Jul 9, 2024

අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...

 




ඔන්න ඕකයි ඉතිම් අපේ තත්තෙ, අපේ හාංදුරුවනේ!

Sinhala TTS ( Text to Speech) , Microsoft Edge browser, Read Aloud 

Voice: Microsoft Brian Multilingual online (Natural) Voice


Update:

අවන් හලේ මහේෂ්ගෙ ඔත්තුවක් පස්සෙ ගිහින්, සෑහෙන හොඳ "සිංහල TTS " එකක් හොයා ගත්තා. මොබයිල් වල නං හරිම ලෙසියි. Play Store එකෙන් Google Cloud TTS ඉන්ස්ටෝල් කලාම ක්‍රෝම් බ්‍රව්සරේ කෙලින්ම ඔප්ෂන් එකක් එනවා. ඒත් පේන විදිහට, ඩෙස්ක් ටොප් වලට තර්ඩ් පාටි AddOn එකක් හරහා තමයි කියව ගන්න වෙන්නෙ. ඒත් උන්නු හැටියට මලා මඳැයි?
😋


ඕනම ක්‍රෝමියම් බේස් බ්‍රව්සරේකට දා ගත්තෑකි ( Opera, Vivaldi, Ms Edge, Chrome)

සිංහල බ්ලොග් ෂොර්ට්ස්...??



Errr.....No Sir, I rest my case 🤣😁

* මුදල් නොගෙවා පළකරන  වෙළඳ දැන්වීමකි*

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

56 comments:

  1. මේ මොකක් ද මේ ? මම කලකට පස්සේ වෙලකට බැස්සේ වගේ බ්ලෝග බලන්න ආවම බලන්න තියෙන්නේ මේවා හාන්දුරුවනේ

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට සමාවෙන්න. මේක වංචා පෝස්ට් එකක්.🙏
      සිංහල TTS (text to speech) තියනවා, මයික්‍රොසොෆ්ට් එජ් බ්‍රව්සරේ. මේක පටන් ගැනීමක් නිසා, ඉස්සහරහට දියුණුවෙයි කියල හිතෙනවා. විශේෂයෙන්ම අනුන් කරන දෙයක් නිසා.

      දැන් බ්ලොග් ලියන්න හිතෙන්නෙ නෑ.

      Delete
    2. ඒක හරි වැඩක්නෙ... බස්සා මහත්තයෝ. ඔයාලා වගේ පළපුරුදු- ප්‍රවීණ උදවියත් උකටලී වුණාම.....

      Delete
    3. උටකලී කියන්නෙ කම්මැලි කියන එක වෙන්ටෑ? පළපුරුදු- ප්‍රවීණ කියල නෑ. හැමෝටම කියන්න කතාවක් තියනවා. නිදි වගේ අයට කියන්න කතා කප්පරක් තියනවා. අපි වගේ අයට තියෙන්නෙ සීමිත අත්දැකීම් සහ කතා ටිකක් විතරයි. ඒ ටික කියල ඉවරයි. එච්චරයි.😁

      සමහර කතා තියනවා, විවිධ හේතු නිසා කියන්න බැරි. නිදි වගේ, බැනුම් අහගෙනත් බොක්කෙ තියෙන ඔක්කොම කියන්න පුළුවන් අය අඩුයි. තව ඉන්නවා, කතා කියන්නෙ නෑ, කියන එවුන්ගෙ කකුලෙන්ම අදින අය. ආ තව ඉන්නව, කතා කියන අයට බොක්කෙන්ම සප් එක දෙනවා, ඒත් අම්ම මුත්තා කිව්වත් බ්ලොග් නොලියන/ තමන්ගෙ කතා නොකියන අය අය. තව ඉන්නව පාද චාරිකා ගිහින් නියවන අය. බ්ලැක් පෝක් කරි එක්ක පොල් රොටි කාලා, හවානා සුරුට්ටු ගහලා ඇල වෙන අය. මේ ඔක්කොම එකතු වුනාම තමයි, අපෙ මේ හිංගල බ්ලොග් ලෝකෙ හැදෙන්නෙ. ස්වස්ථි සිද්ධම්!

      Delete
    4. ලියමින් ලිස්සන අයට තමයි තැනක් තියෙන්නෙ

      Delete
    5. අර බොක්සරයට අකුරු සෑස්තරේ උගන්නලා, පිරිත් පැන් වඩියක් පෙව්ව නං, ඌ ලියයි යස අගේට බ්ලොග්. හිස් මාස්ටර්ස් වොයිස් කතන්දරත් එක්කලාම.🤣😋

      Delete
    6. අඹතලේ පැත්තෙ එක්කං යන්න ඕනෙ ලියන්න උගන්නන්න.
      ලිස්සන එකනං ඌ ඕනෙවටත් වඩා කරනව

      Delete
    7. එච්චර දුර යන්න ඕනෙ නෑ. ඔය නිදි දන්න නාන පොකුණක් තියනවලු පාර අයිනෙ පල්ලමක අංසක අනූවෙ වංගුවක් තියෙන. පහල වෙලක්ලු තියෙන්නෙ. වැඩ්ඩා වැඩිල්ලක්, සිවුර වෙලේ!😁

      Delete
    8. //අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...//

      Delete
    9. දැන් බ්ලොග් ලියන්න හිතෙන්නෙ නෑ.

      කවුද හිතුවෙ නේද බ්ලොග් වල පාංසුකූලෙ, මුද්‍රිත පත්තරවල පාංසුකූලෙට කලින් දෙන්න වෙයි කියලා..සංසාරෙ සංසාරෙ...

      Delete
    10. මට මතක නෑ හරියටම කව්ද කිව්වෙ කියලා. අනික් හැම එකටම වගේ බ්ලොග් වලටත් "කල් ඉකුත්වීමේ දින" තියනවාය, තියෙන ආයු කාලයත් කිව්වා. ස්වර්ණමය යුගයේ හිටි පතාකයො දැන් නැත්තෙ ඒකයි.

      මේ සංසාරෙ හැටි ඔහොම තමයි උක්කුං පුතේ!

      Delete
    11. // බ්ලැක් පෝක් කරි එක්ක පොල් රොටි කාලා, හවානා සුරුට්ටු ගහලා ඇල වෙන අය.// එදායින් පස්සේ ඉවානයා නැති වුනා

      Delete
    12. ලියන්නන් උකටලී වීමටත් වඩා දැන් බලපාන්නෙ කියවන්නන් උකටලී වීම කියලයි මට හිතෙන්නෙ. දැන් ඉස්සර වගේ දිගට දිගේ ලිපි කියවන්නෙ නෑ මිනිස්සු. හැමදේම ෂෝට් ඇන් ස්වීට් තමා තියෙන්ටෝන. ඒක නෙව ටික්-ටොක්, යූ-ටියුබ් ෂෝට් වගේ එවුවා ජනප්‍රිය වෙලා තියෙන්නෙ.

      මේක සිංහල බ්ලොග්ස්වලට විතරක් නෙවී, පොදුවේ බ්ලොග්ස්වලට බලපාන දෙයක්. අපිත් ඉතින් නිවාඩු පාඩුවෙ පොතක් බලන් ඉන්නවා. ඔවුවට සැලෙන්නෙ අර මක්කටෙයි අපෙ හාමුදුරුවනේ?

      Delete
    13. @බුරා
      100% එකඟයි. උඹ ඉඳලා හිටලා හරි මෙහෙම ඇවිත් යන එක ලොකු දෙයක්. මට "උකටලී" පැටලුනා අපෙ ලොකු හාන්දුරුවනේ!👌🙏💐😊

      Delete
    14. බුරා ආපු එකත් මදැයි ...! සිරාවට ෂෝට් ඇන්ඩ් ස්වීට් නැත්නම් මොකුත් කරන්නේ නෑනේ .. හැමදේම පොඩි වෙන කාලේ නේ .. ඉස්සර වචන 100 කින් ලියන බ්ලොග් එකක් තිබ්බ මතකද .. මම හිතන්නේ අන්න ඒවගේ දේවල් බ්ලොග් වලටත් ගේන්න පුළුවන්

      Delete
    15. හායි බුරානිස්.. කොහොමෙයි වාසෙ දේස? කාලෙකින් නොවැ දැක්කෙ.. ඔහේ කිව්වා හරියටම..
      මම හොඳ වෙලාවට මගෙ අර මාගල් ටික ඒ කාලෙම ලියලා ඉවර කර ගත්තෙ.. හැක් හැක් හැක්...
      කිව්වත් වගේ අපිත් පටන් ගමුකො සිංහල බ්ලොග් ෂෝර්ට්ස්....

      Delete
    16. සිංහල බ්ලොග් ෂෝර්ට්ස්.... (බකුසු වර්ෂන් එක)

      ඩ්‍රැකීගේ අඩවිය - මේ දැන් ගහෙන් බාපු බඩු - වේතාලයා
      බිත්තිය - වැලලිලා ඉන්න එකත් පණයන වැඩක් ඕයි - ස්කෲලොකයියා

      සිංහල බ්ලොග් උන්නතිය සඳහා ඔබගේ අගනා අදහස් දායකත්වය පහතින් දක්වන්න🙏

      Delete
  2. ෆයර්ෆොක්සයට නැද්ද ක්‍රමයක්?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ. මට හිතෙන්නෙ මේ වොයිස් එහෙමත් ඩිවෙලොප් කරන්නෙ මයික්‍රොසොෆ්ට්, එයාලගෙ බ්‍රව්සර් එක ජනප්‍රිය කරවන්න. බ්‍රව්සරයක් වශයෙන් ෆයර්ෆොක්ස් හොඳ වුනාට, උන්දල අපි ගැන වෙහෙසෙයි කියල හිතන්න අමාරුයි.

      Delete
  3. What did I just listen to? කියලා හිතුණා ඒක අහලා :D
    ඔහොම තමයි ලෝකෙන්ම එක රටක විතරක් තියෙන බාසාවක උරුමකාරයෝ උනාම.
    බස්සා google docs වල තියෙන speech to text පාවිච්චි කරලා තියෙනවද? ටිකක් ලොකු පරිවර්තනයක් කරන කාලෙක මගේ අතක් රිදෙන්න හැදිලා මම ඒක කළා. 100% සාර්ථක නැහැ, හැබැයි පස්සේ එඩිට් කරන්න බලාගෙන 70% වගේ සාර්ථකයි කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම පාවිච්චි කරලා තියෙනවා .. සෑහෙන හොඳයි තමා ..

      Delete
    2. //ඔහොම තමයි ලෝකෙන්ම එක රටක විතරක් තියෙන බාසාවක උරුමකාරයෝ උනාම//
      ආන්න ඒක තමයි කොස්ස. ඒ විතරක් නෙමෙයි. ජනගහනය වුනත් (සාපේක්ෂව) කුඩා අගයක්. මම සිංහල TTS ගැන අවුරුදු කීපයක සිය හොයමින් හිටියා. අපේ වි.වි වල බාගෙට කෙරිච්ච ප්‍රොජෙක්ට් දෙක තුනක් තිබ්බා මිස කිසිම ටැන්ජිබල් වැඩක් තිබ්බෙ නෑ.

      මේ මයික්‍රොසොෆ්ට් උත්සාහය සම්පූර්ණ නැති වුනත් - යාපනේ නඩරාජාගේ සිඃහල කියවීම වගේ වුනත්, පටන් ගැනීමක් ලෙස නරකම නෑ. තව ට්‍රේනින් ඩේටා එනකොට/ කල් යන කොට හොඳ වේවි කියා බලාපොරොත්තුවක් තියා ගන්න ඇහැකි. ගූගල් ට්‍රාන්ස්ලේට් ආපු මුල් දවස් වලත් ඔහොමම තමා.

      අනික මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන දෙයක්. වචන ලිමිට් ඇත්තෙත් නෑ.

      Delete
    3. @Pathum Herath
      මාත් අත්හදා බලන්න ඕනෙ.🙏

      Delete
    4. //ඔහොම තමයි ලෝකෙන්ම එක රටක විතරක් තියෙන බාසාවක උරුමකාරයෝ උනාම//
      අයියෝ ඔයා හිතන්නේ ගෑණියෙක් වගේනේ.
      ගෑණු ඔයවගේ හිතන නිසා තමයි පුරුෂ ආධිපත්‍යය ඇතිවෙන්නේ.

      Delete
    5. @විසුල කවින්‍ද
      කියපු දේ හරියටම තේරුනේ නෑ. තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?🤔

      Delete
  4. wronghands එකෙන් ගත්තු බ්ලොග් කාටුන් එක නම් අමූලික ඇත්ත! :D

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ? බ්ලොග් ලියපු හින්දා මම දන්නවා, හොඳ පෝස්ට් එකක් ලියන්න තියෙන අමාරුව. මයියා තමයි කිව්වෙ " අඩුම ගානේ වැටක් ගහලා, මලක් හිටෝලවත් කුරුතග්න වෙයං රොමෝ" කියලා.
      (ඒත් වැටවල් දැක්කාම නයාට අඳුකොළ වගේ හැඟීමක් එන අයත් ඉන්නවා😋)

      Delete
    2. බ්ලොගර් විසින්ම වැටවල් ස්පෑම් යැවීම් කරන නිසා වැට කෙසේ වෙතත් මලක් හිටවන්න කිව්වඋපාදෙස නම් පිළිපදින්න වෙනෝ :D

      Delete
    3. බ්ලොගර් වැටවල් නැතුවත් කමෙන්ට් ස්පෑම් යවනවා.😋

      Delete
    4. වැටට අධිපතිතුමා සැපත් වූ සේක! අල්ලාහු අක්බර්

      Delete
  5. අම්මට සිරි, ඒක මරුනේ . මට බ්ලොග් ලියන්න ලේසියි. මේ ටයිප් කරන්න බැරිව ඉන්නේ. frozen shoulder එකක් ඇවිත් දකුණු අත පැත්තේ. බෙහෙත් ගනිමින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. සුවපත් වේවා! අවුලක් නෑ, සනීප වුනාම ලියමු. නොදැණ බයිට් කලාට මගේ කණගාටුව.🙏

      Delete
  6. Replies
    1. ඈ? අපෝයි! වට 5ක්ම කැරකැවිලද නතර වුනේ? 🤣
      මේ කම්පූටරේ ලවා සිංහල ලිපි කියවා ගැනීමයි.

      Delete
    2. නෑ නෑ මේ කුරුතඥ වුනා .......
      ඔලු වැටක් දාලා

      Delete
    3. ඔලු වැටක් දාලා?? හෑ! 🤣 අවුලක් නෑ ඔලු වුනත් වැටක් නෙව?😁
      හැබැයි අර වවුල් ආදිපාදය තමයි ඔලු වැටවල් හිටෙව්වෙ මාලිගාව ඉස්සරහා.🤔

      Delete
  7. ලියනවකො ඕයි හරි හමං පෝස්ට් එකක්.
    මෙවුවත් පෝස්ට් ද?

    ReplyDelete
    Replies
    1. ඇයි සෑර්, මමත් කොකා සංගමේ නෙව?🤔

      Delete
  8. කොමෙන්ට් කරුවන් බල්ලාට දැමීම හෙලා දකිමි. ඔවු, ඉඳගෙන.
    සභාපති
    කො.ක.ස.

    ReplyDelete
    Replies
    1. බල්ලාට දැම්මක් නෙමෙයි සෑර් ඒක රූපකයක්(metaphor) - අණ්ඩ-ස්ටෑන්ඩ් 🤣

      Delete
  9. මම තව කමෙන්ට් එකක් දැම්මානේ, ඒක ස්පෑම් ගිහින් වත් ද?
    බස්සා ට්‍රයි කරලා නැද්ද google docs වල තියෙන speech to text ක්‍රමය? මම එක සැරයක් පාවිච්චි කළා ටිකක් ලොකු පරිවර්තනයක් කරද්දී. 100% සාර්ථක නැහැ ඉතින්. 70% විතර හොඳයි කියන්න පුළුවන් පසේ එඩිට් කළොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් ගිහින් වත් ද? කියලත් අහනවා. මේ දැන් ගොඩ ගත්තෙ.🤣
      google docs වල තියෙන speech to text තියෙන බව දැණගෙන හිටියෙ නැහැ. ඒක වැදගත් ඔත්තුවක් අපි හැමෝටම. speech to text නැත්නම් වොයිස් ටයිපින් ඉස්සෙල්ලම ආවෙ මොබයිල් වලට. ඒක 80% විතර සාර්ථකයි කියලයි කියන්නෙ.

      Delete
    2. ගූ ගල් doc's වල speech to text ගැන මාත් ලීව නෙ බොල හිටං 🙈

      Delete
    3. speech to text ගැන කතන්දරකාරය පවා ලිව්වා. ඒක ඇවිත් හුඟක් කල්. ඒත් ප්‍රධාන වශයෙන් තිබ්බෙ මොබයිල් වලට සහ ඔන්-ලයින් ඒවා. ඒත් ගූගල් doc's වල speech to text ටිකක් විශේෂයි. හේතුව එකක් ඒක ගූගල් ඇප් එකක් නිසා. කොහොමද මට උඹේ එක මිස් වුනේ?☹️🤔 කෝ බොල ටෝගෙ බ්ලොගේ සර්ච් බාර් එක? ටෝ ඒක කෑවද?🤔😋🤣

      ඒත් මේ ලිපිය විශේෂයෙන්ම text to speech ගැනයි. ඒත් ඉතිං ඒ අතරෙ බොහෝ අය speech to text ගැනත් කතාකලා. ආන් ඒ අවුවස්සෙ කොළඹ ගමරාළගෙ උරහිසක් ගල් වෙලා. ඉතිං එයාට වැදගත් speech to text තමයි. බොලා ඉතිං පෝස්ට් දාන්නෙ අවාරෙට කජු වැටෙන්නැහෙ වගේනෙ. ඉතිං දැන් විශ්‍රාමික අපට තමයි ඒ ගැන බලන්න වෙන්නෙත්. ඔව් , හිටගෙන 🙈

      Delete
  10. මම තාම කැමති කියවන්න තමා. එකම ප්‍රශ්ණේ , කාලෙන් කාලෙට වැඩ වැඩි වෙන කොට කියවන්න ගත කරන කාලය මඟහැරෙන එක තමයි. text to speach වෙනුවට මට වඩා සෙට් වෙන්නෙ speach to text ඇප්. මගේ රාජකාරි වැඩ වලටත් මම පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එක පාරක් මම ටෙක්නිකල් යූටියුබ් චැනල් එකක් ආරම්බ කරන්න කියලා හිතාගෙන, මූණ පෙන්වන්නේ නැතුව ස්ලයිඩ් දාලා text to speach ඇප් එකකින් ඩබ් කලා. ඒ උනාට ඒක ටෙස්ට් එකක් විතරයි. වැඩේ ආරම්භ කරන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. කියවන එකේ වෙනම වාසි තියනවා. ස්පීඩ් රීඩින්, ස්කිමින් වගේ දේ කරන්න ඇහැකි. ඒත් TTS ක්‍රමවේදය ගැලපෙන ප්‍රායෝගික අවස්ථා වෙනම තියනවා. එකම අවුල තාම මේ සිංහල TTS එක සතුටුදායක තත්ත්වයක නොමැති කමයි. ඒත් මම ඉංග්‍රීසී ලිපි කියවීම සඳහා නම් Ms Edge Read Aloud සතුටුදායක ලෙස භාවිතා කරනවා. කාලෙකට පෙර තිබ්බ, රොබෝ වොයිස් ගතිය දැන් ඇත්තෙම නෑ. කොටින්ම කෘතීම හඞක් කියල හිතෙන්නෙම නෑ.

      Delete
    2. Speech to text නැත්නම් වොයිස් ටයිපින්/ text to speech වොයිස් ඩබින් වගේ අලුත් දේවල් වලට අපි පස්ස ගහන්න ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඉකනොමැට්ටා, චොකලට් නෝනෙ(මලී) සාර්ථක සහ නිර්මාණශීලී ලෙස ඉමේජ් ජෙනරේටිව් ඇප්ස් භාවිතා කරනවා.

      මේ AI ජෙනරේටඩ් Manga

      AI වගේ වචන, බුබුලක්/ අධිතක්සේරුවක් වෙන මට්ටම දක්වාම අවභාවිතා වෙනවා වුනත් බොරුවෙන් යතාර්ථය වෙන් කරගෙන මෙවැනි ප්‍රායෝගික මෙවලම් අපේ ජීවිතය පහසු කරගන්න බාවිතා කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ.

      අපි කැමති වුනත් නැතත් ලෝකෙ පුරා ඉන්න ස්කෑම් ආර්ටිස්ට්ලා ඇතුලු නවපරපුරේ හයි-ටෙක් හොරු නං මේ නව තාක්ෂණයෙන් ලෙසටම වැඩ ගන්නවා.

      Delete
    3. මේක හරි බස්සා. අපි පාවිච්චි කළත් නැතත් මේ අලුත් තාක්ෂනය එක්ක ලෝකේ ඉස්සරහට යනවා. ඒ නිසා වැඩ ලේසි කරගන්න ඒවා පාවිච්චි කරන එකේ වැරද්දක් නැහැ කියලයි මට හිතෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ AI වලින් assignments ලියාගන්න නෙමෙයි ඉතින්. :)

      මම මගේ බ්ලොග් පොස්ට් වලට වැඩියත්ම පාවිච්චි කරන්නේ මම ම අඳින චිත්‍ර. එහෙම නැති වෙලාවට මම හැමතිස්සෙම copyright free images පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒක මම මගේ පුස්තකාල වෘත්තීය නිසාම නිතරම practice කරන දෙයක්. හැබැයි සමහර වෙලාවට පෝස්ට් එකට ගැලපෙන ඒ වගේ copyright free පින්තුර හොයාගන්න නැහැ. ඒ නිසා තමයි මට නම් AI images හරියටම හරියන්නේ. කිසිම copyright breach එකක් නොවී මටම කියලා මට ඕන පින්තූරයක් ඒ ක්‍රමයට හදාගන්න පුළුවන්. (විශේෂයෙන් ඉන්දියානු කෙටිකතා වලට) ඒ වගේම මෑත කාලෙක AI වලින් කවි ගීත කරලාත් අත්හදා බලන්න ලැබුණා. ඒකත් අපූරු අත්දැකීමක් වුණා. මේ වගේ දේවල් ට්‍රයි කරන්න මම නම් හරි ආසයි.

      Delete
    4. අවන් හලේ මහේෂ්ගෙ ඔත්තුවක් පස්සෙ ගිහින්, සෑහෙන හොඳ "සිංහල TTS " එකක් හොයා ගත්තා.

      https://chromewebstore.google.com/detail/read-aloud-a-text-to-spee/hdhinadidafjejdhmfkjgnolgimiaplp?hl=en

      ඕනම ක්‍රෝමියම් බේස් බ්‍රව්සරේකට දා ගත්තෑකි ( Opera, Vivaldi, Ms Edge, Chrome)

      Delete
  11. ගූගලයගෙ එකයි මේකයි වෙනස් ද

    වොයිස් ටයිපින් නං තාම ගූගල්.
    ටීටීඑස් විතරක් නෙවී ට්‍රාන්ස්ලේෂන් පවා තාම සිංහල වලට තියෙන්නෙ ඉතා ප්‍රාථමික තත්වයක
    හේතුව භාෂාවේ සංකීර්ණ භාවය වෙන්න ඔ්න

    ReplyDelete
    Replies
    1. භාෂාවේ සංකීර්ණ භාවය වෙන්න අමාරුයි. සාපේක්ෂව ටික දෙනෙක් භාවිතා කරන, සැලකිය යුතු මාර්කටින් වැලිව් එකක් නැති භාෂාවක් වීම වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. අනිත් හේතුව, ඇමරිකන් කාරයො හදලා දෙනකං ඉන්නවා මිසක්, එකක් හදාගන්න අපට හැකියාවක්, දැණුමක් නැති කම. මට මතකයි සිංහල යුනිකෝඩ් ආපු මුල්ම යුගයේ, "ඩොනල්ඩ් උණතිලක" වගේ නමක් තියන හාදයෙක් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් හදාගෙන ඒක විකුණගෙන කන්න, සිංහල යුනිකෝඩ් අහවල් සංගමයත් එක්ක මාර යුද්දයක් කලා. ඔන්න ඔහොමයි අපේ දායකත්වය.🤣☹️

      උඹ කිව්වට පස්සෙ මම හොයලා බැලුවා, ගූගලයගෙ එකක් තියනවා, ඒක හුඟක් හොඳයි මයික්‍රොසොෆ්ට් එකට වඩා. Cloud TTS කියලා මොබයිල් වලට හදපු එකක්.

      ස්තූතියි ඔත්තුවට.👌🙏

      Delete
    2. ගූගල් සෑහෙන්න හොඳයි MS ප්‍රඩක්ට් වලට වඩා. යූසර්ල වැඩි එක හේතුවක් වෙන්න ඇති. අපිත් පහුණු දවස් වල ට්‍රාන්ස්ලේටරේ පවා වැඩි දියුණු කරන උණකිං හිටියනෙ. එකේක සජෙෂන් කර කර. මං හිතන්නෙ ඒක වැඩි වුණා 😂😂😂

      Delete
    3. අපොයි ඔව්. දැන් ගූගල් ට්‍රාන්ස්ලේටරේ සෑහෙන හොඳ තත්ත්වයක තියනවා. කොහොමත්, ඔය උපමා-උපමේය, සැඟවුනු අරුත්, උත්ප්‍රහාස වගේ සංකීර්ණ දේවල් හරියටම පරිවර්ථනය කරන්න බැරි බව ඇත්ත. ඒත් සිල්ලර වැඩ වලට හොඳටම හොඳයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code