙ කළ පවට
      යන්නේ කවදාද ගෙම්බන් දකින්නට

      Delete
  2. ලංකාවෙ හුඟක් ජනප්‍රියවෙන්නෙ ඩ්‍රැමටික් හෝ ඕවර් ඇක්ටින් ස්ටයිල් එකේ නලුවො නේද?
    ගාමිණී ෆොන්සේකා, ජැක්සන්, ශ්‍රියන්ත මෙන්ඩිස්
    ෂෝන් කොනරි, හින්දි සහ දකුණු ඉන්දියන් නලුවො

    ReplyDelete
    Replies
    1. මට ඩ්‍රැමටික් / ඕවර් ඇක්ටින් කියල දැනිලා තියෙන්නෙ සමහර හින්දි සහ දකුණු ඉන්දියන් නලුවො විතරයි. වැඩි හරියක් පැරණි ෆිල්ම්ස් වල. මගේ රසවින්ඳනය ඒ තරම් සංවේදී නෑ, මහිතේ🤔

      Delete
    2. ඔය කියන්නෙ මේ වගේ ඒවද?
      https://www.youtube.com/watch?v=NwgG1qigyPg

      මට හිතෙනවා "ඕවර් ඇක්ටින්" කියන එකත් පොලිටිකල් කරෙක්ට්නස් වගේ එකක් කියලා. ඔය නෙයිනගෙ සූදුවෙ කියවෙන දේ, අද දවසෙ පොලිටිකලි කරෙක්ට් නෑ වගේ.

      Delete
    3. මං කිව්වෙ ඇක්ටින් ස්ටයිල් එක.
      ජැක්සන් & මෙන්ඩිස් චිත්‍රපටියක රඟපානෙ වේදිකාවක රඟපානවට කිට්ටු ස්ටයිල් එකක, වේදිකාවෙ ඩ්‍රැමටික් ස්ටයිල් අවශ්‍යමයි, ඒත් ඒක චිත්‍රපටියකදි ඔවර්.

      ස්ටයිල් උදාහරණයක් විදිහට ෂෝන් කොනරි මැට් ඩේමන්ට සංසන්දනය කරන්න. බ්‍රැඩ් පිට් නම් ඩ්‍රැමටික් සහ රියලිස්ටික් දෙකම ලස්සනට කරනව

      Delete
    4. වේදිකාවෙ ඩ්‍රැමටික් ස්ටයිල් අවශ්‍ය බව මට තේරෙනවා. ජැක්සන් & මෙන්ඩිස් මූලිකවම පරිනත වේදිකා නළුවො නිසා පුරුද්ද අත්හරින්න අමාරු ඇති.

      ඒත් බටහිර සිනමාවෙ ඩ්‍රැමටික් රඟපෑම මට තව ටියුබ් ලයිට්. ෂෝන් කොනරි එක ඇහි බැමක් උඩ යවල මූණ කජු ලෙල්ල වගේ කරන එක විතරමයි මම අවුලකට දැක්කෙ.🤔

      Delete
    5. ෂෝන් කොනරි අන්ටචබල්ස් මූවි එකේ හොඳයි. පරණ ජේම්ස් බොන්ඩ්වල නම් ඉතින් ඇක්ට් කරන්න තරන් දෙයක් නෑනෙ.
      ප්‍රශ්නෙ තියෙන්නෙ හුඟක් ඒවාගේ කොනරි කතා කරනකොට කැරැක්ටර් එකකට වඩා ඇක්ටර් කෙනෙක් කියන එක තමයි පේන්නෙ.
      මට හරියටම විස්තර කරන්න අමාරුයි.
      ගාමිණී ෆොන්සේකාගෙ ඇක්ටින් ජෝ අබේවික්‍රම/සනත් ගුණතිලක ගේ ඇක්ටින් එක්ක සංසන්දනය කලොත් තේරෙයි

      Delete
    6. ජෝ අබේවික්‍රමගෙ රඟපෑම් වඩා සාර්ථකයි කියල නම් හිතෙනවා. ඒත් මට තාම ගාමිනී/විජය/සනත් එක බෝට්ටුවෙ. ඇත්තටම මගෙ ඔය අන්සෙ ටියුබ්ලයිට් නිසා, ඕව ගැන නොහිතා බලනවා.

      Delete
  3. ඔය ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වලට සම්බන්ධ අයට වදින ටූටන් කාමන්වර්ගයේ සාපය.
    තාම බේරිලා ඉන්නේ වසන්ත වට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ බුද්ධදාස විතාතාරච්චි කියන සිංහල කොටියා විතරයි.

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරිගේ දඞු බස්නා මානය, ඝරසරප වගේ නිර්මාණ නං රසවින්ඳා. සිංහල කොටි කතාව ගැන දැණුමක් නෑ.

      Delete
  4. ඔය කළු කෝට් කාරය සුදු උස හීන්දෑරි මනුස්සයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා, අර බෝ පැලේ වගේ ඉන්න මනුස්පයගෙ ඩෙනිමෙ නේද මේ මඩ තලි උලන්නෙ? 😉😂🤣

      Delete
  5. ජැකා හොඳ මනුස්සය ඒත් ඉතිං රටේ ලෝකෙ මිනිස්සු එකේකේව කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒව ඉතිං එහෙම තමයි. "සතා කියා ඉදහිටකදි ඇහුනාම - කතා හදන උන් සේරම බෝසත්ද" කියන එක තමයි මට මතක් වුනේ. ඔහුගේ ප්‍රශ්ණාත්මක දේශපාලන කඩේ යෑම මම අනුමත කරනව කියල එයින් අදහස් වෙන්නෙත් නෑ.

      Delete
  6. ජැක්සන් කියන්නෙ වැඩ්ඩෙක්. ඒකෙ දෙකක් නෑ.
    දේශපාලනය සම්බන්ධයෙන් ඉරාජ් ල ජැක්සන් ල කතා අහගන්නෙ ඒ කඩේ යාමේ තිව්ව චොහොර ගතියට මිසක් දේශපාලනයක අවුලක් නිසා නෙවෙයි.
    වේරලියද්දල ඒඩ්වඩ්ල ත් මහින්දට කඩේ ගියා. අර අසවල් සිංදුවත් රෝහණ ල ගෙ වේරලියද්දලගෙ. බට් අදටත් මිනිස්සු වේරලාට එඩ්ඩලාට ඒ් ගැන ‌ලොකු දොසක් කියන්නෑනේ.
    මහරජාණෙනි කිව්ව කියල සහේලි කක්කි කතා අහන්නෙ නෑනෙ.

    මං හිතන්නෙ සීමාව ක්‍රොස් කළාම මිනිස්සුන්ට අප්පිරිය වෙනව. ඒතකොට ඔයා ඔය කියන තත්වෙට පත් වෙනව. ජැකාට ඉරාජ්ට මිනිස්සු අකමැති වෙන්නෙ ඔතනදි

    අවන්හලේ මයියා

    ReplyDelete
    Replies
    1. එළකිරි! වෙඩි වගේ විග්‍රහයක්. සම්පූර්ණයෙන්ම එකඟයි.

      ලියන්නෙ නැත්තෙ, ඇනෝ එන්නෙ ආයෙ ප්‍රොෆයිල් එකේ අවුලක්ද?

      Delete
    2. ඒත් මට ආයෙ හිතෙනවා, අපරාධ කාරයෙක් වුනත්, මැරෙන්න පණ අදින කොට "මකබෑවියන්" කියන එක සදාචාරාත්මක නෑ කියලා. මේ සෝෂල් මීඩියා යුගයේ, මම කලින් ලිපියෙ කිව්ව "රැලේ යෑම" (group thinking / herd mentality) එකත් සාධකයක් වෙනව ඇති.

      මම දැක්කා එක විවේචනයක්, ඔහු ආත්මය පාවා දුන්නා කියලත් තියනවා. මේ මට හිතෙන හැටි. අපේ පන්තියේ කියල අපි හිතාගෙන ඉන්න"එකෙක්" ලයින් එක ක්‍රොස් කලාම අපිට ඒකෙන් වැඩිය රිදෙනවා.

      Delete
    3. සැටිපිකැට් ඇත්ත... වන්හලේ. ඒ කතාවට සම්පූර්ණ එකගයි🙏

      මිනිස්සු මරණය ප්‍රාර්ථනා කරන එකනම් සාදාරණ නෑ තමා. රන්ජන් එකතැනකදි කිව්ව වගේ ජැක්සන්... සකලකළා වල්ලභ. පස්සෙ වෙන දේකට වල්ලභ උනා.
      අකමැත්තෙන් උනත් හිතෙන දේ තමා... ඔහු වැපිරැ දේ ඔහුම නෙලා ගත්ත කියන එක.
      -නමියගෙ වීදිය

      Delete
    4. කෝ බොල මයෙ කොමෙන්ට් වලට රිප්ලයි

      Delete
    5. උන්දෑ අවන්හලේ දෙකක් දාගෙන සැතපිලාවත්ද?🤣😉

      Delete
  7. මම ආස ඒ නමට පානාපුත්‍ර කුහුඹූ පැණියා...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති දාපු නමක් නෙව? ඒ අපට අහිමි කරවපු, තවත් එක් කළාකාරයෙක්. සරීරයෙන් පොඩි වුනත් දෑවැන්ත චරිතයක්. පොටෝ ජෙනික් නෑ කියල කවදාවත් ඉදිරියට ආවෙ නෑ. ඔය කියැවෙන ජනතා විනිශ්චයම තමා, එදා ප්‍රේමකීර්තිට බැස්ටිය දුන්නෙ. වරද කුටුම්භ රක්ෂණ සඳහා ප්‍රේමදාසට කඩේ යෑම.

      Delete
  8. දේශපාලනේ නැතුව ගත්තහම මාරම මම කැමතිම මිනිහෙක්.....
    තව කාලෙකට ඔය වගේ එකෙක් එන එකක් නෑ....

    ReplyDelete
  9. නුවර පෙරහැරේ අලි කුලප්පුවට එක්සත් ජාතික පක්ස ඩීජේ බස්සා වගකිව යුතු බවට පත්කොට අත්තඩංගුවට ගෙන සිරබාරයට පත් කලයුතුබවට සාසනාලයෙන් යුතුව දන්වා සිටීම් වගහ.

    ReplyDelete
    Replies
    1. මුතු රාජා නං උඩින්ම සියමට ගියා නේද? තායි රාජාවත් බේරගමු නේද අපෙ හාංදුන්නේ?

      Delete
  10. මිස්ට බස්නායක, මේක මගේ අදහස.. ජැක්සන් ගැන අපි හඳුනාගත්තෙ නළුවෙක්, ප්‍රසන්ටර් කෙනෙක් හැටියට නේ, තරමක ඕවර් ඇක්ටිං නොතිබුනාත් නොවෙයි හිටං. ඒත් නාට්ටියක් කියන්නේ ඇත්තම ලෝකෙ නෙවේනේ. කෝම උනත් වැදගත් ලෙසට ජීවත් උනා.
    පස්සෙන් පහු 'ලොක්කට' කෝට් කපල රේන්දත් අල්ලලා මහල කැඳ දාල ඉස්ත්‍රික්ක කරලා අන්දවලා අහක්කවෙලා හිටං කූල් එකේ ගාන කපන සීන් පබ්ලික් උනාම තමා ටිකට් එක කපාගත්තෙ, මොන හොඳ තිබ්බත් ඒ හොඳ වැහුණා ඒ සීන් වලින්.

    දැන් එයා අලියෙක්ගෙ හරි මොකක හරි හැපිලා අනතුරක් වෙලා සර්ජරි කරලා මුලිං හොඳවෙලා පස්සේ ආයෙ තව කරලා දැන් කොමා තත්වෙකලු නේ ඉන්නේ. BHT එක දැක්කෙ නැති නිසා මක්කවත් ටක්කෙටම කියන්ඩ බෑ.
    කෝම නමුත් දැන් අවුරුද්දක විතර ඉඳං ICU එකේ වෙන්ටිලේටරේ බලෙන් නේ ඉන්නේ. ඕව වල ඉන්න දොස්තර උන්නැහෙලා ඉගෙන ගෙන තියෙනවා බ්‍රේන් ඩෙඩ් ද අරකද මේකද කියල හරියටම සොයාගන්ඩ. මෙච්චර කාලයක් ඉඳල ග්‍රැජග් ග්‍රැජුවලි
    වත් ඉම්පෘව්මන්ට් එකක් පෙනේ නම් ලෙඩාව හොඳ කරන්ඩ ඕනේ. ඕ යේස් ඩෙෆිනිට්ලි. එහෙම ප්‍රෝග්‍රෙස් එකක් පෙනෙන්නේ නැත්තං .... එක්කො දොස්තරලා කියන්න ඕනේ එහෙමත් නැත්තං කුමාරිට ඇහැක් එයාගෙ එංගලන්තෙ ඉන්න දොස්තර ශ්‍යාම් මල්ලිගෙන් උපදේසයක් ගන්ඩ මක්කයි මලේ දැන් අපි කොරන්ඩෝනෙ කියල.. එ හේ ම ත් ම නැත්තං ජෙරොම් ප්‍රොපට් තුමාටවත් කියලා ෆේස්ටෛම් යාඥාවක් වත් කොරල බලන්ඩ. මතකයිනේ යස අගේට වික්ටර් උන්නැහෙගෙ සවුන්ඩ් කාඩ් ඩ්‍රයිවර්ස් ලෝඩ් කරලා දුන්නේ හිටං

    ඕකේ තියෙන නරකම වැඩේ තමා ලොකු සර්, ICU ඇඳන් බොහොම සීමිතයි. HTM ඩිසෛන් ක්‍රයිටිරිය එකට ටෝටල් බෙඩ් කපෑසිටියෙන් 2%යි ICU බෙඩ්. මහ ඉස්පිරිතාලෙ කපල කොටල එවන ලෙඩ්ඩුත් දාන්ඩ තැන් තියෙන්ඩ එපැයි. ලයින් දාගෙන ඇඳකට අරක්ගෙන සිටින එක, එක අතකින් ඒ ලෙඩාටත් මහා පවක් අනිත් අතිං අමාරු ලෙඩෙක් එක්කෝ ICU නොදා (මැරෙන්ඩ) යවන්ඩ වෙනවා එහෙමත් නැත්තං මෙයාට වඩා අමාරු නැති ලෙඩෙක්ට ටිකට් එක කැපෙනවා. ඔතන තියන නරකම වැඩේ තමා ඒ වගේ කේස් වෙන්නේ අහිංසක, දුප්පත්, කොනෙක්ෂන් නැති ලෙඩුන්ට වීමයි.

    මෙන්න මේකත් කියවන්ඩ.
    https://www.bbc.com/sinhala/articles/c843x349178o

    දැන් කල්පනා කරලා බලන්ඩ උගත් දොස්තරලෛ ඒ වගේම උගත් ජැක්සන් පෞලේ උදවියයි මේ කරන වැඩේ නිවැරදිද කියලා.

    අපි කාටද දැන් කැරට් දෙන්ඩෝනෙ, දෙගොල්ලොන්ටමද? නැත්තං අපිටද?

    හිතේ අමාරුවටම ලිව්වේ.

    ජයවේවා.
    You know who is myself.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. මෙතන ඇත්තටම මොකද වෙන්නෙ කියලා කවුරුවත් කියන්නෙ නෑ. කේස් එක වහගෙන ඉන්නෙ, නිකං ලැබෙන නිසා පෞලේ උදවියට ගාණකුත් නෑ.

      Delete
    2. https://www.thestar.com/life/health-wellness/hassan-rasouli-to-move-out-of-sunnybrook-after-long-end-of-life-court-battle/article_b5606938-a23d-5bbb-930a-1c80a33acb8b.html

      Delete
    3. ඔව් මෙතන පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙන බව පේනවා, මේක lost cause එකක් නං. එහෙම නං ඒක, සීමිත critical resources සඳහා දැණ හැඳුනුම්කම් සහ බලය අවභාවිතය , ඇති-නැති විශමතා වගේ පැත්තකට යොමු වෙනවා.

      Delete
  11. ජැක්සන් පුංචි තිරයට ඇවිත් ප්‍රසිද්ධ වුනේ පළිඟු මැණිකේ එකේ විජේපාල චරිතයෙන්.

    ReplyDelete
    Replies
    1. ඇයි කඩුල්ල ආවෙ පළිඟු මැණිකේට කලින් නෙමෙයිද?🤔

      Delete
  12. කරන්නට හැකි ගොඩක් දේවල්, හැබෑ දක්ෂයෙකුටම විතරයි
    වාසනාවක් එහෙම උරුමෙට ලැබෙන්නෙත් ජන්මෙන්ම විතරයි
    විකිණුවත් විකුණුනත් එයටත් තිරිත්තමකුත් තිබිය යුතුමයි
    එහෙම නැතිවිට ඒක හරියට 'බලූ පුකේ බැඳී මීය වගෙමයි'

    ලබන පැසසුම් තෑගී නිලතල නම්බු නාමත් අරන් යන්නද
    බඩට අල්ලන තරමටම මිස තවත් වැඩියෙන් කොහේ කන්නද
    ඇතුළ කුණුවී මියැදිලා නං පිටින් ඔප දැම්මට පලක් වෙද
    ආදුරුස නං කොතෙක් තිබ්බත්, ඉගෙන ගන්නේ අපෙන් කීයද?

    ReplyDelete
    Replies
    1. ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
      සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
      සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
      කොටස් කරල හරි කොමෙන්ටු කොටාපං මෙයා

      බඩට කන්නට කෑම රස නැත
      උයන ජාතිත් ඇති පදම් ඇත
      අපට නැති කොට ඇහු-පෑවත
      යූටියුබ් අම්මයි දෙන්නෙ අත හිත

      සැමනුයි පරිප්පුයි මට අපෙ ගෙදර වගේ
      බණ්ඩක්කා හරියට අපෙ අක්කා වගේ
      ටින් කල කෑම බුකවාගෙන ඉන්න රඟේ
      බස්සෙක් වෙලා ඉපදුන එක කරුමෙ මගේ

      Delete
  13. ජැක්සන් ඇන්තනි
    අලියාගේ හැප්පුනි
    නිවනට ලං උනි
    බකමල්ලි දුක් උනි

    ජැක්සන් ඇන්තනි මැතිතුමාට නිවන් සැප සම්පත් ප්‍රර්ථනා කරමු.
    බස්නායක අයියාටත් නිවන් සැප සම්පත් පාර්ථනා කරමු.
    සිරිකොතෙන් කඩ කාමරයක් ලබා දී සාගල මැතිතුමා සමග සේවයේ යොදවමු.
    තවත් කාටවත් එහෙම පාර්ථනා කරමු.

    බෝතලයක් ගහලා හාන්සි වෙමු.

    ReplyDelete
    Replies
    1. මට කාවවත් නිවන් අරින්න, ලෙඩ හොඳ කරන්න බලයක් නෑනෙ ඇනෝ. අඟුණකොළපැලැස්සෙ උපාසකයො මෙන්න මෙහෙම නිවන් දකින්න පිං කරනවලු.

      Delete
    2. ඔය අර බ්ලොග් වල කුණුහරුප කවි ලියන මානසික ලෙඩා නේද?
      ඔය ලෙඩාගේ බ්ලොග් එක බලන්න එපා ඩීජේ බකඅප්පු.

      Delete
  14. බෂ්නායක අයා වෙත ලයමි,
    බෂ්ෂා අයේ, සැප සනීප කහම ද? මම සැපෙන් සිටිමු. අයාත් සැපෙන් සිටිනෙමු ද? ප්‍රා ජේ අයාටත් සැප වවා!

    - කාලෙකට පස්සෙ බ්ලොග් මතක්වෙච්චි ලී බෝනික්කෙක් -

    ReplyDelete
    Replies
    1. බුරෝ උඹ නං කවදා හරි ලොකු පණ්ඩිතයක් වෙනවා. 😉
      ප්‍රාජේ අයා මේ දවස් වල වැටවල් උඩ මල් හිටවනවා.
      අපි මේ ලඟදිත් උඹව මතක් කරල කුරුතග්න වුනා,අර අපට දීපු මාර රැසිපි සැට් එක ගැන.
      ඩ්‍රැකියයි, තට්ටයා මහත්තයයි ආයෙ බ්ලොග් ස්ටාර්ට් කරවන්න ගේට්ටු "කික්" එකක් නං දුන්නා. මොන?

      අපිටත් ඉතිම් ඉර පායනවා, මල් පිපෙනවා, සමර් එක හින්දා කෝඳුරුවො ඇවිත් සිංදුත් කියනවා. උඹටත් එසේම වාවා!

      - බස්සා, බොක්සර් ඇතුලු කැලෑ සතුන් ටික -

      Delete
    2. 🤸🤸‍♀️🤸‍♂️ welcome back🦿🦿🦿

      Delete
    3. හෙහ්, හෙහ් වල්කම් තමයි ඉතිං. ඔය ඇවිල්ලා තියෙන්නෙ වාර්ෂික බ්ලොග් වන්දනාවට. ආයෙ දඩාවතේ යයි. 😂😉

      Delete
  15. තෙරුවන් සරණයි ඔයාට

    ReplyDelete
  16. මිකැනිකල් වසන්තලා, උපනන්දලා, රවුමට වාඩි වෙලා
    බස්නායක බයිට් වෙලා

    ReplyDelete
    Replies
    1. සරපිනා ගහල චොකා බයිලයක් කියලා
      හාන්සි වෙමු බෝතලයක් ගහලා

      Delete
  17. අර කවි සිංදු කරන එකනම් සාපයක්... මට.
    ලාවට මොනාට හරි තලන සද්දේ ඇහෙනව... එකෙක් සීපද කියන අස්සේ

    ReplyDelete
    Replies
    1. නමියගෙ සූදුව ගැනද ඔය කියන්නෙ? සීපද/සිංදු නෙමෙයි වාහෙ, ඔය විරිදු. 😉

      ඔය විරිදුවෙ කියවෙන යුගයේ, සෝෂල් මීඩියා තමයි කැලෑ පත්තර,තෙල්බේත් කාරයො සහ විරිදු කාරයො. ඒ කාලෙත් රේන්ද(අරක්කු), මුස්ලිම් විරෝධී හිංගල බවුද්ද නැගිටීමක් තිබිල තියනවා.
      හෙන්රි පේද්‍රිස්, අනගාරික ධර්මපාල, කොතලාවල පවා වීරකම කෙසේ වෙතත් විවාදාත්මක චරිත. මේක වෙනමම ලිපියකට සෑහෙන මාතෘකාවක්.🤔

      හහ්, අපි නං ලියයි ඔව්වා.😉

      Delete
    2. හ්ම් එහෙමෙයි.

      අපිත් ලියයි ඕව 😂

      Delete
    3. හ්ම්. ඔව්. මංම තමයි 😂
      - නමියගෙ වීදිය

      Delete
    4. හෙහ්,හෙහ් උඹ ඇනෝ ඇවිත් නිදියවත් අනාත කලා නේද?😂🤣

      Delete
    5. පෝං එකේ ගුගල් ඇප් එකේ ඉමේල් 2ක් ලොග්වෙලා හන්ද ඇනෝ තමයි දාන්න උනේ. දැන් වෙන බ්‍රව්සරේකිං මේ එන්නෙ.

      මං මොකක්ද කලේ නිදිගොයියට බස්සතුමෝ??

      Delete
    6. ඇයි බොලේ නිදියත් ඇහැව්ව නේද මේ නමියා වත්දෑ කියලා?
      ඉතිං මටත් තියනව නෙව ඊමේල් ඇඩ්‍රස් දුසිම් බාගයක්. ඒ තිබිලත්, ජන්ක් මේල් වලින් බේරෙන්න, තව ටෙම්ප්-මේල් ඇඩ්‍රස් පාවිච්චි කරනවා.
      https://temp-mail.org/en/change
      https://10minutemail.com/

      Delete
  18. Replies
    1. ස්තූතියි.ඔව් මේක ටිකක් කන්ට්‍රවර්ෂල් සබ්ජෙක්ට් එක්ක් 🙏

      Delete
  19. ලොරන්සෝද අල්මේදා
    ලොව පිළිගත් නාවික ඉංජිනේරුවරයා

    ReplyDelete
  20. යතාර්ථවාදියා ආයෙ ලියල.👌😊
    සාමණේර කතා වස්තුව

    ReplyDelete
  21. අපි අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙ මිනිස්සු.

    පන්සලේ ප්‍රංශ රසේ.
    අජිත් ඩී කීර්ති මුල්ලේරියාව
    අජිත් පී ජයසිංහ අගලවත්ත

    ReplyDelete
    Replies
    1. ගං ඌරු මස් එක්ක දර පාන් කාලා බෝතලයක් ගහලා හාන්සි වෙමු.
      ආමේන්!

      Delete
    2. මේ වීඩියෝ එකේ ඉන්න මිනිහා සමලිංගිකයෙක්.
      බක මල්ලි සමලිංගික ද

      Delete
    3. කෙනෙකුගේ ලිංගිකත්වය පහත් කර හෙලා දකින චේතනාවෙන්, ඒ ගැන හාරා අවුස්සන එක කැත පුරුද්දක් ලෙසයි මේ සාවියෙ සැලකෙන්නෙ ඇනෝ.

      Delete
  22. https://parikalpanaonline.blogspot.com/2023/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගිහින් වැටක් හිටෝල ආවා.😉

      Delete
  23. මේ මම ජැකා ගැන ලියපු එක. කොහේ හරි පළවුනා .
    -------------------
    ජැකෝ ....................

    ජැකෝ නුඹ දැක්කෙ මුල්වරට
    උතුමාණෙනි නැටුමෙන්
    ජෙනරාල්ට ගී ගයන මේ
    බෙරේ වැස්මක් හිසේ ඇති
    ජැමෙයිකන් පෙනුමැති
    නළුවා ජැක්සන් කෙනෙක්ම
    තමා යන හිතිවිල්ලෙන්

    නුඹ ඒ කියන්නැහේ
    පස්සේ කාලෙක බලු කුක්කෙක්
    ජෙනරාල්ලගේ බොසාලට
    උනා කියල තරහා නැහැ මං
    නීල ටත් සමාව දුන් එකේ මැරුණු
    දවස්වල හැමෝම බනිද්දි
    ඒ හඬ අමතක කරන්නේ කොහොමද
    තරුණ වියේ අපි සනහපු

    නෙයිනගේ සූදුව තමයි
    දැක්කේ ඉන් පස්සේ ඒ රංගන
    ප්‍රතිභාව , කොමඩි නළුකම
    හවස්වල මධුවිතක් සමග
    නැවත නැවතත් නරඹන

    තාරාවෝ ඉගිලුණු නාට්‍ය
    හැන්දෑවක් ඒ කාලේ
    නැවත නැවතත් අහපු ඒ සින්දු
    සෝභාව දුන් රංග සභාවටම

    ගී ගයන්නත් , නටා වයන්නත්
    වයා නටන්නත් සිත් සනසන්නත්
    හිනා ගස්සන්නත්
    මේ හැමදේම හැමෝටම බැරි තැන
    බොහෝ දේට සමතෙකු වුනු ඔබ
    කවදාවත් නුදුටු ඒත්
    හිතට සමීප යයි හිතුනු
    චරිතයක් මචං

    නැවත ඔය ඇඳෙන්
    නැගිටීවි යයි
    සහෘදයන් රැසක්
    සහෘද ජනතාවක්
    තවමත් බලාගෙන
    ඉන්නව සහෝ
    අමතක නොකරන්


    ---අජිත් ධර්මකීර්ති
    https://www.youtube.com/watch?v=FBxjNR8P0xk

    ReplyDelete
  24. නියමයි. මගෙත් අදහස මේකම් තමයි.🙏👌

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code