Aug 28, 2023

පට්ටි මානසිකත්වය - Herd mentality

 අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු. 


හෝතම්බුවා කියනවා, එතන හිටියලු, මොකක් හරි භාණ්ඩයක් අතේ තියන්, වට-පිට බල-බල ඉන්න එවුන්, අනිත් එවුන් තෝරන්න මොනවද කියල බලන්න. විශේෂයෙන්ම, මේ සෝෂල් මීඩියා යුගේ මේ "mob behavior" එක බොහොම සුලභ දසුනක්. 


අහල ඇති නෙව කුප්‍රකට The Stanford Prison Experiment ගැන. රංචු ගැහුනාම Power dynamics සහ Abuse of power අපට බලපාන්නෙ කොහොමද කියන එකට මේක හොඳ උදාහණයක්. අපි වැඩිදෙනෙක් බලාගෙන ඉන්නෙම කවුරු හරි පෙරමුණ ගන්නකම්, රැල්ලෙ යන්න. මේ මානසිකත්වය දේශපාලනයෙදි වගේම හමුදාවෙදිත් ප්‍රයෝජනයට ගැනෙනවා. 

Linus Tech Tips(LMG- Linus Media Group) කියන්නෙ, මිලියන 15 අනුගාමිකයො ඉන්න ලොකුම යූ-ටියුබ් ටෙක් චැනල් එකක්. කම්පියුටර් සේල්ස් රෙප්  කෙනෙක් විදිහට ජීවිතේ පටන් ගත්ත ලයිනස්, යූ-ටියුබ්  අධිරාජ්‍යක් ගොඩනැගුව. ඒත් corporate dictatorship විවේචනය කරපු ලයිනස්ම, ඒ තත්ත්වයට පත්වීම දෛවයේ සරදමක්.

මිලියන් ගාණක් අනුගාමිකයො ඉන්න නායකයෙක්, වැරදි පාරෙ ගියොත් ඒකෙන් වෙන සමාජ හානිය බරපතලයි. දැන් ඔහෙලා හිතෙන්නෙ, මේ ගැන දැණුවත් වුනොත් එහෙම වෙන එකක නෑ කියලද? මොන පිස්සුද, සමහර වෙලාවට මාත් ඔය රැල්ලෙම  යන්නෙ යස අපූරුවට?🤣 තත්ත්වය, තරාතිරම , උගත්කම බල නොපාන මේක ස්වභාවික මිනිස් ගතියක්. 

දැන් අපේ හෝතම්බුවාත් සේල් යනවා. පුටියට පිංසිද්ද වෙන්න, දැන් ජීවන වියදම අහස උසට නැගලා නිසා, බ්‍රෑන්ඩඩ් උස්මුරුත්තව හැදිලා හිටිය හෝතම්බුවාත් සේල් යන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ. ආ, අර වැග්නර් බොසාත් මලාලු නේද? හදිසි අනතුරක් කියන්නෙ, රුසියාවෙ නිසා විස්වාස කරන්නම වෙනවා.


ආර්ට් පුරවපු කැනපි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
එකතු කරගෙන පරණ බඩු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා .....ආර්ට් බොබ්මාලි


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)


57 comments:

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩනයAugust 28, 2023 at 9:21 PM

    ඩීජී බක අප්පුට මෝලක් සෙට් වෙච්ච
    චීනන් ඉන්නා මඩමකට යන ගොස් කෙල වෙච්ච
    බෝතලේ ගහලා හෝතබු එක්ක සැතපෙච්ච
    අගකුත් මුලකුත් නැති බ්ලොග් එක නං ගූ ඔන්න

    ReplyDelete
    Replies
    1. කට්ටියක් එක්ක එකට ඉන්න කොට, වැරදි වුනත් අපිත් ජනප්‍රිය මතයට එකඟ වෙනවා. මේ මානසිකත්වය තේරුම් ගත්ත, කට්ටිය මෙහෙය වන නායකයාට වැරදි පාරක වුනත් දක්ක ගෙන යන්න පුළුවන් කියන එකයි කියන්න ඕනෙ වුනේ? ඒක නොතේරුනා නං, මගේ වෑයම සාර්ථක නෑ. ඒත් හැමදාම කලින්ම ඇවිත් අදහස් දක්වනවාට ස්තූතියි.🙏

      Delete
    2. හෙලෝ අජිත් ඩී කිර්ති , ලන්ඩන් හොඳයිද 😀

      Delete
  2. ආදියෙ දඩයමේ ගියෙ රංචුව එකටයි
    වගා කෙරෙන යුගයෙත් අපි ඒ වාගෙයි
    ජානවලම කල්ලි ගැහෙන රිස්ස තියෙයි
    ජාන වෙනස් වෙන්නට යන කාලෙ වැඩියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක අපේ ජානගත පුරුද්දක් වෙන්නත් ඉඩ තියනවා. මතයක් තියනවා, අපට free will එකක් තියනවා කියල හිතන එක මායාවක් කියලත්.

      Delete
  3. වාසි පාඩු දෙකම විඳින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි.

      මේ බ්ලොග් කෙරුවාවෙන්, මට ලැබෙන වටිනාම දේ දැණුම. බොහෝ විට, මම නොදන්න දෙයක්, මම වැරදියට තේරුම් අරං ඉන්න දෙයක්, මේ සාකච්චා හරහා ඉගෙන ගන්න අවස්ථාවක් මට ලැබෙනවා. මල් වගේම ගල් පාරවල් ඉවසන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තෙත්, මෙතන රංචුවෙන්ම තමයි. රැල්ලත් එක්ක යනකොට, යන්නෙ වැරදි පාරෙ කියලා තේරෙන කොට, සමහර වෙලාවට බෝට්ටුව ගිහින් ඉවරයි. මේ තත්ත්වයෙන් මිදෙන එක අමාරු වැඩක්.

      Delete
    2. සමාජ විද්‍යාඥයන් කියනවා හැම සත්ත්ව ගහණයකම සතුන් අතර නායකයන් බිභිවෙන්නේ 1:5 අනුපාතයට බව. ඒ තියරිය ඇත්ත කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. එහෙම වෙන්න ඇති. ඒ අතරිනුත් වැඩි දෙනෙක් ඒකාරාශී කරගන්න ඇහැකි, හොඳ පෞරුෂත්වයක් ඇති අය විරලයි. පුටින්, අපේ අප්පුච්චා එහෙම වැටෙන්නෙ ඔය ගණයට. කරුමෙට ඔවුන් ගියේ වැරදි මාර්ගයේ. පපුවට දඩ,දඩ ගාලා ගහගෙන "දැන් සැපද?" කියල අහන්න හැකි කීයෙන් කී දෙනාටද?

      හිම මත බල්ලන් විසින් ඇදගෙන යන කරත්ත, ඇස්කිමෝවරු පාවිච්චි කරනවා. ඒ බලු නඩයෙ ඉස්සරහට බඳින්නෙ, alpha male වර්ගයේ බලු නායකයෙක්. "මාත් දැණ ගත්තෙ පත්තරෙන් හිටං" වර්ගයේ එකෙක් ඉස්සහට බැන්දොත් බබිත් සුං, බබීගෙ අම්මත් සුං.

      https://www.youtube.com/watch?v=CJYNi-sDOAk

      Delete
    4. මේ කියන ඔක්කොම හරි වෙන්න පුළුවන්. නමුත් රුසියානු ජිවිතේ අහිං දැකපු මට තේරුම් ගන්නම බැරි මේ බටහිර ඉන්න බොලාල පූටින් ගේ වැරැද්ද විතරක් දැකල අර නාකි හම්පඩ බයිඩන් ගේ කිසිම වැරැද්දක් නොදකින එක. 😀 පුටිය දෙන්නේ ඇමෙරිකන් කාරය දුන්න ගේමම තමයි. එක්කෝ මුන් දෙගොල්ලම වැරදි වෙන්න ඕනේ. නැත්නම් දෙගොල්ලම හරි වෙන්න ඕනේ.

      Delete
    5. බයි-ඩෝං අද හිටියා හෙට ගියා. ඊට පස්සෙ උන්දෑ උන්නද මලාද කියලවත් අපට අමතක වෙයි. පුටින් ඇවිත් ඉන්නෙ, එහෙම යන්න නෙමෙයි, ඒ නිසා ලෝක දේශපාලනයට වෙන බලපෑම විසාලයි. අපි පුටියට නෙලන්නෙ ඒකයි, නැතුව බයි-ඩෝං හොඳ නිසා නෙමෙයි.

      Delete
    6. ලොජික් එක පට්ට වැරදියි බසු තුමා බැලූ බැල්මට හරි වගේ පෙනුනට. බයිඩන් දැනුත් රට පාලනය කරන්නේ නැහැ. රට පාලනය කරන්නේ වේනම් සෙට් එකක්. ඩිමොක්‍රටික් පක්ෂයේ නම් ආයුධ කොම්පැණි එක්සෙක් ලගේ ලොකු බලපෑමක් තියනවා. බුෂ් ලගේ රිපබ්ලිකන් ක්ලෑන් එක තෙල් කම්පැනි. ඔය ඇමෙරිකන් ජනාධිපතිලා තනිව රට පාලනය කරනවා කියන එක පට්ට විහිලුවක්. හරියට ඍෂි සුනාක් එතනට දැම්මේ අපි වගේ. ඍෂි ට ටෝරි පාටි එකේ චන්දයක් තිබ්බනම් බොරිස දිනලා ඍෂි පරදිනව්. නමුත් බ්‍රිතාන්‍ය පාලනය අකරණ සැබෑ සෙට් එකට ඕනේ ඍෂි. පුටින් වුනත් එය තනියම නෙමෙයි. රුසියාවේ පුටින්ව එතනට ගෙන්නපු කබාල් එකේ සෙට් එකක් තවම ඉන්නවා. පුටින් ගියත් උන් දන්නවා ඔතනය කාවද දාන්න ඕනේ කියල.

      Delete
    7. ඔය කියන්නේ "ඩීප් ස්ටේට්", "ෂැඩෝ ගවර්න්මන්ට්" කතාව නේද? මාත් ඕක අහල තියනවා. සමහරවිට යම් ඇත්තක් ඇති🤔.

      Delete
    8. හ්ම් ලිපි ටිකක් ලියන්න ඕනේ . මම ෆ්‍රී මේසන් හිටිය කාලේ සෑහෙන්න දේවල් දැන ගත්ත . පට්ටම කතාව තමයි රුසියාවේ ෆ්‍රී මේසන් එක ආපහු ගොඩ නැගල ගත්තේ පුටියා කියන එක. පොරගේ පැරණ කෙජිබි යාලුවෝ ටික අල්ල ගන්න

      Delete
  4. අපේ ටවුමෙ තියනවා නයිට් බසාර් කියලා එකක් හැම සිකුරාදා රෑකම්. ආවොත් මොනා හරි අඩු ගානට අරන් දුන්නෑකි, මේ අමාරු කාලේ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඉන්නෙ මැද පෙරදිග නේද? අර රැක් පෝස්ට් එකේ ඉතුරු කොටස ලියන්නෙ කවදද?

      Delete
    2. මැද පෙරදිගින් ඇවිල්ලා දස වසකුත් ගෙවුනා පහුනු මාසෙට.. රැක් පෝස්ට් එකක් පටන් ගත්තට ඒකෙ මහලොකුවට ලියන්න දෙයක් නෑ කියලා දැන් හිතෙනවා.. ඔය පොඩි පොඩි සිද්දි ටිකක් විතරයි..

      Delete
    3. අවු 10ක්? ඒකත් එහෙමද?
      මට තේරෙනවා, එහෙම නං හොඳයි කියල හිතෙන දෙයක් ලැබුනහම ලියන්න. ඒත් අර ටැක්සි ඩ්‍රයිවර්ගෙ හොල්මන් කතාව වගේ පොඩි සිද්දි වුනත්, ලියන විදිහ අනුව හොඳ කතාවක් වෙනවා. එදිනෙදා දකින දේ, මුණ ගැහෙන චරිත වුනත් එහෙමයි. තට්ටයාගෙ ඩයරිගෙ තිබුනා එහෙම ලස්සන එදිනෙදා කෙටි සිදුවීම්.
      ඒ ගැනත් හිතලා බලන්න.🙏

      Delete
    4. බකුසු ඉල්ලීම සළකා බලමි...:-)

      Delete
  5. නොදැන හිටිය දෙයක් මේ.
    ජයවේවා

    ReplyDelete
  6. "පට්ටි මානසිකත්වය" කොහෙන්ද බොල ඔය වචන එන්නෙ 😂.

    එකපාර මට මතක් උනේ... කැලේ සේරෝම සත්තු අහස කඩන් වැටෙන එකෙන් බේරෙන්න දුවපු කතාව. සිංහයා විතරයි විපරං කරල හරි දේ දැන ගත්තෙ.
    හුම්: ඒ කතාවේ හැටියට විපරම් බුජ්ජිය තමා සිංහයා දුවන එකෙන් නැවත්තුවේ. අපිටත් විපරම් බුජ්ජිය තිව්නනං... seem more

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නෙ විචාර බුද්ධිය නෙමෙයි, instinct.
      Instinct - an innate, typically fixed pattern of behavior in animals in response to certain stimuli කියලයි ඩික්ෂනරියෙ තියෙන්නෙ.

      Delete
    2. හුම්. Instinct ගැන තවත් දැන ගත්තා 👌

      ඒත් බස්ස මහත්තයෝ උපමා කතාවක් විදිහට නෙ අපි ඕක ඉගෙන ගන්නෙ. එතකොට... සත්තු, අපිට උපමා වෙලා හිට........................... එහෙම නෙ 😶

      Delete
    3. හ්ම්..හ්ම්.....ඒක නං එහෙම තමයි නමියා මහත්තයො.🤔👌

      Delete
  7. රසික සුරියාරච්චිAugust 29, 2023 at 9:52 PM

    බස්නායක කියන්න හදන දේ නං වැදගත් දෙයක් තමයි.
    ඒත් ඕනිවට වඩා ගොන් ජෝක් දාන්න ගිහිං පොස්ට් එක විහිළුවක් වෙලා. නිවැරදි පණිවිඩය සන්නිවේදනය වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ වැරැද්ද පෙන්නා දුන්නට. පෙරහැරේ හරියට පේන්නෙ පිටින් ඉඳන් බලන කොටයි කියනවනෙ. මම ආයෙත් රැල්ල එක්ක ගිහිල්ලා.🤔

      Delete
    2. මහත්තයා නුවර පෙරහැරේද වැඩ කරන්නේ?

      Delete
    3. ඔව් මහත්තයො, මම පෙරහැර කාලෙට කිතුල් බොඩ සප්ලයි කරනවා.

      Delete
    4. පෙරහැර නැති කාලෙට මහත්තයා කිතුල් රා පෙරනවාද? උදේ ඉදං කටගොන්නක් බීගෙන ඉන්නේ කියලා නං පේනවා.

      Delete
    5. ඉන්ද්ද හිට දෙකක් ලඟ නමා ගන්නවා. කිතුල් රා? අපිට කොයින්දෑ බූල් බල්ලො?

      Delete
  8. https://www.menshealth.com/entertainment/a39947061/the-staircase-hbo-max-owl-theory/

    ReplyDelete
  9. බඩු නේද?? හූම්... හූම්....

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතන ජාතියෙ බඩු නෙමෙයි මෙව්වා.😉

      Delete
  10. ලයනල් මහත්මයා එවකට එක්සත් ජාතික පක්ෂ සපරගමුව මහ ඇමති ජී වී පුංචිනිලමේ මහතාගේ සන්නද්ධ අතුරු හමුදාවක ප්‍රධානියෙකි. 88/89 භීෂණ සමයේදී පළාත්සභා පැජරෝ වල නැගී ගිනි අවි අමෝරාගෙන විදුලි වේගයෙන් මොවුන් එහෙ මෙහෙ ගමන් කරනවා අපට දැක හුරු පුරුදුය.

    බෙලිහුල්ඔය තානායම ඇති ස්ථානයේ මොහු නවාතැන් ගෙන සිටි බවද මතකය.

    එවකට තරුණ වියේ පසුවූ සුසන්ත පුංචිනිලමේද ලයනල් මහතාගේ මිතුරෙකි. අතුරුදහන් වූ ටයර් සෑයන් හී අවසන් ගමන් ගිය තරුණ තරුණියන් ප්‍රමාණය දහස් ගණනකි.

    ReplyDelete
  11. මිකැනිකල් වසන්තලා ටොක්සික් ජයන්තලා
    උපනන්දලා හා හවසට කඩේ රොක් වේලා
    රවුමට වාඩි වෙලා බෝතලයක් ගගහා
    කතාවෙයි බස්සාගේ බ්ලොග් කතා

    ReplyDelete
    Replies
    1. කටුක නමුත් අවංක දරුණු විවේචන ලැබෙන්නේ ඇනෝලාගෙන්ම පමණි. ඒ ගැනත්, සරල විනෝදාත්මක කමෙන්ට් මිස හානිදායක නොවීම ගැනත් මගේ ස්තූතිය.🙏👌

      Delete
  12. ලීනස්ගේ පුකේ මයිල් ගහක් තරම්වත් සම්පත් වටින්නෙ නෑ.
    සම්පත්ගේ පුකේ මයිල් ගහක් තරම්වත් කොනී වටින්නෙ නෑ.
    කොනීගේ පුකේ මයිල් ගහක් තරම්වත් චනුක්ස් වටින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සම්පත් සහ කොනීගෙ ලින්ක්ස් දෙන්න පුළුවන්ද?🙏

      Delete
  13. https://www.youtube.com/@pcguidelk
    https://www.youtube.com/@TechieCony

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හ්ම්........🤔
      https://www.youtube.com/watch?v=yDX_1PWUWdw
      https://www.youtube.com/channel/UCPLYkvXwJ8VWBN5hJWSpHHw/videos
      https://www.youtube.com/watch?v=CbKNpx1nrHU
      https://www.youtube.com/watch?v=azSHDgznHRI

      Delete
  14. https://dumindasanchare.blogspot.com/2023/08/blog-post_31.html

    ReplyDelete
  15. රාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති

    රාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති

    බස්නායක ගරු බ්ලොග්පති ඔබයි අපේ රටේ බොකපති

    බස්නායක ගරු බ්ලොග්පති ඔබයි අපේ රටේ බොකපති

    ReplyDelete
    Replies
    1. හහ්, අපි නං අහුවෙයි ඕවට.😉😂

      Delete
  16. රැල්ලේ මානසිකත්වය හැම තැනම තියනවනේ. අන්තරේ සිට අරගලේ දක්වාත් බයියාගේ සිට ටොයියා දක්වාත් , එංගලන්තයේ ෆුට්බෝල් බලන ජනකාය අතරත් , පුටින් ට පක්ෂ එවුන් හා විපක්ෂ එවුන් අතරත්.
    ප්‍රිගොෂින් මැරුණද කියල තවම ෂුවර් නැහැ. මල මිනිය දැක්කද

    ReplyDelete
  17. https://nimigonuwa.blogspot.com/2023/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. අයෙ ලියන්ට පටං අරං

      https://sithiwilimanpetha.blogspot.com/2023/09/blog-post.html?m=1

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code