Sep 25, 2024

ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය

පාඨකයා: මහත්මයා, " ????" පොත තියනවද?

සේවකයා : තියනවා. අයිලය 21, තුන් වැනි තට්ටුව, 6 වෙනි රාක්කය, වමේ සිට 7  වැනි පොත.

පාඨකයා: එලිවේටර් එක කොහේද?

සේවකයා : එලිවේටර්??? ඒ මොකක්ද?


Old Cincinnati library, 1874-1955





ලිපියේ මූලාශ්‍රය :The Old Cincinnati Library Before Being Demolished, 1874-1955


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

41 comments:

  1. අර කොට ගරාදි වැට උඩින් වැටුනොත්, කෙලින්ම වදින්නෙ ඔලුව. බලාගෙන ගියාම ඒක ඉස්සර සිරීපාදෙ වඳින්න ගියා වගේ වැඩක්.

    මේ ඒක නෙමෙයි. බ්ලොග් ලෝකෙ හරිම නිහඩයි. මීක් සද්දයක් නෑ. ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. සෙනසුරාද රෑ 10 ට ලේ බොන්න ගිය එකෙක් හයේ හතරෙ ස්තිරියාවකට අහුවෙල අල පාත්තියක හිටෝල පස් දාල වහල කියල නුවරඑළිය පැත්තෙන් ආරංචියක් තියෙනව‍. ඒක තමයි ඔය මීක් නැති වෙන්න හේතුව මට හිතෙන්නෙ.

      Delete
    2. හරි, වවුල් රාජට රාජකාරීමය වාරණයක් කියමුකො. ඒත් මේ නිදියල, ගමයලා කෝ? බුදිද? 🤔

      Delete
    3. නිදියනං ලැබූ ජය සාමකාමීව ස මරනව ඇති. :D

      Delete
    4. Thatta mahaththayaa,Ambalangodayaa?????

      Delete
    5. මීක් කියන්නෙ මීයො.
      උං බස්සන්ට බයයි.

      Delete
    6. සාමකාමීව ඉන්නවා තමයි මහත්තුරුනේ. ලියනවට වැඩිය වෙලාවක් කියවන්නයි- අහන්නයි- බලන්නයි ගත වෙනවනේ හැබෑටම..........

      Delete
    7. ඇනෝ
      ඔව්, ඒ අයත් ඇතුලුව. මට ටිකක් විතර තේරෙනවා. තාම මුකුත් කියන්න එකිමන් වැඩියි කියලා.
      Pra Jay
      ඇනෝ මීයො නං බය නෑ.😋😁🤣
      නිදි
      හොඳයි, හොඳයි පොඩි බ්‍රේක් එකක් ගන්න. අර " දිනුමකට වඩා මාවත විවර වීමක්" කතාව හරියටම හරි.💐👌🙏

      Delete
    8. Praසන්ன
      නිදියා සමරනවා කියන්නෙ, ආයෙ අපි වගේ වයින් ටිකක්වත් බොන එකක්‍ යෑ?😋🤣
      අර ආතල් සාදුත් කිව්වා "රටවැසියා හැන්දෑවට චුට්ටක් නමා ගත්තට කමක් නෑ" කියලා.🤣

      Delete
  2. මහත්තය කරුණාකරල ඔය ???? පොත 21 වෙනි තට්ටුවෙ තියන්න බැරිද?
    එතකොට ඒක කියෝල ජනේලෙන් පැනල එකපාරම මැරෙන්න පුලුවං. (පුලුවං කිවුවට බෑ කියල ඔප්පුවුන එක වෙනම කතාවක්)

    ReplyDelete
    Replies
    1. තට්ටු 21 කෙසේ වෙතත් සෑහෙන ගාණක් තිබිල තියනවා. Old Cincinnati library කියන කොටසට මම ලින්ක් එකක් ඇමිණුවා, ඉතුරු පිංතූර ටික බලන්න. මොන තරම් ලස්සන තැනක්ද කාබාසීනිසා කරවලා තියෙන්නෙ?😮☹️

      Delete
  3. ලප කොටා ගේ පුංචි අම්මා ලග ඇති

    ReplyDelete
    Replies
    1. උපහාසය, උත්ප්‍රහාසය මම අපහාසයක් විදිහටම දකින්නෙ නෑ. ඒත් ඇනෝ ඒ "කොටා" මේ රටේ අනාගතය ප්‍රජාත්‍රාන්ත්‍රික විදිහට බාරගත්ත ජනාධිපති නේද? තාම අවුලක් නැති නිසා, පොඩි චෑන්ස් එකක් දීලම ඉමු නේද?

      Delete
    2. අනිවාර්‍යයෙන්. අපේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් එයා දැන් ජනධිපති. අපේ ලොක්කා..දැන් එයාට කෙලිනවා කියන්නෙ අපිටම කෙල ගන්න එක තමා..ඉවසිල්ලෙන් බලන් ඉන්න තමා තියෙන්නෙ.. මම එයාට චන්දෙ දුන්නෙ නෑ. මමනම් කැමතියි එයා දීපු පොරොන්දු ඔක්කොම ඉටු කරලා මම වැරදියි කියලා පෙන්වනවට.. ඒක මගෙ මාන්නයට මදි කමක් වුනාට රටට හොඳයි..

      Delete
    3. මගේ මතයක් ඕකම තමයි සෙන්නා. කටින් බතල හිටවන් නැති යකෙක් වුනත් කමක් නෑ, රට හදනවා නං, ආදර්ශමත් නායකයෙක් වෙනවා නං. මේ මජර, දේශපාලන මඩ ගොහොරුව සුද්ද කරනව නං.

      ඉස්සෙල්ලා කරගෙන යන්න ඉඩ දෙමු. පුදන කොටම කාපි යකා ඉට්ටැයිල් එකට දාගෙන කෙලින්න ගියොත් කොහොමද මිනිහෙක් වැඞක් කරන්නෙ. කරන්න දීලා, ඒකෙ ප්‍රථිපල බලල ඉඳිමු විවේචනය කරන්න. එකක් දෙකක් වැරදෙන්නත් පුළුවන්, ඔහුත් මනුස්සයෙක් නිසා. ඒත් රටේ, සිස්ටම් එකේ වෙනසක් කරන්න සැබෑ ඕනකමක් තියෙනව වගෙ පේන මිනිහෙකුට, නිසි ගෞරවය අපි ඔහුට දෙමු. වැරදි පාරෙ යනවා වගේ පේනව නං විවේචනය කරමු.

      Delete
    4. ඒක නෙවෙන්නං.

      සමහරැනං රට වැටෙනකං බලාන ඉන්නව... තමං කිව් දේ හරියනකං, තම පිල නැවත බලයට එනකං. (තිරිසන්නු වගෙ අප්ප 🙈)

      Delete
    5. හැම පක්ෂයකම අතවැසියො ඉන්නවා. බොහෝ පක්ෂවල අතවැසියො නායකත්වයෙ ඉන්න ප්‍රභූ පවුලෙන් පෝෂණය වෙනවා. ඒත් රටේ නියම වීරයො පාවෙන චන්ද(වවුල්ලු) කියලයි මට හිතෙන්නෙ. උන් තමයි රටේ දේශපාලන ඉතිහාසය ලියන්නෙ. බස්සෙක් වශයෙන් මට වවුල්ලු ගැන ගෞරවයක්, විස්වාසයක් තියනවා, උන් නිසි කල හරි පැත්තේ හිට ගනියි(ඔලුවෙන්) කියලා. වැරදි නං වවුල්ලු ගොල්ෆේස් යාවි.😋😁

      මේකෙ කස්ටිය "පුප" පෙන්නන කෑල්ලට තමයි මම වැඩියම කැමති.
      සාම්ප්‍රධායික සිද්ධවෙන්නේ, චන්දෙදී කස්ටිය වවුලන්ට "පුහුලම" පෙන්නලා බාගෙන, චන්දෙන් පස්සෙ "පුප" පෙන්නන එක. ඒත් අපේ වවුල්ලු මෙදා පොටේ ප්‍රභූ දේශපාලනයට "පුප" පෙන්නුවදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.🤔
      එහෙම නං අතවැසියො කිපෙන එක සාධාර්ණයි නෙව?😋😁
      අර නුවර එලියෙ වවුලාගෙන් සද්දයක් නෑ නේද?🤔

      Delete
  4. Mekanam pissuwak,
    kohoma poth thoragaththada mandaa.

    ReplyDelete
    Replies
    1. මේක ගැන කියැවෙන්නෙ මෙහෙමෙයි ඇනෝ:
      Built in 1874 on the site reserved for an opera house, the Old Cincinnati Library was a thing of wonder.With five levels of cast iron shelving, a fabulous foyer, checkerboard marble floors, and an atrium lit by a skylight ceiling, the place was breathtaking. Unfortunately, that magnificent maze of books is now lost forever.

      නවසිය පනස් පහේදී ඩිමොලිෂ් කරවලා. කොහොම වුනත් නඩත්තු කරන්නත් අමාරු වෙන්න ඇති නේද?

      "කොට්න් අයිඩ් ජෝ? ඇයි තාම ආවෙ නැද්ද? උදේට කාලා, දවල්ට බත් මුලකුත් බැඳගෙන නෙව ගියේ රිටර්න් ආපු පොත් රාක්ක වලට දාන්න"

      Delete
  5. දැක්කත් සනීපයි පොත් නං ඇත්තටම
    ලැබෙන වාසි රැසකිය පොත් කියෙව්වම
    ලොකුම හොඳේ යත හැකි ලොව හැම තැනම
    තමන් කැමති තැනකම ඉඳ- මොහොතින්ම

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයත් එක්ක ලෝකේ බොහෝ දේ වෙනස් වුනා. පොත් වලත් ඒක බලපෑවා. ඇත්ත, පොත් නැත්තටම නැති වෙන්නෙ නෑ. පොතකින් ලැබෙන තෘප්තිය විකල්ප මාධ්‍ය වලින් ලබන්න බෑ. ඒත් පොත් සඳහා යම් නියමිත මිලක් ගෙවන්න සිදු වෙනවා. ඒක වටිනවද කියන එක, පුද්ගලයා අනුව වෙනස් වෙන කාරණාවක්.

      Delete
  6. ෂා මාර බඩුවක් නෙ එයා.. අයිලය කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අපි ඉස්සර නං අපිත් අයිලය කිව්වෙ, ඔන්චිල්ලාව වගේ පදින එකකට. වචනෙ වැරදිද මන්දා? ඔච්චරම උසට නැති වුනත්, ග්‍රොසරි වලත් ඔහොම හීනී, උස රාක්කවල බඩු අඩුක් කරලා තියනවා නෙව? ඒක කියන්නෙ "aisle" කියල නිසා, මම ඒ නම පාවිච්චි කලා.🤔

      Delete
    2. අයිලේ ගැන ගොඩක් විස්තර මෙතැනින් ...
      https://nidigepanchathanthare.blogspot.com/2020/09/blog-post_29.html

      Delete
    3. ආන්න ජංසං. ඒක තමා. පොඩි කාලෙ එකම පාරක් අයිලෙ පදිනවා දැක්කට, මේ විස්තර දැණගත්තෙ අදයි.👌💐🙏

      Delete
    4. නිදි පරිප්පු හැදුවද? මම ආයෙත් එකක් හදාගත්තා. අලුත් දෙහි කෑල්ලක් මිරික ගත්තාම හොඳ රහක් එනවා. ඔය දෙහි, දොඩම් , ලෙමන් වල ඇස්සෙ විශේෂත්වයක් තියේ කියල මට හිතෙනවා. ඇස්ස කියන්නෙ යාන්තමට මතුපිට, සුද හරිය තිත්තයි. චීන්නු ඕවා සුප් වලට දානවා. තව සුද්දො ඒක හූරලා සීනී එක්ක මොකක්ද කෑමක් හදනවා. නිදිත් ඒ ගැන යමක් දන්නවද?

      Delete
    5. තාම බැරි වුණා... පරිප්පු හදන්න නරිමොටෝ.
      සුද්දෝ හදන කෑම ගැන නං දන්නෙ නෑ. හැබැයි අවුරුදු පනහකට විතර කලින් මට කේක් හදන හැටි කියලා දුන්නු පන්නිපිටියේ පත්මක්කා (එයාට නිවන්සුව අත්වේවා!) කියල දුන්නු දෙයක් මතකයි.
      බටර් කේක් හදනකොට ලෙමන් ඇස්ස හරි කහපාට දොඩම් ඇස්ස හරි එකතු කිරීම. ඇත්තටම එතකොට හැබෑ රහයි.

      හම්බන්තොටදී ඉගෙනගත්තු දෙයක් මේ. කුරහන් තලප වළඳන විටදී මස් හොද්දට- පරිප්පුවලට- ආනමට උඩින් දෙහි බින්දු ටිකක් මිරිකා ගැනීම. එතකොටත් මාර රහයි.

      Delete
    6. ස්තූතියි නිදි.මම දොඩං/ලෙමන් ඇස්ස වැඩේ අත්හදා බලන්නම්. මේ තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ.

      Candied Orange Peels

      බොහෝ විට කේක් වගේ එව්වට උඩින් තියන සැරසිල්ලක්(garnish) ලෙසයි භාවිතා වෙන්නෙ.
      වරක් මගේ චීන මිත්‍රයෙක්, අරගෙන දුන්න වියලි සුප් පැකට් එකක වේලපු දොඩං/ලෙමන් ලෙලි තිබුනා.

      Delete
    7. මම දැකල තියෙනව ගොඩක් ඔය සුද්දො කෑම හදන පෝග්‍රෑම් වල උං ඔය ලෙමන් ඇස්ස රැහැල දානව.

      Delete
    8. ඇස්සෙ තමයි, සුවඳ සහ ඔයිල් තියෙන්නෙ. ඇස්සට යටින් තියෙන සුද තමයි අවුල්, ඒක තිත්තයි. සුද එන්නෙ නැති වෙන්න රහින එක අමාරු නිසා එහෙම කරනව ඇති. ලුණුදෙහි වලත් ඇස්ස තමයි රහ.

      Delete
  7. ඔහොම තමා, පැරණි දේට රොමැන්ටික් නොස්ටැල්ජියාවක් තිබුණත් ඒවත් වෙනස්වෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. ඔව්, කොච්චර ලස්සන "ගෘහ විද්‍යාවේ විශිෂ්ඨ නිර්මාණයක්" වුනත්, අන්තිම කාලෙ ගරා වැටෙන්න ගත්තලු. පොත් අතපොවන්න බැරි මානෙත් පොත් ගොඩ ගැහෙන්න ගත්තලු. ආලෝකය සහ "වෙන්ටිලේෂන්" ගැනත් අවුල් ආවලු. නඩත්තු කරගන්න බැරි වුනා කියල තමයි හිතෙන්නෙ.

      හා, සාහිත්‍ය මාසෙත් එනව නේද? ඔය ගෙවල් වල "මිනි ලයිබ්‍රරි" හදලා, තාම නොකියවපු පොත් තියෙද්දි, තව පොත් සැට් එකක් ගේන්න දත-කට මැදන් ඉන්න.....

      Delete
    2. අනේ නිකං පලයන් බස්සො යන්න. මිනිස්සු පොත් ගන්නෙ කියවන්නම නෙමෙයි, ආසාවට, අලුත් පොත් සුවඳට. ඕනෙම නං ගමරාළ ආවම අහල බලපං, ඕන්නං පොත් 3000 ක් විතර ඇති කිව්වා.
      හා, එතකොට බෝ පැටිය කාලෙ , බොටත් වඩා ලොකු පොත් පුස්ථකාලෙන් අරගෙන ආවෙ කියවන්නමද? තමන්ටත් වඩා ලොකු පොත් කන්දක් අරං යනකොට මිනිස්සු ඒ දිහා බලනවා. ඒක වෙනමම ආතල් එකක්. එතකොට උඹ ආසාවට සියඹලා (චීන ඉලෙක්ට්‍රොනික් කෑලි ) ගෙනැල්ලම නැහ්ද?😋

      පොත් ප්‍රදර්ශණයක්, පොත් සාප්පු සවාරියක් කියන්නෙ නිදන් හොයන්න යනවා වගේ වැඩක්. තමන් කැමති පොතක් ලැබීම, ඒක උඩින්-පල්ලෙන් එතනදීම කියවීම, කඩචෝරු සහ බොන්න යමක්, මේවා "ජීවිතයේ සරල සතුට" ලැයිස්තුවේ එකක්.

      Delete
  8. පාඨකයා -
    ගෙනත් දීපිය ඒ පොත මෙහාට්ට 😎🗡

    ReplyDelete
    Replies
    1. මට බෑ, තෝ පල, ඇයි තොගෙ කකුල් කැඩිලද? 😋🤣😁
      මම කියන්නෙ, ඔහොම පුස්සකාලයක් තියේ නං ජිම් යන්න ඕනෙ නෑනෙ බම්.🤔

      Delete
    2. හොඳ වැඩේ පාටක් නැති යකාට.....

      Delete
    3. බස්,
      ඒකත් ඇත්ත නෙවන්නං. මේන් ටැග්ලයින් එකක් "ජිම් පීලින් එක ගන්න අපේ ලයිබ්බරියටත් එන්න" 😁

      නිදි,
      'පාටක් නැති' ඔය කියනව ඇත්තෙ ඡන්දවරණය ගැන වන්ට ඇති.
      ඔව් මම මෙවර ජනපතිවරණයේදී ඡන්දය දැමීමෙන් වැලකී හිටියා. එය ඔය කියන පජාතන්තවාදයේම කොටහක් බව මම විස්සාස කරමි.


      අන් මත වලට ගරැ කරල බලන්න. ආස හිතෙයි!

      Delete
    4. ‘පාට කයා‘ කියන්නෙ පාට ඇඟක් තියෙන එකාට නෙමෙයිද?

      Delete
    5. නමියො,
      මමත් එකෙ සැරේම තේරුනෙ නෑ. ඒත් ඔය නිදි කියන්නෙ පාට-යකා = පාඨකයා කියන එක වෙන්න බැරිද?🤔
      කොහොම වුනත් උඹ ගෙනාව හොඳ පොයින්ට් එකක් - "අන් මත වලට ගරැ කරල බලන්න". අපිට එහෙම පුරුද්දක් නම් තිබුනෙ නෑ, බුකියෙ හිටපු "බිම් මට්ටමේ" සාමාජිකයන්ටත් එහෙම පුරුද්දක් තිබුන කියල පෙනුනෙත් නෑ. ඒත් මම උඹේ "ඡන්දය දැමීමෙන් වැලකීමේ" , "පක්ෂ මාරු කිරීමේ" ඕනෑම අයිතියකට ගරු කරනවා.

      Praසන්ன
      ‘පාට කයා‘ ලාකොල පාට ඇති නේද? ඉදුනාම කහ පාට වෙයි.😋

      Delete
  9. අපායේ ලයිබ්‍රරියක් වුනත් දැක්කම මට පිස්සු හැදෙනව වගේ
    Demolished කිව්වම හදවත නැවතුනා වගේ
    ඔය විස්තරේ හොඳින් කියවලම එන්නං
    Harry Potter වත් මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අද ඒ ලයිබ්‍රරිය තිබ්බ තැන පාර්කින් ගරාජ් එකක්ලු තියෙන්නෙ. පොත් ගොඩ ගැහිලා, බිල්ඩිම නඩත්තු කරගන්න බැරි තත්ත්වයක් ආවලු. පොත් ටික බේරෙන්න ඇති කියල හිතනවා.🤔

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code