Dec 11, 2023

වින්ඩෝස් 11ට මල් මිටක්

මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්‍රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර්  සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා ,  බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.

මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.

අද මාතෘකාව:

මවු-පුවරුව මාරු කිරීමෙන් පසු, පැරණි වින්ඩෝස් 10/11 නැවත පාවිච්චි කල හැකිද?  

මේක ගැන බොහෝ අය කියන්නෙ, "කල හැකියි, ඒත් නොකල යුතු දෙයක්" කියලයි. 


මෙතන ඉදිරිපත් කරන තර්කයෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් ප්‍රශ්ණය වෙන්නේ, ඔවුන් කියන ලෙස වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත කොට, සියලුම ඇප්ස් නැවත ස්ථාපිත කිරීමට, මට හැකියාවක් හෝ ඉවසීමක් නැති කමයි.

ඒත් අනෙක් අය දරන්නෙ වෙන මතයක්. මේක මගේ කම්මැලි ජානයත් සමඟ සමපාත වෙනවා.


වින්ඩෝස් 11ට මල් මිටක්:

මගේ අත්දැකීම අනුවත්, මා දැනටමත් වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත නොකොට, පැරණි වින්ඩෝස් මතම මවු-පුවරු පහක් පමණ මාරු කර ඇත. විශේෂයෙන්ම, නවතම වින්ඩෝස් 11 මේ ක්‍රියාවලියේදී, වැඩේ අල නොකර, ගොඩ දැමීමට විශිෂ්ඨ හැකියාවක් දක්වන බව කියන්නම වෙනවා. වින්ඩෝස් ඇක්ටිවේෂන්, මවු-පුවරුට සම්බන්ධ නිසා, ඇක්ටිවේෂන් එක මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකත් එක්ක ලින්ක් කරගැනීම නුවණට හුරු දෙයක්.

ඒත් මෙහෙම කිරීමේදී, පැරණි මවු-පුවරුවල "චිප්-සෙට්" සහ අනිකුත් දෘඩාංග ඩ්‍රයිවර්වලට මොකද වෙන්නෙ? ඒවා නිකං ඔහේ තියනවද? ඒ නිසා වින්ඩෝස් කාර්‍යක්ෂමතාවයට බලපෑමක් තියනවද? 

උත්තරේ - මම දන්නෙ නෑ කියන එකයි. කිසිම කෙනෙක් ඒ ගැන කියන්නෙ නෑ. දැන් එතකොට, දන්නෙත් නැත්නම්, මොකක්ද මේ කියන්නෙ? අවාසනාවට උත්තරය එතරම් කලු-සුදු නැත. වින්ඩෝස් Task-Manager හරහා, දැනට සක්‍රීය "ප්‍රොසෙස්" පරීක්ෂා කිරීමේදී, මගේ  පැරණි මවු-පුවරුවක් වූ Asus ඩ්‍රයිවර් හමුවුන බව මතකයේ ඇත.

සමහරවිට, රැව්ලයි-කැඳයි දෙකම බේරගෙන, වින්ඩෝස් වලින් පැරණි  "චිප්-සෙට්" ඩ්‍රයිවර්ස් ගලවන්න ක්‍රමයක් තියෙන්නත් හැකියාවක් ඇත. GPU එකට නං එහෙම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් තිබෙන බව දනිමි.

Display Driver Uninstaller (DDU)

මේ DDU ක්‍රමවේදය ගැන, යූ-බටේ ඇති වෙන්න වීඩියෝ තියනවා. කෙටියෙන් කියනවා නං, වින්ඩෝස් "සේෆ් මෝඩ්" එකට බූට් කරලා, DDU රන් කරලා පරණ ඩැයිවර්ව ගලවලා, ආයෙ වින්ඩෝස් නෝමල් මෝඩ් එකේදී අලුත් ඩැයිවර්ව ඉන්ස්ටෝල් කරනව, එච්චරයි.

Sysprep ක්‍රමවේදය:

මේකට කියන්නෙ entering OOBE(Windows Out of Box Experience) with "Sysprep" කියලලු. මේක සිස්ටම් ඇඩ්ඩිංලගෙ කමාන්ඩ් එකක්. මට තේරුන විදිහට sysprep කමාන්ඩ් එකෙන් කරන්නෙ, "platform independent" OS image එකක් හදන එකලු.

මෙහෙම බරසාර අර්ථදැක්වීමක් තිබ්බට වැඩේ කජු කනවා වගේ ලේසියි. කරන්න තියෙන්නෙ පහලින් තියෙන ෆයිල් එක රන් කරන්න  විතරයි.

c:\windows\system32\sysprep\sysprep.exe

ඒත් ප්‍රශ්ණය වෙන්නෙ, ඒකෙ සාර්ථකභාවය සහ අනතුරුදායක කමයි. දැනට තියෙන වින්ඩෝස්වල ෆුල් බැකප් එකක් නැතුව මේක කරන්න එපා කියලයි මම නං කියන්නෙ.

මගෙන් වැඩි විස්තර  අහන්න එපා, දන්නෙ නෑ. මෙතන වැඩිහරියක් තියෙන්නෙ, මගේ තර්කාණුකූල අනුමාන(educated guesses) විතරයි. මට කියන්න ඇහැකි මගේ අත්දැකීම විතරයි. ටික වෙලාවක් ගත්තත්, කිසිම අතුරු ආපදාවක් නැතුව, අලුතින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනව වගේම ගියා. මැද හරියෙදි ඇහැව්වා, "පැරණි වින්ඩෝස් බැක්-අප්" එකක් තියනවා, සෙටිංග්ස්, ඇප්ස් ඒකෙන් ගන්නද කියලා? මම  Sysprep රන් කලේ, වැඩිය පාවිච්චි නොකරන admin profile එකකින්. වැඩේ අහවර වෙලා, Local User profile එකට මාරු වුනාම, ඔක්කොම පරණ ඇප්ස් ටික තිබ්බා.

මට කියන්න තියෙන්නෙ, මෙහෙම එකක් තියනවා කියල විතරයි. මේ ගැන දන්න, අපේ උගත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරු ඇනෝලා, ඇඩ්මින්ලා, වැඩි විස්තර සපයනවා නං කුරුතග්ඥ වෙමි.


WizTree
හරහා ලබාගත් Drive image පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ, වින්ඩෝස් 11 core system අරගෙන ඇත්තේ 36Gb ඉඩක් පමණක් බවයි. වින්ඩෝස් 11 Downloads ෆෝල්ඩරය අමතර HDD එකකට යොමු කල හැකි අතර, බොහෝ ඉඩක් ගන්නා ඇපස්ද අමතර HDD එකකට දැමිය හැකිය. නිතර බැක්-අප් ගන්නේ නම්, 33Gb වන "Old Windows"  ෆෝල්ඩරයද ඉවත් කල හැකිමුත්, මට එසේ කිරීමට අවශ්‍යතාවයක් ඇති වූයේ නැත. 

මගේ ආපදා ප්‍රතිසාධන සැලසුම
සමහරු de-bloating windows ගැන කීවත්, තවත් දන්න කියන අය කියනා ලෙස, නවතම වින්ඩෝස් 11වල "අදාල" ඩ්‍රයිවර් පමණක් ලෝඩ් කරගෙන, අදාල නොවන ඒවා නොසලකා සිටීමෙ හැකියාව නිසා, මේ අනවශ්‍ය ඩ්‍රයිවර් ගැන කරදරවීම අත්‍යාවශ්‍යම නොවන බව මගේ පෞද්ගලික අදහසයි.


(කෙසේ වුවත් De-bloating windows මාතෘකාව, වැඩි අවධානයක් යොමු කරන්නේ, මයික්‍රොසොෆ්ට්, බ්ලෝට්වෙයා මඟින් යූසර් ඇක්ටිවිටි ට්‍රැක් කිරීම ගැනයි.) 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

65 comments:

  1. කියෙව්වා, මේවා ගැන කමෙන්ට් කරන්න කට්ටිය ඉන්නවනෙ. මං ගියා

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගිය එකම දාහක් වටිනවා.👌😊

      Delete
    2. එහෙමද. එහෙනං මාත් ඇවිත් ගියා ඕං 😁😁

      Delete
    3. ටෝ ඇවිත් ඉයන් ගෙ කමෙන්ට් එකේ වලිගෙ එල්ලුන නිසා පන්සීයයි වටින්නෙ.😜
      බොලා වගේ යමක් කමක් දන්න කියන උදවියගෙන් උපදෙසක්/අත්දැකීමක් ලැබෙයි කියලයි හිතුවෙ?😏

      Delete
    4. අනේ බසූ මයෙත් ඒ හැටි දැනුමක් නෑ නොවැ.
      අනික මාත් හනමිටිකාරයා වගේද මන්ද... පරණ ජනේල 7මයි පාවිච්චිය. මේක ඇහැව්වහම ඔහෙත් හිනාවෙයි 😁. ඒත් 7ත එක්ක නොකෙරෙන දෙයක් නැති තරම්!

      Delete
    5. අලුත් OS එකට මිනිසුන්ව යොමු කරවන්න, මයික්‍රොසොෆ්ට් කරන්නෙ පරණ එකේ අප්ඩේට්ස් නවත්තන එක. සැකියුරිටි කියන එක දඩමීමාට අන්දවලා ඇපේට තියාගන්නවා. ඒත් පරණ ජනේල 7 එක්ක, සැකියුරිටි ජාම බේරගන්න හැකි නං සහ තමන්ගෙ දෛනික කටයුතු අඩු නැතුව කෙරෙනවා නං එච්චරයි.👌🤭🙏

      Delete
  2. windows 11 හෝම් එඩිෂන් එක බ්ලොග් කොම්පියුටරේ තියෙන්නේ. මමමයි අප්ඩේට් කලේ. බබා වගේ වැඩේ වුනා. ප්‍රෝ එක වරක් ලැප් එකේ තියෙන්නේ. කිසි අවුලක් නෑ සිස්ටම් එක පට්ට.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් තිබිලා මේ දැන් ගොඩ ගත්තෙ. ඔව් දැන් වින්ඩෝස් ඉස්සරට වඩා හුඟක් හොඳයි.

      Delete
  3. දැං එතකොට අපේ මේ ජනේල දහය වෙනුවට ජනේල එකොලහ දාගන්නද එපාද 🤔, ඔක්කොම ඉංග්‍රිසි ලියලා මවුපුවරුව විතරක් සිංහලෙන්

    ReplyDelete
    Replies
    1. බැක්-අප් එහෙම තියේ නං, මොකද ජනේල එකොලහ දාගන්න එකේ නරක?
      ඒම තමයි අපි, කොඩිය සුද්දගේ ඒත් සිංහයා අපේ.😏

      Delete
    2. එකොළහට අප්ග්‍රේඩ් කරන්න ගගා මැසේජ් එනවා ඔන්ලයින් කනෙක්ට් වුන ගමන්ම

      Delete
    3. එකොළහ නරක OS එකක් නෙමෙයි. ඒත් වින්ඩෝස් 10 ඇඟටම ජීර්ණ වෙච්ච කෙනෙක් එක පාරටම කැමති වෙන එකක් නෑ. 10 තිබ්බ සමහර පහසුකම් 11 කප්පාදු කරලා/ වෙනස් කරලා විකාරයක් කරපු තැන් තියනවා. වින්ඩෝස් 11 වල ප්‍රයෝජනවත් සමහර පහසුකම් එකතු කරලා තියනවා. වින්ඩෝස් 11 කරවිල වගේ, මුලදි තිත්තයි, දිගටම කගෙන කාගෙන ගියොත් පස්සෙ රහයි.

      වින්ඩෝස් 10 සපෝට් දැන් නවතින නිසා, අකමැති වුනත් ඔය හතිලව්වට කර ගහන්නම වෙනවා. ටිකක් ලොකු SSD එකක පාටිෂන් 2 හදලා, වින්ඩෝස් 10 ,11 දෙකම ඩුවල් බූට් කරන්න හදාගත්ත නං හරි යාවි.බැයිද දන්න කෙනෙක්ගෙන් සපෝට් එකක් ගන්න.

      Delete
    4. එහෙනං ට්‍රයි එකක් දීලා බලන්න ඕන. මම ඔය අන්සේ වැඩිපුර දන්නා එකෙක් නෙවේ අපි ඉතින් යකඩ වැලි ගල් සිමෙන්ති කාරයොනේ

      Delete
    5. ඉන්නෙ මේ හරියෙ නං, මෙයා බොහොම සාධාරණ හාදයා

      Adamant IT

      Delete
    6. අප්ඩේට් කරහන්. අවුලක් නැහැ. මම දැන් සෑහෙන කාලයක්

      Delete
  4. කෝ මගේ කොමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. ස්පෑම් තිබිලා මේ දැන් ගොඩ ගත්තෙ.

      Delete
  5. මවු පුවරුව මාරු කලාට පස්සේ වින්ඩෝස් 11 අපහු රිඅක්ටිවෙට් කරන්න ඕනේ. ඊට කලින් ඩ්‍රයිවර්ස් ටික ඔක්කොම බාගෙන නම් තිබ්බේ ආපහු හිටවන්න (install ) ඕනේ. එච්චර තමා නේ. මම නම් 11 ට කැමතියි. කිසි අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කිසිම දෙයක් කලින් බා ගන්නෙ නෑ. මාරු කරන වෙලාවට, වයර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා, එච්චරයි. රී-ඇක්ටිවේට් කරන්න වුනේ එකම පාරක් විතරයි. ඒ වෙලාවෙ මට අලුත්ම වින්ඩෝස් සීරියල් නම්බර් එකක් ලැබුනා. ඒ නම්බර් එක, මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකත් එක්ක ලින්ක් කලාට පස්සෙ, ඒ කරදරෙත් ආයෙ ආවෙ නෑ. දැන් "windows is activated with a digital license linked to your microsoft account" කියනවා.

      Delete
    2. මුං කියනේවා කලොත් මේකේ අකුරක් කොටාගන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ

      Delete
    3. හෙහ්, හෙහ් එහෙම වෙන්නත් බැරි කමක් නැත්තෙම නෑ. 😏

      Delete
  6. යන්තමට තාම windows 7 කොටන මට නං මේ එකක්වත් අදාල නෑ. එතනිං එහාට යන්න ආර්ථිකේ ඉඩ දෙන්නෙත් නෑ. 2048දිවත් බලමු.

    ReplyDelete
    Replies
    1. Windows 7 මෙතෙක් බිහිවූ හොඳම OS එකක්. කොච්චර හොඳ වුනත්, බාහිර බලපෑම්, අපව මේ "රැට් රේස්" එකේ දුවවනවා. තාමත් ඒ රැල්ලට අසු නොවී, නොසැලී ඉන්න ඔබට මගේ ප්‍රණාමය.

      Delete
    2. හප්පේ.. මගේ ජාතියෙ මිනිස්සු මේ ලොවේ තවත් ඉන්නව එහෙනං.

      Delete
    3. තව? ඇයි අර ඉවාන් එහෙමත් ඉන්නෙ යස අගේට?😁

      Delete
  7. අපිටත් තීන්නේ ජනේල 10 නොවැ.සත්තලන්ට කියන්ට ඕනෑ සහ මේක පෙන්නන්න ඕනේ.👍👍

    ReplyDelete
    Replies
    1. පෙනෙන විදිහට වැඩි දෙනෙක්, ජනේල 10 සමඟ තම දෛනික වැඩ කටයුතු අඩුවක් නැතුව කර ගන්නව කියල හිතෙනවා. ඒක එහෙම නං, ජනේල 11 ට යෑම අත්‍යාවශ්‍යම නොවෙනත් පුළුවනි. 🤔

      Delete
  8. මගේ තියෙන්නෙත් Windows 10. මේ කෙන් සෑහෙන කලක් වැඩ අරගෙන තිබෙනවා. පසුගිය දවසක උදේ සාමාන්‍ය ක්‍රමයට display එක ආවේ නැහැ. ඒ එක්කම Task bar එකත් හිස්. ඒ පාර search ගිහිල්ලා සිදුවී ඇති දේ type කළා. ටික වෙලාවකින් message එකක් ආවා වයිරස් ඒකක විය හැකි දෙයක දිග නමක් සඳහන් කර එය ඉවත් කරන්නද අසා. මා දෙගිඩියාවෙන් Yes කිව්වා. නැවත ටික වෙලාවකින් message එකක් ආවා කලින් ලැබුණු නමටත් වඩා දිග නමකින් යුක්ත (App එකක් වියහැකි යමක් ) Install කරන්නද අසා. මේවා ගැන මට කිසිම දැනුමක් නොමැති නිසා "ආවොත් ආවාවේ, ගියොත් ගියාවේ" කියා සිතමින් Yes ටයිප් කළා. විනාඩි කිහිපයකට පසු සියල්ල යථා තත්ත්වයට ආවා. Windows 10 User friendly

    ReplyDelete
    Replies
    1. බස්සා කියන එක මමත් අනුමත කරන්න කැමතියි. malware එකක රන් වෙනවා වෙන්න පුළුවන්. https://www.antivirussoftwareguide.com/free-malware-removal

      Delete
    2. මගේ තියෙන සීමිත දැනුමට වුවත්,මට මෙතන නොගැලපීමක් තියනවා කියා සිතෙනවා. ඔබතුමා කාටහරි කියා කම්පියුටරය පරීක්ෂා කර ගත්තා නං වටිනවා. දිනෙන් දින වෙනස් වෙන මේ තාක්ෂණික ලෝකෙ, සර්වසම්පූර්ණ සයිබර් ආරක්ෂාව කියල දෙයක් නැහැ. අපට කල හැක්කේ, ටිකක් විමසිලිමත් වීමත්, පහසු ගොදුරක් නොවී සිටීමත් පමණයි.

      https://www.youtube.com/watch?v=mdP8uNorGRs

      Delete
    3. බස්සා මම මෙතනට් දාපු රිප්ලයි එකත් නැහැ. ආයේ ලියන්න කම්මැලියි. මැල්වෙයාර් හොයන්න බාගන්න ලින්ක් එකක් එක්ක දැම්මේ

      Delete
    4. මම බලන්නම් ස්පෑම් වල. ඒත් මම දැන් මයික්‍රොසොෆ්ට් ඩිෆෙන්ඩර්, ෆයර්-වෝල් වලින් සෑහීමකට පත් වෙලා ඉන්නෙ. කන්පූටරේ සැක සහිත හැසිරීමක් දැක්කොත් විතරයි විමසිලොමත් වෙන්නෙ. මගේ බෑන්කින් ඉන්ෆො වින්ඩෝස්වල නෑ.

      Delete
    5. දෙකක්ම ස්පෑම්වල තිබිලා ගොඩ ගත්තා. මේ ගූගල් ස්පෑම් ඇල්ගොරිතම් එක කෙලින්නෙම පිස්සු. හොඳ කමෙන්ට්වලටමයි කෙලින්නෙ.😮

      Delete
    6. ස්තූතියි . සමහර විට මගේ නමින් ගොඩක් ඇනෝලා කමෙන්ට් කරන නිසාද දන්නේ නැහැ

      Delete
    7. මේකත් තිබුනෙ ස්පෑම් ගොඩේ. කණගාටුයි මේ කරදරේට. ස්තූතියි ආවට.

      Delete
  9. 11 දාගත්ත දවසක බලමු.

    ReplyDelete
    Replies
    1. දැන් අපි වගේ නැති-බැරි අය තමා ජනේල 11 දුවවන්නෙ. Micro$$oft කියනවා, ජනේල 10 අපඩේට් දෙඤ්ඤංලු සල්ලි දෙනවා නං.

      Delete
  10. ඩීජී බකමුනුගේ පරිගණක දැනුම
    හරිම ගොන් නේද මේ බ්ලොග් ලිපිය
    දැක්කම හිනා යයි බඩ අල්ලං අපට
    IMF ණය දුන්නොත් හොදයි නේද රටට

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්! සෑර් හිනාවෙන ගමන්, ණයවෙලා හරි ගිතෙල් ටිකක් කන්න.

      Delete
    2. ණය වෙලා බෝතලයක් ගහලා හාන්සි වෙමු

      Delete
  11. සෑහෙන්න ප්‍රවර්ධනය වුනා

    ReplyDelete
    Replies
    1. ආයි සෑහෙන කාලෙකට කට අරින්නෙ නෑ කියල හිතා ගත්තා.😁

      Delete
  12. //මවු-පුවරු පහක් පමණ මාරු කර ඇත// ෂල්ලි වැඩි වෙලයි ඔහේට

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනික් පැත්ත නමියො,එක සැරේම නෙමෙයි, අවු 10 විතර කාලයක් තුල. CPU,RAM,GPU තමයි මිළ අධිකම භාණ්ඩ. ඉස්සෙල්ලම, ඒ ටික සේල් එකකින් කොටා ගන්නවා. මුලදී ඒවට ගැලපෙන හොඳ මවු-පුවරු මිළ ඉතාම අධිකයි. ඒ නිසා ලාබම එක ගන්නවා. පස්සෙන්පහු වෙනකොට අර ඉස්සර මිළ අධික මවු-පුවරුවල ගාණ සෑහෙන්න අඩු වෙනවා, පරණ මොඩල් නිසා. ඉතිං නොගෙන කොහොමද?

      Delete
  13. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ ඔබගේ නිරීක්ෂණයට සහ අවවාදයට. සිංහල බ්ලොග් ලියන අය තමන්ගෙ කාලය වැය කරගෙන කරන්නෙ සමාජ සත්කාරයක්. එහෙම ලියන අයව අධර්‍යමත් වෙන විදිහට, අපහාස උපහාස, ද්වේශසහගත කමෙන්ට් දාලා මේ අය ගන්න, බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ තාලෙ ආතල් එකවත්, ඔවුන්ගේ අරමුණවත් මට තාමත් තේරුම් ගන්න බෑ.

      එකක් නං පැහැදිලියි. ලංකාව බංකොලොත් රටක් වී ඇත්තේත්, ලංකාවෙන් නොබෙල් තාග්‍යලාභීන් බිහි නොවන්නෙත් මේ කුඩුකේඩු, විශම දූපත් මානසිකත්වය නිසා වෙන්නත් පුළුවනි.

      ඇනෝවරු අතර ධනාත්මක අදහස් පලකරන, අහිංසක පොලිස් සහ ඇත්තටම නිර්මාණශීලී අයත් ඉන්නවා. අවාසනාවට, ඉහඳ පනුවො රිංගන්නෙත් හොඳ පලතුරු අතරටම තමයි.🤔

      Delete
  14. බසු මහත්තයා ගේ තාක්ෂණික යාවත්කාලීන සටහන් වලට ස්තුතියි. ඔය ඇනෝලා බ්ලොග් සටහන් වලට දාන අසත්‍ය තොරතුරු සහ මඩ ගැහිලි වලක්වන්න, වාර්තා කරන හරි නවත්වන හරි විදිහක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි අනුරුද්ධ ආවට සහ අදහස් දැක්වූවාට. මටත් හිතෙන්නෙ, අපි මේ මඩ ඇනෝ සංස්කෘතිය ගැන යමක් කරන්න ඕනෙ කියලයි. කොළඹ ගමයා නං කෙමෙන්ට් මොඩරේට් කරනවා. අනෙක් අයටත් පොඩියට බලපෑවත්, ඒ ක්‍රමයත් නරකම නෑ. අර අහිංසක නිදි නං කරන්නෙ, මෛත්‍රී කරන එක. ඒ ක්‍රමේ ගැන නං මට හිතුනෙ "ඌරොන්ට මොන සෞඛ්‍යයද?" කියලයි. ගූගල්ගෙ ස්පෑම් ඇල්ගොරිතම් එක තාම නං අන්තිමයි. ඒත් බ්ලොග් ඇඩ්මින්ට පුළුවනි මැනුවලි ස්පෑම් ලෙස මාක් කරන්න. ඒකත් නරකම ක්‍රමයක් නෙමෙයි. මඩ ඇනෝලගෙ පැවැත්ම තියෙන්නෙ, අපි ඔවුන්ගෙ "ඊගෝ" එක පෝෂණය කරන තෙක් පමණයි.

      සිංහල බ්ලොග් වල පැවැත්ම තියෙන්නෙ, අපි කොමියුනිටි එකක් ලෙස සිටින තෙක් පමණයි. ලෝකෙ පුරාවට ඉන්න, කිසිදා නොදුටු මිතුරන් මෙහෙම එකිනෙකාට උදව් කරන එක, අදහස්/දැණුම බෙදා ගන්න එක, හරිම සුන්දර දෙයක්. මෙතන කිසිම ඇජෙන්ඩා එකක්, බැඳීමක්, යටි අරමුණක් නෑ.

      ඒත් මේකට , මඩ ඇනෝ විෂ මුහුවෙන්න ඉඩදීම, කිරි කලේට ගොම දැමීම වගේ වැඩක්. අපි මේ ගැන යමක් කරන්න ඕනෙ කාලෙ ඇවිත් කියල මට හිතෙනවා.

      ඔවුන් මුලින්ම අන්සතු දිනපොත සොයා පැමිණියහ.
      මම කතා නොකෙලෙමි.
      ඒ මට දිනපොතක් නොතිබුනු බැවිනි

      දෙවනුව ඔවුන් කොළඹ ගමරාළ සොයා පැමිණියහ.
      මම කතා නොකෙලෙමි.
      ඒ මම කුඹුරක් හාමින් සිටි බැවිනි

      ඊළඟට ඔවුන් නිදියා සොයා පැමිණියහ.
      මම කතා නොකෙලෙමි.
      ඒ මම බුදියාගෙන සිටි බැවිනි

      අවසානයේ ඔවුන් මා සොයා ආහ
      එවිට මා වෙනුවෙන් කතා කිරීමට
      කිසිවෙක් ඉතිරිව නොසිටියහ

      - Martin Niemöller -

      Delete
    2. ඒක මරු. 😀 මාත් එක්ක කොහොමත් හුඟක් අය තරහයි. මම මගේ බ්ලොග් එකේ දාන්න දෙන්නේ නැහැ, අනිත් ඒවා වල දාන එක මට නවත්වන්න බැහැ. සමහර ඇනෝ කොමෙන්ට් දාන්නෙත් සමහර දන්නා අයම නිසා කරන්න දේකුත් නැහැ. එක එකේ දේවල් වලට විවේචන වලට තරහ ගියහම ඇනෝ කමෙන්ට් දානව වෙන්නත් පුළුවන්.

      Delete
    3. //සිංහල බ්ලොග් වල පැවැත්ම තියෙන්නෙ, අපි කොමියුනිටි එකක් ලෙස සිටින තෙක් පමණයි. ලෝකෙ පුරාවට ඉන්න, කිසිදා නොදුටු මිතුරන් මෙහෙම එකිනෙකාට උදව් කරන එක, අදහස්/දැණුම බෙදා ගන්න එක, හරිම සුන්දර දෙයක්. මෙතන කිසිම ඇජෙන්ඩා එකක්, බැඳීමක්, යටි අරමුණක් නෑ.//

      සුන්දර වගෙම ලස්සන දේ පැවතීම
      'කැත හිත් ඇත්තන්ට නොහැකිය ඉවසීම'
      එය රෝගයක් බව උන්දැල නොදැනීම
      නිසා වෙන්න ඇති හැසිරෙන්නේ මෙහෙම!

      Delete
    4. අනුන්ව පහත් කිරීම තුලින් කරන්නෙ, තමන්ව පුම්බා ගැනීමක් වගේ දෙයක්. ඒක එක්තරා ආකාරයක හීනමානයක්.

      Delete
    5. වැලිගමගේ, පුළුවන් නං කියන්නකෝ ලංකාවට කොච්චර විදෙස් මුදල් එවනවද කියලා ඔහේ ? නිකං බන කියන්න එන්නේ නැතිව.

      Delete
    6. අඩේ මම දැන ගෙන හිටියෙ නෑනෙ, බන කියන්න අවසර දෙන්නෙ ලංකාවට සල්ලි එවන අයට විතරයි කියලා? ගූගල්ලා කමිෂන් එකකුත් ගන්නවද?🤔

      Delete
    7. මා සහ තට්ටයාගේ කොලම අතර කිසිදු ප්‍රශ්නයක් නැත. ඔහු මගේ හොඳම යහළුවෙකු ගේ යහළුවෙකි. හිත හොඳ කොල්ලෙකි. මෙවර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේද තමන්ගේ විවාහ සංවත්සරය අතරේ බිරිඳද මස්සිනාද සමග අප සිටි රෙස්ටුරන්ට් එකට පැමිණ කතා කර සින්දුවක් කියා පිටව ගිය එළ කොල්ලෙකි. සමහර වෙලාවට මම අකැමති වාක්‍යයක් දුටුවොත් ඒකට එල්ලීගෙන ගොස් කමෙන්ට් දැමීම මගේ පුරුද්දකි. ඒ ඇරෙන්න අපි වාද කරනවාට වඩා කලේ සාකච්චාවකි.

      Delete
    8. එක පාරක් ඉයන් කිව්වා මෙහෙම " මේක මගේ බ්ලොග් එක. මේකෙ ලියන්නෙ මම්හ් කැමති දේ. ඔබ ඒකට අකමැති නං නෑවිත් ඉන්න කියලා". පස්සෙ ඒක සැර වැඩියි කියල හිතලදෝ අයින් කලා.

      මම ඒ අදහසට කැමතියි. මේව අපේ බ්ලොග්. ඇනෝල ඇවිත්, මෙතන අපිව බයිට් කරන්න ලෑස්ති වෙනව නං, අපි ඒක මතක් කරල දෙන්න ඕනෙ "වවුලගෙ මඟුල් ගෙදර ආව නං, හා දැන් ඔලුවෙන් හිට ගනින්" කියල. මට නං වටින්නෙ, නිතර ඇවි මාව දිරිමත් කරන, අපේ සහෝදර බ්ලොග් වාසීන් පමණයි. දන්න කෙනෙක් වුනත් ඇනෝ ආව නං එයත් ඇනෝ. ඒ ඇවිත් මට හෝ මගේ මිතුරන්ට අපහාස කරන්න ආවොත් මම උන්දලව මකෝනවා. ඇනෝ ඩිසේබල් කරන්නෙ නෑ. මගේ මතයට විරුද්ධ වෙන්න ඇහැකි, හැබැයි සංයමයක් ඇතුව, තර්කාණුකූලව. ඉඩදෙනවද, මකනවද, උත්තර දෙනවද කියන එකේ අවසාන තීරණය මා සතුයි.

      Delete
  15. කොම්පියුටරය අටවා දුන් දිනයේම
    'නොදන්නෙකු වෙතින් පණිවිඩ ආවාම
    උත්තර නොදී ඉන්නැයි' මට කීවාම
    නොතේරුණත් දැන් තේරෙයි හැම දේම

    'ජනෙල්' නෙවෙයි සක්කරයා විත් කීවත්
    මම නං ඔබන්නේ නෑ key නං කීයටවත්
    'නැහෙයි වරිගෙ නොදන්න දෙමළකට ගියොත්'
    මං එහෙමයි බයගුල්ලා හැමදාමත්!

    ReplyDelete
    Replies
    1. සයිබර් හොරකමේ රහ ගැන දැන ගත්තු
      නයිජීරියාවෙන් එති, තද කලු පිංවත්තූ
      මුලා කිරීමේ කලාවෙ කප් ගත්තූ
      ඉන්දු, පකිස් හොර සෙන්ටර් වල සත්තූ

      Delete
  16. මල්ලියා ටින්නෙකක් බොමුද?

    ReplyDelete
    Replies
    1. ආං IMF දෙවන වාරිකේ නිදහස් කරලා. බයිට් එකට ගෝට් චීස් ගේමුද?😁

      Delete
  17. අජිත් ධර්මකීර්ති මහතා ඉලක්ක කොට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ජේවීපීයට කඩේ යන සයිකල්කාරයෙක් නේද?

    ඒ මිනිහා ලේලී ඇඳුම් මාරු කරනවා බලං ඉදලා මාට්ටු උනයි කියනවනේ.
    මැයි 9 වෙනිදා ලංකාවේ ගෙවල් කඩලා මංකොල්ල කාලා ඔසී පැන්න.
    එහෙන් එලෙව්වා ලේලී ට බැල්ම දාන්න ගිහින්.

    ReplyDelete
  18. අර තේරෙන බාසාවෙන් දාල තියෙන ටැඤ්ජනේ ඇර, අනික් ඔක්කො ම තේරුණා

    ReplyDelete
    Replies
    1. මේ කතාකරන්නෙ අන්-සපෝටඩ් කොම්පුටරේ ජනෙල් 11 ස්ථාපිත කල කවුන්ට් වවුල්මද?
      හහ්, අර නිදිටත් කිව්වා තේරුනා කියලා. 😏

      Delete
    2. ඒක තමයි යකො! ටැඥ්ජනේ තේරුණෙ නෑ

      Delete
    3. හුටා! මට දෙකොන පැටලුනා.🤣

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code