Dec 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා. 

අරගෙන, දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මම කලින්  පෝස්ට් එකක එයා ගැන කියල තියනවා.  වෝල්මාට් එකෙන්, සුපියල් 100කට ගෙනාවෙ සේල් කාලෙක.

https://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_15.html

නිදිට මල පනිනවා, විස්තර වැඩි වුනොත් . චාර්ජ් වෙන්න පටන් ගන්නවා, ඒත් නැවතිලා රතු ප්ලෑෂ් වෙනවා. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, බැටරිය ඩෙඩ් නිසා කියලා. බැටරිය ගලව ගන්න, මදේ ගලවන්න වුනා. පිංතූරයක් ගත්තා , ඒක Note 7 එකේ. දාන්න විදිහක් නෑ, ෆෝන් එක හාල් ගෝනියෙ. වැකුම් ක්ලීනර් මවු-පුවරුව, එපොක්සි ලේයර් එකක් දාලා(Conformal coating) සම්පූර්ණයෙන්ම සීල් කරලා, නතිං ඩුයිං. 


ගලව ගත්තා බැස්ටිය. චෙක් කලාම 13.6v තියනවා. ඉතිං ඩෙඩ් නෑ වගේ නේද? වැරදියි. බැටරි දෙකක් හොඳටම හොඳයි එකක් බාගෙට හොඳයි, අනික අවුල්.

මේකෙ BMS (battery management system)  එකේ අවුලක් වෙන්න බැරිද? එහෙම වෙන්නත් ඇහැකි, ඒත් එක දිගට අවු 3 ඇද්ද නිසා වැඩි අවාසිය තියෙන්නෙ බැටරි පැත්තට.

චෙක් කරන්න ඇහැකිද? - පුළුවනි

ෂුවර් ද?   - නෑ

ඊළඟ පිංතූරෙ තියෙන්නෙ ලිතියම් බැස්ටි (1865) ටෙස්ටරේ සහ අමතර BMS කාඩ් එකක්. දෙකම පට්ට ලාබයි, ඈ?මා ගාව, තව වෙන බැටරි පැක් එකක් තියනවා, එක බැටරියක් විතරක් අවුල්. ඕන්නං ඒකෙන් හොඳ ඒව ගත්තෑකි.

Links:

ලිතියම් බැස්ටි ටෙස්ටරේ 


3S-4S-5S selectable  BMS කාඩ් එක

මේ කාඩ් එක ගැන හොඳ ටියුටෝරියල් එකක් සිංහලෙන්ම:



දැන් ඔය බැට්‍රි ගලවලා ටෙස්ට් කරලා ඕක ගොඩ දානවද?
පිස්සුද !
මෙන්න මේක ඕඩර් කලා


අවවාදයයි:  අද නැතුවම බැරි භාණ්ඩයක් වුනත්, ලිතියම් බැටරි යනු ඔබේ ඇවරේජ් බැටරිය නොවේ. බැටරි පැක් චාර්ජ් කිරීම, රෙපයාර් කිරීම (බැටරි මික්ස් & මැච්) වෙනම කලාවකි. ලිතියම් බැටරි වගකීමෙන් යුතුව භාවිත කරන්න.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

84 comments:

  1. තමුසෙගෙ බ්ලොග් එකේ තියෙන්නේම කැඩුන ඒවා ගැනනේ ඕයි. ලංකට් පැලෙන්ඩ දෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද?
      පැලෙන්න දෙන්නෙ මොනවද?
      මේ දාල බලන්නෙ මුට්ටියද?
      ඉතිං මට පාංද? 😁

      Delete
  2. ඒක කියවලා මගේ ඔලුවත් owl වුනා!
    රොබෝ වැක් එකක්ම අලුතින් ගත්තානම් ලේසියි කියලා හිතෙන්නේ මගේ ගෑනුකමටද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @ මලී

      ස්තූතියි ආවට. කණගාටුයි, මේ මීයන් ගෙ කරදරය ගැන.🙏

      නෑ ඒක තමයි මගෙත් විසඳුම. හැබැයි ඒ බොක්සින් ඩේ එකේදී ආයෙ 100කට ආවොත් විතරයි. සුපියල් 13 කට ලැබිච්ච ඩුප්කේට් බැටරි පැක් එකෙන්, ආයෙ තව මොනවා හරි කැඩෙනකම්ම දුවන එකත් නරකම විසඳුමක් නෙමෙයි.

      කැඩෙන බඩු හදාගෙන දුවන්න පුරුදු පුහුනු කරවපු මගේ හිතට, මේ කන්සියුමර් සොසයිටියේ සමහර දේවල් දිරවගන්න අමාරු වුනාට, අමාරුවෙන් හරි පිලිගන්න වෙනවා හැම බඩුවකටම "කල් ඉකුත්වීමේ දින" තිබෙන බව. මේ නව පරපුරේ බඩු හදන්නෙ එහෙමයි, ලාබෙට දෙන්නෙ ඒ නිසයි. පිටින් ඒක නාස්තියක් වගේ පෙනුනට, ඒක එහෙම්මම නොවෙන්නත් ඇහැකි, විශේෂයෙන්ම ලිතියම් බැටරි ආරක්ෂාව ගැන හිතුවාම.👌

      Delete
    3. තාක්සනේ එක්ක අප්ඩේට් වෙන්න, කරන්න... නිස්පාදකයො කැමතියි නෙ. පරණ එකේම ඉන්න එක උන්දලාට මදිකමක් වගේ කියලනෙ එයාල හිතං ඉන්නෙ. හැක්:

      Delete
    4. මේ තියෙන්නෙ අවුරුදු 120 පැරණි අදටත් වැඩ කරන බලුප් එකක්

      120 Year Old Light Bulb Still Works!

      ඒක හොඳ නරක ගැන මෙතන සාකච්චා වෙනවා:

      Longer-lasting light bulbs: it was complicated

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. AMS - ඇනෝ මැනේජ්මන්ට් සිස්ටම් ඇක්ටිවේටඩඩ් 😏

      Delete
  4. ඕක නෙමෙයි වෙන්න තිබ්බෙ. ඔය මගුල අධි ක්‍රියාකාරී වෙලා බස්සවත් ඕක අස්සට ඇදල දාගන්න එක.

    ඒක නෙමෙයි අර අහක යන හෙනේ අපි නුවරඑළිය පැත්තට යවමු.

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ. උන්දෑ අහින්සක පොලිස්. ඔය අලයක්, ස්ටෝබෙරියක් වවාගෙන ඉන්න එකා. අනික, එහෙම පිටින්ම කතාසරිත් සාගරයක්:

      ලාම්පුරේ පෙයාර් කෙරේ

      Delete
    2. ප්‍රසක්ඥ,
      අහක යන ටෝච් එකක් හෙම තියෙනවනං එවන්ඩ!

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පිටුව පෙරලුවට සීතා
      පොත දන්නවා රාමා

      Delete
  6. රොබෝ වැක් කියන්නෙ මොකක්ද කියලා හොයලා දැනගත්තම ආයෙ එන්නම්.

    ReplyDelete
  7. දැන් මේ කොමෙන්ට් ඩිලීට් කරලා ගමන යන්නද කල්පනාව? මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක වේලෙන විදිය බලමු එහෙනං කොමෙන්ට්ස්, හිට්ස් නැතුව.

    ඔය 'මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට ඕනි දේ, ඒකෙ තියෙන්නේ මට ඕනි අදහස්' කියන මතයේ හිටපු ගොඩක් අය ටික දවසක් යද්දී තේරුම් ගත්තා ඒ මතය හොදටම වැරදියි කියලා. හැබැයි එතකොට බ්ලොග් එක වාරණය වෙන්න පුළුවන් හැම තැනින්ම වාරණය වෙලා, සින්ඩිකේටර වලිනුත් හැලිලා, ලිපියක් දැම්මත් මොකෙක් වත් බලන්න වත් එන්නේ නැහැ.

    ඕනි නං ඔය මතේ හිටපු ඉකොනෝමැට්ටාගෙන් අහන්න පුළුවන් මොකද උනේ කියලා .
    එහෙනං ඔහොම යන්කෝ. ටාටා බායි.

    ReplyDelete
    Replies
    1. හිට් ගණන හෝ තර්ජන අදාල නැත. මේක ලියන්නේ මගේ ආතල් එකට මිස වේලෙනවාද, ඇනෝලට කියල තෙමා ගන්නවද, වාරණය වෙනවද , සින්ඩිකේටර වලිනුත් හැලෙනවද බලන්න නොවේ.

      ලිපියක් දැම්මත් මොකෙක් වත් නොබැලුවත් කමක් නැත. උඹලා මේක බැලුවා, කියා මට අපහාස මිස ලැබෙන වෙන ලබ්බක් නැත. මට වටින්නේ මගේ බ්ලොග් හිතවතුන් පමණය. මට දිරිය, උපදෙස් , සාකච්චා ලැබෙන්නේ මගේ බ්ලොග් හිතවතුන්ගෙන් පමණි. මුළු ඇනෝ සංහතියම නියෝජනය කරන්නේ අපිය කියා, ස්වයං වින්දනයේ යෙදීමට උඹලාට ඇති අයිතිය පිලිගනිමි.

      50 cents Army


      එහෙනං ඔහොම යන්කෝ. ටාටා බායි

      Delete
    2. නෑ ඔක්කොම ඇනෝ කමෙන්ට්ස් ඩිලීට් කරන්නෙ නෑ. අපහාස සහ අදාල නැති ගොන් ජෝක්ස් විතරමයි. දැන් මේ කමෙන්ට් එක, සෑහෙන සංයමයකින් තර්කාණුකූලව ලියල තියනවනෙ? මම ඒකත් එක්ක එකඟ නැති එක වෙනම කතාවක්.

      බඹරගෙ කතාව අහල තියනවද?

      බඹරගෙ තටු වපසරිය, සරීරයෙ හැඩේ වගෙ සාධක සැලකිල්ලට ගෙන එයරොඩයිනමික් තියරි දාලා බැලුවාම බඹරට කොහොමවත් ඉගිලෙන්න බෑලු. ඒත් ඌ ඉගිලෙනවා. කොහොමද ඒ?

      උත්තරය - ඌ එයරොඩයිනමික් තියරි සහපහකට මායිම් කරන්නෙ නෑලු.


      // මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක //

      මෙලෝ රහක් නැති මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම ගමන් නැට්ට කරේ තියාගෙන එන්නෙ ඇයි? නිලමැස්සො වගේ මේකට රිංගන්න එන්නෙ නැතුව, පලයල්ලකො උලා කන්න නිල්ල තියෙන බ්ලොග් වලට. එහෙම බෑ නේද? තර්ජන කරගෙන මේ එන්නෙ, තුට්ටු දෙකේ අපහාස ආතල් එක ගන්න. හහ්, අපි නොදන්න මොණරතැන්න.

      //වේලෙන විදිය බලමු එහෙනං කොමෙන්ට්ස්, හිට්ස් නැතුව//

      ඇයි වේලෙන බ්ලොග් එක, තෙමල දෙන්නද අහන්නෙ?
      පැදුරෙ ඉන්න අපි කොහොමද බම් බිමට වැටෙන්නේ?
      බ්ලොග්වල පොල්මඃකාර, උරුමක් කාරයො කියලද හිතාගෙන ඉන්නෙ? නැත්නම්, බ්ලොග් ලෝකෙ නීතිය සහ සාමය සුරකින සංස්කෘතික පොලීසියෙ කියල හිතාගෙන ඉන්නවද, අපිව "යහමඟට" ගන්න රිපෝට් කරන්නෙ?

      සයිබර් බුලින් ගැන අහලම නෑ වෙන්ටෑ? ඇත්ත කතාව, උඹලාව වැටෙන්නෙ ත්‍රස්තවාදියො, මාෆියා කාරයොන් ගෙ කැටගරියට. කිසිම නිර්මාණශීලිත්වයක් නෑ. පරපෝෂිතයො වගේ පෝෂණය වෙන්නෙ ඔය අංචි ඇදලා අල කරවන ලියන බ්ලොග් වලින්ම තමයි. බොලා එකතු වෙලා විචාරකව මරාගෙන, පස්සෙ මලගෙදරට ගියා කියල කිව්ව නේද? මේ තියෙන්නෙ සිංහල බ්ලොග් ලියපු එවුන්ව පන්නලා, එපා කරවල, උඹලා කල අනගි සේවය ගැන සාක්කි"

      ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!

      මේක මයින්ඩ් ගේම් එකක් නේද? සොරි, විචාරක වගේ මම ඒ සෙල්ලම කරන්නෙ නෑ. ඔය වෙන කපුටෙක් වගේ එකෙන් අල්ල ගනිං මචෝ ඒ සෙල්ලමට.

      ඕන්නං බොරු රිපෝට් කරල බ්ලොක් කරන්න ඇහැක් වේවි . ඉතිං මොකෑ? මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක නැති වුනත්, ආත්මාරක්ෂාව සපයා ගන්න බැරි, අහිංසක ඒත් නිර්මාණශීලී, මගේ සහෝදර බ්ලොග් ලියන්නට වෙනුවෙන් මම යමක් කලා කියල සතුටු වෙන්න පුළුවන් නෙව?

      //ඕනි නං ඔය මතේ හිටපු ඉකොනෝමැට්ටාගෙන් අහන්න පුළුවන් මොකද උනේ කියලා//

      ඕක ඇපලුයි සහ දොඩම් සංසංදනය කිරීමක් නේද? ඉකොනෝමැට්ටා කියන්නෙ, හිට්ස් ලක්ෂ ගාණක් තියෙන, "සන්නාම නාමයක්" කියල කියාගන්න බ්ලොග් එකක් නේද? මගේ මේ වේලෙන, මෙලෝ රහක් නැති බ්ලොග් එක ඒකට සමාන වෙන්නෙ කොහොමද? සමහර වෙලාවට "අන්ඩ-ඩෝග්" වෙන එකේ වාසියකුත් තියනවා. අනික බ්ලොග් එක නැතත්, මට මගේ මිතුරන්ගෙ බ්ලොග් තියනවා. ඒ අය හැමදාම මාව ආදරයෙන් පිලිගන්න බවත් දන්නවා. ඉතිං ඒ මඳෑ?

      අනික, රිපෝට් කලොත් කරන්න තියෙන්නෙ, මේ කමෙන්ට් එකේ ලින්ක් එක, ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා යවන එක විතරමයි. සාක්ෂි සැපයුවාට ඔබට ස්තූතියි.👌🙏

      //හැම තැනින්ම වාරණය වෙලා, සින්ඩිකේටර වලිනුත් හැලිලා//

      අම්මට හුඩු. බොට සින්ඩිකේටර් වලත් ෂෙයාර්ස් තියනවද? නැත්නම් සින්ඩිකේටර් කරන්නෙත් මඩ ඇනෝලද?.මම ඔය එක සින්ඩියකටවත් දාන්න කියල ඉල්ලල නෑ. ඒ ගොල්ලොම තමයි දාගෙන තියෙන්නෙ. ඕක අදාල වෙන්නෙ හිට් ගාණ බලාගෙන ලියනව නං තමයි. කකා තමයි කිව්වෙ හිට්ස් නෙමෙයි වැදගත් කමෙන්ට් සහ සංවාදය කියල. ඒක හරියටම හරි. උඹලගෙන් ඒකට කිසිම ධනාත්මක රුකුලක් ලැබිල නෑ.

      ආ, බ්ලොග් එකේ බැකප් මා ගාව තියනවා. ඒව අරං වෙන බ්ලොග් ෆ්ලැට්ෆෝම් එකකට ගියෑකි නේද? දන්නව නං කියා දීයන්කො? ඉඳලා හිටවත් එහෙම ධනාත්මක දෙයක් කරපං මචං.

      අඩේ, එක නෙමෙයි ඇනෝ මචෝ. මෙහෙම කාටහරි අහිම්සකයෙක්ට දාගෙන නෙලුවාම, මාර කික් එකක් නෙව එන්නෙ බම්. උඹ නං කොහොමත් අහිම්සක නෑනෙ? ඊගෝ එක පිම්බෙන්නෙ බැලුම වගේ.

      සංවාදයට විවෘතයි. වැදගත් විදිහට ලිව්වොත් උත්තර දෙඤ්ඤං. ආයෙ ගොන් ජෝක්ස් දාගෙන ආවොත් මකනවා. බුබුල බිඳිලා, හිත රිදුන නං සමාවෙන්න. රිසීවින් එන්ඩ් එකේ ඉඳිද්දි අපටත් දැණුනෙ ඔහොමම තමයි. මේ දුන්නෙ, අපට දුන්න බේතෙන් ඩෝස් එකක්ම තමයි. මේක මගේ සාමාන්‍ය ලියන රටාව නෙමෙයි. බොලාගෙ අපහාස ඉට්ටැයිල් එක පොඩ්දක් අත්හදා බැලුව, එච්චරයි.දැනට ඔය ඇති නේද? තව තියෙනව නං එවන්න, ඈ? හොර මී තඩියා, තරහා නෑ නේද?

      පෝස්ට් එක යකාට ගියාවෙ, මේක තමයි රියල් ඩීල් එක.😁

      Delete
  8. බක්සා,
    රොබෝවැක් ගැන කලින් ලිපිය කියෙව්වේ අද ඊයෙ වගේ මතක... හපොයි! දැන් කවද්ද මළගම?

    ReplyDelete
    Replies
    1. ඒ වීඩියෝව නියමයි. තාම මැරුනෙ බැස්ටිය විතරයි. මතකය අද ඊයෙ වගේ වුනාට දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මට මතකයි, උඹත් එකක් ගන්න ඕනෙයි කිව්වා.

      Delete
    2. ඔව්. මටත් එකක් ගන්ඩ ඔ්නෙකම තිබුණා. ඒ්ත් දැන් පරිප්පු කිලෝවක්, ලූනු පන්සීයක් ගන්ඩත් දෙපාරක් හිතන්ඩ වෙලා තියෙන්නෙ.

      Delete
    3. මට හිතා ගත්තෑකි, දැන් ලංකාවෙ තත්ත්වය. මගේ දුප්පත් කුඩා කාලෙත් ඔහෙම අහේනියක් තිබ්බා. මට මතකයි උඹත් ඒ වගේ දුක්මුසු නමුත් රසවත් කතාවක් වරක් කිව්වා.

      මේ පෝස්ට් එකෙන් මට ඕනෙ වුනේ, මම නොකලත් ලිතියම් බැටරි රෙපයාර් කරන ඔප්ෂන් එක, කැමති කෙනෙකුට දෙන්න. ඒත් එකම වර්ගයේ, එකම බැච් එකේ නොවන ලිතියම් බැටරි, මිශ්‍ර කිරීම ටිකක් අනතුරු දායකයි, විශේෂයෙන්ම බැටරි උශ්ණත්වය මනින්නේ නැති , මෙවැනි බාල BMS වල. ටෙක්නිකල් අජීර්ණය ඇති අයගේ පහසුව සඳහා ඒ විස්තර පෝස්ට් එකට දැම්මෙ නෑ.

      Delete
  9. දැන් දැන් ඇනෝ පම්කයලා තර්ජනත් කරගෙන එන්නෙ. ගිය පෝස්ට් එකේ කමෙන්ට් හැට ම අටක්. අපි බලමු ඇනෝ පම්කයට පුළුවන්ද කියලා මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට් අඩු කරන්ඩ...

    ReplyDelete
    Replies
    1. වඳින්න වඳින්න ගහන එකත්, ගහන්න ගහන්න වඳින එකත්, දෙන්නම මෝඩයො කියන්නෙ කට කහනවටයෑ? තෑන්ක්ස් ඩ්‍රැකි.🙏👌😊

      "අඩෝ අපිත් හොඳ සිංහ පැටව් තමයි ඩෝ" කියපු, බස්සෙකේ ඩෝප් කාරයගෙන් අහපු කතාව මතක් වුනා. "සෑර්, සිංහයා ගෙදර ආවද, නැත්නම් අම්මා කැලේට ගියාද?"

      Delete
  10. රොබෝවැක් එකෙන් හොඳටම පිරිසිඳුවෙන්න නම් ඒක පාවිච්චි කරන වෙලාවට ගෙදර ඉන්න පූසාට ඒක උඩ ඉඳගෙන ඉන්න පුරුදු කරන්න ඕන. lol දන්න කෙනෙක්ගේ රොබෝවැක් අත්දැකීමක් ඇසුරෙන් තමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. පූසො කියන්නෙ අදහන්න වටින සත්තු ජාතියක්. ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. පූස් බූල් නිසා බ්‍රශ් එක නිතරම ක්ලීන් කරන්න, උත්තෙජකයක් සැපයෙනවා

      https://www.youtube.com/shorts/XF1U8T1n6Wo

      Delete
    2. https://www.youtube.com/watch?v=JnuYlFhXWsU

      Delete
    3. https://www.youtube.com/watch?v=kkwiQmGWK4c&pp=ygUPY2F0IHNheSBidWRkaGFt

      Delete
    4. https://www.youtube.com/shorts/5MOWTObtxrc

      Delete
    5. https://www.youtube.com/watch?v=48D2Pc7sHP8

      Delete
    6. හෙහ්, හෙහ් නියම වීඩියෝ ටික. මට ආයෙ අර ඇනිම බලන්න හිතුනා. මේ තවත් ඒ වගෙ පූසෙක්. Evething going to be............OK

      https://www.youtube.com/watch?v=lPdcTwnBK7w

      Delete
    7. https://www.youtube.com/watch?v=mbMHxm-tKX0
      මේක මට පුංචි කාලෙ දි ගොඩක් ම හිතට වැදුණ එකක්...

      Delete
    8. මට මතකයි ඕක. පස්සෙ බල්ලට කෑම දෙනවා, ඌ සිහි නැතුව වැටෙනවා. පූස් පැටියා මැරිල නෑ, පස්සෙ ලඟට ආව වගේ තමයි මතක. මේ එහෙම ඇත්ත බලු/බළල් මිත්‍රත්වයක්.

      https://www.youtube.com/watch?v=lPdcTwnBK7w

      Delete
    9. හ්ම්ම්... අරූ, බළල් පැටියගෙ හැඩේට හදපු කුකී එක පිටේ තියාගෙන යනහැටි. ඒක බදාගෙන අඬන හැටි...

      මතකද, ගල්වඩුබාස් ලීවඩුබාස් කතාව?

      Delete
    10. මේං ගල්වඩුබාස්, ලීවඩුබාස්...
      https://www.youtube.com/watch?v=s9GnzDAzSCE&pp=ygUZ4La94Lec4Laa4LeUIOC2tuC3j-C3g-C3ig%3D%3D

      අර උඩ දාල තියෙන්නෙ ඔ්කේ පූසගෙ ලිංක් එක ම යි.

      Delete
    11. https://www.youtube.com/watch?v=_BDKlkwWom0&pp=ygUbTG9vbmV5IFR1bmVzIGZlZWQgVGhlIEtpdHR5

      Delete
    12. //කුකී එක පිටේ තියාගෙන යනහැටි// ඒ කොටස මතකයි. ආ ඔය තියෙන්නෙ ඒ කොටසත්. මට ඔ්කේ පූස දාල තියෙන එක මිස් වුනා.

      අඩේ ගල්වඩුබාස්, ලීවඩුබාස් ලින්ක් එකට පිං ඈ? අමතක වෙලා තිබුනෙ.ටයි මහත්තයා වන් ඇන්ඩ් ඔන්ලි, නැවකට එකක් විතරක් එන සුපිරි මනුස්සයෙක්.

      Delete
    13. ඔ්ක ඒ කාලෙ අපේ අයියා, කැසට් එකකට රෙකෝඩ් කරගෙන තිබුණා. මට ඒකෙ දෙබස් කටපාඩං.

      "හනේ මගේ වඩුබාස් උන්නැහේ... උඹ මාව දාල කොහෙද ගියේ... මං උඹ වෙනුවෙන් බලු කපුටු දානෙයක් දෙනව දෙනවමයිඊඊඊඊඊ...."

      Delete
    14. මට ආයෙ පැරණි රසාංග බලන්න, මේ ලින්ක් ටික මසුරං, ඈ? 👌🙏

      Delete
    15. හොඳ බළල් චිත්‍රපට විචාරක:
      https://www.youtube.com/watch?v=_kgRFHaNo-Y

      Delete
    16. ඇහ්... අපේ මල්ලිත් ඔය වගෙ පුංචි කාලෙ. (මං කිව්වෙ අර වඳ බාප්පගෙ පුතා)

      Delete
  11. බස්සා මචං,
    මොකද අපෙන් වෙන්ඩ තියෙන්නෙ? රොබෝවට දෙන්ඩද අමෘතෙ?

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹව දැක්ක කල් ඇඩමො. දැන් කොහොමද අර ගිණි කිකිළි - අග්නිගෙ පයිරු පාසානම එහෙම? ඒ කතා සෙට් එක මිස් වෙනවා බම්. 😞

      Delete
    2. අල වගේද ගෝවා? වම්හත් ඇවිත්. මට පැතුමගෙ කාළ-යක්ෂ මතක් වුනා. කොහෙද, ඌ තාම ස්කෲ ලොක්කව ගොඩ ගත්තෙ නෑ නෙව?🤭

      Delete
    3. හපෝ! ඔය ඉස්කුරුප්පුව ගොඩ නොගන්න එකමයි කාරණාව.

      Delete
    4. ඇයි නම්කි, මොකද්ද ප්‍රශ්නෙ?

      Delete
    5. @ අග්නි
      කිව්වා, කිව්වා මේ ඇඩමත් සැප-දුක් කතා කරන වෙලාවෙ ඇහැව්වෙ. හාදයෙක් ඉන්නව ගිණි තියෝ ගන්න නං. හැබැයි වලිගෙට තමයි ගිණි තියන්ට ඕනෙ. එක්කො ඕනෙ නෑ, උන්දෑ කොහොමත් බ්ලොග් ගානෙ යනවා මල පහරන්න.😏

      Delete
    6. මොකද්ද, වලියක් ද?
      කවුන්ට් මී ඉන්

      Delete
    7. @ අග්නි
      කිව්වා, කිව්වා මේ ඇඩමත් සැප-දුක් කතා කරන වෙලාවෙ ඇහැව්වෙ. හාදයෙක් ඉන්නව ගිණි තියෝ ගන්න නං. හැබැයි වලිගෙට තමයි ගිණි තියන්ට ඕනෙ. එක්කො ඕනෙ නෑ, උන්දෑ කොහොමත් බ්ලොග් ගානෙ යනවා මල පහරන්න.😏

      @ ඇලෙන්ඩි කුමරිය
      එහෙම කියන්න එපා. එයා හිටපු ගමන් පැතුමගෙ බ්ලොග් එකේ විලාප තියනවා "මාව ගොඩ ගනින් යකෝ" කියලා.🤭

      @ ස්කෘෘලොක්කයියා

      කිසිම අවුලක් නෑ . ඔහොමම සාමදානෙ සැතපිලාම ඉන්න ලොකු සෑර්.🙏

      Delete
    8. @ අවලෝකිතේශවර නාථ

      අනේ දෙයියනේ, අමෘත බෝතලයක් ගහලා හාන්සි වෙන්ඩ. අමෘත ටින්නෙකක් වුනත් අවුලක් නෑ. දිවියලෝකෙ වැට් බදුත් 3% වැඩි කලාද?

      Delete
    9. මට මතක් වුණේ "දිවැස හෙලනු මැන" වේදිකා නාට්‍යය. යූටියුබ් එකේ බැලුවා, හොයාගන්ඩ නෑ.

      Delete
    10. එකෙ නේද දෙයියො දෙන්නෙක්, එක දේවාලෙකට රංඩු වෙන්නෙ. ජයලත් මනෝ සහ සම්පත් තෙන්නකෝන් හිටිය එක නං, ඒක නියමයි.

      "ප්‍රාණෙට ප්‍රාණයක් දෙනව කිව්ව හින්ද මාත් බලන් හිටිය ස්ත්‍රී පරාණයක් දෙයි කියලා. ඒත් උන්දෑ ගෙනාවෙ නාකි කිකිළියෙක්ව. ඉතිං එදා හැන්දෑවෙ දේව පූජාවට චිකන් තිබ්බා"

      Delete
    11. ආන්න හරි.

      කිකිලියෙක් කිව්වම, දෙ වෙනි දෙයියො අහනව, "ඉතිං කිකිලි?" (නිකං හරියට කිකිලියෙක් උණත් කමක් නෑ වගෙ අදහසින්...)
      ජයලත් මනෝරත්න අහනව, "කපූ, කෝ ඒ කිකිලි?"
      කපුවා අහක බලාගෙන සීනුව හොලවනව.
      ඒ පාර ජයලත් මනෝරත්න කියනව, "ඉතිං එදා හවස පූජාවට චිකන් තිබුණා."

      Delete
    12. මම ඕක කොහේදි හරි දැක්ක මතකයි. අවුල තියෙන්නෙ අපි සර්ච් කරන විදිහෙ වෙන්නත් ඇහැකි. ඔන්න එක දෙයියෙක් ඉන්නව අර ආරුක්කුව වගේ දොරේ. ජයලත් මනෝ ඇවිත්, ඒකට සක්කයක් ගහන කොට, අනිත් දෙයියා බනිනවා. "පලයංකො වෙන දිහාකට, මටත් මෙතන ඉඩ නෑ" කියල.

      ලියහංකො පෝස්ට් එකක්, මේ වටිනා පැරණි රසාංග බෙදාගන්න.

      Delete
    13. ඩ්‍රැකී ඇන්ඩ් ඩකී

      Delete
    14. @ ඩ්‍රැකී
      "ඉතිං එදා හවස පූජාවට චිකන් තිබුණා" කියල සර්ච් කලාම නියම, පොල්කිරි තැතුව උයන කලුපාට චිකන් කරි රෙසිපියක් ලැබුනා කියහංකො. මම හදලා කාලත් බැලුව, නියමයි. මම තව ලුනු සහ ඇඹුලට සියඹලා ටිකක් යහමින් දැම්මා.
      https://www.youtube.com/watch?v=WapQnh1qn2Q
      ආතල්ම කොටස ඒක කියාදෙන විදිහ " හාල් කිව්වම ආයි අහන්න එහෙම එපා බත්ද කියල".🤣😂

      @ Pra Jay
      සහයට ඩකී 😜

      Delete
    15. මේක බලන්ඩ ම ඔ්නෙ ලිංක් එකක්...
      https://www.facebook.com/prabath.wijewardana.31/posts/pfbid02K8RFk6d2LeGBV5vbd4F84NRQJWHKVUFDYJKrDEku8Lh2b3w53sq6rQFb9DHRnhp8l

      Delete
    16. https://facebook.com/story.php?story_fbid=pfbid02K8RFk6d2LeGBV5vbd4F84NRQJWHKVUFDYJKrDEku8Lh2b3w53sq6rQFb9DHRnhp8l&id=100046772243050&mibextid=Nif5oz

      කලිං දාපු ලිංක් එක ස්පෑම් වෙලා වගෙ...

      Delete
    17. ඔව් ස්පෑම් එකේ තිබිල ගොඩ ගත්තා.
      කිරි අප්පට බල්ලො බුරපි. ඔය තියෙන්නෙ කිරි ගහට ඇන්න වගේ? 🤣😂
      මට බුදු ෂුවර් ඕකෙ වීඩියෝ කෑල්ලක්, ජාලෙ කොහේ හරි තියනවා කියලා. අපි හොයමු ඕක. මේ ගූගල් සර්ච්, චැට් GPT සර්ච් ගැන පොඩ්ඩක් හොයා බලන්න වටිනවා.🤔

      ජයලත් මනෝරත්න සර් තව්තිසාවට යන්නම ඕනෙ, අපට මේ දීපු ආතල් වලට. පුදුම හැකියාවක් තිබ්බ මනුස්සයෙක්.🙏👌

      මෙන්න ජයලත් මනෝගෙන් තවත් එකක්:
      https://youtu.be/i28_7Y0YZJc?t=295

      Delete
    18. ඔය පොතත් පීඩීඑෆ් කරන්නං, රොමයියගෙ කයියට පස්සෙ.

      මතක ද හත්පණේ කිරිහාමිට ‌අන්තිමේ නටපු තොවිලෙ? ඒකෙ ගුරුන්නාන්සෙ ජයලත් මනෝරත්න නෙ.

      Delete
    19. ආයි පොඩ්ඩක් ස්පෑම් බලන්ඩ ප්ලීස්

      Delete
    20. ඈ බම්, මට දැන් කොලඹ ගම තියරි ඇත්තද කියලත් හිතෙනවා. මේක යකාගෙ ස්පෑම් යෑමක් නෙව. ඇත්තම ස්පැම් වලට හෙනවත් නෑ.🤔

      ආන්න ජංසං. පොත ස්කෑන් කරන එක නං තව දාහක් වටිනවා. හත්පණ වේදිකා නාට්ටියක් තිබ්බද? මට ඒක මතක නෑ නෙව?

      මේ බොට මතකද "කැම්පස් බණ". දන්නව නං අර නිදියට දේසනා කරපං, ප්ලීස්. එයා අහනවා ඒක පැකින්වත් කඩල නෑ කතාවද කියල.🤣

      https://frozenlazyowl.blogspot.com/2023/12/blog-post_15.html?showComment=1702772942720#c8857793302701752519

      Delete
    21. හත්පන වේදිකා නෙමෙයි, ටෙලියක් තිබුණෙ.
      https://youtu.be/zwmGqycKM8A?si=FgB-Pl-Mgbs771Kh

      Delete
    22. කැම්පස් බණ හෙව්වා හෙව්වා, හම්බුණේ නෑ, තාම.

      Delete
    23. ඕකේ. හදිස්සියක් නෑ. ටෙලිය බලලත් නෑ. පේන විදිහට ටෙලියෙ ඔක්කොම කොටස් යූ-බටේ තියෙන පාටයි. තෑන්ක්ස්.

      Delete
  12. ගැහුවට මුගුරු හඳ තව වැටිලා නැහැනේ
    ගත්තම තරහ ලේ පිච්චිල යනවානේ
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිනේ
    මම නම් කියන්නේ, තව ඉවසාපන්නේ!

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ කියල බණේ කිව්වට, අවාසනාවට සර්ව ලෝක සත්‍යයක් නෙවෙයි. බාගදා නිදි අහලත් ඇති කැම්පස් බණ:

      මම කිව්වා පිංවතුනි "සුපින්වත් දරුව ගහෙන් බහින්න" කියලා.
      බැස්සද? නෑ....ඈ.......
      ඊටපස්සෙ මම කිව්වා" අවලං පූසිගෙ පුතෝ, බැහැපිය ගහෙන් තොගෙ %^&$#@&%$#" කියලා.
      බැස්සද?
      බැස්සා පිංවතුනි, සුරුස් ගාලා තැඹිලි ගහෙන් බැස්සා.

      Delete
    2. වළල්ල නැතිව නේද ගහට නැගල තිබ්බේ... ඊට පස්සෙද පැකින් කෙරුවේ... අර තවම පැකින් කඩලවත් නැති කතාවේ මුල් හරියද බස්සෝ මේ?

      Delete
    3. නෑ, නෑ ඒ වෙන කතාවක්. මේක මේ හාමදුරු නමක්, කියන බණක් ගැන කතාවක්.🤭

      Delete
  13. හුම්. මෙහෙම පෝස්ට් වැටෙනවට කවුදෑ අකමැති 😁. මංනම් නෑ ඕන් ✌

    ReplyDelete
    Replies
    1. අර "බඹරගෙ කතාව" මරැ. පොසිටිව් තින්කිං වල කතාවෙනෝ අහල තියෙ. උ ඔක්කොම විද්‍යා න්‍යාය ගැන වගේ වගක් නැතුව ජීවත් වෙනව. බස්සත් ඔය කරමෙම යන්න. ඇන නොගෙන ගනන්.

      කවුරැහරි ඒ ගැන පෝස්ටුවක් ලියුවනං තව පංකාදුයි!

      Delete
    2. ඔය බඹරගෙ තියරියෙන් ඉන්න හොඳම උදාහරණය තමයි, අන්සතු දිනපොත ලියන අමිල චතුරංග. ඇනෝල දානව අමු කුනුහබ්බ. ඊලඟට එයාගෙ සිංහල? නිවැරදි සිංහල ගැන උනන්දු හැලපයා බැන්නා පස් පඩංගුවේ. ඌට සත පහකට ගාණක් නෑ. කමෙන්ට් වලට උත්තර දෙන්නෙ, හිතුනොත් විතරයි. ඒත් පට්ට නිර්මාණශීලී පොරක්. මතක දා ඉඳන්ම මේක ඉන්නවා. ආන්න පොරවල්.

      //හුම්. මෙහෙම පෝස්ට් වැටෙනවට කවුදෑ අකමැති //

      ආයෙ එහෙම වැටෙන එකක් නෑ. යුද්ධ(වලි) වලින් වන්නේ දෙපාර්ෂයම පරදින එකය.😏

      Delete
  14. Replies
    1. හහ් හිතේ ඇති කරවල කටු හොඳියි, බතුයි කන්න? ඒව කොහෙද බැට්‍රිය ආපු ගමන් ආයෙ වැඩ.😊

      Delete
  15. මේහ්... මරු සිංදුවක් හම්බුණා.
    https://fb.watch/o_sDIKeCyB/

    ReplyDelete
    Replies
    1. අඩේ මේක නං පට්ට ඕයි! 🤣👌🙏
      හෙහ්, හෙහ් බදුම ගහනවා අලුත් මනමාලී...👌
      මිනිස්සුන්ගෙ කලකිරීම, දුක, වේදනාව මෙහෙම හරි නිවාගන්න ඕනෙ.

      Delete
  16. කවෘහරි මේකට කොමෙන්ට් 100 කට වඩා දැම්මොත් බලාගෙනයි. ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. ඔව්, දැම්මොත් බලා ගත්තෑකි.😁

      Delete
  17. හොඳටම අවුල් වුනා වගේ දැනෙනවා හාන්දුරුවනේ , මේ ලිපිය කොහෙන්ද ආවේ

    ReplyDelete
    Replies
    1. එක ලඟ පට, පට ගාලා දැම්ම නිසා මිස් වෙන්න ඇති.🤣

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code