Nov 3, 2024

Choices - තෝරාගැනීමේ නිදහස

හයයි පනහට පුප ඉරාගන්නෙ මොකටද?
 Aliexpress වල සේල් එකක් යනවා දැන්. නම "Choices" . ඒත් ලොකුම සේල් එක පටන් ගන්නෙ නොවැ. 11. එහෙමයි කියල පුළුවනැයි, කෙටුව? මෙන්න මගේ තේරීම :

අර අන්තිමට තියෙන dashcam එක ඕනෙ ඇයි කියල වීඩියෝව බැලුවාම තේරෙයි.








(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

21 comments:

  1. මේ ඔහේ වැඩිපුර හොරු ඉන්නව නං මෙහේ එවපල්ලා, සෑහෙන්න ඇබෑර්තු තියේ. ඒත් සාධාරණ කරුමාන්තයක් කරගෙන ඉන්න එවුන්ට තමා හුප්පෙ.☹️😟

    යකෝ! තොපිට හරිම වාසියක් මෙන්න මෙහෙ වරෙව්.

    ReplyDelete
  2. https://www.canadiantire.ca/en/cat/tools-hardware/air-tools-compressors/air-nailers-staplers-DC0001729.html

    ReplyDelete
    Replies
    1. හෑ ඇණ ගහන මැසිමක් නේද? Guilty as charged,milord. පිං ගන්න හාන්දුන්නේ, ගැත්තාට නිදහසට කරුණු කියන්න අවසර?

      දැණට අවුරුදු කීපෙකට කලින් මෙහෙ තිබිච්ච තත්ත්වය එච්චරම නරක නෑ. ජස්ටියා, ඉවක් බවක් නැතුව ලෝකෙම ඉන්න හොරුන්ට දොර ඇරියා. ගිය අවුරුද්දෙ විතරක් මිලියන් එකයි. රස්සාවල් හිඟ වුනා, රෙන්ට්/බඩු මිල අහස උසට ගියා. දැන් ඉන්නව ලාවුළු කාපු රිලව වගේ. ඒ නිසා අහිංසක කෙට්ටු මාව අතෑරලා අතට-පයට අහුවෙන ජස්ටියාව ඇණ ගැසීමට යෝජනා කරමි.
      ස්වස්ථි සිද්ධම්!

      අවුල් ඇයි අවුල්?

      චලෝ බායි චලෝ

      Delete
    2. https://www.canada.ca/en/public-service-commission/services/political-activities/election-calendar.html

      Delete
    3. ඒ පලාත් සභා චන්දෙ. ෆෙඩරල් චන්දෙ October 2025.

      Delete
    4. දවාලට නම් ඇස් පේනව හොරයිනෙ ඒත් දැන් රෑනේද ඔහෙ? බැස්ට්යං තුමා අපිට නොකිය ස්‍රී ලංකන් ගහක වහලද?
      (ලිස්ට් එක මැද්දෙ ෆෙඩරල් තියනව )

      Delete
    5. තියනව,තියනවා. .දැන් කොහොමත් ඇස් පේනව හොරයි තමයි.🤔

      Delete
  3. ඔය බොරුනෙ නෝනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  4. ඊයේ පෙරේද ඉනෙස් ඩ්‍රයිව් කරද්දී පොරක් ඕන කමින් ස්ලෝ කරනවා . මම දැක්ක ඉස්සරහ වාහන නැහැ කියල . ටක් ගාල කිව්වා අනිත් ලේන් එකට දාල ඕවටෙක් කරන්න කියල . දෙන්නෙක් බලන් ඉන්නවා තරහෙන් අපි දිහා . මෙහෙ යන ස්කෑම් එකක් ඔය .

    ReplyDelete
    Replies
    1. මෙහෙත් තියනවා. කාලයක් සැරේටම තිබ්බා. මෙහෙ එක එක ජන කොටස් ඉන්නවා, ඒ ඒ හොර ස්පෙෂලයිස් කරපු. ගයනා කස්ටිය රියල් ස්ටේට් හොර, වයස 18 අඩු තද කලු අය වාහන හොරකම( 18 අඩු අයගෙ නම් ප්‍රසිද්ධ කරන්නෙ නෑ, දඩුවම් අවමයි). අපේ ටැමිල් කස්ටිය ක්‍රෙඩිට් කාඩ් සහ ඔය ඇක්සිඩන්ට් ගේම.
      දැන් පන්ජාබියො කුඩු ගේමට බැහැලා.

      ඇක්සිඩන්ට් ගේමට, "විප් ලෑෂ්" ( නෑ කියල ඔප්පු කරන්න අමාරු) කියල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න ස්ටුඩන්ට්ලා තමයි හයර් කරගෙන ගිහින් තියෙන්නෙ. එහෙම ගිහින්, ඇත්තටම එකෙක්ගෙ බෙල්ල කැඩිලා වැඩේ පත්තු වුනා. හොර මෙඩිකල් දීපු දොස්තර, හොර පිෂියෝ තෙරපි, හොර ගරාජ් එක ඔක්කොම එකම ඕර්ගර්නයිස් ක්‍රයිම් ගෲප් එකේ.

      Delete
  5. ලංකාවෙත් කාලයක් ඉඳල ඔය වැඩේ වෙනව. කෙනෙක් කිව්ව සමහර හමුදාවෙන් අයින් උන අය එහෙම ඔය වැඩේ එක්ක සැට් වෙලා ඉන්නව කියල. තනියෙම යන උන්දල, කාන්තා රත්න තමා ටාගට්. සෑට එහෙම එලිබහිනවලු වැඩිහරියක්ම


    මේ වගේ ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම නුවණට හුරැයි වගේම ජීවිතයට හිතකරයි!

    ReplyDelete
    Replies
    1. ඔව්, වොව් ඇත්ත. පරණ සිවික් එකක ගාටන බස්සෙක්වත් "ටාගට්" එකක් වගේ පෙනෙයිද කව්දෑ දන්නෙ?

      Delete
  6. කොහෙන් කොහෙට යා ගත්තත් පුල්ලි රැකෙන්නේ
    දඩයම හුරු එවුන් කොහෙද එළවලු කන්නේ
    රටෙන් යන්න මෙහෙ හොරු නං පෙරුම් පුරන්නේ
    දියවන්නාවෙනුත් උන්ව පිටමං වෙලනේ

    ReplyDelete
    Replies
    1. ඉක්මන්, ලේසි සල්ලි යැයි දෙයක් නැත
      "ගේමක්" ගොඩ යන්නයි හිතන හිත
      එහෙම අයට වැඩිකල් ආයුෂත් නැත
      සරල දෙයින් සැනසීමත් නරක නැත

      Delete
  7. කැමරා ගහගෙන ඔහේත් දැං පස්සෙං අනින්නද යන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙයි,මෙහෙයි කියල වෙනසක් නෑ. අනින්නම තමයි බලන් ඉන්නෙ. කැමරාව සාක්කියට.

      Delete
  8. ඔය තග් පොරවල් ඕනනං ඩෑස් කැම් එකේ මෙමරිය හෝ කැමරාවම ඇදල අරන් ගන්ට පුලුහං නේ. එහෙම කරොත් කැමරා පිහිට උනත් 100% නෑ නෙ.
    ඒ හන්ද ඔන්ලයින් හෝ ක්ලවුඩ් හෝ වෙනයම් විදිහක, වෙනින් තැනක රෙකෝඩ් එක සේව් වෙන ඩෑස් කැම් නැතිද? එහාම සාමාන්‍යය කැම් නං තියෙ. තාස්සනේ දියුණු හන්ද එහෙම එව්වත් ඇති නෙ 🤔

    ReplyDelete
    Replies
    1. ක්ලවුඩ් කීවේ වලාකුලු නොවන බව කරැණාවෙන් සකලන්න 😂😂
      (ගම්මංපිල පාර්ලිමේන්තු යවමු හිටං 🙈)

      Delete
    2. https://www.facebook.com/reel/1259147775216912/?mibextid=rS40aB7S9Ucbxw6v

      Delete
    3. ක්ලවුඩ් සේව් වෙන එව්වා තියනවා. එව්වා මේ වගේ විසි, ගුණයක් ගණන්. මෙමරිය මංකොල්ල කන සීන් වෙන්න ඇහැකි පාලු තැනක තමා. මෙව්වා දුප්පතුන්ගෙ ඩෑස් කැම්. අනික එහෙන් මෙහෙන් GPS, DashCam අටවල තියෙන මාටින්ලගෙ කාර් වලට, අනින්නනො වුනත් එච්චරම ආස වෙන එකක් නෑ කියල හිතෙනවා. කිසිම දෙයක 100% ආරක්සාවක් කියල නෑ.

      ටෙස්ලා සයිබර් ට්‍රක් එකේ කැමරා 5 ක්ලවුඩ් සේව් වෙනවලු. බුලට් පෘප් වින්ඩෝස්, ඒත් ඇකසිඩන්ට් එකක්දි ගිණි ගත්තොත්, මැරෙන්නෙ එලියට එන්න බැරුව පිච්චිලා. ඒව ඒම තමයි අපේ හාන්දුන්නේ, මෙතන අයිඩියා එක ලාබෙට, අනින්නො අධර්‍යමත් කිරීම වගේ එකක්.

      ක්‍රෑෂ් වීඩියෝවෙ Update එක

      මම ට්‍රම්පුච්චට අකමැති වුනත්, මේ හොර හැතිකරේ catch & release සෙල්ලම වෙනස් වෙනවට කැමතියි.


      හෙහ්,හෙහ් අර ගොම්-මං-පිල රජ බඩුවක් නෙව?😋🤣

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code